මගේ දියණියට මගේ ජාන වලින් පැමිණ ඇති එක පුරුද්දක් නම්, කලයුතු වැඩ අන්තිම මොහොත තෙක් කල් දැමීමයි. මේක මම වෙනමම ලියන්න හිටපු මාතෘකාවක්. මෙය වරදක් විදියට ලෝකය දකිනවා. අන්තිම මොහොතේ අන්තිම තප්පරයේ වැඩ කරන පුද්ගලයන්ට මම නම් බොහොම කැමතියි. සමහරු ඉන්නවා වැඩක් කරන්න ගියාම පැය ගණන් සැලසුම් කරලා අන්තිම මොහොතේත් වැඩ කරන. නමුත් මම, මගේ දියණිය සහ ලොව නමගිය බොහෝ දෙනෙක් කරන්නේ අන්තිම මොහොතේ ඉසිඹුවක් නැතිව වැඩ කිරීම. සමහරුන්ට මේක අමුතු වෙන්න පුළුවන්. නමුත් මෙහෙම මිනිසුන් ලෝකේ ඉන්නවා. ඒ වගේම මේක ලෝකයේ මතභේදයට තුඩු දුන් මාතෘකාවක්. මම ඒ ගැන ඊළඟ සටහන තබන්නම්.
මේ අන්තිම මොහොතේ වැඩ කිරීම මට ඔරොත්තු දුන්නත්, සමහර දෙමව්පියන්ට මේක මහා ඉසරදයක්. දවසක් ඉස්කෝලේ ගෘහ විද්‍යාවට අවශ්‍ය අඩුම-කුඩුම ඇය මට කිව්වේ අදාළ දිනයේ උදෑසන. ඉතින් මේ වගේ දේවල් වලට ආශා කරන පියෙක් ලැබීම ඇයගේ වාසනාව. මම ඒ දවසේ උදේ වරුව නිවාඩු දාලා ඇගේ ඉංග්‍රීඩියන්ට් හොයලා උදේ දහයට කලින් පාසලට ගෙනගොස් දුන්නා. ඒ අතරට තම්බන ලද කුකුළු මස් සහ බිත්තරද ඇතුලත්. මම ඒ වගේ අභියෝග වලට ආශා කළා. මගේ නිවාස තනන්නට බහිරව පූජාව තබන්න කලින් දිනයේ විශාල සංඛ්‍යාවක් වැඩ මම තනියම ඉටු කල බල පිළිගන්න මගේ සහෝදරිය මැලි වුණා. මේ වගේ කලබල අවස්ථා වල බොහොම සංයමයෙන් කටයුතු කරන්න මට පුළුවන්. ඒක මගේ රාජකාරියෙදීත් මා පෙන්වා තිබෙනවා. මගේ පම්පෝරිය එතනින් ඉවරයි.
මගේ දියණිය සුපුරුදු පරිදි පාසලෙන් ලබා දී තිබු දැනුවත් කිරීමේ පත්‍රිකාවක් (පිටු 5 ක පමණ) මගේ අත තැබුවේ රාත්‍රී අටට ආසන්නව. එහි සඳහන්ව තිබුණේ, සාමාන්‍ය පාසල් අධ්‍යාපනයට අමතරව සියළුම සිසුවියන් ක්‍රීඩාවක් කල යුතු බව. මා වැනි පියෙකුට එවැනි නිවේදනයක් තරම් සිත් ඇද ගන්න්නා වෙනත් දෙයක් නෑ. මගේ දියණියගෙන් ඇය ක්‍රීඩා කිරීමට කැමතිම ක්‍රීඩාව කුමක්දැයි ඇසුවහොත් "ෆුට්බෝල්" යනු ඇය මෑතක් වනතුරු ලබා දුන් පිළිතුරයි. නමුත් ශ්‍රී ලංකාවේ එය යථාර්ථයක් කර ගැනීමට අපහසු ඉලක්කයක්. ක්‍රීඩාවක් කෙනෙකු සමග බද්ධ වන්නට් බොහෝ කරුණු හේතු වුවත්, ඔබ ක්‍රීඩාවක් තෝරා ගන්නවානම් දෙවරක් සිතිය යුතු කාරණාවක් වන්නේ, අවුරුදු 50 දීත් ඔබට ඒ ක්‍රීඩාව කල හැකිද යන්නයි. උදාහරණයකට මා වැඩියෙන්ම ඇලුම් කරන ක්‍රිකට් ක්‍රීඩාව එහි මූලික ස්වභාවයෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු ලෙස ක්‍රීඩා කල නොහැකියි. නමුත් අපි මාතෘකාව දෙස නැවතත් සිත යොමු කළහොත් මගේ දියණිය කලයුතු ක්‍රීඩාව කුමක්ද ?
එය මා පිළිතුරු දිය යුතු පැනයක් යයි මා කිසිවටකත් සිතන්නේ නැත. එයට පිළිතුරු ලබාදිය යුත්තේ මගේ දියණියයි. දෙමාපියන්ගේ කැමැත්ත අනුව එය සිදු විය යුතුද ? මගේ විශ්වාසය නැත යන්නයි. ක්‍රීඩාවක් වැනි දෙයකදී කෙනෙකුගේ කැමැත්ත අවාසාන ඉලක්ක කරා ඔවුන් රැගෙන යන බලවේගය වශයෙන් ක්‍රියා කරන බැවින්, එහි තේරීමද අදාල පුද්ගලයා විසින් සිදු කල යුතුය, යන්න මගේ විශ්වාසයයි. නමුත් වයස 10 කට ආසන්න මගේ දියණිය මේ පැනය මා වෙත යොමු කලේ මා මවිතයට පත් කරමින්. එහෙත් එහි සඳහන් සියලු ක්‍රීඩා ඇයට කල නොහැක. හේතුව සවස් කාලයේ ඇති අමතර පන්ති මග හැරෙන නිසාය. නමුත් මා වැනි පියෙක් එය කල යුතුද ? මගේ සිත නැවත දෙගිඩියාවක පැටලිණි. වරක් පිහිනුම් සඳහා ඈ යොමුකලද එහිදී ඇයගේ නළලට සිදු වූ තුවලායේදී පාසල හැසිරුණු ආකාරය පිළිකුල් සහගතය, නමුත් ඇගේ පන්ති භාර ගුරුවරිය ඒ වෙනුවෙන් කල කැපවීම අගය කලයුතුය. එය වෙනමම බ්ලොග් සටහනක් තැබිය යුතු කතාවකි.
පිටු කිහිපයකින් සමන්විත පත්‍රිකාව කියවා ඇය සඳහා සුදුසුම ටේබල් ටෙනිස් බව වටහා ගතිමි. අනෙක් සියළුම ක්‍රීඩා එක්කෝ අධික ලෙස කය වෙහෙසන ඒවාය, නැතහොත් මොලය වෙහෙසන ඒවාය. ඒ දෙක අතරමැද තබන්නට හැක්කේ පිං-පොං නොහොත් ටේබල් ටෙනිස්ය. එමගින් කය මෙන්ම මනසද එකලෙස වෙහෙසවයි. මා ඇයගෙන් කැමැත්ත විමසා සිටියෙමි. අවසානයේ අප දෙදෙනාටම එකට ගතහැකි තීරණය වුයේ ටේබල් ටෙනිස්ය. නමුත් එමගින්ද ඇගේ ටියුෂන් පන්තියක් මග හැරේ. නමුත් ක්‍රීඩාව පුද්ගලයෙකුට අත්‍යාවශ්‍ය අංගයක් බව මා ඉතසිතින් පිලිගනිමි. මේ පත්‍රිකාව මා පුරවන්නේ, ඉතා කැමැත්තෙනි. නමුත් ඉදිරියේදී ඇය මෙම ක්‍රීඩාව වෙනස් කිරීමට ඉල්ලා සිටියොත් ඒ සඳහාද, නොපැකිලිව ඇයට අවස්ථාව ලබා දෙන්නෙමි. තවමත් තමන් ගැන තනිව තීන්දුවක් ගත හැකි වයසක ඇය නැති බව මගේ විශ්වාසයයි.
අප කුඩා කල අපට එක ක්‍රීඩාවක් තිබුණේ නැත. අහු වූ දේ කල ළමා කාලයක් අපට තිබුණි. ක්‍රිකට්, පාපන්දු, අත්පන්දු, එල්ලේ, කැරම්, දාම්, පමණක් නොව චක්ගුඩු, හොරා පොලිස්, වල කල්ලි, ටින් කැඩීම ඉන් කොටසකි. එකල අපේ ක්‍රීඩා වරු ගණන් පැවතිනි. හොරා පොලිස් වැනි ක්‍රීඩා නිවාඩු කාල වල දවස් ගණන් දිගට පැවතිනි. අවුරුදු කාලයට කැට ගැසීම, පංචි දැමීම අපගේ ප්‍රධාන විනොදාන්ශයන්ය. මැරතන්, සහ බයිසිකල් රේස්ද අමතක කල නොහැක. පසුකාලීනව බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් සහ ටෙනිස්, රගර්ද අත්හදා බලන්නට අවස්ථාව ලැබුණි. නමුත් මා දිගු කාලීනව කරන්නට තෝරා ගත් ක්‍රිකට් ක්‍රීඩාව මට වයස පනහා ඉක්ම යන මොහොතේදී කල නොහැක. දැන් මා වෙනත් ක්‍රීඩාවක් කෙරේ සිත යොමු කලයුතු කාලය එළැඹෙමින් පවතී. වරෙක ටෙනිස් ක්‍රීඩා කලයුතු යැයි මා විශ්වාස කලද, එයට හොඳ ශාරීරික යෝග්‍යතාවක් අවශ්‍ය බව නොකිවමනාය. ඒ සඳහා ඇවිදීම හෝ දිවීම කල යුතු වේ. බිලියඩ් වැනි ක්‍රීඩාවක් අප වැනි කය වෙහෙසා ක්‍රීඩා කිරීමට පුරුදුව හුන් කෙනෙකුට ගැලපෙන ඒවා නොවේ. අවසානයේ අතීරණයක පසු වන්නේ මගේ දියණිය නොව මා බව පසක් වී මට ආත්ම අනුකම්පාවක් ඇතිවේ.
නමුත් මෑතකදී දෙහිවල නගරයේ අත හැර දැමු කාර් සේල් පලක ගැටව් කිහිපදෙනකු ෆුට්සාල් (Indoor Football) ක්‍රීඩා කරනු දැක මා තුල ඇති මැරඩෝනා එලියට එන්නට සැරසිණි. නමුත් ගෘහස්ථ ක්‍රීඩා මට නොගැලපෙන බව මා පසක් කොටගෙන දැන් සෑහෙන කාලයකි. ඒ එවැනි ස්ථාන වල ඇති අඩු ඔක්සිජන් මට්ටම මට ඔරොත්තු නොදෙන නිසාය. ඇත්තටම මා කැමති එළිමහනේ කෙරෙන ක්‍රීඩාවකටය. මා කුමක් තෝරා ගත යුතුද ? දැනට මා බයිසිකල් පැදීම සහ ඇවිදීම විනෝදාංශ කොට ගෙන ඇත්තෙමි. නමුත් වැසි දිනවලදී මේවා අඩාල වේ. දැනට නූලක එල්ලන ලද පන්දුවකට පහර දීම අතුරු විනෝදාංශය කොට ගෙන ඇත්තෙමි. නමුත් ඒවා දිගුකාලීන නොවේ.
පින්තූරය ගත්තේ : |
රති කෙලිය වඩා ප්‍රියතම ක්‍රීඩා තිබේද?
ReplyDeleteඅනේ මන්දා ? ඒ වුණාට පොඩි එවුන්ට ඕවා කරවන්න බෑනේ.
Deleteමේ ලිපියේ ලොකු අය සඳහා ක්‍රීඩා කතා කරපු නිසා තමයි ඔය ක්‍රීඩාව ගැන ලියුවේ. වැඩිහිටියෙකුට දිනපතා ඔය ක්‍රීඩාව කරනවා නම් දිනපතා ජෝගින් යන්න ඕන නැහැ හොඳ මානසික මෙන්ම ශාරීරික සවුක්‍යකින් ඉන්න පුළුවන්.
Deleteපොඩි උන්ට දැන් පාසල් වල ක්‍රීඩා කරවන්නේ බලෙන් වගේ. අනිවාර්යෙන් මොනවා හරි කරන්න ඕන කියලා. නමුත් සිදුකල යුත්තේ හැමෝටම ඔක්කොම පුරුදු කර වැඩියෙන් දක්ෂතා පෙන්වන අංශයට යොමු කිරීමයි. උදේ වරුවේ පාසල් අධ්‍යාපනයද හවසට ක්‍රීඩා හා වෙනත් අමතර අධ්‍යාපන දෙනවා නම් ළමා පරපුර අදට වඩා දැනුමෙන් මෙන්ම සවුක්යයෙන් ද ඉදිරියට එන බව මගේ අදහසයි.
පාසලේ හරියට උගන්වනවා නම් හවසට ක්‍රීඩා මිස ටියුෂන කුමටද? කොතරම් ටියුෂන ගියත් අද ගොඩක් ළමයි ගේ සාමාන්‍ය හා ප්‍රයෝගික දැනුම අන්තිමයි.
//මුත් සිදුකල යුත්තේ හැමෝටම ඔක්කොම පුරුදු කර වැඩියෙන් දක්ෂතා පෙන්වන අංශයට යොමු කිරීමයි.//
Deleteමේක තමයි වෙන්න ඕනේ. නමුත් අවාසනාවකට සියළු දේ යාන්ත්‍රිකව සිදු වෙන යුගයක් මේක.
මමත් අන්තිම මොහොතෙ වැඩ කරන එකෙක් හැබැයි හැමදාම ගෙදරින් බැනුම් අහන්න වෙනවා ඔය පුරුද්ද හන්දා.
ReplyDeleteක්‍රීඩාකරන්න මගෙ රටේ (ශ්‍රී ලංකාවේ ) තියන කාලය ගැන සෑහෙන්න අඩුයි . දැන් අපි ඉන්න රටේ (කැනඩාවේ) ලමයින්ට ක්‍රීඩාවට ලැබෙන ඉඩ සහ කාලය ගැන දැනෙනකොට ලංකාවේ ළමයින් ගැන දුකයි.
එහෙනං බලන්න මගේ ඊළඟ සටහන. ඒක නරක දෙයක් නොවෙයි කියලා එතකොට හිතෙයි. හැබැයි මේක වැරද්දක් විදියට දකින සමහරුත් ඉන්නවා. අපේ ළමා කාලයත් එක්ක ගත්තත් අපේ ළමයින්ට ක්‍රීඩා කරන්න ලැබෙන කාලය අඩුයි.
Deleteහි හි... අපේ අම්මටයි මටයිත්, ඊට අමතරව අම්මගෙ මල්ලිටයිත් අඩු නැතුව තියෙන කේස් එකක් තමයි ඕක... අන්තිමට මොහොතෙ පණ කඩාගෙන වැඩ කරන්නෙ.. කලින් ඉවර කරපු එකක් උනත් අන්තිම මොහොතෙ මොකක් හරි අඩුපාඩුවක් පෙනිල හදන්න වෙනව.... හි හි...
ReplyDeleteක්‍රීඩා ගැන නං කියන්න තියෙන්නෙ මම නං ටියුෂන් ක්ලාස් එකක් කට් කරලා ක්‍රීඩාවකට යන ළමයෙක්ව ග්‍රව්න්ඩ් කරන්නෙ නෑ... හේතුව මං හිතන්නෙ ටියුෂන් ක්ලාස් එක එපා වෙලා හින්දයි එයා එහෙම කරන්නෙ... ( පෞද්ගලිකව මං හරි කැමතියි ක්ලාස් වලට වඩා නටන්න දඟලන්න කැමති, සෙල්ලම් කරද්දි රණ්ඩු වෙලා අඬු කඩා ගෙන ගෙදර එන ළමයින්ට.. මොකද මම හෙන කම්මැලියෙක් හින්ද..)
මමත් බැඩ්මින්ටන් තෝරගත්තෙ ඒකට අමුතු කැමත්තක් හින්ද නෙවෙයි... එකක් මම උපතින්ම වතුර ඇලජික් එකෙක් හින්ද ස්විමිං බැරි කම.. ටේබල් ටෙනිස් මට හෙන කම්මැලියි... නෙට් බෝල් බාස්කට් බෝල් වොලි බෝල් කරන වැඩිහරියක් කෙල්ලො ඒව කළේ ෆැෂන් එකට.. කොට සායවල් එහෙම අඳින්න ඕනෙකමට.. කොල්ලො සෙට් කරගන්න ලේසි නිසා.. ඉස්කෝලෙ කට් කරන්න පුලුවන් නිසා... එහෙමත් නැත්තං එතකොටත් ඉස්කොලෙට හොඳ නමක් ඒ ක්‍රිඩා වලින් තිබ්බ නිසා... චෙස් කියන්නෙ මට නං ක්‍රීඩාවක් නෙවෙයි... ඉතිං ඉතුර උනේ බැඩ්මින්ටන් විතරයි...
පොඩි කාලේ මමත් කල්තියා සුදානම් වෙන පුරුද්ද තිබුණා. සමහර තැන් වලට පැයකට විතර කලින් යන්නේ. අපේ තාත්තා වුනත් එහෙමයි. එහෙම කරන්නේ ඉවසීම අඩු අය කියන එකයි මගේ විශ්වාසෙ. දැන් නම් අන්තිම මොහොතේ තමයි වැඩ. ඕක වුණේ ප්‍රථම ප්‍රේමයෙන් පස්සේ.
Deleteපාසැල් කාලයේ ටෙනිස් හොඳ ක්‍රීඩාවක්. ඒත් රෑ එලිවෙනකල් බලන්ට ආසා කරන්නේ ක්‍රිකට්. :D
ReplyDeleteමේ දවස් වල ඕස්ට්‍රේලියන් ඕපන් එක තියෙනවා නේද ? ඔයා ක්‍රිකට් වලට ආසයි ?
Deleteමාත් අන්තිම මොහොතේ වැඩ කරන්න කැමති කෙනෙක්. අන්තිම වෙලාවෙදි දැඩි මහන්සියෙන් වැඩක් කරල ආයෙ සුපුරුදු කම්මැලි කමට වැටෙන එක තරම් මනාප දෙයක් නෑ.
ReplyDeleteමමත්,ගොඩක් වේලාවට ඒ වගේ තමයි කරන්නේ.කොයි තරම් වැදගත් වැඩක් වුණත් අන්තිම මොහොත වෙනකම් ඉන්න පුරුදු වෙලා.අන්තිම මොහොතේ දත කට කලා වැඩේ කරලා ඊට පස්සේ ඔහේ ඉන්නවා.
Deleteසමහර අයට මේක පෙන්න බෑ. ඒ වුණාට ඕක ස්වභාවික තත්වයක්.
DeleteThat is called "Hockey Stick concept"
ReplyDeleteIs that so ?
Deleteමාත් වැඩේ කල්දදා ඉඳල අන්තිම මොහොතෙ ඉවර කරන ජාතියෙ කෙනෙක් තමයි. හැබැයි ඒකෙ රිස්ක් එකක් නැත්තෙම නැහැ.
ReplyDeleteඉස්සර කාලෙ ළමයින්ට ඕන වෙලාවක කැමති ක්‍රීඩාවක් කරන්න කාගෙන්වත් බාධාවක් නැතුව ඉඩ ලැබුනත් දැන් ඒකටත් සීමා දාන්න වෙලා තියෙන එකගැන කණගාටුයි.
ඔබ ඉතිං බ්ලොග් ලිවිල්ලත් කල් දාල නේ තියෙන්නේ. ඇත්තටම කියපන් බලන්න ඒකේ අන්තිම මොහොත කවදාද කියලා.
Deleteමමත් කැමති පොඩි මෙන්ඩියාව ස්විමින් වලට දාන්න ඒත් සදු මැරෙන්න හදනවා..පොඩ්ඩා වතුරට යවන්න එපා කියලා. මටයි නංගිටයි පොඩි කාලේ ඉදලා වැවේ එගොඩ මෙගෙඩ පිනන්න පුලුවන්.
ReplyDeleteපොඩි එවුන් වතුරට අවුල් නෑ කියන්න එයාට... අපේ මල්ලිව පූල් එකට දැම්මෙ ඉපදිල මාස 6න්... ස්පෝට් එකක් විදියටම නෙවෙයි, එයා අසනීපකාරය නිසා... අදටත් එයා ස්විමිං මීට් වලට එහෙම සහභාගී වෙනව... ( මට වතුර පෙන්නන්න බෑ... මම වතුරකට බහින්නෙ නෑ නංගියි මල්ලියි දෙන්න ළඟපාතක නැත්තං)
Deleteආන්න මෙන්ඩා …… නුවර වැව කියන්නෙ අපිට නිකං ගෙදර සාලෙ වාගෙ :D ඒකෙ ඉන්න තෙප්පිලින්ට කතා කරන්නෙත් මචං කියලා
Deleteස්තුතියි අක්කන්ඩි..අපි දෙන්නා අතර වචන හුවමාරැ වෙලා මුන දික් කරගන්නේ ඔය ප්‍රශ්නෙට..පොඩි මෙන්ඩියා මම මුදේ අත ඇරියාම පොර වතුර පෙවිලා උඩට එනවා (මම අත අල්ලගෙන සම්පුර්න ආරක්ෂාව සහ අධික්ෂනයෙන්) ඌ පොඩ්ඩක්වත් බය නෑ ඒ වුනාට එදාට අපි ගෙදර එන්නෙ මුන එල්ලගෙන.
Delete//තෙප්පිලින්ට කතා කරන්නෙත් මචං කියලා// අනේද කියන්නෙ, මචං කියල එක්කගෙන ගිහින් තාච්චියෙන් තියන්නෙ.
Delete//තාච්චියෙන් තියන්නෙ//
Deleteපිස්සුද මචං අපි එච්චර ශිෂ්ට නෑ..තෙප්පිලියා මැදදෙන් කොටුවක් ගැහැව්වා..ගිනි ගොඩේ දාලා පිච්චුවා..
බ්‍රෑන්ඩ් එක ගල්
@මෙන්ඩියා :පිහුනුම් වලට යවන එක හොඳයි. මුලින්ම ස්විමිං ගිහින් ඇවිත් අපේ පොඩි එකීම කිව්වා එයාලා කකුල් දෙක වතුරට දාලා හොල්ලන්න විතරයි දේනේ කියලා.
Delete@හිරූ : මමත් හොරෙන් හොරෙන් තමයි ගඟේ, මුහුදේ ගියේ. ගෙදරින් කරදරයි. පූල් වලට නම් මම කැමති නෑ. ඒවායේ තියෙන්නේ වතුර නෙවෙයි ඇසිඩ් තනිකර.
@පත්තරේ : පව් බන් තෙප්පිලි.
@කම්මල : තෙප්පිලි පස්සේ බඩේ ඉඳන් "මාව එලියට ගනිං මචං"
කියනවාලු.
@මේන්ඩියා : නරකද පොඩි මෙන්ඩිච්චිකුත් හැදුවොත් ? එතකොට වලි ෂේප් වෙයි.
Deleteසුදික අයියා මාව අමාරැවෙ දාන්න එපා
Deleteදැන් පාසල් වලින් ක්‍රීඩා කරන්න දෙන දිරි ගැන්වීම් බොහෝම සතුටුදායකයි.ඉස්සර පාසැල් වල ඔය වගේ තොරගන්න තරම් ක්‍රීඩා තිබ්බෙත් නැහැනේ
ReplyDeleteඅපේ කාලේ එහෙaම තිබුණානම් කියල හිතෙනවා. ඔව් දැන් සාපේක්ෂව කරන්න පුළුවන් ක්‍රීඩා ප්‍රමාණයත් වැඩියි. ඉස්සර අපේ තාත්තලා සෙල්ලම් කරලා මොනවද කරන්න පුළුවන් කියලා කෑ ගහනවා. ඒත් දැන් ඒ පැත්තෙන් තමයි හොඳම රැකියා ලැබෙන්නේ. කොටින්ම මටත් මගේ පලවෙනි ජොබ් එක ලැබුණේ පාපන්දු නිසා.
Deleteහෙඩිමට අනුව උත්තරය----- සූදුව
ReplyDeleteහැක්
දැන් ඒවාට ඉඩක් නෑ. ඒ ඉස්සර.
DeleteCricket
ReplyDeleteළඟදී මැච් තියෙනවා.
Deleteමම නම් අන්තිම මොහොතේ වැඩ නොකරන ගානයි. කලින් ටික ටික සැලසුම් කරලා, කල් ඇතුව ටික ටික කරලා අවසන් මොහොතේ කූල් එකේ අවස්ථාවට මුහුණදෙන එක තමයි පුද්ගලිකව කරන්නේ. නමුත් සමහර රාජකාරි වැඩනම් අන්තිම මොහොත දක්වා තීරණය නොගෙන ඉන්නේ වෙන මොකවත් හින්ද නෙවෙයි, බිස්නස් කියන්නේ මොහොතින් වෙනස් වෙන්න පුළුවන් දෙයක්.
ReplyDeleteකැමතිම ක්‍රීඩාව?? පොඩි කාලේ නම් මට තිබ්බේ ඔක්කොම මඩේ සෙල්ලම්. ඒ කියන්නේ සරුංගල් යැවිල්ල, එල්ලේ ගැහිල්ල, ටින් කැඩිල්ල ( පිට්ටු කියලා අපි නම් කියන්නේ) නමුත් ඉස්කෝලෙදි කරන්නේ තිබ්බේ වැදගත් ක්‍රීඩා නේ.. හි හි... කොහෙද !
මට නම් මම ආස සහ මගේ හැකියාව තියෙන ක්‍රීඩාව තෝරාගන්න කෙලින්ම ඔහොම දෙමවුපියෝ මැදිහත් උනේ නැහැ. මම කලේ ඉස්කෝලේ මට ආස හිතෙන ක්‍රීඩා වලට වරින්වර ගිහින් බැලුව. ඒ අතරේ ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන්, නෙට්බෝල්, බාස්කට් බෝල් තිබ්බ. පුරසාරම් විදියට මම කියන්නම් TT ඇරුණුකොට මම අනිත් හැම ක්‍රීඩාවකින්ම කණ්ඩායමට තේරුනත්... අන්තිමට මම මගේ ටැලන්ට් එක තිබ්බේ බැඩ්මින්ටන් වල බව තේරුම් ගත්ත. ( ඒ වෙනකොට මාස කීපයක් විතරයි ගතවුනේ) මගේ තේරීම අදටත් නිවැරදි කියල මට හිතෙන්නේ මම එහි යන්න පුළුවන් උපරිම තැනට ගිය නිසාත්, අදටත් ඕනෙම වෙලාවක ක්‍රීඩා කරන්න පුළුවන්කම තියෙන නිසාත්. කැම්පස් එකෙත් මම හොඳම ක්‍රීඩිකාව උනා අවුරුදු කීපයක්ම. මම මගේ ඒ ක්‍රීඩා මතකයන් ගැන පෝස්ටු කීපයක් ලිව්වා. තව ඉදිරියට ලියනවා ඉතිරි ටික.
ඒ අතරේ මට ක්‍රිකට් වලට ඉස්කෝලේ ආරාධනාවක් ලැබුනා මගේ ටයිමින් හොඳයි කියල. නමුත් ආසාව තිබ්බත් මගේ මුළු අවධානය තිබ්බේ බැඩ්මින්ටන් වලට නිසා මම ගියේ නැහැ කොතරම් බල කරත්.
අදටත් මම ආසා කරන , නමුත් ප්‍රගුණ කරන්න බැරිවුණ ක්‍රීඩාවක් තමයි Swimming කියන්නේ. පුදුම ආසාවක්. මම නම් හිතන්නේ කණ්ඩායමකට අයත් නොවුනත් ඕනෙම දරුවෙක්ට උචිත ( ජලයට අධික භීතිකාවක් ඇති අය ඇරුණුකොට) ක්‍රීඩාවක් තමයි swimming කියන්නේ. ඕනෙම වයසකදී විඳින්න පුළුවන් සෞඛ්‍යමත් පුරුද්දක්.
ඔහොම අවස්ථා ලැබෙන්නෙත් බොහොම ටික දෙනෙකුට. ඇත්තටම ස්විමිං හොඳයි. ඒත් පූල් වලට දාන ඇසිඩ් වලින් ඇස් වලටයි හමටයි වෙන හානිය. තවමත් පොඩි එකීගේ ඇඟේ පාරවල් තියෙනවා පිච්චුන. මේ අවුවට නෙවෙයි. පූල් වල තියෙන ඇසිඩ් වලට.
Deleteපුල් යවනකොට හොඳින් ඇඟ වැහෙන swimming suite එකක් අන්දවල යන්න. අපිටත් ඔය සෙතේම තමයි. වැඩියත්ම පොඩි අයගේ හම සංවේදී.
Deleteඒ වුණාට ඒ පාරවල් ටික දැක්කම පපුව දාලා යනවා. මාස ගණනකට යන්නේ නෑ.
DeleteSwimming තමයි මම හිතන්නෙ වයසට ගියත් සරීර ආබාද ඇති වෙන්නැතිව කරන්න පුළුවන් ක්‍රීඩාව.
ReplyDeleteමගෙ දුවට කැමති ක්‍රීඩාවක් කරන්න , ගොඩක් ක්‍රීඩා වල වලට යන්න දුන්න එයා swimming තෝරගෙන. මමත් කරපු ක්‍රීඩාව නිසා සමහර විට එයා කැමති ඇති . හැබැයි ඊයෙ තමයි පලවෙනි වතාවට ඉස්කෝලෙ ගියේ, තව ටික කාලෙකින් කැමැත්ත වෙනස් වෙයිද දන්නෙ නෑ.
කෙළි පැටියට බොක්කෙන්ම සුභ අනාගතයක් ( මහින්දගෙ එක නෙමෙයි ) පතනවා මචෝ !!!
Deleteපොඩි මෙන්ඩත් ගිය සතියේ ඉස්කෝලේට ඇතුල් වුනේ
Deleteස්තුතියි පත්තරේ, මෙන්ඩ මට මතකයි කොල්ල මොන්ටිසෝරියෙන් පාස් උනේ ගිය මාසෙනෙ.
Delete@කම්මල : ස්විමිං කරන්න ගිහින් ප්‍රශ්න ගොඩක් ඇති වුනා. දැන් යෝගා දිගටම කරනවා. ඒ වගේම ටේබල් ටෙනිස් අලුතෙන්.
Delete@පත්තරේ : බොහොම ස්තුතියි.
@මෙන්ඩා : පොඩි මෙන්ඩියා දැනුවත්, ක්‍රීඩාශීලී පුද්ගලයෙක් වේවා!!!
මට ඔය අන්තිම මොහොත වෙනකං ඉන්න එක සැරටම තියනවා බොස් .. ඒ තියා වැඩට යන්නත් එලියට බහින්නෙ අන්තිම තප්පරේ. නරකම දේ තමා ඊගාවට පාරෙ ඉගිලෙන්න වෙන එක..දෙපාරක්ම හොම්බෙනුත් ගියා..:D
ReplyDeleteඅපේ තාත්තා මට කීවා උඹ ජීවිතෙව්ටම වෙලාවට කරේ කසාදයක් බැන්ද එක විතරයිය කියල.. ඒකනං වෙලාවටත් කලිං දුවල පැනල අපූරුවට කරගත්තය කියලා. ඕ යේස් !!!!
පත්තරේගේ තාත්තාට මගේ ගෞරවනිය ආචාරය.
Deleteබැන්දා නොව , අල්ලලා බැන්දුවා විය යුතුය .
Deleteපත්තරේ උඹලගේ තාත්තා මොනව වුණත් ඇත්ත කියලා තියෙනවා.
Deleteවොලිබෝල් ක්‍රීඩාවත් නරකම නෑ... මගේ ප්‍රියතම ක්‍රීඩාව
ReplyDeleteඒ කාලේ නොකරපු ක්‍රීඩාවක් නෑ. අදටත් බැංකුවේ සමහර ක්‍රීඩකයින්ට වඩා හොඳට මට සර්ව් එක බ්රේක් කරන්න පුළුවන්. :)
Deleteකිව්වම මොකෑ මමත් වැඩ කොරන්නෙ නං අන්තිම මොහොතෙ......... ඒක නිසා බැණුම් අහපු වාර නම් අනන්තයි........... ඒත් වැඩේ කොරල ඇති...... ඒත් ඒක සමහරුන්ට එච්චර අල්ලන්නෙ නෑ........ ඒකට අපි මක්ක කොරන්නද නේ ඈ ඉඳගෙන...........
ReplyDeleteමොක උනත් ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම කැමති සහ කරපු ක්‍රීඩාව තමයි කිරිකැට්.................
ඊට අමතරව බැඩ්මින්ටන්, ෆුට් බෝල් ඒමත් ගැහුව........ ඒත් අන්තිමේදි කිරිකැට් කෝචර්ගෙන් බැනුම් අහල අනික් ක්‍රීඩා නවත්තන්න උනා...........
පක්ෂියා මොකද කියන්නේ, අපි ප්‍රමාද වෙලා වැඩ කරන අයගේ සංගමයක් හදමුද ?
Deleteහැම ක්‍රීඩාවම කරපු එකේ අගේ දැනෙන්නේ ළමයි ඉන්නකොට.
අන්න සෝක් අදහස ඒත් වැඩේ තියෙන්නෙ ඕකට එන අපි ඔක්කොම එන්නෙ අන්තිම මොහොතෙ අන්න ඒකට මක්කෙයි කරන්නෙ කියල කල්පනා කොරන්න ඕනිත් අන්තිම මොහෙතෙ ඈ ඉඳගෙන
DeleteSwimming tikak Duwata uganwanna,mokada ekath digatama karanna puluwanne.Anika Thathage mahagedara giyamath,natual pool ekakma thiyenawane,(Ranjan)
ReplyDeleteමේ මොනවද කියන්නේ මාස හතේදී අපේ ගමේ වැල්ලට එක්කන් ගිහිං ගොඩ අරං ආවේ බොහොම අමාරුවෙන්. කට වටේට විසි වෙන ලුණු වතුරත් ලෙවකකා ආවේ.
Deleteඅන්තිම වෙලාවේ වැඩ කරනවා කිව්වා ම මතක් වුනේ... මට විතරක් නෙමෙයි විශ්ව විද්‍යාල සමයේ හොයා ගත් අද මගේ බිරිදද ඔය රෝගය සහිත අය වෙමු..... වෙන ඒකක් තියා ෆයිනල් ඉවර් තීසිස් ඒක දෙන්න කියපු දවසේ හවස 4ට ගිහිං දීලා යංතං අැග බේරාගත්තා තාම මතකයි....
ReplyDeleteකරුමයට දැන් වසරක පමණ සිට මගේ රැකියාවේ අැති වූ වෙනසත් සමග දැන් නම් ඒ විනෝදාංශය මගෙන් ගිලිහෙමින් පවතී.... දුකයි... ඒත් මේ රස්සාවයි ඒකයි දෙකම කවදාවත් ඒකට කරන්නට බැරිය................
ඒ අතින් මගේ රැකියාව අන්තිම මොහත වෙනකන් වැඩ කිරිම අනිවාර්්‍ය කරලා..සමහර දවස් වලට කන්ටෙනර් එක යවලා ඩොකියුමන්ට් අරගෙන අපේ ක්ලාක් බයික් එකේ ඉගිල්ලෙනවා..
Deleteහි හි... සංජීව, ඔය ලෙඩේ ඔය ෆීල්ඩ් එකේ හැම එකාටම තියෙනව... මොකද සිස්ටම් එකේ හැටියට එහෙම නැතුව වැඩක් කරන්න බැරි වෙන තැනටම වැඩේ හරිගස්සලා තියෙන්නෙ කලින් හිටපු කට්ටිය....
Deleteමම කියන්නම් අපි සංගමයක් හදමු. එතකොට තේරෙයි ලෝක පූජිත අයත් ඉන්නවා මේ සීන් එකේ කියලා.
Deleteගල් බොන්නන්ගේ සංගමයේ කැදවුම් කරැ අද ලංකාවට එනවා.. අර බදින්න විතරක් වේලාවට ගිය ඒකා..ඌවම දාගමු කැදවුම්කරැ හැටියට.
Deleteහෙක්.... හෙක්... එහමම කරමු.
Deleteමොනවා හෝ ක්‍රීඩාවකට දරුවන් යොමුකිරීම හරිම වැදගත් සුදීක. නැත්නම් වෙන්නේ ඉස්කෝලේ පන්තිය ටියුෂන් පන්තිය කියන දෙකේ දරුවා මැඩවෙන එක විතරයි.
ReplyDeleteපොතේ දැණුම විතරක් තියන ළමයින්ට තමා ජය පරාජය සතුටින් බාරගන බැරි.
මගේ ළමා කාලය ගෙවුන විදිය ගැන මම අදටත් ශෝක වෙන්නේ නෑ, මට අධ්‍යාපනය පැත්තෙන් යන්න පුළුවන් උපරිම දුර ගියේ නැති එක පොඩි දුකක් වත් නෑ. අද ක්‍රීඩාව පැත්තෙන් මම ගිය දුර ගැන හිතනකොට.
Deleteඔබේ බ්ලොග් කලා ශයිලිය හරිම නිර්මානාත්මකයි. සුබ පතනවා දිගටම ලියන්න.
ReplyDeleteබොහොම ස්තුතියි. දිගටම එන්න.
Deleteඅදයි කියෙව්වෙ. මමත් වැඩ කල් දැමීම ජානවලින්ම ගෙනාපු කෙනෙක්. හැබැයි මට නම් හිතෙන්නෙ ඒක හින්දා මට මීට වඩා හොඳ තැනකට යන්න තිබ්බ අවස්ථාව දිනෙන් දින කල් යනවා කියලා. අනික අන්තිම මොහොතේ කරන්න උනාම ඇයි කලින් නොකලේ කියන පසුතැවිල්ලත් එනවා.
ReplyDeleteමගේ බිරිඳ ඒකෙ අනික් පැත්ත. වැඩක් කරන්න ඕනෙ කියලා හිතිච්ච වෙලාවෙ ඉඳලම ඒකට මාර උනන්දුයි. ඒක හින්දා පොඩ්ඩක් බැලන්ස් වෙලා යනවා ගමන.