2012 ජනවාරි මාසයේ පළමුවෙනිදින ආරම්භ කල ඇවිද්ද පය ...... බ්ලොග් අවකාශයෙහි මේ වන විට පොස්ට් 49ක් ලියා පල කර අවසන්. ඒ සඳහ ඔබ ලබා දුන් ප්‍රතිචාර සංඛ්‍යාව ආසන්න වශයෙන් 15000ක්. මේ වන විට 36 දෙනෙක් මෙහි සාමාජිකත්වය දරනවා. කමෙන්ට් 210ක් ලභා දී තිබෙනවා. ඒ අතරින් 70 මවිසින් පිලිතුරු සපයන්න දමන ලද ඒවාය. මේ අනුව බැලූ විට දල වශයෙන් පොස්ට් පණහක් ලෙස ගත හොත්. එක් පෝස්ට් එකක සඳහ ලැබී තිබෙන දල පිවිසුම් සංඛ්‍යාව 30ක් පමණ වෙනවා. පෝස්ට් එකකට සාමජිකයින් 1.38 ක වනවා. තනි පොස්ට් එකක් සඳහා ලැබුනු උපරිම ප්‍රතිචාර සංඛයාව 458ක් "කෙටිම කෙටි ලොල් කතා අංක 4 - සාරියයි - කාරයයි " වෙත ලැබී තිබුනා. පෝස්ට් එකකට කමෙන්ට් සංඛාව 4.2 ක්ද වනවා. මේය සෑහීමකට පත් විය හැකි සංඛ්‍යාවක්දැයි මම නොදනිමි. එහෙත් ලැබුනු පොස්ට් ප්‍රමාණය පිලිබඳ මා සිටින්නේ උපරිම තෘප්තියකිනි. මාස පහක් වැනි කෙටි කාලයකදී මෙවැනි ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබීමට මා කිසිසේත් බලාපොරොත්තු නොවුනි. එහෙත් මා ලියනා දේ ඔබ අගය කර තිබෙන බව මට හැඟේ. මේ කාල සීමාවේදී සිදු වූ වැදගත්ම සිදු වීම සයිබර් සිහින සැණකෙලියට සහබාගි වීමයි. එහිදි ම නමින් පමණක් දැනගෙන සිටි සහ කිසිදින නොදුටු/නොඇසූ අපූරු මිනිසුන් කොටසක් හඳුන ගන්නට හැකි වුනි. මෙ කාල සීමාවේදී සිදු වූ දුක්කදායකම සිදුවීම ඔබා මාමා යන සුරතල් නමින් කාගේත් ජනාදරයට පාත්‍ර වූ ඔබා මාම අප අතරින් වියෝ වීමයි.
කෙනෙකු බස් රථයකට මගින් ගොඩ වූ මොහොතක ඉතාම කැලඹිලි ස්වරූපයක්කින් හැසිරේ. එහෙත් සමහරු ටික වෙලාවකින්ද, තවත් සමහරු බොහෝ වේලාවකින්ද තමන්ට ගැලපෙන තැනකට ගාල් වේ, බස් රථයේ වේගයට අනුගත වේ. කොටින්ම සාමාන්‍ය මගියකු ලෙස හැසිරේ. මා සිතන්නේ බ්ලොග් ලියන්නට පටන් ගත් මොහොතේ මා හැසිරුනේද මේ බස් මගිය හැසිරුණු ආකාරයටමැයි කියාය. ඒත් පෝස්ට් 50 වෙත ලඟා වීමේදී මාද අනෙකුත් බ්ලොග් කරුවන් මෙන් මෙහි ගමනට අනුග
ත වී ඇතැයි මට සිතේ. එහෙත් බස් රථය බ්‍රේක් පාරක් ගැසුවහොහ් සියළුම මගීන් කලබලයට පත් වේ. සමහරුන්ට එයද ගානක් නොවේ. සමහරු නිදිබරිතව ගමන් ගනී. මේ බ්‍රේක් ගැහිල්ල මා සමාන කරන්නේ ඔබා මාමාගේ වියෝවටය. එහිදී කලබලයට පත් වූවෙක් නැති තරම්ය.
මේ ගමන් මගේ සැතපුම් කණු නොහොත් මා ලියනා ලද පොස්ට් පිලිබඳ කෙටි සමාලෝචනක් ලිවීම හොඳ යයි මා සිතුවා.
පලමු පොස්ටුව ලෙස මා ලියන ලද්දේ ආරම්භක සටහන එමගින් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීමේ අරමුණ වූ මාගේ රාජකාරි දිවියේ ලද අත්දැකීම සහ එයට මා තැබූ නමට හේතුවූ කරුණු කෙටියෙන් සඳහන් කොට තැබීමි. පොස්ට් 50 ලිවූ තැන ආපසු හැරී බැලූ මට වැටහුනේ එහි සඳහන් කල ලෙස රාජකාරි දිවියේ අත්දැකීම් කොයි හැටි වෙතත් විවිධ තැන් වලදී අසන්නට දකින්නට ලැබූ දේ මා ලියා ඇති බවයි. මාගේ රාජකාරිය කුමන ආකාරයේ එකක්දැයි එම පොස්ට්ටුවෙහිම සඳහන් කලානම් කෙතරම් වටිනවාදැයි අද මට සිතේ. මා රාජකාරි කරන්නේ මහජන බැංකුවේ බව ඔබ සැම දන්නවා යයි සිතමි. මා මහජන බැංකුවට එක් වූයේ දත්ත ප්‍රවේශකයකු ලෙසයි. "බැංකුවකට යනවා නම් පියන් කමක් හරි වුනත් මොකෝ" යන කියමන සනාත කරමින් මාද එයට එක් වීමි. මක් නිසාද ලැබෙන පහසුකම් දෙස බැලූ විට එවකට බැංකු ජොබ් එකකට ගහන්න එකක් නැතැයි සමාජයේ පිලිගත් මතය වී තිබූ නිසාය. නැත්නම් පරිඝණක වැඩසටහන් කරුවකු වීමට තරම් අධ්‍යාපන සුදුසුකම්ද අවශ්‍ය දැනුම හා අත්දැකීම්ද සපුරා තිබූ මට පුද්ගලික අංශයේ රැකියාවකට යා හැකිව තිබුනි. තරග විභාගයේන් සමත් වී බොහෝ කලක් ගිය පසු අප සම්මුඛ පරීක්ෂණයට කැඳවූ අතර කුමාරපතිරන මහතා (එවකට දෙපාර්ථමෙන්තු ප්‍රධානී) අපගෙන් විමසා සිටියේ ලංකාවේ ඔනෑම තැනක වැඩ කිරීමට කැමතිද යන්නයි. එක පයින් එයට පුළුවන් යයි කීවේ පුළුවන් කමටම නොව මෙම රැකියාවට තිබූ ආශාව නිසයි. මා එකල සිතූවේ අපව කුමන හෝ එක් ශාඛාවකට අනුයුක්ත කරනවා යයි කියාය. එහෙත් අප එකතු කර ගනු ලැබ ඇත්තේ 100 කට වඩා වැඩි පිරිසක් සිටින දෙපාර්ථමේන්තුවකට බව වැටහුනේ රාජකාරියට වාර්ථා කිරීමෙන් ටික කලකට පසුවය. ඉන් අනතුරුව හතේ අටේ කණ්ඩායම් සාදා පරිඝණක ගත කිරීමට සූදානම් ශාඛා වෙත පිටත් කර යැවිනි. මෙවන් ගමන් වලදී කෙනෙකුට ලෙහෙසියෙන් ලඟා වන්නට නොලැබෙන දුර්ලභ ස්ථාන බොහෝමයකට යාමට අවස්ථාව උදා විය. එහි අත්දැකීම් කිසිවක් මා මේ වනවිටත් ඉදිරිපත් කර නැති බව වැටහුනේ මෙලෙස ආපසු හැරී බැලූ විටය. එක් අතකට එය ඔබගේ වාසනාව විය හැක. මන්ද මේ බ්ලොග් අඩවිය බොහෝ දෙනා බලන්නට පටන් ගෙන තිබෙන්නේ දැන් නිසාය. මා කලින් ඒවා ලියා තැබුවානම් ඔබට මා ලියූ ඒවා පීරා බලන්නට සිදු වේ. හොඳ - හොඳ සෙල්ලම් එලි වෙන යාමෙට කිව්වා වගේ ඉදිරියට එන්න තිබෙන දේ වඩා රසවත් වේ යය මා සහතික කර කියනේ ඔබ මෙහි එන්නට උනන්දු කිරීමේ අදහසින්ම නොවේ. අනික මගේ ලිවීමේ රටාවද දැන් යම් තරමකට ඔපමට්ටම් වී තිබෙන නිසා එහි වාසියද කියවන ඔබටමය.
දෙවන පොස්ට් එක ලෙස මා ලියන ලද්දේ මා කුඩා අවදියේ සිදු වූ ත්‍රාස ජනක අත්දැකීමක් වන දැක්කාම හිරිගඩු පිපෙන වතුර ටැංකිය ය. ඇත්තටම මේ වතුර ටැංකිය පසුකර යන සෑම මොහොතකම මගේ ඇඟ සලිත වී යයි. මෙහි ඇත්ත ජායාරූපයක් ගැනීමට කෙතරම් අවස්ථා තිබුනද මා එසේ නොකලේ මන්දැයි මා නොදනිමි. එදා බාප්පට ආපසු එන්නට අමතක වූවනම් ඔබට බ්ලොග් ලියන්නට අද දිල්රුක් කෙනෙක් නැත. ඒත් මගේ ඒ අත්දැකීම බොහෝ දෙනා බලා තිබුනත් කිසිවකු කමෙන්ට් එකක් ලියා නොතිබීම මට කණගාටුවට කරුණකි.
1998-99 කාලයේ සිට අන්තර්ජාලය පරිහරණය කල මා හට බ්ලොග් වලට පිවිසෙන්නට මෙතරම් කාලයක් ගත වුයේ, "බ්ලොග්" යන වචනයට මා පුද්ගලිකව දක්වන ලද අකමැත්තය. එම වචනය "බොග් " යන්නට සමාන හඬක් නිකුත් කරන නිසා එය මට අප්‍රිය මාතෘකාවක් විය. මගේ හිතට එන ඔනෑම දෙයක් මෙලෙස ලියා තබන්නට තැනක් තිබෙන බැව කලින් දැනන් නොසිටියේ කුමන අවාසනාවකටදැයි නොදනිමි. එම වචනයට මා දක්වන අකමැත්ත මාගේ තුන්වන පොස්ට් එකෙන්ම එලියට දාන්න වන්නේ එනිසාය. එයට හොඳ මට්ටමක ප්‍රතිචාර ලැබී තිබුනි. මෙන්න ඒ පොස්ට් එක බ්ලොග් යන්නට සිංහල තේරුමක් (තිබිය නොහැකිද) ? මෙතනින් බලන්න. ඔබ සැම දෙනාගේ අදහස් දැන ගැනීමට කැමත්තෙමි.
සමහරවිට ඔබටත් මේ වගේ අදහස් ඇවිත් ඇති. ලියලත් ඇති. එහෙම මොනවා හරි තියෙනවනම් මගේ පොස්ට් එකට කමෙන්ට් එකක් දාන්න.
එතකොට බ්ලොග් ලියන්න අරගෙන දවස් කීපයයි. මට ඒ කතාව මතක් වුනු ගමන් ලියන්න පටන් ගත්ත. මම ජීවිතේදි මුහුණ දීපු හාස්‍යජනකම සිදුවීම් වලින් එකක්. මගේ දහම් පාසල් ජීවිතය මාසයකට සීමා වුන හේතුව උදාර ගුණදම් සිත දැරුවෝ කියන මාතෘකාවෙන් ලියන්න හේතුව දහම් පාසල් වලට යන අයට වඩා මම සංවර බව පසක් කරන්න. බොරු කියල හිතෙනවනම් කියවල බලන්න.
මා ගැන සඳහන් කරන්න තියෙන හොඳම වචනය අර සුගතපාල ද සිල්වා මහත්මය ටික කාලෙකට කලින් පරිවර්ථන කරපු පොතට දාල තිබුන නම "අමුතු ඉලංදාරියා" කියන නම කියලා මට හිතුනා. මගේ ප්‍රොෆයිල් එකෙත් කියලා තියෙන ආකාරයට මම ටිකක් වෙනස් විදියට හිතනන පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා තිබුනා. අදටත් මම මොනවා හරි දැක්කාම මේක මේ විදියට වෙලා තියෙන්නේ, මෙහෙම පිහිටලා තියෙන නැත්නම් මෙහෙම හදලා තියෙන්නේ ඇයි කියල ටිකක් හිතල බලනවා. හොඳයි මේක කියවන කවුරුහරි ඉන්නවාද සිගරට් පෙට්ටිය ඒ ආකාරයට නිෂ්පාදන කරලා තියෙන්නේ ඇයි කියල හිතපු. ඒක සම්පූර්ණයෙන්ම දිග ඇරලා බලපු. නොබලපු කෙනෙක් ඉන්නවානම් ගලවලා බලන්න. සිගරට් කොයි තරම් අහිතකර දෙයක් වුනත් ඒකේ පෙට්ටිය නිෂ්පාදන කරන්න කොයි තරම් මහන්සි වෙලා තියෙනවද කියල. ඒ වගේම තමයි අද අපි මේ පාවිච්චි කරන පරිඝණකය නිෂ්පාදනය කරන්න හේතු වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්දය. මාතෘකාවෙන පොඩ්ඩක් පිට වුනත් මට කියන්න ඔන වුනේ මම ඔනෑ දෙයක් දිහා වෙනස්ව බලනවා කියන එකට උදාහරණයක් දෙන එක විතරයි. මම ඔහොම දේවල හිතල ස්වභාවදර්මයට වැරදුන තැනකුත් හොයා ගත්ත කිව්වොත් ඔබ හිතයි මම මහ විහිළු කාරයෙක් කියලා. ඔබ දන්නවා අපේ අඟ පසඟ අපට දීලා තියෙන්නේ බොහෝ විට විරුද්ධ පාර්ශවය ආකර්ෂණය කර ගන්න නැත්නම් ස්ව්භාවික විපත් වලින් බේරෙන්න. ඉතිං ඔය දෙකෙන් මුලින් කියපු එකට දීපුවා වයසට යත්දී ටික ටික අවලස්සන කරනවා. ප්‍රමාණය වෙනස් කරනවා. කොන්ඩය, හම, පෙනීම. ඒත් සමහර වයිවෘද්ධ කාන්තාවන් දැක්කහම මට හිතෙනව වයසට යත්දී කාන්තාවන්ගේ පියයුරු ක්ෂය නොවන්නේ මන්ද කියල. එය විශාලව පැවතීමෙන් එම කාන්තාවන්ට වන්නේ මහත් හිරිහැරයක් කියලයි මට හිතෙන්නේ. මම එහෙම හිතපු තවත් කාරණයක් ගැන තමයි මගෙ පස් වන පොස්ට් එකෙ ලියවෙන්නේ මෙන්න මෙහෙම ගරුතර හාමුදුරුවෝ .... දැන් මේ පොස්ට් එක ලිය ලිය ඉන්න ගමන්ම මට හිතුනා මා ගැන හන්දුන්වන්න හොඳම නම අර කලින් කිව්ව වගේ "අමුතු ඉලංදාරිය" කියන එක නේද කියල. ඇත්තටම මගෙත් අකමැත්තක් නෑ. ඔයාලගෙත් අකමැත්තක් නෑ නේද ? එහෙනම් ඔන්න මං අද ඉඳල "අමුතු ඉලංදාරියා". හැබැයි පොඩි ප්‍රශ්ණෙකට තියෙන්නේ කවුරු හරි මේ වෙනකොට මේ නම භාවිතා කරනවාද කියන එක. එහෙම නම් කරුණාකරල මට දන්වන්න.
මෙහෙම ලියාගෙන යද්දී මට මතක් වෙන විදියට කතා එකතු කරන්න පටන් ගත්තා. මං අහල තියෙන කතා ප්‍රමාණයෙන් මෙතන පොස්ට් එකක් විදියට භය නැතුව දාන්න පුළුවන් ඒව ගැන දෙපාරක් හිතන්න මට සිද්ද වුනා. බොහෝ කතා 18+ ඒවා. එවැනි දේ මෙතන දාන එක ඒ නුවණට හුරු නැති නිසා යම් තෝරා ගැනීමක් සිදු කරන්න වුනා. ඉතිං මේ විදියට දාන්න පුළුවන් අහිංසකම විහිළුවක් තමයි මම මුලින්ම තෝරා ගත්තේ පෝෂණයෙන් අනූන බිත්තර ආප්ප.
මෙහෙම ලියාගෙන යද්දි මට හිතුනා වෙච්චි දේවල්, ඇහුව දේවල්, වලට අමතරව මොකක් හරි කථාවක් ගොතලා දාන්න ඔනෑ කියල. මගේ අර අමුතු ඉලංදාරියා කම මෙතනදි පාව්චි කලා. අනිත් අය මතට තිත කිව්වහම හිතන පැත්තට වඩා වෙනත් පැත්තක් කල්පනා කරන්න මට හිතුනා. මේ හිස් බෝතල් වලින් තම ජීවිකාව ගෙන යන අයට විය හැකි හානිය මම පෙන්වා දුන්නා. ඇත්තටම මේක විහිළු කතාවක් වගේ පෙනුනට එක් වෙලඳ භාන්ඩයක් මත යැපෙන තවත් ජන කොට්ඨශයක් ඉන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුනොත් සිදු විය හැක්කක් තමයි මම මෙතනදි පෙන්වා දුන්නේ. කෙසේ නමුත් මේක හාස්‍යට බරයි. මම ඒක නම් කලේ අරුම - පුදුම වර්ජනේ .... කියලා.
මේ අතරෙදි සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය කියල එකක් තියෙන බව මම අහම්බෙන් දැන ගත්තා. ඊට පස්සේ එතන සාමජිකත්වය ඉල්ලලා ඊමේල් එකක් යැව්වා. කිව්ව වගේම දවස 10කට වඩා ගියා මගේ බ්ලොග් එක එතනට ඇතුලත් කර ගන්න. එතන තියෙන බ්ලොග් ටික ටික මමත් කියවන්න පටන් ගත්තා. එහෙම කියවද්දී මා යායුතු ගමන් මග ගැන මට දල රූපයක් මවා ගන්න පුළුවං වුනා. මේ වෙනකොට මගේ බ්ලොග් එක පටන් අරං මාසයක් වත් නෑ. මගේ බ්ලොග් එක එතනට ඇතුලත් කරාට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයක් දවසකට මගේ බ්ලොග් එක කියවන බව දැනුනාම මට හීන් සතුටක් ඇති වුනා. ඊලඟට ලියන්න දේ බොහෝ තිබුනත් මා දුටු අනුවේදනීය කතාවක් මෙතනට එක් කරන්න මගේ හිත මට බල කලා. දියණියක් සිටින පියෙක් වශයෙන් මේ දේ මෙතනට එක් කල යුතු බවම මගේ හිත මට කිව්වා. මගේ ෆේස්බුක් මිතුරියක් දාල තිබ්බ කවියක් යන කාරණා දෙකම එකතු කරලා තටු සිඳි සුරංගනාවිය ලෙස මගේ හිතේ අවංකව ඇති වූ වේදනාව පිට කලා.
මම ලියපු මුල්ම පොස්ට් කීපය ගැන දීර්ග විස්තරයක් කරන්න හිතුවේ ඒ කාලයේ මාතෘකා තෝරා ගන්න මා කල අරගලය පිලිබඳ පැහැදිලි කිරීමක් කරන්න. ඉන් පස්සේ ලියපු බොහෝ මාතෘකා සඳහා ඉතා ඉහල ප්‍රතිචාර ලැබුනා. සින්ඩිකේටර් හතරකින්ම කියවන ඔබ පැමිණීම නිසා දිනක සමාන්‍ය කියවන්නන්ගේ ගණන 300 ඉක්මවා ගිය අවස්ථා සුලබ වුනා. මුල් මාස තුන ඇතුලතම 5000 කට අඩු කියවීම් ගණනක් සටහන් වූ මේ බ්ලොග් අඩවිය ඉතිරි මාස දෙකකටත් අඩු කාලයකදී තවත් 10,000කින් නොසිතූ ලෙස ඉහල දමන්න කියවන ඔබගේ ප්‍රසාදය සමත් වූවා. මෙයට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ ඉතාම මෑතක්දී මා විසින් ලියන්නට වූ "කෙටිම කෙටි ලොල් ක තා" සඳහා ඉතා ඉහල ජනප්‍රියත්වයක් ලැබීමයි. එය ඒව සඳහා ලැබුන කියවීම් සංඛ්‍යාව සහ කමෙන්ට් ප්‍රමාණය මගින සනාත වෙනවා. තවත් එක සුවිශේෂී මාතෘකාවක් යටතේ මා ඉතා කුඩා පොස්ට් එකක් දමනු ලැබුවා. ඒ බ්ලොගර් තීම් සොයන්නට ගොස් අතරමං වූයෙමි. කියන කුඩා ලිපිය. ඇත්තටම ලිපිය කුඩා වුවත් සිදු වූ සිද්දියෙන් මා ඉතා කැලඹීමකට ලක් වුනා. එම දින කිහිපයේ පැය කිහිපයක් ඇතුලත් දිස් වන බ්ලොගර් තීම් එකකට එකක් වෙනස් කරන්න මට සිදු වුනා. අවසානයේදි සිටිය තැනටම කැරකී එන්න සිදු වුනා. මේ සේරටම මුල් වූයේ මා අමුතු ඉලංදාරියෙකු වීමයි. සමාන්‍ය ජනවහරේ එන යෙදුමකින් මෙය හඳුන්වන්න මටම සිදු වූයේ මාගෙ රසිකයන්ට සිදු වූ අපහසුතාවය පිලිබඳ මා තුල ඇති වූ කලකිරීමයි. ඒ "වලං කඩේට ගොනා පැන්නා වගේ" කියමනයි. මෙතනදීත් පැහැදිලි වනවා මා අර කලින් සඳහන් කල බස් රථයකට ගොඩ වූ මුල් විනාඩි කිහිපයේදී මගියා හැසිරෙන ආකාරය. ඊට ටික කාලයකට පසුව වත්මන් බ්ලොගර් තීම් එක හමු වූ අතර එහි එක්ස් එම් එල් එක සංස්කරණය කර අද තිබෙන තත්වයට පත් කර ගතිමි.
ඉන් පසු මා ලියන්නට යෙදුනු පොස්ට් අතර විශේෂිත ඒවා කිහිපයක් මෙහිල සඳහන් කරනු වටී. ඔබට ගී ගයන මා ....යන මාතෘකාව යටතේ ලියන්නට යෙදුනේ මටම ආවේනික ලක්ෂණයක් පිලිබඳ විස්තර කිරීමටය. ඒ ඔනෑම වචනයක් පදනම් කරගෙන ගීතයක් මිමිණීමේ මාගේ පුරුද්දයි. මගේ විජට් බොහොමයක් සඳහාද මා යොදා ගත්තේද රසවත් ගීත කණ්ඩය. එහෙත් එසේ දැමිය හැකි ගීත කණ්ඩයක් හොයා ගන්නට බැරි අවස්ථාද නොතිබුනා නොවේ. ඒ භාෂා SETT DECO සඳහාය. මේ සඳහා ගැලපෙන ගීත කණ්ඩයක් යෝජනා කිරීමට ඔබට අවස්ථාව ලැබෙන අතර, ජයග්‍රාහකයාට ලැබෙන තිලිණය ඔහු හෝ ඇය සපයන මාතෘකාවක් ඔස්සේ මා පොස්ට් එකක් ලිවීමයි. මා ලියූ ලිපි අතරින් ඉතාම ජනප්‍රිය ලිපියක් වූයේ වැල්ලෙන් අහුලාගත් පිට සක්වල වස්තුව (UFO). සැබවින්ම මෙය මාගේ පුද්ගලික අත්දැකීමක් වූ අතර ඒ තුලින් මා තවත් දෙයක් ඉස්මතු කර පෙන්වන්නට උත්සාහ ගත්තා ඒ මගේ දෙමව්පියන් පිරිමි දරුවකු වූ මා අපචාර වලට ලක් නොවීමට වග බලා ගත් ආකාරය. ඇත්තටම එය පැසසුම් සහගතය. ඔවුන්ට මාගේ භක්ති ප්‍රණාමය හිමි විය යුතුමය.
බල්ලෙකුටත් වඩා පහතට වැටුන හෝරා දෙකක් කියන ඊලඟ මාතෘකාවටත් හොඳ ප්‍රතිචාර ලැබුනා. "දැන් ඉතිං මං මොනවා ලිව්වත් ජනප්‍රිය වෙයි" කියන අභිමානයක් මට ඇති වුනත්, ඒක් එහෙමම වෙන්නේ නෑ කියන එක ඊට පසු ලියන ලද සමහර ලිපි වලට ලැබුන ප්‍රතිචාර වලින් මට වැටහුනා. මොනවා වුනත් හාස්‍ය මුසු වුනු දේවල් වලට බොහේ ජනප්‍රසාදයක් ලැබෙනවා. ඒක එක්තරා අතකින් ලොකු අඩුපාඩුවක්. වෙනත් මාතෘකා ඔස්සේ ලිවිය හැකි අය මේ මගින් මන්දෝත්සාහී වනවා. මෙහි ලියන මා වුවත් හාස්‍යෝත්පාදක ලිපි වලට වඩා මා වැඩි අධ්‍යනයක සිටින ක්‍රිකට් වැනි වෙනත් මාතෘකා ඔස්සේ නොලියන්නේ මෙහි පැමිණෙන ඔබ දෙන ප්‍රතිචාර වලට සාපේක්ෂව. මා කුමක් ඔස්සේ ලිවිය යුතුදැයි යන්න මට තවමත් ප්‍රහේලිකාවක් ? මෙහි පැමිණි පසු වෙනත් අයගේ කවි වලට කවි වලින්ම පිලිතුරු දෙන්න යාමෙන් නොදැනුවත්වම මට කවි ලිවීමේද නිපුනතාවක් ඇතැයි මට වැටහුනා. අන්තිමේදී මම මට තේරෙන ආකාරයට නිස්ඳැස් ස්වරූපයේ පොස්ට් එකක් 077 යි...අම්මා... කියන පොස්ට් එක ලිව්ව. ඇත්තටම එය ස්වයං විවේචනයක්. කොළඹට වෙලා කර්‍ය් බහුල දිවියක් ගෙවන මා අම්මාට නිතර නො-අමතන්නේ මන්දැයි මටම ප්‍රහේලිකාවක්. කෙනෙක් මොන යමක් හෝ කරන විට එය තමා අදහන ශාස්තෘ වරයන් වහන්සේ පිලිබඳ කරන ආකාරයක් මා දැක තිබෙන. එයට හොඳම උදාහරණය සපයන්නේ නන්දා මාලනී මහත්මියයි. ඇයගේ මුල් ගීතය වශයෙන් "බුදු සාදූ - බුදු සාදූ" ගීතය නිමවෙන්නේ මෙන්න මේ කාරණය මත. මමත් තෝරා ගත්තේ අම්ම ගැන ලියන්න. ඒ කියන්නේ ගෙදර බුදුන් ගැන. ඒකටත් යම් සැලකිය යුතු ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා. ඊට පස්සේ බ්ලොග් අවකාශයේ ආදරණීය ජ්‍යේෂ්ඨයාගේ වියෝව ගැන මෙන්න මේ වගේ කවි පන්තියක් ලිව්වා ඔබා මාමාට ලියූ කවි - සිටිනා තැනක සිට අප දෙස ඇස් යොමපන්...
දැනුම උදෙසා මා ලිවූ බ්ලොග් පොස්ට් දෙකටම ඒ හැටි ප්‍රතිචාර නොලැබීමෙන් මා තේරුම් ගත්තේ දැනුම පිලිබඳ උණන්දුවක් බ්ලොග් කියවන්නන් තුල නොමති බවයි. නැතහොත් ඔවුන් සියල්ලම දැනුමෙන් පරිපූර්ණ අයයි. කෙසේ වෙතත් මා ලියූ මුදල් ප්‍රතිචක්‍රීයකරණය - අප දැන ගත යුතු කරුණු සඳහා තරමක ප්‍රතිචාරයක් ලැබුනා. හිතට එන මාතෘකා සියල්ල ලියන්න හිතා ගත්තත් බොහේ විට අමතක වෙනවා. වරක් මම එලෙස එන සිතුවිලි කොල කෑල්ලක ලියා තබන්න පටන් ගත්තා. එහෙත් කාලීන සිදු වීම් හෝ මතකයට එන වෙනත් රසවත් කතා ඒවාට හිමි තැන උදුරා ගන්නවා.

ඒකට ලැබුනු ප්‍රතිචාර ඒ කියන්නේ කමෙන්ට් කියවාගෙන යද්දී මට තේරුනා මං වගේම හිතපු තවත් කෙනෙක් ඉඳල තියෙනවා නේද කියලා. ඒ "කතාන්දර" බ්ලොග් අඩවිය ලියන අපේ සහෘදයා. එයා බ්ලොග් එකට නමක් හොයද්දි තමයි එහෙම හිතිලා තියෙන්නේ එම කොටස උපුටාගෙන මෙහි සටහන් කරන්නම්
"කවුරුත් දන්න විදියට බ්ලොග් කියන්නෙ වෙබ් ලොග් කියන එකේ කෙටි යෙදුමයි. එනිසා, මට මුලින් හිතුන මගෙ බ්ලොග් එක "ජාල සටහන්" කියල හඳුන්වන්න. ඒත්, පස්සෙ හිතුන "කතන්දර" කියන නම වඩාත් ගැලපෙනව කියල".

මෙහි තිබෙන බොහොමයක් බ්ලොග් අඩවි වලට ගොස් එක් වතාවක් හෝ මා කියවා තිබෙනවා. ඒ තුලින් දැනුම වැඩි වූ බව නම් කිව යුතුයි. සිංහල බ්ලොග් කරුවන්ගේ එකතුව ගැන නම් මා සිටින්නේ අපමණ සතුටකින්. එවැනි දෙයක් තිබීමෙන් රචකයා මෙන්ම පාඨකයා රැකගන්න යමක් කලහැකි බවයි මගෙ විශ්වාසය. මගේ දුක කියන්න මිනිසුන් 1000 ක් සිටිනවා යන්න දැන ගැනීමත් සතුටක්. ඉතින් කිව යුතු දේ බොහෝ තිබුනත්, ඔබගේ රන් හා වටිනා කාලය කැප කරමිනි මගේ බ්ලොග් අඩවියට එක්වරක් හෝ පිවිස මා ලිවූ දේ රසවිඳි ඔබසැමට මගේ හෘදයාංගම ස්තුතිය සහ ආදරය පිරිනමන ගමන් ශතකය කරා මා යන ගමනට අත්වැලක් වෙන්න ආරධනා කරනවා.මාගෙ බ්ලොග් අඩවිය බලන්නට කියවන්නන් සඳහ මග පෙන්වූ සියළුම සින්ඩිකේටර් (සිංහල බ්ලොග් කියවනය, සින්ඩි, කොත්තු, හත්මාළුව, අපි අපිට, ලාංකීය සිතුවිලි, අඹගහයට, මාතලන්ගේ සින්ඩිය) වෙත මාගේ හෘදයාංගම සිතූතිය හිමි විය යුතුයි. මා ලිවිය යුත්තේ කුමන ආකාරයේ බ්ලොග් පොස්ට් යන්න පිලිබඳ අවුබෝධයක් ඔබට ආවානම් එයත් කමෙන්ට් එකක් ලෙස එකතු කරන ලෙස ඉල්ල සිටින ගමන් අදට සමු ගන්නම්.
පිංතූරය ගත්තේ : planetminecraft.com
සුබ පතනවා 50ට.ඔබේ ලිවීමේ වේගය නම් අපුරුයි මාසෙකට 10ක් වගේ ලියලා තියෙනවා.මං නම් ආපු දවස් වල මාසෙට හතරක් වගේ තමා ලිව්වේ.ඔබට 100යයත් ලියන්න ලැබේවා කියලා මං සුබ පතනවා.ඒත් පොඩි දෙයක් කියන්නම් හිට්ස් බලාගෙනම ලියන්න එපා.ලැබෙන හිට්ස් ගානෙන් සතුටු වෙන්න.නැත්තම් හිට්ස් අඩුවුනොත් ඔබේ හිතට දුකක් දැනෙයි.
ReplyDeleteමාත් ඔබේ පාඨකයෙක්
දිගටම තව තවත් ලියන්න දහිරිය ලැබේවා,
ඔබට ජය
මමත් තවම අලුත් එකානේ අප්පා.කොම්පිතරයක් පාවිච්චි කරන්ඩ අරගනත් ටික කාලයයි.මෙව්වා ගැන වැඩිය කියන්ඩ දන්නැ. මගෙත් මම හොදයි කියලා හිතපුවට ප්‍රතිචාර ලැබිලා නැ.නොහිතපු එව්වාට කමෙන්ට් හොදට තියනවා.මට දැන් හිතෙනවා ,මට තවම කියවන අයට අවශ්‍යම දේ දෙන්න බැරි උනා කියලා.ඔයාගේ බ්ලොග් එක ලස්සනයි.වැඩ කෑලි ගොඩයි.ලිපිත් හොදයි.සමහරක් ලීපි මග ඇරැනත් ගොඩක් බැලුවා.ඔහොම යමුකො ඉස්සරහට.සුභ අනාගතයක්
ReplyDelete@නිශාන් : ස්තුතියි.හැමදාමත් වගේ මගේ පලවෙනි කමෙන්ට් එක මේ පාරත් ඔයාම දාලා. එක අතකින් ඒක මට සතුටක්. මම හිට්ස් බලාපොරොත්තු වුනේ නෑ. මේ වගේ අවස්ථාවක මා ආ ගමන මග දෙස ආපසු හරී බැලීමක් කලා විතරයි. ඔබ මගේ පාඨකයෙක් කියා දැනගන්නට ලැබීම සතුටක්.
ReplyDelete@අටම්පහුර : ස්තුතියි. බලන අය ඉල්ලන දේම දෙන එක එතරම් හොද නෑ. අප ඇති කර ගත යුත්තේ අපි ලියන දේ කියවන්න කැමති පාඨක පිරිසක්. කමෙන්ට් වලින් තේරෙනවා ඔයා මගේ පොස්ට් ගොඩක් බලල තියෙනවා කියලා. අළුත් තීම් එකකට යන්න ගිහින් අද තව ඩින්ගෙන් වැඩ කෑලි ටික නැති වෙනවා. :D.
ReplyDeleteමගෙත් සුබපැතුම්,,,,,, ජය වේවා!!!!
ReplyDeleteබොහොම ස්තුතියි දූපත් වැසියා.
ReplyDeleteඉස්සෙල්ලම සුභපැතුම්!
ReplyDelete01.පෝස්ටුවෙ යටින් කොමෙන්ටු පෙට්ටිය සෙට් කලානම් හරි. මොකද පෝස්ට් එකේ තියන පාඨයන් උපුටාගැනීමක් කරන්න අවශ්‍ය උනොත් දැන් තියන ක්‍රමේ නිසා අසීරුතාවයට පත් වෙනව. සෙටින්ස් වල Comment Location එක වෙනස් කලාම හරි.
02.හිට්ස් ගැන කියනව නම්, වැදගත් පෝස්ටු වලට ලැබෙන හිට්ස් ප්‍රමාණය තරමක් අඩුයි කියල මාත් අත්දැකීමෙන් දන්නව. ඒත් වැදගත් යමක් කියවන්න අපේක්ෂා කරන උදවිය වෙනුවෙනුත් ලිපි දාන්න ඕන. එතනදි හිට්ස් ගැන හොයන්න එපා.විනෝදාත්මක ලිපිත් ඕන.(කසාය උනත් සීනි එක්කනේ බොන්නෙ).
03.පිටරටවල ඉන්න උදවිය ඒ ඒ රටවල් ගැන වගේම එක් එක් ක්ෂේත්‍රවල රැකියා කරන උදවිය තමන්ගෙ ක්ෂේත්‍රයට සම්බන්ධ ලිපි දානව නම් හොදයි. ඔයා බැංකුවක ඉන්නෙ, ඒ දේවල් හැමෝම දන්නෙ නෑනේ, වැදගත් කියල හිතන දේවල් දාන්න(මුදල් නෝට්ටු ගැන් ලිව්ව වගේ)
04.වැදගත්/ජනප්‍රිය දේවල් ලියල පාඨකයන් ගනන වැඩි උනාට පස්සෙ කිසිම වැඩකට නැති ලිපි වලට උනත් හිට්ස් ලැබෙන්න පුළුවන්. ඒත් එහෙම උනා කියල නොසැලකිල්ලෙන් කිසි දෙයක් ලියන්න එපා.
@රාජ් : බොහෝම ස්තූතියි. හැමදාමත් රාජ් ද්විත්වයෙන් මට කමෙන්ට් වරදින්නේ නෑ. ඔයාගේ උපදෙස් ටික නං පංකාදුයි. ඔන්න මම කමෙන්ට් බොක්ස් එක යටට දැම්මා ඔයාගේ උප්දෙස් ආකාරයට. දැන් ඉතිං හරිනේ. 50 වෙනි පොස්ට් එක මතක හිටින්නත් එක්ක හොඳයි.
ReplyDeleteවැඩේ හොඳයි...!!! ඔහොම යමු.
ReplyDeleteසේවදොරේගේ ෆනී බෝයි නැතිනම් ඒකේ පරිවර්තනය වන අමුතු ඉලංදාරියා කියෝලා තියෙනවාද?
පොත සල්ලි දීල ගත්ත. ඒත් අර අන්සතු කරන්න එපා කියන එක මට අමතක වුනා. කියවන්නත් කලින්ම වැඩේ සෙට් වුනා.
ReplyDeleteහොඳම දේ තමන් සතුටු වෙන දේ ගැන ලිවීම, අනුන් සතුටු කරන්න තමන්ගේ ස්ටයිල් එක සහ කැමති මාතෘකා ඇත අරින්න එපා හිට්ස් සහ කමෙන්ට් එනවා නම් ඒවි...
ReplyDeleteඅනික කාලයකට පස්සෙ ආපහු දවසක ආපහු හැරිලා බලනකොට සතුටු වෙන්න පුළුවන් දේ ලියල තියනවා නම් එච්චරයි !