Friday, May 11, 2012

මුදල් ප්‍රතිචක්‍රීයකරණය - අප දැන ගත යුතු කරුණු

බැංකුවක සේවය කරන කෙනෙක් වෙලත් ඔබගේ දැනුමට යමක් නුදුන්නොත් ඒක ලොකු අඩුපාඩුවක් කියල මට හිතුනා. අනිත් අතින් හැමදාම විනෝදාශ්වාදය මුල් වෙච්චි දේම ලියන්න ගියොත් මේක විනෝදාශ්වාදයම මුල් වෙච්චි බ්ලොග් එකක් බවට ඔබේ සිතේ සටහන් වන  එක නවත්වන්න බෑ. ඒත් මට සහජයේන් උරුම හැකියාව තමයි ඒක. ඉතිං මොනවා කරන්නද? හොඳයි අද මම ලියන්න යන්නේ මුදල් ගැන යමක්. මේ ලියන දේ සමහරවිට ඔබ සියළු දෙනා දන්නව වෙන්නත් පුළුවං. ඒත් මගේ විශ්වාසයක් තියෙනවා යම් මාතෘකාවක් සාකච්ඡාවට බඳුන් කලාම ඒ පිලිබඳ බොහේ දේ ඉගෙන ගත හැකි බව. ඉතිං මටත් ඔබටත් වැදගත් මුදල් ප්‍රතිචක්‍රීයකරණය ගැන තමයි මම ලියන්න යන්නේ.

අයියෝ මූ මොනවද මේ ලියන්න යන්නේ කියලා දැනටමත් "බැක්" ක්ලික් කරන්න හිතුවා නම් මොහොතකට නවතින්න. ඔබට වැදගත් ඔබ නොදන්න එක් වචනයක් හෝ උකහා ගන්න හැකි වේ යයි මම විශ්වාස කරනවා. මුදල් ප්‍රතිචක්‍රීයකරණය කිව්වහම ඔබේ හිතට යම අදහසක් එන්න ඇති. බොහෝ අයට හිතෙන්න ඇති "ඔව බැංකු වලට අයිති වැඩ අපිට මොකටද ඒවා ?" කියල. නමුත් මහජනතාව විදියට අපටත් මේ වෙනුවෙන් කල හැකි යමක් තිබෙනවා. "රුපියල සතේ වෙන්න බාල්දු වෙලා තියෙද්දි මූ සල්ලි ගැන කථ කරනවා" කියල කාට හරි හිතුනද ? බාල්දු වුනත් නැතත් මම කියන්න යන එක වැදගත්. හොඳයි, බස් කොන්දොස්තරලා "මේක ඉරිලා, මේකේ සෙලෝ ටේප් ගහලා", හරි" වෙන එකක් දෙන්න" කියල ඔබට කී වතාවක් කියල තියෙනවද ? උත්තරය නෑ නම්, ඔබ ඉන්නේ ලංකවෙන පිට, නැත්නම් ඔබ ප්‍රයිවෙට් බස් වල නොයන (ලංගම සීසන් හෝ කෝච්චි සීසන්) කෙනෙක් වෙන්න ඔනෑ. හැබැයි ලංකාවේ ඉන්නවනම් රුපියල් හයේ නවයේ දුරක් හරි ප්‍රයිවෙට් බස් එකේ යන්න වෙන්නම ඔනේ. එතකොට දහයේ කොලයක් අතට ගන්න හරි දෙන්න හරි වෙනවනේ. එහෙනම් මේක වෙන්නම ඕනේ. දැන් හැමෝටම තේරෙනවා නේද මම කියන්න යන කාරණය. 

මේක ලියන්න නිමිත්ත උනේ මගේ ත්‍රී රෝද රථ මිත්‍රයා (මා ඔහු මිතුරෙකු ලෙසින් සලකමි. තොරතුරු සපයාගැනීමේදී ඔවුන් තරම වැදගත් තවත් කොටසක් නැහැ කියලයි මගේ විශ්වාසය ) මා අත තැබූ රුපියල් 2000 හේ නෝට්ටුව. බැලූ බැල්මට එය හොර මුදල් නෝට්ටුවක්ද නැත්නම් හොඳ මුදල් නෝට්ටුවක්ද කියා පවසන්න තරම දැනුමක් මට තිබුනේ නෑ. මුදල් පිලිබඳ යම් දැනුමක් මා සතු වුවත් මෙවැනි නෝට්ටුවක් හඳුනා ගැනීමට නම් එක්කෝ මුදල් ගනින යන්ත්‍රය වෙත යොමු කල යුතුයි නැතහොට් ඒ පිලිබඳ විසේසඥ දැනුමක් ඇති නිතර මුදල් සමග ඔට්ටු වන කෙනෙකුගේ අතේ එය තැබිය යුතුයි. ඇත්තටම එම විසේසඥයි ඇසින් බලා තීරණය ගන්නවා වෙනුවට තම ඇඟිලි තූඩු වලට ස්පර්ශ වන ආකාරයෙන් ඒවා අඳුනා ගනියි. එහෙත් මේ කියන මුදල් නෝට්ටුව ඉතාම තුනී ඒ වගේම බොහේ තැනකින් ඉරී(අඩුම තරමේ 20 පලකින්වත්) අල්ලන අල්ලන වතාවට ඉරෙන මට්ටමේ එකක්. එය දුටු විට මා අනුමාන කල දේම අර විසේසඥයාද පැවසීම මගේ සතුටට කරුණක් වුනා. එය දුටුවිට මට පසක් වූයේ එය සාක්කුවක් තුල තිබියදී රෙදි සෝදන යන්ත්‍රයකින් සෝදා පසුව එම කමිසය අයන් කර තිබෙන බවයි. සත්තකින්ම සිදු වී ඇත්තේද එයයි. එහෙත් මේ මුදල් නෝට්ටුව ඔහුට ලැබුන ආකාරය විමසා සිටීමට මා අමතක කලේ නෑ. "සර් ඕක මට දුන්නේ මෝල්ඩිව් කාරයෙක්. මෑන්ට දීල තියෙන්නේ මනි එක්ස්චෙන්ජ් එකකින්. ඒත් පස්සෙ උන් කියල මේක අපි දුන්න එකක් නොවෙයි" කියලා. මම ඉදිරිපත් වුනා ඔවුන්ට උදව් කරන්න. එක් අතකින් එහි අවදානමක් තිබෙනවා. අද කාලයේ බැංකුවක් වෙත ව්‍යාජ මුදල් නෝට්ටුවක් අරගෙන යන්නාව අත් අඩංගුවට ගන්න තරම් මේ ප්‍රශ්ණය බැරෑරුම් වෙලා. එතනින් ආරම්භ කර මූලය වෙත යාම තමයි සිදු වන්නේ. ඉතිං මා ගැන ශාඛා ජාලයේ අය දරන විශ්වාසය මත තමයි මා මේ නෝට්ටුව අරන් යන්න ඉදිරිපත් වුනේ. අනෙක් අතින් පිටරටකින් මෙහි ආ අයෙකුට එවැනි අත්දැකීම්කට මුහුණ දෙන්න වූ විට ඔවුන්ගෙන් අපේ රට ගැන කටින් කට පැතිරෙන වැරදි චිත්‍රය රටට හිතකර වන්නේ නෑ. වාසනාවකට එය හොඳ මුදල් නෝට්ටුවක්. හරි දැන් ඔබට මේ වගේ මුදල් නෝට්ටු කීයක් ලැබිල තියෙනවද ? උත්තරය ඕන තරම් කියන එක නේද. දැන් අපි බලමු මුදල් නෝට්ටු වලට ආයාසයෙන් හෝ නිරායාසයෙන් සිදුකර හෝ සිදුවී තිබෙන හානි මොනවද කියලා

  1. කුණු තැවරීම. මේය බොහෝ විට සිදුවන්නේ නිරායාසයෙන්. විවිධ ක්ෂේත්‍ර වල නිරත අය අපිරිසිදු දෑතින් මේවා භාවිතා කිරීම නිසා මෙය සිදු වනවා. කොහොමත් ඒවා නිෂ්පාදන කර තිබෙන කඩදාසි/රෙදි මිශ්‍රණය මෙයට  හේතු වනවා. 
  2. ඒ මත විවිධ දේ ලිවීම (ගණන්, නම සහ ලිපිනය, දුරකථන අංක යන දේ).    ඒ සඳහා කිසිදු අවසරයක් නෑ. 
  3. ස්වභාවිකව හෝ අස්වභාවිකව සිද්ද වන ඉරීම්. බොහෝ විට මෙයට හේතු වන්නේ අපේ මුදල් නිෂ්පාදනය කර තිබෙන අමුද්‍රව්‍ය වල තිබෙන දුර්වලතා. සාමාන්‍යන් ඩොලර් කොලයක් ඉරීමට අපහසුයි.
මෙවැනි වෙනස්කම් සිදුවී තිබෙන හෝ සිදුකර තිබෙන මුදල් නෝට්ටු ප්‍රතිචක්‍රීයක්‍රරණයට අපට දායක විය හැකි වුවත්, අප බොහෝ විට සිදු කරන්නේ එක්කෝ ඒවා ලභා ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි නැතහොත් ඒවා පිලිසකර කරන්නට යාමයි. එසේ පිලිසකර කරන්නේ සෙලෝටේප් වලින් ඇලවීම, මුද්දර වාටි ඇලවීම, කුඩා කඩදාසි කැබලි ඇලවීම වැනි ක්‍රියාවන්ය. මෙය කිසි සේත් සිදු කල යුතු ක්‍රියාවක් නොවේ. ඉරී, දුර්වර්ණ වූ, පැල්ලම් සහිත, ඉහත ආකාරයට පිලිසකර කර ඇති නොට්ටුවක් ඔබට හමු වුවහොත් ඔබ කල යුත්තේ ඒවා පහත පිංතූර වල දැක්වෙන ආකාරයට සුදු කදදාසියක අලවා (අංකය පැහැදිලිව තිබිය යුතුයි ) නෝට්ටුව පැහැදිල්ව ඉතිරි වන ආකාරයට කපා ගැනීමයි.


පහත රූපයේ තිබෙන්නේ එලෙස අලවා කපා ගන්නා ලද නෝට්ටු කිහිපයක්.



මෙහෙම අලවලා නෝට්ටුව වේලෙන්නට තැබූ විට ඒවා ඇතුල් පැත්තට නැමෙන බව ඔබට නිරීක්ෂණය කරන්න පුළුවං. එහෙම වෙන්නේ එම කඩදාසි වර්ග දෙක ප්‍රසාරණය වනා අනුපාත අතර තිබෙන වෙනස නිසා. හැකිනම් එක දිනක් දෙකක් ටිකක් ලොකු පොතක පිටු අතර තබන්න. එවිට එහි නැමෙන සුළු ගතිය අඩු වනවා දකින්නට ලැබෙයි. ඊට පස්සේ එහි පිටුපස ඔබගේ ගිණුම් අංකය ලියා ඔබ ගණුදෙනු කරන බැංකුව වෙත භාර දෙන්න. එවිට ඔවුන් ඒවා ඔබේ ගිණුමට බැර කරනු ඇත නැතහොත් ඔබට මුදල් ලබා දෙනු ඇත. මා දන්නා අන්දමින් මේ සඳහා කිසිදු මුදලක් අය නොකරයි. 


එසේ එකතු වන මුදල් අදාල බැංකු ශාඛා මගින් එම බැංකුවේ මුදල් ඒකකයකට යවනු ලබන අතර ඉන්පසු ඒවා ශ්‍රී ලංකා මහා බැංකුවට යවයි. එසේ එක්වන මුදල් වෙනුවෙන් මහා බැංකුව නව මුදල් නෝට්ටු මුද්‍රණය කරයි. 

මෙම ක්‍රියාවලිය මා සිදු කරනු දුටු මැලේසියානු ජාතිකයෙක්(අප ආයතනයට මෘදුකාංග සංවර්ධනය කරනා ආයතනයක සේවකයෙක්) මගෙන් විමසා සිටියේ මා කුමක් සිදු කරනවාද යන්නයි. මා කරන දේ විස්තර කල පසුව ඔහු පැවසුවේ ඔවුන්ගේ රටේ මහ බැංකුව 2001දී නිවේදනයක් නිකුත්කර එවැනි වෙනස්කම් වලට භාජනය වී ඇති සියළුම නෝට්ටු අවලංගු කල බවයි. ඉන්පසු මුදල් වලට වන හානි බොහෝසෙයින් අඩු වූ බවද ඔහු පවසා සිටියා. ශ්‍රීලංකාවේද එවැනි දැන්වීමක් කලේ 1970 අණ්ඩුවේ මුදල් ඇමතිව සිටි ආචාර්‍ය ඇන්. ඇම්. පෙරේරා මහතායි. ඇත්ත වශයෙන්ම ඔහුට අවශ්‍ය කර තිබුනේ නිවෙස් වල රඳවාගෙන සිටින මුදල් බැංකුව වෙත අද්දවාගැනීමයි. එය ඉතා සාර්ථක වූ බව මගේ පියාගෙන් මා දැන ගත්තා. 

ශ්‍රීලංකාවේ කාසිද වෙනත් නිෂ්පාදන සඳහ යොදා ගන්නා බව ප්‍රසිද්ධ කාරණයක්. ඇත්තටම රුපියල් දහයේ කාසියක නිෂ්පාදනය කිරීමට එයට වඩා වැඩි මුදලක් වැය වේ. 

16 comments :

  1. එදා අපි පාසල් සිසුන්ව සිටි අවධියේදී ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමති වශයෙන් කල ඒ වික්‍රමය අදනම් හිතන්නවත් බැරිතරම්. (ප්‍රධානම හේතුව අද දූෂිතයන් වැඩිදෙනෙක් ඉන්නේ දේශපාලනයේ හෝ එවැනි දූෂිත දේශපාලකයන්ගේ අතකොලු ලෙස) ආචාර්ය එන්.එම්. පෙරේරා කලේ එවකට තිබුණු ලොකුම මුදල් නෝට්ටු දෙක වන රු 100 සහ රු 50 එක්තරා දිනක මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු බවත් තමන්, අත ඇති පැරණි නෝට්ටු බැංකුවට දී කිසිදු ප්‍රකාශක් නොකර, ගාස්තුවක් නොගෙවා, අලුත් නෝට්ටු වලට මාරු කරගන්නා ලෙස ගුවන්විදුලි මගින් ප්‍රචාරය කිරීමයි. එයින් සිදුවුනේ කළු සල්ලි එලියට ඒමයි. අපි පාසල් සිසුන් ලෙස හොඳ ගානක් (දවසට සත 75 ක් විතර) හෙව්වා ලොකු මුදලාලිලා වෙනුවෙන් බැංකුවේ පෝලිමේ ඉඳලා. ඉතා කනගාටුදායක අත්දැකීමක් කියන්නම්. මම දැක්කා එක වයසක අම්මා කෙනෙක්, බැංකුවේ මිදුලේ පෙරලිලා, අත් දෙකෙන් පොළොවට ගසමින්, මහා හඬින් හඬා වැලපී, සිහිය නැතිවී වැටුනා. හේතුව සොයා බැලුවම ඇය සතුව දීර්ඝ කාලයක්, කළයක දමා පොළොවේ වලලා තිබුණු, මහා නිධානයක් වැනි මුදල් නෝට්ටු වගයක් මාරුකරගනීමට එදා බැංකුවට ගෙනත්. නමුත් ඒවා බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් බැවින් කලින් අවලංගු කර භාවිතයෙන් ඉවත්කර තිබුන ඒවා. ඒවාට අලුත් මුදල් ලැබෙන්නේ නැහැ. නූගත්කමේ විපාක ඇය වින්දේ එහෙමයි.

    ReplyDelete
  2. එදා අපි පාසල් සිසුන්ව සිටි අවධියේදී ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමති වශයෙන් කල ඒ වික්‍රමය අදනම් හිතන්නවත් බැරිතරම්. (ප්‍රධානම හේතුව අද දූෂිතයන් වැඩිදෙනෙක් ඉන්නේ දේශපාලනයේ හෝ එවැනි දූෂිත දේශපාලකයන්ගේ අතකොලු ලෙස) ආචාර්ය එන්.එම්. පෙරේරා කලේ එවකට තිබුණු ලොකුම මුදල් නෝට්ටු දෙක වන රු 100 සහ රු 50 එක්තරා දිනක මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු බවත් තමන්, අත ඇති පැරණි නෝට්ටු බැංකුවට දී කිසිදු ප්‍රකාශක් නොකර, ගාස්තුවක් නොගෙවා, අලුත් නෝට්ටු වලට මාරු කරගන්නා ලෙස ගුවන්විදුලි මගින් ප්‍රචාරය කිරීමයි. එයින් සිදුවුනේ කළු සල්ලි එලියට ඒමයි. අපි පාසල් සිසුන් ලෙස හොඳ ගානක් (දවසට සත 75 ක් විතර) හෙව්වා ලොකු මුදලාලිලා වෙනුවෙන් බැංකුවේ පෝලිමේ ඉඳලා. ඉතා කනගාටුදායක අත්දැකීමක් කියන්නම්. මම දැක්කා එක වයසක අම්මා කෙනෙක්, බැංකුවේ මිදුලේ පෙරලිලා, අත් දෙකෙන් පොළොවට ගසමින්, මහා හඬින් හඬා වැලපී, සිහිය නැතිවී වැටුනා. හේතුව සොයා බැලුවම ඇය සතුව දීර්ඝ කාලයක්, කළයක දමා පොළොවේ වලලා තිබුණු, මහා නිධානයක් වැනි මුදල් නෝට්ටු වගයක් මාරුකරගනීමට එදා බැංකුවට ගෙනත්. නමුත් ඒවා බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් බැවින් කලින් අවලංගු කර භාවිතයෙන් ඉවත්කර තිබුන ඒවා. ඒවාට අලුත් මුදල් ලැබෙන්නේ නැහැ. නූගත්කමේ විපාක ඇය වින්දේ එහෙමයි.

    ReplyDelete
  3. ලංකාවේ මුදල් නෝට්ටු වැඩියෙන්ම ඩැමේජ් වෙන්නෙත්, කුණු තැවරෙන්නෙත් ප්‍රයිවට් බස් කොන්දොස්තරලා නිසා. උන් අර ඇඟිලි දෙක අස්සේ ගහගෙන ඉඳලා අත්වල තියෙන සේරම ජරාවයි, හැම දේම ගාලා කුණු ගානවා. අල්ලන්නත් අප්පිරියයි.

    ReplyDelete
  4. @විචාරක : මගේ පියාත් ඔය කතාව කියන්නේ ඉතාම ආඩම්බරයෙන්. ඇත්තටම ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කියන්නේ පඬිවරයෙක්. ඔහු කල නොහැක්කක් නොමැත කියන මතයේ සිටි කෙනෙක්. මගේ පියත් ඔබ කියන ආච්චිගේ කතාවට සමාන දෙයක් කිව්ව වගේ මතකයි. ඔහු කල තවත් වික්‍රම අතර දුම් රිය දෙපාර්ථමෙන්තුව සතයකින් ලාභ පෙන්වීම, සිගරට් මිල අඩු කිරීම කිහිපයක්. මා ඒ අවදියේ කුඩා දරුවෙක් ඒත් මට මතකයි තාත්තා සිගරට් කාර්ටුන් එකක් ගෙනාවා. කරුමෙට ඒ පාරම තමයි සත ගණනකින් ටිකට් අඩු වුනේ.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. @KAS මෙතන තනිකරම වැරද්ද එයාලට පටවන්න බෑ. සියළුම වර්ග වල වෙලෙන්දන් මුදල් පරිහරනය කරන්නේ අත් වල ඔවුන් විකුනන දේ රඳවා ගැනීමෙන් පසුයි. අපේ රටේ ඇරෙන්න අනිකුත් රටවල මුදල් පරිහරනයේදී මේ ගැන සැලකිලිමත් වෙන්නේ නෑ. වෙනත් රටවල අය අත් ආවරණ පැලඳගෙන තමයි ආහාර අල්ලනේ. ඉන් පසු මුදල් ගැනීමේදී අත් ආවරණ ඉවත් කර සිදු කරනවා. බලදාරීන්ගේ ඇස මේවාට යොමු විය යුතුයි.

    මතකද අර පොලිමර් ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කල රුපියල් 200 යේ නෝට්ටුව. ඕස්ට්‍රේලියාව වගේ රටවල භාවිත වන්නේ එම මුදල් නෝට්ටු. ඒවා ලේසියෙන් ජරා වෙන්නේ නෑ. හැබැයි නැවීම් වලට ඔරොත්තු දෙන්නෙත් නෑ. එවැනි මුදල් වර්ග භාවිත කරන්න තරම් අපේ අය දැනුවත් නෑ. අපේ දැන් තරුණ පරපුර අර දිග පර්ස් එක භාවිතා කරනවා. ඇත්තටම ඒක හොඳයි එමගින මුදල් නෝට්ටු වලට වන හානිය අඩු වෙනවා. AC බස් කොන්දෝස්තර වරුන් ඉතා පිළිවෙලට මුදල් තබාගෙන යනවා ම දැක තිබෙනව. සමහරවිට මගිය ලභා දෙන මුදල් පව ඔව්න් හොඳින් දිග හැර භාවිත කරනවා.

    ReplyDelete
  7. අපේ පිටරට වල ඉන්න මිතුරන් එම රටවල් වල මුදල් භාවිතාව ගැන කෙටි සටහනක් දැම්මොත් අපේ දැනුමට එය අත්වැලක් වෙයි.

    ReplyDelete
  8. ඉතාමත් වැදගත් ලිපියක් අපි බොහෝ වෙලාවට ඉරුණු මුදල් නෝට්ටු ආයේ කරන්න දෙයක් නැහැ කියලා පැත්තකට දාන වෙලාවල් තියෙනවා.ඒත් දැන් යන ආර්ථික තත්වය මත මෙහෙම දෙයකින් ඒ මුදල් නෝට්ටු බාවිතා කරන පිළිවෙල ගැන දැනගන්න ලැබුණ එක ලොකු දෙයක්.
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  9. බොහොම ස්තුතියි මේ ගැන අපිව දැනුවත් කලාට. ඔය විදිහට සුදු කොලයක අලවන්නේ මොකද?

    ReplyDelete
  10. සුදු කොළය අලවන්නේ ඇයි ?

    Anonymous අහල තිබෙන ප්‍රශ්ණය ඇත්තටම හොඳ එකක්. සුදු කඩදාසිය ඇලවීමෙන් පසු එහි වලංගු භාවය නැති වෙනව. වෙනත් ආකාරයකින් කිවහොත් එය ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය හැරෙන්න ගණුදෙනු සඳහා යොදා ගත නොහැකියි. මෙහි සම්පූර්ණ අවලංගු භාවය සිදු වන්නේ ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපති තුමා විසින් පත් කල විශේෂ කමිටුවක් මගින්.

    ReplyDelete
  11. මේ ගැන මම තවත් තොරතුරු ටිකක් අප බැංකුවේ මධ්‍යම මුදල් ඒකකයේ සේවය කරන මගේ මිතුරකුගෙන් දැන ගත්තා.

    මෙසේ සුදු කඩදාසියක අලවා ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා යොදා ගැනීමට නම් අඩු තරමින් නෝට්ටුවෙන් 3/4 වත් තිබිය යුතුයි. මෙහිදී එහි අණු අංකය තිබීම හෝ නොතිබීම වැදගත් නෑ. ඔබගේ මුදල් නෝට්ටුව හරි මැදින් ඉරුණු අවස්ථාව වඩාත් අවදානම් වෙනවා, ඔබ සතුව ඇත්තේ එයින් එක් කොටසක් නම් එයද ඔබට මහ බැංකුව වෙත යොමු කල හැකියි. නමුත් එයට කොපමණ මුදලක් ගෙවනවාද යන්න තීරණය ඉහත කී මණ්ඩල සතු වෙනවා.

    මේ ආකාරයට වඩාත්ම හානියට ලක් වන්නේ රුපියල් දහයේ නෝට්ටුවයි. එහි සමාන්‍ය නැවීමේ හැකියාව 13000 කට මදක් වැඩි වෙනවා. මෙම වාර ගණන පසු වූ පසු එය තවදුරටත් භාවිතා කල නොහැකි වෙනවා. තවත් අතකින් මහා බැංකුව යලිත් රුපියල් දහය වෙනුවෙන් නව මුදල් මුද්‍රණය නොකරණ නිසා සහ වැඩියෙන්ම භාවිතා වන නෝට්ටුව නොවන නිසා, වැඩියෙන්ම විණාශයට ලක් වන්නේ එම නෝට්ටුවයි.

    කැබලි තුනකට ඉරුනු නෝට්ටුවක් සඳහා කිසි විටෙකත් මෙසේ සුදු කඩදාසි ක්‍රියාවලිය වලංගු වන්නේ නෑ. වෙනත් වචන වලින් කීවොත් එය අවලංගු වීමට එයම කාරණයක්.

    ReplyDelete
  12. මේ වනවිට ඉතාමත් මෑතකදී මුද්‍රණය කල මුදල් වලින් රුපියල් 20 සහ 50 හැර අනිකුත් සෑම නෝට්ටුවක් සඳහා ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති අතර මේ වනවිටත් සංසරණය වනවා. එම මුදල් නෝට්ටු ගැන මදක් විමසිල්ලෙන් සිටීම වැදගත්.

    ReplyDelete
  13. මගේ කලින් ප්‍රශ්නයට පිළිතුරු සැපයුවාට ඔබතුමාට බොහොම ස්තුතියි. ඒ පිළිතුර ඔබතුමාගේ පොස්ටුවේම යටින් පලකරානම් පසුව කියවන අයටත් ප්‍රයෝජන වේවි යයි සිතනවා. අනික මං හිතන් හිටියේ ඔහොම අලවන්නේ නැතුව නිකන් ගෙනහිල්ලා දුන්නොත් බැංකුවෙන් මාරු කරලා දෙනවා කියලා.
    ඇත්තටම ඉතින් හානි වූ මුදල් කොළ මේ රටේ ගෙවල්වල කොච්චර ඇතිද. ලොකු ගානක්නම් මිනිස්සු බැංකු වලට ගිහිල්ල මාරුකරයි. එත් පොඩි ගානක්නම් බැංකුවලට යන්නේ නෑනේ. ඉතින් මහබැංකුව මිට වඩා ඉතා සරල ක්‍රමයක් අනුගමය කරානම් හොඳයි කියල හිතනවා. ඇත්තටම මේ වගෙ තවත් ලිපි ලියන්න පුලුවන්නම් ලොකු දෙයක්. - චතුර

    ReplyDelete
  14. @Anonumous : දැනට මේ සම්බන්දයෙන් තියෙන්නේ මේ වගේ ක්‍රියාවලියක්. ඉස්සර නුගේගොඩ තිබුනා කලෙක්ෂන් ඒජන්සියක් ලයිට් වතුර බිල් ගෙවන්න පුළුවන්. ඒකට අමතරව එයාල ඉරුණු මුදල් නෝට්ටු මාරු කරනවා පොඩි කොමිෂන් එකක් තියාගෙන. රුපියල් දහයකට රුපියලක් වගේ.

    ReplyDelete
  15. Dan sudu kola wala alawanna epa peoples bank eka dan ehema baraganne na irilanam selo tape walin alawala genna baragannawa kolawala aleuwot baragan na

    ReplyDelete
  16. දැන් දැන් හැම දියුණු රටකම ප්ලාස්ටික් සල්ලි ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ්, අන්තර්ජාලය හරහා සිදු වන e-services සහ ජංගම දුරකථන වලින් NFC තාක්ෂණය භාවිත කරන e-wallet තමයි වැඩියත් දකින්න තියෙන්නෙ.

    නෝට්ටු සහ කාසි භාවිතය එන්න එන්නම අඩු වෙනව, අනාගතයේදී නෝට්ටු සහ කාසි දකින්න කෞතුකාගාර වලට යන්න වේවි.

    එතකොට මේ කියන ප්‍රශ්න අදාල නැහැ :-D

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...