ඊයේ සන්ද්‍යාවේ ගල්කිස්ස මුහුදු වෙරළේ පැවති අති උත්කර්ෂවත් හඳුන්වාදීමේ සාදයත් සමග ඇරඹෙන ලෝක කැම්පස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා සියළු කටයුතු සුදානම් බව එහි තරගාවලි අධ්‍යක්ෂ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඊයේ ගල්කිස්ස මුහුදු වෙරළට එක්වූ ලෝකයේ රටවල් හයක ශුරතා දිනාගත් කණ්ඩායම් සමග එක්ව පැවතී මාධ්‍ය හමුව සහ කාණ්ඩ දෙකකට කණ්ඩායම් වෙන් කිරීමේ මුලික පියවර සමග බොහෝ දෙනා ඉතා සුහදව අදහස් හුවමාරු කර ගත්තේ හෙට සිට එකිනෙකා පරයා නැගී සිටින්නට සිටින කණ්ඩායම් බව අමතක කරමිනි. ලෝකය එක යායක් බව මොනවට පසක් කල මේ හඳුනා ගැනීමේ උළෙල මා සහභාගී වූ හොඳම උළෙල බව කිසිදු චකිතයකින් තොරව පවසමි.
ගල්කිස්ස සුන්දර වෙරල තීරයේ වැලි තලාව මත කුඩා ක්‍රිකට් ක්‍රීඩාංගණයක අසිරිය ගෙන තිබුන අතර අවසානය වන තෙක් සිදු වන්නට යන්නේ කුමක්ද යන්න කිසිවකුට නිසි වැටහීමක් නොතිබිණි. ගල්කිස්ස වෙරලට ඊයේ සන්ද්‍යාවේ එක් වූ මහජනතාව ඉතා විමතියෙන් බලා සිටියේ සිදු වන්නට යන්නේ කුමක්ද කියාය. ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය නියෝජනය කරමින් එක් වූ සුදීක, මෝරා ස්පිරිට්(මොරටුව සරසවිය) සහ කොළඹ සරසවියේ මාධ්‍ය කණ්ඩායම් වල අයටද මෙය විමතියට කරුණක් විය. ගල්කිස්ස වෙරල තීරයේ ඇති ගෝල්ඩන් මයිල් අවන්හල ලෝකයේ රටවල් හයක තාරුණ්‍යයෙන් පිරී ඉතිරී ගිය ඒ මොහොත වචනයෙන් විස්තර කල නොහැකි තරමේ සොඳුරු අත්දැකීමක් වුණා.
හවස 5.00 වත්දී මුලින්ම එහි ලඟා වුනේ එංගලන්ත කණ්ඩායම. ඔවුන් දුටු විට අපට හිතුනේ සරසවි යන තරුණ ගැටව් ටිකක් නොව ජාතික කණ්ඩායමේ සිටින තරම්ම හැඩි දැඩි කණ්ඩායමක් බවය. එහෙත් ඔවුන් ඉතා ඉක්මනින් එහි සිටි අප හා කුළුපග වුණා. සියළු දෙනා ඉතා කැමැත්තෙන් අප වෙත අදහස් දක්වන්නට ඉදිරිපත් වුණා.
ඉන් අනතුරුව අසල්වැසි ඉන්දීය කණ්ඩායම එහි ලඟා වුණා. ඉන්දියාව වෙනුවෙන් මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ උතුරු ඉන්දීය අනුබද්ධ විශ්ව විද්‍යාලයක්(College) වන චන්දිගාර්හී ඩී.ඒ.වී. සී. ය. මෙම විද්‍යාතනය නියෝජනය කල ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන යුවරාජ් සිං විස්සයි20 ක්‍රිකට් වලදී අමතක කල නොහැකි චරිතයක්.
කහකුරුල්ලන් පැමිණියේ ඉන් අනතුරුවයි. මෙම තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අඩුම උස ඇති කෙනා අඩි 5 යි අඟල් 10 ක් උසයි. ඔවුන්ගේ කණ්ඩායමේ විශේෂත්වය වන්නේ එයට නායකත්වය දෙන්නේ ඉන්දියානු ජාතිකයෙක් වීමයි. ඔහු බැන්ගලුරු වැසියෙක්. එම ස්ථානයට පැමිණි වඩාත් නිහතමානී කණ්ඩායම ඔසියන් යයි බය නැතිව පැවසිය හැක.
කවුරුත් නොසිතු මොහතක එහි පැමිණි පකිස්තානු කණ්ඩායම ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත කණ්ඩායම් තුනෙන් එකක්. ඔවුන්ගේ කණ්ඩායම සමග විශේෂිත පුද්ගයකෙක් පැමිණ සිටියා. ඒ පකිස්ථානු කණ්ඩායමට නායකත්වය දුන් සහ දිගු කලක් එහි කඩුලු රකින අත් ආවරණ පැළඳි මොයින් ඛාන්. ඔහු ඉතාම කුළුපග පුද්ගලයෙක්.
ගල්කිස්ස මුහුදු වෙරළට රාත්‍රිය රැගෙන ආවේ සත්කාරක කණ්ඩායම වන ශ්‍රී ලංකාව. මෝරා ශාර්ක් ලෙස වඩාත් ජනප්‍රිය, මොරටුව සරසවි කණ්ඩායම සුපුරුදු නිල් පැහැති කමිස පැළඳ එහි පැමිණ සිටියා.
සුදීකගේ ජංගම දුරකථනය දහවල් කාලයේ ඉතා පැහැදිලි ඡායාරුප ගෙන දුන්නත් රාත්‍රිය එයට සුභ නෑ.
තරගාවලියේ ලජ්ජාක්රුවන් ලෙස කවුරුත් හඳුනා ගත් බංගලි කොලු පැටව් ටික කෙලින්ම කැමරාවට මුහුණ දුන්නේ නෑ.
මේ සියළු දෙනා පැමිණි විගස තරගාවලයේ අධ්‍යක්ෂ තුමා වැල්ලේ තනා තිබු කඩුල්ල අසල A ස B කාණ්ඩ වේලට මෙම කණ්ඩායම් ගොනු කරන්නට නවතම ක්‍රමයක් යොදා ගත්තා. ඒ මල්ලක බහා තිබූ පන්දු හයක් ලබා ගැනීමට ඔවුන්ට සැලැස්වීමෙන්. එහි අංක 1 සිට හය දක්වා ලකුණු කර තිබුණා. එහි අනුපිලිවෙලට අනෙක් පස ඇති කඩුල්ලට කණ්ඩායමේ නායකයා පන්දු යැවීමට නියමිත වුවා. ඔවුන් යවන පන්දුවෙන් බිඳෙන කඩුල්ලේ කණ්ඩාමේ නායකයාගේ අත්සන යොදන්නට සංවිධායකයින් කටයුතු යොදා තිබුණා.
මුලින්ම මල්ලට ඇත දැම්මේ එංගලන්ත නායකයා.
තුන්වෙනි වතාවේ කඩුල්ල බිඳ දැමු ඕස්ට්‍රේලියානු නායකයා පන්දුව යවමින්.
ඉන්පසු මෙම කඩුළු එකිනෙක ගෙන එහි මුදුනත අලව තිබු ස්ටිකර් ඉවත් කර A සහ B කාණ්ඩ වලට අයත් කණ්ඩායම් තෝරා ගත්තා. එය පසෙක සුදානම් කර තිබූ පුවරුවේ සටහන් වුනේ මේ ආකාරයට.
ඒ අනුව A කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ පාකිස්ථානය තරග කරන අතර B කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බංග්ලාදේශය. මෙහි අවසාන පූර්ව වටයට එළඹීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු වනවා.

මටනම් ක්‍රිකට් කියන්නෙ අජූත දෙයක් බන්...
ReplyDeleteමේ සතිය ඉවසන්න. ඉන් පස්සේ දෙන්නම් කිඹුලා බනිස් වගේ ඒවා.
Deleteමී ටූ
DeleteJayawewa..Sri lanka.
ReplyDeletedanuwat karata istuti..Sudika Ayya..
Jaywewa
ස්කයි ඩයිවින් තියෙනවා හය වෙනිදා පුතත් එක්ක එන්න.
DeleteApril 22 venakan Company eka mage niwadu cancel karala. (ea unata Company ekata mama Adarai / kamati.
DeleteJaywewa.
//එම ස්ථානයට පැමිණි වඩාත් නිහතමානී කණ්ඩායම ඔසියන් යයි බය නැතිව පැවසිය හැක. //
ReplyDeleteඔසියෝ ඉතින් කොහොමත් ඔහොම තමා. මේ අපි පේන්නේ නැද්ද? :D:D
ඇත්තටම ඔසියගේ ගෑනු සතාට කියන්නේ මොකක්ද ?
Deleteshe ඔසිය.
Deleteඕසිනි
Deleteහෑ.... ගල්කිස්සේ තිබුනේ? අපරාදේ ඇවිල්ලත් ගියේ. දන්නවනම් රෑ නවතිනවා බෝඩිමේ :/
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආවනම් හරි.
Deleteදෙයියනේ..... කිරිකැට්.. :/
ReplyDeleteඇයි දෙයියනේ.
Deleteක්‍රිකට් ගැන කතා කරන්න දන්නේ නෑ අනේ. කොහොමත් කෙහෙලිය පුත්‍රරත්නේ රිංගවමු එකනම් ප්‍රශ්නයක්....
ReplyDeleteමම දන්නා තරමට ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. හැම දේම දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලීම වැරදියි. ඒ වගේ තැනක පවතින්න බෑ දක්ෂතාව නැතිව.
Deleteක්‍රිකට් ගැන වැඩි අවබෝධයක් නෑ සුදීක අයියේ..
ReplyDeleteඅද කාලේ කොල්ලෙක් ක්‍රිකට් දන්නෑ කිව්වම හරි පුදුමයි.
Deleteනියමයි නියමයි
ReplyDeleteසංචාරක කර්මාන්තයේ වර්ධනයටත් මේ අවස්ථාව ගොඩාක් වැදග්ත් නේද ?
ඔව් අනිවාර්යෙන්ම.
Deleteඑහෙනං සුදිකට වැඩ වැඩියි ලබන සුමානෙම
ReplyDeleteලබන සුමානේ නෙවෙයි මේ සුමානේ.
Deleteමමත් නම් ක්‍රිකට් වලට කැමති නෑ.ඒත් පෝස්ට් එක ඔක්කොම කියෙව්වා.
ReplyDeleteමම අකමැති උනාට ක්‍රිකට් ගහන එක නතර වෙන්නේ නැහැනෙ.
මමනම් මේ වැඩේට අළුත්.බලන්නකො......මමත් හැදුවා බ්ලොග් එකක්.හොදයිද කියන්න.මේ ලින්ක් එක.
http://cristogallary.blogspot.com/
ඔයාගේ බ්ලොග් එක හොඳයි.
Deleteකම්මැලි නැති මැච් ටිකක් තිබ්බොත් අහන්න, බලන්න බැරියැයි.. මොකා දිනුවම මොකෝ හොඳට සෙල්ලම් කරනවා නම්... නැද්ද සුදීක අයියේ... හි හි....
ReplyDeleteමෙන්න නියම ක්‍රිකට්ප්‍රේමවන්තියක්.
Deleteක්‍රිකට් කියලා විශේෂයක් නෑ.. ඔක්කොම “ ක්‍රීඩා” ජාති... ඔය ස්ට්‍රීට් රේස් වගේ සල්ලිකාරයොන්ට පිස්සු කෙලින්න හදාගත්තුවා එහෙම නෙවෙයි...
Deleteඅර රෑ ගනිපු ෆොටෝවල දේවතා එලි තියෙන්නේ, දෙවියොත් මැච්බලන්න වැඩලද?
ReplyDeleteමන් මේ කල්පනාකරේ ඔයාගේ ජොබ් එක මොකද්ද කියල ඇත්තටම..:D
ප්‍රවීණ ඡායාරුප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර මහතාට අනුව මේවා දේවතා එලි නොවේ. වෘත්තීය නොවන කැමරා වල සටහන් වෙන්නේ දුවිලි අංශු බවයි ඔහුගේ මතය.
Deleteමේක මගේ විනෝදාංශය.
කැම්පස් වලත් පටන් අරන් ද බං ?
ReplyDeleteක්‍රිකට්ද ?
Deleteහැබෑට අර බංග්ලාදේශ් උන්ට මොකද වෙලා තියෙන්නේ? එහෙම කරේ ඇත්තටමද නැත්තම් ජෝක් එකක්ද?.අලෙ මන්දා මේ ක්‍රිකට් තරඟයේ විස්තර බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteඑයාල වෙනම විදියකට පින්තුරයට මුහුණ දුන්නා.
Deleteක්‍රිකට් ක්‍රීඩාවට එතරම් ප්‍රිය නොකළත්, ගල්කිස්ස වෙරලේ ගතකළ අපූරු හැන්දෑවක් ගැන තැබූ සටහන නම් අගය නොකරම බැරිය
ReplyDeleteබොහොම ස්තුතියි දයා.
Delete