මුලින්ම කියන්න ඔනේ මේක අහිංසක උත්සාහයක්. "සිහින සැණකෙලිය" කියන වචන වලම එවැනි අරුතක් ගැබ් වෙලා තියෙනවා. මේක බොහෝ දෙනෙකුට සිහිනයක් සැබෑ වීමක් බව ඇත්ත. මගේ අත්දැකීමෙන් මම කියන්නේ නොමේරූ සබඳතා තියෙන මේ වගේ අය එකතු වූ විට එකිනෙකා සමග කුළුපග(get on) වෙන්න ගත වෙන කාළය වැඩියි. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන්. හේතුව කාන්තා පාර්ශවයේ කෙනෙකුට මේ වගේ දේවල් පසුවට ප්‍රශ්ණ වෙන්න පුළුවන්.
මම කුරේ පාක් එකට ආවේ ප්‍රධාන දොරටුවෙන නොවෙයි. ක්‍රීඩාංගණයට පැත්තෙන් තියෙන පටු තීරුව හරහා. මම එත්දිත් එතන තරුණයෝ වගයක් පාපන්දු ක්‍රීඩා කරමින් හිටියේ. පස්සේ මට කෙනෙක් කිව්ව "ඔයා එත්දී මම හිතුවේ ෆුට්බෝල් ටීම් එකේ කෝච් කියල" කියලා. ඇත්තටම මමත් පාපන්දු ක්‍රීඩකයෙක්. අන්තිමට මම මේ ග්‍රවුන්ඩ් එකට ආවේ පාපන්දු පුහුණුවීම් වලට. ඒ නිසා ඒ කථාවටනම් මගේ හිතෙ පොඩි සතුටක් ඇති වුනා. මම අඳින විදිහ එයාට එහෙම හිතෙන්න හේතු වෙන්න ඇති. ක්‍රීඩාගාරයට ආවාම රාජ් මගේ ලඟටම ඇවිත් බොහොම කුලුපග විදියට කථා කලා. ඒකත් අගයන්න ඕනෙ කාරණයක්. කෙතරම් වැඩ ප්‍රමාණයක් තිබුනත් මා වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න රාජ්ට පුළුවන් වුනා. ඒ විතරක්ද ලියාපදිංචි කිරීමේ ස්ථානයටත් මා කැඳවාගෙන යන්න ඔහු ඉදිරිපත් වුනා. රාජ්ව එක පාරටම අඳුනා ගන්න මට බැරි වුනා. මම ඇහුවා "ඔයා කාලිංගද ?" කියලා "නෑ මම රාජ්" කියල කිව්වේ හිනා මුසු මුහුණින්. වැඩිමනත් දේවල් ඔහුත් සමග කථා කරන්න නොහැකි වුනේ මේ සැණකෙලියේ බොහෝ වගකීම් ඔහු මත පැට්වී තිබූ නිසා.
මෙතන මගේ හිත් ගත් දෙයක් තමයි පොල්තෙල් පහන දල්වන්න හදලා තිබුන (ගහක අත්තක්ට ලණු ඔතල ) එක. අර සුපුරුදු වදන් පෙලත් එක්ක පිත්තල පහණත් ආවානම් මේකත් තවත් එක් අවුරුදු උත්සවයක් වෙනවා. මගේ ප්‍රොෆයිල් එකේ කියල තියෙන විදියටම මම කැමති ඔනෑම දෙයක් වෙනස් විදියකට කරන්න. කාගේ අදහසක් වුනත්, කාගේ නිර්මාණයක් වුනත්. ලකුණු සීයෙන් සීයම ඒ වැඩේට.
මුලින්ම මට මේ ගැන දොඩමළු වෙන්න ලැබුනේ ඊමේල් කවිකාරියත් සමග.
"අපි වගේ අයට මේ වගේ එකක් ?" කියන ප්‍රශ්නාර්ථයත් සමග ඈ දොඩමළු වුනා. එතකොට මම කිව්ව
"ඒ වුනාට මේ වගේ හමුවක් තියෙන එක හොඳයි නේද ? " කියල. ඇය ඒකට එකඟත්වය ඵල කලේ හිස වනමින්. තරුණ වයසේ පසු වන අයට මේ වගේ අවස්ථාවක් "මැක්සා ෆන්" එකක් වුනත් වයසින් මෙන්ම දැනුමෙන් මුහුකුරා ගිය අයට මේක තවත් එක් අවස්ථාවක් පමණයි. ඒකත් සාමන්‍ය දෙයක්. විවිද අය විවිද අදහස් දරනවා වගේම එහෙම කරන්නත් ඔවුන්ට අයිතියක් තියෙනව. ඒ ගැන විවාදයක් නෑ. මම වැඩ කරන දෙපාර්තමේන්තුව තරමක් විශාල එකක්. එහි 200ක විතර සේවක පිරිසක් ඉන්නවා. ඉතිං අපි සුබසාධක සමිතිය මගින් වාර්ෂිකව පවත්වන සුහද හමුව සංවිධානය කරන්න ගියාම මුහුන දෙන අකරතැබ්බත් එක්ක මේක මොකක්ද කියල හිතෙනව. සමහරු කැමතිම නෑ ඒ වගේ ඒවට, ඉතිං එගොල්ලෝ ගේන යෝජනා ජීවිතේට කරන්න බැරි දේවල්. සමහර විට බොරු වලවල් වල වට්ටන වෙලාවළුත් නැත්තේම නෑ.
එතනදී කිහිප දෙනෙක්ම මාත් සමග කථා කලා. ඒ අය බොහෝ දෙනෙක් මගේ බ්ලොග් එක කියවලා තිබුනා. සමහර අය ඔවුන් දැමූ කමෙන්ට් පවා පැවසුවා. මගේ ලිපි වලට නිරතුරු කමෙන්ට් කරන කිරිපුතා මම දුටු ගමන්ම ඇඳින ගත්තා. ඒ වගේම සුදා, තවත් මා කොහේදී හෝ දැක තිබුන පුද්ගලයා - කොල පාට ටී ෂර්ට් එකක් ඇඳල හිටියේ. නාකියා - මම මුලින්ම හිතුවේ මුස්ලිම් එකෙක් කියලා. ඒකත් එකටම මූ වෙන්න ඔනේ අන්වර් මණතුංග කියලා හිතුනත්. ටිකක් කතා බහේදී තේරුනා නාකියා රියල් පොරක් බව. ඒ කියන්නේ සිංහල වෙච්චි එක නොවෙයි. උගේ කට සහ හැසිරීම. මම මුලින් අනුමාන කලේ නාකියා මෑන් ඔෆ් ද මැච් වෙයි කියලා. එත පස්සේ පස්සේ ඒකට සුදුසු කිහිප දෙනෙක්ම හිටි බව පැහැදිලි වුනා. පොඩ්ඩි මෑන් එයින් එක්කෙනෙක්. අනිත් සුදුස්සා එක්ක කථා කරන්න මට බැරි වුනේ මගේ වැරැද්දක් නිසා නොවෙයි ඌට තුබුන කඩි කුලප්පුව. ඌව අල්ලන්න නම් මගේ පු*ට පෙට්‍රල් ගහන්න ඔනේ. ඒ රත්ගමයා කියල කියනව මට ඇහුනා. මෙතනට එත්දී කොහොම හරි කථා කරන්න හිතේ තියාගෙන හිටිය එකෙක් තමයි රත්ගමයා. දකුණේ කම හින්දදෝ මන්ද? මට රත්ගමයව අල්ලල ගියා. අනිත් අය තමයි මාරය, මාතලන්, කෙහෙල් කොටුවේ පුංචි මහත්තයා, සඳරූ. ඒ අය එතනට පැමිනිලා හිටියේ නෑ. ඒත් අර එක ජාතියේ කුරුල්ලෝ එකට එකතු වෙනවා කියමන ඇත්තක් කියල මට හිතුනේ අපි කට්ටියක් ඉබෙටම සෙට් වෙලා කථා කරද්දි. කැරකිලා කැරකිල අන්තිමට දකුණේ සෙට් එකක් එකට එකතු වුනා.
දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම "කඳවුරු ඇතුලේ කඳවුරු බඳින්න හදනව" කියල. මේක එහෙම දෙයක් නොවෙයි. දකුණේ අය සමග වගේම ලංකාවේ බොහෝ පළාත් වල මට යාළුවෝ ඉන්නවා. හොඳම උදාහරණය තමයි දුකා. දුකා දැක්ක මොහොතේදීම මාත් සමග කුළුපගව කථා කලා. ඔහුගේ බිරිඳ අරඹලා තියෙන පුංචි ව්‍යාපාරය ඒකට නම හැදුන හැටි. ඒක අපූරු කතාවක්. දුකාගේ පුතාගේ නම් විරුෂ්(හරිද මන්ද ?). පොඩි කාලේ ඔනෑම දෙයක් වෙන කවුරු හරි ගන්නකොට. නෝ නෝ ඉට්ස් විරුස් කියලා කියන පුරුද්දක් මේ දරුවට තිබිලා තියෙනවා. අන්න ඒ විරූස් කියන වචන ආශ්‍රයේන් තමයි විරූස් කියන නම හදාගෙන තියෙන්නේ. ඉතිං මේ පුංචි ව්‍යාපාරයට අමුද්‍රව්‍ය සපායා ගන්න දරන්න වෙන පරිශ්‍රමය. ඔහු ඩුබායි ඉඳල ඒකට උදව් කරන්න ආපු ගමන. ඒ වගේම ඒ පුංචි නිවාවාඩුවකට ආපු මේ ගමනේදි සයිබර් සැණකෙලියත් අමතක නොකර ඒකටත් වෙලාවක් මිඩංගු කරපු එක. ඉතිං දුකාගේ බිරිඳගේ මේ උත්සාහය දැක්කහම මගේ හිතට ආවේ "මේ වෑයම රජ වෙන්න නොවේ" කියන ප්‍රයිවේට් බස් වල ගහල තියේන වැකිය.
අර මං කලින් කියපු සෙට් එක සුදා, මම, කිරිපුතා, බ්ලොග් ගඩොල්,දේව්, පොඩි මෑන් සහ තවත් කිහිප දෙනෙක් අපේ බ්ලොග් අත්දැකීම් බෙදා ගන්නත් අමතක කලේ නෑ. පොඩි මෑන් ලියපු කවි චේන් ඊමේල් වලින් පොඩි මෑන්ටම ආපු හැටි. ඔහුගේ කවි වෙනත් වෙබ් අඩවි ඔවුන්ගේ කරගෙන පල කරලා තිබුන හැටි. මුලින්ම බ්ලොග් වලට ආපු කාලේ කන්නෙත් නැතිව බ්ලොග් ලියපු හැටි. කොච්චර හිට්ස් තියෙනවද කියල බලන්න තිබ්බ කුතුහලය. කමෙන්ට් ආවාද බලන්න ජීමේල් එක රිෆ්ෆ්‍රෙෂ් කර කර හිටිය හැටි. ඔෆිස් එකේදි ලියපු බ්ලොග්. එතකොට නවත්ත නවත්ත ලියපුව(මට නම් බැරිය ). මට තිබුන ලොකුම ගැටළුව සහ මගේ විශ්වාසය තමයි හොඳට ලියන්න පුලුවන් බොහෝ දෙනෙක් බ්ලොග් ලියන්නේ නැති බව. එක හේතුවක් තමයි සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්වත් පරිඝණකය හැසිරවීම සහ ටයිප් කිරීමට නොහැකියාව හෝ අකමැත්ත. අර කෙහෙල් කොටුවේ පුංචි චූටි මහත්තයාගේ කියන කොට ටයිප් වෙන සොෆ්ට්වෙයාර් එක තිබ්බත් කරයිද මන්ද? අතින් හොඳට ලියන අය ටයිප් කරන්න දක්වන අකමැත්ත. මේ අනුව මගේ මතය නම් තවමත් හොඳ බ්ලොග් කරුවන් බිහි වීමට ඇති බවයි. මෙහෙම කිව්වේ දැනට ලියන අය අධෛර්යට පත් කරන්න නොවෙයි. ආරම්භක සිංහල බ්ලොග් එකක් වූ ටැබූට වෙච්ච දේ. පොඩිමෑන්ට අනුවනම් ටැබූගේ බ්ලොග් එක හැක් කරලා. මම හිතුවෙ අර මොකක් හරි එකකට ගියාම මගේ තියෙන කාගෙන යන ගතිය හින්ද තමයි මේ හිට්ස් බලන එකයි කමෙන්ට් වැටෙනකම් බලාගෙන ඉන්න එකයි කියල. බලාගෙන ගියහම ඒකත් ස්වභාවික කාටත් පොදු දෙයක්. එහෙනම් බෙහෙත් ගන්න අවශ්‍ය නෑ.
අවසාන වශයෙන් මට පුංචි විවේචනයක් තියෙනවා. සංවිධායක මණ්ඩලය තරග වලට සහභාගී නොවුනානම් තමයි හොඳ. හැම කෙනාටම ආශාවල් තියෙන බව ඇත්ත. ඒත් අපිම දන්සැල් දීල අපිම කනවානම් බලාගෙන ඉන්න අය මොනවද කියන්නේ. මොනවා උනත් වැඩක් කරන්න ගියාම ප්‍රායෝගිකව එයට දායකත්වයක් නොදක්වා මේ වගේ විවේචන කරන්න සදාචාරාත්මක අයිතියක් මට නෑ. හැබැයි මම කිව්වේ මම දැක්ක දේ. මම අවුරුදු උත්සව, ක්‍රීඩා උත්සව ඔනෑතරම් සංවිධානය කරල තියෙනවා. ඒ අත්දැකීමෙන් තමයි මෙහෙම කිව්වේ. නැත්නම් මේ වගේ ප්‍රමාණයක් එක තැනකට එක්තැන් කරන එකත් මොන තරම් අමාරු වැඩක්ද කියලා මම දන්නවා.
මම දැක්ක තවත් දෙයක් තමයි අනික් ක්‍රීඩාගාරයේ කට්ටියක් වෙනම සෙට් වෙලා හිටිය එක. ඒක මේම සැණකෙලියේ ගලායාමට ( Go එකට )බාදාවක් වුණා කියලයි මට හිතෙන්නේ. එහෙම හිතුවහම අවුරුදු උත්සවයක් පවත්වනවාට වඩා සුහද හමුවක් පැවැත්තුව නම් හොඳයි කියල මට හිතෙනවා. ඊලඟ අවුරුද්දට ඒකත් යෝජනාවක් විදියට තියා ගන්න.
මෙම සැණකෙලියට සහභාගි වෙලා හිටිය අර අපේ සයිබර් මිතුරුකැලගේ පරිශ්‍රමයෙන් සුවපත් වූ දැරිය දුටුවාම මට ලොකු ආඩම්බරයක් ඇති වුනා. එකමුතු කමින් කෙනෙකුගෙ ජීවිතයකට අරුතක් එක් කරන්න උරදුන් සහෘදයන් කැලක් මට ලැබීම ගැන.
බස් රේඩියෝවේ වැඩ කටයුතු අවස්ථානෝචිතව ඉතාම ඉහල මට්ටමකින් පවත්වාගෙන ගියා. එමෙ කන්ඩායමට මගේ සුභපැතුම්. වඩාම වැදගත් කොටස තමයි හැම කෙනෙකුගේම අදහස් ගත්ත එක. මගෙනුත් මොනවද ඇහුව නෙව.
මට එකම එක ෆොටෝ එකක් වත් ගන්න හිතුනේ නැත්තේ ඇයි කියල මට දැනුයි හිතෙන්නේ.
අවසාන වශයෙන් එහි ප්‍රධාන ආරාදිතයා වශයෙන් සහභාගි වූ ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යධිකාරී මහතා අපට දුන්න පණිවුඩය මෙහි සඳහන් කරන්නම්
"ඔයාලා දන්නවද දන්නෑ මේ කාලේ අන්තර්ජාලය තුල තියෙන ට්‍රෙන්ඩ් එකක්. අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරන බ්ලැක්මේල් කිරීම්, පුද්ගලික මඩ ගැසීම්, අපචාර, අපයෝජන(ඇබියුස්). මෙන්න මේවා නවත්වන්න ඔයාලයගේ බ්ලොග් අඩවි ඔස්සේ පාඨකයන් දැනුවත් කරන්න."
මං හිතන්නේ එය කාලීන අවශ්‍යතාවක්. එහෙනම් අපි ඒකට වැට ගහන්න සෙට් වෙමු.
එන පාර අපි ඒ අඩුපාඩුවත් නිවැරදි කරගෙන් වඩා සාර්ථක සයිබීරීයාවම දෙදරුම් කන "සයිබර් සැණකෙලියක්" පවත්වමු. මම දෙන්නම් උපරිම සහයෝගයක්.
අපි කතාකොලා නෙව
ReplyDeleteසමාවෙයං මලේ උඹේ නම සඳහන් නොකලට.
ReplyDelete:( මටනම් එන්න වුනේ නැහැ.කමක් නැහැ කට්ටියගේ ලිපි ටිකයි ෆොටෝසුයි බලද්දී පොඩි සතුටක් හිතට දැනෙනවා.
ReplyDeleteසුහද හමුව කියන එක වැදගත් යෝජනාවක්~
ReplyDeleteඔබට බොහොම ස්තුතී
ReplyDeleteකමෙන්ට් කල සියළු දෙනාටම ස්තූතියි.
ReplyDeleteමට උඹව හම්බවුනෙ නෑනෙ කොල්ලො ... මම හිටියෙ නාකියා එක්කමයි ...
ReplyDeleteහොඳ වෙලාවට හම්බ නොවුනේ. මගේ ඔය සත්තුත් එක්ක ඩීල් නෑනේ. හී... හී...හී.
ReplyDeleteමේ මුන නම් එදා දැක්කට කථා කරන්න උනේ නෑ වගේ තමයි මතක. හමු වෙමුකෝ ආයේ දවසක. ඔය දෙසැම්බර් වලත් මොකක්ද කරන්න හදනවා කියන්නේ :))))
ReplyDeleteඅමනාපයක් නෑ රෙප් මහත්තයා . මමත් එදා කථා කලේ ටික දෙනෙක් එක්ක විතරයි. අපි පස්සේ හමු වෙමු.
ReplyDeleteමට වස වැරද්දක් වුනා. සුමිත් නිරිඇල්ල මට මුණගැහුණා. මෙතන නම සඳහන් කරන්න බැරි වුනා.
ReplyDeleteඅර මුලින් අහපු කතාව ඇහැව්වේ මම
ReplyDeleteඅපහසුතාවයකට ලක් උනා නම් සමා වන්න
එහෙම කියන්න එපැයි වැප් මලයා. වැප් කියල කිව්වාම මම හිතුවේ මොබයි සම්බන්ධ වැඩක් කරනවැයි කියල. ඒත් පස්සේ තෙරුණේ මුලකුරු ටික බව.
ReplyDelete