Friday, May 18, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 7 - යසපාල සහ කාන්තිගේ ව්‍යාපාරය



කතාව ලියන්නට කලින් ලිවිය යුතු දෙයක් ඇත. ඒ අද මට දඟයා හමු වීමය. මේ දවස වල කොළඹ කොටුවේ තිබෙන ට්‍රැෆික් එක අතරේ, ගිණි අව්වෙන් බේරෙන්නට ඔෆිසිය කරා දුවද්දී මම  දඟය දැක නැවතුනෙමි. මුනගැසී කථාබස් කල දේ හෝ අපි දෙදෙනා අතර ඇති වූ කුළුපග කම මෙහි සඳහන් කිරීම වැදගත් නොවුනත් මා සයිබර් සැණකෙළියේදී රත්ගමයා යයි පටලවා ගත්තේ මේකා නෙවේදැයි සිහි වී හිතිං ඇති වන්න සිනාසුනෙමි. සයයිබර් සැණකෙළිය ගැන මා ලිවූ ලිපිය [මෙතනින් සයිබරයේ සිහින සැණකෙලිය 2012 - මා දුටු හැටි.(සවිස්තරව )  කියවන්න].  අපේ මිතුරු මිතුරියෝ කීප දෙනෙක්ම චෝදනා කල කතාවේ හොඳම හරිය නොලිය ඉන්න එක කෙටි කතාවකට ගැලපෙන්නේ නෑ කියල. ඉතිං පොරොන්දු වුන විධියට කතාව සම්පුර්ණයෙන් ලියන්න මම තිඉරණය කලා. මෙන්න කතාව.

මේ‍ක මට කිව්වෙත් අර කෙටිම කෙටි ලොල් කතා 3 [මෙතනින් ආරේ ගුණ බලන්න ] කියපු ගුරු මහත්මියමයි. ඒ ගුරු මහත්මියගේ ගෙවල් පැත්තේ ඒ කියන්නේ බලන්ගොඩ පැත්තේ වුන දෙයක්. ඇත්තටම වුනාද කියන්න නම මන දන්නෑ. දැන් මෙතන ඉන්න ත 18 ට අඩු නංගිලා - මල්ලිලා හොඳ ළමයි වගේ මේක ක්ලොස් කරලා 18 පැන්නට පස්සේ බලන්න හොඳ ළමයි වගේ. 

කමලාවතී කියන්නේ ටිකක් දඟකාර කෙල්ලක්. ගමේ බොහෝ පිරිමින්ගේ හිත සොරා ගන්න මේ කෙල්ල, ගැටිස්සි වේගෙන එද්දීම හැකි වුනා. මේකට කෙල්ලගේ දෙමව්පියෝ බය වෙලා හිටියේ. මොකද මේ වගේ ඇහැට කණට පේන එකියකට ලේසියෙන් බේරිලා ඉන්න ලැබෙන්නැති බව තම අත්ද්කීමෙන්ම ඔවුන් දන්න නිසා. ඉතිං මේ අම්මයි තාත්තයි මේ කෙල්ලට ඉක්මනින් කසාදයක් කරලා දෙන්න ඕනෙයි කියල හිතලා හොයන්න පටන් ගත්ත. අපේ කෙල්ලට හරියන්නේ ටිකක් සැර පරුෂ මිනිහෙක් හාමිනේ. මෙහෙම කිව්වේ කෙල්ලගේ තාත්ත. ඒ කෙල්ලගේ ආරක්ෂාව ගැන හිතලා. එහෙම හිතලා හිතලා හොයා ගත්ත අපේ රත්ගමයගේ ගමට අල්ලපු ගමෙන් යකෙක් වගේ කොල්ලෙක්. හැබැයි බින්න බහින්න වුන නිසා මේ කොල්ල ඒ කියන්නේ යසපාල ඒ ගමේ  ජීවත් වුනේ දෙකට ගණින්න බෑ වගේ.  යසපාල ගමේදී කලේ හුණු පෝරණුවක්.  ඉතිං මිනිහා දන්නා රස්සාව හින්දා කෙල්ලගේ ගමට ඇවිල්ලත් කලේ හුණු බිස්නස් එකක්. ගමෙන් හුණු අරන්  ඇවිත් මෙහෙ පොඩි කඩයක් දාගෙන විකුණන එක. දෙන්න බොහොම මහන්සියෙන් හුණු කඩේ කරගෙන ගියත් ඒ හැටි ආදායමක් තිබුනේ නෑ. හේතුව මේ කඩේට කවුරුවත් එන්න කැමති නොවුණු එක. එකට හේතුව මොකක්ද කියන එක තාමත් නොවිසඳුනු රහසක්. සමහරවිට අර හිමිජ්ජා වගේ හිටිය යසපාලය දරුණු එකෙක් කියල මිනිස්සුන්ට හිතුන නිසා වෙන්න පුළුවන්. එත් උගේ දරුණු කමින් අනිත් අයට ඇති ප්‍රශ්නයක් නැහැනේ. සල්ලි දුන්නොත් බඩු දෙයි. යපලත් බලාගෙන ඉන්නේ කොහොම හරි කල්ල හුණු ටික විකුණා ගන්න. ඇයි දෙයියනේ මේවට ගිය සල්ලි ටික හොයා ගන්න එපැයි. 

මේකනම් කෙරෙන වෙළඳාමක් නෙවෙයි කියල යසපාලට හිතුනා. බැරිමතැන ගමේ ඉන්න ජෝතිෂ වැඩ කරන උන්නැහේ කෙනෙක් ගාවට යසපාලයි, කාන්තියි අම්ම තාත්තයි උදේ පාන්දරම ගියා. වැඩිය කට්ටිය හිටියෙත් නැති නිසා මේ ජෝඩුවට ඉක්මනින්ම ජෝතිෂ උන්නැහේ මුණගැහෙන්න හම්බ වුනා. දෙන්නගේ මූණු දිහා හොඳ විපරමක් දාපු සියදෝරිස් අප්පුහාමි (ජෝතිෂ උන්නැහේ) ඇහුවා 

මො..ක..ද... දරු සම්පතක් වත බලා ගන්නද ආවේ? මට වෙලාවල් නොබලාම කියන්න පුළුවන් මේ දැරිවිට හොඳට දරු සම්පත් තියෙනවා. 

නෑ අයිබෝවන්ඩ මේ අපේ දැරිවි පෙලවහට ගත්ත යසපාල හුණු කඩයක් දැම්ම. හරි හමන් වෙළඳාමක් නෑනේ. අපිට මේකට මොනවා හරි කරලා දෙන්න බැරිද.

දැන් මොකක්ද මේ කඩේ නම ?

අනේ, නමක් කියල දැම්මේ නෑ ආයිබොවන්ඩ

එහෙම හරි යනවද අපි දාමු මේකට හොඳ නමක්. මොනවද දෙන්නගේ නම්?

කොල්ල "යසපාල" කෙල්ල "කාන්ති" එහෙම කිව්වේ කෙල්ලගේ අම්ම.

ටිකක් උපහාසාත්මක හිනාවක්‌ මුහුණට අරගෙන සියදෝරිස් අප්පුහාමි කිව්වා නමක්. පොඩි අවවදයකුත් දුන්න ඒ යසපාලට වැඩිය කඩේ ඉස්සරහ පෙන්න ඉන්න එපා කියල. කාන්තිට නිතරම ඉස්සරහට වෙලා පේන්න ඉන්න කිව්වා. ඉතිං මේ දෙන්න දෙමහල්ලොත් ගෙදර ගිහින් කාඩ් බෝඩ්  පෙට්ටියක් ඉරල අරගෙන අඟුරු කෑල්ලකින් යන්න්තමට බෝඩ් එකක් ඇඳගත්ත වැඩේ හරිගියොත් හොඳ බෝඩ් එකක් පස්සේ ඇඳගන්නවා කියල.  පුදුමේ කියන්නේ බෝඩ් එක ගැහුවා විතරයි කඩේට පොලිමේ සෙනග එන්න ගත්ත. ගෙදරින් ලණු ගෙන්න ආව අයත් හුණු අරගෙන ගෙදර ගිහින් තමන්ගේ බිරින්දාවරුන්ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගෙන තියෙනවා. යටින් තියෙන බෝඩ් එක බලන්නකෝ. මොකක්ද මේකේ තියෙන විශේෂෙ කියල. 


පින්තූරය ගත්තේ : http://fashion-new-line.blogspot.com

ප:ලි: මේක ලිව්වේ බොහොම දෙගිඩියාවක ඉඳල. ලියනවද, නැද්ද කියල. හුදෙක් හාස්‍ය රසය වෙනුවෙන්ම ලියපු එකක්. 

15 comments:

  1. යන්තම් ලයිට් එක පත්තු උනා. :D

    හික්z

    ReplyDelete
  2. Lanu ganna aapu eunuth hunu aragana yanawa // hina gihilla pana yanawa yakoo.

    ReplyDelete
  3. හේ හේ හේ කොහෙද බං ඔය යකා හුණු කඩේ තියෙන්නේ. එල එල ජය වේවා..!!!

    ReplyDelete
  4. කඩේට යන ඇඩ්‍රස් එක මොකද්ද????

    ReplyDelete
  5. @unknown : අපේ ඔෆිස් එකෙත් ඉන්නව ඔය වගේ පහු වෙලා පත්තු වුන එක්කෙනෙක්. අපි එයා ඉන්න තැන ඔය කතා කියන්නේ නෑ. ඒත් දවසක් එයා මගෙන් ඇවිල්ල ඇහුව මොකක්ද මේ "හුණු යකාගේ" කතාව කියලා.

    @Kenji : ඒ පැත්තේ ගෑණු මේ කඩේ එක්ක තරහින් තමා ඉඳලා තියෙන්නේ.

    @රෙප් මහත්තය : ආරංචි වුන හැටියට බලන්ගොඩ පැත්තේ. උඹටනම් යන්න පුළුවන් නේද ?එත් හුණු කඩේකට මොනවද දාන්න පුළුවං ?
    @නාඩියා : උඹගේ නාඩි හොඳට වැඩ කියල ෂුවර් නේද ? අරූ ගහන්න එනකොට දුවන්නත් එපැයි.

    ReplyDelete
  6. ඊට පස්සෙ කස්ටිය "යකා හුණු" කියන එක පිලිපැද්දද?

    ReplyDelete
  7. එතන තියෙන්නේ පොඩි ආරාදනාවක් විතරයි. යසපාලයත් එක්ක කොහෙද ඒව. ගමේ එවුනුත් අර එලුවගෙ මොකක්ද එක වැටෙයි වගේ අද හරියයි හෙට හරියයි කියල හිතාගෙන තමයි හුණු ගන්න ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මුළු ගමේම ගෙවල් කිරි කොකා වගේ සුදට තියෙන්න ඇති නේද ?

    ReplyDelete
  8. මේ බ්ලොග් එක අඹ ගහ යට සින්ඩ්කේට්වෙනවද?
    http://ambagaha.blogspot.se/

    නැත්නම් වහාම ඇප්ලිකේශන් එකක් දාන්ඩකෝ.

    ඔයාගේ කතා හොඳයි , බ්ලොග් එක ප්‍රමෝට් කරන්ඩ සින්ඩි වල.

    නැත්තම් ටික දෙනාටයි දකින්න ලැබෙන්නේ.

    ජය!

    ReplyDelete
  9. අප්පච්චියේ. මේක දැක්කගමන් මතක්වුනේ පුන්සිරි ස කමල් ගත්තු ලොරිය ගැන. :D

    ReplyDelete
  10. මොනවා කරලද යන්න කියන්නේ? :D

    ReplyDelete
  11. @අලුගොසුවා : හුණු අරගෙන යන්න කියල.

    ReplyDelete
  12. මෙන්න බලනවානං කතා

    ReplyDelete
  13. උත්සව කාලේට මොනවද දන්නේ නැහැ තිබුන විශේශ දීමනා..?
    කතාව මල් 7යි ආ

    ReplyDelete
  14. @රොබින් : හුණු ගන්නා අයට පින්සලක් සහ රිටක් නොමිලේ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...