Thursday, August 1, 2013

ගිය ඉරිදා "මා ආ මග" ට සවන් දෙන්න බැරි වුන අයට ....

කාලාන්තරයක් තිස්සේ කරපු උත්සාහයක ප්‍රතිඵලයක් විදියට හරියටම පහුගිය ඉරිදා රාත්‍රී 8:30 ට බස් රේඩියෝවේ "මා ආ මග" වැඩසටහනට සම්පත් දායකයා විදියට එකතු වෙන්න මටත් පුළුවන් වුණා. බොහෝ දෙනෙකුට ඒක සජීවීව අහන්න බැරි වුන බව දැනුම් දීලා තිබුණා. ඔන්න ඒ අයගේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න අවස්ථාව ඇවිත්. මේ වැඩසටහනේ භාරදුර කාර්යයක් ඉටු කරන තිසර මධුවන්ත නොහොත් සිහින මල්ලි අද උදේම මට ඒ ලින්ක් ටික එවලා තිබුණා. 

මේක කොටස් හතරකින් තියෙනවා. හැබැයි මම තෝරපු සිංදු ටික නම් ඉවත් කරලා. ප්‍රමාණය අඩු කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. සින්දු ටිකේ ලින්ක් ටිකත් මම දාන්නම්.



මේකෙදී විශේෂයෙන්  ස්තුති කරන්න ඕනේ කිහිප පලක්ම  ඉන්නවා. මේ වැඩසටහනට ගැන මුලින්ම කිව්වේ අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිදානේ. ඒ වෙනකොට ලක්මාල් එක්ක රසික නානායක්කාර    නොහොත් රණා මේක ගැන මුලික අදහස සාකච්ඡා කරලා තිබුණා. මගෙන් අටමා ඇහුවා මේකට සහභාගී වෙන්න කැමතිද කියලා. පස්සේ රණා එක්ක කාලයක් තිස්සේ කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් මල්ඵල ගැනීමක් විදියට තමයි පහුගිය 28 වෙනිදා සම්පත් දායකයා විදියට මාව තෝරා ගත්තේ. ඇත්තටම ඒ වැඩේදී රණා දක්වපු උනන්දුව පැසසුම්සහගතයි.

බොහෝ කාලයක් මේ වැඩසටහන මෙහෙයවන්නා විදියට කටයුතු කරන දුලිප් සිකුරාජපති නොහොත් ඕනයා දැඩි කැපවීමක් කරලා තමන්ගේ මිතුරකුගේ නිවසේ ඉඳන් තමයි වැඩසටහන මෙහෙයවීම කලේ. ඉතිං ඕනයාටත් ස්තූතිවන්ත වෙනවා දක්වපු උනන්දුව සහ ඉතාමත් රසවත් විදියට සහ මිත්‍රශීලී විදියට ඒ වැඩසටහන කරපු ආකාරයට.

මේ වගේ  තාක්ෂණික ක්‍රියාවලියක් පිටුපස්සේ ඉන්න කුඩා සිරුරක් තිබ්බත් අයෝමය පුද්ගලයා වෙන්නේ තිසර මධුවන්ත. දන්නා භාෂාවෙන් කිව්වොත් සිහින මල්ලී. මේකේ පර්යේෂණ කාලයේදී ඉතාමත් ලොකු උත්සාහයක් ගත්තා ස්කයිප් වලින් එන කෙනෙක්ව කෙලින්ම වැඩසටහනත් එක්ක සම්බන්ධ කරන්න. ඉදිරියේ දවසක අපිට ඒ පහසුකමත් අත්විඳින්න ලැබෙයි. ඉතිං තිරය පිටුපස්සේ ඉඳන් කරන ඒ සේවය අපි කවුරුත් අගය කරන්න ඕනේ. මේ පර්යේෂණ කාලේ උදව් කරපු නෙරංජි  ටත් අපේ ස්තුතිය හිමි වෙන්න ඕනේ.

ඇත්තටම මේ වැඩසටහන යත්දී බස් රේඩියෝව මම දාගෙන හිටියේ නෑ. ඒ සමග එකතු වෙලා ශ්‍රවණය කරපු සියලු දෙනාටත්, ඒ හරහා ඉතා වැදගත් ප්‍රශ්ණ ගොඩක් යොමු කරපු අයටත් මගේ ස්තුතිය හිමි වෙන්න ඕනේ. මට මේකේ නිෂ්පාදන අංශයෙන් යොමු කරපු ප්‍රශ්ණ වලට තමයි මම පිළිතුරු දුන්නේ. තව මොනවා හරි ප්‍රශ්ණ තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට යොමු කරන්න. හැකි විදියට පිළිතුරු දෙන්නම්. 

එතනදී සජීවීව එකතු වෙච්ච සමකය වටේ බ්ලොග් අඩවියේ නිර්මාතෘ නලීන් දිල්රුක්ෂ ට, ජපානයේ සිට එකතු වෙච්ච කෙන්ජි, අපේ බ්ලොග් සහෘද්ධ මාතලන්, මේ වැඩසටහනේ එක් දිගහැරුමක් මෙහෙයවපු වැපා, නවෝද්‍යා,  මනුර තමෙල්, එංගලන්තයේ ඉඳගෙන ශ්‍රවණය කරමින් ප්‍රශ්ණයක් යොමු කරපු මගේ බාල සහෝදරයා සොමීන්ද්‍ර  ටත් ස්තුති කරන්න කැමතියි. ඒ වගේම යම් අතපසු වීමකින් මෙහි නම් සඳහන් කිරීමට නොහැකි වූ, මෙයට සක්‍රීයව දායක වෙච්ච සියලු දෙනාටත් මගේ ස්තුතිය එක් කරන්න කැමතියි. 

අවසාන වශයෙන් බස් රේඩියෝවේ සියලු දෙනාටත් මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.   

මේ වැඩසටහනේදී අපිට අහන්න ලැබුණේ මම ඉල්ලපු ගීත වලින් කිහිපයක් පමණයි. හේතුව තමයි ඔබගේ ප්‍රතිචාර වැඩි කම. නමුත් අපේ වැඩසටහන කරපු නිෂ්පාදක කණ්ඩායම මේ වැඩසටහන හරියටම වෙලාවට පටන් ගෙන වෙලාවටම අවසන් කළා. කාලය පැය දෙකක් හරියටම ගත්තේ. ඒකත් අගය කරන්න ඕනේ දෙයක්. මේකේ මම කැමතිම ගීතය තිසර හොයාගෙන තියෙන්නෙත් බොහොම අමාරුවෙන්. මම හිතන්නේ තිස්ස දොඩන්ගොඩ වෙන්න ඕනේ ගීතය ලබා දුන්නේ. ඒ "නිදිකුම්බා මල් කැකුලී" කියන ගීතය. ඒක මියුරු ගී වල තියෙනවා. ඒ ලින්ක් එක තමා මම මෙතන දාලා තියෙන්නේ. තිසර පුළුවන් නම් ඒ ගීතය මට එවන්න. 










මෙතනට ගිහින් සනත් නන්දසිරි ගායකයාව තෝරන්න
එතන ගීත අංක 276





සඳෙන් එහා කඳු මුදුන් නිවී - මිල්ටන් මල්ලවාරච්චි

ප.ලි. : මේකේ ප්‍රමුඛ කාර්යභාරයක් කරපු ලිෂාන් පුවක්ඕවිට මගේ මිත්‍රයට ස්තූති කරන්න මට එදත් අමතක වුණා, අදත් අමතක වුණා. මම ලිශාන්ගෙන් සමාව අයදින ගමන්ම, මේ සඳහා අලංකාර බැනර් එක නිර්මාණය කරපු ලිශාන්ට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. 

48 comments:

  1. පැය දෙකක් අහන්න ඉන්න කියලයි ඔහේ කියන්නේ.. මේ පැය අටෙන්ම.. හෙට ගෙදර ඇවිත් මාව හමු වෙන්න එහෙනං නෝ ජොබ් කොම්පැනියට එකතු උනාම.. හැක්.. හැක්.. ජය වේවා

    බස් රේඩියෝ මම අහල නෑ ඒ ගැන නොදනී. හැබැයි ඒ ගැන ඇති වෙන්න අහල තියෙනවා. ඒ උනත් ඒ පිරිවරේ මෙහෙය අගය කරන්න ඕන.. බස් රේඩියෝ සම්පුරුණ සෙට් එකේම නං ගං බ්ලොග් අරව මේවා විස්තර විචාරයක් වෙලාවක කරන්ටකෝ සුදීක... ජය වේවා අපිව කම්බස් කරන බස් රේඩියෝ එකටත්..

    ReplyDelete
    Replies
    1. මේක අහන්න බැරි වුණ. ඒත් අහන්න කැමති අයගේ පහසුවට තමයි මේක අප්ලෝඩ් කරේ.

      වරුවේ හීයට ගිහින් වත්තේ හතරමායිම හොයන්න හොඳ නෑ කියලා කියමනක් අහලා ඇතිනේ. ඒ වගේ එතන තියෙන ප්‍රශ්ණ මට අදාළ නෑ.

      Delete
  2. යකෝ දැන් බස් රෙඩියොවේ ඉන්ටව් එකකට යන්න ඔච්චර කට්ට කන්ඩ ඔනේද ෂා ඒ කියන්නේ අපේ බස් රෙඩියෝව දැඩි ඉල්ලුම් කාරි තත්වයකට ඇවිත් එලනේ...

    ReplyDelete
    Replies
    1. ඒ හැටි කරදරයක් නෑ මචං. වැඩේ වුණේ අපි කට්ටියට එක වෙලාවකට මුණගැහෙන්න තිබ්බ අමාරුව.

      Delete
    2. මෙතන උත්සාහය කිව්වේ මගේ උත්සාහය නොවෙයි, බස් රේඩියෝ අයගේ උත්සාහය.

      Delete
  3. මුලින්ම අහන්න තියෙන්නේ මොකද සුදීක අයියේ මෙච්චර මහප්‍රාණ මේ පෝස්ට් එකේ.. ඕනෙ තැනයි එපා තැනයි හැමතැනම මහප්‍රාණ.... පොඩ්ඩක් ආයිත් කියවලා බලන්න.

    ලින්ක් දෙක පස්සේ තමයි අහන්න වෙන්නෙ.. ඒත් අනිවා අහනවා...

    ReplyDelete
    Replies
    1. මේකේ ඒ හැටි දෙයක් නෑ.

      Delete
  4. එදා හරිම ජොලි රැයක් අපට නං.

    ReplyDelete
    Replies
    1. නැත්තං. නැත්තං.

      Delete
    2. ඇත්තටම මට හුග කාලෙකින් මුණගැහුනු සමීපතමයන් සමග ගෙවුනු විනාඩි කීපයක් කියල ඒ සෑ මගෙ මතකයෙ රැදේවි.
      මෙවැනි වැඩ සටහන් දිගටම කලොත් අප කවුරුත් ගොඩක් සමීප වෙයි කියල හිතනව.

      Delete
    3. ඇත්තටම කෙන්ජි සජීවීව සම්බන්ධ වුණ එක සතුටක්.

      Delete
  5. මටත් බස් රේඩියෝව අහන්න පුළුවන් කොරමය පොඩ්ඩක් කියලා දෙනවලකෝ අයිබෝවන්ලා ......... කලින් සුදික යනවයි කියල දැන්මම මම හිතුවේ ලංකාවේ ගත්ත රෙදිඕ චැනල් එකක් කියලා

    ReplyDelete
    Replies
    1. මේක වෙබ් එකේ යන එක මැලේ

      www.buzzradio.lk

      Delete
  6. මම ආවේ බොහොම පරක්කු වෙලා හොඳටම මහන්සි වෙලා උන්නේ. ඒත් නැගලම ගියා. සින්දු සිලෙක්ෂන් එක නම් පට්ට. නිදිකුම්බා මල් කැකුලී ආස සින්දුවක් උනාට තේරුම දැන ගත්තේ එදා...

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන සමහර සින්දු අද කාලේ වැඩිය නෑසෙන නිසාම තමයි මම තෝරා ගත්තේ.

      Delete
  7. සුදික, PayPal වලින් ගනදෙනු කිරීමට අනාගතේදී ලැබේ කියලා බලපොරෝතුවෙමු . ඒ ගැන මහ බැංකුවේ නිලදාරීන් කියලා තිබුනා .

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකෙන් රටට වෙන කිසි හානියක් නෑ. දැන් වෙන්නේ රටෙන් පිටට මුදල් ගලා යන එක විතරයි. අනිත් පැත්තට එන්න නම් මේක කඩිනමින් ඇති වෙන්න ඕනේ.

      Delete
  8. අහලා බලන්නම් ...

    ReplyDelete
    Replies
    1. මේක නෑහුවත් මොකේ, උඹේ බ්ලොග් එක ලියනවනම්.

      Delete
  9. Replies
    1. උඹ ඉතිං අහන, කියවන එකා මිසක් ලියන එකෙක්යැයි.

      Delete
  10. ඔන්න ඩවුන්ලෝඩ් කලා.. නිදහසේ අහනව දැන්..

    අර සින්දු සෙට් එකෙන් වැඩි හරියක් මාත් කැමති ඒවා.

    ReplyDelete
    Replies
    1. ඩවුන්ලෝඩ් කලානම් අප්ලෝඩ් කරන්නත් වෙයි වගේ. මේ ලින්ක් එක බ්ලොච්ක් කරලා.

      Delete
    2. එහෙම සීන් එකක් ද.. මං නම් අවුලක් නැතුව බා ගත්ත.

      Delete
    3. මල්ලි කොහෙට හරි අප්ලෝඩ් කරලා ලින්ක් ටික එවපන්.

      Delete
    4. ආ..මං ඩවුන්ලෝඩ් කලේ එක කොටසයි මං හිතන්නෙ. ඒක නම් ඔය තියන්නෙ තවමත්.

      http://www.hulkshare.com/vuow47i5uwow

      Delete
  11. මමත් අහලම කොමෙන්ට් එකක් දාන්නම් ..

    ReplyDelete
    Replies
    1. පොඩි තාක්ෂණික ගැටළුවක් තියෙනවා නිවැරදි වූ වහාම දැනුම් දෙන්නම්.

      Delete
  12. කෝ අහන්න ලිංක් එකක් නෑනේ... නිදිකුම්බා මල්කැකුලී ගොඩක් පැරැණි ගීයක් කාලෙකට පස්සේ ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි ගැටළුවක් තියෙනවා. හවස හොඳට තිබ්බා. ඒ URL එක බ්ලොක් කරලා.

      Delete
  13. සිංදු තේරීමනම් පට්ට .
    හොඳ රසවින්දනයක් තියෙන මාමා කෙනෙක් . හි හි හි හි හි හි ........

    ReplyDelete
  14. බොහෝම ස්තුතියි ලස්සන ගීත එකතුවට හා ලින්ක් වලට, නිවිහැනැහිල්ලේ අහන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හොඳයි අහලා ගුණ දොස් කියන්න.

      Delete
  15. ඔන්න දිගටම එන්න හිතා ගෙන ෂැගියා ත් ගොඩ වැදුන

    ReplyDelete
    Replies
    1. ෂැගී ... කෑම .... කෑම ...

      එන්න දිගටම.

      Delete
  16. ඩේටා බින්දුවට බැහැලා ඉන්නේ. අලුත් කරපු ගමන් බාගෙන අහන්න ඕනේ.

    ReplyDelete
  17. නිවාඩු පාඩුවේ අහනවා. හැබැයි අනිවා අහනවමයි

    ReplyDelete
  18. දේශකයා කියන්නේ ඔයා කලුතර්න් ජන්දේ ඉල්ලනවා කියලා

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා දේශකයාගේ පොස්ට් එක. හික් හික් ...

      Delete
  19. "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"

    මේ ලින්ක් එක පෙන්නනේ නෑනේ. නියම සින්දු ටිකක් ඒත් ඉතින් කරුමෙට මේක බ්ලොක් කරලනෙ

    ReplyDelete
  20. අදයි මචං වැඩට ආවේ. සනීප නැතුව හිටියා. මේ දැන් අහන ගමන්. නියමයි.

    ReplyDelete
    Replies
    1. අහල මට කෝල් එකක් දෙන්න.

      Delete
  21. විභාග කාරියේ ඉවර කරලා බ්ලොග් කියවන්න ආවා විතරයි. නිස්කලන්කේ අහලා බලන්නම් අයියා :)

    ReplyDelete
    Replies
    1. හරි හසිත. අහල ගුණ දොස් කියන්න. ප්‍රශ්ණයක් තියෙනවනම් අහන්න.

      Delete
  22. කෝ සුදික මම දාපු කමෙන්ට් එක?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...