පාසල් ගුරුවරුන්ට තරම් ලොල් කතා අහන්න ලැබෙන වෙනත් කොට්ඨායක් නැති තරම්. මොකද හය-හතරක් නොදන්නා පොඩි එවුන් කියන කරන දේවල් වැඩිහිටි අපට වෙනත් තේරුමක් සහිතව ලොල් වෙන නිසා. මෙහම කතා රාශියක් අහලා තිබුණත්, කාලෙකට කලින් අහපු මේ කතාව නම් හරිම රසවත්. මේක කොයි කාලේ වුණාද ? කොහේදී වුණාද ? කියන්න නම් මතකයක් නෑ. අනිත් එක කටින් කට එන මේ යාන් හෑලි වලට දින වකවානු නෑ.
මේ පන්තිය අපි හිතමු පහ ශ්‍රේණිය කියලා. එතකොට ශිෂ්‍යත්වයට කවියක් දීලා ඒවායේ තේරුම අහන එක සිරිතක්. ඉතිං සඳුදා උදෑසනක පන්තියේ රූමත් තරුණ ගුරුවරිය පන්තියට ඇවිත් ළමයි නිශ්ශබ්ද කරලා කළු ලෑල්ලේ ලිව්වා පහළින් තියෙන බොහොම දෙනෙක් දන්නා කවියක්.
වනේ ගිජිඳාය දුටුවොත් වනසාය
ළිඳේ පනිඳාය වැටුනොත් ඌ කාය
අතකින් කරවැලය අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
ළමයින්ට මේක ලියා ගන්න කියලා ගුරුවරිය තමන්ගේ ආසනයට ඇවිත් වාඩි වුණා. ඉන් පස්සේ උණු වතුර බෝතලය ඇරලා තේ ටිකක් බිව්වා.ඊට පස්සේ රැල් බුරුල් එහෙම ඇරලා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා
"හා .... ළමායි දැන් කියන්න බලන්න මේ කවියෙන් කියවෙන්නේ මොන වගේ කෙනෙක් ගැනද කියලා ?"
ළමයි දීපු උත්තර මෙන්න මේ වගේ
සීයා කෙනෙක් / නාකි එක්කෙනෙක් / වයසක කෙනෙක්
මේක අහලා ගුරුතුමියට හොඳටම කේන්තියි. අනිත් එක වෙනදා උත්තර නොදෙන අයත් පැන-පැන උත්තරය දුන්නේ හිනා වෙමින්.
"මොනවා? තමුන්ට හිතෙන්නේ මේ කවිය වයසක කෙනෙක් ගැන ලියවිලා කියලා"
එහෙම කියලා ගුරුතුමිය කවිය විස්තර කරන්න හිතාගෙන කළුලෑල්ල තියෙන තැනට ඇවිද ගෙන ගියේ හිතෙන්කවිය කියවන ගමන්. අන්තිම පේළිය කියවන්න ගියාමයි ගුරුතුමියට තරු පෙනුණේ. "ම" යන්නෙන් පටන් ගන්න ඕනේ හතර වෙනි පේළිය පටන් අරන් තිබුණේ "ප" යන්නක් දාලා. ගුරුතුමිය තේරුම් කිරීම පැත්තකින් තියලා මුළු කවියම මකලා දැම්මා.
පරණ තුනක් ඇති (ඒ මොකද්ද අයියේ)
ReplyDeleteතම තම නැණ පමණින් දැන ගත යුතු.
Deleteතුනනං පරණයි කියමුකො ඒත් කොයින්ද පැණි.
ReplyDeleteඒකනේ වැඩේ.
Deleteහයියෝ හයියෝ හිනා කාලා බඩ රිදෙනවා සුදීක අයියෙ. පහ වසරට උන නිසා හොදා A/L වලට වගේ උනා නම් ටීචර්ට ගම රට දාලා යන්න වෙන්නෙ.
ReplyDeleteඑහෙනං ටීචර් හරියට ලිව්වත් කොල්ලෝ ඕක එඩිට් කරනවා.
Deleteහයියෝ සල්ලි... ටීචට පන්තිය එපා වෙන්න ඇති..
ReplyDeleteඑහෙම වුණා කියලා රස්සාව දාලා යන්නද ?
Deleteපරන තුනක්...ඒකත් මරු...ඇති පොඩි එවුන් උත්තරේ දිලා නතර වුනා..තව මොනවත් අහන්නේ නැතුව..
ReplyDeleteකොහොමද ටීචර් දුවල-දුවලා ගිහින් ප්‍රින්සිපල්ට කිව්වා නම් කොහොමද ?
Deleteගංවල පොඩි එවුන් ඔය පැත්තෙන් ටිකක් ඇඩ්වාන්ස්.
ReplyDeleteඇයි ටීචර් ඇට සැකිල්ල කියන මාතෘකාව ලිව්ව විදිහයි. ඒ ගැන සිරිපාල කොල්ලා ලියපු වාක්‍ය ටිකයි මේ වගේම රසවත් නේද?
ReplyDeleteඔව්. ඔව්.
Deleteටීචර් චාටර්.. හිනාකාලා පනයනවා..
ReplyDeleteවෙන කල්පනාවක ලියන්න ඇත්තේ.
Deleteපරණ වුනත් වැඩ හොඳ ඇති එකන පැනි කෑවේ ..?
ReplyDeleteටීචර් කරපු වැඩෙන් මරණ හතරක් වෙනවා.
Deleteමම 5 වසරෙ ඉද්දි. මේ කතාව මට අපෙ අයිය කියල දුන්නෙ :))
ReplyDeleteඋඹලගේ අයියත් ඒ පන්තියේ හිටපු එකෙක්ද මන්දා ?
Deleteපට්ට පට්ට හිනා කෝටියයි
ReplyDeleteඇති හිච්චි උන්ට වෙන මක්කවත් අහන්න හිත් දුන්නෙ නැති 1
එවුන් අහන ප්‍රශ්නෙට විතරක් උත්තර දීලා තියෙන්නේ.
Deleteඅන්න නියම කෙටිම කෙටි ලොල් කතා. හිලෑරියස්! :D
ReplyDeleteඅනේ මෙහෙමත් ගුරුවරයෙක්. තමන්ගේ එකෙක් අමාරුවේ වැටුනම හිනා වෙන හැටි.
Deleteපාට්නර්ට මේ විදියට අකුරු වැරදිලා නැතෙයි ?
Deleteපරණ තුනක් ඇති මිනිහෙක් පැණි කාලා නේද .. :D
ReplyDeleteළමයි හරි ..
ළමයි බොරු කියන්නේ නෑ.
Deleteහෙහ් හේ.. ළමයි හරි නේන්නම්. ට යන්නෙන් ඉවර වෙන වචන ලියන්න ගිහින් වුනු සිද්ධිය ත් මතක් වුනා.. :D
ReplyDeleteඉස්කෝලේ යන කාලේ වෙන්න ඇති. ඒ වුණාට ඇට කියන්නේ කුනුහර්පයක් නෙවෙයිනේ.
Deleteඇට නෙවෙයි.. ඒකෙ පද පෙරලියක් වෙලා තියන්නේ. එකෙක් හුට කියල ලියල. පස්සේ ටීචර් කිව්වලු එහෙම වචනයක් නෑ. හුට මකන්න හුට මකන්න. කියල. ඒ වචනේ බෝඩ් ඒකෙ ලියපු පොඩි එකා අඬනවා ලු අනේ මට නම් බෑ ටීචර් කියල. පස්සේ ටීචර් ට මල පැනල, මේ ළමය හිතුවක්කාරයි කියල එක්ක ගියාලු ප්‍රින්සිපල් ලඟට. ප්‍රින්සිපල් කතාව අහගෙන ඉඳල කිව්වලු, "ඇත්තනෙ මිස්.. මේ පොඩි එකාට පුළුවන් ද ඕව කරන්න මට වත් කිව්වා නම් මං කරනවා නෙ" කියල.
Deleteමේක පබ්ලිෂ් නොකලත් කමක් නෑ නුසුදුසුයි වාගේ නම්. මේල් එකක් එවන්නත් හදල ආයේ මෙතනම ලිව්වේ අප්රෝවල් දාල නිසයි. :)
ඔව් ඉතින් පැනි තමයි කන්ට වෙන්නේ මොකැ එංජීම පරණයි නේව
ReplyDeleteහෙක් ... හෙක්...
Deleteදැන් කාලේ පොඩි එවුන් හොදටම පැහිලා. අපිට නම් ඔය දවස් වල ඔච්චර හරියක් කරන්න බෑ
ReplyDeleteයක්ෂ පොඩි එවුන් ඉන්නේ.
Deleteමේක නම් මරු මචෝ.. පැණි බේරෙනවා ඔය කාලෙට..
ReplyDeleteයකෝ මම කියන්න ඕනේ එක මේකා කියලා. අම්මපා මූත් මගේ වයසේමද කොහෙද. හෙහ් හෙහ් හෙහ්
Deleteසමකාලීනයන්ට සම අදහස් පහල වේ කියන්නේ ඔන්න ඕකයි.
Deleteඑක අකුරෙන් නම් කමක් නෑ. සමහරක් වෙලාවට විරාම ලක්ෂණයෙන් පවා මුලු තේරුමම වෙනස් වෙන ඒවා තියනවා නේ.
ReplyDelete"මොහු මරන්න එපා, මොහුට සමාව දෙන්න" කියන එක මෙහෙමත් ලියන්න පුළුවන්. "මොහු මරන්න, එපා මොහුට සමාව දෙන්න"
Deleteදැන් නම් මරණ හතර පහ තියෙන අයත් පැණි කනවලුනේ...:)
ReplyDeleteනැතුව ... නැතුව ....
Deleteපරණ තුනක්............ හික් හික් හික් මෙව්වා තමයි සිරා ලොල් කතා
ReplyDeleteකට කට කෝරලේ මහත්තයෝ.
Deleteමේව පරන කතා.දැන් ඉන්න එවුන්ට ඔය ව්‍යංග කතා මහ අපභ්‍රංශ . ඒ ලබා දෙන අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද.අතීතයේ මිනිසුන්ට බුද්ධිය තිබුණ මහ ඉහළින්. නමුත් දැන උගත්කම විතරයි.ලස්සන කතාව සුදීක
ReplyDeleteඅතීතයේ කියවීම ප්‍රධාන මාධ්‍ය වෙලා තිබ්බා. නමුත් දැන් එයට ලැබෙන්නේ බොහොම පහළ තැනක්.
Deleteපරණ උනත් වැඩ නම් හොඳයි නේ...
ReplyDeleteපැණි කන එකද ?
Deleteමට මතක් උනෙත් අර ඇටසැකිල්ල අනික් පැත්තට ලියපු ගුරාගේ කතාව
ReplyDeleteඔහොම දේවල් නොවෙන්නේ කාටද ?
Deleteපරණ උනත් මොකෝ පැණි කන්න පුළුවන්නම් කිවුවලු..
ReplyDeleteපහේ පන්තියේ පොඩි එවුන්ගේ මොළ ටික හොදයිනේ බලාගෙන යද්දී..
එකෙක් හිටියත් ඇති ඉතිං.
Deleteපට්ට සීන් එක නොවැ...
ReplyDeleteදැන් බොහොම සංවර වෙලා ඈ. බොහොම හොඳයි.
DeleteNiyama kathawa Ayyandi.."Ata sakille" kathawa danne naha.
ReplyDeleteදන්නවා දන්නවා ....
Deleteපරණ තුනක් වැනි වැනි තියෙනවා මිසක් කොහේ පැණි කන්නද...
ReplyDeleteඋත්සාහ කරලා බැලුවොත් නරකද ?
Deleteකොහොමහරි කාල තියෙන්නෙ පැනි
ReplyDeleteආයේ පිස්සුවක් ඇතැයි ...
Deleteතුන පරණ වුනත්....තාම වැඩ කරනවා ඇති මගෙ හිතේ...
ReplyDeleteකතාව කෙටි වුනත් මකන් නැතුව වෙන මක්කරන්නද? ඇයි අර තව එකක් තියෙන්නේ සෞඛ්‍ය පාඩමේ ඇට සැකිල්ල "ඇට කැසිල්ල" වෙච්ච රස කතාව ඒකත් මේවගේ තමයි
ReplyDelete