Monday, May 7, 2012

077 යි...අම්මා...




විනාඩි දාහක් නොමිලේ
දුන්නත් ඩයලොග් එක මට
කරන්න කිසිවක් මට නැත
අමතන්නට කෙනෙකුත් නැත

කලෙමි කල්පනා දසතේ
හෙව්වා අංකත් හැමතැන
සිහිවී බිව් කිරි කඳුලක්
කථා කරමි ඇයට උතුම්

ඇයටත් ඇත්තේ ඩයලොග්
එනමුත් ගන්නෙ නැත මං
කුමක් වුනාදැයි නොදනිමි
කාර්‍ය බහුල වුනා නොවෙද

මතක් වුනත් මගෙ කරුමෙට
ඇය නිදනා මේ යාමෙට
ගත්තොත් ඇගෙ දැහන බිඳෙයි
කියනා මුත් මගේ පුතේ

හිතා ගතිමි දහස් වරේ
අමතන්නට ඇය නිරතුරු
තිබුනත් දහසක් කටයුතු
එනමුත් වරදී බොහො විට

නොසැලකිල්ල නොසැලකිල්ල
කරතී චෝදනාව ඔබ
නෑ වන්නේ මා එරෙහී
අනේ මගේ නොසැලකිල්ල

පින්තූරය : http://www.webmd.com

ප: ලි: මෙය ඩයලොග් වෙලඳ දැන්වීමක් නොවේ.

6 comments:

  1. නොසැලකිල්ලමත් නෙවේ. සමහර වෙලාවට මටත් ඕක වෙනව.

    ReplyDelete
  2. කමෙන්ට් එකට ස්තූතියි රාජ්. මම හිතුවා මේක මට විතරක් වෙන දෙයක් කියලා. අද අම්මාවරුන්ගේ දිනයළු. ඒත් මම ඒ වග දන්නවනම් මේක ඊයේ පෝස්ට් නොකර ඉන්නවා. අර දොඩම්පහල රාහුල හාමුදුරුවෝ කියනවා වගේ බටහිර එවුට අම්මලා වෙනුවෙන් වැය කරන්න පුළුවං එක දවසක් වුනාට අපිට හැම දවසකම අපේ අම්මලා තාත්තලා වෙනුවෙන් කැප කරන්න පුළුවං කියන එක මාත් විශ්වාස කරන නිසා.

    ReplyDelete
  3. ඇත්තටම මටත් ඔහොම වෙනවා සහෝ....

    ReplyDelete
  4. :O ඇත්ත මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා අම්මා සම්බන්දයෙන්

    ReplyDelete
  5. අපේ මේ රාජ් ඇන්ඩ් Raj හරියට් Thompson & Thomson වගේ. දෙන්නටම හිතෙන්නේ එකම විදියටනේ.

    ඇත්ත නිශාන් මලයෝ. සැලකිල්ල නැතුව නොවෙයි. මම කිව්වේ වෙන දේ.

    ReplyDelete
  6. අමතක වෙන්න හොදම නැති ඇමතුමක්.. නොසැලකිල්ල තමයි :)

    සිතිවිල්ල කවි කල හැටි අපූරුයි :)

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...