දිනය : 2026/02/12
ස්ථානය : කොළඹ 7, තුරඟ තරඟ පිටියට යාබද නව ගොඩනැගිල්ලෙහි ඇති අයි.සී.සී. ප්‍රධාන කාර්‍යාලය.
කාරණය : 2020/02/02 දින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවතී ටෙස්ට් තරගයේ පළමු දිනයේ අවාසාන පන්දු ඕවරයේ දෙවනි පන්දුවේ සිදු වූ අස්වාභාවික ඉපිලීම පිළිබඳ සාකච්ඡා කිරීම.
මේ වනවිට අයි.සී.සී. හී පූර්ණ සාමාජිකත්වය දරන රටවල් දහතුනට අමතරව, ආශ්‍රිත සාමාජිකත්වය දරන සෙසු රටවල් වලද, ඉතා අල්ප ලෙස ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන රටවල් වල සියලුම මාධ්‍ය වලින්ද, ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු ලෙසකින් සිදු නොවන රටවල් වල මාධ්‍ය පවා මේ පිළිබඳව විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි. කොටින්ම කීවොත් ලෝකයම කතා වන මාතෘකාව බවට එය පත්විණි. එසේ හෝ ලෝකයේ සියලුදෙනා ක්‍රිකට් ගැන කථා කිරීම අයි.සී.සීය කැමැත්තෙන් පසු විය. එහෙත් ඔවුන් ඒ බව පිටතට නොපෙන්වා ඉකුත් සිද්ධිය ගැඹුරින් අධ්‍යනය කරන බවක් පෙන්වීය. මේ කාරණය මත හෝ තමන් මේ ක්‍රීඩාව ව්‍යාප්ත කරගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන රටවලට ක්‍රිකට් යන නාමය හෝ ප්‍රචලිත වීම මහත් සම්පතක් ලෙස ඔවුන් තේරුම් ගෙන තිබුණි. එහෙත් මේ සිද්ධිය පිළිබඳ අවුල ලිහා ගැනීමට තබා, ඒ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත. ඒ අතින් ඔවුන් සිටින්නේ දැඩි කැළඹිලි සහගත මානසික තත්ත්වයකය.
පන්දුව ගමන් කර තිබුණේ ඉහත පින්තූරයේ පෙනෙන අකාරයටය. |
පන්දුවේ ගමන් මග අධ්‍යනය කිරීම සඳහා නාසා ආයතනයේ පවා සහය ඉල්ලා ඇත. මීට ප්‍රථම එල්.බී. ඩබ්ලිව් නොහොත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වන පිතිකරුවන් නිවැරදිව දැවී ගියාදැයි සොයන්නටද නාසාහි උපකාරය ඉල්ලා සිටියත්, ඔවුන් පවසා තිබුණේ තමන්ට මීට වඩා සිතීමට බොහෝ දේවල් තිබෙන නිසා, ඔවැනි දේවල් සඳහා කාලයක් නැති බවයි. නමුත් අවකාශය තුළ ගමන් ගන්නා වස්තූන් පිළිබඳ අධ්‍යනය කිරීමට තාක්ෂණය සහ දැනුම වෙනත් කිසිවෙකු සතුව නොතිබිණි. වායු ගතිකවිද්‍යාව(Aerodynamics) පිළිබඳ විශේෂඥයින් බොහොමයක් ඔවුන් සතුව ඇත. මෙවර ඔවුන් මේ පිළිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කරන්නේ විශේෂ හේතුවක් නිසාය. නමුත් සාමාන්‍ය ජනතවාට දින දෙක තුනක් යද්දී එය අමතකව ගොස් තිබුණි. ඒ ඔවුන්ට හිතන්නට ඊට වඩා දේවල් ඕනෑ තරම් තිබුණ නිසාය.
එකී තරගය එතනින් අවසන් කර දමන්නට එහි තරග තීරකයා කිසිදු පැකිලීමකින් තොරව තීරණය කර තිබුණි. මන්ද මීට පෙර බටහිර ඉන්දීය ක්‍රීඩාංගණයක පැවති තරගයකදී මේ අකාරයෙන්ම ඉතාම හෙමින් දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු බවුන්සර් පන්දුවක් යැවීම නිසාය. එකී පන්දුවේ වීඩියෝ පට කිහිප විටක් නරඹා තීරණයක් ගැනීමට නොහැකි වූ විට, ස්පයිඩර් කැමරාවේ සටහන් වී තිබූ දර්ශනය සියල්ලන් මවිත කළේය. ඒ පන්දුව පතිත වන්නට මොහොතකට පෙර, පන්දුව පතිත වන තැන දිලිසෙන බව දැකීමෙන්ය. එකී කමිටුවේ ප්‍රධානත්වය ගෙන කටයුතු කල සයිමන් ටවුෆල් මහතා එකෙණෙහිම ලබාදුන් නියෝගයකට අනුව, ආරක්ෂක ලෙස වසා දමා තිබූ ක්‍රීඩාංගණය විවෘත කර එම තනතීරුව හාරා එහි පස් විශ්ලේෂණය සඳහා ගෙන ආ යුතු බවයි.
එසේ ගෙන යන්නට පස් ඉවත් කිරීම එම තනතීරුවේ දකුණු කෙළවරින් ආරම්භ කල අතර මිනිත්තු කිහිපයකින් ස්පයිඩර් කැමරාවේ සටහන් වූ දිලිසෙන වස්තුව සොයා ගන්නට එහි සුළු සේවකයෙකු සමත් විය. බොහෝ දෙනාට එය අදහා ගන්නට නොහැකි විය. ලෝකයේ බොහෝ ක්‍රීඩා නාලිකා වල කැමරාවන් එදෙසට යොමු වී තිබුණි. එම සේවකයාඑම බෝතලයට තම ඇත තිබු කම්බි කූරකින් එල්ල කරන ලද වේගවත් පහර නිසා එය බිදී ගියපසු අවුබෝධ වුයේ, එය කොකා කොලා බෝතලයක් බවය. එසේ තමා වියරුවෙන් මෙන් එයට පහර දුන්නේ ඇයිදැයි විමසු විට, තමාගේ මිතුරකු ගී ගයන රෙගේ සංගීත ප්‍රසංගයට යන්නට නොහැකි වුයේ තමාව හදිසියේ කැඳවා සවස හය වනතුරුත් ක්‍රීඩාංගණයේ තබා ගැනීම නිසා බවද, තමා සිටියේ දැඩි කෝපයෙන් බවද එම සේවකයා පවසා ඇත. දිලිසී ඇත්තේ එහි පියනය. කුමක් හෝ හේතුවක් නිසා එය හරියටම උඩු අතට පිහිටා තිබුණි. මුලින්ම එය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඇති කෞතුකාගාරයේ තැන්පත් කළයුතු බවට යෝජනා වූවත්, තම භාෂාව වෙනස් කල ඇමරිකාවේ නිෂ්පාදනයක් තමන්ගේ කෞතුකාගාර වල තබා ගැනීමට එංගලන්ත බලධාරීන් දැක්වුයේ ඇල්මැරුණු උනන්දුවකි. පසුව එය විශාල මුදලක් ගෙවා කොකා-කෝලා ආයතනය මිලදී ගෙන ඇත.
පින්තුරය ගත්තේ : http://www.sfu.ca/ |
බොහෝ ඉල්ලුම්කරුවන් අමතක කොට එය තමන් වෙත ලබා දීම නිසා, එම ක්‍රීඩාංගණයේ යෝධ කොකා-කොලා බෝතලයක් නිර්මාණය කරන්නට ඔවුන් ඉදිඉපත් විය. මේ සඳහා තමන්ට තිරයෙන් පිටුපස සිට උපකාර කර හිටපු දකුණු අප්‍රිකානු කඩුලු රකින්නකු වන ඩේවිඩ් රිචඩ්සන් මහතා සිහි වීම පිණිස විශාලා කඩුළු රකින අත් ආවරණයක්ද නිර්මාණය කර ඇත.
blog.percyswildride.com |
ඉතා සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන බටහිර ඉන්දීය දුපත්වල ජනතාව, මෙසේ නොසැලකිලිමත් ලෙස හැසිරෙන බව ලෝකයාම පිළිගත් කරුණකි. එනිසා මෙවරද සිදු වී ඇත්තේ සමාන සිදු වීමක් බව, එදින පැවැත්වූ වීඩියෝ සාකච්ඡාවකින් තීරණය කල පසු එම විකට්ටුවද හාරා, සියලු පස් විශ්ලේෂණය කළද කිසිම හෝඩුවාවක් නොලැබී ඇත. කලින් වතාවේ එම පස් මිශ්‍ර කරන සේවකයා තදින් කොකා කෝලා වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන්නට ඇති බවත්, එය පස් මිශ්‍ර කරන අතරවාරයේදී මිශ්‍රණයට වැටෙන්නට ඇති බවත් පසුව නිගමනය විය.
නමුත් මෙවර පස් මිශ්‍රණයෙන් බලාපොරොත්තු වූ ඝන ද්‍රව්‍යයක් හමු නොවීය. ප්‍රශ්නය තවත් සංකීර්ණ වුයේ ඉන් පසුවය. විවිධ අය විවිධ මත පළකරන්නට විය. සමහරුන් කීවේ එය ලක්ෂයකට වරක් සිදු විය හැක්කක් බවයි. නමුත් එම පන්දුව යවමින් සිටියේ ඉතාම මන්දගාමී දඟ පන්දු යවන්නෙක් වන විශ්ව අදීප නමැති තම පළමු තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයායි. ඔහු යැවූ පළමු පන්දුවට පහසුවෙන්ම හතරේ පහරක් ලබා ගන්නා ලදී. එක් අතකින් හොඳටම පහර කා හෙම්බත් වී සිටින අවස්ථාවක මෙවැනි පන්දු යවන්නෙක් දමා කඩුල්ලක් ලබා ගැනීම සාමාන්‍ය පුරුද්දයි. මෙම ළාබාල ක්‍රීඩකයා තෝරාගෙන තිබුණේ පිතිකරුවකු ලෙසයි. නමුත් බිම පතිත වූ පසු මීටර් හයක් පමණ ඉපිලීමක් ලබා ගැනීමට සමතෙක් කිසිදා බිහි වී නැත.
අයි.සී.සීය ඉන්පසු කළේ මහජන මතය විමසීමයි. කිසිදු විද්‍යාඥයෙක් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමට අපොහොසත් මොහොතක, තවත් අභිරහසක් ලෙස සැඟවී යන්නට නොදී එයට කුමන හෝ විසඳුමක් සොයා ගැනීම එකම විකල්පය ලෙස අයි.සී.සියේ විධායක කමිටුව තීරණය කර, කොළඹ නගරයේ ඇති තම ප්‍රධාන කාර්යාලයට රැස් වුයේ තෝරාගත් එවැනි විසඳුම් කිහිපයක් විමසා බැලීමටයි. එම හමුවට නාසා නියෝජිතයන්, රසායන, භෞතික විද්‍යාඥයන්, පරිගනක විශේෂඥයන්, රහස් ඔත්තු සේවා වල නියෝජිතයන් සහභාගී විය. කලින් සුදානම් කරගත් පරිදි වෙලාවටම සමුළුව ආරම්භ කරන ලදී. හොඳම විසඳුම් ලබා දුන් පර්යේෂකයන් පස් දෙනෙකුද කැඳවා තිබුණි.
පළමු විසඳුම ලෙස ඉදිරිපත් කර තිබුණේ, එය පන්දුවේ යම් තද ගතියක් නිසාත්, විකට්ටුවේ ඇති පිපිරුමක ගැටී ඉහළ එන්නට ඇතැයි කියාය. නමුත් ඒ වනවිට පන්දු ඕවර 113 ක් යවා අවසන් වී තිබූ අතර ලකුණ 472 ක් ලබාගෙන තිබුණි. එවැනි කාරණයක් මත පන්දුව ඉහළ එන්නේ නම්, අඩුම තරමේ ඉන් පෙර පන්දු දෙක තුනක් වත් ඉහළ ආ යුතු බව ක්‍රිකට් විශ්ලේෂකයන්ගේ මතය විය.
ඉන්පසු විසඳුම ඉදිරිපත් කල පාකිස්තානු ජාතිකයා පවසා සිටියේ සමහර පන්දු නිෂ්පාදකයන් පන්දුව ඇතුළතට ගලක් වැනි තද ද්‍රව්‍යයක් යොදා පන්දුව එතීමට පටන් ගන්නා බවයි. මෙයට හේතුව එය විය හැකි බවත්, පන්දුව කපා එහි මැද පරීක්ෂා කළයුතු බවත් ඔහුගේ මතය විය. මේ වනවිට අයි.සී.සී. ප්‍රධාන කාර්යාලයේ සේප්පුවක් තුළ සුරැකිව තබා ඇති පන්දුව ගෙන සියලු දෙනාගේ කැමැත්තට අනුව එය දෙපළු කරන ලද මුත්, හණ නූල් සහ කිරල ඇබ හැරෙන්නට කිසිවක් එහි නොවීය.
තුන්වන විසඳුම ලබා දුන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා පවසා සිටියේ තමා එම වීඩියෝව කිහිප විටක්ම ප්‍රතිවාධනය කර බැලු බවත්, එම අවස්ථාවේදී පන්දුවට පහර දෙන ක්‍රීඩකයාත්, විකට්ටුව මත ඇති බේල් යුගලයත්, දෙවෙනි විනිසුරු සහ එම රූප රාමුවට හසු වූ අනෙකුත් ක්‍රීඩකයන්ගේ හිස් වැසුම් සහ ඔවුන්ද මද වශයෙන් ඉහළ ගොස් තිබු නිසා මෙය ගුරුත්වාකර්ශනයේ යම් විෂමතාවක් බවයි. නමුත් බොහෝ දෙනා ඊට විරුද්ධව අදහස් එකතු කළහ. සමහරෙක් පැවසුවේ ඒ වනවිට ක්‍රීඩාංගණය හරහා හමා ගිය පැයට කිලෝ මීටර 30 ක පමණ හුළඟ නිසා එය වන්නට ඇති බවත්ය. නමුත් ඔහුගේ තර්කය වුයේ සුළඟ පැවතියේ නිරිතදිග සිට ඊසානදිග දෙසට නම් එයට ඉහළින් අඩු පීඩනයක් ඇති කල හැකිද යන්නයි. තම පිළිතුර සත්‍ය බව ඔප්පු කිරීමට නම් ඒ ආසන්න රටවල ජනතාවගෙන් අදහස් විමසිය යුතු බවත්ය. ගුරුත්වාකර්ෂණය තප්පරයෙන් සීයෙන් පංගුවක් වන සුළු මොහොතකට නතර වුවා නම් මෙසේ පන්දුව ඉහළ යා හැකි බව ඔහු නිගමනය කර තිබුණි. එම ප්‍රේක්ෂකයාගේ අදහසට පක්ෂව සහ විපක්ෂව සමව ඡන්දය දුන් එහි සිටි විද්වතුන් ඔහුගේ පිළිතුර තවදුරටත් සලකා බැලිය යුතු බව තීරණය කර දිවා විවේකය සඳහා එම සැසිය අවසන් කළහ.
සාකච්ඡා කාමරයෙන් පිටතදී කිසිවෙක් ඒ ගැන අදහස් පළ කරන්නට කාලය වැය කළේ නැත. ඒ ඔවුනට හිතන්නට තවත් බොහෝ දේ තිබූ බැවිනි. බොහෝ දෙනා තම ජංගම දුරකථන, ටැබ්ලට් ආදියෙන් තම පවුලේ අය අමතන්නට පටන් ගත් අතර සමහරු ඉතා ඉහළින් සපයා තිබූ දිවා ආහාරය භුක්ති වින්දේ තම මිතුරන් සමග ආගිය කථා වල යෙදෙන ගමන්ය.
හතරවෙනුව අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු භෞතික විද්‍යා මහාචාර්ය වරයා පවසා සිටියේ එය නිතැතින්ම ක්‍රීඩකයාගේ හිස් වසුමේ ගැටුන බවය. නමුත් බටහිර ඉන්දීය ක්‍රීඩකයින් පළඳින හිස් ආවරණය බොහෝ දුරට පන්දුවේ වර්ණයට සමාන නිසා එය ගැටුණාද නැත්ද යන්න සොයා ගැනීම උගහට බව අවධාරණය කෙරිණි. බොහෝ දෙනාට මේ වර්ණ පිළිබඳ අදහස සිත් ගත් නිසා මිනිත්තුවකට රූප රාමු හයදාහක් ලබාදෙන විශේෂ කැමරාවකින් ගන්නා ලද රූප රාමු ශාලාවේ ඇති පුළුල් තිර HD තිරය මත දිග හැරුණේ විසිපස් දෙනෙකුට පමණ අසුන් ගතහැකි, ඉතා ප්‍රශස්ත මට්ටමක වායුසමනය කරන ලද ශාලාවේ ආලෝකයද මදක් අඩවන් කළ පසුය. මිනිත්තුවක් තුළ ගන්න ලද රුප රාමු එකින් එක දිග හැරීමට මිනිත්තු දහයක පමණ කාලයක් වැය වන ලදී. ඇත්ත වශයෙන්ම ක්‍රීඩකයාගේ හිස් ආවරණ සහ පන්දුව ගැටෙනවාද යන්න එම දසුන් වලින් පැහැදිලි නැත. යළිත් ශාලාවේ ආලෝකය එනවිට බොහෝ දෙනා සිටියේ කෙටි නින්දකය. තවත් සමහරු ඈනුම් අරිමින්, හිස කසමින් සිටිනු දුටු මහාචාර්යවරයා තම දිගු රැවුල අතගාමින් අප්‍රසාදය සහිත මුහුණක් පෙන්වීය.
නමුත් නින්ද නොලබා සිටි එක් පුද්ගලයෙක් අදහස් දක්වමින්, ස්නිකෝමීටරය සහ හොට්ස්පොට් දර්ශන වලින් ඔහුගේ තර්කය බිඳ වැටෙන බව පැවසු විට නිදමින් හුන් අයද ඔහුට හූ මිටි තබමින් ඒ අදහසට එකඟත්වය පල කළහ.
අවසන් අදහස එක් කල එංගලන්තයේ කාලගුණ විද්‍යා විශේෂඥයෙක් පවසා සිටියේ, එය ඉහළ අහසේ ඇති වූ අවපීඩන තත්වයක් නිසා ඇති වූ ප්‍රතිඵලයක් බවයි. මේ සඳහා අවට ප්‍රදේශ වල ජනතාවගේ අදහස් විමසා බැලිය යුතු බව ඔහුගේද මතය විය.
එංගලන්ත කාලගුණ විද්‍යාඥයා සහ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ලබා දුන් විසඳුම් බොහෝ දුටර සමාන හා පිලිගතහැකි තත්වයේ තිබෙන බැවින්, මේ පිළිබඳ අවසන් නිගමනයකට ඒමට නම් ඇමරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනයේ(USGS) අදහස් විමසිය යුතු බව නිගමන විය. තවත් දිනක හමුවන බලාපොරොත්තුවෙන් පැමිණි සාමාජිකයින් විසිර ගියේ එකිනෙකා වැළඳ ගනිමිනි.
_________________________________________
මෙය ප්‍රබන්ධ කරන්නට මා හට මුලින්ම අදහස ඇති වුයේ බීටල් ලියන අකුරු බ්ලොග් අඩවියේ පලවූ සරුංගල් මහාචාර්යවරයා කියවද්දීය. නමුත් එහි මතකය ගිලිහී ගොස් තිබිණි. දින කිහිපයකට උඩදී අපූර්වී ඔමායා එවන ලද වීඩියෝ පටයක් (ගුරුත්වය මොහොතකට නතර වුවහොත්) නරඹද්දී මේ මතකය අලුත් විය.
//// එම සේවකයාඑම බෝතලයට තම ඇත තිබු කම්බි කූරකින් එල්ල කරන ලද වේගවත් පහර නිසා එය බිදී ගියපසු අවුබෝධ වුයේ, එය කොකා කොලා බෝතලයක් බවය. //// මේ කොටස එතන ටිකක් අපැහැදිලියි ..
ReplyDeleteබෝලයේ ඉපිලිම ගැන එකිනෙකාගේ අදහස බොහෝ දුරට ඔවුන්ගේ ක්ෂේත්‍රයට සම්බන්ධ පිළිතුරක් විදියට දීලා තියෙන්නේ වගේ මට පේන්නේ..
ex. එංගලන්තයේ කාලගුණ විද්‍යා විශේෂඥයෙක් පවසා සිටියේ, එය ඉහළ අහසේ ඇති වූ අවපීඩන තත්වයක් නිසා ඇති වූ ප්‍රතිඵලයක් බවයි.
ස්තුති ලිපියට ,, අර වීඩියෝ එක ඔයාට වැදගත් වේවි කියලා හිතුන නිසාමයි එවුවේ
මෙහෙමනේ ස්පයිඩ කෑම් එකෙන් ගත්ත වීඩියෝ එකේ තියෙනවා පන්දුව බිම පතිත වෙන්න මොහොතකට කලින් එතැන දිලිසෙනවා කියලා. එතැන තිබුණේ බෝතලයේ මුඩිය. අන්න ඒක නිසා තමයි බොලේ ඔච්චර උඩ ගියේ.
ReplyDeleteසාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් ප්‍රශ්න දකින්නේ තමන්ගේ පැත්තෙන් නේ.
හ්ම්ම්......අන්තිමට කස්බෑවට වෙච්ච දේ වගේ තමයි අර වැඩකට නැති බෝතලේට උනෙත්... හ්ම්ම්, මාත් ඉගෙනගත්ත අතුරු කාරණයක් තමයි කොච්චර උගතෙක් උණත් යම් කාරණයක් දිහා බලන්නේ සහ පිළිතුරු සොයන්න උත්සහ කරන්නේ තමන්ගේ මානයන්ට අනුව... හොද ලිපියක් . ජය වේවා
Deleteමාරම කේස් එක කියන්නෙ මම මැච් බලන්න කැමති නෑනෙ....සිරාවට
ReplyDeleteඑතකොට සෙල්ලම් කරන්නත් කැමති නැද්ද ?
Deleteඑකේ video එකක් නැද්ද?
ReplyDeleteමම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
මේක ප්‍රබන්ධයක්. වීඩියෝ එකක් හදන්න වෙනවා. ඒවගේ ඒවාට දක්ෂකම් තියෙන අයත් ඉන්නවා.
Deleteලැජ්ජාවේ බෑ.මම හිතුවේ ඇත්ත seen එකක් කියලා.
Deleteඑල කතාව
අනේ මංද මට නං මේ සංසාරෙ දෙයක් තේරුණේ නෑනෙ.. අනේ මංද.. මම නං ටිකක් මාන්දමික වුණා මේක කියවලා...
ReplyDeleteමට පිස්සු ඒ මගේ අංතිම නිගමනය
ප්‍රබන්ධයක් විතරයි.
Deleteහරි හරි ඒ ටික තේරුණා ලෙසටම
Deleteක්‍රිකට් විද්‍යා ක්‍රීඩා ප්‍රබන්ධයක්...?
ReplyDeleteඔව්.
Deleteඅපි මේ බෝල ගැන කියවද්දී මෙන්න කැලණිතිස්ස විදුලිබලාගාරෙටත් කෙලවෙලා. හෙට අනිද්දට කළුවරේ සිටීමෙන් ජනගහන වර්ධනයක් බලාපොරොත්තුවන්න.
ReplyDeleteඅපිට තමයි ඒකෙනුත් පාඩු.
Deleteමං නින්දෙන් අවදි උනා. ඕවා තමා පරිකල්පන සත්තිය කියන්නේ.. තමන් ආස දේ කෙරෙහි ආසක්ත වීම.. එළස් සුදීක..
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteමම මුලින් හිතාගෙන හිටියේ මේක ඇත්ත සිද්ධියක් කියලා.. පස්සේ කාල වකවානු බලනකොට තමයි වැඩේ තේරුනේ.
ReplyDeleteමේ යන තත්වය උඩ 2020දි ක්‍රිකට් වලට සෙනග අද්දගන්න ඔය වගේ දේවලුත් කරන්නවෙයි..
සැලසුම තියෙන්නේ නම් 2024 ඔලිම්පික් වලටත් ක්‍රිකට් ගහන්න. ඒකෙ එක සැලසුමක් තමයි වැඩි රටවල් ගණනක මේක ප්‍රචලිත කරන්න.
Deleteනියමයි සුදීක අයියෙ. මෙහෙම විද්‍යා ප්‍රබන්දයක් කියෙවුවාමයි.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteමම බැලුවා මුලින් මේ මොකද්ද කියලා... හි හි )))
ReplyDeleteහොඳයි පස්සේ හරි තේරුණ එක.
Deleteආතර් සී ක්ලාක් අඩි පාරේ යන අපේ කාලෙයේ ක්‍රිකට් විශ්ලේෂකයෙක්... නියම ප්‍රබන්දයක් සහෝ..
ReplyDeleteඅප්පේ මම එච්චර දෙයක් කලේ නෑ.
Deleteමගේ අදහස -
ReplyDeleteගුරුත්වාකර්ශ්ණය මොහොතකට නැවතුනා කියන්නෙ, ඒ නවතින මොහොතෙදි, අදාල හැම වස්තුවක්ම හැමවිටම පෘෂ්ඨයට විරුද්ධව(ඉවතට) ගමන් කරනවා කියන උපකල්පනය මත පදනම් වෙලා පන්දුවේ මෙහෙම ඉලිප්පීමක් ඇති උනා කියන එක නිවැරදිම නෑ. ඒ අනුව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාගේ අදහසත් වලංගු නෑ. ගොඩක් දුරට වෙන්න ඉඩ තියෙන්නෙ ගුරුත්වාකර්ශණය නැති උන මොහොතේ සිට පන්දුව පොලවට සමාන්තරව ගමන් කරන එක වෙන්න පුලුවන් නේද..?
වහාම මේ ප්‍රශ්නය, භෞතික විද්‍යාවෙන් ඔලුව කුරුවල් වෙච්චි නැති වැද්දන් අතර සිටින හොඳ දුනුවායෙකුට යොමු කල යුතුයි කියා මම ICC එකට නිර්දේශ කරනවා... :)
තිලින මේ මේ වෙලාව තප්පරයෙන් දාහෙන් පංගුවක් විතර කියලා හිතුවොත්, ගුරුත්වාකර්ෂණය නිසා පොළොවට එකතු වී තිබෙන සියළු දේ මදක් ඉහල යන්න ඕනේ නේද ?
Deleteඅඩේ... මට වැරදුනා... ඇත්ත නේන්නං සුදීක අයියා.. දාහෙං පංගුවක් නං, උඩ යනවා තමා...
Deleteඅන්තිමට මීටරේට ආව, මම හිතුවෙ සුදීකට බෝලයක් ඔලුවේ වැදිල විකාර වෙලා කියල.
ReplyDeleteඅමුතුම සිතිවිල්ලක්, මරු ....
හෙහ් ... හෙහ්...
Deleteඔබ කියවා තිබෙනවාද ආතර් සී ක්ලාක්ගේ A fall of MoonDust??????????????
ReplyDeleteමෙයත් ඒ වගේමයි. ඉතාම වටිනා ආකාරයට දක්ෂව ඔබ එය නිර්මාණය කර තිබෙනවා. ජය!!!!!!
බොහොම්ස් ස්තුතියි. මා ආතර් සී. ක්ලාක්ගේ කිසිදු පොතක් කියවන්න වාසනාවන්ත වුණේ නෑ.
Deleteමම නම් මුලින්ම දිනේ දැක්ක හන්දා ඇඳගත්තේ නෑ. උඹත් උඹ කැමතිම අංශයක් ඇසුරෙන් කරපු නිර්මාණය සාර්ථකයි කියලා මට හිතෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි මචං.
Deleteසුදික අයිය ක්‍රිකට් ප්‍රේමියෙක් නිසා මං හිතුවේ මේක ඇත්ත සිද්ධියක් කියලයි... අමුතු කතාවක්.... එලස්.. (y)
ReplyDeleteමේක ඇත්ත වුනොත් ? තව කොයි තරම් දේවල් වෙනස් වෙයිද ?
Deleteඔය වගේ ඉපිලීමේ ප්‍රශ්නයක් වෙලා ඉන්දියාවෙද කොහොද ලංකාව සහභාගි වූ තරගයක් අතර මැද නැවැත්තුවා...
ReplyDeleteමගේ මතකයේ හැටියට එම තරඟය පැවැත්වුනේ ගොවා වල.
Deleteඅම්මේ ඔව්.... මටත් මතකයි. ඒ දවස් වල ජයසූරිය අවුට් ඔෆ් ෆෝම්. ඒ උනාට මේ මැච් එකේදි ඔළුවෙනුත් හතරේ ඒවා ගැහුවා ^_^
Deleteඇයි කෝමද මීදුම බාලා තිබ්බ හැටි....
අර අම්පයර් අවුට් දෙන්න ගිහින් තොප්පිය ඇල්ලුවෙත් ඔය මැච් එකේමද මන්දා ?
Deleteඔව් සුදික තොප්පිය ඇල්ලුවෙ එකෙ තමයි.පස්සෙ ප්‍රදර්ශන තරගයක් තිබුන ස්පිනස්ල විතරක් දාල.
Deleteනියම කතාවක් .මමත් මුලින්ම අවුරුද්ද දැක්ක නිස වැඩෙ තේරුන
නත්තල් දවසක තමයි ඔය අතරමග නවත්තපු මැච් එක තිබ්බේ. ඊට පස්සෙ ඔවර් 25 මැච් එකක් ගැහුවා. ඒකෙන් ලංකාව දිනුවා. අම්පයර් තොප්පිය ඇල්ලුවේ ඊට පස්සෙ තිබ්බ මැච් එකේ (එකම සීරීස් එකේ). ඒකෙනුත් ලංකාව දිනුවා.
Deleteමරු කතාව :D
ReplyDeleteබොහොම ස්තුතියි සසිඳු.
Deleteආතර් සී ක්ලාක් මහත්තයාගේ රාමා හමුව කියෙව්වා වගේ දැනුනා. නියමයි අයියේ
ReplyDeleteබොහොම ස්තුතියි යක්.
Deleteක්‍රිකට් වලට ප්‍රභන්දයක් මම මේ කියෙවුව පළවෙනි පාර.. ඒකත් නරකම නෑ හැබැයි අයියේ..
ReplyDeleteඑහෙනම් කමක් නෑ.
Deleteපොඩි පොඩි තැන් දෙක තුනක් තේරුනේ නෑ වගේ උනාට.. සිරාවටම පොඩි අමුතු කික් එකක් තියෙනවා ඈ මේ කතාවේ.
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කොතැනද තේරුනේ නෑ වගේ ?
DeleteMR. KING හරියන්නෙ නෑ බොල රජෝ...හරියට නිකං සෑහෙන කාලයක් වවපු රැවුලක් කැපුවා වගේ
DeleteNiyamai...Ayyandi alut dayak.
ReplyDeleteබොහොම ස්තුතියි සංජීව මල්ලි.
Deleteසුදිකගේ ප්‍රබන්ධ කතාවත් ක්‍රිකට් ගැනමයි .... රෑට හීනෙන් දකින්නෙත් ක්‍රිකට් මැච්ද ???
ReplyDeleteඔව්. සමහර දවස් වලට.
Deleteහොදවෙලාවට 2020 කියලා මුලින් තිබ්බෙ.නැත්නං හොල්මං වෙනවා මේක කියවලා.උත්සාහය සාර්තකයි අයියෙ
ReplyDeleteබොහොම ස්තූතියි මල්ලි.
Deleteක්‍රිකට් සහ ව්ද්‍යා ප්‍රබන්ධයක් කරපු පළමු කෙනා සුදීකද දන්නේ නැහැ.
ReplyDeleteඅනේ දන්නේ නෑ.
Deleteමුල කෑල්ල කියවද්දි මට මතක් උනේ චිත්‍රපටියක්.. මතක හැටියට එකේ නම ගෝඩ් මස්ට් බී ක්‍රේසි.. අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ පිරිසකට සැහැල්ලු ගුවන්යානයක මගියෙක් විසිකරපු හිස් කොකාකෝලා බෝතලයක් හම්බුවෙන හැටිත් ඒක නිසා ඒගොල්ලන්ගේ සමඟිය බිදෙන හැටිත් තියෙන්නේ... අන්තිමට ගොත්‍රික නායකයා මේක අහසින් විසිකලේ දෙවියෝය කියලා හිතලා ඒක ආපහු දෙවියන්ට බාරදෙන්න ලෝකේ කෙරවලට යන්න පිටත් වෙනවා...
ReplyDeleteකතාවත් අන්තිම වෙනකල්ම කුතුහලයෙන් කියෙව්වා... කියවන්නාට වෙනස්ම අත්දැකීමක් ලබාදෙන්න එඩිතර උනාට ස්තූතියි... :)
මමත් පුදුම විදියට ආසා කරන ෆිල්ම් එකක් ඒක. ඇත්තටම ඒකෙ හිනා යන කැලි වැඩියි. ඒ වුණත් ඒ එක්කම දුකකුත් එනවා. මේකේ දෙවෙනි කොටසත් මම බැලුවා. හතර වෙනි කොටසකුත් තියෙනවා කියලා ආරංචියි. ඒකෙ ඒලියන්ලත් ඉන්නවලු.
Delete