මා තිගැස්සී ඇහැරෙනවාත් සමග මා සීතල පොලොව මත වැටී සිටින බව දැනී, එක පාරටම "තාත්තේ" කියා කෑ ගැසුවා. ඒත් මගේ ශබ්දගේ එතරම් ශක්තියක් නැති බව මටම තේරුණා. තාත්තා දුවැවිත් මට නැගිටින්නට අත දුන්නා. මුහුණ අත ගා බැලූ විට නළලත් කම්මුලත් අතර තැනකට බැස තිබූ රටකජු ඇටයක තරම් බොරළු කැටයක් වැටුණි. මුහුණේ තිබූ වැලි පිසදාගත් පසු තාත්තා මා වත්ත්තම් කරගෙන මගේ කාමරය වෙත කැඳවාගෙන යන ලදී.
ඒ 1989 ජනවාරි මාසයයි. සීතල දුරුත්තේ සීතල පොලොව මත මා කොපමණ කාලයක් වැටී සිටියාදැයි මතක නැත. ඇඟේ සමහර තැන් වල ඇලවුණු කොහොඹ කොළ තවමත් ඇතත්, ඒවා ඉවත් කරන්නට නොහැක්කේ පැපොල නිසා ඇති වන තුවාල වල කබොලු ගැලවේ යන බියෙනි. මේ දිනවල සහෝදර වරුන්ගේ ආණ්ඩුවේ අණ පනත් පරිදි රාත්‍රී කාලයේ විදුලි පහන් දැල්විය නොහැක. අඳුරේම මගේ කාමරයට පැමිණ, මා නිදා ගන්න පැදුර ලඟට ඇරලවා තාත්තා මා නිදා ගන්නා තුරු මා දෙස බලා සිට ඔහුගේ ඇඳ වෙත ගියා. ඇටෑච් බාත්රුම් නොතිබූ එම යුගයේ අපට හදිසි අවස්ථාවකදී වුවද නිවසින් පිට නමුත් නිවසටම බද්දව තිබූ වැසිකිලියට යාමට සිදු වුනත්, බොහෝ දෙනා එම අවශ්‍යතා උදෑසන වන තෙක් හිර කරගෙන ඉන්නේ රාත්‍රියේදී එලියට ගොස් එක්කෝ හමුදාවෙන් නැත්නම් සහෝදර වරුන්ගෙන් දඬුවම් විඳීමට ඇති බිය නිසාය. දහවල් කාලයේ අපේ වත්ත හෝ ඉඩම රාත්‍රී කාලයේදී ඉහත පාළන කොට්ටාශ දෙකෙන් එකකට නතු වනු අත. එනිසා අප රාත්‍රියේදී එලියට බහින්නේ බියෙන් මෙන්ම සෝදිසියෙනි. මල්ලිලා දෙන්නා සහ නංගී අම්මත් සමග ඇයගේ ඇඳෙහි නිදිය. අපගේ නිවස පිටුපස ඇත්තේ කුමාර විදුහලට අයත් ක්‍රීඩාංගණයය. වම පස ඇත්තේ තවත් හිස් ඉඩමකි. දකුණු පසින් පමණක් කුලී නිවැසියන් සිටින නිවාස දෙකක් ඇත. මෙම නිවාස දෙකෙහිම වාසය කලේ ක්‍රිස්තියානි බැතිමතුන්ය. පිටුපස නිවසේ වෙසෙන විරාජ් අයියා රාත්‍රී කාලයේ සංචාරක හෝටල් වල කැලිප්සෝ සංගීතය සපයා දිවි සරි කර ගන්නා කෙනෙකි.
මගේ ඇඳ මේ දවස්වල හිස්ය. මා නිදන්නේ බිම පැදුරක් එලා එය මතට දමා තිබෙන කොහොඹ කොළ මතය. මගේ මදුරු දැල කෙසේ හෝ මගේ පැදුර ආවරණය වන පරිදි සකසා දුන්නේද තාත්තාය. මේ දිනවල වැරදී හෝ නින්දෙන් ඇහැරුණහොත් නින්ද යන්නේ නැත. වාසනාවකට රාත්‍රී එකොළහ දොළහ වනවිට පරිසරය සීතලය. ඒ ජනවාරි මාසයේ ලංකාවේ බොහෝ පළාත් සිසිල් වුවද රටේ තත්වය ඉතා උණුසුම්ය. රජයේ හමුදා හා පොලීසී සහ සහෝදරවරුන්ගේ ආණ්ඩුව ඇති කර ගන්නා කල කෝලාහලවල නිමක් නැත. කාමරයේ කෙලවරට වන්නට ජනේලය අයිනේම නිදියන මා රාත්‍රී නින්දට යන්නේ "අනේ රෑට නම් ඇහැරෙන්න එපා" යන ප්‍රාර්තනයද සමගිනි. මා එම ස්ථානයේ තබන්නට මගේ දෙමව්පියන් අකමැති වුවද, අප නිවසේ ඒ සඳහා වෙනත් සුදුසු ස්ථානයක් නොවූ බැවින් මට එහිම නිදන්න්දට සිදු විය. මීට මාස කිහිපයකට පෙර මා රාත්‍රී එක දෙකට වුවද රාත්‍රී සේවාව අවසන් කර නිවසට පැමිණ ඇතත් දැන් නම් රාත්‍රී කාලය අපට අයිති නැත. එකල මා කිසිදු බියක් නැතිව තනිවම පාරේ ආවේ බෙන්තොට බීච් හෝටලයේ සිට මගේ නිවසට එනතෙක් පාර දෙපස විදුලි ලාම්පු හොඳින් දල්වා තිබෙන නිසාය. අනෙක සාමකාමී යුගයේදී අවම වශයෙන් එසේ එද්දී කවුරු හෝ පාරෙහිදී මුණ ගැසෙයි. සමහරවිට රාත්‍රියේ එහෙ මෙහෙ යන සංචාරකයන් පවා සිටී. නමුත් අද තත්වය ගැන හිතන විට නෙතට කඳුලක් නැගේ. එහෙත් උදෑසන කන්නාඩියෙන් මාගේ මුහුණ දුටු මා ඉතා බියකින් වෙලී ගියේ නැවත හෝටල් විවෘත කලද මට සේවය කිරීමට කිසදු අවස්ථාවක් හිමි නොවේ යන බියෙනි.
මා නිදි පැදුරේ කිහිප විටක්ම අඩ නින්දකට වැටී නැවතත් ඇහැරුනේ එකවිටම ඇහෙන බල්ලන්ගේ උඩු බිරුම් හඬ ඇසීය. ඒත් සමගම නිවාසට අඩි දහයක් පමණ ඈතින් ඇති පාරේ කවුරුන් හෝ ඇවිදින හඬ ඇසෙයි. එය සපත්තු හඬකි. මෙය හමුදාවේ හෝ පොලීසියේ විය යුතුය. පොඩ්ඩක් නැගිට තිර රෙදි මාත් කර වීදුරු ජනේලයෙන් සිදු වන දේ බැලිය හැකි මුත් එතරම් අවදානමක් ගැනීමට මගේ හිතට දෛරියක් නොආවේ මගේ අසරණ දෙමව්පියන් ගැන සිහි වීමෙනි. අවුරුදු 19 ක තරුණයකු මේ කණ්ඩායම් දෙකටම කදිම ගොදුරකි. මා අසනීප වී ඉන්නා බව දන්නේ අප පමණකි. අසල්වසියන්ටද ඒ ගැන අවුබෝධයක් ඇත්තේ මා අසනීප වී ආ මොහොතේම තාත්තා ගෙයි උළුවස්සේ නුලක් ආධාරයෙන් එල්ලන ලද කොහොඹ කොළ කිහිපය නිසාය. එය අපේ ගැමියන් අවට නිවැසියන්ට පණිවිඩ දෙන කදිම ක්‍රමයකි. ගෙදරක කව්රුන් හේ ලෙඩ වී ඇති බව දින කිහිපයකදී කටින් කට ආරංචි වීම නිසා බොහෝ දෙනා ඉන් ආරක්ෂා වේ. මෙවැනි කාලපරිච්චේදජයක එවැනි වසංගතයක් බෝ වුවහොත් දෙවි පිහිටය. මේවා කොහොමත් දෙවියන්ගේ ලෙඩ නිසා කොහොමත් දෙවි පිහිටය. එහෙත් දෙවියන් සිටින බව මගේ කිසි විශ්වාසයක් නැත්තේ, දෙවියන් සිටිනවානම් රටේ තොටේ මේ සිදුවන දේ ඔවුන්ට නොපෙනෙන්නේ මන්දැයි ? යන ප්‍රශ්නය නිසාය. T-56 ගිනි අවි වලින් සිදු වන ගනු දෙනු දෙවියන් කෙසේ පාලනය කරන්නද? මේ මොහොතේ අප මෙන්ම ඔවුන්ද අසරණය.
මා මේ බලා සිටින්නේ උදෑසන ලඟා වනතුරුය. ඊයේ වැඩ ඇරී ගෙදර යන ගමන් හෝටලයේ පෝටර් වරයෙකු වන ආනන්ද පවසා ගිය සුභ ආරංචිය නිසා මට හෙට වනතුරු ඉවසුමක් නැත. ඒ හෙට දිනයේ අපට අත්තිකාරමක් ලබා දෙන බවයි. අපේ නිවාස අසල බයිසිකයල නැවැත්වූ විට කඩුල්ල අසල සිටින කෙනෙකු සමග ගෙයි සිට සංවාදයේ යෙදිය හැක. මා සවස ජනේලය අසල පුටුවක් තබාගෙන පරණ පත්තරයක් ගෙන කියවමින් ඉඳින විට ආනන්ද සයිකලය නැවතා මගේ සුව දුක් විමසා මේ ආරංචිය දී යන්නට ගියේය. මා ඔහුට ගෙදරට ආරාධනා නොකළේ එය සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක් නිසාය. ලෙඩෙකු සිටින ගෙදරකට පය ගසන්නට කවුරුවත් කැමති නැත. මේ දිනවල කිසිදු සංචාරකයෙක් හෝටල්වල නැතත් සේවකයන්ට නිවාඩු නැත්තේ, හෝටලය හොඳ තත්වයකින් පවත්වාගෙන යා යුතු බැවිනි. කොයි මොහොතේ හෝ නැවතත් සංචාරකයන් පැමිණෙන සුභ ආරංචිය ලද වහාම විවෘත කිරීමට සියලු දෙනා සැදී පැහැදී සිටිති. මේ මුළු ගමම සංචාරක කර්මාන්තය මත යැපෙන නිසා හෝටල් සේවකයන් පමණක් නොව ගම්මු සියල්ලද බලා සිටින්නේ සුදු මහත්වරුන්ගේ ආගමනය සිදු වන්නේ කවදාද යන්නයි. එහෙත් සෑම උදෑසනකම අසන්නට ලැබෙන ආරංචි හොඳ ඒවා නොවේ.
අප නිවසට ඉදිරිපස ඇති විජේසේන අයියාගේ නිවාස කුලියට ගෙන සිටින්නේ මාත් සමගම හෝටලයේ සේවය කරන ජයසේනය. එහෙත් ඔවුන් මේ දින වල නිවාස වසා දමා යතුරු අපට බාර දී ඔවුන්ගේ කොළඹ නිවස බලා ගොස්ය. තිබෙන වාතාවරණය තුල ඔවුන්ට මෙහි වාසාය කල නොහැක. ඔහු රාත්‍රී සේවය අවසන් කර පැමිණෙන තෙක් ඔහුගේ බිරිඳ සිටින්නේ අපේ නිවසේ මගේ සහෝදර සහෝදරියන් සමග කාඩ් සෙල්ලම් කරමිනි. එහෙත් දැන් ඒවා කළහැකි වාතාවරණයක් නොමැති නිසා ඇයගේ නිවසටම ඇරලවා එහි සිට පාන්දර බස් වල සේවයට එන්නට ජයසේනට සිදු වී ඇත. ක්වාටස් එකේ සිටින මගේ සෙසු මිතුරන්ද නිවෙස් බලා ගොස්ය. මා පැපොල වැළදී ගෙදර විත් දැන් දවස් 10ක් පමණ වේ. මගේ රෝගී තත්වය සුව අතට හැරෙමින් පවතිතත් එය වැළඳෙන විට මා හෝටලයේ නේවාසිකව සේවයෙහි යෙදුනෙමි. පිළිගැනීම් අංශයට කාමරයක් ලබා දී තිබුනද බොහෝ දෙනාට ඉන්නට සිදු වී තිබුනේ ඔවුන්ගේ ඩොමේට්‍රි වලය. ඒවා පහසුකම් අතින් අඩුය. මා ලෙඩ වීමට ප්‍රථම දිනයේදී මවිසින් රාත්‍රියේදී සාදා නිම කලයුතු සංචාරකයන්ගේ බිල් සාදන මහා ලේජරයද, කැල්කුයුලේටරයද ගෙන මාත් ගමගේත් අපගේ කාමරය වෙත පිය මැන්නෙමු. ටික වෙලාවකින් එහි ලඟා වූ අනෙක් දෙපාර්තමේන්තු වල සේවය කරන (නම් වශයෙන් මතක නැත) දහ පහළොස් දෙනෙක් බෝතලයක් ගෙනවිත් බිම වාදී වී එය හිස් කරන්න පටන් ගත්තා. මා කන්නාඩි මේසය ළඟ දැන ගසා මගේ වැඩේ අවසන් කරන්නට උත්සාහ ගත්තා. ලොකුම ප්‍රශ්නයට තිබුනේ අපේ කාමරයේ ටෙලිෆෝනය වැඩ නොකරන එකයි. එකල ඩයලයට ඇඟිල්ල දමා කරකවන දුරකථන තිබූ යුගයකි. මාත් ගමගේත් අපගේ ටෙලිෆෝනය ගලවා, කාමරයේ තිබෙන ටවල් එකකින් හිඟන්නාගේ මල්ලක් වැනි එකක් නිමවා ගෙන එහි බාහා ගෙන යාබද කාමරයකට හොර අඩි තබමින් ගියෙමු.
මේ හෝටල් වල අවුරුදු ගණනාවක් සේවය කර පදම් වී සිටි ගමගේ වැනි අය නිදන්නට එන විට අවට කාමර වලද යතුරු ගෙන ඒමටද අමතක කර තිබුනේ නැත. හනි හනික ටෙලිෆෝනය ගලවා හොඳ ටෙලිෆෝනය හිඟන්නාගේ මල්ලට දමාගත් ගමගේත් මමත් නැවත අපේ කාමරයට ආවේ හොර බළලුන් මීයන් පසුපස යනවිට දක්වන සංයමය අනුව යමිනි. එහි සිට එන අතරේ එම කාමරයට අයත් මිනරල් වතුර බෝතල් දෙකද රැගෙන එන්නට අප අමතක නොකළෙමු. ඒ මේ කාමරයට එක් රොක් වී සිටින රාජකාරි අවසන් කල නොකළ කාගේත් යහපත පිණිසයි. රාත්‍රී ආහාරය ගන්නා විට තිබූ අන්නාසි පෙති කිහිපයක්ම ගිල දැමූ බැවින් මට නැවත කුසගින්නක් හටගෙන තිබුණා. ඒත් කන්නට වැඩි යමක් නොමැති බැවින් මා වැඩ කොටස එසේ තබා ඇඳේ කෙළවරකට වී නිදා ගත්තා. එහෙත් උදෑසනදී මගේ අතේ මතු වී තිබූ දිය බුබුලට අමතරව තවත් කිහිප තැනකම එවැනි බුබුළු ඇති බව මා ගමගේට පෙන්වූ විට, ඔහු කියා සිටියේ මිස්ට නානායක්කාරට පෙන්වා ගෙදර යන ලෙසයි. සිතු පරිදිම එය පැපොල් රෝගයේ ආරම්භක තත්වය විය. උදෑසනම මා පයින්ම ගෙදරට ලඟා වී අම්මාට මෙය පෙන්වා කාමරයට ගොස් නිදා ගතිමි. රාත්‍රිය නිදි වර්ජිතව ගත කලත් කල හැකි කිසිවක් නැත. විදුලි පහන් දැල්විය නොහැක. මට හැදෙන එක මහා ගහෙන්ම පැපොල හැදුනේ මා ඒ දිනවල හෝටලයෙන් දෙන උෂ්ණාධික ආහාර යහමින් අනුබව කර තිබූ බැවිනි. මුළු ශරීරයම වසා බිබිලි දමා තිබුණි.
මේ කෙහෙල්මල් ලෙඩේ නිසා හවසට පිට්ටනියට ගොස් පාපන්දු ක්‍රීඩා කරන්නටද නැත. අප හවසට පාපන්දු ක්‍රීඩා කිරීමෙන් බලාපොරොත්තු වූ කාරණා දෙකක් විය. එකක් රාත්‍රියේ පොල්ලෙන් ගැසුවාක් මෙන් ලැබෙන නින්දය. අනෙක උදෑසන අතේ ගෙන ගියා මෙන් දඟලන්නේ නැතිව පහසුවෙන් මලපහ කල හැකි වීමය. මට මේ ගැටලුව නැති වුවත් සමහර යට ක්‍රීඩාව නිසා කදිම ආහාර ජීර්ණයක් ලබා දී තිබුණි. නින්ද මා අහලකටවත් නොපැමිණේ. තවත් කොපමණ වෙලාවක් අඳුරේ වහලය දෙස බලා සිටින්නද ? මේ කාලයේ පාසල් ගුරුවරුන් වූ මගේ දෙමව්පියන්ට තමන්ගේ වැටුප ලැබෙන ආකාරයක් ගැන සිතන්නට වත් බැරිය. ඒත් මම ලබා ගත පුංචි වැටුපෙන් ගෙදරට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන එන්නට අලුත්ගමට යන්නේ කවුරුන් හෝ අද කඩ ඇරලා යන සුබ පණිවිඩය දුන් පසුවය. අරපිරිමස්මෙන් මුදල් පරිහරණය කල මගේ මව නිසා අප කිසිදු වේලක් බඩගින්නේ නොසිටියා පමණක් නොව වට පිටාවේ අයටද යම්-යම් උපකාරද කරන්නට හැකි විය.
අපේ පාරේ කිසිදු දිනක ජාතික හැඳුනුම්පත් එකතු කිරීම සිදු නොවුනේ මන්දැයි අපට තවමත් ගැටලුවකි. එහෙත් මගේ සොයුරිය සිටි මස්සිනාගේ ගෙදරට නම් සහෝදරවරු දින කිහිපයක්ම පැමිණ ඇත. එසේ ආ විට ඉදිරියට ගොස් ඇත්තේ අක්කාය. ඇගේ පපුවට තුවක්කුව තබා මෙම නිවසේ තුවක්කු තිබෙනවාදැයි විමසා ඇත. මුහුණු වසා එහි සිටි සමහරුන් අක්කා කටහඬින් දැන ගත්තත් නිහඬව ඔවුන් කියන දේට අවනතව කටයුතු කර ඇත. ඔවුන්ට රාත්‍රී අහාරය පිස දිය හැකිදැයි විමසා, පසුව අහාරද රැගෙන කිසිදු කරදරයක් නොකර ගොස් ඇත. දැන් වෙලාව රාත්‍රී තුන හමාර යයි අනුමාන කලෙමි. වෙනදා මේ වෙලාවට අප තද නින්දේය. එහෙත් නින්ද මා වෙත නොඑයි. මගේ සොයුරු සොයුරියන් තද නින්දේ සිටිනු ඇත. යාබද නිවසේ ප්‍රකාශ් මල්ලීගේ කොණ්ඩය හොඳටම වවා රාත්‍රියට නයිටියක් අන්දවා නිදි කරවන්නට ඔවුන් පුරුදු වී ඇත. හේතුව අද අඳුරේ හරියටම ඔවුන්ට පැහැදිලිව මේ සිටින්නේ කාන්තාවක්ද කොලු ගැටයෙක්ද කියා තෝරා ගැනීමට නොහැක. එය කදිම උපක්‍රමයක් වුවද ඉතා අවදානම් ක්‍රියාවකි. යම් විදියකින් එය අනාවරණය වුවහොත් සිදුවන දේ හිතා ගත නොහැක. විරාජ් අයියා වෙනාදා රාත්‍රියෙන වැඩ අවසන් කර ගෙදර ආවත් දැන් එන්නේ උදෑසනය. එයට හේතුව පිටේ ගිටාර් බැඳගෙන එන ඔවුන් එක දිනක් නවත්වාගත් නාවික හමුදාව (බස්නාහිර පළාත බාරව සිටියේ නාවුක හමුදාවයි) කෑම්ප් එක වෙත කැඳවාගෙන ගොස් එලි වනතුරු සිංදු කියවා ඇත. කැලිප්සෝ සංගීත කණ්ඩායම් මයික්‍රොෆෝන් භාවිතා නොකරන නිසා, දැඩි වෙහෙසක් ගෙන ගීත ගායනා කළයුතුව ඇත. ඉතිං මුළු රාත්‍රියම ගීත ගයන්නට සිදු වූ විට ඇති වන තත්වය සිතා ගත හැක. ඉන්පසු ඔවුන් කිසි දිනක රාත්‍රියේදී නිවසට නොපැමිණෙයි. ඔහු සහ ඔහුගේ සහෝදරයා හැරුණු කොට කාන්තාවන් පමණක් සිටින ඒ නිවසේ අය ඉතා බියෙන් කාලය ගෙව් බව මතකය. අවාසාන පැය කිහිපයේදී මා තද නින්දකට වැටී තිබුණි. මාත් සමග යාමට මගේ හිතමිත්‍ර ධම්මිකට පැමිණෙන ලෙස පණිවුඩයක් ඊයෙම යවා තිබූ බැවින්, මා ඇහැරින ලද්දේ ඔහුගේ පැමිණීමෙන් පසුවය.
ප:ලි : මීළඟ කොටසෙන් අත්තිකාරම් ගන්නට ගොස් සිදු වූ දේ.
මේ පොස්ටුව කෙතරම් දිගු වුනත්, පහුගිය ලිපිය කියවීම මගින් අතහැර දැමූ මා මිත්‍ර සුමිත් නිරිඇල්ල මේ ලිපිය කියවන බව දනිමි. හැම පළාතකම එක වගේ හොඳ මට්ටමක අන්තර්ජාල පහසුකම නැති බව දනිමි. අපගේ බ්ලොග් වල තිබෙන සියලු දේ ලෝඩ් වන්නට සැහෙන කාලයක් මෙන්ම දත්ත ප්‍රමාණයක්ද වය වන හෙයින් සියලු දෙනාගේ යහපත පිණිස මගේ බ්ලොගර් ටෙම්ප්ලේටය නැවතත් මාරු කලෙමි. දැන් කමෙන්ට් සඳහා ප්‍රතිචාර දැක්විය හැකිය. මගෙන් දහ අට දෙනෙකුට පැපොල බෝ වී තිබූ බව පසුව දැන ගන්නට ලැබුණි.
මේ පොස්ටුව කෙතරම් දිගු වුනත්, පහුගිය ලිපිය කියවීම මගින් අතහැර දැමූ මා මිත්‍ර සුමිත් නිරිඇල්ල මේ ලිපිය කියවන බව දනිමි. හැම පළාතකම එක වගේ හොඳ මට්ටමක අන්තර්ජාල පහසුකම නැති බව දනිමි. අපගේ බ්ලොග් වල තිබෙන සියලු දේ ලෝඩ් වන්නට සැහෙන කාලයක් මෙන්ම දත්ත ප්‍රමාණයක්ද වය වන හෙයින් සියලු දෙනාගේ යහපත පිණිස මගේ බ්ලොගර් ටෙම්ප්ලේටය නැවතත් මාරු කලෙමි. දැන් කමෙන්ට් සඳහා ප්‍රතිචාර දැක්විය හැකිය. මගෙන් දහ අට දෙනෙකුට පැපොල බෝ වී තිබූ බව පසුව දැන ගන්නට ලැබුණි.
පින්තුරය ගත්තේ : grandsamoanadventure.blogspot.com
18 denekutama dunnada? Walaha kanna epey.
ReplyDelete89 gena man danne kaurun ho kiyana dewal pamanaki, ein ma wediyenma wishwasa karana, kisi dinaka amathaka nowana ekama deyak etha. E ape amma 89 gena kala keti pehedili kirime wadanakya.
"umba aththatama wasanawanthai puthe. Dostharalage weda nawaththala jeevithath ekka sellam karapu welawaka anik ammala daruwoth ekkama peni peni merunu welawaka umba ipadune. Man hithuwe api dennama merei kiyala"
Ape aiya ipadune 83e ya. Eya sbawika upathak nowe. Mada esemaya. Punchi kola keellakin rohal wala weda nawaththana welawaka ammata danuna dein adak ho mata danuni.
ඒ යුගයේ මිනිස් ජීවිතයක වටිනාකම කුමක්දැයි සිතුන කාලයක් ?
Deleteමටත් පැපොල හැදිලා තිබ්බ කාලෙ තමා මතක් වුනේ... ඔය ලෙඩේ හැදුනාම දැනෙන සනීපෙ නම් කියලා වැඩක් නෑ... අපේ ගෙදර අම්මට හැර තාත්තා,මම,මල්ලි තිදෙනාටම එකටමයි පැපොල හැදුනෙ... අම්මා තනියෙන් මේ හැමෝටම උවටැන් කලා... ඒ දවස් වල ගමේ අය දිණපතාම තැඹිලි සහ කොළඹ කොළ ගෙදරටම ගෙනත් දුන්නා මතකයි... ඔය ලෙඩේ වයසින් මුහුකුරා ගිය අයට හැදුනාම අමාරු වැඩියිලු...
ReplyDeleteසහෝදරවරුන්ගෙ කාලයේ මේ පැත්තෙ නම් කවුරුවත් ඝාතනය වෙලා නෑ... පිටින් ගෙනල්ලා මරලා දාපු මිනී විතරයි තිබිලා තියෙන්නෙ...
ඔබ ජීවත් වී තිබෙන්නේ වාසනාවන්ත පලාතකයි.
ReplyDeleteමට ැවත බ්ලොග් ලිවීමට ඉඩක් නොලැබෙන ලකුණුයි පෙනෙන්න තියෙන්නෙ. දැනට මගේ ගූගල් අකවුන්ට් බ්ලොක් කර ඇත. නව ජීමේල් අකවුන්ට් එකක් සාදා ගැනීමට හෝ ජී මේල් තුළට ඇතුළුවිය නොහැක.
ReplyDeleteබ්ලොගය හැක් වී ඇතිදැයි නොදනිමි.
අලුත් ටෙම්ප්ලෙට් එක හොදයි.
වර්ඩ්ප්‍රෙස් වල බ්ලොග් ලිවිය හැකියි නේද?
Deleteඔය සුමිත් අයියගේ ප්‍රහාරය යහතින් තියෙන්නේ..... මං දැං ගිහින් බලලා ආවේ.....
Deleteවර්ඩ්ප්‍රෙස් නම් එපෝ...
අෙන් සුමිත් අයියා ලියන කම් බලං ඉන්න අපිට මොකද වෙන්නේ එතකොට....
සුමිත් අයියේ වෙන මොකක් හරි අවුලක් , බ්ලොක් කරලා . හැක් කරලා නං ප්‍රහාරයටත් බඩු බනිස් වෙන්ඩ ඕන නේද.
Deleteපරණ ලිපි ටික කොපි කරලා අළුතින් ලියමු
සාමාන්‍යන් එහෙම වෙන්න බැහැ සුමිත් අයියේ ,,මේ හිරු කිව්වා වගේ අපි ඔයාගෙ අඩවි ගිහින් එනවා. ටිකක් උත්සාහ කරලා බලන්න.
Deleteසැලෙන්න එපා.... ඒක බැරි නම් තව එකක් පටන් ගමු සුමිත් අයියා...
Deleteසහෝදර වරුන්ගේ කාලයේ මා කුඩා ළමයකු උවත් අත්දැකීම් නැතුවා නොවේ හැබැ සහොදරයන්ගේ බලපෑම් වලට වඩා අලී මහත්හොරුන්ගේ බලපෑම්
ReplyDeleteඔව් හමුදාව එවැනි දේට දක්ෂයි.
Deleteසුදීකගේ පෝස්ට් එක කියෙව්වට මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරි උනා... පැපොල සම්බන්ධයෙන් අදහස් දක්වනවද ඔය කාලය ගැන යමක් කියනවද කියලා... පැපොල ගැන මොනවා කියන්නද කරුම ලෙඩක් කියනවා ඇරෙන්න...
ReplyDeleteඔය කාලය ගැන දැනීමක් නැති උනාට මම මොන්ටිසෝරි යන කාලේ පුස්සැලි ඔය දිගේ මීනී පාවුනා කියලා අම්මා කියලා තියෙන නිසා මට ඒ ගැන යාන්තමට මතක තියෙනවා.... ඒ කලේ වත්‌තේ වළළපු තාත්තගේ සෝවියට් පරිවර්තන ටික ගෝනියක තිබිලා මට හම්බුවෙලා පොත් බඳින තැනකට දීලා ආයිත් හදා ගත්තා.... ඒ ඇරෙන්න තාත්තා ඔය ගැන කතා කරනවා අඩුයි.....
සෝවියට් දේශය කියන සඟරා මාත් කියවා තිබෙනවා. එහෙත් ඒවා මගින් විප්ලවයට මිනිසුන් යොමු කරවීමක් නෑ. එහෙත් ඒ කාලේ පාලකයෝ සහ ඔවුන්ගේ කටයුතු බලාකියා ගත හමුදා නිලධාරීන් හැසිරුණු ආකාරය ඔය සඟරා වැළලීම යට ගැබ් වෙලා තියෙනවා. ගිනි තියන්නතුව වලලන්නේ නැවත ගොඩ ගන්න. ඒ කියන්නේ ඒවා වැදගත් කියන එක. මම හිතන්නේ බොහෝ දෙනෙක් එසේ කළා. හමුදා බුද්ධි අංශයක් කියලා දෙයක් ඒ කාලේ තිබ්බද වත් කියල සැකයි.
Deleteසෝවියට් දේශය කියන සඟරා මාත් කියවා තිබෙනවා
Deleteඑව්වා හෙන රසයි
සුදීක තරම් පට්ට නාකියෙක් නොවුනාට , උස්සගෙන ගිහිල්ලා මරන්ඩ තරම් උසක් මටත් ඒ දවස්වල තිබ්බා,
Deleteආරක්ෂක කලාපයක් ඇතුලේ නිල නිවාසයක හිටපු නිසා මරණ බයක් නං තිබුන් නැ
දවසක් යාළුවෙක් එක්ක රැ වෙනකං ඇවිදලා ආපු අපි දෙන්නට මහ බැංකුවේ විධායක නිළදාරියෙක් උන යාලුවාගේ තාත්තා මෙහෙම කියුවා
''මරලා පුච්චන්ඩ තරම් උඹලා දෙන්නා ලොකුයි ගෙට වෙලා හිටපල්ලා''
කවුද යකෝ නාකිය.බලාපල්ලා මේ මුනේ හැටී, හරියට අපී සීයා වගේ. :)
Deleteසෝවියට් දේශය සඟරාව නම් කියවලා නෑ... අපේ තත්තා ගාව තිබ්බ ඔක්කොම රුසියානු නවකතා... අම්මා, වනේ පන්නරය ලැබූ හැටි, සැබෑ මිනිසෙකුෙග් කතාවක් .. එහෙම....
Deleteතව පරණ පොත් ගොඩක් හම්බුනා ඒ ගමන්ම.. ඒ දවස්වල පොත මොකද්ද කියලා බලන්නෙත් නැතුව පිච්චුවාලුනේ.....
අපේ අම්මයි තාත්තයි බැදලා තියෙන්නේත් ජූලි කලබල අස්සේ.. ඒ දවස්වල තාත්තටත් වැඩිය හංගගෙන ඉඳලා තියෙන්නේ අපේ බාප්පව.....
මං ඉපදුනේ ඔය දවස්වලනේ... හැබැයි අසූ අටේ ජූලි වල... ඒ දවස්වලත් කලබල නිසා හොස්පිට්ල් එකේ ලයිට් දාන්න දුන්නේ නැල්ලු... මට නං මතක නෑනේ...
ReplyDeleteඑහෙම වුන ඒක හොඳයි.
Deleteඒක තමයි මල්ලි ඔච්චර කළු
Deleteloku watama kalabala thibba MATHARA peththe thamai oya dawaswala mama hitiyo..hebei edath adath kisi wenasak nehe..eda wild widihata kala de den professional widihata karanawa..ashcharyamath lankawa..jaya sri...!!! :(
ReplyDeleteප්‍රොෆෙෂනල් ...:)
Deleteඅත්තිකාරම් ගන්න ගිහින් වෙච්චදේ අහන්න මග බලා ඉන්නවා සුදීක.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පොඩියක් ඉවසන්න දුඩෝ.
Deleteකාලෙකින් කියෙව්වේ..පලවෙනි වාක්‍ය දෙකයි මේ පැත්තට මාව ගෙනාවේ..ජයම වේවා අංකල්!
ReplyDeleteමේ වගේ පොස්ට් කට්ටිය බලනවා අඩුයිනේ. ඒත් ඒ යුගයට මුහුණ දීපු අය තමයි මේ අත්දැකීම් වල ත්‍රාසජනක ගතිය දන්නේ.
Delete