මාතෘකාව දැක්කම මොනවද හිතෙන්නේ? ඔබට හිතෙයි මෑතකදී ගුවන් කරනම් ශිල්පියෙකු තැබූ ලෝක වාර්තාව සම්භන්ධ දෙයක් කියා. ඒත් ඒ ගැන බ්ලොග් පොස්ට් දෙකක්ම තිබෙනවා ඔබ දකින්න ඇති. සමහරවිට කියවන්නත් ඇති. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ කියන්නේ ගුවන් ගමන් ගැන. මොකද දවසකට සිදු වන ගුවන් අනතුරු ප්‍රමාණය ගැන හිතල කියල. එහෙමත් නැත්නම් අතුරේ යන එක ගැන. නෑ. මා කියන්න යන්නේ මේ එකක්වත් ගැන නොවේ. මෙය සාමාන්‍ය සමාජයේ තිබෙන රෝගයක් නොවූ රෝගයක්. මගේ යාලුවෙක් ඉන්නවා එයාට උඩක ඉඳන් බිම බලන්නත් බෑ. අපි පුදුම අමාරුවකින් තමයි මෙයාව ගුවන් ගමනක දී මෙල්ල කර ගත්තේ. ඔහු කියන විදියට ගුවන් යානය උඩට ඔසවත්දී(Take off) ඔහුගේ බඩ දඟලා පුදුමාකාර අමාරුවක් දැනෙනවා කියලා. ඒත් කතාව ඒක නම් නෙවේ. මෙය එක්තාර විදියකින් කියමනක්. ඒත් මෙය පොදු සමාජයේ යට ඇති වෙන රෝගී තත්වයක්. දැන් වෛද්‍ය වෘතියේ ඉන්න අපේ පොඩි කුමාරිහාමි, මහ වෙදනා එහෙම කලබල වෙන්න පුළුවන් මොකක්ද මේකා මේ කියන්න යන හරුපේ කියලා.
ඒ 2010 පෙබරවාරි මාසයයි. මට ලැබුන එක්තරා ඊ මේල් පණිවුඩයකින් කියා තිබුණේ ආචාර්ය මධු ප්‍රනාන්දු මහත්මිය මෙහෙයවන "Best Practices in IT Project Management" නමැති එක්දින වැඩමුළුව ගැනයි. මගේ මතකය නිවැරදි නම් එහි ගාස්තුව රුපියල් 7500ක්. මෙය මා ඉතා ප්‍රිය කරන විෂයයක්. ඉතින් මා මේ ඊ මේල් පණිවුඩය මගේ දෙපාර්තමේන්තු ප්‍රධානියාට යවන ගමන් එම වැඩමුළුවට සහභාගී වීමට මා කැමති බව දන්වා සිටියා. එයට එම මොහොතේම ඔහුගේ කැමැත්ත පල කර අදාළ අංශ වලට යැවූ ඊ මේල් පණිවුඩයේ පිටපතක් මටද ඒවා තිබුණා. දින කිහිපයකින් මා එම වැඩමුළුවට ඉතා උනන්දුවෙන් සහභාගී වන්නට පිටත් වුවා.
එය පැවැත්වුයේ ඉබ්බන්වල තිබෙන එක්සෙල් වර්ල්ඩ් කියන විනෝදාස්වාදය සඳහා වෙන් වූ ස්ථානයේ. එහෙත් මෙම ස්ථානයේ මෙවැනි වැඩ මුළුවක් පැවැත්විය හැකිදැයි යන්න ගැන මා සිටියේ දෙගිඩියාවකින්. නමුත් එම ස්ථානයට සේන්දු වූ විට එහි පලමු මහලේ ශ්‍රවනාගාරයක් තිබෙන බව පසක් වුනා. පලමු මහලට නැගගත් පසු එහි සිටින සේනාව දුටු විට මට දවල් තරු පෙණුනි. "කෝ කැප්ටටන් වත් පේන්න නැනේ" යයි සිතමින් එහි තිබෙන පෝලිම් කිහිපයෙන් සෙනග අඩු එකකට එකතු වුනා. කැප්ටන් යනුවෙන් හැඳින්වුයේ මගේ දෙපාර්තමේන්තුවේම සේවය කරන රත්නසිරි මහතායි. ඕනෑම කෙනෙකු ඔහු අමතන්නේ "කැප්ටන්" යන ආමන්ත්‍රණයෙන් නිසා අපද ඔහුට පෙරලා කැප්ටන් යනුවෙන් ඇමතීමට පුරුදුව සිටියා. ඔවුන් පොරකමින් පොදි ගැහී ඉන්නේ සංවිධායකයින් ලබා දෙන අලංකාර බෑගයක දමා තිබෙන ත්‍යාගය ලබා ගන්නට බව මොහොතකින් මට වැටහුනා. මේ බෑග් වල සටහන් වී තිබෙන ලා කොළ පාට සමනලයෙක් වැනි සලකුණ ඒ දින වල රුපවාහිනී නාලිකාවලත්, මග දෙපස ඇති සුදු ගොඩනැගිලි වල බිත්ති වලට එල්ල කරන ලද ප්‍රොජෙක්ටර් දසුන් මගිනුත් දැක ගැනීමට ලැබුනා. නමුත් ඒ කුමන හේතුවකට පෙන්වන දෙයක්ද කියා සොයා ගැනීමට නොහැකි වී තිබුණා. ඒත් තවත් විනාඩි දෙකකින් ආරම්භ කරන වැඩමුළුවට මෙතරම් ජනකායක් කෙසේ නම් ඇතුලත් කරන්නද? නමුත් එයට සහභාගී වන අය දෙස බැලු විට විවිධ තරාතිරම් වල අය සිටින බව පැහැදිලිව පෙනුනා. ටයි පටි පළඳින අයද, කලිසම් සහ ටී ෂර්ට් ඇඳි අයද, මුදලාලි පෙනුමක් ඇති අයද මෙහි සිටීම ගැටළුවක් වුනා. නමුත් මෙහි දොරවල් දෙකක් තිබියදී ඔවුන් දකුණු පස ඇති දොරටුවකින් ඇතුලත් කරන අර කලින් සඳහන් කල සලකුණ ඇති කළු සහ සුදු ටී ෂර්ට් ඇඳි පිරිස දුටු විට මට යම් සැකයක් මතු වුනා. ඔවුන්ගේ මලු දුටු විට ඔවුන් බෙදන්නේ ඉහත සඳහන් ටී ෂර්ට්ම බව පැහැදිලි වුනා. කොතන හෝ වරදක් ඇති බව සිතා මා කොයි එකටත් වම පස දොරටුවෙන් හිස දමා බැලුවා, අපේ කැප්ටන් එහි අසුන් ගෙන සිටිනු දැක අනිත් පස තිබෙන්නේ වෙනම සුහද හමුවක් බව පසුව දැන ගත්තා. ටික දිනකදී මේ වෙන කිසිවක් නොව "එටිසලාට්" වෙළඳ සලකුණ බව දැන ගත්තා.: D.
පින්තූරය ගත්තේ www.gulfnews.com |
කොහොමින් - කොහොමින් හරි වැඩමුළුව ආරම්භයේ සිටම සහභාගී වන්නට හැකි වීම පිළිබඳව මා සතුටට පත් වුනා. එයට සහබාගී වී සිටියේ පහලොවකට අඩු ප්‍රමාණයක්. එම වැඩමුළුව ගැන මා වැඩිමනත් සඳහන් නොකරන්නේ මෙය කියවන සියලු දෙනා තොරතුරැ තාක්ෂණයට අදාළ සේව්වාවන් වල නියුතු අය නොවීම නිසා. නමුත් තේ විවේකයට පසුව කුමක් හෝ මාතෘකාවක් ඔස්සේ කතා කල මධු ප්‍රනාන්ධු මහත්මිය පරිඝනක ව්‍යාපෘති වල හෝ ඔබගේ කාර්යාලයේ සිදු විය හැකි අලුත්ම ගණයේ රෝගයක් ගැන විස්තර කළා එය
"Tall Poppy Syndrome"
ඇය පවසුසේ ඔස්ට්‍රේලියාව වැනි රටවල මේ කියමන ඉතා ප්‍රසිද්ධ එකක් බවයි. ලංකාවේ අපිටනම් මෙය ඉතා හුරු එකක් නොවේ. අනික අපිට තිබෙන ප්‍රස්තා පිරුළු ආදිය ගත්තාම මේක ඉතාම සුළු එකක්. නමුත් මේක වැදගත් එකක්.
පින්තූරය ගත්තේ : http://annemariecross.com |
බලන්න මේ පින්තුරය දිහා. මේකේ පැහැදිලිවම පේනවා නේද අනිත් පොපි මල් සියල්ල එක මට්ටමක තිබෙද්දී එක් පොපි මලක් පමණක් ඉතා ඉහලින් පිපී හිනැහෙනවා. මේ වගේ ඉහලින් පිපුණාම ගොවි මහතුන්ගේ නෙත මේකට ගැටෙනවා ඔවුන් එක ඉක්මනින්ම කපා ඉවත් කර ගන්නවා. නමුත් මේ කතාවේ හරය එය නොවෙයි.
සමහරවිට ඔබ මේ වනවිටත් එයට මුහුණ දී තිබෙන්න පුළුවන්. ඇත්තටම ඒ දේශනයට සවන් දෙත්දී මමද එවැනි කාලයක් පසු කරමින් සිටියා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔන්න ඔෆිස් එකක යම් කණ්ඩායමක් වැඩ කරනවා. ඒ ඔෆිස් එකේ ඉන්න එක් සේවකයෙක් අනිත් යට වඩා වැඩි දැනුමකින් හිතා ගන්න බැරි විදියට වැඩ කරනවා. මේක දකින අනිත් අය නිරන්තරයෙන් අර සේවකයාට ඉරිසියා කරන්න පටන් ගන්නවා. ඉන් පස්සේ අර මනුස්සයව නොයෙක් විදියට තාඩන පීඩන වලට ලක් කරලා එයාට එතන ඉන්න බැරි වෙන තත්වයකට ගේනවා. එයාගේ හැකියාව දකින ප්‍රධානීන් කරන්නේ එයාට විශේෂයෙන් සලකන්න පටන් ගන්නවා. ඉතිං අනික් අය එකතු වෙලා අර පුද්ගලයා ගැන ප්‍රධානියාගේ හිතේ තියෙන පැහැදීම නැති වෙන විදියට වැඩ කරන්න පටන් ගන්නවා. එයාගේ නැති අඩුපාඩුවක් හරි දැනෙන්න සලස්වනවා. නැත්නම් එයාව බොරු වලක වට්ටවල ලොක්කට පෙන්වනන්ව.
මේ කියන දේවල් මම අත්දැකීමෙන් විඳලා තියෙනවා. මම ආචාර්ය මධු ප්‍රනාන්දු මහත්මිය සමග දිවා විවේකයේදී හැඟුම්බරව මේ ගැන පවසනවා. මා ඇයගෙන් විමසා සිටිනවා මට මෙසේ සලකන පිරිසට එය දැනෙන්න ඊ-මේල් පණිවුඩයක් මගින් යවන්නද ? කියල. නමුත් එතුමිය පවසන්නේ එසේ කිරීමෙන් තත්වය වඩා දරුණු වන්නට ඉඩ ඇති නිසා තවත් ඉවසා සිටින්න කියලා. දිවා විවේකයෙන් පසුව ඔබ අංශ ප්‍රධානියෙක් හෝ ව්‍යාපෘති ප්‍රධානියෙක් නම් කල යුතු දේ ඈ පවසනවා. ඔබ කල යුත්තේ අර ඉහල් දක්ෂතා පෙන්වන සේවකයා එම තැනින් ඉවත් කොට ඔහුට ඊට වඩා වැඩි වගකීම් සහ පහසුකම් සහිත ස්ථානයක (වෙනත්) අනුයුක්ත කරන ලෙස.
මා නැවතත් කාර්යාලයට එනවා. එන්නේ අර මගෙත් සමග "Tall Poppy Syndrome" තත්වයේ සිටින අය අතරට. නමුත් මගේ වාසනාවකට මගේ හොඳම හිතවතියක් මේ අය අතර ඉන්නවා. මට සිදු කරන්නට යන සියලු අකටයුතුකම් ඇය මාර්ගයෙන් මා දැන ගන්නවා. එනිසා මට එම අනතුරු වලින් ගැලවී ඉන්නට ඉඩ ලැබෙනවා. මේ කාලයේදී මා මේ පිළිබඳව අංශ ප්‍රධානියා දැනුවත් කරනවා.
නමුත් මා මේ වැඩමුළුවෙන් උගත් දේ යන මාතෘකාවෙන් "Tall Poppy Syndrome" ගැන ඊ-මේල් පනිවුඩයක් අංශ ප්‍රධානියාට යවන්න සලස්වනවා. ඔහුගේ පිළිතුර වන්නේ "Agreed" යන්නයි. නමුත් ඔහු මගෙන් ඉල්ලා සිටි දැන් සිටින අංශයේ ප්‍රධානත්වය බාර ගන්න මම ඉදිරිපත් නොවන්නේ ඒ වනවිට එම තනතුර දරන්නා කපා එතනට පැමිණියා යන අපවාදයට මා කැමති නැති නිසයි.
මේ "Tall Poppy Syndrome" යන දෙය මීට කලින් මා අසා තිබුනා වෙනත් විදියකට. සටන් ශිල්පී සේනක විජේසිංහ මහතා ගුවන් විදුලි වැඩසටහනකට විත් පවසා සිටිය "අපි හොදට වැඩීගෙන එන ගොයමක් දිහා බැලුවොත් දකින්න පුළුවන් එකක් දෙකක් ගොයම් ගස් අනිත් ඒවාට වඩා උඩට ඉස්මතු වෙලා, අන්න ඒ වගේ කලාතුරකින් පහළවෙන අය තමයි මාර්ටින් වික්‍රමසිංහ වගේ අය. හැමදාම හැමතැනම ඒ වගේ අය බිහි වෙන්නෑ" කියල. ඉතිං මේකට අපේ වචනයකින් කියනවා නම "උස ගොයම් ගස" කියා කියන්න පුළුවන්.
ඔබත් කවදා හෝ මේ උස ගොයම් ගස හෝ Tall Poppy Syndrome එකට භාජන වී තිබෙනවාද ?
සුදීක
2012.10.17 රාත්‍රී 08.30ට
ප:ලි: Google+ Profile එකක් සාදා ගත් පසු එය Blogger ID ඒක Replace කල නිසා මගේ නම Subash Dilruk ලෙස දිස් වනවා අත. නිවැරදි කර ගන්නා අකාරයක් දත් අයෙක් වෙතොත් දන්වන්න.
කරල බර වෙන්න වෙන්න නැවෙන්නෝනි නොවැ !
ReplyDeleteඇත්ත. කරලක් හෝ ඵලදවාක් ගැන කිව්වොත් බර වෙන්න ඕනෑ තමයි. මෙතන කියන පොපි මලේ නැට්ට හයියයි. එය කෙලින් නැගී සිටිනවා.
DeleteFreelance නිසා සිරාට හතුරෝ නැති සෙයකි... නැත්නම් ඔබ කියන කථාව ඇත්තය... කකුලෙන් අදින්නට බලා ඉන්නා වුන් හැමතැනම...
ReplyDeleteමේක කිව්වහම මතක් වුනේ මමත් මගේ නැගණියත් කලකදී පත්තරයකට ලිපි සපයෙව්වා. ඒ ලිපි සඳහා අවශ්‍ය තොරතුරු ගන්න කථා කල එක් ගීත රචකයෙක් මා පිලිබඳ විස්තර විමසුවා. නමුත් ඉන් පසු සතියේ සිට අපට ලැබුන එම අවස්තාව අහිමි වුනා. Freelancer කෙනෙකුට වුනත් මේක වෙන්න පුළුවන්. ඒ අවස්තාව ලබා ගන්න බලන් තව කෙනෙක් හිටියොත්.
Deleteතවම නං කපාගෙන නෑ... ඉස්සහරට කපලා දායිද දන්නෑ බලෙන්ම :)
ReplyDeleteහොද ලිපියක් අයියා...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම ස්තුතියි. එසේ නොවේවා කියා පතනවා.
Deleteගූගල් ප්‍රොෆයිල් එකේ නම එඩිට් කරගන්න.
ReplyDeleteතවම බලන්න ලැබුනේ නෑ. හොඳයි නිශාන් බොහෝම ස්තුතියි උපදෙස් වලට.
Deleteදැන් හරි.
Delete:) තවම නම් නෑ! ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ!
ReplyDeleteදැන ගියොත් කතරගම.
Deleteඋසම එකට තමා හෙන ගහන්නෙත්. ඉතින් පරිස්සම් වීම හොදයි. වඩාත් හොදම විදිය වැඩිපුර තියෙන උස අනෙක්වාට සමාන වනතුරු දගර ගස්සන එකයි.
ReplyDeleteදැනුම හා හැකියාව දඟර ගස්වන ක්‍රමය තමයි ප්‍රශ්නේ? ඒ ඒ දවස් වල. දැන් මම ඉන්නේ දඟර ගහලා.අර නයා ඉන්නවා වගේ. දැක්කේ නෑ, දන්නේ නෑ. කිසි කෙනෙක්ගෙන් කරදරයකුත් නෑ.
Deleteusai kiyala dakkothne prashne thiyenne. Usai kiyala penne nethi wenna innai ona.
ReplyDeleteMata nam ohoma dewal wela ne.
එහෙම ඉන්න අමාරුයි. එහෙම ඉඳිද්දී ලොක්කෝ කතා කරලා අරක කරන්න මේක කරන්න කියනවා.කරනකොට අනිත් යට ප්‍රශ්න?
Deleteජනප්‍රියම සෙල්ලම නේ
ReplyDeleteමට පුදුම සුද්දෝ අතරත් මේවා තියෙනවා කියන එක.
Deleteඅත්දකිමින් ඉන්නව. මේක මග හරින විදියක් හිතමින් ඉන්නෙ. මේ උපදෙසත් මට ගැලපෙන්නෙ නෑ. මොකද, මම ඉන්නෙ විදේශික පිරිසක් එක්ක. මෙතන ඉන්න සියලු දෙනා අඩු සුදුසුකම්, අඩු අත්දැකීම් සහ අඩු හැකියවැති අය උනත්, ඔවුන් සියලු දෙනා අයතනයේ මවු රටේ අය. මම හා තවත් එක් අයෙක් විතරයි විදේශිකයො.
ReplyDeleteමම සර්ච් කරගෙන යද්දී කියෙව්වා පේජ් එකක් මේක බලන්න
ReplyDeletehttp://annemariecross.com/victim-of-the-tall-poppy-syndrome-what-to-do-when-things-get-nasty
මටත් ඔයවගේ අත්දැකීමකට මුහුණ දෙන්න උනා.. මැනේජර්ට වඩා අපේ සේල් එක වැඩි උනා.. ඒක මැනේජර්ට රුස්සන්නෙ නැති උනා.. ඒක ඉවර උනේ අපි තුන් දෙනෙක් එතනින් ඉවත් වෙලා...
ReplyDeleteවැදගත් ලිපියක්.. කලින් දකින්න තිබුනනම් කියල හිතුන..
එහෙනං ඔයාටත් මේකේ වේදනාව තේරෙනවා.
Deleteඇත්තටම වටිනා කියන ලිපියක්.තාම ඔය සෙල්ලම කරන්න බැරිවුණානේ.ට්‍රයි එකක් දෙන්න ඕන.
ReplyDeleteසරත් ගේ ලිපියේ කමෙන්ටුව හරහායි මේ ලිපිය දැක්කේ.
ReplyDeleteTall poppy syndrome යන්න සහ එහි පසුබිම් කතාව ඔබ අසා ඇති ආකාරය මා මෙහිදී (Australia) අසා ඇති ආකාරයට වඩා තරමක් වෙනස්. මෙය මා රසිකොලොජියේ ලියන්න සිතා සිටින මාතෘකාවක්.
අපූරු උපමාවල්. මං ලංකාවෙදි හොඳට කාපු මිනිහෙක් අමුතු දක්ෂ කමක් හින්දා නෙවෙයි.. කරන්න ඇති දේ හරියටත් වෙලාවටත් කරන්න බැරිනම් කොකර ඉන්න එක වඩා හොඳයි කියල තාත්තා හැමදාම කිව්වෙ. අපේ තාත්ත එක්ක වැඩක් කරන්න ගියාම හරියට නැත්නම් හරි හෙමින් කොලොත් හරි තිත්ත වෙන්න වදිනවා බැණුම්.. අම්මා තාත්තට ඔරොප්පු වෙනවා කූඹින් ලව්ව ගල් අද්දවන්න යන්න එපා කියලා. ඔය ආභාෂය හින්දා දේඅයක් හරියට කරන්නත් විධික්‍රම හොයන්නත් මං පුරුදු උනේ.
ReplyDelete