Thursday, November 28, 2013

රෑනඅත්තකන්ද තුන්වෙනි කොටස - TheThird Part Ranaaththakanda

මේ යාල සහ කුමන රක්‍ෂිතයන් අතර ඝන කැලෑවක දෙරැයක් ......Two Nights in a Thick Forest 

යන හිසින් ලියූ හේන් ගොවියන් සමග ගතකළ සොඳුරු එමෙන්ම කටුක රාත්‍රීන් දෙක පිළිබඳ අත්දැකීම් මාලාවේ තෙවන කොටසයි.

හිරු නැගෙන්නට තවත් හෝරාවකුත් මිනිත්තු තිහකට ආසන්න කාලයක් ඇත. නිවසේදී පවා පැය හතරක නින්දකින් පසු අවදි වුවහොත් යළිත් නිදා ගැනීම සිහිනයක් බඳුය. එහෙත් මා ඇහැරුණේ එලාම් ඔරලෝසුවට නම් යළි නිදිසුව ලබා ගත හැක. එහෙත් අද දිනය විශේෂය. මා අවදි වුවේ අපගේ නින්ද වෙනුවෙන් සහ ඔවුන්ගේ වගාව වෙනුවෙන් කොටස් වශයෙන් නිදි වැරූ ගොවි මිතුරන්ගේ අදිසි කෑගෑම නිසාය. මම දෑස පියා ගත්තද යළි නින්ද නොඑන බව සක්සුදක් සේ දනිමි. පොරවනය ඉවත් කර වාඩි වූ මම වටපිට බැලීමි. පෝය දිනයට පහන් වන හිමිදිරියේ ලා සඳ එළියෙන් චමත්කාර දසුනක් කෙසේ වෙතත් බියකරු වටපිටාවක් මා අවට ඇත. මගේ මිතුරන් අතරින් සම්පා පසුවන්නේද කුකුල් නින්දේ බව වැටහුණේ, මිමිණිල්ලෙන්ම කියූ වදන් කිහිපක් නිසාය. 

මීටර් සීයකට මත්තෙන් ඇති ඝන කැලෑව නිසොල්මනේ පසු වේ. මුලින් ඇසුණු අලි හඬ සහ ඊට ප්‍රතිචාර ලෙස සියලු හේන් වල ගොවීන් දැක්වූ හූ හඬ සහ බැණ අඬගෑම් පහව ගොසිනි. ඉඳ හිට කෑ ගසාගෙන යන කෑදැත්තෙකුගේ හඬ හැරෙන්නට හිමිදිරිය තවමත් නිසොල්මන්ය. මේ වනවිට වායු ඝනත්වය සෑහෙන වැඩි තත්වයකට පත්වී ඇත්තේ රාත්‍රී දහය එකොළහ පටන් මේ දක්වා එක දිගට වැටෙන  පින්න නිසාය. ඇත්තටම වා තලය දුමකින් වැසී ගත් කලක සිරි පෙන්වයි. එනිසාම කිසිවක්   පැහැදිලි දර්ශනය නොවේ. අලියා හඬක් නොනගාම ආසන්නයට පැමිණියහොත් අප අමාරුවේය. ඔවුන් එසේ පැමිණෙන්නේ අස්වැන්න කපා ඇති කාලයට බව පෙරදින සන්ධ්‍යාවේ ඔවුන් සමග කල සාකච්ඡාවෙන් අනාවරණය විය. එනිසා ගොවීන් තුළඅලියා ගැන කිසිදු පැහැදීමක් නැත.

මට අධික තිබහක් දැනිණ. එහෙත් මා සිටින්නේ ගෙදර ගියොත් අඹු නහී වැනි තත්ත්වයකය. ට්‍රේලරයේ මා නිදා ගත්තේ හරි මැදට වන්නටය. මා ආත්මාර්ථකාමීදැයි ඔබට සිතෙනු ඇත. සත්‍ය එය නොවේ. මේ අප නිදියන්නට ගිය පිළිවෙලය. සම්පා, දලූවා, මම, සුභාෂ් සහ රසික. යම් සැකයක් වේ නම් පසුගිය සටහන බලන්න. මා නැවතත් දිගෑදුනෙමි. දලුවා සහ සම්පා පලංචියේ ලී ඉරණ සගයන් දෙදෙනෙකු වැනිය. එකෙක් "ක්‍රාස්" ගාන විට අනිකා "ක්‍රීස්" ගායි. එය පෙර කතිකාවක් පරිදි සිදු වන්නේ සිනහ නංවමිනි. නමුත් මේ ඒ සඳහා කාලය නොවේ. අද දිනය කෙසේ වනු ඇතිද ? ඒ පිළිබඳ නිශ්චිත සටහනක් මා ළඟ නැත. විටෙක හමා යන සුළඟ සිහිල් බව දැඩි කරන අතරේ සඳ වසා වලාකුළක් ගමනේ යෙදේ. එවිට මුළු යායම අඳුරේ ගිලේ. 

මෙවර මා ගැස්සී අවදි වුයේ කිසිදු බාහිර හඬකට නොව, මාගේ ස්වභාවික ඔරලෝසුව ක්‍රියාත්මක වීමෙන් බව මොහොතකදී පසක් විය. තවත් බලා සිටීමෙන් පලක් නැත. මා නිවසේ සිටිනා ඕනෑම දවසක මේ වෙලාවට අවදියෙන් සිටී. තිබෙන එකම ගැටලුව දෙපයින් නැගිටින්නට නොහැකි කමය. මගේ උසට නම් මේ පියස්සේ මැද හරියේ හිට ගත හැක. එහෙත් මා ට්‍රේලරේ කෙළවරට යන්න නම් දෙදෙනෙකුගේ කඳන් වල මද හරියෙන් පැන යා යුතුය. එය කල නොහැක්කේ හරියට පැහැදිලිව නොපෙනෙන නිසාය. හිස සිට දෙපතුල තෙක් පොරවාගෙන මමියක සිරි ගෙන නිදන සුභාෂ්ගේ අත් පෑගේන්නට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත. මගේ ළඟම ඇති ජංගම දුරකථනයෙන් වෙලාව බැලීමි. එහි පහයි තිස් ගණනක් සටහන් වී ඇත. වෙන දෙයක් වුණාවේ යයි සිතා, කකුල් තිබෙන කොටසට ගොස් සම්පා ඉන්නා පැත්තෙන් බැසීමට සිතා වාඩි වූ ගමන්ම දළුව පසුකර සම්පා ළඟට ගියා පමණි. 

"කොහෙද යන්නේ ?"

සම්පා ප්‍රශ්න කරයි. 

"අනිත් පැත්තෙන් බැහැපන්"

ඔහුගේ කතාව ඇත්තය. සම්පා ඉන්නේ ට්‍රැක්ටර් එන්ජිම ඇති පැත්තේය. එහි ඇති කෑලි-බෑලි නිසා ඒ පැත්තෙන බැහීම කරදරය. දැන් මට ශරීරකෘත්‍යක දැඩි අවශ්‍යතාව දැනේ. මා නැවතත් තාරා ගමනින් අනෙක් කෙළවරට සාර්ථක ගමනක් ගියේ අනෙක් අය ගැඹුරින් නිදිසුව ලැබූ නිසා බව පැහැදිලිය. හෙමින් පහළට බැස කාගේදෝ සෙරෙප්පු දෙකක් පයලාගෙන, බාල්දිය ගෙන වතුර බැරලයෙන් වතුර එකක් පුරවා ගතිමි. එහි තවත් බාල්දි දෙකකට වඩා ජලය නැත. මා මේ සුදානම් වන්නේ අති-ස්වභාවික ශරීරකෘත්‍යයක් සඳහාය. බාල්දි ගැටෙන හඬින් අවදී වූ කදිරා සහ රත්නයා කථාවක් පටන් ගති. මා ඉදිරියට ඇදෙන්නට වුයේ පෙරදින ලබාගත් උපදෙස් අනුවය. මීටර් කිහිපයකදී මා නැවතූ රත්නයා,

"ඔහේ යන්න එපා සර්, අර පැත්තේ වාඩිය පිටිපස්සට යන්න" 

යයි අතින් පෙන්වූයේ අපේ වාඩියට දකුණින් වූ අත්හැර දමා තිබෙන වාඩියක් පෙන්වමිනි. මා වැඩි කාලයක් ගත නොකොට අදාළ ප්‍රදේශයේ පැහැදිලි තැනක් සොයාගෙන මගේ අවශ්‍යතාව ඉටු කරගන්නට සැරසෙත්ම, ඊට මීටර් විසිපහක් පමණ වම් පැත්තෙන් ඉදිරියට ඇදෙන කදිරා දුටිමි. ඔහු සුපුරුදු පරිදි තුවක්කුව කරේ තබා, දෙපසින් දෑත් ඒ මත දමාගෙන හැල්මේ කැලය දෙසට ගමන් කරයි. මගේ අවශ්‍යතාවට විනාඩියක් වත් ගත නොවීය. මා නැවත බාල්දිය රැගෙන එනවිට වාඩියේ සෙසු සියල්ලන්ම ඇහැරී ඇත. අපේ අය තවමත් නිදි සුව විඳිමින් පසුවේ. රතනයා වතුර ගේන්නට යාමට සැරසෙන්නේ පාපැදියේ හිස් බැරලය ගැට ගසමිනි. ලිපේ වතුර මුට්ටියක් රත් වේ. මා ඒ අසලට යනවාත් සමග සම්පාද එළියට පැන වහා ගිනිගොඩ වෙත දුව ගියේය. එතනින් වාඩි වී තම දෑත් උණුසුම් කර ගන්නේ ඔහු ස්වාභාවයෙන්ම කෙසඟ සිරුරකට හිමිකම් කී බැවිනි. එවැනි අයට සීතල වඩා තදින් දැනෙන බව පිළිගැනීමයි. ඒ ඔවුන්ගේ සිරුරේ තෙල් තට්ටුව සාපේක්ෂව තුනී නිසාය. මෙහි වෙසෙන රෑනඇත්තකන්ද වැසියන් නම් කොහොමත් කෙසගය. ඒ ඔවුන් දෑතේ සවියෙන් බත සරි කර ගන්නා අය වන බැවිනි.

තවත් මිනිත්තු කිහිපයකදී එළිය දෙගුණ විය.

"ගල උඩට නැග්ගා නම් ලස්සන ෆොටෝ ටිකක් ගන්න පුළුවන්, ඉර නැගගෙන එනකොට"

එසේ කීවේ මැස්සහි පද්මාසනයෙන්  වාඩි වී සිටින සමන් නොහොත් සුද්දාය. ඔහු මෙහි සිටින අනෙක් අයට වඩා වයසින් අඩු බව පැහැදිලි වුවත්, යමක් කමක් දන්නා සැටියක් පෙනේ. ඇත්තටම සුද්දා කොළඹ - මොනරාගල බස් රථයක් හේන් ගොවිතැන නොකරන කාලයට පදවයි. ඒ යනවිට කෙල්ලන් සෙට් වූ ආකාරය ඔහු විස්තර කරන්නේ සිනාසෙමිනි. වරක් ඔහු පුද්ගලික බැංකුවක ආරක්ෂකයෙකු වශයෙන් සේවය කර ඇත. එහිදී කළමනාකරුවා දින කිහිපයක් ඔහුගේ මෝටර් රථය පාක් කිරීමට සුද්දාට දී ඇත. සුද්දා ගමේ සිටින විට විවිධ වර්ග වල වාහන හසුරුවා ඇති නිසා, මෙවැනි කාර් රථයක් හැසිරවීම ඔහුට ටොයිස් වැඩක් විය. දිනයක් මැනේජර්  මහතාගේ නිවසට යාමට ඔහුට ඇරයුම් කර ඇත. ඒ යන අතරතුර තමාගේ ඩ්‍රයිවර් වන්නට කැමතියි විමසා ඇත. නවාතැන් සමගම ලැබෙන රැකියාවක් නිසා සුද්දා එකඟ වී ඇත. නිතරම නෝනාගේ ප්‍රවාහන කටයුතු කිරීමට සුද්දාගේ රාජකාරිය විය. පසුව නෝනා තමා පොළඹවාගත් ආකාරය ඉතා රසවත් ලෙස ඔහු විස්තර කරයි. මොනරාගල වැනි පළාතක කෙනෙකුට මෙවැනි දේ අරුමයක් නොවේ නේදැයි අප ඇසූ විට ඔහු කියා සිටියේ.

"ඒක ඇත්ත සර්. ඒ වුණාට මට පුදුම බයක් ඇති වුණේ. පස්සේ පස්සේ නෝනා මට සල්ලිද, ඇඳුම්ද ඉල්ලන දෙයක් දුන්නා. මම අන්තිමට රුපියල් දහදාහක් ඉල්ලගෙන ගෙදර ආවා. ඊට පස්සේ ගියේ නෑ. අර මහත්තයා යෝධයෙක් වගේ. පයින් ගැහුවොත් අලියා ගැහුවා වගේ හිටියි"
සිනාසෙමින් ඔහු පවසන විට පෙනෙන ඔහුගේ නල දත එක් කරන්නේ විසුළු ස්වාභායකි. එම ප්‍රදේශයේ දැරියන්ගේ  කන්‍යාභාවය අහිමි වන්නේ මල්වර වී මාසයකට අඩු කාලයකින් බව අසා මා මහත් කම්පනයකට පත් වුයේ, දියණියක් සිටින පියෙකුට එවැනි පුවතක් කිසිසේත් රසවත් නොවෙන නිසාය.
අරුණෝදය (Dawn)
වාඩියේ ගිනිගොඩ අසල උණුසුම් වන පිරිස.

තවත් විනාඩි දෙකකින් ගල්තලාවට ගොඩ වූ මා නැගෙනහිර අහසෙහි නැග එන සූර්යයාගේ චමත්කාර දසුන මගේ ජංගම දුරකථන කැමරාවට හසු කර ගතිමි. සමහරවිට ඔබ මේ වනවිටත් එය ෆේස්බුක් එකෙන් දැක තිබෙන්නට පුළුවන්. එහෙත් ඒ අතරින් එක් ඡායාරුපයක් බ්ලොග් පමණක් බලන කිහිප දෙනා වෙනුවෙන් එකතු කරන්නම්.


තවත් මොහොතකින් බයිසිකලය තල්ලුකරගෙනම රතනයා ආවේය. ඒ වනවිට අපේ දෙදෙනෙකු හැර අනෙක් සියලු දෙනා ඇහැරී සිටී. අප කිහිප දෙනෙක් මේ වනවිට තේ පානය කිරීමද අවසන් කර තිබේ. එතරම් ඉක්මනින් වතුර නටනවා මා මීට පෙර දැක නැත. ඇත්තටම මෙහි යොදන ලද ලී දැවීමෙන් ලැබෙන උෂ්ණත්වය ඉතා අධිකය. මා යද්දී නෙස්කැෆේ ත්‍රී ඉන් වන් පෙට්ටියක්ම රැගෙන ගියේ, තේ පානය නතර කොට බොහෝ කාලයක් වන නිසාය. උතුරන වතුර ටිකක් වීදුරුවකට දමා එම පැකට්ටුවක් සාදාගෙන පානය කළෙමි. මට තිබෙන පුදුමය නම තේ පානය කල පසුද බොහෝ දෙනෙකුට ශරීරකෘත්‍ය සඳහා අවශ්‍යතාවක් නැති වීමයි. සමහර අයට මෙය කදිමට පාලනය කල හැක.

පතහාට යාමට රතනයා කතා කල විට

"ඒකට කොහෙන්ද වතුර. ඊයේ වැස්සේ නෑනේ" යයි එකෙකු කී විට.

"මං හිතා උන්නේ ඒකට සොභාවෙන්ම වතුර උනනවා කියලා" යයි රතනයා කී විට, ඇතිමලේ පිරිස රතනයාට හිනා වුයේ ඔලොක්කුවටය.

"ඒකට කොහෙන් උනන්නද?"

"එහෙනං අපි යමු අනික් පතහට" යයි රතනයා කීවේ ලැජ්ජාව මුසු සිනහවක් මුවේ රඳවාගෙනය. දැන් අපි එකිනෙකා වැලේ තිබෙන තුවා සහ ෂෝට් ගෙන නාන්න යාමට සුදානම් වේ. ඊයේ රාත්‍රියේද ටේලරය ගලවා දමා රතනයා සහ සුභාෂ් වතුර බැරලයක් රැගෙන එන්නට මේ පතහාට ගිය බව සිහපත් වුයේ මේ සටහන තබන මොහොතේදීයි. අප ඒ ගමන ගියේ පයින්මය. මේ ගමනට අර ආහාර පිසින්නට ආ දෙදෙනා සහභාගී නොවීය. තවත් අලුත් කෙනෙකු මේ වනවිට අපේ නඩයට එක් වී ඇත. ඒ බුද්ධයා කොළුවාය. අවුරුදු දහසයක් පමණ වන බුද්ධයාගේ පියා ජීවතුන් අතර නැත. මව විදෙස්ගතව ඇති නිසා ඔහු මේ හේන් කරන කාටත් උදව් පදව් කරමින් ජීවත් වේ. කිලෝමීටර් දෙකකට ආසන්න මේ ගමන නිසා තවත් හේන් කිහිපයකම සිරි නරඹන්නට අපට හැකි විය. මේ යන අතරමග තවත් එක් කන්දක් පෙන්වූ රතනයා එහි දෙසීයකට පමණ එකවර සිටිය හැකි ගල්ගුහාවක් තිබෙන බව පැවසීය. /;ඉතිං අපිට ඉන්න තිබුණේ එතැන" නේදැයි කෙනෙකු පැවැසූ විට, "මයෙ අම්මා එහෙ ඉන්න බෑ වලස්සු ඉන්නවා ගල් ගුහා වල" පිළිතුර ලැබිණ. ඇත්ටටම මේ ප්‍රදේශයේ වලසුන් සිටිනවා යයි පිළිගන්නට හැක්කේ, සැන්ඩෝ නමැති දරුවන් දෙදෙනාද සමග හේනක් කරන තරුණයා වලසෙකු සමග සටන් කොට කැත්තෙන් කොටා මරා දමන්නට සමත් වීම නිසාය. මෙම ජල මූලාශ්‍රයට යාමට එක්තරා මට්ටමක කාලයක් පසු කිරීමට අපට සිදු විය. අපත් සමග ගිය සුභාෂ් කෙළින්ම එක් කපොල්ලකින් කැලයට රිංගන විට මා අසා සිටියේ "මචං පාර දැනගෙනද ඔය රිංගන්නේ"  කියාය. සැබවින්ම ඔහු තෝරා ගත් පාර නිවැරදිය. තවත් විනාඩි කිහිපයකින් අප පතහා ළඟට පැමිණ ඇත. නමුත් එය වතුර ටිකක් ඇති වතුර වළකට වඩා සුවීශේෂී එකක් වුයේ එහි කෙළවරක ඇති ගසක් යටින් ස්වභාවික උල්පතක තිබීමයි. නමුත් මෙහි වතුර බොර වී තිබෙන්නේ එහි එන අලි ඇතුන් නිසා වන්නට හැක.
දකුණු පැත්තේ තිබෙන මුල යටින් හීන් සීරුවේ වතුර ගලා ඒ. උල්පත තිබෙන්නේ
තවත් ගැඹුරින් විය යුතුය.
මේ දුර ගෙවා අවසන් වනවිට බොහෝ දෙනෙකුට ශරීරකෘත්‍ය අවශ්‍යතා ඇතිවුණි. ඒ අයට ඒවා ඉටු කර ගන්නට කාලය දී මම, සුභාෂ් සහ රූපේ එකතුව ඊට පෙනෙනා දුරින් පිහිටා ඇති නටඹුන් වූ චෛත්‍යක් බැලීමට ගල් කුලක් තරණය ආරම්භ කරන ලදී. අංශක අසූවකට නොඅඩුව ඇති ගල් කුළට රුපයා ගොඩ වුවත් අපට එය අසීරු බැවින් බෑවුම සහිත වෙනත් පැත්තකින් ගොඩ වීමු. එහි විස්තර අකුරු කරනවාට වඩා පින්තූර එකතු කිරීම පහසුය.
මෙය ගලෙහි නෙළූ යම් සංකේතයක් ලෙස ඔවුන් විශ්වාස කරයි. නමුත් මෙය ජලය ගලා යාම නිසා සිදු වුවක්ද යන්න සැක සහිතයි.

මගේ විශ්වාසය මෙය තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හසු නොවූ ස්ථානයක් යන්නයි. එහි කිසිදු සටහනක් නොතිබුණි.

අත්වැල සවි කර තිබෙන්නට ඇත්තේ මේ සිදුරු වලය. 


අසාර්ථක නිදන් ගැනීමේ උත්සාහයක්. 

ස්වභාවික විපත් වලින් හානි වූ චෛත්‍යයේ නටඹුන්.

කුඩා ප්‍රමාණයේ ගුහාවක්.

නටඹුන් සොරුන්ගේ අසාර්ථක ප්‍රයත්නයක්.

ඉහලම තැනට හාත්පස පෙනෙන ආකාරය. මේ පෙනෙන්නේ කොටියාගල නමැති ප්‍රදේශයක්.

මෙතනින් පහළට අඩි පහළොවක් පමණ ගැඹුරු තැනකින් විවරයක් ඇත.
නමුත් එහි ඇතුල් වන්නට අප උත්සාහ නොකළේ වලසුන් සිටීවී යන බිය නිසාය.
මෙහි නිදන් හාරා ඇත්තේ මීට් දිගු කාලයකට ඉහතදී බව ගම්මුන් පවසයි. ඒ එක්දහස් නවසිය අනූ ගණන් වලය.

අපට නා ගන්නට වතුර බාල්දිය රැගෙන තරමක් ඈතට යාමට සිදු විය. එනිසා රත්නපාලගේ ඉල්ලීමට බුද්ධයා කොලුවා කාටත් වතුර ඇද දෙන්නට කාරුණික විය. මා ඔහුට පිං සිද්ධ වේවා !!! යනුවෙන්ම කෘතඥතාව පල කළේ ස්තුතියි හෝ තැන්කිව් යනුවෙන පැවසීම කල උපකාරයට තරම් නොවන නිසාය. අප ආපසු එත්දී හේනක සතුන් එලවීමට යොදා ගන්නා අපූරු ගැජට්ටුවක් හමු විය. නමුත් එම හේනේ අය එහි නැත.
මෙම ඡායාරුපය පැහැදිලි නොමැති වුවත් බයිසිකකයල කොටසක් එල්ලා ඇත්තේ
හුලං ඇතිවිට අසල ඇති කළුගලෙහි ගැටෙන ලෙසය. 
අප ආපසු ආවේ ඉතා දැඩි කුසගින්නක්ද සහිතවය. වාඩියේ උදෑසන බත මේ වනවිට උණු-උණුවවේම සැකසෙමින් පවතී. අපි කඩිනමින් උදේ අහාරය ගිල දැමීමු.  එය ඉතාම රසවත් එකකි.

කෑම කෑ විගස රත්නයා සහ තවත් කෙනෙක් ඇතිමලේ බලා පිටත් විය. ඒ ඔවුන්ගේ නිවෙස් කරා ගොස් තම අඹු දරුවන් සමග මොහොතක් ගත කොට ඒමටයි. රත්නයාද නිවසට පැමිණෙන්නේ කොළඹ සතියේ දවස් වල රාජකාරි කිරීමෙන් පසුවය. මම, සමපා සහ රසියා එකතු වී අසල ගසක පැල් රකින අට්ටාලයකට ගොඩ වීමු. අඩි විස්සකට වැඩි ඉහළින් එය තනා තිබුණි. බොහෝ කාලයක් එය භාවිතා කොට නොතිබූ නිසා ප්‍රවෙසමට එයට ගොඩ විය. සමන්ද අප හා එක් විය. එහිදී ගන්නා ලද ඡායාරුප කිහිපයක් පහතින් ඇත.

මෙම බැමි වල  ශක්තිමත් භාවය පිලිබඳ ප්‍රශ්නයක් තිබුණි.

උස පිලිබඳ අවුබෝධයක් මෙයින් ලැබේ යයි සිතමි.

මෙහි ප්‍රධාන ලී ගස්කඳට සිර කර ඇත. හරස් ලී ශක්තිමත් නම් අපට කරදරයක් නැත. 

පහලට බසිමින්. රසියා ගහ මුලද, සමපා ඉන් පසුවද අවසාන වශයෙන් මාද
සීරුවෙන් බැස ගතිමු.

කෝන් ගස මුදුනේ ඇති පැල. මෙහි රැයක් ගත කරන්නට ආශාව ඇතිමුත් ගොවි
 මහතුන්ගේ අවසරය නොලද හෙයින් අදහස අත් හැර දැමීමට සිදු විය. 
අප මෙහි ගත කල කාලය තුළ කදිරා සොයා යාමට මෙහෙයුමක් සූදානම් කර ඇත. නමුත් හිස් දෑතින් කැලය තුළට රිංගීම අවදානම්ය. අපේ මිතුරන් වන සුභාෂ්, දලුවා මේ වනවිටත් පිටත් වීමට සුදානම්ය. අප අතරින් සම්පා එයට එකතු විය.   මමත් රසියාත් වාඩියේ රැඳෙන්නට තීරණය කළෙමු. මෙම නඩයට නායකත්වය සැපයූවේ රුපයාය. ඔවුන් පිටත් වූ පසු අප බිස්කට් කා තේ බී කථාවේ යෙදී සිටියෙමු. එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් මෙම කැලයේ සැරිසරන කාලයේ අත්දැකීම් ටිකක් සමන් විස්තර කළේය. වරක් තම පියා සමග ගමන් ගත් කොලු පැටියෙකු අතරමං වී ඇත. පළමු දිනයේ ඔහු සොයා ගන්නට හැකි වී නැත. දෙවන දිනයේ රූස්ස ගසක් යටට ගොස් බැලූ විට එහි යමෙකු සිටින බව දැක, ඔහුගේ නමින් අමතා ඇත. එවිට කොලුවා ගසින් බැස තම ඥාතීන්ට පවා පිටුපා දිවගොස් ඇත. ඔහු එළවා අල්වාගෙන ගෙදර ගොස් බත් කන්නට දී, ඔහු යථා තත්වයට පත් කරගන්නට පැය කිහිපයක් ගත කොට ඇත. කොලුවාට බිය, මෙන්ම මානසික වියවුල් ගතියක්ද ඇති වී ඇත.

තවත් වරක් හමුදාව විසින් පහර දෙනලද කොටි කාන්තා  බලකායේ මිනී රැගෙන එන්නට සමන්ගේ ට්‍රැක්ටරය යොදවාගෙන ඇත. ඔවුන් රැගෙන එනවිට එම මිනී තරමක් ඉදිමී තිබූ බව සමන් පවසයි. පසුව මොනරාගලදී ඒවා රැගෙන යන්නට තුන්වෙනි පාර්ශවයක් පැමිණ ඇත. සමන්ගේ පියා දිනයක් එසේ මෙහෙයුමක් සඳහා යුද හමුදාව කැඳවාගෙන ගොස් කොටි සිටින ප්‍රදේශයකට ආසන්නව පාලමක් අසල නතර කොට එක් සෙබළෙකුද ආරක්ෂාවට නතර කර ඇත. එක දිගට ඇති වූ වෙඩි සද්දය නිසා බිය වූ සමන්ගේ පියා අර සෙබලාවද තනිකර දමා ආපසු පැමිණ ඇත(සමන් කියන්නේ හුරේ රන් එක දුන් බවය). ගෙදර විත් බලන කල ටේලරය නැත. ආපසු ගොස් එය සොයාගෙන ආවේ මහත් පරිශ්‍රමයකිනි.

කැලේ ගිය අපේ මිතුරන් පැයකට අඩු කාලයකදී අතුරු ආන්තරාවක් නැතිව පැමිණීම සතුටට කරුණකි. ඉන්පසුව සම්පා තමාට ටිකක් නිදා ගැනීමට අවශ්‍ය බව පවසා ටෙලරයට ගමන් ගත් අතර, මිනිත්තු දහයක් පමණ ගිය විට, ඔහු බය කිරීමට අපේ අය කතිකා කර ගති. මේ ගමනට මා එක් නොවී සිටියේ සම්පා නොනිදා සිටීවි යන විශ්වාසය සහ මෙවැනි දේවල් නරක අතට හිටින්නට හැකි බව මගේ සිත කී නිසාය. මෙය වීඩියෝ කළහොත් අපූරු දර්ශනයක් විය හැකි බව සමන් පැවසී මුත්, ටික කලක හිටන් මා මගෝඩි වැඩ වලින් ඉවත් වී සිටි නිසා වැඩි උනන්දුවක් ගත්තේ නැත. එහෙත් අප දෙදෙනාද ඒ දෙස බලා සිටියෙමු. මුලින්ම ටේලරය අසලට සීරුවෙන් ගමන් ගත් පිරිස කුමක් හෝ සාකච්ඡා කරනු පෙනිණ. ඉන් පසු මහා විකාර ශබ්දයක් මතු කරමින් ටෙලරයට පනිනු පෙනිණ. එක වර හිට ගත් සම්පාගේ ඔලුව ඉටි රෙදි අතරින් පෙනිණ. සම්පාද "ඒ....යි" ගාමින් මහා හඬක් නිකුත් කළේය. ඉන් පසුව ට්‍රැක්ටරයෙන් එළියට පැන්නේ ඔලිම්පික් උස පැනීම කරන ආකාරයටයි. ඔහුගේ පස්ස බිම ඇනෙනවා අපට හොඳටම දර්ශනය විය. ඉන් පසු සමපා කෑ ගසාගෙනම දුවන්නට පටන් ගත්තේය. අපේ මිතුරන් එළවා ගොස් ඔහු අල්වා නොගන්නට ඔහුව සොයා ගන්නට බැරි වන බව සමන්ගේ අදහසයි.  පසුව කල විමසුමේදී පැහැදිලි වූයේ ඒ කොටස සම්පා කර ඇත්තේ අවසිහියෙන් බවයි. ඒ වනවිට ටෙලරයේ ඇති අත්වැලෙහි වදී බරු ගැසී තිබූ කකුලට මා බෙහෙත් ගල්වන විටත් ඔහුගේ මුහුණේ තැති ගත් ස්වභාවයක් විය.

දිවා ආහාරයක් නොවීය.පස්වරු දෙකට පමණ එහි පැමිණි රතනයා ගෙනවිත් තිබූ මැටි තැටියක පොල් රොටි තනා, කට්ට සම්බල් සමග කට පිච්චි - පිච්චි ගිල දැමු අප, සවස ස්නානයට ගල්තලාව උඩ ඇති පතාහට ගිය අතර, මෙවර අලි කිහිපයක්ම අප අසල යනු දැක සියලු කටයුතු නවතා බලා සිටියෙමු. මේ අතර වෙඩි පත්තු වන හඬක් ඇසිණි. කදිරා කිසිදිනක තමන්ගේ ඉලක්කය වරදා නොගත් බව  සියලු දෙනා සහතික කර කියයි.  අලි යනු පුදුම සත්ව කොට්ඨාසයකි. ඔවුන් අපට වඩා කපටිය. මුලින් ආ පැටව් දෙදෙනා ක්‍රීඩා කරමින් ඉදිරියට ගියද, අප දුටු අලියා එතැනම හිඳිමින් කොළ අතු කඩයි. අනෙක් කිසිවෙක් ඒකා පසු කර නොඑන්නේ කුමක් හෝ අනතුරක සේයාව දන්නේ මෙනි. අප ඔවුන්ට භය යම් සේද ඔවුන්ද අපට ඒ හා සමාන භියක් දක්වයි. අලි රෑන පිටත්ව ගිය පසු අප එන්නට පිටත් වීමු. එහෙත් අතරමැදදී මට හොඳටම අලින්ගේ කුයිලය දැනිණි. අප ඒ ගමන ආපසු ආවේ ගැහෙන හදවතිනි. අපට මග පෙර සටහනේ දැක්වූ මඩ පොකුණ අසලදී  කදිරා මුණ ගැසිණි. ඔහු අප දැක ඉතා නියාලු සිනහවකින් සංග්‍රහ කළේය. ඔහු හිද ඇත්තේ අසල හේනකය. ඔහු සිටිනවා මෙහි සිටින කෑම පාටියේ කෙනෙකු දැක ඇතත්, ඔහුට එය අප හා පවසන්න කිසිම අවශ්‍යතාවක් තීබී නොමැත. අප කදිරා ගැන බියෙන් පසු වුවත්, ඔවුන්ට එය ඒ හැටි ගැටලුවක් නොවන්නේ, රැයත් දවාලත් කදිරාට එක බැවිනි.

ඔවුන් ඇතිළිවැව ගොස් එනවිට පලතුරක් ගෙනෙන්නැයි අපේ අය ඉල්ලා සිටි පණිවුඩය රතනයාට ලබා දුන්නේ මම වුවත්, එහි යම් අනතුරක සේයාවක් ඇතැයි මගේ සිත මටම දොස් නැගීය. හේතුව පලතුරු සුවඳ ඔස්සේ අලි-ඇතුන්ට ඉව ඇති වී, ඒ ඔස්සේ පැමිණීමයි. දහවලේ ගෙනෙන ලද අඹ අප ඒ මොහොතේම කපා කෑවෙමු. මගේ විශ්වාසය වුයේ එය නොකළ යුත්තක් බවයි. තවත් මොහොතකින් සතෙක් එලා ගන්නට වනගත වන බව පවසා කදිරා සහ රුපයා කැලයට පිටත් විය. අපි සුපුරුදු පරිදි ට්‍රේලර එදින රාත්‍රිය සඳහා සුදානම් කළෙමු. එදින රාත්‍රියේ සටහන් කිරීමට වැදගත් යමකට වුයේ, එදින ගෙනෙන ලද ගෝන කරවල වල පණුවෙක් සිටීමය. අපට එය බෙදා දෙන්නට මත්තෙන් සියලු දෙනා නැවතූ සමන් ඒ දෙසට විදුලි පන්දම දක්වන ලෙස ඉල්ලා සිටියේය. ඔහු අමුතු ඉවක් ඇති පුද්ගලයෙකු බව වටහා ගැනීමට අවශ්‍ය බොහෝ කරුණු මේ ගමනේදී මා ඒ වනවිටත් තේරුම් ගෙන උන්නේය.
එදින රාත්‍රියේදී ආලෝකය ලබා ගැනීමට මා කල නිර්මාණයයි. පත්තර කොළ වලින්
මා සතු නොකිය x1-01 දුරකථනය ප්ලාස්ටික් කප් එකක් තුල සිර කර එහි ඇති
 LED බල්බය දල්වා, ඒ මතින් තවත් කප් එකක් තබීම්න්  තාවකාලික පහණක්
සාදා ගත්තේ අවස්ථාවේ අවශ්‍යතාවටය.
පසුදින පාන්දර දෙක පමණ සිට මෝටර් සයිකලයක වැනි හඬක් නගමින් අලියකු අසල කැලයේ මහත් ප්‍රතිරෝධයක් දැක්වීය. ප්‍රතිචාර ලෙස සුපුරුදු කෑ ගැසීම් වටෙන්ම ඇසිණි. එදින අපද එලි වනතුරු පහන් කලේ නිදි වර්ජිතාවය.
 _____________________________________
එදින කදිරා ඉත්තෑවෙකුට ගිණි බිඳ ඇති මුත් සමන්ට අනුව ඒකා හොයා ගැනීමට නොහැකි වුයේ, අප පින්වන්තයන් නිසාය.
සඳරු ගේ පොස්ට් වල නිතරම කියවෙන මාපුතා යන්න අපගේ රත්නපාල බුද්ධයා කොලුවා ඇමතීමට යොදා ගන්නා විට සිහි වූයේ, මේ ප්‍රදේශයද නැගෙනහිර ආසන්නයේ ගම්මානයක් බවය.

38 comments:

  1. අද ලිපියත් හරිම රසවත්.
    මේ ලිපිය ලියන ආකාරය ඉතාම ඉහලයි.
    නොට්ටිගේ පුතා කියල හිතෙනවා,ඔබ පියා ලියු කිසිවක් මා නොකියවා ඇතත්.
    වගාව සම්බන්දව ඩින්ගිත්තක් සදහන් කලානම් හොදයි කියල හිතුන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජි අයියා. ඇත්තටම මේවාගේ වගේ කෙරෙන්නේ ඉරිඟු. දැන් ඉරිඟු රට යවනවා. හැබැයි මේ අස්වැන්න ගන්න ඔවුන් මැයි මාසය වෙනකම් බලාගෙන ඉන්නවා. අප සිටි දවස් දෙකේ ඔවුන් අහස දෙස බලා සිටියේ නෝක්කාඩුවෙන්. එහෙත් එහෙම පෙන්නුවේ නෑ. මම ඔවුන්ගේ හිත හදන්න බොහොම උත්සාහ කළා, අද වහියි කියලා. අප ආපසු එන ගමනේ කිලෝමීටර් පහක් ගිය තැන මහ වැස්සක් කඩා හැලී තිබුණා. මා ඊට දවස් දෙකකට පසුත් ඔවුන්ගෙන් විමසා සිටියා, ඒ වනවිටත් වැස්ස වැටී තිබුණේ නෑ.

      Delete
  2. මෙන්න ඔබ නියම සංචාරක සටහනක් ලියලා තියනවා. හරිම අගෙයි. බොහෝ දෙනෙක්ව මෙවැන්නකට පොළඹවනසුලුයි. අර ඉහල සිට ලබාගෙන ඇති 'වාඩියේ ගිනිගොඩ ළඟ උණුසුම් වන පිරිස' හොඳ සවිස්තරාත්මක ඡායාරූපයක්.

    ඒ වගේමයි ඔබ නිපදවූ ජංගම දුරකථන ලාම්පුව. මට එකවරම මතක්වුනේ හමුදාවේ තියන IED නමැති යෙදුම. IED = Improvised Explosive Devices අවස්ථානුකූලව සාදාගන්නා පිපුරුම් උපකරණ.

    ඉඳහිටවත් මෙවැනි සංචාරයක යෙදීම වැදගත්. මිනිසා කොපමණ ශිෂ්ටාචාරයට පත්වුනත්, වනචාරී යුගයට යාමේ ආශාවක් අප හැමදෙනා තුලම තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක තුමා. අඩු පහසුකම් යටතේ ජීවත් වීමට මේකෙන් යම් හුරුවක් එනවා. Survival Situation එකකදී අවට පරිසරයේ තිබෙන දේවල් වලින් ඔබට අවශ්‍ය ආකාරයට ජීවත් වීමට යම් හුරුවක් මෙවැනි සංචාර මගින් ලැබෙනවා. මට මේ ආශාවන් එන්නේ ඩිස්කවරි වැඩසටහනක් වන Man vs Wild කියන එකෙන්.

      Delete
  3. අනෙ අම්මෝ ඔය නිදා ගන්න ගියාම ලී ඉරන මිනිස්සුත් එක්ක නිදාගන්න්වට වඩා සැපයි ඇහැරන් ඉන්න එක.
    ඇත්තටම අලි මිනිස් ගැටුම ගැන හොදටම දැනෙන්න මෙහෙම ගමනක්ම ‍යන්න ඕන.
    ඔයාගෙ අර ෆෝන් ලයිට් නිර්මාණෙ නම් මරු.

    ReplyDelete
    Replies
    1. එහෙම ලී ඉරණ දෙන්නෙක් ඉන්න තැනක මුලින් නින්ද ගිය කෙනා වාසනාවන්තයි. ඇත්තටම අලි සහ ඔවුන් අතර තිබෙන්නේ පැහැදිලි ගැටුමක්. බොහොම ස්තුතියි.

      Delete
  4. ඔය පොඩි කෙල්ලෝ අඩු වයසෙන් විවාහ වෙන දේවල් ගැන සමීක්ෂණයකින් තොරතුරු ගෙලි කලාම, ළමා ආරක්ෂක මන්ඩලේ සභාපති ගොන් ගෑනී ඒවා පිලිගන්නේ නෑ. ඒ දේවල් දැන ගන්න උඹ වගේ ඒ මිනිස්සුත් එක්ක දවසක් දෙකක් හරි ජීවත් වෙන්න ඕන. මිස් වෙච්චි ඒවත් එක්කම කියෙව්වා. පොටෝ එක්ක දාන නිසා ආතල් එක වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එතන ඉන්න බොහෝ දෙනෙක් විවාහ කරගෙන තිබුණේ බාල වයස්කාරියන්. ඒ වගේම බොහොම හදිසියෙන් වූ දේවල්. පහුගිය සතියේ හිටියේ නෑ වගේ දැනුණා. සොයා බලන්න හිතුවා විතරයි.

      Delete
    2. මගේ ඊළඟ කතාව කියවන්නකෝ....

      Delete
  5. අදත් රසවත්ව විස්තර කරල ලියල තියෙනව.
    ඔය දවස් ටිකේ හේනෙ මොකුත් කෙරුනෙ නැද්ද?
    අර ලාම්පුවනං මරු.

    ReplyDelete
    Replies
    1. මේ වගේ සටහනක ඒ දේවල් එකතු කරානම් සාමාන්‍ය රසිකයන්ට බාදාවක් නේද ?

      Delete
  6. නියමයි සුදීක අපි හිතෙන් මේ ගමන ඔබත් එක්ක ගියා වගෙයි. හරිම ආසයි නමුත් යන්න කෝ වෙලාවක්??? සතුටුයි මේ වගේ ඔබේ අත්දැකීම් බෙදා ගන්නවට.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මගෙත් බලාපොරොත්තුව. අත්දැකීම් අලුත් නිසා විස්තරාත්මකව ලියන්න පුළුවන්.

      Delete
  7. ස්තුති යි රසවත් සටහනට හා පින්තූරවලට. ගමන ගියා වගේ තමයි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. නම වෙනස් කරලා නේද ?

      Delete
  8. අගනා පිංතුර ටිකත් රසවත් ලියැවිල්ලත් තුළින් ඔබ අපවද ඒ ඉසව්වට ගෙන ගියා වැනි හැගුමකි මසිත ඇතිවූයේ.

    ReplyDelete
    Replies
    1. කාර්යබහුල කාලයක් නොවුනා නම් ඔබත් මා සමග මේ ගමනේ.

      Delete
  9. කල් අරං කියවලා හොඳටම රසවින්දා. හිතෙන් එතැනහිටියා වගේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත් අයියේ.

      Delete
  10. අපේම කෙනෙක්ගේ අත් දැකීම් නිසා ලිපියෙ රසවත් බාවය වැඩි වෙනවා . අර පැල් කොටෙත් රැයක් ගත කරන්න උනානම් හොඳයි නේද ?

    ReplyDelete
    Replies
    1. මෙතෙක් ලියූ කිසිම ලිපියක නැති වෙනසක් මෙතන තියෙනවා. මේ ගමන යත්දී මම මේ සටහන තබන බව දැනගෙන හිටියා. අනෙක් කිසි විටෙක එවැනි බලාපොරොත්තුවක් තිබුණේ නෑ.

      Delete
  11. වයිපර් නංගිව ගෙදර තියල හරි ඔය වගේ ගමනක් යන්න ඕනේ... තාම එහෙම තියල යන්න තරම් හිතෙන්නේ නෑ... එක්කන් යන්නත් බෑනේ... කොහොම උනත් මේක නම් නියම ආතල් එකක්...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ඇයට තේරුම් කරලා කැමැත්ත අරගෙනම ගියොත් හොඳයි.

      Delete
  12. අර ලාම්පුව නම් මරු.. බයිසිකලයක කෑල්ලක් එල්ලා කිවිව ෆොටෝ එකට එබිලා බලන් ඉදලත් ඒකනම් දැක්කේ නෑ හැබැයි..

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ මල්ලී ඒ පින්තූරය ගත්තේ ඉර එලිය එන පැත්තට විරුද්ධ පැත්තේ ඉඳලා. ඒ නිසා පැහැදිලි නෑ. ගමනේ අය මග ඇරෙන නිසා අනෙක් පැත්තට යන්න හිතුවේ නෑ.

      Delete
  13. Replies
    1. ඉතුරු ටික බොහොම සාමාන්‍යයි සංජීව. ගෙදර එනකොට අඹ, දිවුල්, මීකිරි ටිකක් අරං ආවා එච්චරයි.

      Delete
  14. යන්න ආස හිතෙනව කියවනකොට.හැබැයි ඉතින් හොද කට්ටකුත් කන්න ඔන නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිව මේවගේ ගමනක රසයක් නෑ.

      Delete
  15. යන්න ආස හිතෙනව කියවනකොට.හැබැයි ඉතින් හොද කට්ටකුත් කන්න ඔන නේද?

    ReplyDelete
  16. ලිපි තුනම බැලුවේ අද . පින්තූර ටිකත් එක්ක මේ විස්තර කීපය කියෙවුවේ බොහොම ආසාවෙන් . දවසක මේ පැත්තෙත් රවුමක් ගහන්ඩ බලාගෙන එන්න . ඔය වගේම අද්දැකීම් ටිකක් දෙන්නම් .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යන්ම් එනවා. මම නඩයක් එකතු කරන් ගන්නම්.

      Delete
  17. වෙන මුකුත් නොකියා ටොපේ ටොප් කියලා කියන්නම්...

    ReplyDelete
  18. එක සැරයක් මෙවැනි අත්දැකීමක් අරගෙන තියෙනවා දැන්නම් ඒ ක ආයෙත් ගන්න ඕනා කියලා දැඩි ලෙස හිතට දැනුනා මේක කියෙව්වම

    ReplyDelete
    Replies
    1. ඇත්තට මැලේසියාවේ නැද්ද මේ වගේ තැනක්. තියෙන්න ඕනේ. මම අහල තියෙන විදියට ඝන කැලෑ. මේ ගමනට එකතු වුන සුභාෂ්ගේ අයියා වැඩ කරන්නේ විදේශ සේවා නියුක්තියේ. එක පාරක් අපේ ශ්‍රමිකයන්ගේ චෝදනා නිසා බලන්න ගිහිං. මිනිහා කිව්වා කැලෑ එලි කරන්න ගිය මිනිස්සු චෝදනා කරනවා කියලා ගහක අත්තක් ඇල්ලුවොත් අහු වෙන්නේ සර්පයෙක් කියලා.

      Delete
  19. සුදීක මම කොටස් දෙකක් කියෙව්වේ ඔයගොල්ල ගංජා හේනක නැවතිලා හිටිය කියල හිතාගෙන,අද තමයි හේන බඩ ඉරිඟු හේනක් කියා දැනගත්තෙ.ඒත් කෙන්ජිගෙ කමෙන්ටුවකට ඔබ දී තිබූ පිළිතුර නිසා.
    ඔබ හේන ගැන කොපමණ කීවත් වගාව ගැන වචනයක්වත් කියා නොතිබූ නිසා මම ඒ වැරදි ආකල්පයේ හිටියා.

    ReplyDelete
  20. ඔබේ චාරිකාවෙ මේ කොටසෙදි තමයි හේනක රැයක් ගත කරන්න මටත් ආශාවක් ආවෙ...ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෙ අද පෝස්ටුව....උදේම බොගකුත් දාපු එකේ එදා දවසම කික් වෙන්න ඇති....

    අර වලස්සු ඉන්නවා කියලා හිතනවා කියන ෆොටෝ එකේ තියෙන පිහිටීම අනුව මට හිතෙන්නෙ පොළව යටට එතනින් උමගක් ඇති කියලා...අර කළුගලේ තියෙන්නෙ යම් සළකුණක්...වතුර ගලාගෙන ගිය පහරක් නොවෙයි.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...