සයිබර් යාය ලියන අපේ බුද්ධි විතර පාසල් කාලයේ අත්දැකීම් බෙදා ගත් තවත් කෙනෙක් නැති තරම්. අන්තිමට බුද්ධි දාල තිබ්බ ඥාණතිස්සලාගේ කතාව කියවද්දී මගේ මතකය එක පාරටම උසස් පෙළ කරපු කාලෙට ඇදිලා ගියා. අපේ ඉස්කෝලෙන් අත්පත් කර ගත්ත ඉඩමක තමයි කළුතර ප්‍රාදේශීය අධ්‍යාපන කාර්‍යාලය හදලා තිබුණේ. අපි ඒක දැන ගත්තේ අපේ ශිෂ්‍ය නායක අයියා කෙනෙක් ගෙන්. ඒ කතාව පිළිගන්න තිබුණ ප්‍රධාන හේතුව තමයි අපේ පාසලත් මේ කාර්‍යාලය පරිශ්‍රයත් අතර තාප්පයකින් හෝ වැටකින් වෙන් කර නොතිබීම.
එක කාලයක් මේ ගොඩනැගිලි සහ ඉඩම නැවතත් අපට ලබා දෙන්න කියලා ශිෂ්‍ය උද්ගෝශණයක් කරන්න අපේ වැඩිහිටි ශිෂ්‍යයෝ සංවිධානය කරා. මේකට අපි සහභාගී වුණේ ඉතාම කැමැත්තෙන්. මොකද එක අතකින් පංතියේ ඉන්නවට වඩා එළිමහනේ කාලය ගත කරන්න බොහෝ දෙනෙකුගේ තිබුණ කැමැත්ත, අනිත් අතින් කොළඹ ටියුෂන් යන අයට වේලාසනින් පනින්න ලැබෙන අවස්ථාව. නමුත් අපි බලාපොරොත්තු නොවුන විදියට මේක කරගෙන යන්න අපේ වැඩිහිටි ශිෂ්‍ය කණ්ඩායම සුදානම් කරලා තිබුණා. ඒ ජපාන ක්‍රමයකට. ජපන්නු වැඩ වර්ජනය කරන්නේ වැඩිපුර වැඩ කරලා, එහෙම නැතිනම කළු පටියක් හිසේ දවටගෙන කියලා කිව්වෙත් අර කලින් කිව්වා ශිෂ්‍ය නායකයාමයි.
"ඉතිං අපි කොහොමද කළු පටි ඔළුවේ ගැට ගහගන්නේ ?"
"එහෙම කරන්න අවශ්‍ය නෑ. අපි කළු පාට වයරින් ටේප් එකක් ෂර්ට් අතේ අලවා ගනිමු. හැබැයි මේක ඉස්කෝලෙදී දාගෙන ඉන්නවා වගේම ගෙදර යද්දීත් දාගෙන යන්න ඕනේ. එතකොට මේක දාගෙන ඉන්නේ ඇයි කියලා කවුරුහරි ඇහුවොත් කතාව මුල ඉඳන් විස්තර කරන්න ඕනේ"
මේ යෝජනාවට අපි කැමැත්ත පල කළේ අත් දෙකම උස්සලා. මොකද මේ වගේ එකකින් තමන් එන බස් වල කෙල්ලන් ඉදිරියේ කැපිලා පෙනෙන්න පුළුවන් නිසා. මේ ශිෂ්‍ය නායකයාම දවසක් බ්ලේඩ් තලයක් ගෙනත් අපේ කමිස කලිසම් වල තිබ්බ ලේබල් සියල්ල ඉවත් කළා. කාගේ වත් වෙළඳ දැන්වීම අපි කරන්න අවශ්‍ය නෑ කියලා. මුළු දවසෙම අපේ උවමනාවට පංති වර්ජනයත් හොර රහසේ සිද්ධ වුණා. අපිට කැන්ටිමේ දොර වැහුණා. අපිට වෙනත් විකල්පයක් සොයා යන්නට සිදු වුණා. යාබදව තිබෙන අධ්‍යාපන කාර්යාලීය කැන්ටිමට දවසක් හෙමිහිට රිංගන්න අපෙන් කෙනෙක් සමත් වුණා. ගැටලුවක් ඇති නොවුන නිසා වැඩේ නැගලා ගියා.
"මචං එතන අපේ කැන්ටිම වගේ නෙවෙයි. අපේ එකේ තියෙන්නේ මාළු පාන්, ජෑම් පාන්, සීනි සම්බල් පාන්, වඩේ වගේ ඒවානේ. ඒකෙ තියෙනවා ඉඳි ආප්ප, බත්, තොසේ, මසල වඩේ"
"තෝසේත් තියෙනවද ?"
පින්තූරය ගත්තේ : |
මම මුලින්ම තොසේ කෑවේ කළුතර ටවුන් එකේ කඩේකින්. මමයි තාත්තයි ගිහින් කඩේ වාඩි වුණා. බාල්දියක් මෙසේ උඩ ගෙනත් තිබ්බා. මම වතුර එකක් අරං ඒකට අත හෝදන්න හදනකොටම, තාත්තා මගේ අතින් අල්ලා ගත්තා.
අපි අධ්‍යාපන කාර්යාල කැන්ටිමට වෙලාවේ වගේම අවේලාවෙත් යන්න පුරුදු වුණා. ඒ කැන්ටිම කොයි වෙලාවෙත් ඇරලා තිබ්බ එක අපට වාසියි. ඒක තිබ්බේ පාර අයිනට වෙන්න. ඉස්කෝලේ ගොඩනැගිලි ක්‍රීඩාංගණයෙන් පිටුපසට වෙන්න තිබුණ නිසා, යන කෙනෙක් දැක්කත් පැහැදිලිව එක පාරට හඳුනා ගන්න බැරි වෙනවා. එතනට ගිහින් ටික දවසක් යද්දී ඒ කැන්ටිමේ වැඩ කරන අපටත් වඩා බාල කොලු ගැටයෙක් අපිත් එක්ක කුළුපග වුණා. ඔහු මගෙත් එක්ක වඩාත් කුළුපග වුණේ මේ කැන්ටිම කරන අයිතිකරුවා සහ මේ කොලු ගැටයාත් අපේ ගම් පලාතට ටිකක් ඔබ්බෙන් තිබ්බ ඉඳුරුව ප්‍රදේශයේ වෙච්ච නිසා. ඒ බව මට කිව්වේ තාත්තා. කොල්ලාගේ ගම දැන ගත්තේ අපි කරපු සුහද කතාබහෙන්.
මෙහෙම එතැන කෑම යහමින් තිබ්බත්, අපේ අතේ ඒ දවස් වල යහමින් මුදල් තිබුණේ නෑ. අපි කරන්නේ හැමෝගෙම තියෙන සල්ලි එකට එකතු කරන එක. එහෙම එකතු කරත් තොසේ හත අටකට වඩා කන්න පුළුවන් මුදලක් අපි අතේ තිබුණේ නෑ. ඉතිං අපි කැන්ටිමට ගිහින් මුලින්ම ගන්නවා තොසේ තුනක් මුදලාලිට සල්ලි ගෙවලා. මෙතනදී කිසිම පොර කෑමක් නෑ. තුන් දෙනෙක් විතර එකතු වෙලා උඩින් තියෙන තොසේ දෙකකුයි සාම්බාරු හොදි ටිකයි සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඊට පස්සේ හොදි දාන්න කියලා අපේ හිතවත් මලයට දෙනවා. ඒකා තව තොසේ දෙකකුත් දාලා හොදිත් දාලා දෙනවා. මේ පාර ඉවර වෙන්නම කනවා. ආපහු තොසේ තුනකට මුදල් ගෙවනවා. දෙකක් කනවා එකක් ඉතුරු කරනවා. හොදි දානවා. අවසානයේදී අපි තොසේ පහළොවක් විතර කාලා. කොලුවාටත් රුපියල් පහක් විතර දීලා එනවා. හැබැයි මේ වැඩේ බකල් ගිය දවසුත් තියෙනවා ඒ කොල්ලා වැඩට ආවේ නැති දවස් වලට. එදාට ඉතිං තොසේ හතක් විතර කාලා සද්ද නැතිව ඉන්නවා. අන්තිමේදී පාසලේ විනය බාර ජයසේන සර් පන්තියටම ඇවිත් එහේ යන ගමන නතර කළා.
____________________________________________
අපේ පාසලේ පහළ පන්ති වල මල්ලිලාට ෆිල්ම් එකක් බලන්න සල්ලි ඕන වුණොත් කරන්නේ කළුතර බෝධිය ගාවට ගිහින් බස් වල අය විසි කරන සල්ලි ඇහිඳින එක. ඉහළ පන්ති වල හිටිය අපිට ඒක කරන්න ටිකක් ලැජ්ජාවක් තිබුණා. ඒ කවුරුහරි ගෑණු ළමයෙක් බස් එකක ඉඳන් දැක්කොත් කියලා.
මගේ ඕලෙවල් කෘෂිකර්ම පොත් ඉල්ලපු පාසලේ කෘෂිකර්ම ගුරුතුමියට ඒවා බාරදෙන්න මම පුස්තකාලයට ගියා. වැඩ නැති වෙලාවට මිස් ඉන්නේ එතන. මගේ අතේ කළු පටිය දැකලා මිස්ලා දෙන්නට හොඳට හිනා. කෘෂිකර්ම ගුරුතුමියත් මම වගේම ඥානෝදයේ ඉඳන් මෙහෙට මාරු වෙලා ආවේ.
"මෙයා එහෙ ඉන්නකොට නම් හරිම අහිංසක ළමයා" කියලා කිව්වා.
____________________________________________
අපේ පාසලේ පහළ පන්ති වල මල්ලිලාට ෆිල්ම් එකක් බලන්න සල්ලි ඕන වුණොත් කරන්නේ කළුතර බෝධිය ගාවට ගිහින් බස් වල අය විසි කරන සල්ලි ඇහිඳින එක. ඉහළ පන්ති වල හිටිය අපිට ඒක කරන්න ටිකක් ලැජ්ජාවක් තිබුණා. ඒ කවුරුහරි ගෑණු ළමයෙක් බස් එකක ඉඳන් දැක්කොත් කියලා.
මගේ ඕලෙවල් කෘෂිකර්ම පොත් ඉල්ලපු පාසලේ කෘෂිකර්ම ගුරුතුමියට ඒවා බාරදෙන්න මම පුස්තකාලයට ගියා. වැඩ නැති වෙලාවට මිස් ඉන්නේ එතන. මගේ අතේ කළු පටිය දැකලා මිස්ලා දෙන්නට හොඳට හිනා. කෘෂිකර්ම ගුරුතුමියත් මම වගේම ඥානෝදයේ ඉඳන් මෙහෙට මාරු වෙලා ආවේ.
"මෙයා එහෙ ඉන්නකොට නම් හරිම අහිංසක ළමයා" කියලා කිව්වා.
අපෝ මට නම් තෝසෙ දැන් එපා වෙලා තියෙන්නෙ.මගේ අවුරුදු හය හතක මරදානෙ බොඩිං ජීවිතේදී තෝසේ කාලම එපා වෙලා තියෙන්නෙ.හැබයි මුල් කාලෙ නම් මාර ආසයි.
ReplyDeleteඉස්කෝලේ කාලේ සිද්ධි කවදාවත් අමතක වෙන්නේ නෑ.ජීවිතේ ස්වර්නමය යුගයන් වලින් එකක් තමා ඉස්කෝලෙ ගියපු අවුරුදු ටික.
ඒක ඇත්ත. ටික කලක් කද්දී එපා වෙනවා. ඒ වුණාට කිසි අගුණයක් නෑනේ.
Deleteහරිම මිහිරියි නේද ඒ අතීතය.. දැන්නං නරක ළමයා.. හැක්
ReplyDeleteහයියොහ් !
ReplyDeleteතෝසයක් ගියපු දුර . අපේ ඉස්කෝලෙත් මිස්ලා ඔය වගේ කාඩ් දෙනවා . හැබැයි ඒ කාඩ් මිස්ලගේ ළමයින්ට තිබ්බේ නෑ .
මිස්ලටත් හොඳ හොඳ කාඩ් තිබ්බා.
Deletea..... su di _ ka ayya....kohomada???
ReplyDeletemokada me karawechcha those image ekak dala tiyenne a?
apiyath kanna hithena lesata danna epei.
මම කාපු ඇඹුල තොසේ නම් කහ පාටයි. ඇත්ත තමයි. හරි පින්තූරක් හොයා ගන්න අමාරු වුණා. අද උදේ කාලෙත් එක්ක පොඩි සටනක් දීලා තමයි මේක ඉවර කරේ.
Deleteඅසූ තුනේ ඔය චෝදනාවම අපේ අප්පච්චිටත් ආවා දෙමලු හංගන් හිටියා කියලා. මට නම් තේරුමක් තිබ්බේ නෑ මං පොඩි නිසා. එත් පස්සේ කාලෙක ඉන්දියාවේ ඉඳන් ආපු ඒ කට්ටියක් අපේ අප්පච්චිට දෙවියෙකුට වගේ සලකනවා දැක්කම තමයි මම කතාව දැනගත්තේ .... එත් අප්පච්චි කිව්වේ මම දෙමලුන්ව හංගන් හිටියේ නෑ ,එත් අසරණ වෙච්ච මිනිස්සු නම් බේරාගත්තා කාලකන්නි ටික දෙනෙකුගෙන් කියලා
ReplyDeleteනමුත් ඒ අය ප්‍රසිද්ධ මාධ්‍යයක් ඉදිරියේ මේක කිව්වා නම් අපේ රටේ ප්‍රතිරූපය මීට වඩා හොඳ වෙනවා. අපි තවමත් ගෙවන්නේ ඒ ටික දෙනෙක් කරපු තකතීරු කමකට වන්දියක්.
Deleteඉතිං උද්ඝෝෂනේ සාර්ථක උනාද?
ReplyDeleteනැහැ. ඒ කාර්යාලය ඔය තියෙන්නේ අපූරුවට තාමත් එතනම.
Deleteමමයි එක.
ReplyDeleteමට තොසේ අරං දීපු බ්ලොග් කරුවන්ගෙන් එක උඹ තමයි මචං. ඒ ගිය සඳුඳා.
Deleteතෝසේ මතකය අවදි වුනා. අපේ ප්‍රියතම ස්පොට් තමයි රාධා ලොජ්, වානවිලාස්, එතකොට දැනුත් ඉන්ඩෝලංකා කැෆේ... ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteමමත් විවිධ තැන් වලින් කාලා තියෙනවා මේ රස්සාවට ආවට පස්සේ. ඒත් නාත්තාන්දඩියේදී කෑවා කීර තොසේ එකක්, මාර රසයි.
Deleteඅපි තෝසෙ කාපු වානි විලාස් තිබ්බෙ කොටහේනෙ අර ප්‍රෙමදාස මහත්තයා මියගිය තැන ලඟයි.. අම්මෝ ඒකෙ කන්න ඉන්න පෝලිම. අපි ගියාම ටික වෙලාවක් හිටගෙන බලං ඉන්නවා මේසයක් හිස්වෙනකල් ඇද ඇද කන අයට හිතින් බැන බැන. අපි ඉඳගත්තම ඉතින් අඩුම ගනනේ පැය බාගයක් කනවා. අම්මෝ එහෙම කෑමක්..
Deleteමෙහෙ තෝසෙ මාර රහයි.. හැබැයි තෙල් ගොඩ. පේපර් තෝසෙ තමයි නියම.. අඩි දෙකක් විතර දිගයි.. අරං එන්නෙ පොල්ලක් වගෙ රෝල් කරගෙන..
ඔය වගේ සත්ගුණවත් වේටර් මහත්හොරු ඉන්න කඩ තවමත් ඕන තරම් තියෙනවා.
ReplyDeleteඔව්. දැන් අපිට ඒ වගේ අවශ්‍යතා නෑ. ඊට පස්සෙත් වත්තල ස්වීට් හවුස් එකේ ඔය වගේ වේටර් කෙනෙක් හම්බ වුණා. රුපියල් විස්සක් ටිප් එකට දුන්නම හැමදාම බිල එකසිය පහයි.
Deleteඅපිත් ඔය විදියට සල්ලි එකතු කරල කැම කාපු ෆිල්ම් බලපු කාලෙ මතක් උනා.අපිටනම් චන්ඩ්‍රිකා නොන පනුයි පරිප්පුයි අඩු කරල දුන්න නෙ.එ කාලෙ පාන් භාගෙයි පරිප්පු එකයි රැ 3යි.
ReplyDeleteඒ කාලේ තමයි මම වැඩිම මුදලක් ඉතුරු කලේ.
Deleteලංකාවේ තෝසේවල එන ඇඹුල් රහ අනෙක් රටවල දැනෙන්නේ නෑ. මරු වැඩනේ සුදීක ඉස්කෝලේ යන කාලේ කරලා තියෙන්නේ...:)
ReplyDeleteපස්සේ කාලෙක දන ගත්තේ, අපේ කට්ටිය අලුත් තොසේ මිශ්‍රණයට කලින් දවසේ ඒවා දානවා මුහුන් විදියට. ඒ බැක්ටීරියා නිසා තමයි ඇඹුල රස. ඒ වුණත් මම නම් මාර ආසයි. අගුණයක් නැතිව ඇති.
Deleteසරස්වතී,ඉන්ඩො ලංකා තෝසෙ එහෙමෙ එල.
ReplyDeleteතුම්මුල්ලෙත් එකක් තියෙනවා නේද..?
හැබැයි දැන්නම් වෙන රටවලදී කද්දී හරි සොෆ්ට්,ක්‍රිස්පි ගතියට උණු උණුවෙ ලැබෙන තෝසෙ වලට මම තාමත් ආසයි.
තුම්මුල්ලේ එකට ඉස්සර කිව්වේ ශාන්ති විහාර් කියලා. දැන් ශ්‍රී විහාර්. ශාන්ති විහාර් එකෙත් සොෆ්ට් ක්‍රිස්පී ගතියට දෙනවා.
Deleteකැමතිම පොශ් තැන්.......ශාන්ති විහාර්....ග්‍රීන්ලන්ඩ්ස්...ඉන්ඩොලන්කා
ReplyDeleteකැමතිම සුවා තැන්......පුංචි බොරැල්ලේ හංදියේ තෝසේ කඩේ.....යූනියන් ප්ලේස් එකේ නිල්වලා ක්ලබ් එක ලඟ තෝසේ කඩේ....නුගේගොඩ හංදියේ තිබූ තෝසේ කඩේ (83න් පසු බෝඩ් එක ඉවත්කර පවත්වා ගෙන ගියා)
කොළඹ කොටුවේ බ්‍රිස්ටල් වීදියේ අම්බාල් එක, මුදලිගේ මාවතේ තියෙන එක (නම මතක නෑ, ඒක කලින් තිබුණේ ලක්සලට යාබදව පොලොව යට.
Deleteකැමතිම පොශ් තැන්.......ශාන්ති විහාර්....ග්‍රීන්ලන්ඩ්ස්...ඉන්ඩොලන්කා
ReplyDeleteකැමතිම සුවා තැන්......පුංචි බොරැල්ලේ හංදියේ තෝසේ කඩේ.....යූනියන් ප්ලේස් එකේ නිල්වලා ක්ලබ් එක ලඟ තෝසේ කඩේ....නුගේගොඩ හංදියේ තිබූ තෝසේ කඩේ (83න් පසු බෝඩ් එක ඉවත්කර පවත්වා ගෙන ගියා)
සුවා තැන් -> නියම වචනේ.
Deleteතොසේ එපා උනේ කැම්පස් කැන්ටිමේ අමි රහ තෝසේ කාල! නැත්නම් පන්ති යන කාලේ කෑවෙම බණ්ඩාගේ කඩේ තෝසේ!
ReplyDeleteකළු පටි විරෝධතා ඉතිං අපිට නුපුරුදු දේවල් යෑ!
නාඩි අල්ලන්නත් දැන් කළුපටි යොදා ගන්නාවාද ? :)
Deleteඇයි සුදීක මරදානෙ ධවලගිරි,ලක්සලට අල්ලල තියෙන තෝසෙ කඩේ තාම තියෙනව ඒකට කියන්නෙ වලේ කඩේ.ඉස්සර මරදානෙ ස්ටේෂන් එක ලඟත් තෝසෙ කඩයක් තිබුණා 83 ට කලින් මම කාපු රසම තෝසෙ කෑවෙ ඒ කඩෙන්.
ReplyDeleteඔය වලේ කඩේ දැන් තියෙන්නේ මුදලිගේ මාවතේ. මායි සාගරයි ගිය සඳුදා කෑවේ එතනින්.
Deleteතෝසෙ කාලා බඩ කුරු කුරු ගාලා නැද්ද ?
ReplyDeleteමොකද නැත්තේ.
Deleteතොසේ 3ක් 45 යි. ඒක මදි. ඊට වඩා හොදයි බත් එකක්ම කන එක. බඩත් පිරෙනවා. යන්නෙත් 30 යි. (මේ කැන්ටින් එකේ මිල ගණන් )
ReplyDeleteඅපෝ මටනම් තොසේ කාවාහම බඩ පුරවාදානවා.
Deleteපිටරට ඉන්න අපිට ඇයි අෆ්ෆා එක පාරම තෝසේ ගැන කියලා පෝස්ට් එකක් දැම්මේ?
ReplyDeleteඅනේ සොරි දිනේෂ්.
Deletebadaginne hitiyath those kanna kamathi naha mama nam
ReplyDeleteහප්පා තොසේ කන්න විදලා තියෙන දුකක් ...... මෙහෙ ආපු අලුත අපිටත් තිබ්බ ඉස්තරම්ම කෑම වලින් එකක් තමයි තොසේ.... මොකද පුරුදු නැති අයට මලේ කම කනවා කියන්නේ එක දිගට වහක් තමයි
ReplyDeleteඇයි නාසි ලෑමක්. කිසි කරදරයක් නැතිව කන්න පුළුවන් නේ.
Deleteහප්පා තොසේ කන්න විදලා තියෙන දුකක් ...... මෙහෙ ආපු අලුත අපිටත් තිබ්බ ඉස්තරම්ම කෑම වලින් එකක් තමයි තොසේ.... මොකද පුරුදු නැති අයට මලේ කම කනවා කියන්නේ එක දිගට වහක් තමයි
ReplyDeleteහප්පා තොසේ කන්න විදලා තියෙන දුකක් ...... මෙහෙ ආපු අලුත අපිටත් තිබ්බ ඉස්තරම්ම කෑම වලින් එකක් තමයි තොසේ.... මොකද පුරුදු නැති අයට මලේ කම කනවා කියන්නේ එක දිගට වහක් තමයි
ReplyDeletesudeeka aiya KVIEN kenekda?
ReplyDelete