බ්ලොග් පොස්ට් එකක් ලියන්න අවශ්‍යතාව තිබූ සෑම මොහොතකම, මා ඉතා කාර්යබහුල විය. මා හට ඉඩක් ලැබෙන මොහොතක් වෙයිද, වෙනත් හේතු කාරණාවක් නිසා පරිගණකය ඉදිරියේ වාඩි වීමට නොහැක. එක්කෝ මාගේ දියණිය එය පරිහරණය කරයි. නැතිනම් රූපවාහිනියේ කුමක් හෝ මා කැමති වැඩසටහනක් විකාශණය වේ. ලියන්නට කදිම මාතෘකාවක් මාගේ මිතුරකු සපයා දී තිබියදීත්, එය කල් දම්මන්නට සිදු වුයේ කලින් සඳහන් කල කාරණාය. මා මේ බ්ලොග් සටහනක් දමන්නේ දවස් දහයක නිහැඬියාවකින් පසුවය. අදද මෙය සම්පූර්ණ කල හැකිදැයි විශ්වාස නැත.
පසුගිය සිකුරාදා තරම් මා චිත්තප්තාපයකින් ගෙවූ දිනයක මගේ මතකයට නොනැගේ. ඒ පසුගිය සතියේ ලොව කැළඹූ පිලිප් හියුස්ගේ ඛේදනීය මරණය නිසාය. එය වාර්තා වනවිට මා සිටියේ රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගනයේය. එදින වනවිට අපගේ සයසාමාජික ක්‍රිකට් තරගාවලියේ සිව්වන දිනය විය. හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමකින් ලැබුණේ මේ මරණයයි. ඒ මොහොතේම තරගය මොහොතකට නවතා මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වා, ශෝකය පල කරන්නට අප කටයුතු කළේ ලෝකයේ කොහේ හෝ කෙළවරක සිදු වූ මේ සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අපගේ සිත්සතන් කම්පනයට හේතු වූ නිසායා. එම සිද්ධිය පිලිබඳ සියලු තතු ඔබ සැම පසුගිය දිනවල මාධ්‍ය වලින් දකින්නට ඇත. නමුත් මා කියන්නට යන්නේ වෙනත් කතාවකි.
පෙරකී පරදීම එම සිදුවීමෙන් කම්පිත සිතෙන් කාර්යාලයේ කාලය ගත කරද්දී, කාර්යාලයේ හිතවතෙකු පැමිණ කල හෙළිදරව්ව මේ කම්පනය තවත් තීව්ර කළේය. මෑතක සිට ඔහු රාජකාරියට පැමිණෙන්නේ රත්නපුර සිට කොල්ලුපිටිය දක්වා ගමන් ගන්නා ලංගම බස් රථයකිනි. එවැනි කාර්යාල බස්රථ ඕනෑතරම් එහා මෙහා යනු අප දැක ඇත්තෙමු. කොළඹට ආසන්න නගර වල සිට හෝ තරමක් ඈතින් ඇති නගර වලසිට පැමිණෙන මේ බස් රථ මගින් සිදුවන සේවය ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නැත. පසුගිය සිකුරාදාද සිරිත් පරිදි මේ බස්රථය කඩුවෙල නගරය පසුකර කොල්ලුපිටිය බලා ගමන් ගෙන ඇත. මෙය සාමාන්‍යයෙන් සීඝ්‍රගාමී බස් සේවාවක් වුවද, එහි රියදුරු මද වේගයෙන් බසය ධාවනය කර ඇත.
කඩුවෙල නගරය පසුවත්ම ඇති නැවතුමේ බස්රථය නරත කල මොහොතේ අවුරුදු අටක නවයක පාසල් ඇඳුමින් සැරසීගත් දැරියක් දුවැවිත් බසයට ගොඩ වී ඇත. මේ අවස්ථාවේ ඉදිරි කවුළුවේ සිටි කොන්දොස්තර වරයා
"මාලඹෙන් එහා යන අය විතරක් නගින්න"
යනුවෙන් බෙරිහන් දී ඇත. මේ මොහොතේ මගේ මතකයට නැගෙන්නේ මා බොහෝදිනවල ගමන් ගන්නා ගල්කිස්සේ සිට පැමිණෙන ඉසුරුපාය බස් රථයයි. එහි කොන්දොස්තරවරයාද බත්තරමුල්ලෙන් මෙපිට කිසිවකුට ගොඩ වන්නට ඉඩ තබන්නේ නැත. යම් හෙයකින් නුපුරුදු කෙනෙකු ගොඩ වැදුනාද ? ඒ අසල සිට නෝක්කාඩු බසින් කියවන්නට පටන් ගන්නේ, එහි ගොඩවූ මගියාට යලිත් දිනක එහි නොයන්නට මතකයේ රැඳෙන ආකාරයකට. නමුත් කිසිදු හිත් රිදවීමක් ඇති නොවන අකාරයකට.
"මේක ස්ටාෆ් බස් එකක්. අපි අටහාමාර වෙන්න කලින් පැලවත්තට යන්න ඕනේ. ඉතිං අතරමග සෙනග බස්සන ගියොත් අපිට පරක්කු වෙනවා"
මෙය ඔහු කියවාගෙන යන්නේ දිව මතුරක් සේය. ඔහුට ඇතිවන්නේද නැත. මගීන්ට ඇති වන්නේද නැත. එමගින් බසයේ ගමන් ගන්නා සුපුරුදු මගීන්ගේ සිත් සතුටු වන බව ඔහු දනී. දියණිය බසයට ගොඩ වී මොහොතකින් පසුපසින්, එක් අතකින් කිහිලි කරුවක් දරා සිටි ඇයගේ පියාද බසයට ගොඩ විණි. මොහොතකින් තම දියණිය අසලට එන්නට ඔහුට හැකි විය. පෙනුමෙන් ඔහු ක්‍රියාන්විතයකදී අනතුරට පත්ව සේවයෙන් විශ්‍රාම ගත් අයෙකි. මේ දෙදෙනා අසලට කොන්දොස්තර වරයා ආ විට පියා
"අපි පිට්ටුගලට යන්නේ. දුවට අද විභාගේ තියෙනවා. නැත්නම් මේ බස් එකට නගින්නේ නෑ. පරක්කු වෙන නිසයි නැග්ගේ"යනුවෙන් ඉතා යටත්ව පවසා ඇත. කිසිත් නොපැවසූ කොන්දොස්තර වරයා එක් වරම මේ අබාධිත පුද්ගලාගේ කමිසයෙන් ඇද ඔහුට පහර දී ඇත. ඔහුද ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත.
"අනේ..... අපේ තාත්තාට ගහන්න එපා...."
අසරණ දියණිය කඳුළු පිරි දෙනෙතින් පවසා ඇත. මෙසේ ගුටි කෙළිය යත්දී එය නවත්වන්නට බසයේ කිසිවෙක් ඉදිරිපත් වී නැත. බොහෝ දෙනා මේ රියදුරු සහ කොන්දොස්තර වරයා හොඳින් හඳුනයි. අනෙක කොන්දොස්තරගේ මේ ගෝරනාඩුව ඔවුන් වෙනුවෙනි. ඒ වෙලාවට රාජකාරි සඳහා ඔවුන් රැගෙන එන්නය. එහු වූ බොහෝ අයද අර විශ්‍රාමික රණවිරුවාට නෝක්කාඩු බසින් කථා කර ඇත.
"ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද ? මේක නවත්වන්නේ මාලඹේ කිව්වා ඇහුනේ නැද්ද ?"
වැනි වදන් වලින් ඔහුට බැන ඇත. මේ පුවත ඇසු මගේ හිත එතැනම කඩා වැටුණි. අවුරුදු පහකට පෙර මේ සිදුවීම වූවානම් රණවිරුවාට ලැබෙන ගෞරවය හිතා ගත හැකිද? අද ඔවුන් අලුයම ලූ කෙල පිඩක් සේ අමතක කර දමන්නට අප අකාරුණික වී ඇතිද ? ලංකාවේ සිටින්නේ කලගුණ නොදත් කුහක ජනතාවක් බව මින් පසක් නොවන්නේද? රණවිරුවන් ඇස්-හිස්-මස්-ලේ දන් දුන්නේ අප කවුරුත් වෙනුවෙන් නොවේද? මගේ සිත කෝපයෙන්ද, දෑස කඳුළු බිඳුවකින්ද නැහැවී යන්නට විය. තම දියණිය ඉදිරියේදී පියෙකුට පහර කෑමට ලක් වීමට සිදු වීම නිසා ඔහුගේ හදවත කෙතරම් කඩා වැටෙන්නට ඇත්ද ? තමා ආබාධිත බව අමතක කර ඔහු හා සටන් වැඩෙන්නට ඔහුට හිතෙන්නට ඇත්තේ, රණබිමේදී සටන් වැදීමට උප්පත්තියෙන්ම ලද මොරාල් එක නිසා වන්නට ඇත. මේ මොහොතේ බොහෝ කරුණු මගේ හිතට නැගේ.
ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදීයා සමග මුහුණට මුහුණලා සටන් කල ඔහු, අද වැටී ඇති අසරණ තත්වය තුල කොන්දොස්තර කෙනෙකුගේ වාග් සහ ශාරීරික ප්‍රහාරය හමුවේ අසරණ වී තිබේ. රණවිරුකම පැත්තකින් තබමු. අබාධිතයෙකුට පහර දීමට තරම් පහත් මට්ටමකට වැටීමට පිරිමියෙකුට හැකිද ? දරුවකු හඬා වැටෙද්දී පහර දෙන්නට ඔහුගේ අත එසවුනේ කෙසේද ? තලංගම ඩිපෝවට අයිති මේ කොන්දොස්තර වරයා ජඩයකු ලෙස හැරෙන්නට හඳුන්වන්නට හැකි වෙනත් විශේෂණ පදයක් මේ මොහොතේ මගේ සිතට නොනැගේ. මේ සමගම මගේ හිතට නැගෙන්නේ මගේ දියණියට වයස අවුරුදු තුනේදී පමණ මුහුණ දුන් අත්දැකීමකි.
එය සති අන්තයේ දිනයකි. දියණියගේ කොණ්ඩය කැපීමට අවශ්‍ය කාලයත් ඉක්ම ගොස් අත. අතේ තිබූ සීමිත මුදලද සහිතව සොයුරියගේ කාරයට ගොඩ වූ මමත්, සිනිගි දියණියත් නුගේගොඩ බලා පිටත් වූයෙමු. කොහුවල සිට නුගේගොඩ දක්වා ඇති සක්යා ආයතනය පසු කර යන පාරේ ඉතා ප්‍රවේසමෙන් රිය පැදවූ මා නුගේගොඩ කේ.එෆ්.සී. පැත්තට හරවනවාත්(මෙය අංශක 90ක වංගුවකි. වම්පස ඇත්තේ තාප්පයකි) සමග ඉදිරියෙන් පැමිණිරථයක් හා ගෑවිණි.වහාම ඉදිරියේඇති වාහනයෙන් බැසගත් පිරිමියෙකු මට රිවස් කරන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ මොහොතේ කාර් දෙකේ බෆර් ඇතිල්ලිනි. වාහනය පදවාගෙන විත් තිබුණේ කාන්තාවකි. ඔවුන් දෙදෙනාම එය මගේ වරද බවට චෝදනා නගන්නට විය. මා කිසිදු තර්කයක් නොකර අලාභය ගෙවන්නට පොරොන්දු වුයෙමි. මේ මොහොතේ දියණිය වාහනයේ බව පසක් වී ඈ රැගෙන එන්නට වාහනයට ගමන් ගතිමි. ඉහිං කනින් දාඩිය පෙරාගෙන සිටින ඇය දුටු විට මගේ සිතට විශාල දුකක් ඇති විය. අැයත් සමගම පැමිණ ඔවුන් සමග සාකච්ඡා කරන්නට හදන විට
"මහත්මයා ඔයා මේ ළමයාත් අව්වේ තියාගෙන මේවා කථා කරන්න ඕනේ නෑ. ඔයා සැලුන් එකට යනවා කිව්වා නේද? ඔයා ඒ ගමන යන්න. මම ටෙලිෆෝන් කරලා ගාන කියන්නම්"
පිරිමියා පැවසීය. ඔවුන්ට ස්තුතිවන්ත වෙමින් අප දෙදෙනා නුගේගොඩ සව්සිරියට ගමන් ගතිමු. ඇය කොණ්ඩය කපන අතරතුරත් මා කල්පනා කලේ ගෙවන්නට වන මුදල පිලිබඳවය. මේ මොහොතේ මා සතුව එතරම් මුදලක් නැති බව දැනී, යම් බියක් හිතට ඇතුළු විණි. මෙසේ වික්ශීප්තව බලා සිටිද්දී මගේ දුරකථනය නාද විය. ඒ ඔවුන්ය. ගැහෙන සිතින් මා පිළිතුරු දුනිමි. එවරදපිරිමියාගේ හඬ අවධි විය
මේ මොහොතේ මගේ දෑසට කඳුලක් නැගිණි. ඒ ඔවුන්ගේ කාරුණිකත්වය වෙනුවෙනි. මා දරුවකු සමග සිටින විට ඔවුන් හැසිරුණු ආකාරය බලන්න." මහත්මයා අපේ වාහනය හදන්න ඔයා වියදම් කරන්න ඕනේ නෑ. ඒක සුළු ටින්කරින් වැඩක් නේ. අපි හදා ගන්නම්"
ඉතිං ඉහත කී කොන්දොස්තර වරයා හැසිරුණු ආකාරය කොයි තරම් සාධාරණද ?
මේක ලෝකේ උතුම්ම රටනේ ඒකයි ඔය. දිට්ඨ ධම්ම වේදනීය කර්මඵල සත්‍ය බව අත්දැකීමෙන්ම දන්නා නිසා ඉවසා වදාරමි. " කොන්දාටත්" ගුටි ප්‍රහාරයට ලක්‌වූ උදාර රණවිරුවටත් යහපතක්ම වේවා!! ---Feeling upset---
ReplyDeleteමට තියෙන එකම දුක අර අහිංසකීගේ හිතේ ඇති වෙච්ච භීතිය. ඒවා සුව කරන්න බැරි තුවාල වේවි.
Deleteඔහොම උන් ට කියන්න ඕනෑ වල @#$ කියල තමා... නොදකින්...
ReplyDeleteවෙන මොනවා කියන්නද ? එහෙමම තමා කියන්න තියෙන්නේ.
DeleteNominisek ge kathawak saha sebe minisekuge kathawak. Ara kondosthara,niyama thirisanek,Thaman ge wasiya nisa es,kan piyagena hitapu magin eetathwada nominissu.(Api 2500 wasaraka sanskruthiya katha kraranawa)Ara daruwage wibage,eetath wada "Ane Ape Thaththata Gahanna epa" edaruwage wachana ada dawasama mata ahewi, Udde thamath thibunanam Hondai kiyala hithenawa kiyala soldaduwek keewe oyawage deyakadi thamai(Ranjan)
ReplyDeleteසහතිකෙන්ම රන්ජන් අයියේ.
Deleteමොනවද ඉතිං පොලිසියෙ පැමිණිල්ලක් දාල අවශ්‍ය කටයුතු කලා නං මෑන් ගෙදර! වැඩේ තියෙන්නෙ මේ වගේ වෙලාවකවත් කටක් අරින්නෙ නැති අපේ (අ)සාමාන්‍ය ජනතාව!
ReplyDeleteයාලුවා කිව්වා විදියට මිනිහා පොලීසියට කිව්වලු. නමුත් එතනදී ප්‍රශ්නේ විසඳෙයි. ඛේදවාචකය එහෙමමයි.
Deleteකිව්ව නං කොන්ද ගෙදර ඉදියි ඩැය්යටත් බබා හම්බෙයි
Deleteආමි එකේ ඉන්න කාලෙ නං සමහර විට කෑමත් හම්බෙයි
පූජාසනයේ වැඩ හිඳුවා
ReplyDeleteඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
ඉසුරින් කිත් යසසින් බබලන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
සිනාසුනත් එය වරදක් වේ
කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ
ගායනය - නන්දා මාලිනී
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
Deleteදෙවි දොවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දොවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
වල්මත් වූවන් දැක මහ වන මැද
යායුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා
වන සිවුපාවුන් වැනී මිනිසුන් මැද
දෙවි දොවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
කදුළු සලන්නන් කදුළින් ගොඩගෙන
මුවගේ හසරල් රදවා
තුටු කදුළීන් නෙතු සරසන දෙවියන්
පුදදෙමු දෙවොලට කැදවා
වන සිවුපාවුන් වැනී මිනිසුන් මැද
දෙවි දොවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
වන සිවුපාවුන් වැනී මිනිසුන් මැද
දෙවි දොවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
---------------------------------------------------------------------------------------------------------
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
මිනිස්සු වේලාවකට සත්තු වගේ හැසිරෙන්නේ.
ReplyDeleteබොහෝ වෙලාවට.
Deleteසත්තුන්ටත් වඩා අන්තයි සමහර සත්තුන්ට තමන්ට කන්න දෙන ස්වාමියා ගැන කෙලෙහෙගුණයක් හරි තියනව මේ මිනිස්සුන්ට එහම එකක් වත් නෑනෙ.ආත්මාර්ථකාමී කුහක මිනිස්සු :(
ReplyDeleteඕවා ඉතින් කියලා හදන්න බෑ. එහෙනම් ඉතින් මේ රට ආසියාවේ ආශ්චර්ය වෙලා ගොඩාක් කල්....
ReplyDeleteDJ Niraj from FreewareHut
ඒ කොන්දා වේස බල්ලෙකි...
ReplyDeleteකියන්නට ඇත්තේ එපමණකි.
අපේ සමහරක් මිනිසුන්ගෙ කුහක හැසිරීම තමා ඔය.
ReplyDeleteකණගාටුයි ඉතින් මේ මිනිස්සු ගැන.. :(
මේකට නීතිමය පියවරක් ගන්න බැරිද
ReplyDeleteපෞද්ගලික බස් වල මෙවැනි දේ සිදුවී බස් බලපත්‍රය කැන්සල් වුනා.මොහු සී ටී බී එකේ වැඩකරන බව හැගෙනවා.ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්නෙ
මාධ්‍ය වලින් මේ සිද්ධිය ප්‍රචාරය නොවීමත් පුදුමයි.
හැබැයි මෙතන තව පැත්තක් තියනව.බොහෝ දේවල් විසදා ගන්න පුළුවන් කාරුණිකව කතා කරල.සිනහව ඒ වගේම අනේ කියන වචනය හරි ප්‍රබලයි
මොහු එක පාරටම ගහන්න ආව කියන කතාවට වඩා මට හිතෙන්නෙ මේ දෙන්න බහින් බස් වීමක් වෙන්න ඇති කියල.
සමහර ගුටි කන අයත් ප්‍රශ්නයක් නිතරම ගේම ඉල්ලලම විසදගන්න හදන අය.
මට නම් හිතෙන්නෙ ගේම ඉල්ලන කටින් ගහන ක්‍රමයට වඩා ටිකක් ඔළුව පාත් කරල හරි තමන්ගෙ වැඩේ කරන ක්‍රමයයි හරි කියල
මෙහෙම කිව්වෙ මට ඒ පැත්ත ගැනත් හිතුන නිසා.අයියෙ මල්ලියෙ හරි මහත්තයො හරි කියල සමාවෙන්න කියල තමන්ගෙ අවශ්‍යතාවය කිව්වනම් මෙච්චර දුර දිග යන්නෙ නෑ කියලත් හිතෙනව.
මම මෙහෙම කිව්වෙ හුඟක් ගැටුම් නිරීක්ෂනය කළාම දෙපැත්තක් තිබෙන බව පේන නිසා
ඉතින් මොකද ඕකට කරන්නේ , අනේ මන්දා බං
ReplyDeleteඅදත් ආප්පේ අප්පිරියෙල්ද නොදකිං
ReplyDeleteඅපේ අහිංසක රට පොලිසියට ගියාට බස් එක අයිති එකා දේශ පාලුවෙක් හරි උන්ගේ එකෙක්
ReplyDeleteඔන්න අපේ මහා ලොකු රටේ හරි....ම හොඳ මිනිස්සු!
ReplyDeleteඒක ඒ ගෑනු ළමයට කවදාවත් අමතක කරන්න බැරිවෙයි. පව්.. !! විභාගෙ කොහොම ලියයිද ඒ දරුවා ??
ReplyDeleteමට හිතුනෙත් ඒ ගැන පත්තරේ.
Deleteනීතියක් නැති රටක කුමකට පතනෙමුද සොඳුරු මිනිසුන්..
ReplyDeleteඔය තත්ත්වය කලින්ම දන්න නිසා මම නම් දැන් හමුදාවක සේවය කලාය කියන හැඟීමම සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන ඉන්නේ.. අඩුම තරමින් ඒ නිළය හෝ ගරු නම්බු නාම වත් භාවිතා කරන්නේ නෑ. ඒත් ආබාදිතයෙකුට සළකන්න මිනිස්සු දැන ගන්න ඕනි. හමුදාවේ වේවා නොවේවා.. එහෙම නැත්නම් ඒ තිරිසන් කම..
ReplyDeleteමටත් මේ වගේ අත්දැකීම් ගොඩාක් තියෙනවා.. වෙලාවක ලියන්න ඕනි.. ජය ශ්‍රී!
මේක කියවල මට අප්සට් හිතුනෙ අර කොන්දගෙ හැසිරීම ගැන නෙවී ඒ වගේ උන්නෙන් ඒ වගේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
ReplyDeleteඒත් අර මනුස්සයන්ට තිබ්බ යුතුකමක් විදියට අර මනුස්සය වෙනුවෙන් පෙනී හිටින්ට
අසික්කිතයි
මේ සිද්දියට ආදාල නොව්නත් මටත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ගොඩක් දුර ගමන් සේවා වල මිනිස්සු යන්නේ ඉක්මනින් ගමන යන්න පුලුවන් නිසා. 17 බස් වලට ලග ටිකට් ගන්න මිනිස්සු නග්ග ගන්නේ නැත්තේ 163, 183 බස් වලින් එයාලට ප්‍රශ්න ඇති කරන නිසාලු.
ReplyDeleteකාලකන්ණි මිනිස්සු. ඒ කොන්දොස්තරට ළමයි නැද්ද දන්නේ නෑ.
ReplyDeleteහොද සහ නරක මිනිස්සු කියන දෙජාතියම ලෝකයේ ඉන්නවා... කරුමයට අපිට වැඩිපුරම හමුවෙන්නේ ඔය නරක ජාතිය...... හොද ජාතිය හම්බෙනවා අැති... ඒත් ඒ අය නරක මිනිස්සු වගේ අපිට බලපෑමක් වෙන්නැති හින්දා අපිට ඔවුන් හම්බුණා කියලා වැඩිය මතක හිටින්නැහැ...................
ReplyDeleteඇත්තදදදදදදද?
Deleteඒ පුන්චි එකීගේ හිතේ ඇතිඋන තුවාලෙ ඇරුන කොට මෙතන තියන ලොකුම ප්‍රශ්නෙ විදිහට මම දකින්නේ බස් එකේ අනිත් වුන්ගේ නිද්‍රශීලී කම සුධීක අයියේ.බස් එකේදි විතරක් නෙමෙයි.හැම තැනකදීම එහෙමයි.ඒ ගතිය සමාජ කතිකාවකින් නැතිකරනකම් මේ ප්‍රශ්න ,ප්‍රශ්න විදිහටම මේ රටේ තියේවි.
ReplyDeleteවේසාවන් ගහන මේ සමාජයේ දේවතාවන් වැනි මිනිසුන් ද සිටියනවා
ReplyDeleteමේ වගේ අයට බස් එකේ ඉන්න හැමෝම එකතුවෙලා ගහන්නේ නැත්තේ මොකද?
ReplyDeleteඔය වගේ මිනිස්සු ඉන්න හින්දා තමයි අපේ වගේ රටවල් දියුණු වෙන්නේ නැත්තේ.අපේ මිනිස්සු හරි කුහකයි.
ReplyDeleteමම මේ ලොකුකමකට කියනවා නෙමෙයි අයියා...මම හිටිය බස් වල කොන්දොස්තර මේ විදියට හැසිරුන තැන් වලදි මට කිසිම සම්බන්ධයක් නැති උනත් මම පැටලිලා තියෙනවා මිනිහා එක්ක...ඒ වගේම කොන්දොස්තරට චණ්ඩි කම් පෙන්නපු එකෙක්ට කන රත්වෙන්න ගැහුවා බස් එකෙන් බස්සගෙන...ඔය කියන බස් එකෙත් මම වගේ එකෙක් හිටියා නම් ඒ සෙබලට ගුටි කන්න වෙන්නෙ නෑ...නමුත් මට දැනෙන දේ තමයි...බටහිර රටවල වගේ මිනිස්සු තමන්ගෙ නොවන දේ වලට අත දාන්නෙ යන්නෙ නැති සමාජ විපර්යාසයක් ලංකාවෙත් සිදු වෙනවාදෝ කියලා...
ReplyDeleteමහ කාලකණ්නියෙක්!
ReplyDeleteසොඳුරු අ......
ReplyDeleteදරුවෙක් ඉස්සරහ දෙමව්පියන්ට ගහන/බනින එක තරම් පහත් වැඩක් තවත් නැහැ (රණවිරු, ආබාධිත කියන කාරණා අතහැරියත්...)
ReplyDeleteකලකට පෙර කොළඹින් දවසක් බසයකට නඟිද්දී "ගලේවෙලින් එහා අය පමණක් නඟින්න" කියා කොන්දා කෑ ගැසුවා මට මතකයි. මොනවා කරන්නද බසයත් සෙමි එකක්. ගලේවෙලට සෙමි ටිකට් එකක් අරගෙන හිටගෙන ඇවිත් කුරුණෑගලින් බැස්සා. අවස්ථාව හැටියට වෙන කරන්න දෙයක් නෑ. මේවාට පැමිණිලි කළත් ඒවා ක්‍රියා.්මක වෙන්නේත් නෑ.
ReplyDelete