මෙහි පළමුවෙන්ම සඳහන් කිරීමට බලපොරොත්තු වන්නේ මා කුඩා කාලයේ මුහුණ දුන් අත්දැකීමක්. මේක වෙද්දි මගේ වයස අවුරුදු 9ක් විතර ඇති. ඒ කාලයේ මගේ ලෝකයේ වීරයා වෙලා හිටියෙ ජයසේන බාප්පා. ඒ දවස් වල බාප්පා වැඩ කරේ සංචරක මණ්ඩලයේ පොම්ප ඔපරේටර් කෙනෙක් විදියට. මුලු බෙන්තොට සංචරක ප්‍රදේශයටම ජලය සපයපු යෝධ වතුර ටැංකියට ජලය පොම්ප කරපු එන්ජින් කාමරය තිබුණේ වතුර ටැංකියේ පහළ මාලයේ අඳුරු කාමරයක. මම නිවාඩු දවස් වල හවසට බාප්පලගෙ ගෙදර යන්න පුරුදු වෙලා හිටිය. එහේ ගිය වෙලාවේ ඉඳන් බාප්ප්ගෙ පස්සෙන් යන එක මගේ සිරිතක් වෙලා තිබුණා. එහෙම ගිය දවසක බාප්පා නාන්න යද්දී මාවත් එක්කරගෙන ගියා. එක්කන් නොගියත් මම යනවා පස්සෙන්. නාන්න යන ලිඳට යන පාර තිබුණේ අර කියපු ටැංකියට ළඟින්. එහෙම යන අතරෙදි එන්ජින් කාමරයේ යතුර අරන් ඇවිත් ඒක ඇරලා ඇතුළට බාප්පා යද්දි මමත් රිංගුවා. ආයෙත් අහන්න දෙයක් නෑනෙ. ඒ වුණාට මම ටිකක් බයෙන් ගියේ. බාප්පා සැර නිසා. එන්ජින් කාමරයට ගියාම මට පිස්සු හැදුනා. ඒ වගේ තැනක් මම ජීවිතේට දැකලා නෑ. එතන මෝටරය නද දීගෙන කැරකෙනව. එහෙන් දැති රෝද මෙහෙන් දැති රෝද, බෙල්ට්, අර පැත්තට, මේ පැත්තට කැරෙකෙනවා. මම කට ඇරගෙන උඩ බලාගෙන හිටියේ. ඔහොම ටිකක් වෙලා බලාගෙන ඉඳලා මම බාප්ප කොහෙද කියල බැලුවා. මුලු කාමරයම කළුවරයි. බාප්ප පෙන්නත් නෑ. බාප්පේ..., බාප්පේ..., මම පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුව. දොරත් වහලා. බාප්පා මට විහිළුවක් වත් කරනවාද? මට ඇඬුණේඉබේටම. මම දොරට ගහ-ගහ කෑ ගැහුවා. දැන් මගේ පපුව ගැහෙන සද්දේ මෝටර් වල සද්දෙට වඩා වැඩියි.
"අනේ අම්මේ...!! "
මට ඉබෙටම කියැවුණා. අනේ අද දවසම මට මෙතැනද ඉන්න වෙන්නේ ? මට පුදුමාකාර බයක් ඇති වුණා. ඔහොම තව විනාඩි 10 විතර ගත වුණා. ඒ ටික වෙලාව මට කල්පයකටත් වඩා දිගයි.
"ටකාස් ... "
ගාපු හඬින් ආව එලියට මගේ ඇස් නිලංකර වෙලා ගිය. බාප්ප ඇවිල්ලා.
"අනේ ... බාප්පේ.... "
මම අඬාගෙන ගිහින් බාප්පගේ ඇඟේ එල්ලුණා. මට ඒ වෙලාවේ දැනුණ සැනසීම ජීවිතේට දැනිලා නෑ.
"සුදු මහත්තයව මට අමතක වුණා. මගදි මතක් වෙලා ආවේ".
මම ඇද මේක අපේ පුංචි අම්මටයි එයාගේ ළමයින්ටයි පෙන්නුවා. එතකොට පුංචි අම්ම කිව්වේ "බාප්පා ගෙදර ආවහම, කෝ සුදු මහත්තයා කියල ඇහුව, එතකොට තමයි බාප්පට මතක් වුනේ" කියල.
ReplyDeleteමදෑ කොලා. ගෙදර අයත් ඇහුවෙ නැත්නම් හොද වෙලාවක් ඇතුලෙ හිරවෙලා ඉන්න තිබුනා. :)
ReplyDelete