ලොල් කතා ගොඩක් තිබ්බත් කොයි එක මුලින් ලියන්නද කියල හිත හිතා ඉද්දී මම මුහුණ දුන්න අකරතැබ්බයක් ඔෆිස් එකේ මගේ මිතුරු/මිතුරියොත් එක්ක කිව්ව. එතකොටම අපේ ඔෆිස් එකේ යෙහෙලියක් එයාට වෙච්චි මරු සිද්දියක් කිව්වා. මේ යෙහෙලිය හොඳට ස්ටයිල් එකට අඳිනවා. මේය දවසේ වැඩිම වෙලාවක් ගත කරන්නේ ස්ටයිල් වලට. ඉතින් මොකක් හරි අලුත් විලාසිතාවක් දැක්කොත් දෙපාරක් හිතන්නැතුව ඒක ට්‍රයි කරල බලනවා. කොයි තරම හොඳට මැච් වෙන්න අඳිනවාද කිව්වොත් හැම ඇඳුම් සෙට් එකටම ගැලපෙන බෑග් හා සපත්තු එයාට තියෙනව. අනිත් ඒවත් ඒ වගේමයි කියලයි රට්ටු කියන්නේ. ඉතිං හිතා ගන්න පුළුවන් නේ මොන වගේ කෙනෙක්ද කියලා. අපිටත් හැමදාම එයාගේ විලාසිතා බලල කමෙන්ට් කරන්න තියෙනවා. ලස්සනට ඇඳල ඉන්න එකෙන් තමන්ට වගේම සෙසු සමාජයේ අයගේ ඇස පිනවීම නිසා පිනකුත් සිද්ද වෙනවා.
එයාගේ නංගි කෙනෙකුගේ වෙඩිං එක තිබිල තියෙනවා අළුත්ගම පැත්තේ. ඒකට ගිහින් ඉන්නකොට එයාගේ හස්බන්ඩ් එයාට මෙහෙම කියල තියෙනවා
බලනවකො ඕයි අර කෙල්ල කළු වුනාට ඇඳන් ඉන්න සාරි එක කොච්චර ලස්සනද කියලා ?
කෝ කොයි කෙල්ලද ?
"අර..අර.. අතන, අර පීකොක් බ්ලූ කලර් සාරිය" කියල අපේ මිත්‍රය ඇඟිල්ල දික් කරල පෙන්නල තියෙනවා.
ආ.. ඔව් නේන්නං. ෂාහ් ! බලන්න කෙල්ල කළු කැත වුනාට සාරිය නියමයිනේ. ලොකු ගාණක් ගිහිනුත් නෑ. ඒ වුනාට ලස්සනයි. මමත් මහනවා ඔය වගේ එකක් ඔෆිස් අඳින්න.
හපෝ ... තමුසෙටත් ඉතිං. දකින්නේ මොකක්ද ඒ
ක ඕන.
අනේ මං කියන්නෑ.
කොහොමින්, කොහොමින් හරි ඔය වෙඩිං එක ඉවර වෙලා අපේ මිතුරිය ආවා ගෙදර. එදාම හවස එයාලගේ ගෙවල් ගාව ඇඳුම් මහන ඇග්නස් අක්කලාගේ ගෙදරට ගියා දුවගෙන. දැන් එයාට මේක ඇග්නස් අක්කත් එක්ක කියන කං ඉවසුමක් නෑ. ඇග්නස් අක්කත් මෙයා කියන ඕනෑම එකක් ඒ විදියටම මහල දෙන හින්දා අවුරුදු ගානක ඉඳන් දෙන්න ගජ මිතුරියෝ.
ඇග්නස් අක්කේ මම අද උදේ මම ගියා වෙඩිං එකකට අළුත්ගම. කළු කැත කෙල්ලෙක් ඇඳගෙ ආව පීකොක් බ්ලූ මාර සාරි එකක්. අනේ මටත් ඒ වගේ එකක් මහ ගන්න ඕනේ. අපි වගේ එක්කෙනෙක් ඇන්දනම් හොඳටම ලස්සනයි.
අනේ නංගි ඒ සාරිය ඇඳගෙන ආවේ මගේ දුව. ඔයාලගේ නංගිත් එක්ක එකට සෞන්දර්‍ය විශ්ව විද්‍යාලේනේ මගෙ දුවත් ඉගෙන ගත්තේ.
මේක අහල අපේ මිතුරියට ඉහින් කනින් දාඩිය දාලා.
අනේ සොරි ඇග්නස් අක්කේ මම හිතල නෙවෙයි කිව්වේ. අනේ සෝ සොරි මෙයා. අනේ මොනවත් හිතන්න එපා
හයියෝ මට ඇඳුම ගලවල එන්න හිතුනා ඒ වෙලාවේ. ඒත් වැඩේ තියෙන්නේ ඒ මනුස්සයාට ගානක් වත් නෑ. අර සාරිය මහපු රෙදි කෑල්ල අරගෙන ඇවිත් මට පෙන්නනවා. මට මොන සාරි මැහිලිද. මම පස්සේ එන්නම් ඇග්නස් අක්කේ කියල එන්න හදනකොටම ඇග්නස් අක්කා කියනවා.
නංගී ... අපේ දුව ඉතිං ඔයා වගේ කොහොමත් සුදු නෑනේ. ඒත් දැන් ඉස්සර තරං කළුත් නෑ. කියල.
පින්තූරය ගත්තේ : http://www.sareetimes.com
දැං මට වුන ඒවගෙන් එකක්. කෙටිම කෙටි ලොල් කතා අංක එක කවුරුත් වගේ බලන්න ඇතිනේ (නොබැළුව අය මෙතැනින් බලන්න ). ඒ කතාවෙදී මම කිව්ව මතකද මම කිව්වා මම කොළඹ බෝඩිමකට ආව කතාව. මතක නෑ. එහෙනම් අර ලින්ක් එක ක්ලික් කරන්නකෝ. මොනවද ? ආ.. වෙලාව නෑ. ඒකත් එහෙමද. කෙටි එකක් අනේ. ඉතිං ඔය බෝඩිමේ ඉන්න කාලේ ඒ අක්කත් එක්ක එක බ්‍රාන්ච් එකේ වැඩ කරපු තව ලේඩි කෙනෙකුයි එයාගේ මහත්තයයි (දෙන්නම මමත් අඳුරනවා මමත් ඉතිං ඒ බැංකුවේම නොවැ වැඩ කරන්නේ) එයාලගේ දුවයි පුතයි එනවා පාටීස් වලට. දුව හරිම ලස්සනයි. මට එයා ගැන පොඩි හිතක් පහල වෙලා තිබ්බ ඒ කාලේ. මමත් ඉතිං හිරි මල් යෞවනයේනේ හිටියේ ඔය කියපු යුගයේදී. හැඃ. ඒ වුනාට එතන පොඩි පරහකට හිටිය කාරණයක් තිබුනා. ඒ කෙල්ල ඒ දවස් වල ඉස්කෝලේ යනවා. දැන් හිතයි මූ වගේ මෝඩයෙක්. ඉස්කෝලේ ගියාම මොකද බහින්නනේ තිබ්බේ වැඩේට කියල. ඒකත් එහෙමයි කියමුකෝ. මම හිතුවා ඉතිං ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියලා. අක්කට කියලම වැඩෙ කොර ගන්න බැරියැයි ඒලෙවල් ඉවර උනහම. මම හිතුවේ එහෙම. බොහොම ඩීසන්ට් විදියට වැඩේට බහින්න. කොහොමින්, කොහොමින් හරි මේ ළමයා ඒ ලෙවෙල් කලා. ඇඩ් එකකටත් හිටියා. සම්පත් බැංකුවේ ජොබ් එකකටත් ගියා. බෝඩිමේ අක්ක මේ දේවල ගැන මට නිතරම අප්ඩේට් කලා. හරියට මගේ හිත කියවන්න පුළුවන් වගේ. අර කෙල්ල දිහා මම බලනවා අක්ක දැක්ක වත්ද කියලා මට හිතුනා. දැක්කත් මොකෝ "හැංගි-හැංගි වෙස් මූණු බැඳල කොහොමෙයි" මමත් ගත්ත හිතට වීරිය. ඔහොම ඉන්නකොට එක දවසක් අක්ක කිව්ව අන්න මිස්ට අබේපාලගේ දුව බඳින්න යනව කියල. මදැයි කොලා. මාව එතනම කඩාගෙන වැටුනා.
ඔය යන්නේ නයිට් රයිඩර් කෙනෙක්, වැඩි දුරක් යන එකක් නෑ. කියල. මෙහෙම කිව්වහම අර කෙල්ලයි, මලයයි. මිස්ට අබේපාලයි හොඳටම හිනා වෙනාවා. මම කල්පනා කලා මගේ අතින් මොකක් හරි වැරදි වචනයක් වත් කියවුනාද කියල. නෑනේ. එතකොට අර කෙල්ල කියනවා.
ඒ මගේ හස්බන්ඩ් කියල. මට තරු පෙනුනා.
අනේ මො...න...ව....ත් හි....ත...න්...න එපා. ම...ම නි...ක...ම..ට ත...ම...යි කි...ව්...වේ.
අපෝ නෑ ... අපෝ නෑ... කියල ආයෙත් එගොල්ලො හිනා වෙනව.
පින්තූරය ගත්තේ : http://3dwallpaperzone.com
ප:ලි: මේ පින්තූරේ තියෙන කාර් එක වගේම එකක් තමයි ඒක.
දෙවෙනි කතාව නියමයිනේ හිහි
ReplyDeleteඔය විදිහටනම් හතුරෙක්වත් ලජ්ජා වෙන්න එපා, මරු කතා ටික
ReplyDelete@නිශාන් : ස්තූතියි කමෙන්ට් කලාට. මට බය හිතුනේ දෙවෙනි එකේ රසය නැති වෙයි කියල එකම විදිය නිසා.
ReplyDelete@Savithra : ස්තූතියි කමෙන්ට් කලාට. මේවා එකක්වත් හිතල කරපු දේවල් නෙවෙයි. එක අතකට මෙහෙම මූණට කියන එක හොඳයි කියලත් හිතෙනව වෙලාවකට අතන මෙතන කියනවට වඩා. එහෙම කිව්වත් ආරංචි වෙනවා. අර බිත්ති වලට කන් තිබේ කියන කතාව මම හරියට විශ්වාස කරනව.
අනේ මන්දා මටනම් මේ කතාවලට කිසිම ලොල් බවක් ඇතිවුනේ නැහැ. සිංහලෙන් ලොල් කියන්නේ එයට තදින්ම කැමති කියන එකනේ. ඉතින් මේක කියවන යට මොකක්ද ඇතිවන ලොල් බව?
ReplyDeleteLOL (ලොල්)
ReplyDeleteමෙන්න තවත් ලොලේ ලොල් කථාවක්.. අලුත් බ්ලොග් එකක
ReplyDeletehttp://chami4u.blogspot.com/2012/05/blog-post_07.html
ලොල් නේන්නං. සිද්ධි දෙකම. පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති නේද.
ReplyDeleteපේජ්එකේ යටට කොමෙන්ටු පෙට්ටිය දැම්මොත් මොකද?
ReplyDeleteඇයි මල්ලී මට දෙන්නද නැති වෙන්න ? ලොල්. දාන විදිය ගැන නම් දන්නේ නෑ. උත්සාහ කරල බලන්නම්.
ReplyDeleteපුදන කොටම කාපි යකා කිව්වලු...නිකං තියෙන අහවල් එකේ ටිංකිරි ගාගන්නව කියන්නේ ඔහොම එවටද..කොහේද.
ReplyDeleteකියල වැඩක් නෑ මචං. මට කාරෙකේ චැසිය(දැන් තියෙන්නේ බෝඩ් එකක්ලු ) පලාගෙන යන්න හිතුනා.
ReplyDeleteඔය වෙලාවට තමයි අර වලක් කපාගෙන වැළලෙන්න හිතෙන්නෙ.. හි හි ...ලොල්
ReplyDeleteපලවෙනි කතාවයි අන්තිම කතාවයි නියම සිදී දෙක. වැඩේ තියෙන්නේ ඔයාටමනේ වෙන්නේ.
ReplyDelete@තාරා: කමෙන්ට් කලාටයි හා ජොයින්ට් වුනාටයි සිතූතියි.
ReplyDelete@අසරණයා : මට වෙච්චි ඒවගෙන් ටිකයි මෙතන ලිව්වේ. 18+ ඒවා ටිකකුත් තියෙනවා. දෙගිඩියාවෙ ඉන්නේ ලියනවද නැද්ද කියලා.
ඒ.... මටමයි වෙන්නේ... කියලා හිතෙන්නේ මේ වගේ වැඩවලදි තමයි.
ReplyDeleteසුදීකට කවුරු ඉගැන්නුවත් වැරදියට අර කවිය උගන්වල තියෙන්නෙ. ඕක හරි ගැස්සුවම එන්නෙ මෙහෙමයි:
ReplyDeleteඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
මෙය කී එකාගේ කට කෑවත් මදිය
ඉස්සර වූ එකා ලිය දාහක් ළඟය
ඉවසපු එකා හැමදාමත් තනිකඩය