මව් ගුණ ගැන ඕනතරම සිංහල ගීත ලියැවිලා තියෙනවා. ග්‍රේෂන් ආනන්ද මහතා ගයන මේ ගීතය ඒ වෙනුවෙන් තිබෙන ඉහලම රසය තිබෙන ගීතය යයි කිසිම තැනක සඳහන් වෙලා නැහැ. මමත් එම ගීතයට අංක එක ස්ථානය දෙන්න සූදානම් නැහැ. මේ කියන්න යන කථාව මව් ගුණ ගීත ගැන නම් නොවේ. මේ ගීතය මා සිය දහස් වාරයක් අසා තිබෙනවා. ඔබත් එසේම අසා ඇති. මේ ගීතය නිතරම මුමුනන එක් පුද්ගලයෙක් මා දන්නවා. පාටියකදි සිංදුවක් කියන්න ලැබුනාම ඔහු මුලින්ම කියන්නේ මේ ගීතය. ඔහු නමින් බ්‍රයන් වීරප්පුලි. ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙක්. ඒ වගේම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ හැමටම වඩා හිත හොඳ කොල්ලෙක්. මා ප්‍රිය කරන මගේ මිතුරෙක්. සහෝදරයෙක්. කට ඇති පුතෙක්. කාගෙත් හොඳ හිත විනාඩි කීපයකින් හිමි කර ගන්න දක්ෂයෙක්.
ඔහු නිතරම මේ ගීතය ගායනා කරන්න හේතුව මේ ලඟදී මම හොයා ගත්තා. ඒ ඔහුගේ මාතර නිවසට ගිය අවස්ථවේ. අපි පාපන්දු තරගාවලියක් සඳහා සහභාගි වෙන්න හම්බන්තොට යන අතර වාරෙදි ඔහුගේ ආරාධනය පිලි අරන් රාත්‍රී ආහාරය සඳහා ඔහුගේ නිවසට ගියා. රාත්‍රීයේදී කා-බී සප්පායම් වු 15 කට වැඩි වූ අපගේ කන්ඩායමත්. ඔහුගේ සහොදරයන් කීප දෙනාත් සිංඳු කියන්න පටන් ගත්තා. සහෝදරයන් කීප දෙනා කිව්වට හතර දෙනෙක්ම එතන ගිටියා. අයියලා - මල්ලිලා ටික එකා වන්ව මහ හඬින් මේ ගීතය ගායනා කලේ අප විශ්මයට පත් කරමින්. අප සඳහා රාත්‍රී ආහාරය පිලියෙල් කලේ ඔහුගෙ මව ඇතුලු බාල සහෝදරියන්. එම සහෝදරියන් තවමත් පාසල් යන වයසේ. වැඩිමහල් සහොදරයාට අවුරුදු 45ක් වත් වෙනවා. එදින සවස් භාගයෙදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අප පුහුණු වුනා. එහි ක්‍රීඩා කල කිහිප දෙනෙකුත් මෙහි සිටියා. හිටිය හැමෝම බ්‍රයන්ගේ සහෝදරයන්. ඒ වගේම දක්ෂ ක්‍රීඩකයන්. ජාතික තලය නියෝජනය කල සහ ඒ ආසන්නයට ගිය අය. මට දැනුනෙ පුදුමාකාර විශ්මයක්. පාපන්දු පිලිබඳ වියත් දැනුමක් මේ හැමෝටම තිබුනා. සත්තකින්ම ඔවුන් හා කථාවට අවස්ථාව උදා වීම පිලිබඳ මා මහත් ආශ්වාදයකින් හිටියේ. මට ඔවුන් මේ තැනට ගෙනෙන්නට කිරි-කඳුලු පෙව් අම්මා සමග කථා කරන තුරු ඉවසිල්ලක් නැ.
අවසානයේදී ඒ අවස්ථාව උදා වුනා. රාත්‍රී ආහාරය ගන්නා අතරතුරදීත් ඉන් අනතුරුවත් ඇය සමග දොඩමලු වෙන්න මා අමතක කලේ නෑ. බ්‍රයන්ගේ පියා බර්ගර් අයෙක්. ඔහු සමග හිතුවක්කාර දීගයක ආ ඇයට සියලු සැප සම්පත් අත හරින්න සිදු වී තිබෙනවා. ඒ ගැන නාම මාත්‍ර දුකක් ඇයට නෑ. උපතින් දවස් ගනනකින් නැති වූ පිරිමි දරුවන් දෙදෙනා සමග ඇය දරුවන් 10ක් වැදු මවක්. වීර මාතාවක්. ඒත් ඇයගේ මුහුනේ සිනා රැල්ල සිඳී යන මොහොතක් නෑ. දරුවන් අට දෙනෙකු තමන්ගේම් දෑතින් උස් මහත් කරන්න ඇය කෙතරම් දුක් මහන්සියක් වෙන්න ඇද්ද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.
බ්‍රයන්ට කලින් ඉපැදුනු එහෙත් මෙලොව හැර ගිය වැඩිමහල් සහෝදරයන් දෙදෙනාගේ නම් බ්‍රයන්ගේ මුල් නම් දෙක වශයෙන් තෝරා ගන්නත් ඇය භිය වී නැහැ. ඒ අනුව රජිත් මිල්රෝයි බ්‍රයන් වීරප්පුලි යන නමින් ඔහුගේ උප්පැන්නය ලියා තැබුනා. අද මෙ පුතුන් දිහා ඈ බලා සිටින්නේ මහත් ආඩම්බරයකින්. සියලු දෙනා ක්‍රීඩා කරවා ඔවුන් සහභාගී වන තරග නරබන්නටත් ඈ අමතක කර නැහැ. පහලින් තියෙන ඡායාරූප දෙකින් පලවෙනි එක අරන් තියෙන්නේ බ්‍රයන්ගේ විවාහ මංගල උත්සවයේදී. එහි සියලුම සහෝදර්/සහෝදරියන් සහ වීරප්පුලි දෙමාපියන් සිටිනවා. පහලින් තිබෙන ඡායරූපයෙහි ඇයගේ සිනාමුසු මුහුණ දැක ගන්න පුලුවන්. කමිසයක් නැතුව සිටින්නේ බ්‍රයන්. ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයා. දකුණු පසින් සිටින්නේ බ්‍රයන්ගේ බාල සහෝදරය. ඔහු කොරියාවේ සිට පැමිණ ඇත්තේ මීට මාස කිහිපයකට කලින්. ඇය මේ ඇවිටිලි කර සිටින්නේ මිතුරන් පිරිසක් සමග රාත්‍රියේ මළ ගෙදරක යන්නට සූදානම් වී සිටින ඔහුගේ ගමන නවතලන්නට. ඇය ගැන පොතක් ලියන්න කරුණු ඇති. මෙහි සඳහන් කලේ ඉන් ස්වල්පයක්.
මේ වීර මාතාවට දොහොත් මුදුන් දී වැඳ එන්න මා අමතක කලේ නැහැ. මා අනුව යමින් අපෙ කණ්ඩයමම ඇයට වැඳ පිටත් වුවා. ඇයට දීර්ඝායු.
අම්ම පෙව් කිරි කඳුලින් - මේ ලොව මෙතරම් හැඩ උනේ ....
තවමත් ඒ ගී හඬ මගේ හිත තුල රැව් දෙනවා.
දකුණු පැත්තේ ඉඳලා තුන් වෙනියට ඉන්නෙ බ්‍රයන්. මේක දොන් බොස්කෝ ජාව ලේන් අතර තරගය. නිල් පාට ඇඳල ඉන්නේ දොන් බොස්කෝ කණ්ඩායම.
Woow!! Wonderful story and I'm very proud to be a member of this family!
ReplyDeleteI think every mothers are like this , but we can't see, Because they haven't time to see their feelings while struggling with day to day life.
ReplyDeleteAnyway she will be a lucky mother in this world..!!!.
Duminda.