Tuesday, June 18, 2013

එස්.එම්.එස්. පණිවුඩය සහ දකුණු අප්‍රිකානු (කළු) මිතුරිය ...

මගේ මතකය එකවර 2010 මැදභාගයට ඇදී ගියේ මන්දැයි නොදනිමි. එහෙත් කවදා හෝ මෙහි සටහන් කරන්නට ඉටා ගත් තවත් එක් අපූරු කතාවක් බව නම් කිව යුතුමය. ඉතා කෙටි මොහොතක ඇති වූ මිතුදමක් එක් එස්.එම්.එස්. පණිවුඩයක් නිසා නැති වූ බව ඔබ පිලි ගන්නවාද? මා ඒ පිලිබඳ අදත් ශෝක වන්නේ ඇය (අප්‍රිකානු කළු) යුවතියක් වූ නිසාම නොවන බව වරදවා වටහා නොගන්න.

මහේල ජයවරධනත් සමග එකම බංකුවේ හිඳ වර්ල්ඩ් කැප නැරඹුවෙමි ලෙසින් මා ලියූ ඉතා ජනප්‍රිය වූ සටහන ඔබට මතක ඇතැයි සිතමි. මෙය ඊට පසුව මා හිල්ටන් හෝටලයට අයත් ඉතාලි අවන්හල් භූමියට ගිය තවත් දවසක් සිදු වූවකි. 2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මේ කාලයේ ක්‍රියාත්මක වෙමින් පැවතිනි. හිල්ටන් හෝටලය පුංචි දකුණු අප්‍රිකාවක් බවට පරිවර්ථනය කර තිබුණි. එයට විශේෂ හේතුවක් තිබුණා. දකුණු අප්‍රිකාවේ මෙම ලෝක කුසලානය පැවැත්වුවද, එය නරඹා ප්‍රීති වීමට හැකි හොඳම වෙලාව උදා වන්නේ ඊට පැය ගණනක් කලින් ඉර බසින ශ්‍රී ලංකාවා ඉන්දියාව තිබෙන කාලා කාලපයටය. එබැවින් බහුජාතික සමාගම් විශාල ප්‍රමාණයක එකතුවක් ලෙස මෙය සංවිධානය කර තිබුනා. VISA ආයතනය මා මෙතනට ගෙනයන්න පෙළඹුවා. ඇත්තටම එහිදී ලෝකයේ විවිධ රටවල පාපන්දු ප්‍රේක්ෂකයින් ඒ දින කිහිපයේ එතනට එක් රොක් වුණා.
පින්තුරය : හිල්ටන් ෆේස්බුක් පිටුවෙන්.

 මා ක්‍රිකට් වලට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටද එකලෙස ප්‍රේම කරමි. ක්‍රීඩා කර ඇත්තෙමි. මගේ තරුණ වියේ වැඩි කාලයක් ක්‍රීඩා කලේ පාපන්දු බවද කිව යුතුය. සංචාරක පුරවරයක් වූ බෙන්තොට ප්‍රදේශයේ ක්‍රිකට් වලට වඩා පාපන්දු ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් වීම මීට හේතුවයි. අනෙක ලෝකයේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින ක්‍රීඩාව ලංකාවේ දෙවැනි ජනප්‍රිය ක්‍රීඩාව වත් වීම පුදුම විය යුතු නැති කරුණකි.

දිනය කවදාදැයි නිශ්චිතව මතක නැති මුත් අවශ්‍ය නම් අන්තර්ජාලය පීරා එය මෙහි සටහන් කල හැක. නමුත් මේ කියන කතාවට දිනයේ වටිනාකමක් නැති බැවින් ඒ ගැන වෙහෙසීම නිෂ්ඵල ක්‍රියාවකි. මගේ මතකය නිවැරදි නම් මට නරඹන්නට අවශ්‍යව තිබුනේ එදින පැවැත්වූ දෙවැනි තරගයයි. ඒ මා මුල සිටම ස්පාඤ්ඤ කණ්ඩායමට සහයෝගය දැක්වූ නිසාය. එදින ස්පාඤ්ඤය ජය ගතහොත් අවසාන පූර්ව තරගයට සුදුසකම් ලබනු ඇත. එහි ගාස්තුද ඉතා සාධාරණ බව කිව යුතුය. එනමුත් ඒ ගැන මෙහි සටහන් නොතබන්නේ, ඒ පිලිබඳ පෙර සටහනින් පැහැදිලි කල නිසාය. මුල් තරගය මා ඔහේ නැරඹුවෙමි. ආහාර පාන ගෙන දෙවෙනි තරගයට සුදානම් වීමට මා වග බලා ගත්තේ නිස්කාන්සුවේ තරගය නැරඹිය හැකි නිසාය. 

කෙනෙකුට මෙම වටපිටාවේ ස්ථිර ආසන ලබා ගත යුතු නම් එය වෙන් කරවා ගැනීම කල යුතුය. එසේත් නැතිනම් ලැබෙන තැනක සිට තරගය නැරඹිය හැකිය. මා මෙහි තරගය නැරැඹීමට කැමති වීමට තවත් එක් හේතුවක් වූයේ, එය විවිධ ජාතීන්ගේ පිරී ඉතිරී යන නිසා විවිධ රටවල විවිධ පුද්ගයලන් සමග අදහස් හුවමාරු කර ගත හැකි වූ නිසාවෙනි. එදින මට කථා කරන්නට ලැබුණේ අරාබි කාරයන් දෙදෙනකු සමගය. ඉන් එක් අයෙක් කුවේට් වැසියෙකු වූ අතර අනෙකා සෞදි අරාබි ජාතිකයෙක් විය. 

විව්කය අතර කඩා වැටුණු වැස්සට මා අගු පිලකටට(සමා වන්න හිල්ටන් හෝටලයේද වහලක කෙලවර හැඳින්වීමට වෙන විශේෂ වචනයන් නැත)  දිව ගිය මුත් කුවේට් වැසියා කැමැත්තෙන්ම වැස්සේ තෙමිනි. අපට වැස්ස මහත් කරදයක් වුවද, වැස්ස අවසන් වූ පසු කුවේට් වැසියා සහ සෞදි ජාතිකයා පැවසු දෙය පුදුමසහගතය. 

මා: ඔබ වැස්සට හෙවනට ආවේ නැත්තේ ඇයි ?

කුවේට් වැසියා : අපේ රටේ කෙනෙකුට වැස්සක් දකින්න ලැබෙන්නේ අවුරුදු ගණනකට දවසක්. ඉතිං හිතා ගන්න පුලුවන්ද අපි වැස්සට කෙතරම් ආසදැයි කියා ?

මට හාස්‍ය මුසු කණගාටුවක් ඔවුන් කෙරේ ඇති විය. මේ අතර එතනින් ඇති සිමෙන්ති වැටිය දිගේ එන දකුණු අප්‍රිකානු කළු යුවතිය කාගේත් අවධානය දිනා ගත්තේ, ඇගේ ඇඟේ තිබෙන හැඩය සහ කළු කෙල්ලක් වීම නිසාම නොව, මොහොතකට පෙර ඇය වේදිකාවේ සිට දමන ලද රංගනයද නිසාය. ඇය අප්‍රිකානු ආරේ බටහිර ගීත කිහිපයක් මෙන්ම, එම ලෝක කුසලානය වෙනුමෙන්ම සම්පාදිත "වක්කා-වකා" ගීතයද වැඩ දමා ගායනා  කර අවසන මේ එන්නේ සමහරවිට විඩාව නිවා ගන්නට විය හැකිය. අරාබි කාරයා කිසිම චකිතයකින් තොරව ඇය අපගේ මේසයට කැඳවා ගන්නා ලදී. ඇයද දෙවරක් නොසිතාම එහි අසුන් ගත්තා.

දැන් දෙදෙනා තරගයට ඇයත් සමග බර කථාවය. මටද ඒ කථා වලට සමන් යොමනවා ඇරෙන්නට වෙනත් විකල්පයක් නොවීය. අවැසි නම් මට කාර්යාලට ගොස්, නැවත පැමිණීමේ හැකියාව තිබුණත්, විදේශිකයන් සමග කතාවෙන් ඔවුන්ගේ රටවල් පිලිබඳ යම් අවුබෝධයක් ලබා ගැනීමට ප්‍රමුකත්වය ලැබිණි. අරාබි කරුවා නවාතැන් ගෙන සිටින සිනමන් ලේක් හෝටලයේ පැවති ශ්‍රී ලාංකික විවාහ මංගල උත්සවයක් වීඩියෝ කරගෙන ඇත. ඇයට ඔහුගේ ඇපල් දුරකථනය හරවා හරවා පෙන්වන්නේ කුඩා කොලු පැටවකු සිහි ගන්වමිනි. මෙය සිනහ උපදවන කරුණක් වුවද මම නිහඩව බලා උන්නෙමි.

කුවේට් කාරයා ඇයට පින්නවල අලි අනාථාගාරයට ගොස් පටිගත කරගෙන ඇති වීඩියෝව පෙන්වයි. නමුත් අප්‍රිකාවේ කෙනෙකුට අලි පෙන්වා පුදුම කල හැකිද? කුවේට් කරුවන්ට එය මැජික් වූවත් ඇය අර මංගල උත්සවය බැලීමේ යෙදී සිටී. කුවේට් කාරයා ටික වෙලාවකින් තම ජංගම දුරකථනය මට පෙන්වන්න පටන් ගත්තද, එය මා දන්නා දෙයක් නිසා ටික වෙලාවකින් අකුලා ගැනිණි. 
පින්තුරය : හිල්ටන් ෆේස්බුක් පිටුවෙන්.

කළු ගායිකාව අපේ මංගල උත්සවය ගැන විවිධ ප්‍රශ්ණ නැගුවද, එයට පිළිතුරු දීමට අරාබි කරුවාට නොහැකි විය. තවත් ප්‍රශ්ණ අසද්දී මට බලා සිටින්නට නොහැකි වුයේ, ඇය මේ විමසන්නේ මගේ රටේ තොරතුරු බැවිණි. මගේ රට ගැන විමසන කෙනෙකුට ඒ ගැන කියා දීම මගේ යුතුකමය. ඇයට අවශ්‍ය පලතුරු බීම බඳුන ලැබුණු විට ඇය මා අසලට විත් ඒ ගැන විවිධ ප්‍රශ්න නැගීය.

ඇය මුලින්ම මංගල ඇඳුම ගැනද, පසුව චාරිත්‍ර වාරිත්‍ර ගැනද විමසුවාය. මා දන්නා අයුරින් ඇයට විස්තර ලබා දුනි. 

ඇය : ඔබේ රට හරිම හොඳයි. මම අද උදේ පාසලකට ගියා. එහි සිටි ගැහැණු ළමුන් ඡායාරුප වලට පෙනී සිටීමට ඉතා ලජ්ජාශීලී බවක් දැක්වුවා. නමුත් අපේ රටේ අය එහෙම නෙවෙයි. අවුරු 15-16 වනවිට බොහෝ දේවල් ගැන අත්දැකීම ලබනවා. ඔබේ රටේ විවාහ වන්න දක්වන උනන්දුව දකුණු අප්‍රිකාවේ නෑ. බොහෝ කලක් ඇසුරු කර තමන්ට හොඳයි කියා හිතෙනවා නම් තමයි පිරිමි අපිව තෝරා ගන්නේ.

මා : එය ඉතා කනගාටුදායක තත්වයක්. අපේ රටේ දෙමව්පියන් නිරතුරුව දැරියන් ආරක්ෂා කරනවා. ඒත් විවාහයට පෙර පෙම් සබඳතා පවතිනවා. නමුත් වැඩි ප්‍රවනතාව තියෙන්නේ විවාහයට.

ඇය : මෙහි විවාහ නොවී පවුල් කන අය සිටිනවාද ?

මා : ඉතාම අඩුයි. එවැනි දේ පවතින්නේ ඉහල පැලැන්තියේ අය අතර.

ඇය: ඔබේ රටේ කාන්තාවන් හරිම වාසනාවන්තයි. අපේ රටේ පිරිමි හරි ආත්මාර්තකාමීයි. ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කරගත් පසුව ඔවුන් පිටුපානවා. සමහර කෙල්ලන්ට දරුවන් පවා සිටිනවා. 

මා : ඔහ් ! ඇත්තටම ?

මේ අතර ඇයගේ දෙවෙනි ගායන වාරයට ඇය කැඳවාගෙන යන්නට ඇගේ කණ්ඩායමේ කෙනෙකු පැමිණ ඇත. ඇයට මා සමගද මට ඇය සමගද කථා කිරීමට තවත් බොහෝ දේ ඉතුරුය. මා එවිට ඇගේ ෆේස්බුක් නාමය විමසා සිටි අතර, ඈ පවසන නාමය මට පැහැදිලි නැත. අවට තිබෙන සද්ද බද්ද නිසා කොහෙත්ම කියන දේ පැහැදිලි නැත. ඔවුන්ගේ නම්ද අපට ඒ හැටි හුරු නැත. මා එකවරම මගේ ජංගම දුරකථනය ඇද, නව එස්.එම්.එස් පණිවුඩයක් සටහන් කරන තිරයක් ගෙන, ඇය ඇත එය තැබූ විට අරාබි කරුවන් දෙදෙනා මද සිනා සහිතව මා දෙස බලා සිටී. මොහොතකින් ඇය දුරකථනය මා වෙත දී මගෙන් සමු ගත්තාය.

තරගය ආරම්භ වන්නට තවත් විනාඩි කිහිපයක් ඇත. මා එම එස්.එම්.එස්. පණිවුඩයට කුමක් කරම්දැයි කල්පනා කොට එය නොදන්නා කෙනෙකුට යැවීම හොඳ යයි සිතා, එය යවන්නට දුරකථන අංකයක් මගේ දුරකතනයෙන් සොයා A අකුරෙන් පටන් ගන්නා ACBT ආයතනයේ අංකය(ලංකා බෙල්) වෙත මේ පණිවුඩය යවා දමා දුරකථනය සාක්කුවට දමා ගත්තේ, මෙය සෙන්ට් ගොඩේ තිබිය යුතුයයි සිතමිනි.

තරගය නිමවී මධ්‍යම රාත්‍රියේ නිවසට ලඟා වී ඇය සොයා ගන්නට මගේ පරිඝනකය ඉදිරියේ අසුන් ගතිමි. නමුත් අවාසනාවක මහතා එම එස්.එම.එස්. පණිවුඩය මගේ දුරකතනයේ නැත. නමුත් එය සොයා ගැනීමට තවත් අවස්ථා ඇත. ඒ සඳහා සඳුදා වනතුරු බලා සිටිය යුතුව ඇත.  සඳුදා ඇගේ නම ලැබුණාද ? එම නමට X අකුරක් තිබූ බව මට හොඳටම මතකය. එය සොයා ගැනීමට ක්‍රම දෙකක් ඇත. ඩයලොග් ආයතනය ඇමතීම හෝ ACBT ආයතනය ඇමතීමය ? 

හිල්ටන් හෝටලයේ ෆේස්බුක් පිටුවේ ඇති ඡායාරුප ඇල්බමය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ප.ලි. : ඩයලොග් එකට කතා කලත් ඔවුන් එහි අන්තර්ගතය ලබා දීම ප්‍රතික්ෂේප කළා. මේ වීඩියෝව බලන්න.

මේකේ මුල හරිය වගේ තමයි වුණේ


38 comments:

  1. ලංකාවෙ දැන් වෙන ගෝත්‍රික දේවල් දිහා බැලුවම පිටරැටියකුට කටක් ඇරල උත්තර දෙන්න නම් හරි අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මගේ ඔෆිස් එක තියෙන්නේ කොටුවේ. ලක්සලට එන විදේශිකයන් පිටුපස තැරැව්කරුවන්, හිඟන්නන් ගොස් ඔවුන්ට කරදර කරන ආකාරයට ඇති වන්නේ කේන්තියක්. මම සමහර දින වලට ඔවුන්ට බැන වැදුන අවස්ථාත් තියෙනවා.

      Delete
  2. // එය සොයා ගැනීමට ක්‍රම දෙකක් ඇත. ඩයලොග් ආයතනය ඇමතීම හෝ ACBT ආයතනය ඇමතීමය ? //

    ඉතින් හොයලා බැලුවේ නැද්ද සුදීක?

    විදේශිකයින් මඟුල් උත්සවවල ජායාරූප ගන්න වැඩේ මාත් ලංකාවට ගියාම කරනවා...:)

    ReplyDelete
    Replies
    1. ඩයලොග් එකට කතා කළා නමුත් එතන ඉන්න අය පණිවුඩයේ අන්තරගතය ලබා දීම ප්‍රතික්ෂේප කළා. මම මේකට ගැලපෙන වීඩියෝවක් එකතු කරනවා. ACBT එකට එම පණිවුඩය නොලැබුණු බව පැවසුවා. එය Send කල බව මට හොඳටම විශ්වාසයි.

      Delete
  3. මට තේරුන්නෑ... ඇයි sms එක වෙන කොහාටවත් යැව්වෙ ? නිකන්ම සේව් කරලා තියා ගන්න තිබුනනෙ.. එහෙම නැත්නම් ඔබටම යවා ගන්න තිබුනනෙ..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං මාත් මේ කල්පනා කරන්නේ... නිකම්ම ඩ්‍රාෆ්ට් එකක් විදියට සේව් කරන්න පුලුවන්නේ.... ?

      සුදීක අයියා දඩිබිඩියේ මේක ලියලා වගේ පේන්නේ.. මොකක් හරි කියන්න ගිය කෑල්ලක් මිස් වෙලාද මම දන්නෑ....

      Delete
    2. මටත් පසුව හිතුනා ඔය දේවල් කළා නම් හොඳයි කියලා.

      @හිරු : ඊයේ මැච් එක බලන ගමන් ලිව්වේ.

      Delete
    3. ඊයෙ රෑ දොළහ වෙනකන් මැච් එක බැලුවා වෙන වැඩ ඔක්කොම නතර කරලා,නිදිමැරුවට පාඩු නෑ.

      Delete
    4. මම නම් මේ ටිකේම 2 විතර වෙනවා නිදා ගන්නකොට. වෙනදට වඩා පය 1-2 අතර කාලයක් නිදි මරලා. ලේසි නෑ.

      Delete
  4. මටත් හිතුනේ ඩ්‍රෆ්ට් එකේ සේව් කරගත්තේ නැත්තේ ඇයි කියලා...දැන් ඉතින් මක් කරන්නද?

    ReplyDelete
    Replies
    1. මම sms යවන්නේ බොහොම අඩුවෙන්.

      Delete
  5. ගිය හකුරට නාඩන්නේ, තියෙන හකුර රැකගන්නේ.

    ReplyDelete
  6. SMS eka Sent item wala Save wela naty ai?
    Video ekak nahane.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. අපි බලාපොරොත්තු වනදේම හැම විටම වෙන්නේ නෑ.

      Delete
  7. අපරාදෙ! එක්ස් අකුර තියන අප්‍රිකානු කෙල්ලක් ආයෙ කොහොම හොයන්නද!

    ReplyDelete
  8. ශිකේ IT පොරක් මෙහෙම වැඩක් කරයි කියලා හිතාගන්නවත් බෑ. ගෑනු ළමයෙක් ඉස්සරහා පොඩ්ඩක් කලබලවෙලා වගේ. කෙටි චිත්‍රපටය මරු මම කලින් බලලා තියනවා

    ReplyDelete
    Replies
    1. පාපන්දු තරගයක අර ජාතික ගීය ගයන කොටස හරිම ලස්සනයි. ඒ වගේම ඇයටත් ඊළඟ ෂෝ එක පටන් ගන්න තිබුණා. ඉතිං මම ඇයව කන්ටැක්ට් කරන එක දෙවනුවට තබලා වැඩ කරලා තියෙන්නේ.

      Delete
  9. Replies
    1. මොනවා කරන්නද මල්ලි.

      Delete
  10. අපරාදේ සුදීක..

    ReplyDelete
  11. ලංකාවේ වෙන දේවල් ගැන ගොසිප් සයිට් වල කියවලා අද දවසේ දේශානුරාගයෙන් ඔද වැඩිලා ඉන්නේ බං. ඒවා ටිකක් කිව්වානම් ආයේ වහාම ආපහු යයි.

    ReplyDelete
  12. මට නම් තේරුනේ නෑ

    ReplyDelete
    Replies
    1. ආයෙත් කියවන්න.

      Delete
    2. මට තේරුනේ නැත්තේ ඇයි මෙයාව මෙච්චර හොයන්න මෙයාගේ තියන වැදගත්කම. අනික අත්‍යවශ්‍යම නම් දැනටත් හොයාගන්න පුළුවන් නේ.

      Delete
  13. ඉතින් හොටෙල් එකෙන් දැනගන්න තිබ්බනේ එදා perform කරපු කෙනාගේ නම

    ReplyDelete
    Replies
    1. මේක සාමාන්‍ය හඳුනා ගැනීමක් පමණයි. එතරම් ගැඹුරට ගොස් ඇය සොයා ගන්න උවමනා වුණේ නෑ. නමුත් මෙවැනි අයගෙන් බොහෝ දේ දැන ගත හැකියි.

      Delete
  14. අපරාදේ සෙව් කරේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. එහෙම වුණා නම් අප්‍රිකානු කාන්තාව ගැන බොහෝ දේ මෙහි ලියැවෙන්න තිබුණා.

      Delete
  15. ඇත්තටම පණිඩුය අංකය වරද්දා යවන්න තිබුනේ සමහර වෙලාවට අංකය භාවිතයේ නැත්නම් ඒක මෙමරියේ තියෙනවානේ.. හැබැයි වැරදිලාවත් සෙනඩ් වුනොත් අන්තිමටම යවපු පණිඩුය තියෙනවා. මේ දෙකම එකයි.

    ඒත් ඇය වන් අහඹු හමුවිම් කොතෙකුත් ජීවිත මතකයේ රැදෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ තියෙන ලොකුම වැරද්දක් තමයි ඉතා කුඩා කාලයේ හමු වූ අය, සිදු වූ දේ මතකයේ රැඳීම.

      Delete
  16. තේරුනේ නෑ වගේනේ අය්යේ? O.o

    ReplyDelete
    Replies
    1. එහෙම හිතාගෙන බැළුවාම තේරෙන්නේ නෑ. :)

      Delete
  17. mamath harima kamathi deyak thamayi ape rata gana unandu ayata wisthara kiyala dena eka.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...