අයි ෆෝන් හෝ ඉන්ස්ටග්‍රෑම් නැති, එක්තරා සමාගමක් පමණක් රාජකීයත්වයේ වැජඹෙන, ඡායාරුපකරණය ඉතා මන්දගාමී, වසර දෙකතුනක අධ්‍යනයක් හෝ ආධුනිකත්ව පුහුණුවක් නැතිව පහසුවෙන් කෙළ පැමිණිය නොහැකි ශිල්පයක්ව පවතින ලෝකයක් ගැන මොහොතක් සිතන්න. එවැනි ලෝකයක් 1973 දී පැවති අතර තරුණ ඉංජිනේරුවකු වූ ස්ටීවන් සැසන් ඊස්ට්මන් කොඩැක්හී සේවයට එක් වන්නේ එවැනි යුගයකය.
http://awidda-paya.blogspot.com/
තවත් වසර දෙකක ඇවෑමෙන් ඔහු ඩිජිටල් ඡායාරුපකරණය සහ ලොව පළමු ඩිජිටල් කැමරාව නිපදවනවා.
http://awidda-paya.blogspot.com/පින්තූරය ගත්තේ : http://www.brw.com.au/ |
එවකට අවුරුදු 24ක තරුණයෙකු වූ, සැසන් මහතා ඒ නිපදවූයේ, අද අප ජංගම දුරකථනයෙන් පින්තූර ලබාගෙන, ක්‍ෂණයකින් ඒවා ලොව වටා විසිරි ඇති මිලියන ගණනක් වූ ජනයා සමග හුවමාරු කරගන්නා, ක්‍රියාවලියයි. එම ක්‍රියාවලිය සහමුලින්ම වළකාලුයේ තමන්ගේ වෘත්තීය කාබාසිනියා කළා යන අපවාදය වෘත්තීය ඡායාරුප ශිල්පීන් විසින් නැගීම දශකයක පමණ කාලයක් හිලව්වට තබාගත් එකල එකල ඒකාධිකාරියක් පැවැත්වූ ක්ෂේත්‍රයක් පවත්වාගෙන ගිය ඔහුගේ සේවායෝජක දැවැන්ත සමාගමයි.
http://awidda-paya.blogspot.com/එය ආරම්භ වුයේ ඉතාමත් අහිංසකවය,
http://awidda-paya.blogspot.com/
කොඩැක් වෙත පැමිණි විගස සැසන් මහතාට ලබා දුන්නේ පෙණුමෙන් නොවැදගත් කාර්යයකි. ඒ වසර කිහිපයකට පොරොතුව සොයා ගන්නා ලද ආරෝපිත බැඳුණු යන්ත්‍ර (Charged Coupled Devices) වල යම් යෙදවීමක් තිබේද යන්න බැලීමටයි.
http://awidda-paya.blogspot.com/
"මං ඒ ප්‍රොජෙක්ට් එක කරපු එක කවුරු හරි දැනගෙන හිටියනම් ඒ කාලාතුරකින් කෙනෙක්, ඒ ඒක මහ ලොකු ප්‍රොජෙක්ට් එකක් නොවූන නිසා" සැසන් මහතා පවසා සිටියා "ඒක රහසක් නෙවෙයි. මම අනුමාන කරන්නේ වෙනත් දෙයක් කළොත් කරදරයක් ඇතිවෙයි කියන බයෙන් දීපු ප්‍රොජෙක්ට් එකක්"
http://awidda-paya.blogspot.com/1973දී ස්ටීවන් සැසන් විසින් නිර්මාණය කරන ලද මුල්ම ඩිජිටල් කැමරාව. 1978 දෙසැම්බර් 26 වැනිදා නිකුත් කරන ලද ඇමෙරිකානු පේටන්ට් බලපත්‍රයට පදනම් වුයේද මේ කැමරාවයි. |
ඔහු ඉක්මනින්ම එයින් කිහිපයක් ඇනවුම් කර එය ඇගයීම අරඹන ලදී, එයට ද්වීමානව එන ආලෝක රටා සෙන්සරයක් අඩංගු වූ අතර ඒවා විදුලි සංඥා බවට පරිවර්තනය විය. සැසන් මහතාට එමගින් ඡායාරුපයක් ලබා ගැනීමට උවනම වුණා, ඒත් සී.සී.ඩී. යන්ත්‍රයට එය රඳවා තබා ගැනීමට නොහැකි වුණේ එම විදුලි ස්පන්දනය ක්ෂණයකින් අතුරුදන් වන නිසා.
http://awidda-paya.blogspot.com/
පින්තූරය සටහන් කර ගැනීමට ඒ කාලයේ තරමක් සාපේක්ෂව අලුත් ක්‍රියාවලියක් ඩිජිටල්කරණය යොදා ගැනීමට ඔහු තීරණය කළා - එහිදී ඉලෙක්ට්‍රොනික ස්පන්දනය අංක බවට පරිවර්තනය වුණා. නමුත් විසඳුම වෙනත් අභියෝගයක් නිර්මාණය කළා - ඒ රැම් මතකයක එය රඳවා, පසුව එය ඩිජිටල් චුම්බක ටේප් එකක් මතට ගැනීම.
http://awidda-paya.blogspot.com/
අවසන් ප්‍රතිඵලය වුණේ සුපර්-8 චිත්‍රපට කැමරාවකින් අහුලාගත් පාවිච්චි කල කාචයක්, නිකල් කැඩ්මියම් බැටරි 16ක්, ඇනලොග්/ඩිජිටල් පරිවතකයක් සහ දුසිම් භාගයක සර්කිට් බෝඩ් මත වයරින් කරන ලද සර්කිට් දුසිම් කිහිපයක් රූබ් ගොල්ඩ්බර්ග් යන්ත්‍රයකි.
http://awidda-paya.blogspot.com/
අද එය අමුතු දෙයක් වාගේ පෙනුනත්, මතකතබාගන්න ඒ පුද්ගලික පරිගණකයක් හදන්නත කලින් - ඊට පසු වසරේ ඇපල් මගින් නිෂ්පාදනය කරන ලද පළමු "ඔබටම සාදාගත හැකි" ඇපල් පරිගණක කට්ටලයක් ඩොලර් 666.66 ක මිලක් නියම වුණා.
http://awidda-paya.blogspot.com/
කැමරාව පමණක්ම එතිහාසික සිද්ධියක්, නමුත් ඔහුට එය නැවත පෙන්වීමේ පද්දතියක්ද සොයාගැනීමට සිදු වූ අතර ඩිජිටල් කැසට් පටයේ ඇති ඩිජිටල් තොරතුරු රුපවාහිනියක් මත "දැකීමට හැකි දෙයක් බවට" පෙරලීමට ඔහුට සිදු වුණා; ඒ ඩිජිටල් පිළිඹිබුවක්.
http://awidda-paya.blogspot.com/
"මෙය කැමරාවකට වඩා වැඩි දෙයක්" බ්රූක්ලීන්හී උපතලබා එහිම හැදී වැඩුණු සැසන් මහතා පවසා සිටියා. "එය ෆිල්ම් යොදා නොගත්, මුද්‍රණයට පේපර් යොදා නොගත්, වෙනත් අමතර උපාංග කිසිවක් කොහෙත්ම නැති, නිශ්චල පින්තූරයක් පෙන්විය හැකි, ඉලෙක්ට්‍රොනික් කැමරාව පිලිබඳ අදහස නිරුපණය කරන්න පුළුවන් ඡායාරුපකරණ ක්‍රමවේදයක්".
http://awidda-paya.blogspot.com/
කැමරාව සහ යලිපෙන්වීමේ පද්දතිය ඩිජිටල් ඡායාරුපකරණ යුගයේ ආරම්භය වුණා. නමුත් ඩිජිටල් විප්ලවය පහසුවෙන් කොඩැක් ආයතනයට ආවේ නෑ.
http://awidda-paya.blogspot.com/
"ඔවුන් පෙන්වා දුන්නේ කාටවත් කොහොමවත් තමන්ගේ පින්තූරයක් රුපවාහිනී තිරයේ දකින්නට උවමනා නැති බවයි"
http://awidda-paya.blogspot.com/
සැසන් මහතා ඒ පිලිබඳ ප්‍රදර්ශන මාලාවක්ම එහි සිටි ප්‍රවර්ධන, තාක්ෂණික සහ වෙළඳ දෙපාර්තමේන්තු විධායක කණ්ඩායම් සහ ඔවුන්ගේ ප්‍රධානීන් ගණනාවක් සහ ඔවුන්ගේද ප්‍රධානීන් වෙත දක්වන ලදී. ඔහු නිපදවන ලද ප්‍රවාහනය කල හැකි කැමරාව සාකච්ඡා කාමරය වෙත ගෙන ආ අතර එහි සිටින අයගේ පින්තූර ගෙන පෙන්වනට යෙදිනි.
http://awidda-paya.blogspot.com/
සැසන් මහතා ඒ පිලිබඳ ප්‍රදර්ශන මාලාවක්ම එහි සිටි ප්‍රවර්ධන, තාක්ෂණික සහ වෙළඳ දෙපාර්තමේන්තු විධායක කණ්ඩායම් සහ ඔවුන්ගේ ප්‍රධානීන් ගණනාවක් සහ ඔවුන්ගේද ප්‍රධානීන් වෙත දක්වන ලදී. ඔහු නිපදවන ලද ප්‍රවාහනය කල හැකි කැමරාව සාකච්ඡා කාමරය වෙත ගෙන ආ අතර එහි සිටින අයගේ පින්තූර ගෙන පෙන්වනට යෙදිනි.
http://awidda-paya.blogspot.com/
"පින්තූරය ගන්න ඒකට ගියේ මිලි-තත්පර 50යි, ඒ වුණාට කැසට් පටියේ ඒක රෙකොර්ඩ් කරන්න තත්පර 23ක් ගියා" සසන් මහතා පැවසුවා "මම කැසට් එක එලියට ඇදලා අරගෙන මගේ ගෝලයාට දුන්න ඔහු එය යලිපෙන්වීමේ උපකරණයට දැම්මා. තප්පර 30 කට විතර පස්සේ, දර්ශණය වුණේ පික්සල් 100යයි 100 යේ කළු සුදු පින්තූරයක්"http://awidda-paya.blogspot.com/
ඒවායේ තත්වය(Quality) දුර්වල වුවද, රෙසලුෂනය තාක්ෂණයේ දියුණුවත් සමග වේගයෙන් දියුණු වියහැකි බව සසන් මහතා ඔවුන්ට පැවසූ අතර එය දැනට පාරිභෝගික වෙළඳපොලේ තිබෙන 110 සහ 135 ෆිල්ම් කැමරා සමග කළහැකි බවද පවසා සිටියා. එකල වෙළඳපොලේ තිබූ ඉලෙක්ට්‍රොනික උපකරණයක් සමග සන්සන්දයට උත්සාහ කරමින්, ඔහු ඇඟවූවේ "හිතන්න එය කාචයක් සහිත සහිත එච්.පී. කැල් එකක් කියා". ඔහු මේ පින්තූර දුරකථන මාර්ග දිගේ යැවීම පිළිබඳවද කථා කළා.
http://awidda-paya.blogspot.com/ඔවුන්ගේ ප්‍රතිචාර ඉතා ඇල්මැරුණු ඒවා වුණා.
http://awidda-paya.blogspot.com/
http://awidda-paya.blogspot.com/"ඔවුන් පෙන්වා දුන්නේ කාටවත් කොහොමවත් තමන්ගේ පින්තූරයක් රුපවාහිනී තිරයේ දකින්නට උවමනා නැති බවයි" ඔහු පැවසුවා "හෝදපු පින්තූර අවුරුදු 100 විතර අපිත් එක්ක තියෙනවා, ඒ ගැන කවුරුවත් චෝදනා කරන්නේ නෑ, ඒවා ඉතා අඩු වියදමකට තියෙනවා, ඉතිං ඇයි කෙනෙකුට ඕන වෙන්නේ තමන්ගේ රූපේ ටීවී එකෙන් දකින්න ?"
ප්‍රධාන විරෝධය ඇති වුණේ, ප්‍රවර්ධන සහ වෙළඳ අංශ වලින්. කොඩැක් ආයතනය ඒ වනවිට නිල නොලත් අධිකාරියක් එක්සත් ජනපද වෙළඳපොල තුල අත්කරගෙන සිටි අතර ඡායාරුපකරණයේ හැම පියවරකින්ම මුදල් උපයමින් සිටියා. ඔබගේ දරුවාගේ උපන්දින ඡායාරුපය ගැනීමට ඔබට උවමනා වුනානම් එය කොඩැක් ඉන්ස්ටමැටික්, කොඩැක් ෆිල්ම් සහ කොඩැක් ආලෝක කැට(Flash Cube) භාවිතා කිරීමට වනවා. ඔබ එය මුද්‍රණයට එක්කෝ ඔසුසල කෙලවරේ ඇති ස්ථානයට හෝ ඔබගේ ඔබගේ ෆිල්ම් රෝල කොඩැක් වෙත තැපැල් කොට එහි මුද්‍රණයන් කොඩැක් කඩදාසිය මත කොඩැක් රසායනාගාර වලින් ගෙන්වා ගනු ඇත.
http://awidda-paya.blogspot.com/එය අනර්ඝ වෙළඳ ආකෘතියක්.
http://awidda-paya.blogspot.com/
ඩිජිටල් ඡායාරුපකරණය කවදා තරගයක් දිය හැකිද යන්න එහි විධායකයන් ප්‍රශ්න කලවිට සැසන් මහතා ප්‍රයෝජනයට ගත්තේ මුවර්ගේ නීතියයි(පරිගණක වල සැකසුම් වේගය සෑම වසරක දෙගුණ වේ) එය අනුමාන කරන්නේ ඩිජිටල් තාක්ෂනය කෙතරම් වේගයකින් ඉදිරියට ගමන් ගන්නවාද යන්නයි.ඔහුට 110 වර්ණ නෙගටිව් පටයක් සමග තරග කිරීමට පික්සල් මිලියන 2ක පින්තූර ගැනීමේ හැකියාව අවශ්‍ය වන අතර, ඔහු ඇස්තමේන්තු කලේ වසර 15 හා 20ක් අතර කාලයක් ගත වන බවයි. කොඩැක් ආයතනය තමන්ගේ ඩිජිටල් කැමරාව එලි දක්වන්නේ ඊට වසර 18කට පසුවයි.
http://awidda-paya.blogspot.com/"ඔබ විධායකයින් සමුහයක් සමග අවුරුදු 18 සිට 20 වගේ අනාගතයක් දේවල් කථා කරනකොට, ඒ කිසිවෙක් ඒ වනවිට සමාගමේ ඉන්නේ නෑ, ඒ ගැන ඔවුන් එකෙන් කලබලයට පත් වෙන්නේ නෑ" ඔහු පැවසුවා "නමුත් ඔවුන් මට දිගටම ඩිජිටල් කැමරා, පින්තූර සම්පීඩනය(Compression) වගේම මෙමරි කාඩ් පිළිබඳව දිගටම වැඩ කරන්න ඉඩ සැලසුවා"http://awidda-paya.blogspot.com/
ඩිජිටල් කැමරාවක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නේ 1978දී. එය නම් කරනු ලැබුයේ ඉලෙක්ට්‍රොනික නිශ්චල කැමරාව ලෙසයි.නමුත් සැසන් මහතාට එය පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කිරීමට හෝ ඔහුගේ ආකෘතිය කොඩැක් ආයතනයෙන් පිට කිසිවකුට පෙන්වීමට අවසර ලැබුණේ නෑ.
http://awidda-paya.blogspot.com/
1989 සැසන් මහතා සහ ඔහුගේ මිතුරු රොබර්ට් හිල්ස් පළමු ඩිජිටල් තනි-කාච ප්‍රතිචායා(digital Single-lens Reflex - DSLR) කැමරාව නිපදවනවා, එය අද පවතින වෘත්තීය මාදිලි වලට පෙනුමෙන් සමානයි. එහි මෙගා-පික්සල් 1.2 සෙන්සරයක් අඩංගු වුණ අතර චායා සම්පීඩනය සහ මෙමරි කාඩ් භාවිතා වුණා.
http://awidda-paya.blogspot.com/
http://awidda-paya.blogspot.com/
ඊකෑම්(ඉලෙක්ට්‍රොනික් කැමරාව) ලෙසින් නම්කළ 1989 සංස්කරණයේ ඩිජිටල් කැමරාව. මෙයට එක්සත් ජනපදයට පදනම් වූ පේටන්ට් පත්‍රයක් නිකුත් කරන්නේ 1991 මැයි 14 වනදා |
නමුත් කොඩැක්හී ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව ඒ පිලිබඳ උනන්දුවක් ගත්තේ නෑ. ඔවුන් සැසන් මහතාට පවසා සිටියේ ඔවුන්ට කැමරාව විකිණිය හැකි මුත්, එසේ නොකරන බවයි. ඒ එය සමාගමේ ෆිල්ම් වෙළඳාම කාබාසිනියා කරන නිසා නිසා බවයි.
http://awidda-paya.blogspot.com/
"අපි ඒ කැමරාව හදපු ගමන් ඒ තර්කය ඉවර වුණා" සැසන් මහතා පවසා සිටියා "ක්ෂණයකින් ඒත් කොඩැක් ආයතනය එය වැළඳ ගත්තේ නෑ. එම කැමරාව දවල් එලිය (ඉක්මන් වුණේ)දැක්කේ නෑ"
http://awidda-paya.blogspot.com/
මේ දක්වා, 2007 දී එය එක්සත් ජනපදයේ කල් ඉකුත් වනතුරුම එම පේටන්ට් පත්‍රය, එහි අයිතිය දැරූ කොඩැක් ආයතනයට බිලියන ගණනාවක් උපයා ගැනීමට උදව් වුණා - සැසන් මහතාට නොවේ. එම තාක්ෂනය භාවිතා කිරීම වෙනුවෙන් බොහෝ ඩිජිටල් කැමාරා නිෂ්පාදකයින් කොඩැක් වෙත ගෙවුවා. කොඩැක් ආයතනය වෘත්තීය සහ පාරිභෝගික වර්ග දෙකේම කැමරා වෙළඳාම සිදු කලත්, ඩිජිටල් ඡායාරුපකරණය ඔවුන් වැළඳ ගත්තේ ඉතාම ප්රාමදවයි.
http://awidda-paya.blogspot.com/
"විකුනන හැම ඩිජිටල් කැමරාවකින්ම ෆිල්ම් කැමරාවක් පැත්තකට විසි වුණත් අපි දැනගෙන හිටියා අපි කොච්චර ගානක ෆිල්ම් වෙළඳාමෙන් හෙවුවද කියලා" සැසන් මහතා පවසා සිටියා "එය තමයි තර්කය. ඇත්තවශයෙන්ම ඉතා ඉක්මනින්ම ෆිල්ම් රෝල් විකුණන්න බැරි වෙනවා. මම හිටියේ එතැන"
http://awidda-paya.blogspot.com/
සැසන් මහතා නිර්මාණය කල පලමු ඩිජිටල් කැමරාව ඇමරිකානු ඉතිහාසය පිලිබඳ ස්මිත්සන්ස් ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. ජනාධිපති ඔබාමා ඔහුට තාක්ෂනය සහ නවෝත්පාදනය සඳහා වන ජාතික මෙඩලය වයිට් හවුස් හීදී උත්සවාකාරයෙන් ත්‍යාග කළා 2009දී.
http://awidda-paya.blogspot.com/
වසර තුනකට පසුව, ඊස්ට්මන් කොඩැක් ආයතනය බංකොලොත් වුණා.
http://awidda-paya.blogspot.com/
නිව්යෝර්ක් ටයිම්ස් ඇසුරින් www.brw.com.au හී ඵලවූ "In 1975, this Kodak employee invented the digital camera. His bosses made him hide it" ලිපියේ පරිවර්තනයකි. නිල් පාටින් දක්වා ඇත්තේ මා එකතු කරනලද පැහැදිලි කිරීම්ය.
http://awidda-paya.blogspot.com/ඔවු
adamai dana gatte bohomathma stutiy.
ReplyDeleteමේ ඉංග්‍රීසි ලිපිය කියවනකම් මමත් දන්නේ නෑ. මම හිතන්නේ මේක ලෝකයටම රහසක් වෙලා තිබුණ දෙයක්.
Deleteබොහෝ වෙලාවට දෙයක් හොයාගත්තාට ඒක මාකට් කරගන්න දැනගත්තෙ නැත්තං ඉතිං වැඩේ හබක් තමයි..
ReplyDeleteවැඩේ තියෙන්නේ අමිල මේක අපේ මිනිස්සු වගේ උන්ගේත් අයිතිකාරයෝ හැසිරිලා තියෙන්නේ. හැබැයි සැසන් ඉවසන්නේ නැතිව තනියම ගියානම් මීට වඩා හොඳයි.
Deleteඉතා වටිනා විස්තරයක්. කාගේත් අවධානයට යොමු නොවුන මාතෘකාවක්. ස්තුතියි සුදීක.
ReplyDeleteපිලිඹිබුව නෙවෙයි පිලිබිඹුව. පද්දතිය නෙවෙයි පද්ධතිය.
මටත් අහම්බෙන් හම්බ වුණේ. ලිපිය දිග නිසා අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙන්න බැරි වුණා. ක්‍රෝම් අවුලත් ඒ වගේම තමයි.
Deleteක්‍රෝම් අවුල හරිගියේ නැත්නම් මගේ අඩවියේදී නිමෝ කියලා දුන්න මෙන්න මේ විසඳුම කරන්න. මේ විසඳුම මගින් මගේ ක්‍රෝම් ප්‍රශ්නය හරියටම විසඳුනා. මෙන්න නිමෝ කියපු දේ.
Deleteනි මෝFebruary 14, 2016 at 11:12 PM
තාවකාලික විසදුමක්
______________
හරියට විසදුමක් හොයා ගන්නකන් කැමති අය මේ පරණ වර්ෂන් එක අරගෙන බලන්න.
ප්‍රතිකර්මයක් හොයාගන්නකන් කැමති අය මේක පාවිච්චි කරන්න. මේ වර්ෂන් 47.
32 බිට් හා 64 බිට් දෙකම තියෙනවා.
පරණ එක අයින් කරලා, මේක ඉන්ස්ටෝල් කරලා, රිස්ටාර්ට් කරලා ගන්න.
32 බිට් (42MB )
http://www.mediafire.com/download/8fyyw83pg53dq85/47.0.2526.111_chrome_installer.exe
64 බිට්(47MB )
http://www.mediafire.com/download/wkjn15nqf45fqb3/47.0.2526.111_chrome_installer_win64.exe
මේ බේත හරියටම හරි මගෙ ක්‍රෝම් අවුල හරිගියා.ටැංකියු විචා,ටැංකියු නිමෝ.
Delete//හරි මගෙ 'ක්‍රෝම්' අවුල // එතකොට මට මෙහෙම පෙන්නේ මගේ අවුල නිසාද?
Deleteඇමරිකාව ලංකාව කියලා වෙනසක් නෑනේ තමන්ගෙ වාසියට තමයි වැඩ කොඩැක් කාරයා හොද බිස්නස් මොලයක් තියෙන පොරක් වගෙ දැනගෙන ඉදලා තියෙනවා කෙලවෙන්ට යන්නෙ කියලා මුල ඉදලම (තිතක්)
ReplyDeleteඇත්තටම ඒ කාලේ ඩිජිටල් කැමරාව හැදුවනම් වැඩක් වෙන්නේ නෑ. අද පරිගණකය තියෙන නිසා තමයි ඒක භාවිතාවට පහසු. ඒ වගේම ඩිජිටල් වලින් ගත්ත පින්තූර මුද්‍රණයත් තියෙනවා. ඒ කාලේ අආවානම් ආයේ නොඑන්නම යන්න තිබුණා සමහරවිට. ටී වී එකවත් දියුණු නැතිව මිනිස්සු ග්‍රහණය කර ගන්නේ නැති වෙන්න තිබුණා. නමුත් සැසන් දැක්ක ඉදිරිය පුදුමාකාරයි.
Deleteමේවගේ දෙයක් ගැන පෞද්ගලික අත්දැකීමක් මට තියෙනවා. ලංකාවට ඩිස්පෝසබල් රේසර් එන කාලයේ මම හිටියේ එවකට ලංකාවේ බ්ලේඩ් තල නිපදවීමේ ඒකාධිකාරය තිබුණු සමාගමේ. ඒ පිළිබඳව සාකච්චාවකදී තරමක් වයසක වෙලඳ කළමණාකරු කීවේ පාවිච්ච්කර දින කීපයකින් අහක දාන රේසර් එකක් ලංකාවේ කිසිම දිනක ජනප්‍රිය නොවන බවයි. අවුරුදු කීපයකට පසු එම සමාගම් සමූහය බංකොලොත් වුණා. හේතුව පාවිච්චි කර අහක දමන රේසර්.
ReplyDeleteමිනිස්සු තමන්ගේ පූර්ව නිගමන වලට එල්බිලා ඉන්න එකට තවත් උදාහරණයක් තමයි ඕක. ඕනෑම ජනප්‍රිය දෙයකට වුණත් විකල්පයක් තියෙන්න පුළුවන් කියන එක තමයි විශ්වාස කරන්න ඕනේ. අපි ඇත්තටම දන්නේ නෑ පාරිභෝගිකයා මේක කොහොම ග්‍රහණය කර ගනීද කියන එක. එතැනදී දුර දක්නා නුවණ අවශ්‍යයි. බලන්න මෙහෙම කිව්වනම් කොහොමද "අපි ලතව මාස තුනකින් බ්ලේඩ් තල නිෂ්පාදනය නවත්වනවා. අපේ අලුත් නිෂ්පාදනය මේක. ඒ නිසා මේකට පුරුදු වෙන්න" මුලින් නොමිලේ එකක් දුන්නත් පාඩු නෑ. ඉස්සර ඒ වගේ දේවල් අමාරුයි. බලන්න දැන් වින්ඩෝස් xp සහ විස්ටා සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනය සේවා සැපයීම නවත්වලා. ඒත් මිනිස්සු වද වෙන්නේ නෑ.
Deleteමේ ඉයන් කියන දේ අහලා අඬන්නද, හිනාවෙන්නද කියා හිතා ගන්න බෑ.
Deleteමොකද ඉස්සෙල්ලා පාවිච්චි කරපු දැළි පිහි වෙනුවට ඔය බ්ලේඩ් තල ආව කතාව අහලා තිබිලා නෑ වගෙයි මේ ලංකාවේ බ්ලේඩ්තල කොම්පැනියේ අය?
අනාරක්‍ෂිත දැළි පිහි වෙනුවට ඒ ආරක්‍ෂිත රේසර් සහ පාවිච්චි කර ඉවත විසි කරන බ්ලේඩ් හැදුවේ ගිලට් (King Camp Gillette) කියන පුද්ගලයායි. දැනටත් ඉවත දමන රේසර් හදන ප්‍රධාන සමාගමත් ඔවුනුයි.
ඉයන් කියන යුගයේ ප්‍රවර්ධන කටයුතු අද වගේ තරගකාරී නැතිව ඇති. මගේ විශ්වාසෙ නම් නිර්මාණශීලී දැන්වීමකට ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
Deleteනොදැන සිටි විස්තරයක්.
ReplyDeleteඅර කිව්වත් වගේ ඕක ඒ කාලෙ ආවනං මිනිස්සු අතරට නොයා ඉන්න තිබ්බ. මොකද තාක්ෂණික අතින් මිනිස්සු ඒ දවස්වල දියුණු නැති නිසා.
ඒකත් අර කාලය, ද්වීපය, දේශය වගේ තමයි. මේ කැමරාව ඇවිත් වැඩක් නෑ, මේක බලන්න තරම් හොඳ (අඩුම ගානේ එල්.සී.ඩී) ඩිස්ප්ලේ එකක් නැතිව. මේවා මුද්‍රණයට අවශ්‍ය පහසුකම් නැතුව. ඒ කියන්නේ මේ කැසට් එක දාලා ෆොටෝ ප්‍රින්ට් කරන්න. හැබැයි එහෙම ගියානම් මොනවා හරි වෙන්න තිබුණා. මට මතකයි එක්දාස් නමසිය අසු ගණන් වල අපේ පැත්තේ ආපු සුද්දෝ අරන් ආව පොලාරොයිඩ් කැමරා. ගහපු ගමන් ෆොටෝ එක එලියට එනවා. විනාඩි කිහිපයකින් ෆොටෝ එක මතු වෙනවා. කල් පැවැත්ම ටිකක් අඩුයි.
Deleteමේ විස්තරයනම් දැනගත්තේ අදයි. ස්තුතියි සුදීක
ReplyDeleteඑක පැත්තකින් ටෙස්ලා. අනිත් පැත්තෙන් මේ අහිංසකය.
Deleteමේ ආකාරයේ දැනුම සපයන ලිපි සිංහල බ්ලොග්වලට වටිනාකමක් එකතු කරනවා . ජය !
ReplyDeleteවෙහෙස නොබලා පරිවර්තනය කලේ ඒ බව දැනුන නිසා.
Deleteෆිල්ම් රෝල් නිෂ්පාදනය පාඩු වන විටම මෙමරි කාඩ් නිෂ්පාදනය කරා යොමු වුවා නම් සමාගම තව කාලයක් තියෙන්නේ තිබ්බානේ.
ReplyDeleteදැන් හැමෝගෙම අතේ කැමරා තිබ්බත් ස්ටුඩියෝ නැති වෙලා හරි අඩු වෙලා හරි නැහැනේ.තාක්ෂනය එක්ක එව්වත් හැඩගැහිලා.
මේක බොහොමයක් අයට වෙච්ච දෙයක්, සුප්‍රකට අයි.බී.එම් සමාගම ඒ කාලේ කම්පියුටර් හදන්න මැලිකම් දක්වලා තියෙනවා. ඔවුන් මුලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ ටයිප්රයිටර්.
Deleteස්තුතියි
ReplyDeleteදැන් උඹ මැනර්ස් එහෙමත් දන්නවා එහෙනං
Deleteඉතිහාසය ඇතැම් නිර්මාණකරුවන්ව බලෙන්ම වගේ හංගලා දාලානේ.
ReplyDeleteඔව්. මම හිතන්නේ අපි දන්නේ බොහොම පොඩ්ඩයි කියලා.
Deleteමේ විස්තරය දැනගෙන හිටියේ නැහැ මේ ලිපිය කියවනකම්.. අද අපි මේ පාවිච්චි කරන තාක්ෂනය ඇතුලේ කොයි තරම් දක්ෂයින් අසාධාරණයට, පීඩනයට පත්වෙන්න ඇතිද කියල හිතුන.
ReplyDeleteලෝකේ හැමතැනම රිසර්ච් වල තියන දදුක්ඛිත පැත්ත ඕක තමයි. ඉහලින් ඉන්න මිනිස්සු දක්ෂයාට මතුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ වගේ දේවල් සම්භන්ධව මට පුද්ගලික අත්දැකීම් තියෙනව ඕනෑතරම්. ඒත් ඒව කිව්වට මිනිස්සු පිළිගන්නේ නැහැ එයාල හිතන් ඉන්න දැවැන්ත චරිත ඇතුලේ ඉන්නේ බොහොම පහත ගති පැවතුම් තියන පුද්ගලයින් කියල පිළිගන්න.
සහතිකෙන්ම ඔව්. අපි හිතන්නේ මේවා අපේ වගේ ආසියාතික රටවල විතරක් වෙන වැඩ කියලා. අර ටෙස්ලාගේ කතාව කියෙව්වම ඇඩෙනවා. මේ වගේ මිනිස්සු බිහි වෙන්නේ කළාතුරකින්. එහෙම මිනිසුන්ව සඟවා තැබීම මහා පාපයක්.
Deleteමේකට යමක් එකතු කලොත්, කොඩැක් සමාගම ඉන් පස්සෙ බංකොලොත් බවින් ගොඩ ආවාන් විකිපීඩියා බලන්න.
ReplyDeleteඊස්ට්මන්ට වෙලා තියෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය කරුමේ වගේ එකක්. පස්සේ පෙර පිනක් තිබිලද කොහෙද.
Deleteස්තුතියි...
ReplyDeleteජ ය වේ වා !!!
නැවත එන්න !!!
Deleteදන්නේ නැති විස්තර ගොඩක්. ස්තූතියි සුදීක...:)
ReplyDeleteනැවත එන්ට. :)
Deleteමිනිහගේ මුණ දැක්ක ගමන් පේනවා පට්ට වැඩ්ඩේක් කියලා.. වෙලාවට ලෝකේ ඉඳල හිටලා හරි ඒ වගේ ඩයල් ඉපදෙන්නේ.. හැමදාම අපි වගේ කම්මැලියෝම ඉපදුනානම් අදටත් අපි ගල් යුගේ.. :)
ReplyDeleteඅර පහලින් ගස්ලබු කියනවා වගේ පොඩ්ඩක් රැඩිකල් වුණානම් අපි ඩිජිටල් වෙන්නේ දශක දෙකකට විතර කලින්.
Deleteඕක තමා මහාචාර්ය අබ්දුල් කලාම් කිව්වේ Don't Love your company කියලා..
ReplyDeleteඅහලවත් නොතිබුන කතාවක් සුදීක.. ස්තූතියි...
ඒ කතාව සහතික ඇත්ත. මට දුක සැසන් කඩාගෙන නොගිය එක.
Deleteකඩතුරා හැර දැක්වීමක්.. සාමාන්‍යයෙන් ඔය අළුත් අළුත් වැඩ කරන බුවාලට පිස්සු ගතියත් එක්කම පට්ට හිතුවක්කාර ගතියක් තියෙනවා.. මෙයාට ඒ හිතුවක්කාර බව තිබිලා නෑ වගේ.. අන්තිමට පොඩි හරි සාධාරණයක් උන නිසා හොඳයි.
ReplyDeleteජයවේවා..!!
හිතුවක්කාර වුනානම් ලෝකෙට තාක්ෂණය ලැබෙනවා. සමහරවිට පරිගණක වල දියුණුවත් මීට වඩා වේගවත් වෙනවා.
Deleteකොඩැක් විනාශවීම සිද්ධවුණේ පරිණාමය හරියට සිද්ධ නොවුණු නිසා.ඔවුන් සෑමවිටම සිතුවේ තමන්ගේ වෙළඳාම ඔවුන්ව ඔසවා තබනු ඇතිය කියා ය. මදක් සිතන්න, ඔවුන් ඩිජිටල් කැමරාවක් නිපදවූවා නම් ඒ කැමරාව සහ ඊට අවශ්‍ය අනිකුත් උපාංග නිපදවීම හරහා ලාභ ලබන්නට තිබුණා, නමුත් එය එසේ නොවන්නට ඔවුන්ගේ දැඩි ප්‍රතිපත්ති බලපෑවා.
ReplyDeleteඊස්ට්මන් හිතාගෙන ඉන්න ඇත්තේ, මොනවා කරත් ෆිල්ම් රෝල් නැතුව බැරි වෙයි කියලා. පරිගණකයේ සහ ජංගම දුරකතනයේ දියුණුවත් එක්ක එයා නොහිතපු දෙයක් වුණා. මොනවා වුණත් මිනිහා පේටන්ට් එකෙන් ගොඩ ගියා. කඩයක් කරලා සල්ලි හොයනවට වඩා, කඩේ කුලියට දීලා ලාබෙට වඩා ගාණක් ගන්න එකත් වෙලාවකට හොඳයි. නමුත් මිනිහට කර්මේ බලපෑවා.
DeleteThank you
ReplyDeleteCome Again :)
Delete