"සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්ම" කියන තේමා පාටය යටතේ ලොවපුරා විසිරී සිටින දුටු-නොදුටු සයිබර් මිතුරන් එක් තැන් කරවන තවත් සයිබර් සිහින් බක් මහ උළෙලක් පහුගිය 22දෙවෙනි ඉරිදා මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. එතනදී බොහොමයක් දෙනෙක් එක්ක දොඩමළු වෙන්න අවස්තාවක් ලැබුණා. ඒත් තවත් කිහිප දෙනෙක් මග හැරුණා. පහුගිය වසරේදී නම් මගේ බ්ලොග් එක කියවපු අය හිටියේ අතලොස්සක්. ඒ අයට අමතරව තවත් කිහිප දෙනෙක් එක්ක දොඩමළු වෙන්න ලැබුණා. ඒ වනවිට ජනප්‍රියම කමෙන්ට් කරුවකු වූ ඔබා මාමා යන සුරතල් නාමයෙන් හැඳින්වූ සනත් විජේවර්ධන මහතා එක්ක කථා කරන්න බැරි වීම ඉතාම කනගාටුවට කරුණක්. එතනදී මගෙත් එක්ක කුළුපග වෙච්ච් ඒ වගේම, මුල්ම කාලෙදී මගේ බ්ලොග් එක කියවපු කිරිපුතා එක්ක බොහෝ වෙලා සුහද පිළිසඳරේ ඉන්න පුළුවන් වුනත්. "කවදා මුණ ගැහෙන්න බැරිද ?" කියන මගේ වැරදි තක්සේරුව නිසා ඔහුත් සමග දුරකථන අංකයක් වත් හුවමාරු කර ගන්න බැරි වුණා.
නමුත් අද මගේ මාතෘකාව මේ සිහින බක් මහ උළෙල ගැන නෙවෙයි. ඒ මේ පහුගිය දවස් වල මම අත් දැකපු සිද්දි කිහිපයක් මුල් කරගෙන තේරුම් ගත්ත මනුෂ්‍ය ස්වභාවය ගැන පොඩ්ඩක් ලියන්න. මම දන්නවා අනිවාර්යයන්ම ඔබටත් මේ අත්දැකීම් ඇති බව. මම උදාහරණ කිහිපයකින්ම පැහැදිලි කරන්නම
ඔන්න අපේ දෙපාර්තමේන්තුවේ සේවකයෝ දෙදෙනෙක් යනවා මානව සම්පත් අංශයේ ප්‍රධානියෙක් හමු වෙන්න.
සේවකයා 1 : සර් අපිට මේ ප්‍රමෝෂන් එක අවුරුදු 21 වෙලත් නෑ, දැන් ඇවිත් අවුරුදු 7ක් වෙච්ච අයටත් ලැබිලා. අපිට ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ.
මා.ස.ප්‍රධානියා : බලන්න මටත් මේකේ හොඳටම අසාධාරණ වෙලා තියෙනවා, මම කළමනාකාර සහකාර ශ්‍රේණියේ අවුරුදු 7ක් ඉඳල තමයි, කළමනාකාර ශ්‍රේණියට ආවේ. සමහරුන්ට අවුරුදු තුනෙනුත් හබ වුණා.
සේවකයා 2: වෙන්න ඇති සර්. ඒ වුනාට අපිට තියෙන්නේ සමාජයට මුහුණ දෙන්න බැරි ප්‍රශ්නයක්. කසාද බඳින කොට නෑ, ළමය ඉස්කෝලෙට දානකොට නෑ. අපි බැංකුවට එනකොට ඉස්කෝලේ ගිය ඇය දැන් ලොකු ජොබ් කරනවා. පුදුම ලැජ්ජාවක්.
මා.ස. ප්‍රධානියා : එහෙම වුනා කියලා අධෛරියට පත් වෙන්න නරකයි. කවදා හරි මේවා නිවැරදි වෙයි. මමත් මේ ඒ.ජී.එම් කෙනෙක් වෙලා තියෙන්නේ.
මේ අය තවත් ලොක්කෙක් මුණ ගැහෙනවා
අංශ උප ප්‍රධානි : ආ. අන්න ඔයාගේ වැඩේ ගැන මම කතා කරලා තියෙන්නේ. බලනවා මමත් මේ ප්‍රමෝෂන් නැතිව අවුරුදු හතරක් බලාගෙන ඉන්නවා. (හැබැයි සේවා කාලය අවුරුදු 19යි, ප්‍රමෝෂන් 4යි)
සේවකයා : අපිට නම් දැන් සංසාරේ එපා වෙලා ඉන්නේ. අවුරුදු විස්ස වෙනකම් මේ බලාගෙන ඉන්නේ අර්ලි රිටයර්මන්ට් එක ගන්න.
අංශ උප ප්‍රධානි : (තම මේස ලාච්චුව අරිමින්) මමත් මේ ෆෝම් සෙට් එකක් තියාගෙන් ඉන්නේ. විස්ස වුන ගමන් යනවා.
ඔන්න තවත් අපේ සේවකයෙක් වැටිලා එයාගේ කකුල පෙරලිච්ච් කතාවක් කියනවා. ඒක අහගෙන ඉන්න කෙනා එයාගේ කකුල කැඩිච්ච එකක් කියනවා.
මේ වගේ කතා අනන්තවත් ඔබත් අහලා ඇති. කෙනෙක් තමන්ගේ දුක කියනකොට තමාගේ පරණ විඳලත් ඉවරත් වෙච්ච දුකක් පිළිතුරක් විදියට දීම කොතරම් සාධාරණද ? හරිනම් අනේ කොහොමද වුනේ ? දැන් රිදෙනවද ? අපෙන් මොනවද වෙන්න ඕනේ වගේ පිළිතුරක් නැත්නම් අස්වසීමක් කරන්න අවශ්‍ය වෙලාවක් ඒ වගේ දුක -පිට-දුක පැටවීම කෙතරම් සාධාරණද ?
ඔබ හොඳ ඇහුම්කන් දෙන්නෙක් වුනොත්, බොහෝ දෙනා ඔබ හොඳ නායකයෙක් ලෙස පිළිගනීවි. අර විදියට උත්තර දුන්නොත් අර දුක කියන්න ආපු මනුස්සයාගේ දුක දෙගුණ තෙගුණ වෙනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. අපේ ඔෆිස් එකේ කෙනෙක් ඉන්නවා පලවෙනි එක්කෙනා කතාව ඉවර කරන්න කලින්ම මැද්දට පැනලා එයාගේ අත්දැකීම කියාගෙන කියාගෙන යනවා. පොඩිවත් ඉවසීමක නෑ. වෙලාවකට හිතෙනවා එයාට ඒක මතක තියාගෙන ඉඳලා ඉවර වුණාම කියන්න බැරි ඇයි කියලා.
තවත් සමහරු ෆිට් එකටත් ඒ වගේ තමන්ගේ අත්දැකීම් බෙදා ගන්නවා. ඒ කියන්නේ ඔබගේ පොකට් එකට ගැහුවා කිව්වම. අනේ මචං මටත් ගහලා තියෙනවා ගණන් ගන්න එපා කියලා හිත හදන්න උත්සාහ ගන්නවා. මම දන්නෑ කොයි දේ හරිද කියලා. මගේ ක්‍රමය නම් අර කෙනා ඉවර වෙනකම් ඉන්න එක. පස්සේ කිවුයුතු දෙයක් තියෙනවා නම් කියනවා.
ඔයාලා මේ වගේ අවස්ථා වල හැසිරෙන්නේ කොහොමද ?
90%වඩා ඔයවගේ අයතමයි ඉන්නේ, සමහරුනම්දුකටපත්කෙනාගේ හිත අස්වස්සිමට එහෙම කියනවා, සම "හරක්නම් එක මග අරින්න කියනවා,
ReplyDeleteඑක නෙවෙයි මොකද මේපාර අවුරුදු උස්සවේ ගැන වැඩිය කවුරුත් පොස්ට් දාල නැත්තේ, ? අර මාරයා අන්කල් කිවුව කවුද අන්තිමට කෙහිවලු පටලන් ඉවර වුන නිසාද.?
මටත් දැනුනේ මේ පාර ටිකක් අඩු වගේ. මම ගිය පාර ලිව්වා නිසා මේ පාර ලියන්න ගියේ නෑ. මුල් වතාවට සහභාගී වෙච්ච අය අතේ තමයි මේක තියෙන්නේ.
Deleteමම නං සුදීක මගෙත් එක්ක දුකක් කියන කෙනෙකුට මගේ දුක කියන්න යන්නෙ නෑ මම හොඳ ඇහුම්කන් දෙන්නෙක් කියලයි මම හිතන්නෙ,පොඩි අත්දැකීමක් කියන්නම්.
ReplyDeleteමම රාජ්‍ය පරිපාලනේ වැඩකරන කාලෙ දෙන්නෙක් මගෙ ළඟට ආව මාරුවක් ඉල්ලගෙන,
මගෙ ඉස්සරහින් වාඩිවෙලා කතාව කියන්න ගත්ත,පැය බාගෙකටත් වඩා කියපු ඒ කතාව මම වචනයකින්වත් බාධාවක් නොකර අහගෙන හිටියා.
කතාව ඉවරකලේ මෙහෙමයි,
මෙච්චර කල් මේ ඔෆිස් එකේ කිසිකෙනෙකුට මගෙ ප්‍රශ්නය විසඳනව තියා මම කියන දේ අහන්නවත් ඕනැකමක් තිබුණෙ නෑ,අද මහත්තය තමයි මගෙ කතාව සම්පූර්ණයෙන් අහගෙන හිටියෙ,මට ඒ ඇති මාරුවක් ඕනැ නෑ මම යන්නං.
මට වචනයක්වත් කතාකරන්න වුණේ නෑ.
මම හිතන්නෙ කෙනෙකුට එල්ලිලා ඇතිවෙනකම් අඬන්න අපේ උරහිස දුන්න නම් ප්‍රශ්නෙන් සීයට හැත්තැපහක් විසඳෙනව කියලයි.
ඇහුම්කන් දෙන්න පුරුදු උනානම් ඔය ප්‍රශ්නවලින් බාගයකට වඩා නිකම්ම විසඳෙනව කියලයි මගෙනං අදහස.
කමෙන්ටුව දිග වැඩිඋනාද මන්දා,කමක් නෑ නේද සුදීක.
මම පොඩි පොස්ට් එකක් ලිව්වේ කමෙන්ට් වලින් කතා බලාපොරොත්තුවෙන්.
Delete//කෙනෙක් තමන්ගේ දුක කියනකොට තමාගේ පරණ විඳලත් ඉවරත් වෙච්ච දුකක් පිළිතුරක් විදියට දීම කොතරම් සාධාරණද ? හරිනම් අනේ කොහොමද වුනේ ? දැන් රිදෙනවද ? අපෙන් මොනවද වෙන්න ඕනේ වගේ පිළිතුරක් නැත්නම් අස්වසීමක් කරන්න අවශ්‍ය වෙලාවක් ඒ වගේ දුක -පිට-දුක පැටවීම කෙතරම් සාධාරණද ? //
ReplyDeleteමේක අපේ අය චෙතනාවන් දෙකකින් කරනවා කියල මට හිතෙනවා , සමහර වෙලාවට ලඟම මිතුරන් ඉන්නවා "ගණන් ගන්න එපා ඕවා හැමෝටම සිද්ධ වෙන දේවල් , මටත් ඔහොම එකක් වුනා " කියන අදහසින් සනසවන්න කියන අය . තවත් සමහරෙක් අරක යට ගහන අරමුණින්ම ඔය වැඩේ කරනවා . සිදුවිමේ ස්වාභාවය අවස්ථාව සහ පුද්ගලයා අනුව වැඩේ අර්ථය වෙනස් . ආයතන ප්‍රධානින් නම් අර දෙවෙනි කාණ්ඩේ කට්ටිය
ප.ලි- පොඩි උපුනයක් අරන් "වැටක්" ගහල යන්න අමාරු කරල තියෙන්නේ ඇයි ?
බ්ලොග් එකක කියලා තිබුණා කරන විදිය. මගේ පොස්ට් එකක් එහෙමම පත්තරේක දාලා තිබුණා. ඒක මම බොහොම අමාරුවෙන් කරපු පරිවර්තනයක්. ඔයා ඔය රිංගලා තියෙන්නේ. ඔයාගේ කතාවට එකඟයි.
Deleteමටත් ඔය ලෙඩේ තියෙනවා... ඉස්කෝලෙ යන කාලේ දවසක් ඔහොම වෙච්ච වෙලාවක එකෙක් කනට ගැහුවා වගේ කිව්වා “ මං මගේ දුක කියන්න ආවම උඹ උඹගේ දුක කියන්න පටන් ගන්න එපා බං ” කියලා.. හි හි... එදා ඉඳලා ඔය වගේ කේස් වලදි මං ටිකක් කල්පනා කරලා වැඩ කරනවා... මොකද එදා මට මාර ලැජ්ජාවක් උනේ... ඇත්තනේ එයා කිව්වේ...
ReplyDeleteහැබැයි සමහර වෙලාවට කෙනෙක්ගේ හිත හදන්නත් පුළුවන් ඒ වගේ දේවල් වලින්.. මම ඇත්තටම එහෙම කෙනෙක්ගේ හිත හදන්න බොරුවට කිව්වා එයාට වෙච්ච දේට වැඩිය දෙයක් මට උනා.. ඒක නිසා වෙච්ච දේ අමතක කරන්න කියලා... ( ගර්ල්ස් ටෝක්) කිව්වා එකපාරක්... පස්සේ කාලෙක මං එයාට කිව්වා මං එදා කිව්වේ බොරුවක් කියලා.. එයා කිව්වා එයා ඒක දන්නවා උනත් ඒ වෙලාවේ ඒ බොරුව එයාගේ හිත හදාගන්න උදවු උනා කියලා... “ මටත් ඔහොම උනා බං” හෝ “ ඔයිට හපන් එකක් මට උනා බං” කියන එක සමහර වෙලාවට කෙනෙක්ට උදවුවක් වෙන්න පුලුවන් ( නයි නෙවෙයි ඈ... හි හි) එහෙම බැලුවාම ඕකේ දෙපැත්තක් තියෙනවා සුදීක අයියේ.. නේද....
වටිනාම දේ ඇහුන්කම් දීම. දෙවනුව එයාගේ හිත නිදහස් වෙන්න ඇරලා තමයි පොඩ්ඩක් හිනා වෙලා තමන්ගේ කතාව කියන්න ඕනේ.
Deleteප්‍රශ්නෙකින් ගැලවෙන්න ලේසිම ක්‍රමේ ඕකනේ අයියා.කව්රු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකෙන් ගැලවෙන්න ලේසිම දේ තමාටත් එවැනිම ප්‍රශ්න තියෙනවා කියලා පෙන්වන එක තමා.මට නම් ඔහොම අවස්ථා වලට මූණ දෙන්න හම්බ වෙලා නැහැ තාම!
ReplyDeleteඒ කියන්නේ ඔය කියන කට්ටිය අනුන්ට ඇහුම්කන් දෙන්නෙත් නෑ. උදව් කරන්න කැමතිත් නෑ.
Deleteමේ කතාව නම් මටත් ආදර්ශයට ගන්න වටිනවා.. නොදැනුවත්ව හෝ එවන් දෙයක් නොවෙන්න ඉදිරියට වැඩ කරන්න හිතා ගත්තා. පෝස්ටුව තදටම හිතට වැදුණා. ඒත් සමහර තැන්වල අපි හැමෝම අසරණ වෙන වෙලාවල් තියෙන්න හැකියි.
ReplyDeleteමේ දේවල් සාපේක්ෂයි තමා.
Deleteඕක වෘත්තීමය තත්ත්වය එක්ක බලද්දි පොඩ්ඩක් වෙනස් වෙනවා සුදීක. දැන් ඔය දීලා තියන උදාහරණම සළකලා බැලුවොත්, ආයතනයේ තත්ත්වයත් එහෙමනම්.., ඒ බොසාලට වැඩේ කරලා දෙන්නත් බැරිනම්, හොඳම දේ තමන්වම උදාහරණයකට අරගෙන තත්ත්වය පැහැදිලි කරලා දෙන එකතමා.. ඕක හුඟක් තැන්වල වෙන දෙයක්..
ReplyDeleteසමහර අයනම් ඕනා එකටයි, එපා එකටයි හැම එකටම තමන්ගෙ කතාවම ඇදලා ගන්නවා.. එතකොටනම් අප්පිරියයි..
සමහරු ඉන්නවා, කිසිම දෙයක් කියන්න නොදී තමන්ගෙ කතාවම කියන උන්..එතනදි හුඟක් වෙලාවට අසාධාරණයට ලක්වෙන්නෙම හොඳ අසන්නොම තමා. මොකද උන් හැමදාම අනුන් කියන ඒවා අහන් ඉන්නවා, තමන්ගෙ දෙයක් කියන්න ගියත් අනිත් එකා මැද්දෙන් පැනලා කියන එක අහන් ඉන්න වෙනවා..
අපි ඕක මේ දවස්වල තදින්ම විඳිනව.. අලුත් බොසෙක් ආවා, මහ කැත පුරුද්දක් ඌට තියෙන්නෙ.. කිසිම කෙනෙකුට කතාකරන්න දෙන්නෙම නෑ.. උගෙ කතාවම ඇදලා ගන්නවා..ඒ මදිවට හැම වෙලේම අනිත් එකා කියන එක වැරදියි.. අපි A කිව්වොත් ඌ කියනවා ඒක A නෙමේ B කියලා.. එතකොටම අපිත් කිව්වොත් ඔව් ඔව් ඒක B තමා කියලා, මේදැන් ඒක B කියපු එකාම අහනවා කොහොමද ඒක B වෙන්නෙ ඒක A නෙ කියලා.. නිකන් හිතලා බලන්න ඔලුව තෝන්තු වෙන්නැද්ද කියලා ඔය වගේ මොන්ගල් චරිත එක්ක වැඩකරද්දි..
අපිටත් හිටියා ඔහොම ලොක්කෙක්. අපිව හපුතලේට යවන්න ඕනෙනම් අහනවා හපුතලේ ගිහින් තියෙනවද කියලා. උත්තරය ඔව් නම් "එහෙනම් දන්නා පලාතනේ ගිහින් එන්න" කියනවා. උත්තරය නෑ නම් "එහෙනම් බලාගන්නත් එක්ක යන්න" කියනවා
Delete//අපි A කිව්වොත් ඌ කියනවා ඒක A නෙමේ B කියලා.. එතකොටම අපිත් කිව්වොත් ඔව් ඔව් ඒක B තමා කියලා, මේදැන් ඒක B කියපු එකාම අහනවා කොහොමද ඒක B වෙන්නෙ ඒක A නෙ කියලා..//
Deleteමෙහෙම මිනිස්සු එක්ක නම් එපා වෙනවා තමයි.. මටත් මුණ ගැහිලා තියනවා. කොයි වෙලෙත් වාදේ..
අපි අපේ හිටිය ලොක්කෙක් නිසා අපිට ඕන ප්‍රශ්නේ ගන්න අනිත් අතට ගියා මතකයි.
Deleteමට හිතෙන්නෙත් අහුන්කන් දෙන එක තමයි හොඳ ඒත් දුක කියන කෙනා අපෙන් බලාපොරොත්තුවෙන දෙය දෙන්න තමයි මම හැමවිටම උත්සහාකරන්නෙ.
ReplyDeleteසමහරවිට අනුකම්පාව භූමිකම්පාව වෙන වෙලාවලුත් තියෙනවා.
Deleteඒකනම් ඇත්ත තමයි
Deleteඔන්න මාත් මේ පැත්තට ආවා. අත්දැකීම් ඕන කියපු නිසා අත්දැකීමක් කියන්න හිතුව. මගේ හොඳ මිතුරියක් හිටියා. පව් ඒ කෙල්ලට පුදුම ප්රශ්න ගොඩක් තිබුණේ. ඉතිං මාත් එක්ක එයාගෙ හැම දුකක්ම කියන්න පුරැදුවෙලා හිටියා. මාත් ඉතිං පුළුවන් විදිහට එයාට උදව් කළා. ඉතිං දවසක් එයා මහා දුක්ගැනවිල්ලක් කියාගෙන කියාගෙන ගියා. මාත් ඉතිං එයාට කියන්න ඇරලා සද්ද නිතුව අහගෙන හිටියා. එයා ඒ කතාව කියල ඉවර කරල මට කියනවා “මං මේක ඔයා කිව්වට වඩා හොඳයි බිත්තියකට කිව්වනං කියලා“. එහෙම වැඩත් වෙනව නේද? සුදීක.
ReplyDeleteඅහනවනම් උනන්දුවෙන් අහන්න ඕනේ. වටපිට බලන්න බෑ. ඈනුම් අරින්න බෑ. කියන කෙනාට ඒත්තු ගන්වන්න ඕනේ ඔයා කැමැත්තෙන්ම අහනවා කියල.
Delete\\\\ඔන්න තවත් අපේ සේවකයෙක් වැටිලා එයාගේ කකුල පෙරලිච්ච් කතාවක් කියනවා. ඒක අහගෙන ඉන්න කෙනා එයාගේ කකුල කැඩිච්ච එකක් කියනවා. ///
ReplyDeleteමෙතන තියෙන්නෙම සුදීක පැහැදිලිවම ප්‍රශ්නේ මග
අරින්න තියෙන උවමනාවනේ ..අනිත් මනුස්සගේ ප්‍රශ්නේ
අහන්න ඕනේ කියල අවංක චේතනාවක් තියේ නම් ඔහොම
හැසිරෙන්නේ නැහැ ..
මමත් ඔය ගැන හින්දු දේව කතාවක් එක්ක යන කතාවක්
විදිහට පෝස්ට් එකක් දාල ඇති ..පුළුවන් වෙලාවට ඒක බලන්න ..
නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ? Love of goddess..
ඉන්න කියවලා බලන්න.
Deleteඅපි හැමෝටම ප්‍රශ්න තියෙනවා... සමහර වෙලාවකට අපි ප්‍රශ්නයක් විසඳගන්න උත්සාහ දරමින් ඉන්නකොට තව කෙනෙක් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ගෙනැත් අපට දුක් ගැනවිලි කියනවා.
ReplyDeleteමම නම් ඒ වෙලාවට කරන්නේ ඒ මනුස්සයාගෙ හිත හදන එක.. ඒත් එක්කම අපට ඒත්තු යනවා අපට විතරක් නෙවෙයි ප්‍රශ්න තියෙන්නෙ කියලා. ඒ වගේම සමහර වෙලාවට අර මනුස්සයාට කරන උදව්වෙන් - හෝ ප්‍රශ්නය විසඳගන්න දෙන උපදෙස් වලින් අපටත් ඉබේම අපේ ප්‍රශ්නය විසඳගන්නත් උදව්වක් ලැබෙන්න පුළුවනි..
එදා හමු වෙලා දැන හඳුන ගන්න ලැබීම ගැන අප්‍රමාණ සංතෝෂයි.
අනිවාර්යෙන්ම.
Deleteඋපුටන්නේ නැතුව මම කියන්ඩ ආ එක කියන්න බැරි හන්දා හැරිලා යමී
ReplyDeleteප්‍රශ්ණ වලින් පලා යාම විසඳුම නොවේ.
Deleteඑක්කෝ ඔන්න ඔහේ කියන්නං , අර උඹ දවසක් කියුවේ ඔෆිස් එකේ ඉන්නවා කියලා මම වාගේ කතා කරලා ඉවර කරන්ඩ බැරිඑකෙක් .
ReplyDeleteඋඹ මේක මට ලියුවා වාගේ බං
මං හිතන්නේ ඔය ප්‍රකාශය කරපු දෙවෙනි වතාව.
Deleteහැබැයි මම හොඳ ඇහුන්කන් දෙන්නෙක්.
DeleteMama Gahunu lamai 2000 eka witara wada karana nisa oyage kramaya hodai kiyala hianawa. hadagana try ekak denam.
ReplyDeleteJayawewa.
අනිවාර්යෙන්ම උත්සාහ කරන්න.
Deleteඅනෙක් අයගේ දුක අහන එකත් ,ඒ අයට පුළු පුළුවන් විදිහට උදව උපකාර කරන එකත් කලයුතුමයි, ඒත් ලෝකයා විවිධයි,තමුන් එහෙම කළා කියලා තමන්ගේ දුකකදීත් අනිත් හැමෝම එහෙමම හැසිරෙයි,තමුන්ට උපකාර කරයි, තමුන්ගේ කතාව අහගෙන ඉඳියි කියලා හිතන්නවත්, බලාපොරොත්තුවෙන්නවත් එපා
ReplyDeleteමේක මමත් හොඳින්ම දන්නා දෙයක්. අපි උදව් කරන කෙනාගෙන්ම උදව් බලාපොරොතු වුනොත් ජීවිතය කඩාගෙන වැටෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. උදව් කරන්න ඕනේ කිසිවක් බලාපොරොත්තු නොවී.
Deleteඑක එක්කෙනාගෙ දුක් ගැනවිලි අහල සත් භාවයෙන් පිහිට වෙලා ගොඩ දැම්මට,සම හරක් ගොඩ ආවයින් පසු කන්න දීපු අත හපාකන අය නිසා විදවන අය නම් කොතෙකුත් ඇද්ද සුදික.
ReplyDeleteඇත්ත. මේ නිසා තමයි ගොඩක් අයට තව කෙනෙක් උදව් කරන්න ඉදිරිපත් නොවෙන්නේ.
Deleteමම නං පරිපාලනෙ පහලම තැන් ඉඳන් ඉහලම තැනට එනකලුත් දුක්ගන්නා රාල වෙලා හිටියා. අනුන්ගේ ප්‍රශ්න මගේ ප්‍රශ්න කරගත්තා. අදත් එහෙමයි.. මම මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක්.. ඒකයි..
ReplyDeleteඅපි දන්නා කෙනෙක් හරි මානව හිතවාදියෙක් වෙච්ච් එක ගැන ඇත්තටම සතුටු වෙනවා.
Deleteඒක නම් ඇත්ත තමයි. මාත් දැකල තියෙනවා එහෙම අය. අපේ ප්‍රස්නයක් කිව්වම අහගෙන ඉඳලා තව ඒ වගේ උදාහරනයක් දීල ඒක විහිලුවකට හරෝ ගන්නව.පිලිතුරක් බලාපොරොත්තුවෙන් ආවට අසරන වෙල යන්න වෙනවා.එහෙම කරන්නේ අවස්තාවාදී කමට. ඒ ප්‍රස්නෙට මැදි වෙලා උදව්වක් කරන්න වෙයි කියලා.
ReplyDeleteමට තියෙන ගැටලුව තමයි මේක හිතා මතා කරනවාද? නැතිනම යටිහිත මෙහෙයවලා ඉබේම වෙන දෙයක්ද ? කියලා.
Deleteහිතාමතාම තමයි!
Deleteමේ ගොන්නු මිනිස්සුන්ට අනිනවා මමත් ඕනි තරම් දැකලා තියනවා සුදීක. :)
ReplyDeleteඑහෙත් එහෙමද ?
Deleteමගේ දත ගලවන්න ආපු බාස් කෙනෙකුට මම ඔය වැඩේ කලා කියලා මම බ්ලොග් පෝස්ට් එකකත් දැම්මා පහුගියනිවාඩු කාලෙදි. බාස් කතා යටතේ.
ReplyDeleteඑහෙම දේවලුත් වෙනවා. අපේ අනුකම්පාවෙන් ප්‍රයෝජන ගන්න අයත් ගොඩක් ඉන්නවා.
Deleteයම් කෙනෙක් හිතේ තියෙන ගැටලුවක් තව කෙනෙකුට කියන්නෙ දරාගන්න නොහැකි වූවිට. ඒකට උත්තර අපට නැතිවෙන්න පුළුවන් ඒත් සවන්දීමයි හොඳම ප්‍රතිචාර දැක්විම වන්නේ.
ReplyDeleteඋනන්දුවෙන් සවන් දෙන්න ඕනේ. සමහරු ඒ අතරේ කෝල් එකක් ආවොත් ඒකට සම්බන්ධ වෙනවා.
Deleteබොහෝ විට මිනිසුන් කරන වැරැද්දක්.අද තමන්ගේ දුක කියන්න සුදුසුම කෙනා කවුද කියන එක හොයා ගන්න අමාරුයි.අනුකම්පාව පෙන්නලා කථාවත් අහගෙන තව කෙනෙකු සමඟ කියලා හිනා වෙන අය අද වැඩියි.ඇහුම්කන් දිම හොඳ පුරුද්දක්.
ReplyDeleteඇත්ත.
Delete