පැහැරගෙන ගොස් තලා පෙලා විවාහයට බලකරන ලද දොළොස් හැවිරිදි දැරියක් සිංහයන් තිදෙනෙකු විසින් ආරක්ෂා කරන ලද අරුම පුදුම පුවතක් ඉතියෝපියාවෙන් වාර්තා වේ. ඇය පැහැරගත් පිරිස මෙම සිංහයන් විසින් පලවා හැර ඇති බව පොලිස් නිලධාරියෙක් පවසයි.
පින්තුරය ගත්තේ : http://booredatwork.com |
සතියක පමණ කාලයක් ආගිය අතක් ගැන හෝඩුවාවක් නොවූ මේ දැරිය, පිරිමින් හතකගෙන් යුත් කණ්ඩායමක් ගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු හා විවාහ වන ලෙස බල කරමින් පහර දී ඇති බව සාජන් වොන්ඩිමු වෙඩාජෝ ඉතියෝපියාවේ අඩිස් අබා නගරයට හැතැප්ම 350 පමණ වයඹ දෙසින් පිහිටා ඇති ප්‍රාදේශීය නගරයක් වන බීටා ගැනට් සිට දුරකතනයෙන් පැවසීය.
පොලීසිය සහ ඥාතීන් ඇය බීටා ගැනට් අවටින් සොයා ගන්නා විට කිහිප වතාවක්ම මේ පිරිස ඇයට පහර දී තිබූ අතර, වරුවක් පමණ සිංහයන් තිදෙනා ඇය ආරක්ෂා කර තිබූ බව පොලිස් නිලධාරියා පැවසීය.
"අපට ඇය හමු වන තුරු ඔවුන් ඇය ආරක්ෂා කළා, ඉන් පසුවයි ඔවුන් ඇය හැර වනයට පියමං කළේ."
ඇයගේ ගැලවීමට සිංහයන් නොපැමිණියේ නම්, ඇයට දරුණු ඉරණමක් අත් වන්නට ඉඩ තිබුණි. බොහෝවිට සිදුවන්නේ මෙවැනි දැරියන් දුෂණය කර දරුණු ලෙස වද හිංසා පැමිණවීමයි.
පළාත් පාලන ආයතනයක නිලධාරියෙක් වන ටිලහන් කස්සා තහවුරු මෙය කළා වොන්ඩුමුගේ විස්තර කරන ආකාරයේ සිදුවීමක් බව. එම පිරිමින් කාණ්ඩයට වුමනා වුයේ ඉන් එක් අයෙක්ට මෙම දැරිය විවාහ කර දීමට.
"සියල්ලෝම සිතන්නේ මෙය යම් ආකාරයක ආශ්චර්යයක් කියලා. ඒ සිංහයන් සාමාන්‍යයෙන් මිනිසාට පහර දෙන නිසා" වොන්ඩුමු පැවසුවා.
ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ වනජීවී විසේසඥයකු වන ස්ටුවට් විලියම් මහතා පැවසුවේ
"ඇය බේරෙන්නට ඇත්තේ පහරදීම නිසා ඇතිවූ කම්පනයෙන් හඬමින් සිටි නිසා" බවයි.
"දැරියගේ ඉකි බිඳීම සිංහයන් එය සිංහ පැටවකුගේ හැඬුමක් යයි වරදවා තේරුම් ගැනීම නිසා ඇය ගොදුරු කර නොගන්න ඇති"
විලියම් තව දුරටත් පැවසුවා.
ඉතියෝපියානු සිංහයන් ඔවුන්ගේ මලගියා පියවරුන් ලෙසේ ඔවුන් විශ්වාස කරනවා. ඒ වාගේම ඔවුන්ගේ ජාතික සංඛේතය වන්නේද මෙම සිංහයන්. මෙම සිංහයන්ගේ පිළිම ඉතියෝපියාවේ ඉදි කර ඇති අතර මුදල් නෝට්ටු වලටද සිංහ රුපය එකතු කර තිබෙනවා. ඉහත මට්ටු වීම නොසලකා ඉතියෝපියානු දඩයක්කරුවන් සිංහ දඩයමට පෙළඹෙනවා. ඒ එක් හමක් සඳහා ඇමරිකානු ඩොලර් 1000 ක් පමණ ලැබෙන නිසා. විලියම්ගේ ඇස්තමේන්තුව අනුව දැන් ඉතියෝපියාවේ සිටින්නේ සිංහයන් 1000ක් පමණයි.
හතරදෙනෙකුගෙන් යුත් පවුලක බාල දැරිය මෙම රඳවාගෙන කල පහරදීම නිසා ඇති වූ කම්පනය සහ තැතිගැන්මෙන් පසු වුවා. පහරදීම නිසා ඇති වූ කැපුම් සහ තැලුම් වලට ප්‍රතිකාර ලබා දීමට සිදු වූ බව වොන්ඩිමු පැවසුවා.
පැහැරගැනීමේ කණ්ඩායමෙන් හතරදෙනෙක් පොලීසියට කොටු වී ඇති අතර තිදෙනෙක් තවම සොයා ගැනීමට තිබෙන බවද ඔහු පැවසුවා.
දැරියන් පැහැරගැනීම අතීතයේ සිට ඉතියෝපියාවේ විවාහ චාරිත්‍ර වලම කොටසක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඉතියෝපියානු විවාහ වලින් 70% ම මේ ආකාරයේ පැහැරගැනීම් කර සිදු කර ඇති බවයි. මිලියන 71ක් වන රටේ ජනගහනයෙන් වැඩි කොටස ජීවත් වන ගම්බදව වැඩියෙන්ම මේවා සිදුවනවා.
තිරිසනුන් මිනිසුන් කරන වැඩ කරද්දී මිනිසුන් තිරිසන් වැඩ කරන එකනේ වැඩේ. මේවගේ දුර්ලභ නිව්ස් එකක් කියවන්න සැලස්වුවට ස්තුතියි Redbull Leage එකේ තත්වේ කොහොමද?
ReplyDeleteඉන්දියාව තමයි කප් එක ගත්තේ. එක කොල්ලෙක් ඉන්නවා ජාස්කරන් සිං සොහි කියලා, මේ නම මතක තියා ගන්න. ඒ කොල්ලා බැට් කරනකොට යුවරාජ් දකිනතින් ගහනවා වගේ. කවදා හරි ඉන්දියන් ටීම් එකට එන්න ඕනේ.
Deleteමේ කතාව ඇහුවාම සුප්පා දේවිගේ කතාව ඇත්ත වෙන්ට ඇති කියලා හිතෙනවා. සිංහයාටත්, සුප්පා දේවි ලස්ස්න සිංහ කෙල්ලක් වගේ පේන්ට ඇති. මේ වගේ දේවල් ලෝකේ තාම සිද්ධවෙනවා කියන එකටත් සතුටක් දැනෙන්නේ.
ReplyDeleteඇත්තටම සුදීක මේ දවස්වල ගෙදර එන්ට වෙලාවක් තියනවද?:)
බොහොමයක් දවස් වල 12.00 පහු වෙලා ආවේ. මම මේ පැය දෙකකින් ඇහැරුණා, අද බැංකුවේ අවුරුදු උත්සවේ.
Deleteඉතාලියෙනම් සිංහයා බියගුලු සතෙක් කියලලු කියන්නෙ.. සුදීක අයියාගෙන් Time Management ඉගෙන ගත්තොත් හොදයි වගේ..
ReplyDeleteපිරිමි සතා කොහොමත් කම්මැලියි කියලා තමයි අහලා තියෙන්නේ. Class එකක් ඇරෙන්ජ් කරන් කියන්න. :)
Deleteපුදුමයි . සොබාදහමේ ඔවැනි ආශ්චර්යයන් ඇසීම සතුටක් . විසිඑක්වෙනි සියවසේදීත් ගැහැණු ළමයින් බේරාගන්න සිංහයින් එන්නම ඕන ., එයයි කනගාටුව .
ReplyDeleteඇත්තටම් එය කියවා අවසන් වූ පසුව ඇති වන්නේ ලොකු කම්පාවක්.
Deleteඔබේ ලිපියකට පිළිතුරක්:
ReplyDeleteසිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන් ද: සුදීකට පිළිතුරක්
http://nidhahasa.wordpress.com/2013/04/04/1-11/
බලමු.
Deleteසිංහයන්ට තියෙන වැඩ :D
ReplyDeleteලංකාවෙත් මෙහෙම වෙනවා නම් හොඳයි.
Deleteමට තවම කියාගන්න දෙයක් එන්නේ නෑ අප්පා,, :O :O :O
ReplyDeleteඔව්. මේකට හරි උත්තරයක් එන්නේ නෑ.
Deleteයකෝ! කෙල්ලෝ පැහැර ගන්නවා කියන්නේ විවාහ චාරිත්රයේම කොටසක්ලු???? පිස්සු බම්ප් වෙන චාරිත්‍රයක්නේ බොල!!!!! ලංකාවට එහෙම ආවොත් බඩුම තමා!!!!
ReplyDeleteඑහෙම වුනොත් කෙල්ලෝ එකතු වෙලා නාඩියාව උස්සයි. අනේ මට මැවිලා පේනවා.
Deleteහරි පුදුම වැඩක නේ ......
ReplyDeleteමේ වගේ දේවලුත් ලෝකේ වෙනවා.
Delete
ReplyDeleteහරි පුදුම දේවල් තමයි සුදීක ..අනේ මෙන්න මේ වගේ
ඒවා ලියන්න සුදීක..
හමු වෙන විදියට තමයි ලියන්නේ.
Deleteමිනිසුන් තිරිසනුන් වෙනකොට, තිරිසනුන් මිනිසුන් වෙලා..
ReplyDeleteඇත්තටම.
Deleteහිතාගන්නත් අමාරුයි.
ReplyDeleteබෞද්ධයෙකුට මේවා තේරුම් ගන්න ලේසියි.
Deleteවිශ්මයජනක කම්පනය ගෙනෙන පුවතක්.
ReplyDeleteසහතිකවම.
Deleteසිංහය විතරක් නැතිව,මෙලෝ සතෙකුට දරාගන ගන්න බැරි මිනී මරන්න විතරක් ගන්න කඩුව කොඩියට දාගෙන,ලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි කිව්ව නිසා වෙන්න ඇති ලක් ජනතාවට ජනයාට මෙතරම් සනීප.
ReplyDeleteකෙන්ජි මම හිතනවා හසිතගේ ශීක් වරුන්ගේ ආගම ගැන ලිපි මාලාව කියවන්න ඇතියි කියලා. ෂීක් වරුනුත් අහිංසකව ඉඳලා, ඔවුන්ට සිදු වුනු පහර දීම් නිස්ස තමයි ඔවුන් කඩුව සම්බන්ධ කර ගන්නේ. අපේ ඉතිහාසයේත් මෙවැනි ආක්‍රමණ තිබෙන නිසා, ඒ මත ගොඩ නැගුනු දෙයක් වෙන්න පුළුවන්. දැන් සිංහ කොඩිය ඇන්ද නම T56 ක් තමයි දෙන්න වෙන්නේ සිංහයා අතට.
Deleteමිනිසා තිරිසනා වෙන කොට... තිරිසන්නු මිනිස්සු වෙන එකවත් කොච්චර දෙයක්ද
ReplyDeleteඔවුන්ත් වෙන ආත්මයකදී මිනිසුන් වී ඉන්න ඇති. ඉතිං ඒ ගුණයන්ගෙන් කොටසක් හෝ තවමත් ඔවුන් තුල ඇති.
Deleteමිනිසුන්ට වඩා තිරිසනුන් උසස් වෙලා..
ReplyDeleteදුක් වෙන්න ඕනද ? ආඩම්බර වෙන්න ඕනද ? කියල හිතා ගන්න අමාරුයි.
Deleteapit Sinhayo..
ReplyDeleteJayawewa.
මේ වගේ සිංහයෙක් වෙන එක තමයි වැදගත්.
Deleteසිංහ කොඩිය ගත්ත අපේ රටෙ (බලු) සිංහයෝ තමුන්ගෙ දූවරු දූෂනය කරනවා.. පුතා හැට හැවිරිදි අම්මාව දූශනය කරනවා. ඒ අතින් අපි තිරිසනුන්ට අන්තයි.. උන් කවදාවත් ඔය වැඩේ බලෙන් කරන්නෙ නෑනෙ..
ReplyDeleteසිංහයා අතීත සිංහලයන් තෝරා ගන්න ඇත්තේ ඔවුන් තුල තිබෙන මෙනන්න මේ වගේ ගති ලක්ෂණ නිසා. දැන් නම් ඉතිං වල් බල්ලෙක් ගානට වැටිලා.
Deleteමේක අදහගන්න බැරි කතාවක්, බං. :-O
ReplyDeleteඅදහන්න බැරි වුනත් සතුටු වෙන්න පුළුවන්.
Deleteසුදු වැන් වලින් ආරක්ෂා කරන සිංහයොත් ඉන්නවද ?
ReplyDeleteඅනේ මන්ද ?
Deleteමිනිස්සු තිරිසන් ගති පෙන්වන විට තිරිසන් සත්තු මිනිස් වෙස් ගන්නවා. මේක තමයි ඇත්ත තත්වය. මේ ප්‍රවෘත්තිය වෙබ් අඩවි ගනනාවක ප්‍රචාරය කරග තිබුණත් මම එතරම් උනන්දුවක් දැක්වූවේ නෑ. ඒත් ඔබ ලියු සටහන දැකල තමයි ඒවා කියවන්නත් හිත ගියේ
ReplyDeleteබොහොම ස්තුතියි දයා.
Deleteකරුණාකරලා ඊ මේල් මෙව්වා එක පොඩ්ඩක් දන්වන්න.
ReplyDelete