මම හිතන්නේ ලංකාවේ මුලින්ම බ්ලොග් එකක් ලියන්න ඇත්තේ මං කියල. දැන් අපේ බ්ලොග් ලියන ප්‍රවීණයන්ට අම්බානකට තද වෙලා ඇති. මූ කොහොමද අපට කලින් බ්ලොග් ලියන්නේ කියලා. ඉන්නකෝ මං කථාව කියන කං. හොඳයි 1995 ට කලින් බ්ලොග් ලියපු කවුරුහරි ඉන්නවනම් අත උස්සන්න. සොරි සොරි අත ඉස්සුවාට පේනවැයි. මූ නං හරිම බූරුවෙක් කියලා දැන් ඔබ තුමාලට හිතෙනවා ඇති. මං කියන්නේ ඇත්ත. මං මුලින්ම බ්ලොග් එකක් ලිව්වේ 1995 මැයි මාසෙන් පස්සේ කියල මට සහතිකේටම කියන්න පුලුවන්. මොකද මේ ලිවිල්ල පටන් ගත්තේ මම 1995 දී මහජන බැංකුවට බැඳුනට පස්සේ. ඒ කාලෙදීත් කොළඹට සීමා වෙලා තිබ්බ ATM කාඩ් භාවිතය නිසා තමයි මේකට අඩිතාලම වැටුනේ. වහෙන් ඔරෝ කියන්නේ නැතුව කෙලින්ම කථාව කියන්න්ම. පෙට් ඒ කියන්නේ මහජන බැංකුවේ ඒටීඑම් කාඩ් පත. සාමාන්‍යන් ඔනෑම දෙයක් ඉක්මමන්ටම අත් හදා බැලීමේ පුදුමාකාර අසනීපයක් මට තියෙනවා. ඒක නිසාම වෙන්න ඕනෑ මමත් බැංකුවට ආපු ගමන්ම පෙට් කාඩ් එකකට ඇප්ලයි කලේ. ඒ කාලේ ගන්න තරම් වැඩි දෙයකුත් එකවුන්ට් එකේ නොතිබුනත් මිනි ස්ටෙට්මන්ට් කියලා එකක් තිබ්බ අන්තිම ගණුදෙනු පහ මුද්‍රණය වෙන. මගේ වැඩේ මිනි ස්ටටෙමෙන්ට් ගන්න එක. මුලින්ම මේව ටිකක් ගොඩ ගහගෙන ඉන්නකොට මට හිතුනා. මෙක හුඟක් දෙනා ගුලි කරලා විසි කරලා දාන එකේ මෙකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියල. ඒත් මේ අඟල් 4යි 4රේ කොල කෑල්ලෙන් මොනවද ගන්න පුලුවන් ප්‍රයෝජනය? අනිත් පැත්තේ මොනව හරි ලියන්න නම් පුලුවන්. හොඳයි අද ඉඳලා මම මෙකේ පත්තරයක් ලියනවා කියලා හිතා ගත්ත. ලියන්න නම් ඕනෑ තරම් දේවල් තියෙනවා ඒත් මොකක්ද මේකට දාන නම? පත්තරයක් උනහම නමකුත් තියෙන්න එපැයි. මේ දවස් වල සෙල්ටෙල් ලංකාවේ හොඳටම ජනප්‍රිය කාලෙ. එයාලගේ පිටතට යන ඇමතුමකට මිනිත්තුවකට රුපියල් 13ක් අය කරනවා. අද කාලයේ හැටියටනම් මේක අස්ප ගණන් කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒත් ඒ කාලයේ කවුරුත් දොසක් නොකියා ඔය ගානට සෙලියුලර් භාවිතා කලා. ඔය අතරේ එයාලගේ විශේෂ දීමනාවක් තිබුණා "ෆෝ බයි ෆෝ" කියලා. ඒ කියන්නේ කැමතිම අංක හතරකට විනාඩියක්ට රුපියල් 4 ගානේ. ඒ කාලයේ හැටියට ඒක පිස්සු හැදෙන දීමනාවක්. හැමෝම පෝලිමේ ඉඳල ගන්න තරමට ජනප්‍රිය වුනා. ඉතිං අර පෙට් යන්ත්‍රයෙන් එන කොළ කෑල්ලේ ප්‍රමනයත් 4 x 4 නිසා මට හිතුනා ඒ පත්තරයට ෆෝ බයි ෆෝ කියලම දාන්න. මේ පත්තරය ඒ කාලයේ නොබලන කෙනෙක් නෑ. අපේ ඉහල නිළධාරීන් පවා මේක හොරෙන් බැලුව කියල පස්සෙ මට ආරංචි වුනා. මේකේ ලියන්න ඕනෑ තරම් කරුණු ඒ කාළයේ තිබුනා. දැන් ඔයාලගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්ණය මම දන්නව. මේක කොහොමද බ්ලොග් එකක් වෙන්නේ ෆොටෝ නෑ, කමෙන්ට් දාන්න බෑ. හොඳයි ෆොටෝ වෙනුවට මම ඒ කාලේ අතින්ම ඇන්ඳ කියමුකෝ. එතකොට කමෙන්ට් ? එකත් හරිම ලේසියි. තව පෙට් කොලයක කමෙන්ට් එක ලියලා ඒකත් මේකට ස්ටෙප්ලර් කරන්න තියෙන්නේ. එහෙම ලියපු එක කමෙන්ට් එකක් මට තවම මතකයි. ඒක ලිව්වේ ඒ පත්තරෙ හොඳම රසිකාවිය වෙලා හිටිය නර්මදා "කතෘතුමා තමන්ගෙ පුද්ගලික දේවල් මේකේ නොලියා හිටියොත් හොඳයි" කියලා. ඒ කාලේ පෙට් එකට යන හැමෝම මට පෙට් කොල හත අටක් ගෙනත් දෙන එක වරදින්නේ නෑ. ඒ කාලේ මගේ රචනා ශෛලියට හා මාතෘකා වලට ගුරු වුනේ මහින්ද අබේසුන්දර මහාතා ලක්බිමට ලියපු "මහින්දගේ ආගිය කථා" ඒ වාගේම කරුණාසේන සූරිය ආරච්චි මාහතාගෙ රචනා ශෛලියත් අදා පවා මා ලියන දේට දායක වුනා.
හොඳයි ඒකත් එක්තරා විදියක බ්ලොග් එකක් නෙවෙයිද ? ඒ කාලයේ හොඳ වෙලාවට මේක ඝනකම කඩදාසියේ මුද්‍රණය කලේ. දැන් වගෙ තර්මල් පේපර් එකේ ගැහුවනම් සොරිම තමයි.

ඇත්තටම මට පස්සෙයි තේරුනේ කොල කෑලිවල ලියන ඒව බ්ලොග් වෙන්න බෑනේ. වෙබ් එකේ ලියන ඒවනේ බ්ලොග්.
ReplyDeleteවෙබ් වල ලියන ඒව බ්ලොග් නම් ස්ලිප් වල ලියන ඒව ප්ලොග් හො ස්ලොග් විය යුතුය. මේ දෙකින් මා වඩාත් කැමති ස්ලොග් කියන එකට. ඒකට හේතුව එය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වචනයක් නිසායි. ස්ලොග් ලියපු තව කවුරු හරි ඉන්නවානම් කමෙන්ට් එකක් දාන්න.
ReplyDeleteඑහෙනම් මෙන්න මම comment එකක් දැම්මා.............
ReplyDeletemeka nam pasta kathawa aiye. Mata thamath oyage blog eke athitha katha balanna beri una. Mama nidahasa thiyana welaawata kage hari blog ekaka pathulatama gihin kiyawanawa. Ethakota thamai. Hemotama magaherunu watina lipi hamba wenne.
ReplyDeleteOya link eka daapu eka hodai.
බොහොම ස්තුතියි දේශ්.
Deleteමම මේක දැක්කෙ අදයි. තව ලිපි තියනවා බලන්නන සුදීකගෙ.
ReplyDelete