Sunday, March 31, 2013

බඩ අඩු කර ගන්න කැමතිද ?

බ්ලොග් ලියන අපේ තරියා, ඒ කියන්නේ තරිඳු අබේසිංහ මේ දවස් වල ඇඟ අඩු කර ගන්න පුදුම උත්සාහයක යෙදෙනවා කියලා එයත් එක්ක ෆේස්බුක් එකෙන් එකතු වෙලා ඉන්න කවුරුත් දන්නවා. බඩ අඩු කර ගන්න නම් කෙනෙකුට අන්න ඒ වගේ උනන්දුවක් ඇති වෙන්න ඕනේ. ඉතින් දවසක් චැට් කර ගමන් තරියා මගෙන් ඇහුවා බඩ අඩු කර ගන්න මොනවද කරන්න ඕනේ කියලා. මම කිව්වා ඕක වචනෙකින් දෙකකින් විස්තර කරන්න බෑ. මම පොස්ට් එකක් දානම් කියලා. තරියටත් මේක අමතක වෙලාද මන්දා ? ඇහුවේ නෑ ඊට පස්සේ. මටත් අමතක වුනා. 

මටත් මේ කාලේ ශාරීරික ව්‍යායාම කරන්න බැරි වුණා. අද උදේ කාලෙකට පස්සේ කරන්න හිතුනා. ඒ වගේම මගේ දුවත් නැගිටලා හිටියා. එයාට පින්තුර ගන්න ඕන විදිය කියා දීලා මම පටන් ගත්තා. ආ එක දෙයක් කියන්න තියෙනවා. මේවා කරන්න කලින් ඇඟ උණුසුම් කරන (Warm Up) ව්‍යායාම කරන්න ඕනේ. මතකනේ තරියා ගම්පහදී ඇඟ උණුසුම් කරගන්න කියල ස්ලෝ මෝෂන් එකේ ආව විදිය.


මේ ව්‍යායාමය හැම කෙනෙක්ම දන්නවා ඇති. කුඩා කාලේ කරලත් ඇති. මේක මම කරන්නේ ටිකක් වෙනස් විදියයකට. මෙතනදී තමන්ගේ පස්ස පැත්ත විතරයි බිම තියෙන්නේ. හිස සහ පපුව කොටසත් අඟල් හයක් විතර උස්සනවා. අමාරු නම් මුලින් පිට බිම ගාවගෙන ඉන්න.  දෙපා එකිනෙක ලං කරලා(පාදයේ සිට ඉහලට තද කරගෙන) පින්තුරයේ පේන ආකාරයට දෑත් හිස මත තබාගෙන, දෙපා අඟල් හයක් විතර උසින් තබාගන්න ඕනේ. විනාඩියක් ඉන්න පුළුවන් වෙනකොට ඔයාලගේ බඩ අඩු වෙලා තියෙන්න ඕනේ. හැබැයි මේ ව්‍යායාම කරත්දී තමන්ව රවටගෙන වැඩක් නෑ. හරියට කරන්න ඕනේ. හිත අරෙහෙ-මෙහෙ යවන්නේ නැතිව බඩටම යොමු කරන්න ඕනේ. මුලින් නම් තප්පර දහයක් හිටියත් ඇති ක්‍රමයෙන් දරාගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙයි. හැබැයි දිනපතාම කරනවා නම් තමයි හොඳ. අඩුම ගානේ එකදිගට දවස් හතරක් වත්. ඉතාම වැදගත් දේ තමයි දනිස් වලින් දෙපා නවන්නේ නැතිව ඉන්න ඕනේ.


දෑත් හිස මත තබාගෙන ඉන්න අමාරු නම් මේ විදියට ඉන්න. 


යෝග ව්‍යායාමත් මේ අතරට කරන්න මම එක්තරා කාලයකදී පුරුදු වුනා. මේ කරන එක ඔයාලට තේරෙනවනේ. යටිපතුල් දෙක එකිනෙක තදකරලා දෑතින් පුලුවන් තරම් ලං කර ගන්න ඉකිලි ප්‍රදේශයට.  පිට කොන්ද සෘජුව තබාගෙන හිස මදක් උස්සලා සාමාන්‍ය විදියට හුස්ම ගන්න. මේකෙන් හුඟාක් අසනීප හොඳ වන බව පිලි ගන්නවා. විශේෂයෙන්ම කාන්තාවන්ට හුඟාක් හොඳ එකක්. 


 ඊළඟ ව්‍යායාමය පහසු එකක්. පලවෙනි එකේදී වගේ දෙපා අඟල් හතරක් විතර උස්සගෙන එකක් ඉහළටත් එකක් පහළටත් යවන්න ඕනේ. පුළුවන් තරම් වෙලා කරන්න. බඩ ටිකක් රිදෙයි ගණන් ගන්න එපා.
 බඩට එක දිගට ව්‍යායාම කලොත් බඩේ මස් පිඩු පෙරලෙන්න පුළුවන්. ඒ අතරට කරන තවත් ව්‍යායාමයක් තමයි මේක. මේ වෙලාවේදී බඩ සැහැල්ලු(Relax) කරගෙන කරන්න. නැත්තම් අමාරු වෙයි. කකුලේ ඇතුල් ප්‍රදේශයේ තිබෙන පේශි වලට මේකෙන් හොඳ ශක්තියක් ලැබෙනවා. පුළුවන් තරම් වෙලා ඉන්න සාමාන්‍ය විදියට හුස්ම ගන්න. දිග අරින කකුලේ ඉහලටම අනිත් කකුල නවලා මේ පේන ආකාරයට තබාගන්න. නවාපු කකුලට බර දීල ඉන්න. 

 මේ තුන්වෙනි එක. මේකෙදී දෙපාඅඩියක් විතර උස්සලා පහල පින්තුරේ විදියට චලනය කරන්න. පුළුවන් තරම් වෙලා කරන්න. මේකේ වීඩියෝ එකක් ගන්න තිබුනම් තමයි හොඳ. කාට හරි පැහැදිලි නැතිනම් එකක් අරන් දාන්නම්.
පින්තුරය ගත්තේ : careertalk.ou.edu


මේකෙන් මට හිතෙන්නේ කලින් වතාවේ නොපෙනෙන නවන පාදය තබාගන්න ඕනේ අකාරය පේනවා. මෙහෙම පුළුවන් තරම් වෙලා ඉන්න. මමත් කාලෙකින් කරන නිසා ටිකක් ඇඟ හොර වෙලා. වම් ඇත තව අඟල් හතරක් විතර ඉදිරියෙන් තියලා තව පොඩ්ඩක් නැවෙන්න පුළුවන් නම හොඳයි. 

අනිත් ඒවාට මම වීඩියෝම  ගන්න හිතුවා. මේකෙන් තව එක දෙයක් මම ඉගෙන ගත්තා. ඒ මොබයිල් එකෙන් වීඩියෝ එඩිට් කරන්න. මගේ දුව තවත් දිගට මේවා අරන් තිබුණා. අනික එකම දේ මම කරපු මුළු කාලයයම දැම්මොත් ඔයාලගේ දත්ත ප්‍රමාණයට තමයි තට්ටු වෙන්නේ. 




මේක ගැන වැඩි විස්තරයක් කරන්න අවශ්‍ය නෑ. මෙහෙම කරන්න පහසු වෙන්නේ දෑත් මත ඔබේ පසුපස කොටස තබන්න ඕනේ. නැත්නම් එහා මෙහා යනවා. අනිත් එක බඩට දැනෙන ප්‍රමාණයත් අඩු කර ගන්න පුළුවන්.  මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 




මේ එකේම අනිත් පැත්ත මෙතදී වඩාත්ම හොඳ දනිස් වලින් දෙපා නොනමා මේ ව්‍යායාමයේ යෙදෙනවානම්. ඒත් මේ දවස් වල මගේ ශරීරයේත් බර වැඩි නිසා පොඩ්ඩක් දනිස් වලින් නැවෙනවා.  මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 

මේක තමයි බඩට හොඳටම දැනෙන ව්‍යායාමය. පුළුවන්තරම් වේගය අඩු කරමින් තමයි මේක කරන්න ඕනේ. මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 

මේ ව්‍යායාම දෙකක් අතර තප්පර 30 කට වඩා විවේක (Rest) ගන්න එපා. 

මේ සේරම වැඩ ටික කරේ Nokia N8 කියන මගේ ජංගම දුරකතනයෙන්. එහි HD වීඩියෝ රේකොඩින් සහ 12mp කැමරා එකක් තිබෙනවා. මේ තරම් පැහැදිලිව ඡායාරුප ගන්න පුළුවන් වුනේ ඒ නිසා. 

මේ තියෙන්නේ පහසුවෙන්ම කර ගන්න පුළුවන්, ඉතාම මුලික මට්ටමේ ව්‍යායාම ටිකක්. තව අමාරු ඒවා තියෙනවා. ඔබේ දෙපා වලින් ඔබේ නම ලියනවා වගේ ඒවත් පුළුවන් නම් කරන්න. 

මතක තබා ගන්න මේ ව්‍යායාම කල පසු මද වෙලාවක් විවේක ගන්න. ඔබේ ශරීරයේ උෂ්ණත්වය තිබෙන විට ඇඟ සේදීම කරන්න හොඳ නෑ. 

68 comments:

  1. පින්තූරෙට ගෑල්ලමයෙක් දැම්මනම් අගෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි අදහසට. ව්‍යායාම කොහොම උනත්, පිරිමි ලමයි රූප ටික දිහා හරි බලයි. එතකොට මොනා හරි ඉගෙන ගන්නේ නැතෑ. :D:D

      Delete
    2. මේ ටික ඔයා කරලා ෆොටෝස් අරන් දාන්නකෝ. හැබැයි ඔය වගේම ෂෝර්ට් එකක් අඳින්න වෙයි. :)

      Delete
  2. කවුරුහරි ඉදිරිපත් වෙනවා නම් පුළුවන්.

    ReplyDelete
  3. ඕක තමයි ඉතින් කම්මැලිම වැඩේ, අද උදේ නම් හිතාගෙන ආව ගෙදර ගියාම හවසට දුවන්න යන්න ඕනි කියල... කෝ ඉතින් හවස් වෙද්දි හිතෙනවනෙ හෙට තමයි හොදම දවස කියලා..

    ReplyDelete
    Replies
    1. පටන් ගැනීම තමයි අමාරු.

      Delete
  4. ජිම් බෝල් එකක් භාවිත කලොත් ?

    ReplyDelete
    Replies
    1. ඒවා මිල අධික විකල්ප. මේක සිම්පල් ප්ලෑන් එකක්.

      Delete
  5. දුව පින්තූරු ටික නම් ලස්සනට අරන්...

    ව්‍යායාම නම් ඉතින් අනිවාර්යයෙන් කල යුතු මයි. අපි නම් දවස ගානේ ජිම් යනවලු. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තට එයාට පින්තුර නම් ලස්සනට ගන්න පුළුවන්. ඒත් වීඩියෝ ගනිද්දී නම් උවමනවෙන්ද කොහේද පිස්සු නැටුවා.

      Delete
  6. අප්පා..අපේ ඉතිං කොගේ බඩ අඩු කරන්නද! හික්ස්!
    හැබැයි ඔය වගේ සිටප් ගැහිල්ල නම් මම cadet කරන කාලේ කළා! විනාඩියට සිටප් 35ක් ගහන්න ඕනේ! කොහොමද වැඩේ! ඒ කාලේ බඩවල් නිකම් චොක්ලට් කෑලි වගේ! ;)

    ReplyDelete
    Replies
    1. හක්ස්,, එපා වෙනෝනේ,, අපේ නම් සාජන් ඇවිල්ලා බංඩිය පාගනවා :/ ෆිට්නස් තියද බලන්න..

      Delete
    2. @නාඩියා : දැන් කියල වෙනසක් තියෙනවයි.

      Delete
    3. සාජන් වස නපුරෙක් පාටයි.

      Delete
  7. අපොයි අපිටනං අඩුකරගන්න බඩක් නැත.

    ReplyDelete
    Replies
    1. අවුරුදු උත්සවේට ආවොත් බලා ගන්න පුළුවන්.

      Delete
  8. Cedeting කරපු කාලේ අපිත් ඔව්වා කරා,, අර නාඩියා අයියා කීවා වගේ විනාඩියට සිටප් 35ක් ගහන්න ඕනි,, 35ම ගනිනවත් එක්ක.. :/ මමත් අදටත් ඉදලා හිටලා කරනවා ,, ඒක නම් හැබැයි ෆිට්නස් තියද කියලා බලාගන්න.. :D

    ReplyDelete
    Replies
    1. දිගටම කරන්න. අපේ රටේ ගොඩක් කාන්තාවෝ විවාහ වුනාව පස්සේ මේ ගැන අවධානය යොමු කරනවා අඩුයි.

      Delete
  9. මට නම් වටිනවා... හපොයි.. සුදීක අයියා ශම්මිට දීලා තියෙන උත්තරේ මට කනට ගැහුවා වගේ... හි හි.. වැඩේ කියන්නේ බඳින්න කලින් ගානට හිටියනේ මං... බඩත් නෑ, මහතත් නෑ... ව්‍යායාම ඕනෙත් නෑ... දැන් ඒකට .. මට නම් තියෙන්නේ තනිකර කම්මැලිකම.. වෙන මොකක්වත් නෙවෙයි... දැන් අලියා වගේ.... මේ දවස්වල අපේ මහත්තයා මට චැලෙන්ජ් එකක් කරලා තියෙන්නේ.. අවුරුද්දට කලින්, බඳිනකොට හිටිය ගානට බඩ අඩුකරගන්න කියලා.. මාත් ෆුල් ට්‍රයි.. මේ ටිකත් පටන් ගන්න ඕනේ... තෑන්ක්ස් සුදීක අයියේ... හි හි...

    ReplyDelete
    Replies
    1. ඔයාට ඇඟ අඩු කර ගන්න ව්‍යායාම වලින්ම විතරක් බෑ, මේ දීලා තියෙන ඉලක්කයට. ආහාර වට්ටෝරුවකුත් ඕනේ. මෙහෙම කරමු

      රෑට ඉඳි ආප්ප 5 යි. බත් නම් තේ කෝප්ප 1/2 යි. මිරිසට උයපු දෙයක් එක්ක කන්න. නැත්නම් දිය කිරෙන් හදා ගත්තු දෙයක් එක්ක කන්න. පොස් සම්බෝල වෙනුවට ලුණුමිරිස් කන්න පුරුදු වෙන්න. සාම්බාරු නම් අනර්ඝයි.

      උදේටයි දවල්ටයි රතු හාලේ බත් කන්න පුරුදු වෙන්න. කුරක්කන් පිට්ටුත් හොඳයි උදේට. හැබැයි පොල් වෙනුවට පොල්කුඩු දාලා හදා ගන්න. මිටිකිරි භාවිතය අවම කරලා හදා ගන්න. දවල්ට බත් පීරිසි කෝප්ප එකයි. බත් වලට අමතරව චිකන් කනවනම් බදින්නේ නැතුව මිර්සට හදා ගන්න, හැම නැතිව උයන්න. අවන් කරන ඒකත් හොඳයි. මාළු මිරිසට. පරිප්පු වරදක් නෑ. එළවලු තෙල් නොදා හදා ගන්න. පලා වර්ග වැඩියෙන් කන්න. පිපිඥ්ඥ, තක්කාලි, අන්නාසි, රතු ගෝව කොළ සැලඩ් එකක් හදලා බත් වලින් අඩු වෙන කොටසට කන්න. රෑට එළවලු තම්බලා කෑවත් කමක් නෑ. රෑ කෑම නොකා ඉන්නවනම් ප්‍රතිඵල සාර්ථකයි. රෑ කෑමෙන් පස්සේ පැය දෙකක් ඇහැරිලා ඉන්න ඕනේ. ව්‍යායාම දවසකට විනාඩි 45ක් කරන්න ඕනේ. හැබැයි තමන් රවට්ට ගන්නේ නැතිව ඔලුවෙන් දාඩිය බේරෙන ගානට කරන්න. නොන් ෆැට් පිටිවර්ඝ භාවිතා කරන්න. වාඩි වෙලා ඉන්නවට වඩා හිටගෙන ඉන්න උත්සාහ කරන්න. රිමෝට් එක වගේ පහසුවට තියෙන දේවල් භාවිතා නොකර ඇවිදලා ගිහිං චැනල් එක මාරු කරන්න. දැන් ටී වී වල රිමෝට් විතරක් තියෙන නිසා රිමෝට් එක ටී වී එක ලඟින් තියන්න. වතුර ගොඩක් බොන්න.

      Delete
    2. දෙවෙනි චෙදේ තුන්වන පේලිය පොස් නොව පොල්
      තුන්වෙනි චෙදේ පස්වෙනි පේලිය මිර්සට නොව මිරිසට

      සීනි සහ රසකැවිලි භාවිතය අවම කර ගන්න.

      Delete
    3. කියන්න අමතක වුනා උදේ කෑමට කඩල, මුන්ඇට, කවුපි ඉතා හොඳයි. අලවර්ග කෑම අඩු කරන්න. පිෂ්ඨය වැඩි කෑම තරබාරුවට හේතුවක්. තොසේ හොඳයි. තෙල් භාවිතාව අත අරින්න. තෙල් සතියකට තේ හැඳි 2ක් විතර ගත්තම ඇති.

      මෑතකදී හොයාගෙන තියෙනවා රතුබත් කනවනම් තරුණකම රැකෙනවා කියලා. හොලිවුඩ් නිලියන් හොයා හොයා රතු බත් කනවනම් ඇයි අපට බැරි.

      Delete
    4. ඔය ආකාරයට කෑම පාලනය කරන කොට ගෑස්ට්‍රික් වැඩි වෙනව.ඒ නිසා ප්‍රධානකෑම වේල් අතරට සුලු ආහාරයක් ගන්න උවමනායි. මගේ හාමිනේටත් ඕය ටික උනා.විශේෂඥ උපදෙස් අරගෙන කරලත්( පෝෂණවේදී)

      Delete
    5. මෙහෙමයි. ක්‍රමයෙන් අඩු කරගෙන යන්න ඕනේ. අනිත් එක එක් එක්කෙනාට වෙනස්.

      Delete
    6. හිරු ට නම් ඇත්තෙ "තුන් මස්" මයියොක්කා අවුල වෙන්න ඇති. ඔය මළ ඉලව්වට බලා ඉන්නැද්දි ඇග - බඩ ආරලා මෝරලා එනවා.(මහ අජූව විදියට)
      "චක්කරේ" පාඩම්නම් අදාල පිළිවෙත් අනුගමනය කිරීම ප්‍රතිඵලදායකයි...සැකම දාට රේන් කෝට් හොදයි.

      සුදියගේ උපදෙස් අනුව ඩයට් කරන්න ගියොත් ආයෙත් ගැස්ට්‍රයිටීස් හින්දා බඩ එනවා ලෙඩත් එක්කම. ඒ වගේම වෛරස් උනක් හෙම හැදුනොත් ලේසියෙන් ගොඩ එන්න බෑ.(කෑම හැර, සුදියගෙ අනෙක් උපදෙස් ටිකනම් කිසි අවුලක් නෑ)

      Delete
    7. මළා.. මං පරක්කුයි...

      සුදීක අයියේ.. මම කන්නේ රතුබත් විතරයි... ඒකත් උදේට දවල්ට විතරයි.. පොල්කටු හැන්දෙන් එකයි.. එලෝලු දෙකයි... මස් මාලු කන්නේ නැ... ( ආණ්ඩුවට පිංසිද්ද වෙන්න... හාල්මැස්සෝ නම් කනවා..) බිස්කට් නවත්තලා තියෙන්නේ... පාන් කෑවොත් වැඩිම පෙති ( හීනි පෙති) 4යි... කුරක්කන් නම් කන්නේ නෑ.. අල ජාති... ම්ම්ම්.... කැරට්, බීට් තමයි... මඤ්ඤොක්කා කොයින්ද ඉතිං... ඉඳලා හිටලා බතල නම් කනවා... කිරි දාලා දවසටම හදන්නේ එකම හොද්දයි.. ඒ කිරි ටිකත් බ්ලෙන්ඩර් කරන්නේ නෑ.. අතින් මිරිකලා ගන්නේ... රෑට ගොඩක් වෙලාවට කන්‌ෙන් නෑ.. ඒත් එළවලු තම්බලා, සුප් වගේ ටිකක් තමයි හැදුවොත්... සීනි කොහොමත් පාවිච්චිය අඩුයි... පිටි ජාති පාවිච්චි කරන්නේ නෑ.. දියර කිරි තමයි.. ඒත් දවසට එක පාරයි... පිපිඤ්ඤා එහෙම නම් කනවා දවස තිස්සෙම බඩගිනි උනාම.. ෆෘට් සැලඩ් කනවා ටිකක් වැඩිපුර... ( සීනි නොදා..) මට ගැස්ට්‍රයිටිස් නම් කවදාවත් හැදිලා නෑ... තෙල් තමා ප්‍රශ්නේ.. අපේ මහත්තයට මොනා හරි තෙල් නොදා කන්නෙම නෑ... ඒත් මම කන්නේ හරිම අඩුවෙන්...

      ( හිටගෙන ඉඳීම තමයි ඉතිං ... මම දවසම ඉඳගෙන නේ මේක ඉස්සරහට වෙලා..හි හි)

      සුමිත් අයියේ.. ඒ අවුල නැත....

      Delete
    8. වැඩිපුර ව්‍යායාම තමයි කරන්න වෙන්නේ එහෙනම්.

      Delete
  10. මමත් හැමදාම ව්‍යායාම කරන්න හිතාගෙන ඉන්නවා. කෝ වෙලාව තමයි ප්‍රශ්ණය. වේලාව හොයාගන්න පුළුවන් කිව්වට මචං දන්නවානෙ මගේ රැකියාව. බැරිමතැන තමයි අර තෙල බොන්නෙ. හැබැයි ඒක නම් පට්ට. මේක දැක්කට පස්සෙ උදේට උදේට කරන්නත් හිතෙනවා. හ්ම්.... බලමු.

    ReplyDelete
    Replies
    1. පුරුද්ද ඇති වුනොත් බැරි දෙයක් නෑ. එක දිගට දවස් විසි එකක් කලොත් කුඩු කෑවා වගේ තමයි. ඉස්සර මම දුර බැහැර පළාත් වලට යනකොට මේ ඇඳුම් සපත්තු ඇරගෙන යනවා. ඒ පැතිවල මිනිස්සුන්ට මේවා හරිම ආගන්තුකයි. එක දවසක් මම දන්නේ නැතිව කොටි ඉන්න ප්‍රදේශයක් ළඟටම ගියා(මහ ඔය) ග්‍රාමාරක්ෂ නිලධාරියෝ තමයි මට අවවාද කලේ එතැනින් එහාට නොයන්න. ඉතිං ඒ කතාව කිව්වේ උනන්දුව ඇති කරවන්න.

      Delete
  11. මට නම් වටිනවා වෙලාවක් තමයි නැත්තේ. බඩ දැන් මුදලාලි කෙනෙක්ගේ වගේ වෙලා

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාව ගැන කියන අය මට පෙන්නන බෑ. උවමනාව තියෙනවා නම් වෙලාව හදා ගන්න පුළුවන්. හිතන්න පෙම්වතිය හම්බ වෙන්න යන්න තිබුනොත් උදේ 2.00 හරි නැගිටලා, සැතපුම් 5-6 ක් හරි පයින් යන්නේ නැද්ද? පැයක් කලින් නැගිටපන් මලයෝ. සත පහක වාසියක් නැතත් බ්ලොග් ලියන්නත් අපි වෙලාව හදාගෙන තියෙන්නේ.

      Delete
    2. මටද කිව්වෙ... වෙලාව හදාගන්න පුළුවන් කියලා.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. Agree about the time! Getting up one or two hours early is all you need.

      How ever if you do this make sure to run in a neighbourhood that knows you or in a place lot of people come for exercise.

      You don't want to be mistaken as a grease yaka by a girl who is going to work early.

      Delete
    5. @සාගාර : ඔව් වෙලාව හදා ගන්න එක අපි කාටත් පොදුයි.

      Delete
    6. @Rakhitha : Around 5AM there are lot of people on the road. The other thing is you can walk within your own house. If you have steps better to climb up/down. Even run at same place is ok. I used 30feet space garage for running.

      Delete
  12. මේ ලඟදි ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රධාන ව්‍යායාම පුහුණු වෛද්‍ය තුමා කිව්ව. ( අර තනිකර කොන්ඩෙ බූ ගාල ඉන්නෙ) ඔය හිස පි‍ටුපසට අත්දෙක තියල කරන ව්‍යායාමය වැරදියි කියල. ඔලුව බෙල්ල ලඟින් නැමීම නිසා බෙල්ලේ ආබාධයක් එන්න පුලුවන් කියල පසුකාලීනව. ඒක ක්‍රන නිවැරදි ක්‍රමයත් කිව්ව මට ඒකමතකමදි. ( මම දැක්ක දෙයක් කිව්වෙ වරදවා හිතන්න එපා)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත දිගුකාලීනව බලපාන්න පුළුවන්. මටත් භෞත චිකිත්සක කෙනෙක් කියලා තියෙනවා අර උරහිසත් හිසත් අතර දුරකථනය තබා ගැනීමත් දිගු කාලීනව බලපාන්න පුළුවන් කියලා. හිස පිටුපසට අත් තියන් එක කොහොමත් අමාරුයි දෙවෙනි රූපේ තියෙන ක්‍රමය පහසුයි. ඒක කරන්න.

      Delete
    2. @ වීයා: ඕක කරන හරිම ක්‍රමේ කන ළඟ අත මිටි මොලවා තබාගැනීම.

      Delete
  13. මීට වඩා දරුණු එවුවත් කරනවා සුදීක අයියේ...
    කොහෙද බඩ තවත් එනවා මිසක් අඩු වීමක්නං අහලකවත් නෑ...

    ReplyDelete
    Replies
    1. අර දෙවෙනි රූපේ එක විනාඩියක් ඉන්න. අන්තිම තුන 15 ඉඳලා වැඩි කරගෙන යන්න. දෙවෙනි තුන්වෙනි ව්‍යායාමත් විනාඩිය ගානේ කරන්න.

      මෙහෙම එකක් තියෙනවා, අද කරන ව්‍යායාම වල ප්‍රතිඵල එන්නේ තව සති තුනකින් විතර.

      Delete
  14. බඩට කරන ව්‍යායාම ගොඩක් වටිනවා.සෙටප් 40ක් වත් දවසට ගහන්න ඕන.මුනින් අතට හැරිලත් ව්‍යායාම ඔය විදියටම කරන්න ඕන.ඇත්තටම ඔය ටික කරාම බඩ අඩු වෙනවා එක මම අත්දැකීමෙන් දන්නා දෙයක්.හැබැයි ඉතිං 800m රවුම් දෙකක්වත් දුවන්න ඕන ව්‍යායාම කරන්න කලින්.

    ReplyDelete
    Replies
    1. ඔව් වොර්ම් අප්/වොර්ම් ඩවුන් කියන්නේ ව්‍යයාම තරමටම වැදගත් කොටස්. එහෙම නොකලොත් ඉන්ජරි එන්න තියෙන චාන්ස් එක වැඩියි.

      Delete
  15. බඩ පාලනය කරගන්නත් බඩේ මස්පිඩු ශක්තිමත් කරගන්නත් ඕක තමයි හොදම විදිය. ඒත් ඉතිං ආරෙට ආපු බඩක්නම් කොච්චර කළත් ඔච්චර තමයි.....

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා තියරිය අනුව වැඩි ප්‍රමාණයක් කරලා බින්දුවට අඩු කරන ගන්න පුළුවන්.

      Delete
  16. අපේ බඩ නැති හින්දා හොදා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. මේක තමා බඩ අඩු කරගන්න හරි විදිය...අමාරු තරමට කල් පවතිනවා..අත්දුටුවයි ප්‍රත්‍ය්කෂයි..හරියට ආයුර්වේද බේත් වගේ...Machine නම් වැඩක්ම නෑ...හැමදාම කරන්න ඕන..නැවැත්තුවොත් තිබුනට වැඩිය බඩ එනවා.....

    මං වගේම යාලුවොත් දැන් Machine පාවිච්චි කරන්නෙ රෙදි වේලන්න...

    ReplyDelete
  18. වෙලාවට බඩ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට පස්සේ අඩු කර ගන්න සුදානමින් ඉන්න.

      Delete
  19. කරුමෙට මට fatty liver කියන කෙහෙල්මල තියෙනවනෙ.ව්‍යායාම අත්‍යවශ්‍යයි නෙ.ඒ හන්දම හැමදාම උදේ පාන්දරින් පැයක් ඇවිදින එක පුරුද්දක් වෙලා.බඩ කියන එක නම් නෑ.ඒ හන්දා දෙයියනේ කියලා කන්න ආස දෙයක් කන්න පුලුවන්..ඊට අමතරව Orbit Track එක පදිනවා. තෙල් කෑම නම් හුඟක් අඩුයි.හැබැයි ඉතින් අයිස් ක්‍රීම් නම් යමනෙට කනවා..හි හි හී

    ReplyDelete
    Replies
    1. ව්‍යායාම කෙරෙනවනම් කෑවත් අවුලක් නෑ.

      Delete
  20. bada adu kargana wife ta argena duna Exercise machine eky dan redi wananwa.
    ayio..salli.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. සමහරු බල්ලොත් ගැටගහනවා.

      Delete
  21. හොඳ උපදෙස් ටික. හැබැයි ඇඟ නොරිදවා බඩ අඩු කරගන්න හිතං ඉන්න අයට නම් ඉතිං වැඩක් නැ. අනික බඩ අඩු කර ගන්න නම් බඩට උදෙ හවා දාන එවුවත් අඩු කරන්නම ඕනෙ.. බත් බුසලක් ඉඳිආප්ප දෙසීය එහෙම කෙලල ඇරලා කොච්චර ව්‍යායාම කරත් හරියෙන්නේ නෑ.

    ReplyDelete
  22. මමත් බඩ ගැන සැලකිලිමත් නිසා දැන් ටිකක් එක්සර්සයිස් කරනවා .. එත් මේ මැෂින් එකෙන් විතරයි
    http://images01.olx.com.pk/ui/1/96/82/10059482_2.jpg

    ReplyDelete
    Replies
    1. මැෂින් කෙරුවාව ගැන underwriter කියල තියෙන දේ හරි.

      Delete
  23. ඔක්කොම කියෙව්වා ලිපියත් කොමෙන්ට් ඔක්කොමත් හැබයි ඔය කවුරුත් මතක තියා ගන්ඩ අපි ඉන්නේ නිවර්තන කලපීය රටක .... මේ වගේ දකුණු ආසියාතිකයන්ගේ බඩ එන එක සාමාන්‍ය දෙයක් ....... හේතුව ඇවිල්ලා ... ශ්රීර උෂ්ණත්වය පිට කිරීම ට ..සමේ පරිමාව වැඩිකර ගැනීම් .. මුහුණ මහත් විඉම බද එන එක වෙන්නේ එහෙමයි ... ලංකාවේ අපිට සුද්දන්ට වගේ අග හදන්ඩ අමාරුයි මේ හේතුව නිසා ...... කොහොමත් අනවශය තරබාරුව මට්ටු කරන්ඩ ආහාර ව්‍යායාම දෙකම සමබරව යන්ඩ ඕනි .................................!

    ReplyDelete
    Replies
    1. හැමෝම හොද ක්‍රීඩකයන් වුනොත් මේ තත්වය මග අරින්න පුළුවන්.

      Delete
  24. බඩ තරියට විතරක් නෙමේ මේක අපිටත් වටිනවා :)

    ReplyDelete
  25. මේ ටික නම් රටක් වටිනවා අප්පා... මාත් බඩ හින්දා මාර දුකක් විඳින්නේ... වැඩේ කියන්නේ ඕවා කරන්න බය දැනෙනවා කොන්දේ පොඩි අප්සට් එකක් තිබිලා සෑහෙන දුකක් විඳලා හොඳ කරගත්ත නිසා... ඩිප්ස් නම් ගහනවා හැබැයි කකුල ආධාරයක් නැතිව නම් උස්සන් තියාගෙන ඉන්න බෑ

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් විතර ගිහිං උත්තරයක් දාන්න වුනත්, Better Late Than Never කියන කියමන අහලා තියෙන හින්දා දාන්නම්. ඔය පස්ස විතරක් බිම තියන්නේ නැතිව, කවන්දය(ඒ කියන්නේ පිටකොන්ද සම්පූර්ණයෙන් බිම තියන්න) බිම තියලා මේ ටික කරන්න. බොහොම හිමිහිට. එක පාරට එහෙට මෙහෙට හැරෙන්න එපා. පොඩ්ඩ පොඩ්ඩ කරන්න.

      Delete
  26. අද කිය්වුවේ ,මන් කෑම පාලනය කරන්න හැදුවට බැහැ, සීනි අඩුකරන්න පටන් ගත්තා .දැන් මන් zumba ව්‍යායාම කරනවා. ඔයාටයි දුවටයි තැන්ක්ස් ,

    ReplyDelete
  27. ෂා! මේක පංකාදු පහයි. මාත් කරලා බලන්න ඕන. බොහොම ස්තූතියි.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...