Monday, January 27, 2014

කෙටිම කෙටි ලොල් කතා අංක 34 : මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය

පාසල් ගුරුවරුන්ට තරම් ලොල් කතා අහන්න ලැබෙන වෙනත් කොට්ඨායක් නැති තරම්. මොකද හය-හතරක් නොදන්නා පොඩි එවුන් කියන කරන දේවල් වැඩිහිටි අපට වෙනත් තේරුමක් සහිතව ලොල් වෙන නිසා. මෙහම කතා රාශියක් අහලා තිබුණත්, කාලෙකට කලින් අහපු මේ කතාව නම් හරිම රසවත්. මේක කොයි කාලේ වුණාද ? කොහේදී වුණාද ? කියන්න නම් මතකයක් නෑ. අනිත් එක කටින් කට එන මේ යාන් හෑලි වලට දින වකවානු නෑ. 

මේ පන්තිය අපි හිතමු පහ ශ්‍රේණිය කියලා. එතකොට ශිෂ්‍යත්වයට  කවියක්  දීලා ඒවායේ තේරුම අහන එක සිරිතක්. ඉතිං සඳුදා උදෑසනක පන්තියේ රූමත් තරුණ ගුරුවරිය පන්තියට ඇවිත් ළමයි නිශ්ශබ්ද කරලා කළු ලෑල්ලේ ලිව්වා පහළින් තියෙන බොහොම දෙනෙක් දන්නා කවියක්. 



වනේ ගිජිඳාය දුටුවොත්               වනසාය
ළිඳේ පනිඳාය වැටුනොත් ඌ            කාය
අතකින් කරවැලය අතකින් දඬු          බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි     කෑය

ළමයින්ට මේක ලියා ගන්න කියලා ගුරුවරිය තමන්ගේ ආසනයට ඇවිත් වාඩි වුණා.  ඉන් පස්සේ උණු වතුර බෝතලය ඇරලා තේ ටිකක් බිව්වා.ඊට පස්සේ රැල් බුරුල් එහෙම ඇරලා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා

"හා .... ළමායි දැන් කියන්න බලන්න මේ කවියෙන් කියවෙන්නේ මොන වගේ කෙනෙක් ගැනද කියලා ?"

ළමයි දීපු උත්තර මෙන්න මේ වගේ

සීයා කෙනෙක් / නාකි එක්කෙනෙක් / වයසක කෙනෙක්

මේක අහලා ගුරුතුමියට හොඳටම කේන්තියි. අනිත් එක වෙනදා උත්තර නොදෙන අයත් පැන-පැන උත්තරය දුන්නේ හිනා වෙමින්.

"මොනවා? තමුන්ට හිතෙන්නේ මේ කවිය වයසක කෙනෙක් ගැන ලියවිලා කියලා"

එහෙම කියලා ගුරුතුමිය කවිය විස්තර කරන්න හිතාගෙන කළුලෑල්ල තියෙන තැනට ඇවිද ගෙන ගියේ   හිතෙන්කවිය කියවන ගමන්. අන්තිම පේළිය කියවන්න ගියාමයි ගුරුතුමියට තරු පෙනුණේ. "ම" යන්නෙන් පටන් ගන්න ඕනේ හතර වෙනි පේළිය පටන් අරන් තිබුණේ "ප" යන්නක් දාලා. ගුරුතුමිය තේරුම් කිරීම පැත්තකින් තියලා මුළු කවියම මකලා දැම්මා. 

60 comments:

  1. පරණ තුනක් ඇති (ඒ මොකද්ද අයියේ)

    ReplyDelete
    Replies
    1. තම තම නැණ පමණින් දැන ගත යුතු.

      Delete
  2. තුනනං පරණයි කියමුකො ඒත් කොයින්ද පැණි.

    ReplyDelete
  3. හයියෝ හයියෝ හිනා කාලා බඩ රිදෙනවා සුදීක අයියෙ. පහ වසරට උන නිසා හොදා A/L වලට වගේ උනා නම් ටීචර්ට ගම රට දාලා යන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනං ටීචර් හරියට ලිව්වත් කොල්ලෝ ඕක එඩිට් කරනවා.

      Delete
  4. හයියෝ සල්ලි... ටීචට පන්තිය එපා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. එහෙම වුණා කියලා රස්සාව දාලා යන්නද ?

      Delete
  5. පරන තුනක්...ඒකත් මරු...ඇති පොඩි එවුන් උත්තරේ දිලා නතර වුනා..තව මොනවත් අහන්නේ නැතුව..

    ReplyDelete
    Replies
    1. කොහොමද ටීචර් දුවල-දුවලා ගිහින් ප්‍රින්සිපල්ට කිව්වා නම් කොහොමද ?

      Delete
  6. ගංවල පොඩි එවුන් ඔය පැත්තෙන් ටිකක් ඇඩ්වාන්ස්.

    ReplyDelete
  7. ඇයි ටීචර් ඇට සැකිල්ල කියන මාතෘකාව ලිව්ව විදිහයි. ඒ ගැන සිරිපාල කොල්ලා ලියපු වාක්‍ය ටිකයි මේ වගේම රසවත් නේද?

    ReplyDelete
  8. ටීචර් චාටර්.. හිනාකාලා පනයනවා..

    ReplyDelete
    Replies
    1. වෙන කල්පනාවක ලියන්න ඇත්තේ.

      Delete
  9. පරණ වුනත් වැඩ හොඳ ඇති එකන පැනි කෑවේ ..?

    ReplyDelete
    Replies
    1. ටීචර් කරපු වැඩෙන් මරණ හතරක් වෙනවා.

      Delete
  10. මම 5 වසරෙ ඉද්දි. මේ කතාව මට අපෙ අයිය කියල දුන්නෙ :))

    ReplyDelete
    Replies
    1. උඹලගේ අයියත් ඒ පන්තියේ හිටපු එකෙක්ද මන්දා ?

      Delete
  11. පට්ට පට්ට හිනා කෝටියයි
    ඇති හිච්චි උන්ට වෙන මක්කවත් අහන්න හිත් දුන්නෙ නැති 1

    ReplyDelete
    Replies
    1. එවුන් අහන ප්‍රශ්නෙට විතරක් උත්තර දීලා තියෙන්නේ.

      Delete
  12. අන්න නියම කෙටිම කෙටි ලොල් කතා. හිලෑරියස්! :D

    ReplyDelete
    Replies
    1. අනේ මෙහෙමත් ගුරුවරයෙක්. තමන්ගේ එකෙක් අමාරුවේ වැටුනම හිනා වෙන හැටි.

      Delete
    2. පාට්නර්ට මේ විදියට අකුරු වැරදිලා නැතෙයි ?

      Delete
  13. පරණ තුනක් ඇති මිනිහෙක් පැණි කාලා නේද .. :D
    ළමයි හරි ..

    ReplyDelete
    Replies
    1. ළමයි බොරු කියන්නේ නෑ.

      Delete
  14. හෙහ් හේ.. ළමයි හරි නේන්නම්. ට යන්නෙන් ඉවර වෙන වචන ලියන්න ගිහින් වුනු සිද්ධිය ත් මතක් වුනා.. :D

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන කාලේ වෙන්න ඇති. ඒ වුණාට ඇට කියන්නේ කුනුහර්පයක් නෙවෙයිනේ.

      Delete
    2. ඇට නෙවෙයි.. ඒකෙ පද පෙරලියක් වෙලා තියන්නේ. එකෙක් හුට කියල ලියල. පස්සේ ටීචර් කිව්වලු එහෙම වචනයක් නෑ. හුට මකන්න හුට මකන්න. කියල. ඒ වචනේ බෝඩ් ඒකෙ ලියපු පොඩි එකා අඬනවා ලු අනේ මට නම් බෑ ටීචර් කියල. පස්සේ ටීචර් ට මල පැනල, මේ ළමය හිතුවක්කාරයි කියල එක්ක ගියාලු ප්‍රින්සිපල් ලඟට. ප්‍රින්සිපල් කතාව අහගෙන ඉඳල කිව්වලු, "ඇත්තනෙ මිස්.. මේ පොඩි එකාට පුළුවන් ද ඕව කරන්න මට වත් කිව්වා නම් මං කරනවා නෙ" කියල.

      මේක පබ්ලිෂ් නොකලත් කමක් නෑ නුසුදුසුයි වාගේ නම්. මේල් එකක් එවන්නත් හදල ආයේ මෙතනම ලිව්වේ අප්රෝවල් දාල නිසයි. :)

      Delete
  15. ඔව් ඉතින් පැනි තමයි කන්ට වෙන්නේ මොකැ එංජීම පරණයි නේව

    ReplyDelete
  16. දැන් කාලේ පොඩි එවුන් හොදටම පැහිලා. අපිට නම් ඔය දවස් වල ඔච්චර හරියක් කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. යක්ෂ පොඩි එවුන් ඉන්නේ.

      Delete
  17. මේක නම් මරු මචෝ.. පැණි බේරෙනවා ඔය කාලෙට..

    ReplyDelete
    Replies
    1. යකෝ මම කියන්න ඕනේ එක මේකා කියලා. අම්මපා මූත් මගේ වයසේමද කොහෙද. හෙහ් හෙහ් හෙහ්

      Delete
    2. සමකාලීනයන්ට සම අදහස් පහල වේ කියන්නේ ඔන්න ඕකයි.

      Delete
  18. එක අකුරෙන් නම් කමක් නෑ. සමහරක් වෙලාවට විරාම ලක්ෂණයෙන් පවා මුලු තේරුමම වෙනස් වෙන ඒවා තියනවා නේ.

    ReplyDelete
    Replies
    1. "මොහු මරන්න එපා, මොහුට සමාව දෙන්න" කියන එක මෙහෙමත් ලියන්න පුළුවන්. "මොහු මරන්න, එපා මොහුට සමාව දෙන්න"

      Delete
  19. දැන් නම් මරණ හතර පහ තියෙන අයත් පැණි කනවලුනේ...:)

    ReplyDelete
  20. පරණ තුනක්............ හික් හික් හික් මෙව්වා තමයි සිරා ලොල් කතා

    ReplyDelete
    Replies
    1. කට කට කෝරලේ මහත්තයෝ.

      Delete
  21. මේව පරන කතා.දැන් ඉන්න එවුන්ට ඔය ව්‍යංග කතා මහ අපභ්‍රංශ . ඒ ලබා දෙන අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද.අතීතයේ මිනිසුන්ට බුද්ධිය තිබුණ මහ ඉහළින්. නමුත් දැන උගත්කම විතරයි.ලස්සන කතාව සුදීක

    ReplyDelete
    Replies
    1. අතීතයේ කියවීම ප්‍රධාන මාධ්‍ය වෙලා තිබ්බා. නමුත් දැන් එයට ලැබෙන්නේ බොහොම පහළ තැනක්.

      Delete
  22. පරණ උනත් වැඩ නම් හොඳයි නේ...

    ReplyDelete
  23. මට මතක් උනෙත් අර ඇටසැකිල්ල අනික් පැත්තට ලියපු ගුරාගේ කතාව

    ReplyDelete
    Replies
    1. ඔහොම දේවල් නොවෙන්නේ කාටද ?

      Delete
  24. පරණ උනත් මොකෝ පැණි කන්න පුළුවන්නම් කිවුවලු..

    පහේ පන්තියේ පොඩි එවුන්ගේ මොළ ටික හොදයිනේ බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. එකෙක් හිටියත් ඇති ඉතිං.

      Delete
  25. පට්ට සීන් එක නොවැ...

    ReplyDelete
    Replies
    1. දැන් බොහොම සංවර වෙලා ඈ. බොහොම හොඳයි.

      Delete
  26. Niyama kathawa Ayyandi.."Ata sakille" kathawa danne naha.

    ReplyDelete
  27. පරණ තුනක් වැනි වැනි තියෙනවා මිසක් කොහේ පැණි කන්නද...

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරලා බැලුවොත් නරකද ?

      Delete
  28. කොහොමහරි කාල තියෙන්නෙ පැනි

    ReplyDelete
    Replies
    1. ආයේ පිස්සුවක් ඇතැයි ...

      Delete
  29. තුන පරණ වුනත්....තාම වැඩ කරනවා ඇති මගෙ හිතේ...

    ReplyDelete
  30. කතාව කෙටි වුනත් මකන් නැතුව වෙන මක්කරන්නද? ඇයි අර තව එකක් තියෙන්නේ සෞඛ්‍ය පාඩමේ ඇට සැකිල්ල "ඇට කැසිල්ල" වෙච්ච රස කතාව ඒකත් මේවගේ තමයි

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...