කෝපි කියන්නේ හරියට අර අන්ධයන් හත්දෙනා දැක්ක අලියා වගේ කියලයි මට හිතෙන්නෙ. එක් එක්කෙනා තමන්ට ගෝචර විදියට තම- තම ණන පමණින් තමයි මේක කියවගෙන තියෙන්නෙ. මොනවා කෝපි කියවනවා මං නම් ඔය ඇහුවමයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඇත්ත කෝපි බොනවා වගේම කෝපි විඳින්නත් පුළුවන්. ඒ ඇඟේ හලාගෙන නෙවෙයි, සුවඳ ඇස් පියාගෙන ආග්‍රහණය කරලා. දන්නවනේ අර බදින මාළු සුවඳත් එක්ක බත් කාපු කතාව. අන්න ඒ වගේ. ගීතයක් ශ්‍රවණය කරලා, කෝමල හඬක්, ගැඹුරු හඬක් අහලා ඔබට විඳින්න පුළුවන්. ඒ වගේම ලස්සන දෙයක් දැකලා විඳින්න පුළුවන්.
සුවඳින් විඳින්න පුළුවන් බොහොම විරල ඒ වගේම සුලබ දෙයක් තමයි කෝපි සුවඳ. හැබැයි සුවඳ විඳින්න පුළුවන් බොහෝදේ පරිසරයෙන් හොයාගන්න පුළුවන්. සමහරු පෙට්‍රල් සුවඳට, දිගු පෑවිල්ලකට පස්සේ වහිනකොට එන සුවඳට වගේ බොහොමයක් සුවඳවල් වලට කැමතියි. අකමැති දේවකුත් එමටයි. දූරියන් විශේෂයි. සමහර රටවල බස් ඇතුලේ දූරියන් ග්‍ර්නියන්න තහනම්. හැබැයි සමහරුන්ට දූරියනුත් ආගමක්. දන්නවද ඔය ගඳ දේවල් බොහොමයක් සුවඳ වැඩිකම නිසා අපට ගඳ ලෙස දැනෙන්නේ.
කෝපි මං වගේ සමහරුන්ට ආගමක් වගේ වුණාට, තවත් කෙනෙකුට ඒක මහ මර උගුලක්. හැබැයි එයාලත් කෝපි හදනකොට එන කෝපි සුවඳට ආසයි. ඉතිං මං බොහෝ වෙලාවල් වලට මගේ මේසේ කෙලවරේ තියෙන කෝපි මැෂින් එකේ ජග් එක දිගු කරනවා බොන්න කියලා. බොහෝ දෙනෙකුගේ උත්තරය තමයි "කෝපි බිවුවම බඩ වේලවනවා" කියන එක. මගේ අත්දැකීම් වලට අනුවනම් මේක මිථ්‍යාවක්. හැබැයි මං එහෙම කියන අයගේ මථය සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නෑ. මොකද එක්-එක් අයගේ ශරීර විවිධාකාර නිසා. හැබැයි මට හිතෙනවා මේ දේවල් මානසිකයි කියලා. අපේ මිනිස්සු කෝපි බොන්නම පුරූදු වෙලා තිබුණේ බඩේ අමාරුවක් වෙලාවට. බඩ වේලවාගන්න. එහෙම හිතලා කෝපි බීලා වතුර අඩුවෙන් බීලා ඒ වැඩේ සාර්ථක කරගන්නවා. ඔවුන් නොදන්නෙ දේ මම මේ ළඟදී අවබෝධ කරගත්තා.
ඉස්සර මටත් ඔය පරම්පරාවෙන් ආපු විශ්වාසය තිබුණා. ඉතිං මාත්
කෝපි බිවුවෙම බඩ වේලවාගන්න ඕනේ වුණ වෙලාවට. පස්සේ කාලෙක නෙස්කැෆේ ආවා අපේ රටට. මං ඒකට පුදුම විදියට ඇබ්බැහි වුණා. ඉන් පස්සේ දවසකට කෝපි කෝප්ප 5ක් බොන ගානට බිවුවා. ඒත් බඩ වේලුවේ නෑ. මං ඒ ඔස්සේ හිතන්න ගත්තා. ඒ වගේම හොයන්න ගත්තා. එහෙම හොයන පිස්සුවක් තියෙන එකෙන් හැම දෙයක් ගැනම සත්‍යය සොයාගන්න මෙවලමක් ඇඟිලි තුඩක දුරින් තියෙනවා. ඒ තමයි ගූගල් සෙවුම් යන්ත්‍රය. ඒක කොයිතරම් ප්‍රබලදැයි විස්තර කරන්න මෙය අවස්ථාව නොවෙයි. මං හොයාගත්තා නෙස්කැෆේ ස්ඵටිකකරණය කරන්නේ කොහොමද, ස්වාභාවිකද, ඇඟට අගුණද වගෙර් කාරණාවල් රැසක්. ඒ එක තැනකදී කියවපු දෙයක් තමයි කෝපි බොනවනම් හොඳට වතුරත් බොන්න කියන එක. කෝපි ජලයේ දියවෙන නිසා, හොඳින් වතුර බිවුවොත් වැඩිහරිය පිට වෙලා යනවා. වකුගඩු වල ගල් වගේ ප්‍රශ්න එන්නෙම නෑ. බඩ වේලවන එකටත් අත්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුම හොඳින් ජලය පානය කිරීම. මුළින් මං හිතුවේ මේක නෙස්කැෆේ වලට ආවේනික ලක්ෂණයක් කියලා. මොකද නෙස්කැෆේ වලට මගේ බඩ වේලන්න ගත්තේ නෑ. නමුත් සැඟවුනු සාධකය හෙවත් එක්ස් ෆැක්ටර් එක මගේ ජලපානය. හැබැයි එකපාර වතුර වීදුරුවක් ඇදලා දාන එක නෙවෙයි මේ කියන්නෙ. වතුර බෝතලයක් හෝ වීදුරුවක් ළඟ තියාගෙන මිනිත්තු කිහිපයකට වරක් තොල-කට තෙමන එක. අයියෝ එහෙම බීලා ඇත්ද ? ඔබට හිතෙන්න පුළුවන්. එහෙම බොනකොට නිතර ජලය ඉල්ලා සිටින්න ඇඟ වගබලාගන්නවා. අන්න ඒකට හොඳ මහත්තෙලා නෝනලා වගේ ප්‍රතිචාර දැක්වුවොත් ඇති. දන්නෙම නැතිව ඔක්කොම පෙවිලා.
කෝපි වලට කරන්න පුළුවන් තවත් විශ්මකර්ම වැඩක් මට දැනගන්න ලැබුණා පර්ෆියුම් එකක් ගන්න ගිය වෙලාවක. ඒ නුගේගොඩ කූල්
ප්ලැනට් එකේ තියෙන එක්ස්ක්ලූසිවු ලයින් එකේ වෙලඳ සහයකයස්ගෙන්. මිනිහා මට දැන් සුදුපාට කාඩ්බෝඩ් තීරුවලට මං ආසකියපු සුවඳට ආසන්න ඒවා ටෙස්ටර් වලින් ගහලා දෙනවා, පොඩ්ඩක් හොලවලා. ඇයි එහෙම කරන්නේ? නැතිනම් සුවඳ බලන එකාට ක්ලෝරෆෝම් ඇල්ලුවා වගේ තියෙයි. ඩෝප් වෙන්නත් බැරි නෑ. හැබැයි පුතෝ ඩෝප් වෙන්න හිතාගෙන ඒ මිනිස්සු අමාරුවේ දානවා එහෙම නෙවෙයි. මම දන්නවානේ ලංකාවේ පුතයලගෙ හැටි. පෝය දවසට කෝෆ් සිරප් බීපු එවුන්නේ. කොහොමත් ලොක්ඩවුන් එක අවුරුදු පහක් විතර තිබුණනම්, ගෘහ කර්මාන්තයක් විදියට පෙරිල්ල පවත්වාගෙන ගිහින් විදේශ විනිමය උපයන්නත් තිබුණා. ඉතිං මට මෙහෙම සුවඳ දැනෙන්නෙ නැතිව යනකොට ඒකා අරගෙන ආවේ නැද්ද රෝස්ට් කෝපි ඇට දාපු කප් එකක්. මේක සුවඳ බලලා බලන්න කියලා. වැඩේ හරි. අර සුවඳ ඛන්ඩනය කරන්න ඒක මරු. ඒ කිවුවේ බ්‍රේක් කරන්න. එහෙම කිවුවම තේරුණා නේ. ඔව් මං ගඩ කාලෙකට ඉස්සර ඉඳං දන්නවා අපේ මිනිස්සුන්ට හරියට සිංහලත් බෑ, ඉංග්‍රීසිත් බෑ, දෙමළත් බෑ(කොහෙත්ම) කියලා. ඒ නිසා මතක තියාගන්න කෝපි තියෙන්නේ බොන්නම විතරක් නොවේ කියලා.
No comments:
Post a Comment
කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >