ඉතා දීර්ඝ පොස්ට් එකක් ලියමින් ඉන්න ගමන් මොන හේතුවකට හරි මගේ හිතට ආපු මේ කාරණය නම් යටපත් කර ගන්නම බෑ. වයර්, කම්බි, බැටරි, ටොර්ච් බල්බ් එක්ක කුඩා කාලයේ මම ගෙවපු ජීවිතය මතක් වුනාම මටම හිනා යනවා. මම පුදුම ආසාවකින් තමයි පාට පාට වයර් කෑලි එකතු කලේ. ඉස්සර අපේ ගෙදරට කවුරු හරි අන්කල් කෙනෙක් ආවොත් මම අහන ප්‍රශ්ණයක් තිබුනා
"අංකල් මට පොඩි වයර් කෑලි ටිකක් හොයල දෙන්න බැරිද?"
මේ ප්‍රශ්ණය දිව මතුරක් වගේ මගෙ කට කෙලවර තිබුනා. මේ ආසාව මට තිබුනේ මම පාසල් අධ්‍යාපනය පටන් ගත්ත කාලෙම වගේ. ඒ දවස් වල මගේ කුඩා කල අතිජාත මිතුරා මිල්රෝයි එක්ක එක එක තැන් වල ඇවිදලා මේ වගේ වයර් කෑලි ගෙදර ගෙනල්ලා ගොඩ ගහනවා. අපි බෙන්තොට ටෙලිකමියුනිකෙෂන් එකට ගිහින් එතන ඉවත දාල තියෙන වයර් කෑලි එකතු කරගෙන එනවා. තොරන් ගහන තැන් වලිනුත් ඒ වගේම හම්බ වෙනවා. එක කාලයක් බෙන්තර ගඟ හාරන්න ආපු ක්‍රෙන් සවි කරන තැනිනුත් අපට වෛවර්ණ වයර් එකතු කර ගන්න පුළුවන් වුනා. මට වගේම මේ ඉලෙක්ට්‍රික් පිස්සුව ගහල තිබ්බ තව කෙනෙක් හිටියා. ඒ අපේ නැන්දගේ බාල පුතා වෙච්ච සුනිල් අයියට. අපි දෙන්න දවසක් අපේ තාත්තලාගේ වෙඩිං ෆොටෝ එකේ තිබ්බ වයර් එකත් ගලව ගත්තා ඒකට වෙන නූලක් එල්ලලා. මම මෙහෙම කරගෙන යනකොට ඒ කාලේ අපේ ගෙවල් වලට ආගිය අය කියල තියෙනව කවදා හරි ඉංජිනේරුවෙක් වෙයි කියලා. සුනිල් අයියනම් දැන් වැඩ කරන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ.
dreamstime.com |
අපට ඒ කාලේ මේවා හොයාගෙන තැන් තැන් වල යන්න සිද්ද වුනේ දැන් වගෙ ඉස්සර ඒවා සුලබ නැති නිසා. මේව හොයන්න හවස් වරුවේ එහේ මෙහේ ගිහින් දෙමව්පියන්ගෙන් ගුටි කාපු අවස්ථාත් අනන්තයි. ඉස්සර අපිට ඉස්කෝලේ බිස්කට් දෙනව. මට හිතෙන්නේ එක්කෙනෙකුට දහයක් දෙනවා. මම මට හම්බ වෙන බිස්කට් වලින් 5ක් කාලා අනිත් 5 ගෙදර අරගෙන යනවා මගේ නංගිලා මල්ලිලාට දෙන්න. ඒ බිස්කට් පුදුමාකාර රසයි. ඇදිහැස කියල තමයි පෙට්ටි වල ගහල තියෙන්නේ. ඇමරිකාවේ ආධාරයක් විදියට තමයි ඒවා ලැබුනේ. ඒ කාලේ ජේ.ආර්. පප්පගේ ආන්ඩුව නෙව තිබුනේ. ඉතිං වයර් අස්සෙන් ආපු බිස්කට් කතාව මොකක්ද කියල දැන් ඔයාලට හිතෙනවා ඇති. අපේ ප්‍රයිමරි කොටස ඉස්සර වෙනම තිබුනේ. ටිකක් ඈතින් තමයි ඉහල පංති තියෙන ඉස්කෝලේ තිබ්බේ. ලොකු පංතිවල අයියලා එක-එක දේවල අරගෙන එනවා ඒවා අපට දීලා බිස්කට් වලට හුවමාරු කර ගන්න. අපේ ඉස්කෝලේ වටේට ගහල තිබ්බ කම්බි වැට අයිනට තමයි එගොල්ලෝ එන්නේ. දවසක් අර වගේ ලස්සන වයර් කෑලි දහයකට මම බිස්කට් පහක් දුන්නා.(මේක තමයි මම කරපු පලවෙනි ගනුදෙනුව කිව්වොත් නිවැරදියි. ) මගේ අතින් බිස්කට් ටික අරගත්ත අයියා වයර් ටික නොදීම පැනල දිව්ව. මම හිතන්නේ මම අඬාගෙන ගියා අම්මගේ පන්තියට. ඒ සිද්දියෙන් නම් මම පුදුමාකාර කලකිරීමක් ඇති වුනේ. අපි කරපු වැඩේ තමයි මේ වයර් ගෙනල්ලා, දෙමව්පියන්ට කරදර කරලා හරි නැත්නම් ටොර්ච් එකේ තියෙන බල්බ් එක හරි අරගෙන මේව පරිපථ විදියට තියල දල්වන එක. බැටරි සපය ගන්න ඒ කාලේ හරිම පහසුයි. ටොර්ච්, රේඩියෝ වගේ දේවල ඒ කාලේ හැම ගෙදරකම වගේ තියෙනවා.
අපේ ගෙදර ඉඳලා ගාළු පරට මීටර් 300ක් විතර තියෙනව. බොහොම අමාරුවෙන් තමයි ඒ පැත්තේ යන්න අවස්ථාවක් හදා ගන්නේ. එක දවසක් හවස් වරුවේ මම ගාළු පාරට ගියා ගියහම දැක්ක ටෙලිෆෝන් කණුවක් යට තියෙන කම්බි(තඹ කම්බි දෙකක් කෙලින්ම කණු වල ඇදලා තමයි ඒ කාලේ ටෙලිෆෝන් දීල තිබුනේ). මම හිටියේ කොතනද කියලා මට අමතක වුනා. කෙලින දුවල ගියා. ඇදලා ගත්තා. පාරෙන් පැන්නා.බිම දාගෙනම ඇදගෙන දිව්ව. කෙලින්ම ගෙදර. ගෙදර ගියා විතරයි එකම ගිනි විජ්ජුම්බරයයි. අම්මයි තාත්තයි පටන් ගත්ත දේශනාව
colourbox.com |
"කොහේ තිබිලද ඕක ඇදගෙන ආවේ"
"ගාළු පාරේ"
"ඔයාටනම් පිස්සු. බැරි වෙලාවත් ඕක කරන්ට් තියෙන එකක් වුනා නම් මොකද වෙන්නේ දන්නවද ?"
"මේක ටෙලිෆෝන් වයර් එකක්. පාරේ වම් පැත්තේ කරන්ට් වයර් තියෙන්නේ. අනිත් පැත්තේනේ ටෙලෙෆෝන් වයර් තියෙන්නේ" [ මේ කාලේ මට වයස හතක් අටක් වුනත් දවස පුරාම පාර අයිනට වෙලා උඩ බලාගෙන ඉඳලම මම දන්නවා ටිකක් මහත කම්බියක් තියෙන සුදු (ඇළුමිනියම් ) වයර් එක තමයි කරන්ට් තියෙන එක කියලා. ]
"ඔයා කොහොමද දන්නේ මේකෙ කරන්ට් නෑ කියල"
"ඉතිං නැති නිසානේ මම අරගෙන ආවෙ"
"වහ ගන්නව කට. තව මෙතන එකට එක කියන්නත් එනව. ඕවා රජයේ දේපල. කාටවත් අයිතියක් නෑ ඒව ගන්න. අපි රජයේ සේවකයො. අපිට රස්සාත් නැති වෙයි කවුරු හරි පෙස්සමක් ගැහුවොත්. ඕක ගිහින් දානව තිබුන තැනටම"
"මට නම් කියන්න එපා මේක ගෙනියන්න කියලා. මම නම් ගෙනියන්නෑ. මට ආස හින්දයි මම අරන් ආවේ"
මම අඬන්න පටන් ගත්තා. ඉතිං පස්සේ ඒක ගෙනිහින් දැම්මෙත් නෑ. මට බැන්නට මොකද පස්සේ ඒකෙන් කෑලි අරන් තිබුනා එක එක වැඩ වලට. රෙදි වැලවල්, ගස් ගැටගහන්න, අරකට මේකට. පස්සේ මටම හිනා.
දැන් අපිට මේ වගේ වයර් කොයි තරම් තියෙනවද. අපේ දරුවෙකුට ඕන කිව්වොත්. cat5 (network) කේබල් මීටරයක් දෙකක් අරන් සුද්ද කරල දෙන්න පුලුවන්. ඒ කාලේ අපිට ඔන දේවල් අපිම සපයා ගත්ත. එවත් එක්කම අපේ නිර්මාණශීලීත්වයත් දියුණු වුනා. ඒත් දැන් ?
පස්සෙ කාලෙක මම තායිලන්තයට ගියාම දැක්කා මිනිස්සු මේවායින් ලස්සන නිර්මාණ කරනවා. මමත් අරන් ආවා මෝටර් සයිකලයක්.
thai-craft.net |
ප.ලි. : යම් හැකියාවක් තියෙන කෙනෙකුට ස්වයං රැකියාවක් පටන් ගන්නත් මේක හොඳයි.
අපි නම් පොඩිකාලේ වයර් හෙව්වේ වයර්බුලට් හදා ගන්න ඒවා අනිත් බුලට්වලට වඩා දුරත් යනවා රිදෙනවත් වැඩියි ...
ReplyDeleteෂහ් නියම බයික්කෙ. හැදුවෙ නැද්ද ඒවගේ මොකුත්?
ReplyDeleteඅයියලට වගේ එකක් නම් නෙමේ මට ඉස්සර තිබ්බේ රහස් පරීක්ෂක පිස්සුවක්.:)
ReplyDeleteමොනා වුනත් ඇත්තටම අයියලාගේ කාලේ නම් නියමයි.
@රොබින් උබ කියපු විදිහට අපිත් කලා ඉස්සර. පන්තිය දෙකට බෙදිල කාඩ්ඩබාඩ් බුලට් වලින් වෙඩි තියා ගන්නකොට සමහරු වයර් බුලට් හොරෙන් ගෙනෙල්ල තියනවා.
ReplyDeleteසර්කිට් පිස්සුව මටත් තිබ්බ. ඒ ගැන පෝස්ටුවක් කෝමත් දාන්න හිටියේ. අයිය ඉස්සර වෙලා.. :)
ජය !
මේ කමෙන්ට් කරන විදිහට වෙනස් කරානම් කෝමද?
ඇදිහැස බිස්කටි...ෂාහ් තාමත් මතකයි රස, මංචි එකේ උපත.
ReplyDeleteමටත් තිබුණ පුංචිකාලේ ඉලෙක්ට්‍රෝනික් පිස්සුවක්...එක එක සර්කිට් අත්හදා බලනවා.අම්මලා තාත්තලාගෙන්නම් ඉතින් බැණුම් තමයි.ඒත් අපේ නිර්මාණශීලීත්වය එයින් දියුණු වුනා
@ සෑම්
ReplyDeleteඅපි වයර් බුලට් තහනම්කළා පොදු එකගතාවයකට ඇවිල්ලා, ඊට පස්සේ අපි කලේ කාඩ්බෝඩ් බුලට් මැදට කම්බිය විතරක් දාලා බුලට් හදන එක එකත් හොද පවර්ෆුල් බුලට් එකක් කාටවත් අහු වෙන්නෙත් නැනේ ....
@රොබින් : අපි ඔය බුලට් වලට පාවිච්චි කරෙ කෝච්චි ටිකට් එක තුනට නවල, ආපහු දෙකට නවලා.
ReplyDelete@රාජ් : මටත් හිතිල තියෙන්නේ මොනව හරි හදන්න.
@මඩිස්සලේ නිශාන් : //අයියලට වගේ එකක් නම් නෙමේ මට ඉස්සර තිබ්බේ // :D
@සෑමා: මේක තීම් එකේ අවුලක්. මට තාම හරියන එකක් අහු වුනේ නෑ.
@ ඇත්තටම මංචි එකේද ඇදිහැස හැදුවේ.
මං නං ගෙවල් ගාව රෙකෝඩ් බාර් එකෙන් ගන්නවා වයර්~! LED පත්තු කරන්න ගන්න ප්ඩිම වයර් එක යාරයක් රුපියල් දෙකයිද ක්හෙද ඒ කාලේ!
ReplyDelete@Sabith : ඔයා දන්නවනේ බෙන්තර ඉන්න අපි අළුත්ගමට එන්න ඕනේ බව සල්ලි වලට ගන්න නම්.
ReplyDeleteමම නම් කැඩෙන ගත්තේ වයර්..
ReplyDeleteවයර් යාරයක් රුපියල් 2 යි. තව C828 ක් රුපියල් 2යි,
ම්ම්ම්,, D4ooක් රුපියල් නවයක් උනා මතකයි.
නමුත් ඒ දවස වල රුපියල් දෙකක් කියන්නේ දැනෙන ගානක්.
මට මතකයි මං ඉස්කෝලේ ඇරිලා යද්දී තාර දන්නා ටයර් පුච්චලා තියෙද්දී ඒවායේ ඉතුරු වෙන කම්බි ටික රෝල විදියට තියෙන්නේ මම එක ගෙදර අරන් යනවා. එත කරපු දෙයක් නම් නෑ..
ReplyDeleteරබර් බෑන්ඩ් ඒකෙන් වයර් කම්බි නවලා වත්තට එන බල්ලොන්ට විද්දා ඉස්කෝලේ විද්දේ නැහැ ටිකක් සර වැඩි ඒක..
@දූපත් වැසියා : වඩා හොද කඩෙන් ගන්න එකද හොයා ගන්න එකද ?
ReplyDelete@අසරණයා : ඔයාගේ කම්බි කතාව කිව්වම මට මතක් වුනේ පිටි ටින් වලට පස් පුරවලා, ඇතුලෙන් කම්ම්බියක් දාලා ඒ කාලේ අපි හදපු ගල රෝල්.
මටත් අතීතයට ගියා මේක බලනකොට. මමත් මේ වගේම වයර් වලට අසා කලා.
ReplyDelete@ දූපත් වැසියා, දැනුත් D400 ක් රුපියල් 8 ක් නේද ?