Wednesday, August 1, 2012

අඳුරු යුගයේ මතකසටහන් - 1



සිංහල සයිබර් අවකාශයේ හොඳම කමෙන්ට් දමන්නන්ගෙන් කෙනෙකු  යයි කිවහැකි සුමිත් නිරිඇල්ල මෑතකදී ආරම්භ කරන්නට යෙදුන "ප්‍රහාරය" බ්ලොග් අඩවිය එළිදක්වන්නට දිරි දුන් කිහිප දෙනා අතර මමත් එක අයෙකි. එයට ප්‍රධාන හේතුව ඔහුත්, මාත් ඒ යුගයෙදී එකම වයස් කාණ්ඩයට අයත් අන්ත දෙකක ජීවත් වූ පුද්ගලයන් දෙදෙනෙක් වූ බැවිනි. ඔහු තරම්ම මා ඒ යුගයේ සිදු වූ දෑට මුහුණ දුන්නෙමි. ඔහු තරම් අවදානමක ජීවත් නොවුවත් එකල විසු කාහටත් "උරුමය - මරණය" බව පසක් වී තිබුනි. ප්‍රවේසමෙන් ජීවත් වුවද මටත් කොයි වෙලාවේ හෝ ටිකට් එක ඇදේ යන්න මගේ විශ්වාසය විය. එයට ආසන්න අවස්ථා කිහිපයක්ම පසු කලද අද දක්වා ජීවත් වීමට මා වාසනාවන්ත වී ඇත. එහෙත් ජවසම්පන්න තරුණ පරම්පරාවක්ම මේ රටට අහිමි වී යාම  මහත් කනගාටුවකි. එයට වග කිව යුත්තෝ එවක පාලකයන් වූ ප්‍රේමදාස ආණ්ඩුවද එසේත් නැත්නම් තරුණ නැගිටීමට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණද යන්න මට තවමත් ප්‍රශ්නයකි. එහෙත් තම පාලන කාලය තුලදී යම් සිදුවීමක් වුවා නම් පවතින පාලනය එයට වග කිව යුතුය. මන්ද ඒවා ඇතිවීමට ඔවුන් රට තුල ඇති කර ඇති පරිසරය අවශ්‍ය පසුබිම සකසන නිසාය. එහෙත් මේ පාර්ශව දෙකෙන් කවුරු 51%ක් වගකිව යුතුද, කවුරුන් 49%ක් වග කිවයුතුද යන්න මට තවමත් ගැටලුවකි.

  මා ඔහු අදුනාගන්නේ අප්‍රේල් මාසයේ පැවැත්වූ "සයිබරයේ සිහින සැණකෙළිය" දිනයේදීය. ඔහුත් සමග කථා කල විට ඔහු මාගේ බ්ලොග් අඩවිය කියවා ඇති බව පවසා සිටියත් මා එය විශ්වාස නොකළේ, ඔහු කියන බස හරියටම මට වැටහුනේ නැති නිසාය. එහෙත් ඉන්පසුව ෆේස්බුක් හරහා අප දෙදෙනාගේ මිතුදම තර විය. ඇත්තටම ඔහු සමග මුහුණට මුහුණ කථා කරනවාට වඩා චැට් කිරීම පහසු යයි කිවොත් එය ඔහුට කරන නිගාවක් නොවේ. එහෙත් ඔහු ශ්‍රවනාභාදිත තත්වයට පත්කළ අයට නම් එය සැබෑ නිගාවකි.  ඔහු මුහුණදුන් දේ පිලිබදව ලියන්නැයි මා හැම විටම ඔහුගෙන් ඉල්ලා සිටියා. දැන් ඔහු එම කාර්යයට බස ඇත. මගේ අත්දකීම් මා කවරදා හෝ ලියනු ඇත, එහෙත් මේ ලිපි පෙළ මා ලියන්නේ ඔහුට දිරි දීමක් වශයෙනි.

1988 අගෝස්තුවේ උසස්පෙළ අවසාන ප්‍රශ්න පත්‍රය වූ ව්‍යවහාරික ගණිතය එක් දිනක් පමා වුයේ රට තුල ඇති වූ නොසන්සුන් කාරී සිදුවීමක ප්‍රතිපලයක් ලෙසිනි. ඒ මැද ලැබූ නිවාඩු දිනයේදී මා බෙන්තොට බීච් හෝටලයේ පිළිගැනීමේ අංශය සඳහා සම්මුක පරීක්ෂණයකට මුහුණ දුන්නෙමි. ඔවුන්ට අවශ්‍ය වුවේ මා වැඩට එන්නට කැමති දිනය දන ගැන්මටය. ඒ, මාගේ ක්‍රීඩා කෞශල්‍ය පිලිබඳ ඔවුන් දක්වන ලද සුබදායි ආකල්පය නිසාය. ඒ වන විට බෙන්තොට හෝටල් සමුහයේ ආයතන කිහිපයක්ම මා බඳවා ගැනීමට කැමැත්ත පල කර තිබුණි. මා කෙතරම් වාසනාවන්තදැයි ඔබට සිතෙන්නට පුළුවන. එහි වරදක් නැත. උසස් පෙළ හමාර වීමටත් පෙර රැකියාවක් ලැබීම මහත් භාගයකි. 

රැකියාව ලද සමයේ මා මහත් උනන්දුවෙන් වැඩට ගියද, හිතට දුක ඇති කරවන කාරණය වුයේ සෑම දිනකම හවස හයට මා සේවයට වාර්තා කල යුතු වීමයි. වෙනදා අප පාපන්දු ක්‍රීඩා කර ගාමිණි විදුහල් පිටියෙන් පිටත් වන්නේ බොහෝ රෑ බෝ වූ පසුවය. එහෙත් දැන් මට හවස පහටවත් එයින් නික්ම යාමට සිදු වීම කනගාටුවට කරුණකි. කණ්ඩායමේ ගෝල් රකින්නා වූ මා අතර මගදී පිටත් වන්නට වූ විට ක්‍රීඩා සමාජයද මා සඳහා ආදේශකයක් සොයනු පෙනින. එහෙත් මේ රාජකාරියට මා මහත් සේ ඇලුම් කලේ මාසය අන්තිමේදී අතට ලැබෙන පඩිය සහ සංචාරක හෝටල් සේවකයන්ට ලැබෙන සර්විස් චාජ් එකෙන් කොටසක් (25%ක්) මටද ලැබුණු නිසාය. එන්න එන්නම රටේ වාතාවරණය නරක අතට හැරුණු මේ සමයේ රැකියාවට වාර්තා කරනවා හැරෙන්නට වෙනත් කිසිදු ගමනක් මා හට නොවුයේ දහවල් කාලයම මා නිදන්නට වූ නිසාය. මාගේ සේවා කාලය කොටස් දෙකකින් යුක්ත විය. පළමු කොටස හවස හයේ සිට රාත්‍රී දහය දක්වාද, දෙවන් බාගය  ඊළඟ දිනයේ උදේ හතේ සිට දහය දක්වාද විය. අහන්න ලැබෙන දේ එතරම් හොඳ නොවුවද මාගේ දෙමව්පියන් මා මේ කරන රැකියාව පිලිබඳ මහත් ප්‍රසාදයකින් සිටියේ ඉන් මට මෙන්ම පවුලට ඇති වන තර්ජනය අඩු වන නිසා විය යුතුය. 

එහෙත් රාත්‍රී සේවය කර තනිවම මා පයින් ගෙදර එනවාට ඔවුන් වැඩි කැමැත්තක් නොදැක්වුයේ එය තනි පංගලමේ ගමන් යාමට සුදුසු කාලයක් නොවූ බැවිනි. එම හෝටලයේ සිට මාගේ නිවසට තිබෙන දුර කිලෝ මිටර් එකකට මදක් අඩු වුවත් ගාලු පාරෙන් හැරී අප නිවසට ආ යුතු මීටර් දෙසීය වඩාත් අවදානම් බව ඔවුන්ගේ අදහස විය. එම කලාපය තුල ලයිට් කණු හතරක් තිබුනද ඒවායින් පහන් දැල්වෙන්නේ එකක පමණක් වූ නිසා මාර්ගය රාත්‍රියේදී ඉතා අඳුරු මෙන්ම පාලු කලාපයක් බවට පත් විය. අද මෙන් නොව මග දෙපස එකල ගෙවල් දොරවල්ද තිබුනේ ඉතා අඩුවෙනි. තිබෙන ගෙවල් පවා රාත්‍රී හත අට වන විට වසා දැමෙන අතර ඉදිරිපස පහන් නොදල්වන්නේ ඉන් ඉහත කොයි පාර්ශවයට බාදාවක් වුවද අත් වන ඉරණම  නොවෙනස් වන බැවිනි. මාද පුද්ගලිකව මේ ගමනට බයෙන් සිටියෙමි. කොහොමත් රාත්‍රී සේවයේ යෙදෙන අනිකුත් අය හෝටලයේ සිට මීටර් දෙසීයක් පමණ ඈතින් ඇති පිරිමි නවාතැනට එන කිහිප දෙනෙක්ම ඇත. ඉන්පසු රාත්‍රී දහයට රාජකාරිය හමාර කරන මා තවත් පැය කිහිපය එහි රැදී සිට එහි පිළිගැනීමේ අනෙකුත් සගයන් වන හෙක්ටර්, සාරනාත්,දිලිප් හෝ මුදල් අයකමියන් ලෙස සේවය කරන අජිත්, සිරිකුමාර හෝ රාත්‍රී දුරකථන ක්‍රියාකරු වූ ගමගේ සමග එන්නට පුරුදු වී සිටියෙමි. 

එක දෙසැම්බර් මාසයක සිතල දිනක රාත්‍රී එකත් පසු වී ආ මා සහ අජිත්. අපගේ මිතුරන් නිදන විශාල කාමරයේ ඇර තිබෙන ජනේලයෙන් ඇතුල දෙස බලා

"හොඳ වැඩක් කරමු"

 කියා මාගේ කනට මුමුණා. සඳ එළියෙන් බබලන වලාකුළු රහිත ඒ රාත්‍රියේ, පසෙක කපා දමා තිබු ඉන්නක් අතට ගත්තේය. මා ඔහුගේ කනට කර විමසූයේ ඔහු "මොකක්ද කරන්න හදන්නේ" යන්නයි. "බලාගෙන් හිටපන්කෝ" යයි රහසින් කියා පින්නෙන් තෙත් බරිත අඩි අටක් නවයක් පමණ වූ එම ඉන්න ජනේලය අස්සෙන් යවා නිදා සිටින හෙක්ටර්ගේ මදුරු දැල උස්ස ඔහුගේ බඩට ඇනීමයි. මොහොතකින් ඇල්බීසියා අත්ත අද ගත් ඔහු එය සීරුවෙන් කාණුවට දැම්මේ සඳ එලිය ඔහුගේ ඇඟට නොවැටෙන ලෙසයි. එම තෙත් ලී ප්‍රහාරයා ලද හෙක්ටර් මහා හයියෙන් බෙරිහන් දී "සර්පයෙක්, සර්පයෙක්" යයි කෑ ගැසීය. එක පාරටම කාමරයේ ලයිට් දල්වූ විට අපි දෙදෙනා තරමක් මෑතට වී බල සිටියෙමු. දැන් සියළු දෙනාම අවදි වී සිටියත් කිසිවෙක් ඇදෙන් බහින්නේ නැත. "උබට හොදටම විශ්වාසද?" යි අසා සිටියේ දිලිප්ය. "ඔව් බං හීතලට මාගේ බඩට මොකක්ද වැදුනා, මට හිතුනෙම සර්පයෙක් කියලා" කියා පැවසු හෙක්ටර් තමා ළඟ තිබූ වතුර වීදුරුවම එක හුස්මට බී පසෙකින් තැබුවා. "මට නින්ද ගිහින් ඕනනම් විනාඩි පහක් ඇති, වෙන්න බෑ පොඩ්ඩක් හිටපන් "යයි කියූ ජයවර්ධන නැගිටිනවාත් සමග මාගේ අතින් ඇදගත් අජිත් ඉදිරිපස දොරට ඇවිත් තට්ටු කරන්නට පටන් ගත්තේය. එය අරින්න තවත් විනාඩි පහක් වත් ගත විය.  අප ඇතුලට ආ පසු මේ කතාව මුල සිට අසා "අනේ බුරෝවෝ  උඹ හීනයක් දැකල, දැන් ඉතින් නිදා ගනිං, මේ කාලේ උඹේ බුරියට අනින්න කවුද යකෝ එන්නේ"  යයි ඇඟට පතට නොදනී පැවසු අජිත් "වරෙන් යන්න" කියා මාත් සමග අනිත් කාමරයට මාරු විය. 

දහවල් කාලදීත් මෙහි පැමිණෙන මා හට නොයෙකුත් ජෙවීපී පත්‍රිකා, පොත් පත් සහ කැසට් පට වලට අසන්නට සලස්වන මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වූ වීරක්කොඩි අනෙක් සියළු දෙනාට වඩා බොහෝ වෙනස් චරිතයක් විය. අනෙක් අය සංචාරකයන් ගෙන එන නොයෙකුත් වර්ග වල සඟරා එකතු කලද ඔහුගේ කබඩ් එකේ තිබෙන්නේ සහෝදරවරුන්ගේ දේශපාලනයට අයත් දෙය. එකල රාත්‍රී විකාශය වන වෙරිටාස්, බිබිසි සංදේශය සහ චීන ගුවන් විදුලියට සවන් දෙන්නයි ඔහු ආයාචනය කර සිටියේය. කලින් කලාට පොලීසි වලට පහර දුන් හෝ හමුදා කඳවුරකට පහරදුන් පුවත්  ඇසු ඔහු කියන්නේ කවදා හෝ සහෝදරවරු රටෙහිම පාළනය අතට ගන්න බවයි. එතකොට බලාගනින්කෝ වැඩේ යයි ඔහු පවසන්නේ උද්දාමයෙනි. විවිද දේශපාලන මතිමතාන්තර දරන අය එහි සිටියත් ඔහු කිසවකු පාවා නොදුන්නේ, එක වහල යට විසු ඔවුන්ගේ සමගිය ගැන සාක්ෂි සපයමිනි. වීරක්කොඩි සමග පරිස්සමෙන් ආශ්‍රය කරන ලෙස එම රැකියාව සදහා මා යොමු කල රොහාන් අයියා මට කිහිප විටක්ම පවසා සිටියේය.  මා එම අණ ඉතා හොඳින් පිලිපද්දෙමි.

මේ වන විට කඩවල් වසා දමන්නටත්, රාත්‍රී විදුලි පහන් නිවන්නටත් අප්‍රසිද්ද ආණ්ඩුව අපට අණ කර තිබුණි.  තැන තැන සිදු කෙරෙන ජාතික හැඳුනුම්පත් එකතු කිරීම්, විවිධ සංවිධාන වලින් ලැබෙන තර්ජනාත්මක ලිපි මෙකල එන්න එන්නම වැඩි විය. මාගේ සහෝදරිය වාසය කලේ අපගේ නිවසේ සිට තවත් කිලෝමීටරයක් පමණ ඇතුලට වන්නටය. ව්‍යාපාරිකයකු වූ මාගේ මස්සිනාගේ නිවසේ දොර ඇරව ගන්නා රහසිගත් සංවිධානයේ අයවලුන් පැමිනෙනේ මුහුණු වසාගෙනය. හොඳ දෛරිය කින් යුක්ත කාන්තාවක් වූ මාගේ සහෝදරිය ඔවුන්ට මුහුණ දී ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට ඉදිරිපත් වූ කලිහි ඇගේ පපුවට පිස්තෝලය තබා "මේ නිවසේ තුවක්කු හෝ පිස්තෝල තිබෙනවාද" යි අසා පසුව ඔවුන්ට ආහාරය පිස දෙන්නයි ඉල්ලා ඇත. සැකස දුන් ආහාරද රැගෙන ඔවුන් පලා ගොස් තිබේ. එහි පැමිණි අයගේ කටහඬින් අය අඳුනාගෙන තිබුනද නාදුනන ලෙසින් පිළිතුරු දී ඇත. 

සියලුම කඩවල් වසා ගමන් බිමන්ද, රාජකාරි සඳහා වාර්තා කිරීම තහනම් කල දිනක, පන් මල්ලක මාගේ නිල ඇඳුම දම ගත් මා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී මාගේ සහෝදරයාත් සමග පාපැදියෙන් මුලින් පිටාරඹ දෙසට ගමන් ගෙන බෙන්තොට පොලිසිය අසලින් ඇති වැලි පාරෙන් ගොස් හෝටලය අසලින් බැසගත් මා මල්ලිට පවසා හිටියේ දැන් කෙලින්ම බාප්පලාගේ ගෙදර යන ලෙසය. ඉන් ටික වෙලාවකට පසු ඔහු ගෙදරට යනු ඇත. වාක්‍ය කිහිපයකින් විස්තර කල හැකි වුවද, එකල අපට එය මහා දෙයක් නොවුවද, අප ගන්නා ලද අවදානමෙහි භයානක බව එදාටත් වඩා අද මට කදිමට වැටහේ. යම් හෙයකින් අප ගිය ගමන හසු වූවානම් අපට කුමක් වනු ඇතිද යන්න කා හට නම් කිව හැකිද ? එහෙත් එය සංවිධානයේ අර්ධ මට්ටමේ සාමාජිකයෙකුට හසු වූ බව මා දැන ගත්තේ පසුවය. එදින වැඩ කරන අතරතුර එහි සුළු සේවකයකු වූ, මට අද නම මතක නැති, පසු කලෙක මැරුම් කෑ, තරුණයා මට ඔරේන්ජ් ජුස් වීදුරුවක් හොරෙන් ලබා දී මල්ලි වැඩට ආවේ කොහොමදැයි විමසීය. කෙටි උත්තරයක් ලබා දුන මා හොරෙන් ආවා යයි පැවැසීය. ඔහුට මා ගැන සංවිධානයට වාර්තා කල හැකිව තිබුනත්, මට තරයේ අවවාද කල හැකිව තිබුනත් ඔහු එය ගිල ගත්තේ එකම ගමේ මිනිසුන් ලෙස අප අතර තිබූ බැදීම මේ සියල්ලටම වැඩ ඉහලින් තිබූ බැවිනි.

ඊළඟ කොටසට --->


පින්තුරය ගත්තේ : http://www.sangam.org

21 comments :

  1. ඉතිහාසයේ අදුරු මතකයන් ...

    ReplyDelete
  2. ලංකාවේ අඳුරු කාලයක මතක මේ විදිහට කියවන්න ලැබෙන එක වටිනවා. මොකද අපිට ඒ අත්දැකීම නැති 89 උපන් අය නිසා. ලංකාදීපයේ දියත අතිරේකයෙන් මේ වගේ කතා රැසක් කියෙව්වා. ඊට වඩා මේ කතා සුවිශේෂී මේ කතාවේ නායකයා අප දන්නා බ්ලොග්කරුවෙක් වීමත් කතාවේ ගැටලු ඇතිවෙද්දී ඔහුගෙන් ඒ ගැන අසන්නට ඇති හැකියාවත් නිසාය....

    ReplyDelete
  3. හොඳයි. ලියන්න. මගේ අත්දැකීම් ලියන්නත් හිතාගෙන ඉන්නව.

    ReplyDelete
  4. _______________________________________________________________
    @රොබින් : ඇත්තටම, ඒ කාලේදී අපි එක පාරක් කතා වුනා අපිට කවදා හරි මියුසිකල් ෂෝ එකක් බලන්න ලැබේවිද කියලා.
    _______________________________________________________________
    @හසිත : මේ යුගයේ දේවල් ගැන සිය දෙනෙකුගෙන් ඇහුවොත් එකිනෙකට වෙනස් සියක් අදහස් ගන්නා පුළුවන්. අනිවාර්යයෙන්ම ගැටළු ඉදිරිපත් කලොත් අමතක වූ දේවල් එක් කරන්න පුළුවන්.
    _______________________________________________________________
    @රාජ් : ඒක තමයි අවශ්‍ය. එකිනෙකාගේ අත්දකීම් වෙනස්. ඔයා ලියන ඒවා බලන්න අපි ආසයි.
    _______________________________________________________________

    ReplyDelete
  5. අනේ සිරාගෙ හොද වෙලාවට සිරා ඒ දවස් වල අවුරැදු 7ක විතර එකෙක්...

    ReplyDelete
  6. @සිරා : එතකොට දැන් 30ක් විතර නේද වෙන්නේ ?

    ReplyDelete
  7. කිව්වත් වගෙ එකිනෙකාගෙ අත්දැකීම් වෙනස් ඒයුගය ගැන. ඔන්න මමත් කතාව අහන්න එකතුවෙලා මේ ඉඳගෙන ඉන්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  8. @matahithenahatty : අහන් ඉන්න අහගෙන ඉන්න.

    ReplyDelete
  9. අපිත් ඉතින් අඳුරු යුගයේ දරුවෝ තමයි . ඔබට වඩා වසර කීපයකින් බාල . දැක්ක දුටුව ඇසුව දේ නම් අනන්තයි . එතැන් සිටන් වෙන දේවලුත් ඉවසීමෙන් බලා ඉන්නවා .

    ReplyDelete
  10. අපිනම් පොඩි ඇත්තෝනේ..:)

    ReplyDelete
  11. ____________________________________________________________
    @Bindi : ඒ කාලේ අපි අතරේ විශ්වාසයක් තිබ්බ අපි කථා කරන දේට සවන් දිය හැකි උපකරණයක් ඇති බවට. ඒ නිසා දෙන්නෙක් එක්ක කථා කිරිල්ලත් බොහෝම අඩුවෙන් තම වුනේ.
    ____________________________________________________________
    @හිරුහිමාවී : ඒ කාලේ වයස් බේදයක් තිබුනේ නෑ. ඉලක්කම තමයි වැදගත්. අවශ්‍ය ගණන මරනවා.
    ____________________________________________________________

    ReplyDelete
  12. ඔව් විශේෂයෙන් තැපැල් කන්තෝරුව වගේ තැන්වලදී කට පරිස්සන් කරන් ඉන්න කියල මට නිතරම අවවාද ලැබුන . අපිත් ඉතින් ලේ රත්වෙන වයසේ . තදම භීෂණ සමය ඉවර වෙලා තිබුන අපි A /L වෙද්දී . ඊට පස්සේ යම් යම් ජනමාධ්‍යවල අය ආස්සරයටත් අවස්ථාව ලැබුන . ඒ කාලේ වෙද්දී තිබුනේ නිවිච්ච ගිනි ගොඩක් දුම් දමමින් තියෙනවා වගේ. ජිවිතේ කොයි අතට යයිද කියලා තීරණය වුනේ සුළු අංශක ගණනකින් ඒ කාලයේ දැන හැඳින ගත්තු උදවිය අද වෙද්දී විවිධාකාර වෙනස්කම් වලට භාජනය වෙලා . යව්වනයේ තිබුන උද්යෝගය දියාරු වෙලා ගිහින් . අපිත් සාමාන්‍ය මිනිස්සු වෙලා . මෙව්වා ආයේ මතක් කරනවට සුමිත්ටයි ඔයාටයි ස්තුති කරන්නද නැද්ද කියල කල්පනා කරන්නේ .

    ReplyDelete
  13. @බින්දි : මම මේවා ලියන්නේ ඒ දේවල් දැකපු නැති අයගේ දැනගැනීමට. අපි ඒ කාලේ පුදුම පරිස්සමකින් ජීවත් වුනේ. එත් සමහර වෙලාවට මේ සේරම අමතක කරලා අවදානම් වැඩ කරනවා.

    ReplyDelete
  14. ඔව් ඔබ හරියටම හරි... මේ දවස්වල යාලුවො අහන්නෙ

    බදින්නෙ නැද්ද ? මචං බැන්දද ? උඹට ළමයි කීයද ? ඔන්න ඕකයි තත්වෙ.

    ReplyDelete
  15. @සිරා : කලබල වෙලා හදිසි තීරන ගන්න එපා. මොනවා හරි වුන දාට ඔය කවුරුවත් එන්නැ උදව්වට.

    ReplyDelete
  16. මම ටිකක් පරක්කු වුනා.(මගේ මල්ලි කෙනෙකුගේ පුද්ගලික අවශ්‍යතාවයක් නිසා ඒ වෙනුවෙන් දවසක් මිඩංගු කරන්න වුනා)

    අන්න හරි වැඩේ පටන් අරන්, නියමයි....

    කෝ මේ ඇනෝ පේන්න නැත්තෙ මොකද...?

    ReplyDelete
  17. අපේ පැත්තේ කටවලුත් කැපුවා..ඕපාදූප කියවන අය ගොඩක් බය උනා, සමහරක් අයගේ කට ඉබේම වැහුනා, කටකපයි කියවන්න එපා කියලා බය කරනවා අපිවත්, කිතුල් මල් කපන "මල්පිහිය" කියන එකෙන් තමා වැඩිපුරම කට කැපුවේ....

    ReplyDelete
  18. @සුමිත් : මම එත් බැලුව මොකද නැත්තේ කියල. මෙතනට අඩු ඇනෝල විතරයි.

    @ඔබ නොදුටු ලොවක් : කාලයක් ඒ වගේ දේවල් වලින් යම් ප්‍රසාදයක් දිනා ගන්න සහෝදර වරුන්ට පුළුවන් වුනා.

    ReplyDelete
  19. මේ වගේ අත්දැකීම් ලිවීම වැදගත්!

    ReplyDelete
  20. අද තම කියවන්න වෙලාවක් ලැබුනේ අනිත් එකත දැන්ම කියවන්න ඕනේ..

    ReplyDelete
  21. මමත් ඔය කාලේ ගොඩාක් පොඩියි..... ඔය කාලය සම්බන්ධයෙන් මට මතක කුප්‍රකට දේශපාලන මණ්ඩල සභිකයෙක් අපේ ගෙවල් කිට්ටුවක මරා දමල කියලා කව්දෝ ඇවිත් කියුවා. මමත් පොඩි කමට ඇවිත් මරලාදාලා කියන්නේ මොකක්ද කියලා ඇහුවා මතකයි.ඒ කාලෙ පුරාවටම අපේ මාමලා හොයාගෙන නිතරම රැට නාදුනන අය ආවා කියලා ගෙදර අය කතා උනත් ඒ කිසිම දෙයක් මට මතක නැහැ. මම ගොඩක් පොඩි නිසා ඒ වෙලාවෙ මම නිදිලු. ඒත් උයාගත්ත දේ කන්නෙ නැතුව ආච්චි සීයා එහෙම දුකෙන් හිටියා මතකයි

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...