කෙටිම කෙටි ලොල් කතා අංක 5 හේ කතා දෙකෙන් එකක් වෙත්තමුණි මහියංගණේ ගිය හැටි කියවන්න ඇතිනේ නොබලපු කෙනෙක් ඉන්නව නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න කෙටිම කෙටි ලොල් කතා අංක 5 - වෙත්තමුනි හා කන්ටිබල් ඒ කතාවෙදි කිව්ව වගේ වෙත්තමුණි මහත්තයා නිතර නිතර මේ වගේ කරදර වල පැටලෙනවා. ඒකමත් නෙවෙයි කාරණය වෙත්තයාව බයිට් එකට ගන්න අනිත් අය කැමතියි මොකද වෙත්තය නිතරම අනිත් එවුන් දෙන ගුලි කන නිසා. කාගෙද බ්ලොග් එකක පහුගිය කාලේ තිබුනා අර සෙල්ටෙල් ආව කාලේ කතන්දරයක්. අර ලව් ලෙටර් පලහිලව්වක් ගැන තිබුනේ. මේකත් අන්න ඒ වගේ කතාවක්. අපේ වෙත්තමුණි මහත්මයා බැංකුවේ රස්සවට අමතරව පොඩි පොඩි බිස්නස් කරා කියල මම පහුගිය කතාවෙදි කිව්ව මතක ඇතිනේ. ඒ දවස් වල ඉතිං ඔෆිස් වල කෝල් එකක් ගන්න ගියහම ලොක්කන්ගෙන් නොයොකුත් ප්‍රශ්ණ කිරීම් වලට ලක් වෙනවා. තමන්ට අවශ්‍ය රහස් දෙයක්වත් කථා කරගන්න බෑ ලොක්ක අහගෙන ඉන්න නිසා. අනිත් එක ප්‍රයිවෙට් එකේ කරගෙන යන බිස්නස් ඔෆිස් එකට මාට්ටු වෙන්නත් බැරි නෑ. අන්න ඒක නිසා අපේ වෙත්තයත් ගත්ත සෙල්ටෙල් එකක්. දැන් ඒකට මොබයිල් එක, හෑන්ඩ් ෆෝන් එක අරක මේක කිව්වට ඉස්සර කියන්නේ සෙල්ටෙල් එක කියල. මොකද ලංකාවට මුලින්ම ආවේ සෙල්ටෙල් නිසා මොබයිල් වලට හැමෝම වගේ කිව්වේ සෙල්ටෙල් කියල. සමහරු අර කන්ටේනර් ගෙනියන ස්කැමල් එකට කියන්නේ කන්ටේනර් එක වගේ.
ඉතින් මේකට සෙල්ටෙල් එක කිව්වට මෙයාගේ එක මොබිටෙල් කනෙක්ෂන් එකක්. ඒ කාලේ අර මිනිත්තුවකට රුපියල් 13ක් ගෙවපු කාලේ. එන ඇමතුමකට එක විනාඩියයි නොමිලේ. ඊට පස්සේ රුපියල් 10ක්. මාසෙකට කොහොමට් රුපියල් දාහක් හමාරක් ඉවරයි. සමහර මගෝඩි කොල්ලෝ ඉතිං අර විනාඩිය යවන්න බස් එකේ යන වෙලාව බලල ඔෆිස් වලින් කෝල් කරනවා. තියන්න හැදුවට තියන්න දෙන්නේ නෑ. බස් එකේ යන අයත් පොඩ්ඩක් කැමතියි කෝල් එනවට, පොඩක් කට්ටියට පේන්න ෆෝන් එක ඇදල ගන්න පුළුවං නේ. අපේ වෙත්තමුණි මහත්තයටත් මේ වගේ දේවල වෙච්ච වාර අනන්තයි. ඒත් කවදාවත් කිසි කෙනෙක් එක්ක තරහක් තියා ගන්න වෙත්තමුණි මහත්තයගෙ හිත ඉඩ දුන්නේ නෑ. කොයි දේත් සිනා මුසු මුහුණින් පිලිගන්න එක මිනිහගේ සිරිත. ඒකම හේතුවක් වුනා මේ විදියට මිනිහව අමාරුවේ දාන්න.
කලින් කතාවේ කිව්ව වගේ අපේ වෙත්තය භොහොම පිලිවෙලට ඇඳල, කොන්ඩේ පීරල බැංකු නිළධාරියෙක් කියල දැක්ක පමණින්ම කෙනෙකුට හිතා ගන්න පුළුවං විදියට තමයි මිනිහා වැඩට එන්නේ. අපේ යාළුවත් ඉතිං අර කාන්තාවෝ ඔෆිස් එකෙන් පිටත් වෙන්න කලින් වොෂ් රූම් එකට ගිහින් හැඩ-වැඩ වෙනවා වගේ හතරයි තිහට විතර හිමිහිට රිංගනවා වොෂ් රූම් එකට. ඔෆිස් එකේ අනිත් කොල්ලොත් මේක නොදැක්ක ගානට හිටියේ වෙන මොනවත් හින්ඳ නෙවෙයි වෙත්තයාගෙ බෑග් එකට මොනව හරි දාන හරි මොනව හරි තියෙන දෙයක් උස්සන්න හරි මේ වෙලාවට පුලුවන් නිසා.
එහෙම මිනිහගේ බෑග් එකට කොල ගුලි, පේපර් වේට්, ස්ටෙප්ලර් මැෂින් වගේ දේවා අනන්ත අප්‍රමානෙට දාල තිබුනත් පහුවදා පාන්දර ගෙන්ත් තියනව මිසක කවදාවත් කාටවත් වචනෙකින්වත් බැන-අඬ්ගහන එක මිනිහා නොකරපුම දෙයක්.
මේ කියන දවසේ හවස වැඩ කරන කොල්ලේක් අපේ වෙත්තයගේ ෆෝන් එක රිංග් කරලා. යාන්තමට සද්දේ ඇහිච්ච ගමන් බෑග් එක ඇරල ෆෝන් එක ගන්න අත දැම්මත් ෆෝන් එක හොයා ගන්න බැරිම තැන වෙත්තයා බෑග් එකට එබිලා බලලා. ඒ තිබුන විදියට ෆෝන් එක ආන්සර් කරනවා බොරු. මිනිහා හිමිහිට බෑග් එක වහලා වටපිට බලලා ඉන්නකොට මිනිහගේ සීට් එකේ ඉන්න අනිත් කෙනා කියනවලු මහත්තයා ඔන්න කෝල් එකක් කියල. ඒ කාලේ තිබ්බ අර ගඩොල් බාගේ කියල කියන මෝටොරෝලා ෆෝන් තඩිය රින්ග් වෙනකොට පළාතම දෙදරුම් කනවා. ඒත් වාසනාවකට ෆෝන් එක තිබ්බ විදියට සද්දේ එන්නේ අඩුවෙන්.
"මේ යක්කු කරන වැඩ වලට කිසිම ඉවරයක් නෑනේ. මේ එන්නේ බිස්නස් කෝල් එකක්නම්. ඒ මිනිස්සු හිතයි බිල යන නිසා මම ආන්සර් කරන්නෑ කියල."
වෙත්තය හිතින්ම කියා ගත්තා. එක අතකට මේක දැකල වෙත්තයට හිනහත් එක්ක. ඒත් වටපිට අය බලනකොට මොකද ආන්සර් කරන්නැත්තේ කියල. හරියට ෆෝන් ගැන දන්නැති කෙනෙක් වගේ. නැත්නම් ෆෝන් එකක් උස්සගෙන යන එකෙක් වගේ. වෙත්තමුණි මහත්මයට හීන් දාඩිය දැම්ම. කොහොමද ෆෝන් එක තියෙන්න ඇත්තේ ?
මේ වැඩෙ කරපු මගෙ මිතුරෙක් වන අකිල පස්සෙ මට කරපු විදිය කිව්ව. ඉස්සෙල්ල කමෙන්ට් කරන්න පස්සේ මම කියන්නම්.
පින්තූරය ගත්තේ : http://www.techdigest.tv
--------------------------------------------------------------------------
දිවාකරන් කියන්නේ දක්ෂ පද්දති විශ්ලේෂකයෙක්. අපේ බැංකුවේ බොහෝමයක් පරිඝණක පද්දති වල මූලික අඩිතාලම දැම්මේ දිවා. ඒ කාලේ පද්දතිය සැලසුම් කරලා, සංවර්ධනය කරලා, පුහුණු කලේත් එකම කණ්ඩායමක්. නිමල් මේ කණ්ඩායමේ හිටිය තවත් කෙනෙක්. දවසක් උදේ පාන්දර ඇල්පිටිය බ්‍රාන්ච් එකෙන් ආවා කෝල් එකක්. ෆෝන් එක ඉස්සුවේ දිවා. දැන් ගාමිණී අහගෙන ඉන්නවා දිවා කථා කරන දිහා.
දිවා : "මොකාක්ද ගාපු අකුර ? අකුරක් ගාලා සිස්ටම් කැඩෙනවා කෝමද ?"
අනිත් පැත්තෙන් : " නෑ මාහත්තයා, මේක අපි ගහපු එකක් නෙවෙයි"
දිවා : "හරි මට කියාන්ඩ් මොකාක්ද ගාපු අකුර, එස්කේප් අකුරද ?, ඩිලීට් අකුරද ?"
අනිත් පැත්තෙන් : මට හිතෙන්නේ මහත්තයට තේරුනේ නෑ"
දිවා : "නෑ මට ඔඳට දන්නවා. ඔයා ලොගින් වලට කන්ට්‍රොල් ඩී ගැවුවද ?" (යුනික්ස් මෙහෙහුම් පද්දතියේ ආරම්භයේ දෙන කී කම්බිනේෂන් එක )
අනික් පැත්තෙන් : "නෑ මහත්තායා මොනවත් වැඩ කරන්නැතුව කොහොමද අකුරක්වත් ගහන්නේ. යූ පී එස් එක පිච්චිලා. ඊයේ රෑ අකුණක් ගහලා"
දිවා :"අකුණාක්....අකුණාක්......"(තමාටම වට් ඉස් අකුණක්,අකුරක්)
මේ අතර වාරයේ නිමල් පැමිණේ.
දිවා : "නිමල් වට් ඉස්
අකුණාක් ?"
නිමල් : "තන්ඩර් මචං තන්ඩර්"
දිව : "ඔහ් ! අයි සී. සොර්‍රි මාත්තයා. සොරි සොරි මම හිතුව අකුරු තමයි ගාල තියෙනවා කියල"
මෙතෙක් කතාව දෙස බලා සිටි ගාමිණී බඩ අල්ලාගෙන සිනාසෙයි.
පින්තූරය ගත්තේ : http://www.superstock.com
අයියෝ....... මේක කරන්න බෑ අෆ්ෆා.. හැමදාම කතාවෙ බාගයයි දාන්නෙ.. :(
ReplyDelete@තාරා : ඔයාලටත් හිතන්න යමක් ඕනනේ.
ReplyDeletephon එක කොළ වලින් ඔතල සෙලෝ ටේප් ගහල තියන්න ඇති සුවර් එකට....ආයේ මොනවද ඔය වගේ ගේම් ද අපි දීල තියන්නේ.
ReplyDelete@පොලවේ ගැසූ පය : ඔයාගේ උත්තරය ගොඩාක් දුරට නිවැරදියි. ඒත් මේක ඊට වැඩ බරපතල ගේමක්.
ReplyDeleteකතාව බාගෙට නවත්තන්න එපා..
ReplyDeleteකුතුහලය හොඳයි තමා .
ඒත් ඒක රසවින්දනයට බදාවක් කොමෙන්ට් නොකරන්නෙකු කියොවුවොත් ඔහුට ආයේ එන්න වෙනවා මොකක්ද උනේ කියල දැන ගන්න.
@නිශ් ඔබ නිවැරදියි. මම පුද්ගලිකව කුතුහලය ප්‍රිය කරනවා. ටෙලි නාට්‍යක් ඊලඟ සතියට හෝ දිනයට කල් දාන්නේ කුතුහලය ඉතිරි කරලා. ඒ වගේමහි ඉස්සර චිත්‍රකතා පත්තර වල ගිය කතාත්. මීට කලින් කතාන්දර බ්ලොග් අඩවියත් මේ දේ කලා. මට හරි ආසාවක් ඇති වුනා ඒක දැකලා. ඒ ක්‍රමය හොඳයි කියල හිතුනා. හොඳයි මින් ඉදිරියට එය නොවෙන්න වග බලා ගන්නම්. ඇත්තටම වුනේ මේ කතාවේ වුන දේ මට මතක නැති වුනා. මේ දැන් අකිලට කෝල් එකක් දාල අහ ගත්තා. දැන් දාන්නම්.
ReplyDeleteඅපේ මේ වෙත්තමුණි මහත්මයා ජෝතිෂය විශ්වාස කරන කෙනෙක්. ඉතිං මිනිහා ගාව ඉර-හඳ පත්තරය වරදින්නේ නෑ. අකිලයා ඉර හඳ පත්තරෙන් මේක ඔතලා. කොහෙන්දෝ හොයා ගත්ත ගෝණි නුල් කන්ඳක් විතර ඔතල ලාකඩ සීල් එකක්කුත් තියලම තමයි දාල තිබිල තියෙන්නේ.
ReplyDeleteබොහොම ස්තූතියි...
ReplyDeleteදීර්ග කතාවකට නම් කුතුහලය සහිතව කොටස් කිරීමේ වරදක් නෑ.
කෙටිකතා වලට නම් ඒක නොගැලපෙන බවයි මගේ හැඟීම.
හෆොයි... ඉතින් කොහොමද අර සෙනග මැද්දෙ ෆෝන් එක එලියට ගන්නෙ හි හි..
ReplyDeleteගියපාර කන්ටිබල් එක වගේ මං හිතුවා මේ පාරත් කීප වතාවක්ම මේ පැත්තේ බඩගාන්න වෙයි කියලා.වෙලාවට කොමන්ට් වලින් ඉතිරිය කියලා.:)
ReplyDeleteකොහොම වුනත් මේවා ලොලේ ලොල් කතා :)
බොහොම ස්තුතියි නිශාන්. මම බැළුව මොක්ද මේ පැත්තේ ආවේ නැත්තෙ කියල. වෙනදා මුල්ම කමෙන්ට් එක නිශාන්ගෙන්නේ.
ReplyDeleteඔබේ අඩවියට ආ පලමු අවස්තාවය. ඇලපත කුමක්ද යන්න පහදා දීම ගැන ස්තුතියි.
ReplyDeleteකතා දෙකටම ඇති පදම් සිනසුනෙමි. දිගටම ලියන්න, ඔබට ජය.
නියම කතා දෙක .අකුණ තමා නියම. අර වයසක මනුස්සයටද අරවගේ නසරානි වැඩක කරලා තියෙන්නේ.
ReplyDelete@Anonymous : ගොඩක් ස්තූතියි.
ReplyDelete@අසරණයා : ඔයාටත් ස්තූතියි.
අපේ ගෙදරත් තිබුණ ගඩොල් බාගයක් නෙමෙයි සම්පුර්ණ එකක් සයිස් පරණ මෝටරෝලා ෆෝන් එකක් තඩි ඇන්ටනාවකුත් එක්ක, මේක හදිස්සියකදී ආත්මාරක්ෂාවට හොරෙක් හතුරෙකුට ගහන්න උනත් පංකාදුයි.
ReplyDeleteපොඩි අවුලක් තිබ්බේ කොළඹින් පිට සිග්නල් නැති එක තමයි, එවේලෙට හතර අතේ දුවන්න ඕන සිග්නල් පසෙන් පන්න පන්න ... :-D