අද උදේ මගේ Facebook මිතුරියක් වන ෂේනු තරංගා විජේතුංග, කුඩා දැරියකගේ ඡායරූපයක් එකතු කර පහත තිබෙන අදහස එයට එකතු කර තිබුණා. මීට පෙරත් ඇය මෙවැනි ඡයාරූප හා අදහස් බොහෝමයක් ඉදිරිපත් කර තිබුනත්, ආසන්න සිදුවීමක් හා සැසඳෙන නිසා මෙම සටහන තබන්න එය නිමිත්තක් කර ගත්තා.
මේ සිද්ධිය වුනේ නුගේගොඩ හංදියේ 163/176/183 බස් නැවතුමේදි, හරියටම කියනවානම් Shoe Limit කියන සපත්තු සාප්පුවේ එලිපත්තේ, ගිය ඉරිදා (15) හවස 5.30ත් 6.00ත් අතර.
මම උදේට Office යන්නෙ ගාලු පාරෙන් උනත් එනකොට එන්නේ 138 - මහරගම/කොට්ටාව/හෝමාගම බස් වලින්. මොකද ගාලු පාරේ මොරටුව/කොටුව බස් කොටන හින්දා. එතනිනුත් මම යන්නේ 176 බස් එකෙන්, ඒත් කලින් කියපු හේතුවමයි. අනිත් බස් දෙක කලුබෝවිල රෝහල ලඟ නතර කරලා ලෙඩ්ඩු බලන්න ගිය අය ආපහු එනකං බලං ඉන්න නිසා. මෙහෙම ඉන්නකොට මගේ පාසල් මිතුරෙක් මුන ගැහුනා. ඌත් එක්ක පැය භාගයක් විතර ආගිය කථා කරා. මේ අතරෙ ඕනෑ තරම් බස් ගියත් අවුරුදු 15කට විතර පස්සේ මුණ ගැහුනු අපි දෙන්නට කථා කරන්න ඇති තරම් මාතෘකා තිබුනා. ගුණයා ඒ කියන්නේ මගේ යාලුවා පිටත් උනාට පස්සේ 176ක් එනකම් මම තව ටිකක් රස්තියදු උනා.
මෙහෙම ඉන්නකොට A/L class ගිය ගැණු ළමයි තුන් දෙනෙක් මාව පහු කරලා මීටර් 2-3 ඈතින් නතර වෙලා කතා කර කර හිටියා. එය එතරම් විශේෂිත කරුණක් නොවුනත් ඔවුන් කෙලිදෙලෙන් විහිලු-තහලු කරමින් උන්නා. තුන් දෙනාම එක සයිස්. එතරම් පියකරු යුවතියන් නොවෙන බව පෙනුනා. අනිවාර්යෙන්ම උසස් පෙල පටන් ගත්ත ගමන් අය වෙන්න ඕනෙ. එතරම් මේරූ පාටක් පෙන්න තිබ්බේ නෑ. එක ළමයෙක් කලුයි. අනිත් දෙන්නා තළෙලුයි. තුන්දෙනාම සාමාන්‍ය පවුල් වල අය කියන්න පුලුවන්. ටික වෙලාවකිනි ඉතා කලබලයෙන ආපු තරුණයො දෙන්නෙක් මෙතන නතර උනා. එක් කෙනෙක් පැත්තකට වෙලා හිටියා. අනිත් එකා අර ගෑණු ළමයි තුන් දෙනාගෙන් කලු කෙනාව පොඩ්ඩක් පැත්තකට කරගෙන හොන්දටම බැනගෙන-බැනගෙන ගිය. ඔහු කියපු වචන හරියටම මට පැහැදිලිව ඇහුනේ නැති උනාට, "තමුසෙට කවුද?","තමුසේ දන්නවාද?",එන්නෙපා මාත් එක්ක සෙල්ලම් කරන්න" වගේ වචන කන්ඩ වඩ-වඩාත් ඉස්මතු වී ඇසුනා. මෙ කොල්ල දැක්ක පමනට යමක්-කමක් තියෙන ගෙදරක නාස්තිකාර පුත්‍රයෙක් බව පේනව. සාමන්‍යෙන් වයස අවුරුදු 17-18ක් උනත් ඉන 36ක්ට වඩා වැඩි මිසක් අඩු බවක් පෙන්නෙ නෑ. තරබාරු උදරය නෙරා ආ(මේකත් style එකක් ), අඩි 5 අඟල් 6 කට වඩා උස, රැවුල පිලිවෙලකට කපා නැති, කොන්ඩේ කපුටු කූඩුවක් සිහි ගන්වන(මෙය style එකකි ). කොල පාට T-shirt එකක්(body fit) ඇඳගෙන හිටියා. දැකපු කෙනෙකුට කිසිම පැහෑදීමක් ඇතිවෙන පෙනුමක් නෙවෙයි ඔහුට තිබුනේ.
දැන් අර කෙල්ලගෙ කම්මුල් දෙකෙන් කඳුලු ගලාගෙන යනවා. මගේ ඇඟේ ලේ රත් වේගෙන ආවා. මට උන්-හිටි තැන් අමතක වෙන්න නොදී මාව පාළනය කර ගත්තේ බොහොම අමාරුවෙන්. මමත් දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. මම මෙතනට මැදිහත් වෙනවාද නැත්ද? යන දෙගිඩියාව මගෙ හිතෙ දෝංකාර දුන්න.
මම ඉතා අමාරුවෙන් හිත හදා ගත්තා,
"අනේ දුවේ මට සමා වෙයං" මම හිතින් කියා ගත්තා. මේ වගෙ case එකකට මැදිහත් වෙන්නත් බෑ. ඒ කොල්ලාට ඇය පිලිබඳ අයිතියක් නැති බව පැහැදිලියි. ඒත් මට තියෙන අයිතිය මොකක්ද ? මම මැදිහත් උනානම් ඌ මගෙන් අහයි "තමුසෙ කවුද ?" කියලා. මම දෙන උත්තරය මොකක්ද? ඒ චබ්බට දෙකක් අනින්න මගේ කාය ශක්තිය ඉතාම ප්‍රමාණවත්. ඒත් මාගේ සුරතල් දියනියත් මේ වෙලාවේ මගේ හිතට ආවා. "මම බිය ගුල්ලෙක්" යයි ඔබට සිතෙන්නට පුලුවන්. මේතන මගේ අක්කාගේ දුවරුන්ගෙන් කෙනෙක් හිටියනම් තත්වය වෙනස් වෙන්න තිබුනා. ක්ෂණයකින් එම ස්ථානයට අක්කාගෙ බාල දියණිය ආදේශ කලා. අර කොල්ලාගේ කමිසය කරකවා අල්ලගෙන "උඹ කවුද මිනිහෝ" කියලා අහන ගමන් උගේ හොම්බට අත මිටි කරලා ලේ හැලෙන්න අනිනව. මේ ටික මගේ හිතින් දැක්ක දෙයක් විතරයි. මම දිග සුසුම හෙලුවා. තව ටික වෙලාවකින් අර කොල්ල වේගයෙන් නුගේගොඩ ගුවන් පාලම දිශාවට ගමන් කලා. අහිංසක කලු කෙල්ලත් ඒ පස්සෙන් ගමන් කලා. අනිත් කෙල්ලො දෙන්නත් ඒ දිහාවටම ගියා. මම ආයෙත් කල්පනාවට වැටුනා.
"දෙමවුපියෝ හරිම හුරතලෙන්, එක මොහොතක් ඇහැ අහකට ගන්නැතුව, ෂේනු කියන්න වගෙ "සුරංගනාවක්" වගේ තමයි තම දරුවන් උස් මහත් කරන්නෙ(ඇත්තටම මේ දවස් වල මගෙ දියනියගේ ලොකයේ ඉන්නේ සුරංගනාවියන් විතරයි. හරිම සුන්දරයි. සමහරවිට ඇය සිහිනෙන් පවා සුරංගනාවියන් දකිනව. සිනාසෙනවා, අඬනව, උදයේදී මේ හීන ගැන මාත් සමග කථා කරනවා). දරුවෙකුට ලෙඩක්-දුකක් තියෙන වෙලාවට දෙමවුපියන්ගෙ උගුරෙන් පල්ලෙහට වතුර ටිකකට වඩා දෙයක් යන්නෙ නෑ. විවාහක සැමියෙක් තම බිරිඳට මෙහෙම කථා කලානම් කමක් නෑ කියන්න පුලුවන්. ඒත් boy friend කියන්නේ මහ ලොකු අයිතිවසිකමක්ද ?" අහිංසක කෙල්ලන්ට මෙහෙම සලකන්න උන්ට තියෙන අයිතිය මොකක්ද? ඔබත් boy friend කෙනෙක් නම් මේ ගැන සිතන්න. ඔබ ඇයට ආදරය කර ඇත්තේ අවුරුදු 2ක් නැත්නම් 3ක් වෙන්න පුලුවන්. ඒත් දෙමවු පියන්ගෙ ආදරය නොනවතින එකක්. හරියට උතුරලා වතුර ගලන ලිඳක් වගේ. ඇයට මෙ වෙනස දැනෙන්න දෙන්න එපා. තරුණ වයසේ ආදරය සාර්ථක වන්නේ බොහොම ටිකයි. ඉතිං ඇය මෙලෙස තාඩන-පීඩන වලට ලක් විය යුතුද ? හිතන්න. අද මෙලෙස පීඩවට පත් වෙන්නෙ කවුරු හරි වුනත්. හෙට ඔබගේ බාල සහෝදරිය මෙතන ඉන්න පුලුවන්. තව ටික කාලයකින් ඔබගේ දියණිය මෙතන ඉන්න පුලුවන්. එතනදී ඔබට එය දරා ගන්න පුලුවන්ද ?
කොල්ලන්ට කෙල්ලෝ සෙල්ලම් ෙබා්නික්කෝ.
ReplyDeleteමේ වගේ අත්දැකීම් ඔය කියන හරියෙම මමත් දැකල තියනව වගෙම මැදිහත් වෙලත් තියනව. නමුත් සමහර අමු මදාවි චරිතත් එක්ක හැප්පෙන්න වටාපිටාවෙ සපෝට් එක නැතුව බැහැ
ReplyDeleteකන්ඩා කෙළවරක ඉඳන් මගේ බ්ලොග් එක බලන පාටයි. ඔයාගේ කමෙන්ට් වලින් මම ලියපු දේවල් යලිත් කියවන්න මට අවස්ථාව ලැබෙනවා. බොහොම ස්තුතියි. මමත් කැමරා ෆෝන් එකකින් ලස්සන කෙල්ලෙක්ව ෆොටෝ ගන්න ගිය සීන් එකක් නවත්වන්න වැඩ කළා. හැබැයි මුළින් ඒ කෙල්ල මාව වැරදියට තේරුම් ගත්තා.
Deleteමුල ඉඳන් යනකොටනෙ ඕනම දේක රස තේරෙන්නෙ 👍
ReplyDeleteඅන්න ඔයාට තේරුණා වෙනස.
Delete