Thursday, November 15, 2012

චීන ෆෝන් සහ ඇමරිකන් බග් (මැක්කා).....

මගේ ඔෆිස් එක තියෙන්නේකොළඹ කොටුවේ කියල මම කීප වතාවක්ම ලියල තියෙනවා දකින්න ඇති. අද මම කියන්න යන්නේ මගේ ඇස් දෙකේ කටු අනින්න වගේ දර්ශනයක්. කොටුව යෝර්ක් වීදියේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, මහජන බැංකුව, ලක්සල, කාර්ගීල්ස් අතර තියෙන මහජනයා නිතර ගැවසෙන ඒ වගේම ඇවිදගෙන යන හෙවන තුල විවිද වෙළඳාම් කටයුතු සිදු වෙනවා. වයසක අම්මලා කිහිප දෙනක් රේන්ද විකුනනවා, තවත් කාන්තාවන් කිහිප දෙනෙක් පැරණි මුද්දර, ලොතරැයි විකුණන කුටි කිහිපයක්, මේස් සහ බෙල්ට විකුණන මුස්ලිම් පුද්ගලයෙක්, සාස්තර කියන වයසක අන්කල්, ඒ වගේම ගීත ගායනා කරන අන්ද යුවල, පත්තර සහ අයදුම්පත් විකුණන කඩය, සපත්තු මහන්නන්. මගේ කාර්යාලය එලිපත්තේම රෙදි මත අඳින ලද චිත්‍ර විකුණන පුද්ගලයකුත් ඉන්නවා.මේ කණ්ඩායම තමන්ගේ එදිනෙදා ජීවිකාව ගෙන යන්නේ මේ ගොඩනැගිලි වල එළිපත්තේ තියෙන හෙවන තුල. සමහර විට ඔබත් මම මේ විස්තර කරන ප්‍රදේශ තුල ඇවිද ගිහින් ඇති. 

දැන් අවරුද්දකට හෝ ටිකක් වැඩි කාලයකට කලින් මේ සියලු වෙළඳාම් කටයුතු තහනම් කළා. තහනම් කියන දේ අපේ ලංකාවේ මිනිසුන්ට තේරෙන්නේ නෑනේ. ඒ නිසා පොලීසිය යොදවලා මේ අයව අත්අඩංගුවට ගත්තා. දින ගණනාවක් මෙහෙම කරත්දී මේ අය මේ ප්‍රදේශයේ නැතුව ගියා. හැබැයි ලොතරැයි කූඩු සහ පත්තර කුටිය එසේම පැවතියා. එය රජයේ ප්‍රතිපත්තිය වන්නට පුළුවන්. ඇත්තටම ලක්සල සහ කාර්ගීල්ස් වෙත එන විදේශිකයන්ට මෙහි වෙසෙන මෙම වෙළඳුන් බලෙන් තමන්ගේ භාණ්ඩ විකිණීමට ගන්නා උත්සාහය දැක්කාම ඇති වන්නේ කේන්තියක්. එහෙත් ! මේ මිනිසුන් මේවා කරන්නේ විනෝදාංශයකට නොව දරු පවුල් රක්ෂා කර ගැනීමට බව මෙහි තිබෙන කටුක යතාර්ථය. එහෙත් ! මේවා කල යුතු නිවැරදි ක්‍රමය මෙය නොවේ. පදික වේදිකා වෙළඳාම තහනම් යුගයක් කාට හෝ විශේෂයක් සිදු කල හැකිද ? අපද විදෙස් රටවල ගොස් ඇත්තෙමු. එවැනි අවස්ථා වල කවුරුන් හෝ අනවශ්‍ය ලෙස කරදර කරනවාට අප කැමති නැත. ඒ තුලින් අපේ රටට අනාගතයේ ලැබෙන්නට තිබෙන සංචාරක ආගමනය අඩු වන්නට පුළුවන. 

මෙසේ තිබුනාට කමක් නැතැයි මා විශ්වාස කරන කර්මාන්ත කිහිපයක් ඇත. ඒ පත්තර වෙළඳාම, සපත්තු මසන්නන්ය. ඔවුන් මගින් ප්‍රදේශයේ රාජකාරි කරන අයට මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශය වැනි ස්ථාන වලට පැමිණෙන යට සේවාවක් සිදු වේ. එක් අතකින් ඔවුන් කිසිවකුට බලෙන් තම සේවාව සපයන්නට වෙර දරන්නේ නැත. අනෙක් කොටස සාස්තර කියන්නා සහ ගීත ගායනා කරන අන්ද යුවලය. සාස්තර කියන සුදු අඳින අපේ තාත්තලාගේ වයසේ සිටින අන්කල්  යනෙන පිරිසට අතින් සන් කලද ඔහුගෙක් කිසිවකුට කරදරයක් නැත. මේ සියල්ලටම වඩා අන්ද යුවල ගායනා කරන ගී සමුච්චය මටනම් ගෙන දෙන්නේ මිහිරක්. අප බොහෝදෙනා ප්‍රිය කරන 70 දශකයට අයිති ගීත නැත්නම් පැරණි ගීත වලට ඉතා මධුර ලෙසේ ඔවුන් කටහඬ මුසු කරයි. ඉඳහිට ඒ.ටී.එම් යන්ත්‍රයට හෝ වෙනත් කටයුත්තකට එලියට බසින මා මේ ගීතයක් දෙකක් රස වීඳ එන්නට පුරුදු වී ඇත්තෙමි. මේ කිසිවක වරදක් මා දකින්නේ නැත. එක් යුගයක මේ ප්‍රදේශය සුද්ද කල පසු කෙනෙකුට බාදාවකින් තොරව එහා මෙහා ගමන් කිරීමට හැකි වුවද, එකල පුංචි කතුරක්, පිහියක් රුපියල් පනහකට සීයකට ගන්නට හැකියාව සහ පහසුව තිබු අපට ඒ සඳහා පිටකොටුවටම් බඩ ගාන්නට සිදු විය. 

එහෙත් කාලයාගේ අවෑමෙන් නැවතත් ඔවුන් පුරුදු තැන් වල යලිත්වෙළඳාම් කරනවා දකින්න ලැබුණු අතර දැන් කිසිවකු ඔවුන් පසුපස එලවන්නේ නැත. එහෙත් යම් යම් දිනයන් වලදී ඔවුන් හදිසියේ බඩු මුට්ටු හකුලාගෙන වේගයෙන් ගමන් කරනවා දැක ඇත. නමුත් මේ සියල්ලටම වඩා ව්‍යසනයක් ලෙස මා දකින්නේ මෑතක සිට ආරම්භ වී ඇති චයිනීස් කාන්තාවක් සහ පිරිමියෙක් කරගෙන යන ජංගම දුරකථන වෙලන්දාමයි. ඔවුන් කිසි බයක් සැකක නැතිව විවිධ වර්ග වල ජංගම දුරකථන වෙළඳාම් කරන්නේ හරියට තමන්ගේ රටේ සිටිනා සේය. මුලින්ම මෙය දුටු මට ඉතා කනගාටුවක් ඇති විනි. හේතුව ආගන්තුක රටකදී තමන් සතු මුදල් නැති වීමේ අත්දැකීම විඳි පුද්ගලයකු වශයෙන් එවිට් ඇති වන අපේක්ෂා භංගත්වය හොඳින්ම දන්නා නිසාය. මේ එවැනි යුවලක් යයි මුලින් සිතුනද ඔවුන් යහමින් මෙම කර්තව්‍ය කරගෙන් යනවිට මට ඉතා දැඩි කෝපයක් එන්නේ නිතැතිනි. එක් අතකින් ශ්‍රී ලංකාව තුල ජංගම දුරකථනනයක් භාවිතා කල යුතු නම් එය ශ්‍රී ලංකා විදුලි සංදේශ   නියාමන කොමිෂන් සභාවෙහි (TRCSL) ලියාපදිංචි එකක් විය යුතුය. එය පහුගිය අවරුදු වලදී ඉතා හොඳින් සිදු වන ආකාරය දැක යම් සතුටක් ලැබූ පුද්ගලයෙක් වූ මාට අර වෙළඳාම ඇසේ කටු අනින්නා සේ වුයේ එබැවිනි. 
මේ ඉන්නේ දෙන්න ගෙදර වගේ

මේ ෆොටෝ එක ගනිද්දී මේ දෙන්න(ලොතරැයි කූඩුවේ) බය වුනා ළඟම හෙනයක් පාත් වුනා කියල.

ඔය ඉන්නේ අපේ අයියලා වට වෙලා

බලන්න බය නැතිව කැමරාවට මුහුණ දුන් ආකාරය

එසේ ලියාපදිංචි දුරකථනයක්(ජංගම) නැති වූ විටක එහි ඉමි(IMIE) අංකය නියාමන කොමිසමට ලබා දීමෙන් එය භාවිතය වලක්වා ගැනීමට හැකි සේම විවිධ හොරකම් මෙන්ම පාතාල සිදු වීම් වැටලීමට ජංගම දුරකථන තොරතුරු වැදගත් වූ අවස්ථා අප දැක ඇත. ඇත්තටම මේ සඳහා වඩා වැදගත් වුයේ සිම් පතේ තොරතුරුය. නමුත් මෙයින් යම් පාඩුවක් සිදු වන කොටසක් වන්නේ ලංකාවේ ජංගම දුරකථන බලයලත් ආයතනයන්ය. ඔවුන්ට මෙනිසා වෙළඳාම අඩු වන අතර ඒ හේතුවෙන්ම එවැනි කටයුතු  අහවර වන්නටද හේතු විය හැක. මෙමගින් රජයට ලැබෙන ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වේ. අද ලංකාව තුල විවිද ක්‍රම මගින් ලැබෙන ජංගම දුරකථන ප්‍රමාණය මෙහි ජනගහනයත් ඉක්මවා ඇති බව නොරහසකි. දැන් අඩුම වශයෙන් එක් අයෙකු අත ජංගම දුරකන දෙකක් ඇත. සමහර ජංගම දුරකථන ද්විත්ව සිම් ඒවා නිසා එකක් එවනි දුරකනයක් වූ විට සම්බඳතා තුනක් එක් අයෙකු ළඟ ඇත.

 මේ චීන කතගේ වෙළඳාම දවස් දෙක තුනකදී අවසන් වනු ඇතැයි මා මුලින් බලාපොරොත්තු වූ නමුත් එය අවසන් වන පාටක් තිබුනේ නැත.  ඇයට කෙළවරක් නැතිව දුරකථන සපයන්නේ කවුද ? එක් අයෙක් දුරකථන තුනකට වඩා රැගෙන් ආවොත් ගුවන්තොටුපල රේගුව මගින් ඔවුන්ට දඩ නියම කරයි. එනිසා කවුරුත් එම නීතියට අනුව වැඩ කරයි. ඒ අතරින් රිංගා එන අයද නැත්තේ නොවේ. මා පසුව කල විමසීමකදී දැන ගන්නට ලැබුනේ කිහිප අවස්ථාවකම මොවුන් කොටු වුවද, පොලීසියටද ජරාව දෙන බවය. 

මා මේ සඳහා මුලින්ම ගත් පියවර වුයේ අනුෂ පැල්පිට මහතා දැනුවත් කිරීමයි. එතුමා මගේ තොරතුරු වලට ස්තුති කොට ඒ සඳහා පියවරක් ගන්නා බව දන්වන ලද අතර කිහිප දිනක් ඔවුන් වසන් වුයේ ඒ හේතුවෙන් විය යුතුය. දැන් මෙය එතුමාටද නතර කරන්නට බැරි තැනකට පත් වී ඇත යන්න මගේ විශ්වාසයයි. දිනක් මගේ කාර්යාලයේ ආරක්ෂක මහතා සිටින තැන වහන් වී, ටයි දාගෙන් සිටින කොලු ගැටව් කිහිප දෙනෙක්ට වෙළඳාම කරනු දැක මට අසූ හාර දාහට තද වී බැන එලවා දැමු අතර ආරක්ෂක මහතාටද තරයේ අවවාද කලපසු එවැනි සිදු වීමක් නැවත නොවීය. 
____________________________________________________
ඊයේ පාසලක දැරියන් දාහකට එකවර ශරීරයේ කසන තත්වයක් මත රෝහලගත කර පුවත අසන්නට ලැබුනා. පසුව මෙය මැක්කන් නිසා සිදු වුවක් බව වාර්තා වුනා. මැක්කන් මකුණන් උවදුරක් ලෙස අපටත් තුබූ කාලයක් තිබුනා. අද අපේ ඔෆිස් එකේ කතා වුයේ අතීතයේ මකුනන්ට කල ප්‍රතිකර්මය. අප දැන් කිසිදු සතෙකු මරන්නේ නැති වුවද කුඩා කල පුටු වල ඉන්න මකුනන්ට එලව එලවා පහර දෙන යුගයක් තිබුනා මතකයි. උණු වතුර දැමීම, ඉරටු වලින් ඇනීම්, විවිධ බෙහෙත් වර්ග යෙදීම් එකල සුලභව දකින්නට තිබුනත්. අද මැක්කන් සහ මකුණන් වඳ වී යන තවත් සත්ව කොට්ටශයකට අයිතිදැයි අප තර්ක කළා. 

මෙසේ වන්නට ඇත්තේ මන්ද? එකල අපේ නිවෙස් වල තිබු කොහු මෙට්ට ඔවුන්ගේ වාසයට කදිම ස්ථාන වුවත්, විවිද රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර සාදන රබර් මෙට්ට නිසා සහ අප බෙඩ් ශීට් පිරිසිදු කරන්නට යොදන රසායනික ද්‍රවය නිසා මේ සතුන් වඳ වී යන්නට ඇතැයි අප නිගමනයකට ආව. මීට අමතරව දුම්රිය,බස්රිය ආදී පොදු ස්ථාන වල හිටි මකුනන්ට කුමක් වීද ? කුඩා කාලයේ මකුණන් සහ මදුරුවන් මා පහසුවෙන් සොයා ආ නිසා නිතරම කහ-කහා ඉන්න පුරුද්දක් මට තිබුනා. 

ඔබ දන්නවාද ඇමරිකාව විශ්වයේ වෙනත් ග්‍රහ ලෝක තරණයට ගියාට ඔවුන්ට තිබෙන එලි නොකළ ලොකුම ප්‍රශ්නයක් මේ මකුණන්. මකුණන් අමරිකාවට තලේබාන් වරුන්ට වඩා තර්ජනයක් වී තිබේ. එහෙත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ඇමරිකන් ප්‍රතිපත්තිය නිසා ඔවුන් තවමත් මේ ගැටලුවේ සිර වී සිටිනවා. වරක් ලංකාවට මහත් තර්ජනයක් වූ නිදිකුම්බා වර්ගය ඇමරිකාවෙන් මෙරටට ත්‍යාග කල කැටපිලර් යන්ත්‍රයක ටයර් මගින් මෙරටට් ආවක් බවට මතයක් පැවතුනා. එහෙනම් මේ මේ මැක්කන්ගේ ප්‍රශ්නයද ඇමරිකාවෙන් අපට බලෙන් එවන් ලද්දක් යයි විමල් වීරවංශ මහතා ඉදිරි දින කිහිපය තුල තර්ක කළහොත් එය පුදුමයට කාරණයක් නොවනු ඇත.

62 comments:

  1. මොනවා කියන්නද මන්දා....

    මැක්කෝ නම් බලු මැක්කෝ ඇරෙන්න වෙන ජාතියක් මං දැකලා නෑ... ඔය මෙට්ට වල එහෙම ඉන්නවාය කියපු ජාතිය නම් කවදාවත් දැකලා නෑ...

    ReplyDelete
    Replies
    1. මෙට්ට වල ඉන්නෙත් පුටු වල ඉන්නෙත් මකුනොනේ.

      Delete
    2. peoples bank eke putuwala innawa

      Delete
    3. ඒක මම වැඩ කරන තැන කියලා විශේෂයක් නැහැ. ඉන්නවනම් ඉන්නවා නැත්නම් නැහැ.

      Delete
  2. මචං මේක පට්ටම සිද්ධියක්නේ...සිරාවටම මේක අදාළ බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතුම දෙයක්...
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. බලධාරීන්ගේ අවධානයට ලක් කළා. ඒත් එතුමාට විතරක් මේක කරන්න බැහැ. ජනතා සහභාගීත්වය අවශ්‍යයි. අපි මුස්ලිම් වරුන් වර්ජනය කරන්න කලින් වර්ජනය කරන්න ඕනේ මේ වගේ දේවල්. මගේ විශ්වාසය නම් ඔවුන්ට ෆෝන් ලබා දෙන්නේ ලංකාවේ මුදලාලි කෙනෙක් කියලා. ඔවුන් කරන්නේ සේල්ස් රේප් වැඩක්.

      Delete
  3. ඔඅය චීන මිනිස්සු ඔතන විතරක් නෙවේ පිට කොටුවේත් විවිධ තැන් වල ඉන්නවා සමහර අය එලවලු මාකට් එකේ ඉටි කොලයක් එලා ගෙන පිහියා සහ වෙනත් කැපීමට කෙටීමට භාවිත කරන උපකරන විකුනනවා...
    FM මයික් එකක් දාගෙන කැඩුනු ඉන්ග්‍රීසියෙන් බඩු විකුනනකොට සෙනග පිරිලා,
    ඇමරිකාවට තියන පර්ශ්නේ මැක්කන් නොව වේයන් යයි මා අසා තිබෙනවා මොකද ඒ ගොල්ලා සාමාන්‍ය නිවාස හදන්නේ ලී වලින් නිසා මේක බරපතල ගැටලුවක් .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. වේ කේස් එකනම් මාත් අහලා තියෙනවා.

      Delete
    2. තව ටික කලක් මෙහෙම ගියොත් කොටුව පිටකොටුව චීන්නුන්ගෙන් පිරෙයි. ඔයා කිව්වා එක හොඳයි.
      මේකත් බලන්න
      http://www.scientificamerican.com/article.cfm?id=silent-killer-chagas-disease

      Delete
  4. අවාසනාවටද දෝ මන්දා මටනං ඒකෙ කිසිම ඇදයක් පේන්නෙ නෑ...
    උංව පොලිසියට ගෙනිහිං ටිකක් වැඩිපුර දඩයක් නියම කලානම් හරි...මම අහලා තියෙන විදියට දඩය රුපියල් පන්සීයයිලු..ඉතිං ඒ පන්සීය මුන්ට ගානක් නෑ..
    කොහොමින් හරි මිනිස්සුට බෝම සාදාරන මිලට ජංගම දුරකථනයක් ලැබෙනවා මේ මාර්ගෙන්...රජය මේව නවත්වන්න නම් උපාය දූතයින් දාල ඔවුන්ව අල්ලලා සැප දඩයක් ගහන්න ඕනි....

    අනික සහෝදරයා ඕක වෙන්නෙ මේ කහටගස් දිගිලියෙවත් සියඹලාන්ඩුවෙවත් නෙමෙයි නේ...කොළඹ අධිආරක්ෂිත කලාපයේ..ඉතිං මං නං හිතන්නෙ මේ අයට කොහෙන් හරි ලොකු බලයක් ඇති.. බලයක් නැත්තං ඒක අපේ ඉන්න පොාලෝසි මහත්වරුන්ගේ වරද.. මේ වගේ අයට මනුස්සයො අතින් පයින් හිරිහැර කරන තැනට යන එක වැරදියි...මේ එක හාල්පාරුවෙක්ට කණට ගැහුවා වගේ නෙමෙයි අපේ රටේ නම තමයි කැත වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මට තියෙන්නේ ලංකාව ඕනෑම කුණු ගොඩක් විකුණා ගන්න තෝතැන්නක් වෙන එකේ දුක. ලංකාවේ කඩ වලත් අඩු මුදලට දුරකතනයක් ගන්න පුළුවන්. මෙයාල මේ වටපිට ඉන්න සියල්ලන්ටම සලකනවා කියන එක මට දැනිලා තියෙනවා. අද මේ ෆොටෝ එක ගත්ත වෙලාවේ මගේ පස්සෙන් ඇවිත් ලංකාවේ පුද්ගලයෙක් ඇහුව මොකටද සර් ෆොටෝ ගන්නේ කියල.

      Delete
  5. කාලයක් තංගල්ල පැත්තෙ සෑහෙන්න හිටිය .ඔවුන් විකුනුවෙ ඔරලෝසු..කිසි බයක් නැතිව ගෙවල් ගානෙත් ඇවිද්දා. අම්මප ඕකුන්ව මංකොල්ල කන්න එවුන් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අපේ ගමක මිනිහෙක් කොළඹට ඇවිත් වට පිට බැලුවොත් ගැහුවා පර්ස් එකට. අපිටත් රටින් එනවා නම් ඕන මරාලයක්.

      Delete
  6. චයිනීස් ෆෝන් විකුණන වැඩේ කොටුවේ විතරක් නෙමෙයි.. මහරගම, අතුරුගිරිය, නුගේගොඩ වගේ තැන් වලත් කෙරෙනවා.
    සාදාරණද අසාදාරණද ගනන් මිනුම් කොහොමද කියල මම දන්නේ නෑ..

    ජය..

    ReplyDelete
    Replies
    1. ලාභ බඩුවේ හිලක් තියෙනවා කියල කතාවක් තියෙනවනේ. සාධාරණ වුනත් අපි මේවා අගය නොකර ඉන්න ඕනේ කියන එක තමයි මගේ විශ්වාසය. අපි කොහොමද නොරටක මිනිසුන් විශ්වාස කරන්නේ. බලන්න මේ චායාරුපයට ඇය බය නැතුව මුහුණ දුන්නේ "උඹ පුළුවන් නම් කොරපන්කෝ" කියන්න වගේ.

      Delete
  7. මම නම් ඉතිං නොකියා තමයි.වැදගත් ලිපියක් සහෝ..
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  8. ඇත්ත ෆෝන් ගන්නවා නම් අනිවා විදුලි සංදේශන කොමිසම අනුමත කරන එකක් වෙන්නම ඕන මොකද ඒකෙන් අපේ සෞක්‍යටත් වඩා ආරක්ෂිතයි.

    ReplyDelete
    Replies
    1. ෆෝන් එක කියන්නේ බිරිඳ/සැමියා වගේ හැමදාම ලගින් ඉන්න කෙනෙක්/දෙයක්, ඉතින් ඒ වගේ දෙයක් ආවට ගියාට ගන්න පුලුවන්ද ?

      Delete
  9. ඔය චීන සෙට් එකක් කාලෙකට කලින් ගම් වල ඇවිදලා ඔරලෝසු විකුණුවා. කීප දෙනෙක් එකට ඇවිල්ලා පස්සේ ගෙවල් වලට වෙනම එන්නේ. කෙල්ලොත් එනවා තනියම. බයත් නෑ. යන්තමට සිංහල වචනයක් දෙකක් කතා කරන්නත් පුළුවන්. දැන් නම් ආවේ නෑ කාලෙකින්.
    උන් ගේන ඒවා වැඩි කාලයක් පවතින්නේ නම් නෑ.

    ReplyDelete
  10. china gellmai wikunanne 4n witharamada aiye. China porak awella oralosu wikka dawasak. Man nam gaththe ne. Eth gaththa ewa wedakale china nopeni yanakal witharai.

    ReplyDelete
    Replies
    1. තව දේවලුත් විකුනනවා කියලා ආරංචියි. ෆෝන් එකකුත් අරන් දෙවෙනි දවසේ වැඩ නොකරන්න පුළුවන්. එදාට තමයි රගේ දැනෙන්නේ.

      Delete
  11. මමත් ඉතින් කාලයක් ඔතන හිටියනේ ,මම ඒ දවස්වල atm සල්ලි දාන්න වෙන වෙලාවට විදුලි බල මණ්ඩලේ කවුන්ටරේ පැත්තට වෙලා අර අන්ධ යුවලගේ සින්දුවක් එහෙම අහනවා ,

    මටත් සුදීක කිව්ව ඔක්කොම මතකයි ,මගේ ෆිට් එකකුත් ඉන්නවා දෙවෙනි පින්තුරේ ,ලොතරැයි කුඩුවේ අය්යා ,දැන් අර චිත්‍ර විකුණන මෑන් නැද්ද ?ලගදි ඒ පැත්තේ ගියේ නැහැ ,

    බිල්ඩිම කොනේ යට තට්ටුවේ සයිවර් කඩෙත් මගේ ෆෙවරිට් පොට් එකක්

    ReplyDelete
    Replies
    1. චිත්‍ර විකුණන මාන චීන්නුන්න්ට පොඩ්ඩක් සපෝර්ට්. මිනිහා ගානක් අය කරනවද මන්ද ?
      සයිවර් කඩේ වසා ඇත.

      Delete
    2. හපොයි ඇත්තද ?චිත්‍ර විකුණන මෑන් ඉන්න තැනනේ අරුණ දෙන්නා වාඩිවෙලා ඉන්නේ ,බැංකුවට එන උන්ව ටාගට් කරන්න වෙන්න ඕන ඔතන ඉන්නේ ,අපේ උන එහෙම අහු වෙලාද දන්නේ නෑ ,

      ඒක නෙමෙයි කාඩ් සෙන්ටර් එක බොරැල්ලට ගෙනිච්චා නේද ?

      Delete
    3. ඔව් බොරැල්ලේ තමා. අවුරුද්දක් වෙනවා. අපි තවම මෙතන.

      Delete
  12. ඉතින් ඒක මාර වැඩක්. පොලිසියට මේ මිනිස්සුන්ව පේන්නෙ නැද්ද? එතකොට මේ මිනිස්සුන්ට වීසා නැද්ද, වර්ක් පර්මිට් ඕනෙ නැද්ද? අනික විදුලි සන්දේශ නියාමන කොමිසම ඔතනම නේද තියෙන්නෙ? අපේ එවුනුත් විදේශිකයන්ට හරි ගරු සැලකිලියිනෙ, ඒකත් එක ප්‍රශ්නයක්.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පොලීසිය මුලින් මුලින් ඇල්ලුවා. පොඩි ගානක් දීල ශේප් වෙනවා දැන්. විදුලි සංදේශ නියාමන කොමිෂන් එක තියෙන්නේ නාරාහේන්පිට.

      Delete
  13. තව ටික කාලෙකින් ලංකාවේ චින්නු ඉඳියි අපිට වඩා කොහොමත් , ඔය තාම ටෙස්ටින් :p

    ReplyDelete
    Replies
    1. හි හි.. මන්චි එක හරියේ බලන්න ඕනේ.. තායි කෙල්ලො වැහි වැහලා...

      Delete
    2. අහවල් මගුලක් කොන්රන්නද දැන්නෑ?

      Delete
  14. සුදීකව මම අනිත් බ්ලොග් වල දැකලා තිබුනට.. අද මේ බ්ලොග් එකට කඩන් වැටුනෙ අහම්බෙන්.. ගූගල් සර්ච් එක හරහා කරපු සෙවීමකදි හමු වෙච්ච මේ ලිපිය හරහා.. කියවලා ඉවර වුනාම තමයි දැනගත්තෙ මේක සුදීකගෙ බ්ලොග් එක කියලා..

    මේකනම් වහාම නවත්වන්න ඕනා තත්ත්වයක්.. අපිට තියන ඔලුවෙ කැක්කුම් හොඳටම ඇති.

    ඔන්න බ්ලොග් රෝලට දාගත්තා..

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි කඩා වැටිලා ආව එක හොඳයි. බොහොම ස්තුතියි.

      Delete
  15. TRCSL ඇප්රූව්ඩ් එවා ගන්න එකයි ඇත්තේ :)

    ReplyDelete
  16. උඹේ පොස්ට් එකේ මුල් හරිය කියවගෙන එනකොට මට මැවුනේ චිත්‍රපට පසුබිමක් මචං පොඩි මිනිහා කීයක් හරි හොයන් කන පාත්තරෙට කෙලවන එකාට හරියන්නේනම් නෑ අනික තමයි අපේ උන්ට කියක් හරි හොයාගන්න තියෙන තැනට වෙන රටවල උන්ට ඉන්න දෙන එකට උඩගෙඩි දිමක් තමයි උන් වටේ රැස්වෙලා ඉඳගෙන අපේ එවුන් කොරන්නේ කොහොමත් අතීත වංශ කතාවෙත් සිද්ද උනේ ඒ ටිකමනේ මචං

    ReplyDelete
    Replies
    1. නැත්නම්. පිට රටින් එන ඕනෑම කුණු ගොඩක් බදා ගන්න මේ වගේ ජාතියක් ලෝකේ කොහේ හරි ඉන්නවද දැන්නෑ.

      Delete
  17. අපේ ගෙදර නම් මකුණෙක් බේතකට හොයා ගන්න නෑ...ඒත් දවසක් මරදාන ඉස්ටේසුමේ බංකුවක මම ඉදගෙන හිටපු වෙලාවක ඇදන් හිටපු ඩෙනිම හරහා පුකට විද්දා මකුණෙක් මට දුම් පිටවෙන්න...ඒ එක්කම කටිං පිටවෙච්ච නාදයට ළගම හිටි ලස්සන ගෑල්ළමයෙකුත් මගේ දිහා නෝන්ඩියට වගේ බැලුවා... හරිම ඛේදනීය සිදුවීමක්...

    චීන ගෑණි සුදු වෑන් එවන්න පුලුවන් පරිස්සමෙන්...

    ReplyDelete
    Replies
    1. නරකද ඒක පොස්ට් එකක් කලොත්.

      මටත් හිතුනා. චීන ගෑනි කොයි හැටි වෙතත් ඒ පිටිපස්සේ ඉන්න මුදලාලිලා ෂුවර් නෑ.

      Delete

  18. තරහ වෙන්න එපා සුදික , මේ මගේ අදහස. ලෝකයේ අලුත් ආර්ථික බලවතා වෙන්න ඉන්නේ චිනේ. ලෝකයේ හැම රටකම , හැම අස්සක මුල්ලකම චීන අය දැන් සැරිසරනවා. සැම රටකම ආර්ථිකයට , ස්වභාවික සම්පත් වලට ඔවුන් බැල්ම දමමින් ඉන්නේ. අවස්ථාව උපදින්නේ කොහෙද ? එත දැන් චීනෙක් ඉන්නවා. ඔවුන්ගේ ඒ ෆොර්වර්ඩ් ගතියට ඉර්ෂ්‍ය කිරීමට වඩා , එයින් අපිත් යමක් ඉගෙන ගත්තොත් හොඳයි කියල හිතෙනවා. මොවුන් විකුණන පෝන් විතරක් නෙමේ සිංහල සාප්පු වල විකුණන අනිත් බොහොමයක් චයිනිස් පෝන් වලත් IMIE අංක අප්සෙට්. මෙතන ප්‍රශ්නේ ඒ අප්සට් ෆෝන් චයිනිස් කෙනෙක්ම විකුණන එකද ?

    අපිට චීන වෙලෙන්න්දන්ගේ මුණු සුදුපාටට වෙනස් හින්ද අමුතුවට , අපුරුවට පෙනුනට ඔවුන් විතරක් නෙමේ ලංකාවට පිටවලින් ඇවිල්ල වෙළඳාම් කරේ , කරන්නේ. ඉස්සර ඇෆ්ඝන් කාරයෝ , මැලේ ජාතිකයෝ , දකුණු ඉන්දීය වෙළෙන්දෝ , මලයාලම් කාරයෝ , මාලදිවයින් කාරයෝ ආදී මේ කි නොකී ගොඩක් අය ලංකාවේ වෙළඳාම් කරා ... කරනවා. එත් එයාලව ලේසියෙන් අඳුරගන්න දැන් කාලේ අමාරු හින්ද ඔබට ඒක ප්‍රශ්නයක් වගේ පෙන්නේ නැහැ. නමුත් චීන ජාතිකයෝ කැපිලා පේන හින්ද තමා මෙතන ප්‍රශ්නේ. (ලංකාවේ නිතිය සහ එය ක්‍රියාකරන ආකාරය ගැන නම් මං මුකුත් කියන්න වෙලාව නාස්ති කරන්නේ නැහැ )

    ඔවුන් විකුණන බාල ෆෝන් ගන්නේ මොකද අපේ අය. ඉල්ලුමක් තිබෙන සෑම තැනකටම ඒ දෙය සැපයීමට තමා චීන ඉන්නේ . ඔවුන් ඉතා දක්ෂ වෙළෙන්ඳන්. හැබැයි වයිරස් වගේ. ඇවිල්ල ටික කලකින් සෑම පැත්තටම පැතිරිලා යනවා.

    නමුත් ඇත්තටම දක්ෂයෝ. යමක් නිපදවන්න පුළුවන් , අලුත් විදියට හිතන්න පුළුවන් අලුත් යමක් කරන්න පුළුවන් අය. මුස්ලිම් මුදලාලිලා වගේ අරක මෙයාට දීල මැදින් ගාන කඩාගෙන ලෝකෙට කිසි වැඩක් නැතිව බෝවෙමින් ඉන්න අය නම් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාවත් ඇත්ත. ඒ වුනාට මෙතන තියෙන ප්‍රශ්නේ උන් සේල්ස් රෙප්ලා විතරයි කියලයි මගේ විශ්වාසය. ඔයා කියන ඔය කඩේක මුදලාලි කෙනෙක් තමා පිටිපස්සේ ඉන්නේ. පොලීසිය අල්ලන්න ඕනේ අන්න එයාලව. මේ වගේ දෙකට රජය මැදිහත් වෙලා එයාලට බලපත්‍රයක් නිකුත් කරනවා නම් හරි යම් ගාස්තුවක් අය කරලා. නමුත් මේ වගේ දේවල් වලට ව්කුනු පසු සේවාවක් තියෙන්න ඕනේ නේද? මම නම් මගේ හිතවතෙක් රටින් ගෙනත් දෙන ෆෝන් එකකට වඩා ලංකාවේ ඒජන්තවරු සිටින වර්ගයක් තමයි මිලදී ගන්නේ.

      Delete
  19. //නමුත් ඇත්තටම දක්ෂයෝ. යමක් නිපදවන්න පුළුවන් , අලුත් විදියට හිතන්න පුළුවන් අලුත් යමක් කරන්න පුළුවන් අය.//

    චින්නු කොහෙද බන් අලුත් දේවල් කලේ , පටන් ගත්තේ ජපනගෙයි සුද්දන්ගෙයි භාණ්ඩ වල කොපි හදලා . දැන් කරන්නේ ඒ රටවල ඉංජිනේරුවන්ගේ පර්යේෂණ වල ප්‍රතිඵල විදිහට හොයා ගන්න උපකරණ අඩු වියදමෙන් කාර්යක්ෂමව නිපදවන එක විතරයි . ශ්‍රමයේ මිල ඔය තරම් අඩු මට්ටමට තියා ගන්න පුලුවන් තාක් කල් චීනේ උඩ යයි ඊට පස්සේ සොරිම තමා .අයිපෝන් එකේ ඉඳන් බොහොමයක් ෆෝන් හදන්නේ චීනේ , හැබැයි ඒවායේ තාක්ෂණය චීනගේ නොවන නිසා ගුණාත්මක බව හොඳයි . චින්නුම හඳන බ්‍රැන්ඩඩ් ෆෝන් වෙච්ච හුවෙයි වගේ එකකට අනිත් ෆෝන් එක්ක හැරෙන්න වත් බෑ .

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔවුන් ක්ලොනින් විසේසඥයෝ.

      Delete
    2. @ බුවා , මිතුර .. චීනය ගැන ඔබ ගේ ඇති දැනුම ලංකාවේ බොහෝ අය තුල ඇති popular stereotypical preconception /prejudice මිස සත්‍යයක් නොවේ.

      කිසිම ආසියානු රටක් සිං ගා උසස්ම බඩු නිපදවා කාර්මීකරණයට ලක් වී නැත. ජපානයද ඇතුළුව උසස් ලෙස කාර්මීකරණය වූ සෑම ආසියානු රටක්ම මුලදී නිපද්වුයේ අනුකරණ සහ බාල බඩුය. 1950 ගණන් වල බාල බඩුවක් දුටු විට සුද්දන් (ඔබ මෙන්ම ) සිනා සුනේ මේක නම් මේඩ් ඉන් ජපෑන් ද කොහෙද කියමිනි... ඒ ජපානයේ කර්මිකරණයේ මුල් දශකයයි. බලන්න දශක කීපයකින් තත්වය වෙනස් වූ ආකාරය...

      චීනයද මේ තත්වයට පෙරළෙමින් පවතී. 2015 දී ඔවුන්ගේ හමුදා බලය ඇමරිකාව අබිභවා යාමට නියමිත අතර , 2025 දී මේ පවතින තත්වය යටතේ ලෝකයේ ආර්ථික බලවතා වීමට නියමිතය. අනුකරණ සහ බාල බඩු නිපදවූ පමණකින් මේ තත්වයට රටක් පැමිණීම හැකි වේ යයි සිතීම හිතළුවකි.

      පටු අදහස් සහ වැරදි සංකල්පනා ඉවත දමා චීනය දෙස පවතින තත්ත්ව යටතේ බැලීමට සහ ඔවුන්ගේ ආර්ථික දියුණුවේ වාසි හිතවත් රටක් වශයෙන් ලංකාවටද ගැනීමට කාලය පැමිණ ඇත. අනාගතයේදී බලවත් චීන ආයෝජන සහ චීන ජාතිකයන්ගේ ක්‍රියාකාරිත්වයන් ලංකාවේ බොහෝ සෙයින් වැඩිවේ. මේ පටන්ගත්තා පමණි. කැමති වුවත් නැතත් , පිටකොටුවේ චයිනා ටවුමක් ඇතිවීම සුදික ඔබට විඳගැනීමට සිදුවනු ඇත.

      Delete
    3. ඒකාලේ ජපන් බඩුවක් ගත්තොත් වික්ක එකයි ගත්තු එකයි දෙපැත්තට දුවනවා කියලා මං අහලා තියෙනවා .ගත්තු එකා හිතනවලු වික්ක එකට ගාන වැරදුනයි කියලා, වික්ක එකා හිතනවලු ගත්තු එකාට බඩුවේ quality එක මාට්ටු වෙලා ආපහු එයි කියලා :)

      Delete
    4. //චීනයද මේ තත්වයට පෙරළෙමින් පවතී. 2015 දී ඔවුන්ගේ හමුදා බලය ඇමරිකාව අබිභවා යාමට නියමිත අතර//

      මේ කථාවට දෙන්නකො බලන්න මුලාශ්‍රයක් , ඇමරිකානු යුධ බලය ඉක්මවා යන්න අවම වශයෙන් ගුවන් යානා සංඛ්‍යාවත් , ගුවන් යානා ප්‍රවාහන නෞකා සංඛ්‍යාවත් ඉක්මවා යා යුතුයි . චීනේ යන්තම් අටවගෙන එකක් හදාගන්න කොට ඇමරිකාවට මේවා 18ක් තියනවා .අනිත් අතින් චීනය යුධ තාක්ෂනය අතින් ඇමරිකාවට සහ රුසියාවට වඩා ජෙනරේශන් එකක් පිටිපස්සෙන් කොහොමත් ඉන්නේ. චීනය ලෝකයේ දැවැන්තම ආර්ථිකය වෙන දවස නම් ඒ තරම් දුර නෑ , ජනඝහනයට අනුලෝමව කොහොමත් ඉහල යන දල දේශීය නිශ්පාදිතය ඇමරිකාව ඉක්මවා යාම කොහොමත් මහා අරුමයක් නෙවෙයි . නමුත් ඒක පුද්ගල ආදායමෙන් හෝ , රටේ ජනතාවගේ ජීවන තත්වය සම්බන්ධ අනිකුත් සාධක වලින් චීනය ඉන්නේ ගව් ගානක් පිටි පස්සේ, ඔය කාරණා ජය ගන්නේ නැතුව "ලෝක බලවතා" වෙන්න හැකියාවක් චීනයට නෑ.අනිත් අතින් ඇමරිකාව අතේ තියන ලෝක මුල්‍ය කලමණාකරන බලය චීනය අතට ගන්න එක දශක ගණනාවකට කරන්න පුලුවන් වැඩක් නෙවෙයි . ලෝක බලවතෙක් වෙන්න අවශ්‍ය කරන දේශපාලන බලයක් චීනයට ඇත්තේම නැති තරම් , ලෝකයේ ප්‍රධාන යුධ ශක්තීන් අතරින් රුසියාව හැර අන් සියල්ලම මේ මොහොත විටත් ඇමරිකානු හිතවාදීන් . එක්සත් ජාතින්ගේ ආරක්ෂ මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 3/5 වගේම ඩ් ඉදිරියේදී නිත්‍ය සමාජිකත්වය යෝජනා වෙලා ඉන්න රටවල් අතරින් බ්‍රසිලය හැර අන් සියල්ලන්ම චිනයේ දේශපාලනික හිතවතුන් නෙවෙයි . මේ වගේ තත්වයක් එක්ක ලෝක බලවතා වීම අපේ ජීවිත කාලය තුලදි නම් චීනය ලඟා කරගන්න දෙයක් නෙවෙයි

      ජපානය ගමන් කරපු මාර්ගය සහ චීනය ගමන් කරන මාර්ගය එකිනෙකට වෙනස් , ජපානය කියන්නේ නිදහස් චින්තනය දිරිමත් කරන ප්‍රජාතන්ත්‍රවාදි රටක් , ඒ නිසා තමයි ආර්ම්භයේ බාල නිෂ්පාදන වල සිට පසුකාලීනව ලෝක මට්ටමේ නම තියන වෙලඳ නාම දක්වා ජපානය ගමන් කරන්නේ , චීනය කියන්නේ ඒකාධිපති චින්තනයකින් මිනිස්සුන්ගේ නිර්මානශිලි තාවය මොට කරන රටක් , අදටත් චීනය රැඳිලා තියෙන්නේ අනිකුත් රටවල වෙලඳ සමාගම් වල නිෂ්පාදන වලින් . ජපානය විතරක් නෙවෙයි ඉතාම කෙටි කාලයකින් සංවර්ධනයේ හිනි පෙත්තටම ගිය (චීනයට වඩා සංවර්ධිත ) දකුණු කොරියාවත් ජපන් නිශ්පාදන වලට විකල්ප තමන්ගේ සමාගම් වලින් හදලා ලෝක මට්ටමේ වෙලඳ නාම හදාගත්තේ නිර්මානශිලිත්වය දිරිමත් කරන වටපිටාවෙන් . චීනයට ඒ නිර්මානශිලිත්වය නැහැ . ළමා ශ්‍රමය ඇතුලු ශ්‍රම සූරා කැම් වලින් කාර්යක්ශම නිශ්පාදනයන් කරනවා විතරයි

      යම් විදිහකින් චීනයට වඩා ලාභ ශ්‍රමයක් දෙන්න පුලුවන් රටක් කාර්යක්ශම නිශ්පාදනයක් දෙන්න පුලුවන් වටපිටාවක් හදාගත්තොත් ඔය ප්‍රධාන සමාගම් සියල්ල චීනය අත්හැරල යන්න ගත වෙන්නේ සුලු කාලයයි . අන්න එදාට ඔය ලෝක බලවතා වෙන්න බලාගෙන ඉන්න චීනයට වගේම චීනය ලෝක බලවතා වෙලා , ලංකාවට මාර සැපක් ලැබෙන කන් සිහින ලෝක වල කිමිදෙමින් ඉන්න අයටත් සැහෙන පල්ලමක් බහින්න සිද්ධ වෙනවා .

      Delete
    5. ඇත්තටම ඔබ දෙදෙනාගේ මේ විවාදයෙන් මා ගොඩක් දේ ඉගෙන ගත්තා. ස්තුතියි.

      Delete
    6. ස්තුතියි බුවා කරුණු දැක්වීමට. මමත් කරුණු කීපයක් ඉගෙන ගත්තා... චීනය එයාර් ක්‍රාෆ්ට් කැරියර්ස් නිපදමින් පවතින්නේ. ඒවගේ ෆ්ලිට් එකක් හදන්න ටිකක් කල් යන හින්දයි විශ්ලේෂකයෝ 2025 දක්වා ඒක කල් දාල තියෙන්නේ.

      පවතින ලෝක තත්වය එක්ක බලනකොට , චීනය ලෝක බලවතා වෙන්න තරඟයක් දෙනවට වඩා , ලෝක බලවතා ව මිලට ගැනීමක් වෙයි කියල (දැනට වෙමින් යන්නේ එකයි ) තමයි මට නම් පේන්නේ... අන්තිමේ බැලුවහම දෙකම එකයි නේ :)

      Delete
    7. ඇමරිකාව තමන්ගේ ණය ප්‍රශ්නය කොහොම විසඳ ගනීද කියන එක කාටත් ප්‍රශ්නයක් , කොහොම වුනත් ලෝක ආර්ථිකය හසුරවන්න ඇමරිකාවට තියන බලය වගේම චීන ආර්ථිකය හසුරවන්න ඇමරිකාවට තියන බලයත් තවම එහෙමමයි . හුවායි සමගමේ භාණ්ඩ තහනම් කලා වගේ , ණය උගුලෙන් ගැලවෙන ගමන් චීන නිශ්පාදන සීමා කරන පිලිවෙලකට ඇමරිකාව ගියොත් අනාථ වෙන්නේ චීනය .ඇමරිකාවෙන් ආර්ථික සම්බාධක දැම්මාම රටක් නන්නත්තාර වෙන්නේ ඇයි කියල පොඩ්ඩක් හොයල බලන්න , එතකොට තේරෙයි ඇමරිකාවට තියන ආර්ථික බලය මොකක්ද කියල .

      Delete
  20. චයිනීස් ෆෝන් විකුණන චීන ගෑණු කෙනෙක් ආමර් වීදිය පැත්තෙත් ඉන්නවා. මේ ළඟදී කිරිබත්ගොඩත් මම දැක්කා චයිනීස් ෆෝන් විකුණන චීන ගෑණු කෙනෙක්. ඒක සංවිධානය වෙලා කරන ලොකු ව්‍යාපාරයක් වගේ අයියා.

    ReplyDelete
    Replies
    1. මම දකින්නේ මේ චීන යුවල සහ තවත් කිහිප දෙනෙකු පමණයි. දැන් පෙනෙන විදියට මහා ගොඩක් ඉන්නවා වගේ.

      Delete
  21. චීන ජාතිකයෝ හරිම දක්ෂ කොටසක්. එයාලා ඔහෙන් එලවන එක නම් අමාරු වැඩැක් වේවි. මම මේ එහේ යනගමන්. :D:D:D

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකක් ගන්ට වෙන්නැති

      Delete
    2. හුඟ කාලෙකින් චීන අවන්හලකින් කාලා නැතිව ඇති.

      Delete
  22. ඇත්ත ඔවුන් දක්ෂයි. ඒත් මම කියන්නේ අපේ රටේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරගෙන යන්නට තිබෙන වල්බුරු නිදහස.

    ReplyDelete
  23. හෑ..... මමත් ලක්සලේ වැඩ කරන්නෙ. ඕක දකිනකොට මටත් එන් තරහ නම් උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ලක්සලේද ඉන්නේ. අපි එහෙනං අසල්ව්සියෝ නෙව.

      Delete
  24. අපේ පැත්තෙත් චීන්නු ගිහින් තිබ්බේ ෆෝන් අරගෙන. අපේ එවුනුත් උඩදාලා අරගෙන. සැම්සුන් ෆෝන් විදියට මුන් විකුනන්නේ. පෙනුම ඒ විදියමයි. දන්නේ නැතිනං සොරි. ලක්ශේ එක 15000 දෙනවා කිව්ව ගමන් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ලාභ බඩුවේ හිලක් තියෙනවා කියල කියන්නේ ඕවටනේ.

      Delete
  25. Replies
    1. කියන්න සන්තෝසයි, මගේ මේ පොස්ට් එකෙන් පස්සේ කොටුවේ මේ චීන යුවල දකින්න නෑ. දේශ් දාල තියෙන ලින්ක් එකේ අල්ලලා තියෙන්නේ උන්වමද දන්නේ නෑ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...