Tuesday, October 30, 2012

ඕල් ආ රේමන්ස් (All are raymonds/raymons?)

දවස් හයක රාජකාරි කටයුත්තකට යාපනයට ඇවිත් ඉන්නේ. මගේ බ්ලොග් එකේ තේමාපාටයෙන් කියවෙනවා  වගේ මේක රාජකාරි ගවේෂණයෙහි කොටසක්. ඒ කියන්නේ රාජකාරියට විවිධ පළාත් වල සංචාරය කරන්න ලැබෙනවා. වියදම රාජකාරි ස්ථානයෙන්. නරක නෑ නේද ? ඒ යන එන කොටත් විනෝද චාරිකාවක් යනවා වගේ වටපිට තියෙන දේවල් පේනවා. රාජකාරියෙන් බැහැර වෙච්ච හැම වෙලාවකම අපිට කැමති තැනක යන්න පුළුවන්. නීතියෙන් එහම කියල නැති වුනත් එහෙම බෑ කියල කොහෙවත් කියලත් නෑ. ඉතින් යන්න පුළුවන් හැම තැනකම යනවා රාජකාරිය පැහැර හරින්නේ නැතිව.  ඉතින් මේ ලියන්න යන්නේ නම් අද ඇවිත් ඉන්න ගමන ගැන නොවෙයි. ඒවා ලියවෙනකොට තව අවුරුදු ගානක් යයි. මේ පාරත් එක්ක මම  පස් වතාවක් යාපනයට ඇවිත් තියෙනවා.

මම බැංකුවක සේවයට එන්න කලින් සේවය කරපු දෙතැනම සංචාරක හෝටල්. අන්තිමට වැඩ කලේ  කොන්ෆිෆි හොටල් සමුහයේ එක හෝටලයක් වන රිවරිනා එකේ. රිවරිනා කියන්නේ තරු හතර පන්තියේ රිසොර්ට් ගහණයට අයිති වෙන කාමර 175ක් විතර තියෙන හෝටලයක්. එකේ ගිණුම් අංශයටම අනුයුක්ත කරලා පරිගණක අංශයක් තිබුනා. ඒ හෝටලයේ පලවෙනි පරිගණක අංශයේ සේවකයා වෙන්නෙත් මම. ඒ 1991දී. මෙම අංශයේ පහළොවකට වැඩි සේවක පිරිසක් හිටියා. මේ අතරින් තරුණ අය වෙච්ච ජයන්ත, උපසේන, ප්‍රභාත්, සුදත්, පාලිත සහ මම එකට එක්කාසු වෙලා දවසක් කතා කරා බස් වලින් ට්‍රිප් එකක් යන්න. අන්තිමේදී නුවර එළියේ යනවා කියල තීරණය කරා. උදේ කථා කල හවස යන්න. සිකුරාදා හවස නිවාඩු ගන්න බොහෝ දෙනෙක් සැදී පැහැදී හිටියා. ඒ අතරට අපිත් එක් වුනාම අර හැමදාම සති අන්තය ගෙදර ගත කරන අයගේ මූණු පොඩ්ඩක් සවුත්තු වෙලා තියෙනවා දැක්ක. ඒත් අපිට හිත හිතා ඉන්න කාලයක් නෑ. තමන්ගේ අංශයෙන් කෙනෙක් ඉන්නවනම් අනික් කෙනාට නිවාඩු ගන්න පුළුවන්. සංචාරක හෝටලයක රජයේ/සංස්ථා/බැංකු වල තියෙන නිවාඩු ඒ විදියටම ගන්න ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට ලීව් චාර්ට් කියල එකක් තියෙනවා මාසය මුලදී ගිය මාසේ ඉතිරි නිවාඩු වලට මේ මාසේ තිබෙන නිවාඩු එකතු කරලා ශේෂය ඉදිරියට ගෙනෙනවා. අපිට ඉරිදා වුනත් ගෙදර ඉන්න නම් නිවාඩු අනුමත කර ගන්න වෙනවා. අන්තිමට ඔෆිස් එකේ කට්ටියට අපේ නුවර එළියේ ට්‍රිප් ඒක රහසක් විදියට සඟවා ගන්න බැරි වුනා. බොහෝ දෙනෙක්ගෙන් අලි පේර, පෙයාස් වලට ඇනවුම් හම්බ වුනා.

හවස 6.30ට අලුත්ගම බස්ටෑන්ඩ් එකට. එකත් ලේසි පහසු අභියෝගයක් නෙවේ. මම ගෙදරට යන්න බස් දෙකකින් යන්න ඕනේ. පහට ඔෆීසියෙන් පිටත් වෙච්ච මට පහ මාර වෙද්දී ගෙදර යන්න පුළුවන් වුනා. අමාරුම කාර්ය වුනේ අම්මාගෙන් අවසර ගන්න එක. පහුගිය කාලේ තිබ්බ වාතාවරනෙත් එක්ක ගෙදරින් පිට එක දවසක්වත් අපිව තියන්න අම්ම කැමති වුනේ නෑ. බොහොම අමාරුවෙන් අම්මාගෙන් අවසර අරගෙන බෑග් එකට අතට අහු වෙච්ච ඇඳුම් ටික ඔබාගෙන, තේකක් විතරක් බීලා එලියට බැස්සා. ජංගම දුරකථන හෝ ගෘහස්ථ දුරකථන නොතිබූ එවන් අවධියක හය හත් දෙනෙක් එක්කාසු කර ගන්නවා කියන්නේ ඉතිං බොහොම අමාරු කාරියක්. ඒත් එකිනෙකා ගැන තබන විශ්වාසය ඇරෙන්න වෙන කිසිවක් නෑ. ඒ කාලේ කවුරුවත් උවමනාවෙන් ප්‍රමාද වෙන්නේ නැත්තේ තමන්ව මග ඇරෙයි කියන බයට. දැන් කාලේ නම් යාලුවෝ ඉන්න තැන දන ගන්න පුළුවන් එක දුරකථන ඇමතුමකින්. කවුරුත් ප්‍රමාද නොවී අලුත්ගමට ඇවිත් තිබුනා. කට්ටියම ගොඩ වුනා කොළඹ බස් එකකට. ඊළඟ අභියෝගය තමයි කළුතරදී පාලිතවයි ජයන්තවයි එකතු කර ගන්න එක. විනාඩි 25ක් ගත වෙද්දී කළුතරින් පාලිතත්, ජයන්තත් එකතු වුනා. අපි පසුපස ආසන පේලිය වෙන් කරගෙන ආ නිසා අපි හය දෙනාට එකටම යන්න පුළුවන් වුනා. විටෙක ගීත ගායනා කරමින්ද තවත් විටෙක ඔෆීසියේ කතා ගැන කථා කරමින්ද පය එකහමාරක් අවෑමෙන් පිටකොටුවට ලඟා වුනා.

මෙම ගමනේ "නඩේ ගුරා" තනතුර බාර ගත්තේ අප අතරින් වැඩිමහල් පුද්ගලයා වූ උපසේනයි. ඔහු රුපියල් 500 බැගින් සියලු දෙනාගෙන්ම එකතු කර ගත්තේ ගමනේ වියදම් සඳහායි. පාලිත නම් මෙම ගමනට ගැලපෙන සුදානමකින් පැමිණ තිබුනා. ඔහුගේ අතෙහි වූ "බොංගෝ" වද හිසෙහි පැළඳ සිටි කව්බෝයි තොප්පියද ඒ බව පසක් කලා. ඒ වාගේම ෆිල්ම් රෝල් කිහිපක්ද සමග කැමරාවක් ප්‍රභාත් ගෙනවිත් තිබුනා. ජයන්ත,සුදත් සහ මම මෙහි සාමාන්‍ය ගමන් කරුවන් වුනා. ජයන්ත ගැන වචනයක් සඳහන් නොකරම බෑ. මම වැඩ කල පරිඝනක කාමරය සහ ප්‍රධාන ගනකාධිකාරවරයාගේ කාමර මද තබා ඇති "ස්ලියිඩින් ඩොර්" එක එහා-මෙහා කරන ජයන්ත "තිරය ඇරෙනවා තිරය වැසෙනවා" යනුවෙන් පවසන්නේ ඔහුගේ කටහඬ තරම වෙනස් කරමින්. කොයි වෙලාවෙත් මුවග රැඳී සිනහව වහස නාසය මතට වැටෙන දහඩිය බිඳු කීපය ඔහුගේ ආවේනික ලක්ෂණ වුනා. එකල පරිඝනක සඳහා තිබු CRT මොනිටර් සහ රුපවාහිනි අතර වැඩි වෙනසක් තිබුනේ නෑ. මා අසලට පැමිණෙන ජයන්ත "කතාව හොඳයි වගේ මං එනවා වත් දැක්කේ නෑ" යන එකල ජනප්‍රියව තිබු ලකී-මාලනී රඟපෑ පිලිප්ස් වෙළඳ දැන්වීමේ දෙබස් පවසයි. ඒවා ඇසු විට හිනහව වලකා ගත නොහැක. අප පිටකොටුවේ තේ කඩයකට ගොඩ වුයේ බීම බෝතලයක් තොල ගෑමට පමණක්ම නොවේ. කොකා-කෝලා බෝතල් කිහිපයක් ඇනවුම් කල අප ඒවා පානය කල මුත් පාලිතගේ වීදුරුව තවමත් හිස්ය. පාලිත තවමත් කොකා කෝලා නොබෝන්නේ මන්දැයි මට ගැටලුවකි, අප පානය කර අවසන් කල වීදුරුවකට ඉතිරි කොකා කෝලා ප්‍රමාණය උගුරට දෙකට ගිල දා අපේ බිල ගෙන්න යයි අසලින් ගිය වේටර් වරයාට අණ කලා. මේ අතර බිල ගෙවා පිටත් වී එළියේදී පාලිත අපට මැජික් එකක් පෙන්වුයේ අප සියලු දෙනා තුල භීතිය මෙන්ම සිනහවක්ද ඇති කරමිනි. ඔහුගේ කව්බෝයි තොප්පිය සමග බීම බිව් කඩයට අයිති කුඩා වීදුරුවක්ද මිරිකගෙන ඇවිත් තිබුනා.

"වැඩේ මාට්ටු වුනා නම් අම්බානක කන්න තිබුනා" යයි පැවසුවේ ප්‍රභාත්ය. ඒත් මේ වෙලාවේ අසෝක වීදුරුවක් ගන්න තැනක් කොහොමද හොයා ගන්නේ. උඹ හොඳ වෙලාවට අරගෙන ආවේ. මට කාරණා වැටහුනේ පසුවය. එය ගෙනවිත් තිබුනේ රාත්‍රී ගමන අතරතුර සප්පායම් වීමටය. කළුතරින් ගොඩ වූ පාලිත අවශ්‍ය බෝතල් සපයාගෙන විත් තිබුණි. මොනවා වුනත් මෙවැනි හොර වැඩ වලට මා තරයේම විරුද්ධය. මා ගමන යනකන්ම පාලිතට කියා සිටියේ ඔහු කලේ අනවශ්‍ය ක්‍රියාවක් බවයි.

"අහු වුනා නම අපි සේරම ගස්" යයි මා කී විට ඔහු කටේ දත් වැඩි ගණනක් පෙනෙන්නට සිනා සෙයි.

"යකෝ මම වර්ල්ඩ් මාර්කට් එකෙන් පර්ස් එකකුත් උස්සල තියෙනවා"

"මු තියන්න වටින්නේ නෑ" එසේ කීවේ ජයන්නතය.

රාත්‍රී නුවර බස් රථයකට ගොඩ වූ අප කමින් බොමින් රාත්‍රී එකොළහ වනවිට නුවර බස් නැවතුමට ලඟා වුනා. එහෙත් මේ රාත්‍රියේ නුවර එලියට බස් නැති බව අසා අප මහත් කනස්සල්ලට පත් වුවත්. හඬ අවධි කල පාලිත

"කරන්න දෙයක් නැ මචං. අද රෑ අපි මේ බස් එකක නිදා ගෙන හෙට උදෙන්ම තියෙන බස් එකේ යමු"

"ඔවු එහෙම කරමු" යයි පැවසුයේ උපසේනය. දැන් නුවර නගරය ඉතා සිසිල්ය. ගසක හෙවනකට වන්නට නවතා ඇති බස් රථයකට ගොඩ වූ අප, තම තමන්ගේ බෑග් උකුල මත තබා, ඒ මත හිස තබා නිදන්නට පටන් ගත්තද, නින්ද මා අසලකටවත් ආවේ නැත. මෙවැනි ආගන්තුක ස්ථාන වල නිදා ගැනීම මට ඒ හැටි හුරුවක් නැත. ගත වුයේ විනාඩි කිහිපයකි බසයට කිසිවෙක් ගොඩ වන සද්දයක් ඇසී මා අසල සිටි සුදත්ට තට්ටුවක් දැම්මද ඔහු නැගිටින පාටක් නැත. බසයට ගොඩ වූ පුද්ගලයා අඳුරේම ගෝරනාඩු කරන්න පටන් ගත්තා.

"මේ බස් තියෙන්නේ තමුසෙලාට නිදා ගන්න නෙවේ. බහිනවා බහිනවා නැත්නම් පොලීස් කුඩුවේ  තමයි ලගින්න වෙන්නේ එලි වෙනකං"

හපොයි මෙහෙමත් කරුමයක් යයි මට සිතිනි. ඒ වනවිටත් නින්දට වැටී සිටි පාලිත හා අනෙක් අය ආ පුද්ගලයාට මැසිවිලි නගමින් බසයෙන් බසින්නට විය. මාද කිසි හැල හොල්මනක් නැතුව මගේ බෑගයද කරේ දමාගෙන බසයෙන් බැස ගත්තේ "දැන් කොහෙද යන්නේ" යන දෙගිඩියාව සිතේ දරාගනය.

"මේ වගේ ගමන් ආවහම මේ වගේ ආතල් එකකුත් තියෙන්න ඕනේ" පාලිත නම් මේ සිදු වූ සිදුවීමෙන්ද යම් ආශ්වාදයක් ලබන බව පෙනේ. මේ අතර බස් නැවතූම් පොලෙහි සිටින පුද්ගලයකු සමග උපසේන යමක් සාකච්චා කරනු පෙනේ. "මේ කථා කරනවා ඇත්තේ මෑන්ව ෂේප් කරගෙන කෙසේ හෝ බස් රථයක නිදා ගන්න තමයි" යන්න මගේ සිතට ආ අදහසයි. එහෙත් අප වෙත ආපසු ආ උපසේන පවසා සිටියේ

"නුවර එලිය බස් එකක් තියෙනවලු හෙට උදේ පහට. පටන් ගන්නේ දළදා මාලිගාව ළඟ පාරක කිව්වා. අපි ඒ පැත්තට යමු"

නැවතත් බෑග් කරේ දමාගෙන ඇවිදින්නට පටන් ගතිමු. එහෙත් මගේ බෑග් එක මගේ තරමට වඩා ලොකු එකක් නිසා මගේ ගමන මන්දගාමී විය. ඒ දෙස හැරී බලන අනෙක් අය මට උසුළු විසුළු කරමින් මහත් විනෝදයකින් ගමන් කරන්නේ මොහොතකට පෙර ලුණු ඇඹුල් ඇතිව අසා ගත් දේවල් අමතක කරමිනි. එක් අතකට ඔවුන් සිටින්නේ බමන මතිනි. ඒ වුනත් ඔවුන් මට වඩා ඉදිරියෙන් ගමන් ගනියි. මට තරමක ලැජ්ජාවක් ඇති විය. මාද පය ඉක්මන් කර ඔවුන්ට එක් වන්නට නිෂ්පල උත්සාහයක යෙදුනත් ගමනාන්තය වන තුරුම මා සිටියේ ඔවුන්ට මීටර් කිහිපයක් පිටුපසිනි. අවසානයේදී දළදා මාලිගාව පේන මානයේ නිස්කලංක එහෙත් හොඳින් විදුලි එළියෙන් ඒකාලෝක වූ තැනක අපි නැවතුනෙමු.

"කිව්ව විදියට මෙතන තමයි තැන. අපි මෙතන නිදාගෙන උදේ බස් එකේ යමු" එහෙම කිව්වේ උපසේන. ඒත් මෙතන කොහොමද නිදියන්නේ? ඒ මගේ සිතට ආ ගැටලුවයි.

"මෙතන ගෙදර වගේ නිදියන්න බෑ. ඒත් බෑග් එකට ඔලුව තියාගෙන මේ පැය දෙක තුන නිදා ගමු" ඔහුගේ අණට කීකරු වනවා ඇරෙන්න වෙන කල හැකි කිසි දෙයක් මේ මොහොතේ සිතට නොඑයි.

මට ඇහැරුනේ උපසේන මගේ අතින් අල්ලා කථා කරන විටය. මා ඇරෙන්න අන් සියල්ල නැගිට ඇත මමද දඩ-බඩ ගා නැගිට වටපිට බලන්නට විය. මට දැඩි සීතලක් මෙන්ම මුත්‍ර කිරීමේ අවශ්‍යතාවක් ඇති විය. මා ඒ ගැන විමසු විට ඈත අඳුරු තැනක් පෙන්වා වතුරු බෝතලයක් මා අත තැබූ ප්‍රභාත් ඉක්මනට වරෙන් බස් එක තව විනාඩි පහකින් මෙතනට එනවා. 

දනි පනී ගා ආ කාර්ය ඉෂ්ට කරගෙන ඒ අතරතුරදී ඇදී ආ බස් රථය අසලට දිව්වෙමි. බසය කොයි වෙලාවේ පිටත් වුවාදැයි මට නිච්චියක් නැත. මට නැවත ඇහැරුනේ අතරමැද ස්ථානයක තේ පානය සඳහා බසය නවතා ඇති විටය. අප උදෑසන සඳහා නැවුම් එළකිරි උණු උණුවෙම පානය කළෙමු. උදෑසන සීතලේ ගැහෙමින් නුවර එලිය නගරයේ තෙත් බරිත මාවතක් දිගේ නිදි මැලි කමින් ගමන් ගත් අප වොටල්ස් ඉන් නැමති කුඩා හෝටලයකට ලඟා වීමු. එය නගරයට ඉතා ලඟින්ම පිහිටා තිබිමා වාසනාවකැයි මට සිතිනි. කාමර වලට ගොඩ වැදුණු අප වහා දිව ගියේ නාන කාමර වෙතය. සියලු දෙනා තල්ලු කරගෙන මා රිංගා දොර වසා ගත්තේ බඩ හෑල්ලු කර ගැනීමට තවත් ඉවසා දරා සිටිය නොහී නිසාය. එහෙත් ඒ සඳහා මට ගත වූ විනාඩි කිහිපය තුළදීත් එළියේ සිටියවුන්ගේ කෑ ගැසීම්ද දොරට තඩි බෑම්ද නොඅඩු විය. දෙවෙනි වටයේදී උණු වතුරෙන් නාගෙන අලුත් ඇඳුම් ඇඳගත් අප සුදානම් වූයේ පෙර සැලසුම් කල පරිදි හක්ගල උද්භිද උද්‍යානය නැරඹීමට යාමටය.

 එහෙත් ඊට කලින් නගරයේ පිරිසිදු තැනකින් උදෑසන ආහාරය ගතිමු. කුලී වෑන් රථයක් කථා කරගත් අප ගමන පිටත් වත්දී උදෑසන නවය වන්නට ඇත. එහෙත් නිදිමත සහ ගමන් විඩාව මට අවට සිරි නැරඹීමේ භාග්‍ය අහිමි කළේය. නැවතත් පාලිතගේ කෑ ගැසීමෙන් පියවි ලෝකයට ආ මා ඔවුන් සමග ගමනට එක් විය. නැග එන සුර්යාලෝකයෙන් මද ආශ්වාදයක් ලැබූ අප පැයක් පමණ උද්‍යානයේ දසත විසිතුරු නරඹමින් ගත කළෙමු. ඒත් අභාග්‍යක මහතා මට නැවතත් වැසිකිලි යාමේ අවශ්‍යතාවක් ඇති විය. කණ්ඩායමෙන් වඩාත් සමීප පාලිතට මේ බව පවසා අනෙක් අයගේ විහිලු තහළු සහ ආඩපාලි මැද අප දෙදෙනා වැසිකිලියක් සොයා ඒ මේ අත සැරිසරන්නට පටන් ගතිමු. තවත් මිනිත්තු විස්සක අවෑමෙන් වැසිකිළියක දර්ශනයක් දුටු මගේ සිත පස්වනක් පිනා ගියේ තව විනාඩි කිහිපයකින් මේ බර හිස් කර ගන්නවා නේද ? යන අස්වැසිල්ල නිසාය. යන අතරතුර පාලිතත් මමත් කථා කලේ එළකිරි නිසා මේ බඩේ අමාරුව ඇති වන්නට අත කියාය.  වැසිකිලියට ලං වත්ම මගේ අවශ්‍යතාවය දෙගුණ තෙගුණ විය. තවත් නම් මෙය හිර කරගෙන සිටිය නොහැක. මගේ මුළු උදාර ප්‍රදේශයම හරියට බ්ලෙන්ඩරයක ඇඹරෙන පලතුරු පානයක් මෙන් කැරකෙන්නට විය. 
stomach ache Stock Photo - 11242506
පින්තුරය ගත්තේ : http://www.123rf.com
මේ බරෙන් නිදහස් වන්නට මා සැදී පැහැදී එයට පය තබන්න හදනවාත් සමග කාගේ හෝ කටහඬක් ඇසී ආපසු හැරී බැලුවා
"මහත්තයා, මහත්තයා.. ඕක කැඩිච්ච ටොයිලට් එකක්. තාම හදනවා. අතනින් උඩට ගිහින් වමට හැරෙන්න" කියනවාත් සමග ඒ බර තවත් දරා සිටින්නට නොහැකිව ඇඹරෙන මා දෙස පාලිත ඉතා අනුකම්පාවෙන් බලා සිටිනු හීනෙකින් වාගේ දුටුවත් "බ...රා....ස්" හඬින් මගේ කලිසම් කකුල් දිගේ උණු උණුවෙම ගලාගෙන යන *** දහරාව මට ලබා දුන්නේ අස්වැසිල්ලකද ? නැත්නම්  වදයක්ද යන්න මට තවමත් සිතා ගත නොහැක. ඇත්තටම එම බරින් කෙසේ හෝ නිදහස් වීම් අස්වැසිල්ලකි. එහෙත් .....

ඉන්පසුව මටවත් ඉවසා ගත නොහැකි දුර්ගන්දය මැද මා අවාරණ සහිත ටැප් එකක් ඇති ස්ථානයකට කැදවාගෙන ගිය පාලිත මටද මගේ ඇඳුම්ද පිරිසිදු කර ගැනීමනට ලබා දුන් සහය මට කිසි දිනක අමතක වන්නේ නැත. එසේ බොහෝ වාරය සීතල ජලයෙන් සෝදා පවිත්‍ර කරගත් ඇඳුම් නැවතත් අඳින්නට සිදු වීම පුදුමාකාර පරිප්පුවක් විය. එක් අතකින් දසත් සීතල ගලන ප්‍රදේශයක තෙත් ඇඳුමින් තවත් පය කිහිපයක් ගත කරන්නට වීමද. අනිත් අතින් ඇඟට සත පහක වත් ශක්තියක් නොමැතිව කඳු සහිත මේ බිමේ ඇවිදින්නේ කෙසේද? යන්න මට තිබූ ප්‍රධාන ගැටලුයි. නැවතත් මගේ සහයට ඉදිරිපත් වූ පාලිත මා කැඳවාගෙන උද්‍යානයෙන් පිටත තේ කඩයකට ගොස් කෝපි බීමට සැලැස්වීය.  

අප නැවත එන ගමනේ අපේ අනෙකුත් අයගෙන් දෙදෙනක් අතුරුදහන් වී ඇති බව දැනී ඒ ගැන විමසා සිටි විට 

"අපි දෙන්නත් මේ ගිහින් ආවා විතරයි. අන්න උන් දෙන්නත් ගියා" යයි උපසේන පැවසුයේ සිනා මුසු මුහුණෙනි. ඒ අසා මගේ මුවටද සිහින් සිනාවක් ආවා.

"දැන් නම් මටත් ටිකක් ඒ වගේ ගතියක් දැනෙනවා" පාලිත පැවසුවේ සියලු දෙනා සිනහවට ලක් කරමිනි. 

"හා.. හා... හා.... ඕල් ආ රේමන්ස්" යයි කවදත් විහිලු කාරයෙක් වූ ජයන්ත පැවසීය.


35 comments :

  1. හි හි..

    නගරයේ පිරිසිදුම තැනකින් නේද කාලා තියෙන්නේ... හයියෝ....

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කිරි බිව්වේ නිදි මතෙනේ.

      Delete
  2. අම්මෝ ඕක වෙච්ච කෙනෙක්ම තමා ඔකේ අමාරුව දන්නේ ....

    ReplyDelete
    Replies
    1. වෙද්දීම ටොයිලට් එකක් හම්බ වුනොතින් ගානක් නෑ. ඒත් ගව ගණන් දුර යන්න වුනාම තමයි ලෙඩේ.

      Delete
  3. අනේ හරිම ලස්සන කතාවක් මංඉවර වෙනකල් කියෙව්වා...නියම අත්දැකීමක්..වැේ තියෙන්නෙ ඕව මතක තියෙන එකනේ....
    බස් වල ගිහාම ඒවා මතක හිටිනවා ලෙසට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේක නම් කවදාවත් අමතක නොවන එකක්. මට බඩ අප්සට් ගිය තව තව ඒවා මතක් වෙනවා මේවා කියද්දී. බස් එකේදී වුනානම් තමයි වැඩේ.

      Delete
  4. අයි තින්ක් යූ හැවන්ට් ඉනෆ් බ්රේක්ස්
    බුදු අම්මෝ පට්ට චාටරක්නේ කාලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. In wet conditions breaks have no means. LOL..
      ඕකනේ කියන්නේ ලීටරේ විස්සයි චාටරේ හතළිහයි කියල.

      Delete
  5. ලැටීෂියා ඇන්ටිලාගෙ ගෙදරදි නැතුව අතර මගදි රේමන්ඩ් අන්කල් හමුවීමනම් හරිම සංවේගජනකයි.මටත් එක වතාවක් ‍එහෙම වෙලා තියෙනවා.

    ඔය වගේ නුහුරු ප්‍රදේශයකට යනකොට පිලිප්පුගේ කිරි මැග්නීසියා පෙති කීපයක් අරගෙන යෑම නුවනට හුරුයි.

    ReplyDelete
    Replies
    1. මම බය වෙලා හිටියේ සුමිත් දිග වැඩියි කියල චෝදනා කරයි කියලා. මගේ යාලුවෙක් නම් කියන්නේ කොන්ඩ කැවුමක් ගිලින්න කියලා කොන්ඩේ පහලට තියලා.

      Delete
  6. හපෝයි ඔය සීන්එක නං කතා කරල වැඩක් නෑ. මම බ්ලොග් පෝස්ට් එකකුත් ලිව්ව අපේ එකෙකුට වෙච්ච සිද්ධියක් ගැන!
    පිරිසිදුම තැන්න් කාලත් ඔහොමනං .....

    ReplyDelete
    Replies
    1. එල-කිරි හින්ද කියල තමයි විශ්වාසෙ.

      Delete
  7. හප්පට සිරි බොල, කලිසමේ බඩු ගිය දෙවෙනි බ්ලොගර් මං දැනුවත්ව. පළවෙනි එකා රවි.:D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ දැන් වගේ හිර කරගෙන ඉන්න බෑ හෙන්රි. අනිත් එක ලංකාවේ තියෙන ජරාම කෑමත් කාල තියෙනවා. ඒ නිසා දැන් ලේසියට බඩ ලෙඩ වෙන්නේ නෑ. පාඩම් වෙලා තියෙන්නේ.

      Delete
  8. මම ඔය බොග සිද්ධියක් නැද්ද කියලා හිත හිතා තමයි අගට කියෙව්වෙ... මේ වගේ ගමනකදි අනිවාර්ය අංගයක් තමයි ඕක... අපි වතාවක් හපුතලේ ගිය වෙලාවක...එකෙක්ට ඇති වෙච්ච මාරාන්තික බොකක් නිසා... මහාමාර්ගයට වසං වෙලා තිබ්බ ලස්සන නවාතැන් පලක් හොයා ගත්තා... ඊට පස්සෙත් එතනට කීප වතාවක්ම ගියා... පුදුමාකාර සුන්දර පරිසරයක්... බොකේ අයිතිකාරයා සෑහෙන්න ආඩ්ම්බර කථා කිව්වා ඌ නිසා එතැන හොයාගත්තා කියලා...

    ReplyDelete
    Replies
    1. ඒක තම වෙන්න ඕනේ සිරා. තමන්ට වෙන අකරතැබ්බයක් සුබසිද්ධියකට පෙරලගන්න එක. මෙහෙම බඩේ අමාරු ඇති වෙන්න හේතු වෙන්නේ ඒ ඒ පළාත් වලට ආවේනික සෞක්‍ය පුරුදු සහ ආවේනික කෑම රටාව වෙනත් පළාතක කෙනෙකුට ගැලපෙන්නේ නැති වීම.

      Delete
  9. බොග් චාටර් එකක් නැති ට්‍රිප් එකක් මක්කටෙයි

    ReplyDelete
  10. හි හි... කොහේ ගියත් කාටම හරි ඔය වගේ වැඩත් වෙනවමයි.. වෙනකොට පට්ට චාටර් උනාට.. පස්සෙ මතක් කරන කොට පට්ට සිරා..

    ReplyDelete
  11. මගේ ලඟ සීරියස් එකක්ම තියනවා. මගේ කතාවට පස්සෙ මම ඔක්කොම දානවා.
    දැනට එකක්
    සිරීපාදෙ ගිහින් අපේ එකෙක් හොයන්නෙ බලන්නෙ නැතුව ලැටීෂියා හම්බවෙලා සියල්ල නිදහස් කරගත්තට පස්සෙ තමා වතුර ගැන හිතුවෙ. ඌව මඟ ඇරෙයි කියලා එලියෙ හිටපු මට ටකරමට උඩින් රු පනහක් දෙනවා "අනේ මචං වතුර බෝතලයක් ගෙනෙං"
    අදෝමැයි වතුර බෝතල් කිසිදු කඩයක නැත.
    සැළකලෙමි.
    ටකරමට එහා පැත්තෙන් හඬක් ඇසෙයි.
    "අනේ මචං නෙක්ටො බෝතලයක්වත් නැද්ද? "

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි සිරීපාදේ ගිහිනුත් මට මේ වගේ වැඩක් වුනා නොවැ. විනාඩි 45ට පහල බැහැල මමයි මගේ හොඳම යාළුවයි ලෝක වාර්තාවක් තිබ්බ.

      Delete
    2. //"අනේ මචං නෙක්ටො බෝතලයක්වත් නැද්ද? "// :)

      Delete
    3. උණු උණු කෝපි එකක් නම් තියෙනවා !!!

      Delete
  12. අනිවාර්යයෙන්ම ගමනක් ඔහේ ගිහින් ඔහේ ආපුවාම මතක් කරන්නවත් දෙයක් තියෙනවාද ? පහුගිය ඉරිදා අපි මහනුවර බඹරැල්ලේ දානෙකට යන්න වෑන් එකක් සෙට් කරගෙන හිටියා.

    අන්තිමට ඒක නැතුව පාරේ බස් එකේ සුපිරි කට්ටක් කාගෙන ආවේ. දානේ දීලා ආපහු එද්දී පාරට ගහක් කඩා වැටිලා. ඒකත් අස් කරලා තමා ආවේ. ඒ වෙලාවේ කට්ට වුනාට මතක් කරද්දී පට්ට ෆන් :D

    ReplyDelete
    Replies
    1. හොඳ අතට ගිය කිසිම දෙයක් වැදගත් නෑ. ජීවිතෙත් ඒ වගේමයි. වැරදුන තැන් ගැන තමයි ආවර්ජනය කරන්න පුළුවන්.

      Delete
  13. හත් ඉලව්වේ... කිව්වලු ඕවා මානුෂික අවශ්‍යතා. අපේ ලංකාවේ පොදු වැසිකිලි හරි අඩුයි. තිබ්බත් පාවිච්චි කරන්න පුළුවන් ඒවා නෑ

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයට කියන්න, ඒ වෙලාවට ඉන්න තැන් අමතක වෙනවා. දැන් නම් ටිකක් හොඳයි. ඉස්සර බෙහෙතකට තැනක් හොයා ගන්න බෑ.

      Delete
    2. අමතක වෙනවා කියන්නේ වටපිටාවේ ඉන්න මිනිස්සුත් අමතක වෙනවා මටනම් ඕන්

      Delete
    3. හැමෝටම අමතක වුනොත් ?

      Delete
  14. මරු ට්‍රිප් එක. කිරි තමා හුඟක් වෙලාවට අවුල වෙන්නේ.
    වැඩේ කරගත්තම මාර සනීපයක් දැනෙන්නේ නේ..? :)

    ReplyDelete
    Replies
    1. හ්ම් ! කිරි තමා. ඒත් දැන් නම් බය නැතිව බොනවා. සනීපෙ කියන්නේ, හිටගෙන නිදා ගන්න පුළුවන් ඊට පස්සේ.

      Delete
  15. කලිසමේම කලත් ඉතින් ඕකෙන් නිදහස් උනාම තියෙන ආතල් එක මං නොදන්නවයැ/. අර අන්දරේ ඒකනෙ කිවුවෙ ඕක තමයි ලෝකෙ තියෙන ලොකුම සැපත කියල..

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත. ඒත් හෝදලා හීතල කලිසම අඳින්න වෙච්ච එක තමයි කරුමේ.

      Delete
  16. අම්මට හුඩු නුවර එළිය ගිහින් මටත් බඩඑළිය සෙට් උනානේ හක්‌ගලදි, මට උදව් කරේ "පිරිසිඳු"ෆ්‍රයිඩ් රයිස් එකක් :-)

    මම ටොයිලට් එකක හොයා හොයා ගාඩ්න් එකේ හතර කොනම ඇවිදිනව, මාත් එක්ක ආපු එවුන් නරි රැල වගේ මාව බයිට් කර කර පස්සෙන් එනවා. හොඳ වෙලාවට කලිසමේ යන්න කලින් වැඩේ ගොඩ දා ගත්ත. අපිත් එක්ක ආපු එවුන් මට පින් සිද්ධ වෙන්න ටොයිලට් හොයන ගමන් ගාඩ්න් එකේ කවදාවත් නොයන හැම අහු මුල්ලකම ඇවිද්ද.

    හැබැයි ඒ මදිවට එදා රෑ මේල් කෝච්චියේ අපි මරදානට එනකම් මම වාඩි වෙන සීට් එකට වඩා කෝච්චියේ ටොයිලට් සීට් එක තමයි පාවිච්චි කළේ , එකේ හිටපු කැරපොත්තෝ එහෙම ගණන් කර කර පාන්දර කොළඹ එනකම් හැම විනාඩි 15-20 කටම සැරයක් ටොයිලට් ගියා.

    මොන කරදරේ උනත් මගේ වාසනාවට ටොයිලට් දෙකේම වතුර තිබ්බ, නැතිනම් ඉතින් පත්තර කොලෙකින් තමයි පුක මැද ගන්න වෙන්නෙ දිලිසෙනකම්.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...