උදෑසන දහයට කිට්ටු වෙලාවක පෙම්වතියගේ නිවසට ලඟා වුණත්, කරුමයට කකුල් හතරක් ඇත කියලා මට හිතුනේ, ඇය හෙට තිබෙන තමන්ගේ වැඩිමහල් සහෝදරයාගේ විවාහ මංගල උත්සවයේ කටයුත්තක් සඳහා නිවසින් බැහැර වී තිබීමයි. ගෙන ගිය කේක් පෙට්ටිය පසෙකින් තැබූ මා වටපිට බලන විට වෙන්ඩ මාමණ්ඩිය සිනා මුසු මුහුණින් ඇය නිවසේ නොමැති බව දන්වා සිටියේය. ඔබට හිතෙන්නට පුළුවන් "ඇයි කලින් දන්වලා යන්න තිබුණා නේ" කියා. නමුත් මට අවශ්‍ය වුයේ ඇය මවිතයට පත් කරන්න. අන්තිමට වැඩේ හුලං. සුපුරුදු පරිදි වෙන්ඩ මාමණ්ඩිය උයා දුන දවල් බත අනුභව කර බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියේ ඇයගේ සම්ප්‍රාප්තිය මේ දැන් සිදු වේ කියා. එම නිවසේ බල්ලා මා නිතරම මුලාවේ දැමීමට සමත් වුයේ ගහක අත්තක් සෙලවුනත් බිරීම නිසයි. නිවැසියන් නිවසෙන් පිට වී යලි එනතුරු බලා සිටින කණ්ඩායමක් තමයි සුනඛ නිකාය. හාම්පුතුන්ගේ ඉව ඉතා ඈතදීම දැන ගන්නා ඔවුන් පෙරමගට ගමන් ගන්නේ තම හිතවත්කම මොනවට කියා පාමින්.
ක්‍රම-ක්‍රමයෙන්(ග්‍රැජු-ග්‍රැජුවලි) දොළහේ, එකේ, දෙකේ, තුණේ, හතරේ කනිසම් නිවසේ පසුපස බිත්තිය අරා සිටින ඔරලෝසුව නිවැරදිව සංඥා කලත්, ඇයද - මවද පැමිණියේ නැත. ඔවුන් රත්නපුරය බලා ගමන් ගෙන තිබුණා. බිම ආලේප කර තිබෙන ෆ්ලෝ-පේන්ට් වලින් නික්මෙන ටර්පන්ටයින් ගඳ මට එතරම් ආගන්තුක දෙයක් නොවූවත්, එය මේ මොහොතේ මට මහත් වදයක් වූවා. අවසානයේ මස්කෙළිය බලා යන අවසන් බස් රථය හෝ අල්ලා ගැනීමේ බලාපොරොත්තුව සිතේ දාරාගෙන නිවසින් පිට වුණා. මා ආ බවවත් දන්වන්නට ඇයගේ ජංගම දුරකථනය ක්‍රියා කලේ නෑ. අපේක්ෂා භංගත්වයෙන් කිලෝමීටරයක් මග පයින් ගෙවා ප්‍රධාන පාරට අවතීර්ණ වුයේ, හැකි ඉක්මනින් ආපසු යන්නට ලැබේවා යන පැතුම සිතේ දරාගෙන. මා කුමන බස් රථයකට ගොඩ වුවාද, කෙතරම් වෙලාවක් එම රථයේ රැදී සිටියාද යන්න දැනීමට තරම් යහපත් මානසික තත්වයක් තිබුණේ නෑ. අවිස්සාවේල්ල බස් නැවතුමට අනෙක්පසින් ඇති බස් නැවතුම(දුම්රිය ස්ථානය ඉදිරිපස) මස්කෙළිය, හැටන් ආදී ගමනාන්ත සටහන් කර තිබෙනු මා මීට පෙරත් දැක තිබුණා. එම බස් නැවතුමේ මා ඇරෙන්න තව දෙතුන් දෙනෙක් සිටියද, කිසිම බස් රථයක මස්කෙලිය සටහන් වී තිබුණේ නෑ. පැමිණෙන බොහෝ බස් රථ හැටන් හෝ නාවලපිටිය සටහන් වී තිබුනා. වෙලාව සවස හය ආසන්න වත්දී මා දෙගිඩියාවකට පත් වුණා. මා කොළඹට ගොස් හෙට උදෑසනින් පිට වනවාද, නැතිනම් තවත් බලා හිඳීනවාද ?
අවසානයේ මේ ගමන කොටස් දෙකකින් හමාර කරන්න මා තීරණය කළා. ඉතා හිමින්සීරුවේ පැමිණි හැටන් වායු සමනය කල බස් රථයකට ගොඩ වූවා. එහි රියදුරු තැන අසල ආසනය හිස්ව පැවතියා. මා එතනින් හිඳගන්නවාත් සමගම වම්පස අසුනේ සිටි මහළු, බියකරු පෙනුමැති පුද්ගලයා මා දෙස බලා නැවතත් ඔහු ඇත තිබූ ලියවිල්ලක් දෙස දෑස් යොමු කළා. දෙහිවිට වනතෙක් මන්දගාමීව පැමිණි බස් රථය තේ පානය සඳහා නතර කළා. ඉතා කඩිනමින් චයිනීස් රෝල් දෙකක් ගිල දමා, ස්ප්‍රයිට් කෑන් එකක් ගෙන මා බස් රථයට ගොඩ වූයේ එය ඉක්මනින් පිටත් වේවායි පතමින්. නමුත් එහි පැමිණි මගීන්ට පවා මට තිබෙන හදිසිය තිබුනේ නෑ. මග දෙපස තිබෙන බෝක්කු-පාලම වල තිබෙන අංක කියවනවා හැරෙන්නට මට කල හැකි දෙයක් තිබුනේ නෑ. මඩ පැහැයෙන් චණ්ඩ ලෙස ගලා යන කැළණි ගඟ පසක් කලේ, මේ පොහෝදින ඉහල කඳු ප්‍රදේශ වැසිදියෙන් නහවනවා ඇත යන්නයි. අවාසනාවක මහත, කොට කොටා යන බස් රථයට ඇසළ පෙරහැරක් ඉදිරියට හමු වීමය. එය ගහට-ගහක් මොරටුවේදී හමු වීම වැනිය. ඒ.සී. යන්න සටහන් කර තිබුණත් මේ බස්රථය ගමන් කරන්නේ මග දෙපස තිබෙන ඒ.සී. වලිනි. මේ ප්‍රදේශ වලට සබැවින්ම වායු සමනය අවශ්‍ය නැත.
රාත්‍රී හත පමණ විට හැටන් නගරයට බස් රථය ලඟා වුණා. මගේ මීළඟ ඉලක්කය මස්කෙලියට යන බස් රථයක් සොයා ගැනීමයි. නමුත් මේ නගරය පාළුවට ගොස් ඇති සෙයක් දිස් වුවා. නොනවතින චුරු-චුරු වැස්ස සහ තෙත බරිත පොළව ගෙන දුන්නේ මුළු දිනයම මේ වැස්ස පවතින්න ඇති යන හැගීම. චිරි චිරියට අමතර මඩ, අඳුර, සීතල යන උල් සහිත ආයුධයකින් අණින ස්වභාවයක් මෙවැනි අවස්ථාවක ඇති වන්නේ නිරායාසයෙන්. මා මගේ පසුම්බිය ඇද බැළුවෙමි. එහි රුපියල් නවසිය ගණනක් ඇත. යම් හෙයකින් ගමනාන්තය වෙත ලඟා වීමට නොහැකිනම් මා නවාතැනක් සොයා ගත යුතුය. තේකක් බීමේ අවශ්‍යතාව ඇති වුවද, එයට මේ මොහෙතේ ප්‍රමුඛතාව ලබා දිය නොහැක. පසෙක නවත්වා ඇති ඩෙලිකා වැන් තුන හතර ඉදිරිපස, ජැකට් වලින හිස සිට වසාගෙන සිටින ඒවායේ රියදුරන් මට පෙනුණේ, නගරයට පැමිණෙන ආගන්තුක අය ගිල ගැනීමට සිටිනා රකුසන් ලෙසයි. අප වැනි ඉබාගාතේ යන්නන් ඔවුන්ට සම්පතක වුවත්, ඔවුන් අප නොදුට ගණනට හැසිරෙන්නේ, අප ඔවුන් වෙත ලඟා වනතුරුය. නමුත් මේ මොහොතේ එවැනි විකල්පයකට යනවාට වඩා මෙහි නවාතැන් ගැනීම පහසුය. මා වටපිට බැලීමි. පාරෙන් එහා පැත්තේ සිටින පුද්ගලයෙකු කෑ ගසන හඬක් ඇසේ. නමුත් එය බස් කොන්දොස්තර වරයකුගේ හඬක් නොවන බව පැහැදිලිය. වඩාත් ලං වනවාත් සමග ඇසුණු ඒ මහළු හඬ මගේ සිතේ අස්වැසිල්ලක් ඇති කළේය.
"මස්කෙළිය - නෝර්වුඩ්, මස්කෙළිය - නෝර්වුඩ්"
මේ අර බස් රථයේ සිටි ලොක්කාය. මා හනික ඒ දෙසට ලඟා වුණේ, වෙනත් කෙනෙක් ඒ තැන ගන්නට පෙරය. ඔහු මේ වනවිටත් ත්‍රී-රෝද රියදුරෙක් සමග ගණනක් කථා කරගෙන හමාරය. ඒ රුපියල් හාරසිය පනහක්ය. එය අන්තිම සාධාරණය.
"පුතා මස්කෙලියටද යන්නේ ? මේකට රුපියල් හාරසිය පනහක් යනවා, පුතාට කීයක් දෙන්න පුලුවන්ද ?"
මහළු නමුත් ශක්තිමත් ස්වරයකින් ඔහු අසා සිටී. මා ගත් කටටම
"මම භාගයක් දෙන්නම්"
ලෙස පිළිතරු දුන්නත්. ඔහු
"නෑ පුතා ඔයා රුපියල් සීයක් දෙන්න. මම කොහොමත් නෝර්වුඩ් වලට යන්න ඕනනේ"
"හරි යමු"
පුටු-පුටු හඬින් ත්‍රී වීලරය පණ ගැන්විණි. චුරු-චුරු වැස්ස තවමත් එසේමය. මම සැනසුම් සුසුමක් හෙලීමි. මහළු පුද්ගලයා කථා කරන්නට පටන් ගත්තේය.
"පුතා මස්කෙළියෙද, නෝර්වුඩ්ද ?"
"නෑ අංකල්. ඒ දෙකම නෙවෙයි. මම රාජකාරියකට මස්කෙළියට සති දෙකකට ඇවිත් ඉන්නේ"
ත්‍රී රෝද රථය ඉතා හෙමින් පුටු - පුටු ගමනින් යයි. එහි දුර්වල එළියෙන් දකුණු පස ඇති විශාල කළුගල් තාප්පයක් දිස් වේ. කාණු පුරා වතුර ගලා බසී. තවත් මොහොතක් පුටු-පුටු-පුටු ගෑ ත්‍රී රෝද රථය නතර විය. එය පණ ගැන්වීමට ත්‍රී රෝද රථ රියදුරා ගන්නා ලද සියළු උත්සාහයන් ව්‍යර්ථ විය. කරුමයකි.
"මහත්තයා තෙල් ඉවර වෙලා"
"ඇයි. අයිසේ තමුසෙට ඕක කියන්න මෙච්චර දුරක් එන්න හිටියේ"
මහළු පුද්ගලයාට හොඳටම කේන්තිය. මට ඇත්තේ "අද නම් මහා කරුම දවසක්" යන හැගීමයි.
"පුතා දැන් කරන්න දෙයක් නෑ. ආපහු ටවුමට යමු"
දැන් මහල්ලා සහ මා සරණාගත තත්වයකට පත්ව ඇත. මා ලේන්සුව ගෙන හිස ආවරණය කර ගත්තද, මහල්ලාගේ සන්තකයේ තිබුණේ කුඩා ගමන් මල්ලකි ඔහු එය හිසට තබාගෙන, බඩ තඩියත් ඔසවාගෙන යන ගමන ඇති කරන්නේ අනුකම්පාවකි.
"පුතා මම ඊබට් සිල්වා එකේ වැඩ කරේ. අවුරුදු තිස් ගාණක් වැඩ කරලා. අද අස් වෙලා යන ගමන්. පුතා කොහෙද වැඩ කරනවා කිව්වේ"
"මම මහජන බැංකුවේ. මෙහෙ බ්‍රාන්ච් එක කම්පියුටරයිස් කරන්න ආවේ"
"ආ ඒක හොඳයි. නැත්නම් අපිට හැමදාමත් පෝලිමේ පැය ගණන් රස්තියාදු වෙන්න වෙනවා. හෙට මට කොහොමත් බැංකුවට එන්න වෙනවා. මගේ ෆන්ඩ් එකේ චෙක් එක මාරු කර ගන්න"
"හරි එන්න අන්කල්. මම උදව් කරන්නම්"
මේ කතාබහ අතරතුර යාන්තමට නැවතත් මඩ නාගෙන නගරයට පාත් වුනෙමු. මෙවර ත්‍රී වීල් කරු හමු වූ හැටියේම අන්කල් ඔහුට ප්‍රශ්න පත්තරයක්ම ඉදිරිපත් කළේය. ඒ අතරින් වඩාත්ම සිත් ගත්තේ
"මේ පුතා අපිට මග රස්තියාදු ගහන්න නම් බෑ. කලින් ගිය එක පැට්‍රොල් නැතුව නතර වුණා. පැට්‍රොල් නැත්නම් ගහයෙන යමු"
මෙවර මා කැමැත්තෙන්ම භාගයක් ගෙවීමට ඉදිරිපත් වූ විට, අංකල් විරෝධයක් නැතිවම වාහනටය ගොඩ විය. සීතල එන්න එන්නම් දැඩි විය. නෝර්වුඩ් හරියට ලඟා වත්ම මගේ හිතට සැනසුමක් ඇති විය. මේ සීතල තවත් විනාඩි කිහිපයකින් නැති වනවා නේදැයි සිතුණා. අංකල්ට නොවක් ස්තුති වන්ත වීමට මා වග බලා ගත්තේ, මේ මොහොතේ ඔහු මට පියෙකු මෙන් වූ නිසාය. ඔහුගේ කොටස මා අතට දී, රියදුරාට මා ඇරලවන අකාරය විස්තර කර, පාරෙන් පහලට ඔහුගේ බකල අඩි තබා ගමන් ගන්නා අකාරය මා තුල ඇති කලේ ශෝකයකි.
පැය ගණනක් මුළුල්ලේ මහ මග ගිය ගමනක් මෙසේ රාත්‍රී නවයට පමණ අවසන් කර හෝටලයට යන්නට පෙර, රාත්‍රී ආහාරය ලෙස කොත්තු රොටියක් ලබාගෙන ඇඟ රත් කර ගැනීමට කෝපී කෝප්පයක්ද පානය කර, හෝටලයට ලඟා වනවිට කාමරයේ ජනේලයෙන් උඩුකය නිරාවරණය කරගෙනම සිටින අකිල දුටිමි.
ඇත්තටම මේ ගමන ඔලුව වටෙන් අත දා නහය ඇල්ලීමටත් වඩා දිගු එකකි. බොගවන්තලාව හරහා පැයකින් පමණ යා හැකි ගමනට පැය හයක් හතක ගත වීම කනගාටුවට කරුණකි. මේවා ඉදිරියේදී වෙනස් වනු ඇත.
_______________________________________
මෙහි අතුරු කතා හැකි තරම් අඩු කලේ, ඔබගේ බලවත් ඉල්ලීමටය. නැතහොත් අතුරුකතා කිහිපයක් එබීමට ඉඩ තිබිණි.
පළමු කොටසට අද උදේ කොමන්ටුව දාල අනිත් අත බලද්දී දෙකත් දාල.
ReplyDeleteමැදා විශ්මිත කොරන්න ගිහිල්ල කාපු කට්ට.
ඕවා ඔහොම තමා ලොක්කා. කොයි තරම් කටු කෑවත් ලැබූ ඇත්දැකීම් මල් මසුරන්.
Deleteකතාව ඉක්මනට ඉවර වුණා. අතුරු කතා තිබ්බා නම් හොඳයි කියලා තමයි හිතුනේ...:)
ReplyDeleteපුළුවන් තරම් කෙටි කළා.
Deleteඅහ් මේකයි මේ නහය ඇල්ලිල්ල... එහෙනම් පුළුවන් තරම් අතුරු කතා ඔබන්න තිබුනෙ සුදීක. මොකද ඔයා වටයක් ගහලා කාමරේට ආවා කියන එක කතාවක් නෙමේනෙ.. ඒ අතර සිදු වෙච්ච රසවත් අත්දැකීම් තමා පාඨකයට රස විඳින්න තියෙන්නෙ..
ReplyDeleteකළබලෙන් ලියලද මංදා සමහර තැන් තේරුම් ගන්න හරි අමාරුයි..
ඒ තැන් ටික හැදුවා. මගේ කෙලි පොඩ්ඩ රෑ 11.00 වෙනකම් ලැප් එක දුන්නේ නෑ. හුඟාක් රෑ වෙලා ඉවර කලේ.
Deleteඑතකොට සුදික අයියා අපේ ගම පළාතට සම්බන්ධයි...?
ReplyDelete//මේ ප්‍රදේශ වලට සබැවින්ම වායු සමනය අවශ්‍ය නැත.// කාලෙකට ඉස්සර බදුල්ල ට යන AC බස් එහෙමත් පඹහින්න හරිය පහු වුනාම AC ඔෆ් කරලා ස්වභාවික AC වලින් තමයි යන්නේ. :)
අර අත් හැරපු අතුරු කතා ටික වෙනම ලියන්න...
අතුරු කතා හිතට එන්නේ ලියාගෙන යන අතරතුර. දැන් ඒවා අමුතුවෙන් මතක් කරලා ලියන්න අමාරුයි.
Deleteජීවිතෙන් පැය හත අටක් මොකක්ද.. අන්න අත්දැකීම්.. ඊබට් අංකල්ගේ විස්තරය අනුව ඔහු මොන වගේ කෙනෙක්ද යන වග මොනවට පැහැදිලිය.. නියමයි සුදීක...
ReplyDeleteපැය හත අටකුත් ඇති ඉගෙන ගන්නවා නම්.
Deleteසමහර කාලකන්නි දවස් තියෙනවා සුදීකයෝ.. අංකල්ගෙ ෆන්ඩ් එක ගන්න සපෝට් එකක් දුන්නද ඊට පස්සෙ??
ReplyDeleteඅතුරු කතාත් කෙටි කරල මේකට එඹුව නම් ගති.. සුදිකයියා කවදත් ලියන්නේ දිගම දිග පෝස්ට් නොවැ.. කතාව කෙටි වීම, අතුරු කතා සහිත වීම, තමයි මා කැමතිම විදිහ..
අන්කල් ආවා පහුවදා.
Deleteකතාව කෙටි කරන ගමන් අතුරු කතා දානවා කියන්නේ හරියට ළමයා හම්බ වෙන්නත් ඕනේ විලි රුදාව අඩු වෙන්නත් ඕනේ කිව්වා වගේ දෙයක්.
ඈ අයියෙ ඒ කාලෙ මල් එහෙම කැඩුවෙ නැද්ද? දවසගානෙ මලක්වත් කඩනවනම් රත්නපුරේ ගිහින් කියල දැනගන්න තිබුනනේ :D
ReplyDeleteඒ කාලේ මල් කඩුවේ ඔෆ් පීක් අවර්ස් වලනේ.
Deleteඉතිං ඊලග දවසෙ අර මනුස්සයා බැංකුවට ආවද?කලින් එකට වඩා ස්පීඩ් ගිහින් වැඩීනේ අයියේ.අතුරු කතා ටිකත් දැම්මනං තමයි හොද
ReplyDeleteඔව් අන්කල් ආවා. කෙටි කරන්න ඕනේ හින්දා අතුරු කතා අවම කළා.
Deleteඅනේ මටත් ඔය වගේම වෙලා හියනවා. මාගේ ප්රියම්බිකාවගේ ගෙදරට ඒ කාලේ යන්න එක බස් එකයි තියෙන්නේ. නැත්නම් කි.මී. 5 ක් පයින් යන්න වෙනවා මහා කන්දකට. දවස පයින්ම කි.මී. 4ක් විතර ගිහින් පොඩි පෙට්ටි කඩයක් ළඟ නැවතුනා. මෙන්න දෙබස. 'මුදලාලි, මොනවද බොන්න තියෙන්නේ?' ' අනේ මහත්තයා ඔක්කොම ජාති ඉවරවෙලා ගෙන්න ගියා. බීඩියක් දෙන්නද? මම මටම %#&^*@ කියාගත්තා.
ReplyDeleteසිගරට් ඉවර වෙලා කියලා කියන්න ඇත්තේ.
Delete++++++++++++
Deleteවිශ්මයෙන් විශ්මයක්. මදෑ උනදේ.
ReplyDeleteඅපරාදෙනෙ අතුරු කතා ටිකත් දැම්මනම් තමා රස වැඩි වෙන්නෙ.
කලින් පොස්ට් එකේදී සමහරු එපා කිව්වනේ.
Deleteමචං උඹලා වෑන් එකේ ගිහින් බස් එකේ ආපහු එන්න වුනේ අර පොරගේ ලයිසන්ස් එක පොලීසියෙන් ආපහු ගන්න පොර වෑන් එක අරන් ගිය හන්දද? නැතිනම් මේ උඹේ පුද්ගලික ගමනක් හන්දා ඒ ටික බස් එකේ ගියාද? කොහොම හරි ඔය වැඩේ කරලා ආපහු කොළඹ එන්න වාහනේ තිබ්බද?
ReplyDeleteවැන් එක ලැබෙන්නේ රාජකාරි කටයුතු වලට විතරයි. පුද්ගලික ගමනක් නිසයි මට බස් එකේ එන්න වුණේ. ආපහු එද්දී වාහනය තිබුණා.
Deleteඔන්න එහෙනම් අපි කොටස් දෙකම කියෙව්ව..
ReplyDeleteමෙහෙම හරි කමෙන්ට් එකක් දැම්මොත් ආවා කියලා තේරෙනවා.
Deleteසුදීක නහය ඇල්ලිල්ල කොහොම උනත් ආතල් කතාව
ReplyDeleteමටත් තවම මතක් වෙත්දීත් හිනා යනවා. හොඳම කෑල්ල අර අන්කල් එක්ක වැස්සේ පයින් ආපු ටික.
Deleteඅන්කල් චෙක් එක මාරු කරන්න ආවාද?
ReplyDeleteආවා. ආවා.
Deleteතව අතුරු කථා තිබුනා නම් තවත් හොඳයි වගේ.
ReplyDeleteදැන් ප්‍රමාද වැඩියි.
Deleteමට පළමු කොටසත් මිස් වෙලා ඒකත් කියවලම එන්නම්..
ReplyDeleteරායිට්.
Deleteත්වමත් කිලෝ මීටර් 10-15 පයින් යන ගම් තියෙද්දි මේවා මහා දෙවලුත් නෙමෙයි බැලුවාම. හවුල් ව්‍යාපාර කොහොමත් එච්චර හොඳ ව්‍යාපාර ජාතියක් නෙමේය. හරියට මියුසිකල් ගුරුප් වගේමය.
ReplyDeleteඇත්තටම.
Deleteහිතුවට වඩා අවසනාවන්ත සිදුවිමක්නේ
ReplyDeleteඔහොම දේවල් වෙනවා. ගණන් ගන්න හොඳ නෑ.
Deleteගමන පාඩු නැ.නියම අත්දැකිම් ටිකක් ලැබිල තියෙන්නෙ
ReplyDeleteඅනිවාර්යයෙන්ම දමියා.
Deleteමේ වගේ පරිසරයක් ගැන කියද්දිත් ආසයි අප්පා...චුරු චුරුව තිබුනත් වීදුරු බෝතලේකුත් ලගට අරගෙන මිත්තරයො ටිකත් වට කර ගත්තම ආතල් කනෙන් බේරෙනවා...
ReplyDeleteඔලුව වටෙන් නහල අල්ලන කතාවක් වුන එකේ ඔන්න ඔහේ කියලා අතුරු කතා ටිකත් දාන්න තිබුනේ සුදීක අයියේ..
ReplyDeleteඇත්තටම සුදීක හෙන රවුමක් තමයි ගහල තියෙන්නෙ. කෙටිම පාර තමයි බොගවන්තලාව, පින්නවල හරහා බලංගොඩට එන එක. මම ඒ පාරෙ කීපවරක් ඇවිල්ල තියෙනව. පාර පටු උනත් ලස්සන වටපිටාවක් තියෙන්නෙ.
ReplyDeleteඅරවගේ මගදි තෙල් ඉවරඋනාම පනින මල ගැනනං කියල වැඩක් නෑ.
හි හි... ආතල් බේරෙන්නේ යන ගමන ලොප් වී නන්නත්තාර වෙන්න වුණාමය... එතකොට සර්ප්‍රයිස් නෙම් මොන ප්‍රයිස් වත් දෙන්නට නොහිතෙන්නේය...
ReplyDeleteමට නං කීයක් දුන්නත් ඔය සා පට්ට හීතලක ගල් නොවන්නෙය... මට හීතල පොඩිකාලෙ සිටම ඇලජික්ය.. ඇලජික් කීවට පට්ට රෑ 9 හමාරට විතර පහුගිය දුරුත්තේ සීත ගගුලේ එබෙි එබී නෑවෙමි
මොනා උනත් අර කීවා වගේ අතුරු කතා ටිකත් තිබ්බ නං පටේ පට්ටය කියා හිතෙන්නේය
dan matk wenkota joly neda?
ReplyDeleteඅතුරු කතා නැතුවහම නිකං, පොල්ලෙන් ගැහුව වගේ. මාරම අත්දැකීම තමයි. මගෙ හිතේ අපි හැමෝටම ඔය වගේ ප්‍රේමය නිසා කාපු සොඳුරු කටු තියෙනවා...
ReplyDeleteඅතුරු කතා දියව් දියව්...අතුරු කතා දියව් දියව්....මේකත් කොට වැඩියි වැඩියි ...
ReplyDeleteGamane aramuna sarthaka unanam. Me kathawa mita wada wens wenna thibuna..
ReplyDeleteඅතුරු කතාත් තියෙන්න තිබුණේ...
ReplyDeleteහ්ම්ම්....ඔලුව වටෙන් අත දාලා නහය අල්ලලා තමයි...