ලිවීමට බොහෝ මාතෘකා ඇතත් සීග්‍රයෙන් අමතක වීගෙන යන මෙම මතකයන් ලියා හමාර කලා යුතුයි සිතුනා. එක් අතකින් මේ ලියැවෙන්නේ අසංක්ෂිප්ත සටහන්ය. අප මේ අත්දැකීම් වලට මුහුණ දුන් සමයේ කටු සටහනක් හෝ ලියා තබන්නට හැකි වූවානම් අද ඔබට ඒ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවා ගත හැකි පොස්ට් එකක් දමන්න තිබුනා. ඒ කාලයේ කිසිදු සටහන් තබා පොතක් පතක් වත් නිවසක තබා ගැනීම ප්‍රඥා ගෝචර නොවීය. ඔබගේ නිවස පරීක්ෂා කරන විට එවකට ශ්‍රිලංකාවේ බොහෝ සෙයින් ජනප්‍රිය සෝවියට් දේශය වැනි සඟරාවක් නිවසේ තිබුණා නම් අත් අඩංගුවට පත් වීමට එය හොඳටම ප්‍රමාණවත්ය. මා අසා ඇති පරිදි ගම්පෙරලිය පොත රැගෙන ගියා පුද්ගලයකු අත් අඩංගුවට පත් වී ඇත්තේ පෙරලිය යනු අරගලය යන්නට සමාන තේරුම් දෙන වචනයක් වූ බැවිනි. එකල විසූ තරුණයන්ගේ ආයු කාලය තීරණය කරන්නට මෙවැනි අධ්‍යාපන මට්ටමක් ඇති අයට පවරා තිබීම අභාග්‍යකි.
උසස් පෙළ ප්‍රතිපල අනුව මමද විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කලා. අයදුම්පත ලද බවට එවන කුඩා කාඩ්බෝඩ් තීරුව (Acknowledgement) තැපෑලෙන් ලද මා කෙතරම් බිය වීද යන්න දන්නේ මා පමණකි. එක් අතකින් එය ළඟ තබා ගත යුතු වැදගත් ලියවිල්ලක් වූ අතර තවත් අතකින් මරණයට අඩ ගසන කටු ඔටුන්නක්ද විය. එයට කුමක් කලයුතුද යන්න සිත සිතා සිටින විට මට කදිම අදහසක් පහල විය. සාමාන්‍යයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ නිවෙස් පරීක්ෂා කරන්නේ ඉතා කලාතුරකිනි. එනිසා මට එය තැබීමට සුදුසුම ස්ථානය අපේ නිවසට තරමක් නුදුරින් සිටින පුංචි අම්මගේ නිවසේය. බාප්පා එක්සත් ජාතික පාක්ෂිකයකු වීම ඊට හේතුවයි. එහෙත් එකල අපි වැඩිපුර පාරේ ගමන් නොගත්තේ තරුණයන් සොයා පැමිණෙන ගාතකයන්ගේ පුතුන් මුණ ගැහුනහොත් ආයෙ ඉතිං අම්මා උයන බත් ටිකක් කන්න නොලැබෙන බව හොඳින්ම දන්නා නිසාය. ඉතිං මම කොහොමද මේක බාප්පලාගේ ගෙදර ගෙනියන්නේ. මෙහෙම කල්පනා කර කර සිටින විට මට කදිම අදහසක් පහල විනි, "මම මේක ගෙනියනාවට වඩා හොඳයි ජයසේන බාප්පා මෙහෙ ආව වෙලාවක දෙන එක , හරි අන්න හරි එහෙම තමයි කරන්න ඔනේ, එත් ඊට කලින් අපේ ගෙදර චෙක් කලොත්. ඒකට මොනවද කරන්නේ." තවත් ටිකක් කල්පනා කලා මම එය හොදින් ඉටි කවරයක ඔතා කුස්සියේ පිඟන් තබන මෙසයේ ඉටි මේස රෙද්දට යටින් ඇති පත්තර පිටුවටද යටින් තැබීමි.
පසුගිය අඳුරු යුගයේ මතකසටහන් - 1 වෙත දැමු කමෙන්ටු තුලින් මට අමතක වූ බොහෝ කාරණා පිලිබඳ මතකය අවධි විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, කැලෑ ආණ්ඩුව, සහෝදරවරුන්ගේ ආණ්ඩුව යන කුමන නමකින් හැඳින්න්වුවත් එහි පිටිපස සිටි පාළන බලවේගය රෝහණ විජේවීර , ගමනායක ප්‍රමුක ජනතා විමුක්ති පෙරමුණයි. එය ආරම්භ කල කාලයේ හොඳ විනයක් ඇති සංවිධානයක් බව බොහෝ දෙනාගේ මතය විය. එහෙත් බොහෝ වැඩිහිටියෝ ඔවුන් ගැන සඳහන් කලේ චේ ගුවේරා කාරයෝ කියාය. එසේ සඳහන් කිරිඉමට ප්‍රධාන හේතුව 71 කැරැල්ලේදී ඔවුන් සඳහන් කලා නාමය එයම වීමය. පාසලේ අන්තිම වසරේ ඉගෙනුම ලබද්දී මගේ පන්තියේ තිදෙනෙක් ප්‍රසිද්දියේම ජේ.වී.පී. දේශපාලන කටයුතු වලට සහභාගී විය. මොවුන්ට මා සහ ජනක එම කණ්ඩායමට එක් කර ගැනීමට උවමනා වුවද, ඒ කාලයේ කිසිම දෙයක් ගෙදර අවසරය නැතුව කරන්න මගේ හිත නොදුන්නේය. මම ගෙදර ගොස් හොරණ තිබෙන පන්ති වගයකට යන්නට යහළුවන් කතා කලා බව කිව් විට අම්මා එය මග අරින ලෙස මට උපදෙස් දුන්නාය. ජනකටත් එම උපදෙසම ලැබී අත. මෙය මග හරින්නේ කෙසේද? අපේ ලඟට අධාර ලැයිස්තුවක් අරන් ආ මහේන්ද්‍ර
"උඹ දැන් පන්තියට එන්නේ නැද්ද ?"
"නෑ මචං මම ගමේනේ ක්ලාස් යන්නේ, මට හුඟක් දවස් වලට හවසට ක්ලාස්"
"උඹට එක දවසක් මග අරින්න බැරිද ?"
"බෑ මචං අම්ම බනිනවා"
"කවුද බං අම්මල තාත්තලා එක්ක ඕව කතා කරන්නේ. උබට දැන් අවුරුදු හා අටකටත් වැඩියිනේ"
"මට අම්ම කොහොවත් යන්න දෙන්නේ නෑ මචං"
"හරි ජනකයත් ඕකමයි කියන්නේ, උඹල දෙන්න පුලුවන්නම් මෙන්න මේ ආධාර පත්තරේට කීයක් හරි දාපල්ලා"
මමත් ජනකත්, "ජනක දිල්රුක්" යන නමින් රුපියල් විස්සක ආධාරයක් එම ලැයිස්තුවට ඒක කළෙමු. එය දුටු මහේන්ද්‍රගේ මුහුණේ සිහින් හිනා රැල්ලක් මතු විය. උඩු තොලට උඩින් ඇති දැලි රැවුල අසල මතු වේගෙන එන සිහින් දහඩිය පාර පිස දමා යන්නට ගියේ
"උඹල වගේ මිනිස්සුත් එක්ක මේ රට හදන්න බෑ" කියමිනි.
මේ කාලයේ ජවිපෙ කරන ලද දස්කම් ගැන අපි දැන ගන්නේ මේ තුන් කට්ටුවෙනි. එනම් චන්දන(අද ඉංජිනේරුවෙකි, කැනඩාවේ වාසය කරයි), මහේන්ද්‍ර(රජයේ රැකියාවක් කරයි, හවසට හොඳට සප්පායම් වී යන බව ආරංචී වුනි), සුසිල්(සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරයි). හැමදාම උදේ පන්ති ආරම්භ කරන්න පෙර කතා බහේදී
"ඊයේ උදේ වාද්දුවේ ගෙදරක මිදුලේ සුට් කෙස් එකක් තිබිලා, ඒ ගෙදර මිනිස්සු ඇරලා බලන්න බය වෙලා, පස්සේ ඒ පැත්තේ කොල්ලෙක් ඇවිත් ඇරලා. කෑලි වලට කපපු මිනියක් තිබිල තියෙන්නේ, වැඩේ කියන්නේ උගේ අරක කපල කටේ ගහල තිබිල තියෙන්නේ. පස්සේ බලනකොට ගියා මාසේ ඒ ගෙදර කෙල්ලෙක්ව රේප් කරලා තියෙනවා.රේප් කරපු එකාව තමයි මරල තියෙන්නේ. ඒ ගෙදර අම්ම ඒ සිද්දිය වුන කාලේ විලාප තිය තිය ගම වටේ ගිහින් තියෙනවා. කොහොමහරි අපේ සහෝදරවරුන්ටත් මේක ආරංචි වෙලා. වැඩි දවසක් ගියේ නෑ."
"ඒවානම් හොඳ වැඩ" කවුරුන් හෝ කියනු ඇසිනි.
"ඒ විතරක්ද දැන් ගම වල බීල කැ ගහගෙන යන එවුන්ගේ කටවල් කපනවා, චන්ඩින්ව මරල දානවා. පේනවා නේ"
"උඹලගේ ඔය ඔක්කොම කෙරුවාවල් කරන්නේ යුඑන්පී කාරයෝන්ටනේ" කෙනෙක් කීය.
"මචං මෙතන යූඑන්පී,ශ්‍රී ලංකා කියල නෑ, වැරදි කරන එවුන්ට තමයි දඩුවම් කරන්නේ"
"කොරයි කොරයි බලන් හිටපල්ලා"
කතාවට විරාමය වැටෙන්නේ පන්ති පටන් ගන්නා විට නාද වන බෙල් එකටය. ඔවූන් සමාජ ශෝදනය වෙනුවෙන් සිදු කරන දේ මුවින් නොපැවසුවත් බොහෝ දෙනා හිතින් අගය කලා දෙයකි. එය එම සංවිධානය ආරම්භ කලා සමයේ සිදු වූ සිදුවීම්ය. පහු කාලීනව එය ජීවිතය සඳහා කරන මිනී මැරීම් බවට පත් විය. මගේ මතකයට නැගෙන ලොකුම සිදු වීම බේරුවල ප්‍රදේශයේ චන්ඩියකු වූ ඇඹුල්දෙනිය නම් ඉතා තරබාරු මිනිසා බේරුවල බෝ ගස අසල මරා බිම හිදුවා තබා තිබීමයි. අමු අමුවේ මිණී මැරීම් ආගන්තුක සමයක, මෙය ඔහුට පක්ෂ/විපක්ෂ සියලු දෙනාගේ හද සසල කරවන සිදු වීම් විය.
එකල රජය ඔවුන් මර්දනය කිරිඉමට නිශ්චිත ව්‍යාපාරයක් ආරම්භ කොට නොතිබිණි. සියළු වැටලීම් සහ ප්‍රශ්න කිරීම් පොලීසිය මගින් සිදු කරන ලද අතර ප්‍රශ්ණ කිරීම් වලින් පසුව බොහෝ දෙනා නිදහස් කරන ලදී. මගේ පන්තියේ මිතුරන් තිදෙනාගෙන්ද කළුතර පොලීසියට අනුබද්ද රහස් පොලිස් නිලධාරියෙක් ප්‍රශ්ණ කිරීම් කොට අවවාද කොට නිදහස් කල බව දැනගන්නට ලැබුණි. ඉන්පසු ඔවුන් මීයන් මෙන් පාඩුවේ ඉන්නා ආකාරයක් දක්නට ලැබිණි.
දිනක් කවුරුන්හෝ දුවගෙන දුවගෙන් විත් අලුත් පුවතක් කණ්ඩායම ඉදිරියේ තැබීය
"මචං ඊයේ තංගල්ලේ කොල්ලෝ දෙන්නෙක් මරා දාලා. උන් දෙන්න පාඩම් කරන්න සෙට් වෙලා ඉඳල තියෙන්නේ, මදුරු කොයි එකක් ගන්න යනකොට තමයි උන් දෙන්නව අල්ලාගෙන තියෙන්නේ"
"මොන අපරාදයක්ද අපි වගේ එවුන් නේ. මචං අපි මේකට ශෝකය පල කරලා බැනර් එකක් දාමු"
"කාටද අදින්න පුළුවන්"
"ඔය ඉන්නේ සුභාෂයා. මොනවද මචං ඕන කරන්නේ"
"බැනර් එකක් අඳින්න නම්, ඉටි රෙදි යාර දෙකක් තුනක්, ලැකර් ටින් එකකුයි, පින්සලකුයි"
"දීපං, දීපන් හැමෝම සල්ලි"
සියළු දෙන රුපියල දෙක එකතු කර රුපියල් විස්සක් විසිපහක් එකතු කර ගන්නා ලදී.
"කවුද යන්නේ බඩු අරන් එන්න. කටුකුරුන්දේ හාඩ්වෙයාර් එකෙන් ගේපන්. කළුතර ගියොත් මොකටද කියල බලයි. තම්බිලාට ඕව ගානක් නැනේ"
"මචං ඔය සල්ලි මදි නං (කළුතර) බෝධිය ගාවට ගිහින් බස් වලින් දාන සල්ලි ටිකක් එකතු කරන වරෙන්."
ඒ කාලේ අපේ ඉස්කෝලේ කොල්ලන්ට චිත්‍රපටියක් බලන්න ඕන වුනොත් කළුතර බෝධියේ ආධාර වලින් තමයි බලන්නේ. බස් වලින් දෙන සල්ලි ඉල්ලන් කැටේට දන්නා වගේ ගිහින් අතේ ගුටි කර ගන්නවා. එතකොට බස් එක ගිහින් ඉවරයි. තීන්ත ගෙන්න ගිය එවුන්, හති හලමින් බයිසිකලයෙන් බැස්සේ පින්සල් පොඩි ඒවා නෑ, තියෙන්නේ ගෙවල් වල තීන්ත ගන්න තියෙන ඒවා.
"හරි සිගරට් ෆිල්ටර් එකක් හොයා ගනින්" මම කීවෙමි. සියළු දෙන විමතියෙන් මා දෙස බලා සිටියේ "සිගරට් ෆිල්ටර් එකෙන් කොහොමද චිත්‍ර අඳින්නේ ? " යන ප්‍රශ්නාර්ථය මුහුණේ රඳවාගෙනය (මා එස්.ඒ. දිසානයාක ගුරුතුමාගේ ගෝලයෙක් බව ඔවුන් දන්නේ නැත). පෑනෙන් මුලික කටු සටහන ඇඳි මම් සිගරට් ෆිල්ටරය ලැකර් ටින් එකේ පොන්ගවාගෙන ගහෙන් සිතින් බැනරය ඇඳ නිම කලෙමි. මගින් මගට ඔත්තු බලන්නට පන්තියේ කොල්ලන් සිටි බැවින් මට බය වීමට හේතුවක් නැත. එය පහතින් පෙනෙන රුපයේ තිබෙන ආකාරයේ එකක් විය.
මගේ මිතුරන් පසුව මෙය පාසැලේ ගාලුපාරට මුහුණලා තිබෙන ප්‍රධාන ශාලාවේ ඉදිරිපස එල්ල තැබිය. එහෙත් පහුවදාම ප්‍රධාන ශිෂ්‍යනායක රුවන් සිල්වා මාත් සමග සතුටු සාමීචියේ යෙදෙන ගමන් මට හීනියට ටොක්කක් ඇන්නේය.
රුවන් කිව්වේ මොනවාද ?
ඊළඟ කොටසින් ---->
ඊළඟ කොටස එනතුරු බලා හිඳිමි.....
ReplyDelete@විමුක්ති : මේ කොටස ගැන කියන්න මොනවත් නැද්ද?
ReplyDeleteගමේ නායකයා තමයි ග්‍රාමසේවක . මගේ ඇස් දෙක ඉස්සරහා ග්‍රාමසේවක අයියට වෙඩිතිබ්බේ සහෝදරයෝ දෙන්නෙක්...පස්සේ දවසක පොලීසියෙන් ඒ එක සහෝදරයෙක්ව ජීප් එකේ ගැටගහලා ගම වටේම ඇදගෙන ගියා..ඊට පස්සේ දැක්කේ නෑ...
ReplyDelete//"ඊයේ උදේ වාද්දුවේ ගෙදරක මිදුලේ සුට් කෙස් එකක් තිබිලා, ඒ ගෙදර මිනිස්සු ඇරලා බලන්න බය වෙලා, පස්සේ ඒ පැත්තේ කොල්ලෙක් ඇවිත් ඇරලා. කෑලි වලට කපපු මිනියක් තිබිල තියෙන්නේ, වැඩේ කියන්නේ උගේ අරක කපල කටේ ගහල තිබිල තියෙන්නේ.//
ReplyDeleteමෙන්න මේ වගේ වැඩ ගැන නම් මට එදත් බරපතල විවේචන තිබුණා.(කෙලින්ම මරාදාන එක වෙනම දෙයක්)
මම මේ සිද්ධිය දන්නවා වගේම කළ අයත් දන්නවා. (ඔවුන් පසුව බූස්සෙදි මුණගැහුනා - නඩුවෙන් පස්සෙ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමි වුනා)
මේවා කියවන්න මම ගොඩක් ආසයි ස්තූතී මේවගේ දේ ලියනවට
ReplyDelete@ඔබ නොදුටු ලොවක් : සම්පුර්ණ විස්තරයක් ඔයාගේ බ්ලොග් එකේ දන්නා.
ReplyDelete@ සුමිත් : මේ කොටස ලිව්වා එකෙන් එකත් දන ගන්නා ලැබුනා. ඔව් මිනිහෙක් මරා දැමුවාට කමක් නෑ. මලමිනියට අගෞරව කරන්නැතුව.
කියෙව්වෙමි.... ඉදිරියටත් කියවන්නම්
ReplyDelete____________________________________________________________
ReplyDelete@Italy Dilan : බොහෝම ස්තුතියි. දිගටම බලන්න.
____________________________________________________________
@Hasitha : හොඳා, එහෙනං ලියන්නම්.
____________________________________________________________
අදුරු මතකයන්...
ReplyDeleteහ්ම්ම් කොහොමද නේද ඒ දවස වල සිදුවීමම් ..
ReplyDeleteඉස්සර අපේ ගෙදරටත් සෝවියට් දේශය සගරාව මාසිකව තැපැල් මගින් ලැබුනා... තාත්තා ලග ලොකු එකතුවක් තිබුනා... දවසක් මාලු වෙළෙන්දෙක් මේ සගරා තබා ගැනීම අවධානම් කියලා කිව්වට පස්සෙ තාත්තා ඔක්කොම එක ගොඩකට දාලා පිච්චුවා...මට හොදට මතකයි ඒ සිදුවීම... ඒ සගරා තබා ගැනීම අවදානම් වුනේ ඇයි කියලා කියන්න බැරිද ?
ReplyDelete________________________________________________________________________________
ReplyDelete@AmilaArt : අපි ඒ කාලේ ජීවත් වෙන්න සටන් කරාට අමතරව වෙනත් කිසි දෙයක් ගැන හිතුවේ නැ.
________________________________________________________________________________
@චමී4යූ~chami4u : ඔයත් මුහුණ දුන්නද?
________________________________________________________________________________
@සිරා : ගංපෙරලිය ළග තබා ගැනීම් අවදානම් වෙන්නේ "පෙරලිය" කියන වචනය නරක නිසා. සෝවියට් කියන්නෙත් ඒ වගේ වචනයක් නිසා ඇර ඒ සඟරාවේ අන්තර්ගතයේ ප්‍රශ්නයක් නිසා නොවෙයි.
________________________________________________________________________________
මම ඒ කාලේ හිටියේ නැති එක ඇත්තටම වාසනාවක්
ReplyDelete@නිශාන් : ඇත්තටම හිටියේ නැති ඒක හොඳයි. අපි හිටියත් නොහිටියා වගේ පහු කරපු යුගයක් ඒක. මුළු රටම ආපස්සට ඇදල දාපු යුගයක්.
ReplyDeleteරුවනුත් දනගෙනද. ඒ කාලේ කොහොම ජිවත් වෙන්න ඇතිද? මේ කාලේ වුනානම් මමත් ඉවරයි.
ReplyDeleteකියවමි.. නිහඬවම හිඳිමි.. බලා හිඳිමි ඊළඟ කොටස එනතුරා..
ReplyDeleteඅඳුරු අතීතයක මතක.. ඒ කාලේ අපේ පැත්තේ නම් එච්චර දරුණු වැඩ කලේ නෑ .. සහෝදරවරු..
ReplyDeleteඅපේ හරියෙත් ලොකු සිද්දි නෑ. නමුත් ගෙවල් දෙකකට එහා පැත්තේ පොල් ගස් කපලා පාරට දැම්මා. අපේ අයි.ඩී එකතු කලෙත් නැ.
Delete