මම උදේට මගේ දියණිය පාසලට ඇරලවන්නේ ත්‍රීරෝද රථයකින්. එය පදවන සාගර අනෙක් ත්‍රීවීල් උදවියට වඩා වෙනස්. ඔහු යම් මට්ටමටකට උගත්, තර්කානුකුලව සිතන, හොඳ සාරධර්ම රැසක් තිබෙන පුද්ගලයෙක්. මුලින් මම එදා-එදාට සල්ලි දුන්නත් පස්සේ-පස්සේ අපි දෙන්නම එකඟ වෙලා තීරණයකට ආවා සතියකට සැරයක් වගේ මුදල් ගෙවන්න. මීට අමතරව වෙනත් ගමන් සඳහාත් සාගර සමග යන නිසාත් මට මේක කොහේ හෝ සටහන් කරගන්න අවශ්‍ය වුණා. ඔන්න ඔය අතරේදී තමයි මට මතක් වුනේ මම විදේශගත වෙනකොට භාවිතා කරන පුංචි සටහන් පොත. එහි පිටු කිහිපයකට වඩා මේ වෙනකොටත් භාවිතා කරලා තිබුනේ නෑ. අද සාගරත් එක්ක ආවත්, මගේ බෑග් එකේ මේ පොත තිබුනත් , මට අදට නියමිත ගණන සටහන් කරන්න බැරි වුනේ පෑනක් නොමැති වීම නිසා. සති අන්තයට අඳින ටී-ෂර්ට් වල සාක්කු නැති හින්දා පෑන ගෙදර තබා එනවා. ඉතිං අදට නියමිත මුදල සටහන් කලේ ඔෆිස් එකට ඇවිත්. මේ පොත අතට අරං පෙරලද්දී මගේ මතකය ගියා ඉන්දියාවේ ගිය ගමනට. ඒ එක්කම මතක් වුනා සුජියා,මාරයා සහ ප්‍රසන්න මේ අය මේක බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා මම දන්නවා. සුජියා ළඟදී ඒ ගැන විරෝධයත් පල කළා. :)
2011 මාර්තු මාසේ 31 වෙනිදට ගිණි ගෙන දැවෙන මුම්බායි නගරයට සුපුරුදු පරිදි ඉර උදා වීමට ඇත්තේ අලුයම 6 ට පමණ වුනාත්, මා උවමනාවෙන්ම ටිකක් ප්‍රමාද වෙලා අවදි වුනා. සුපුරුදු කිරි කෝපි වඩිය ඇනවුම් කර එය පානය කරන අතරතුරදී රුපවාහිණිය ක්‍රියාත්මක කළා. NDTV කියන චැනලය අපේ සනත් ජයසුරියව එම කාල සීමාවේදී ඔවුන්ගේ සකච්ඡා සඳහා ගෙන්වාගෙන තිබුණා. මේ වෙනකොට ඉතා උණුසුම් සංවාදයක් ඇති වෙලා තිබුණා. ඔවුන් මේ වැඩසටහන නම් කර තිබුණේ "Sri Lanka - Bring it on" ඒ ඇඩිඩාස් සමාගමේ තේමා පාඨය කොපි කරමින්. එයට ඉන්දියාව පැත්තෙන් සහභාගී වූ අතුල් වසන් ශ්‍රී ලංකාව දෙකේ කොලේට දමා කතා කළා. ඒ අපේ ප්‍රබල ක්‍රීඩකයින් වන මුරලිදරන් සහ මැතිව්ස් අවසාන තරගට සහභාගී වීම අඩමාන බව මේ වනවිටත් නිවේදන කර තිබූ නිසා. ඒ නැතත් ඔහු හිනා වෙන්නේ අවඤ්ඤාවට බව මට පැහැදිලි වුණා. සනත් ජයසුරියත් අත අරින්නේ නැතිව (මදක් කෝපයෙන්) පිළිතුරු දුන්නා. එතනදී මම සනත් ජයසූරියට ගරු කරනවා. ඔවුන්ට ගොට්ට අල්ලන්නේ නැතිව නියම ශ්‍රී ලාංකිකයෙකු ලෙස පෙනී සිටීම වෙනුවෙන්.
කලබලයක් නැතත් මම සාමාන්‍ය වේගයෙන් ලක-ලැස්ති වුණේ, ඊළඟට එන බඩගින්නට මුහුණ දෙන්නට නම් කිලෝමීටර් 2ක් පමණ ඈතින් තිබෙන ඉනොර්බිට් සාප්පු සංකීර්ණයට ලඟා විය යුතු නිසා. මා ඉන්දියාවේ අගය කරන එක් දෙයක් තමයි, එහි ත්‍රී රෝද රථ රියදුරන් නිවැරදිව සතයට ඉතිරි මුදල් ලබා දීම. සමහරවිට ලෝක කුසලාන අවසාන තරගය පැවැත්වෙන කාල සීමාව නිසා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් වන්නටත් පුළුවන්. එහෙත් ඔවුන් ළඟ තිබෙන කාසි මල්ල දුටු විට එය නිශ්චිත වැඩ පිළිවෙලක් බව පැහැදිලි වනවා. රුපියල් විස්සකින් ඉනොර්බිට් එළිපත්තට යන්න පුළුවන් බව දැන් ඔබ සියලු දෙනාත් දන්නා කාරණයක්. මේ සාප්පු සංකීර්ණයේ සියලු අහුමුලු ඉතා හොඳින් දන්නා මට, උදෑසන ආහාරය ගන්න තැන හොයා ගැනීම ඒ හැටි අපහසු නෑ. නමුත් එහි ආසනයක් හොයා ගන්න එක නම් ඒ තරම් පහසු කටයුත්තක් නොවේ. මේ දිනවල මා කියවමින් සිටින් චේතන් භාගත්ගේ Two State පොතේ එන සමහර සිද්දි මේ ආහාර-පාන ගන්නා තුන්වෙනි මහල හා කදිමට ගැලපෙනවා යයි සිතෙන්නේ මේ සටහන මා අද තබන බැවින්. එහි පෙම් යුවලකට එක්වී නිදහසේ කථා කරන්නට තිබෙන හොඳම ස්ථානය මෙය විය යුතුයි. මා කියවන පොතෙහිද එවැනි ස්ථාන ඔවුන් සොයාගෙන යා යුතු බව සටහන් වී තිබෙනවා.
අද උදෑසන පිට වන්නට ප්‍රථම Apex හෝටලයේ පිළිගැනීමේ අංශයේ සේවය කරන තරුණයාගෙන් සාරි තිබෙන්නේ කුමන පලාතේදැයි විමසා සිටියා. මා මේ සංචාරය යන බව දැන ගත් මගේ කාර්යාලයේ බොහෝ කාන්තාවන් "සාරි ගේන්න - අපි ගන්නම්" යන්න කිහිප විටක් මතක් කර සිටියා. ඉනොර්බිට් පසුකර බස් ස්ටෑන්ඩ් එක තිබෙනේ ප්‍රදේශයේ බලන්නැයි ඔහුගේ පිළිතුර විය. මා ත්‍රී රෝද රථ රියදුරාගෙන් ඉල්ලා සිටියා බස් ස්ටෑන්ඩ් එක දක්වා ගමන් කරන ලෙස. ඔහු ගෙන ගොස් බැස්වූ තැන ඉනොර්බිට් පසු කර තවත් ටිකක් දුරක්. උදෑසන 9.00 ට ආස්සන්න වී තිබුනත් මේ ප්‍රදේශයේ එතරම් හැල හොල්මනක් නෑ.
බස් ස්ටෑන්ඩ් එක ඒ තරම ජනාකීර්ණ නෑ. මම එහි සිට හාත්පස හිස යවා බැලුවා. තරමක් ඈතින් සුදු පාට බෝලයක් මුදුන් කර තිබෙන ගොඩනැගිල්ලක් දැක මා ඒ දෙසට ගමන් ගත්තා. ඒ යන අතරමග කුඩා පෙට්ටි කඩ වැනි තැන් වල අහාර පාන විකුණනවා. අප වැනි කාර්යාල සේවකයන් (ටයි පටි පැළඳ) මෙම ස්ථාන වල උදෑසන අහාරය ගන්නවා. සිත ගිය එක් තැනක මා නැවතී බලා උන්නා. එතන මහා පරිමාණයෙන් තේ සාදනවා. විශාල බැරල් එකක් පුරවා වතුර තිබෙනවා. ශුෂ්ක ප්‍රදේශ වල තිබෙන ගසක් යට අපිළිවෙලට ගොඩ ගසා තිබෙන සිසිල් බීම පෙට්ටිත්, තැන තැන තබා තිබෙන කුඩා බංකුත්, ඒවායේ හිඳගෙන තේ සිගරට් බොන පිරිසත් නිසා මට මේ ස්ථානය හැර නොගොස් තරමක් බලා සිටින්න ඇල්මක් ඇති කරා. අඩි තුනක් පමණ විශ්කම්භයක් ඇති ඇලුමිනියම් සාස්පානක වතුරු උණු වනවා. ඒ අසලම තවත් කුඩා සාස්පානක තේ කුඩු පොට්ටනි ලෙස දමා රත් කරනවා. එහි තද රතු පැහැති තේ බුබුළු දමමින් නටනවා. තවත් සෙම්ම්බු ආකාරයේ භාජනයක් කිරි රත් වනවා. වඩා විශේෂ දේ නම් අශෝක වීදුරු ආකාරයේ බාග ප්‍රමාණයේ වීදුරු වලට දමා දෙන තද කහට පාට ටී (අපට නම් මෙවැනි ඒවා තුනක් වත අවශ්‍යයි) පානය කරයි. ඒවයේ රස බැලීමට ආශාවක් ඇති වුවත් එසේ කිරීම නුවනට හුරු නැති බව හැඟුනේ එහි පිරිසිදු බව ගැන සෑහීමකට පත් විය නොහැකි නිසයි.
පින්තුරය ගත්තේ (source): http://andmylifegoeson.blogspot.com |
තේ ඩප්පිය(අපේ බුද්ධ පුජා වලට ගිලන්පස තබන ප්‍රමාණයේ) බොන ගමන්ම හෝ අවසන්ව සිගරට් එකක් දල්වාගෙන බර කයියක්ද ගසනවා. වෙළෙන්දාට වීදුරු එකතු කිරීමට ඒ තරම් හදිසියක්ද නැත. ඔහු ළඟ එවැනි වීදුරු 50කට වඩා ඇත. ඉහල පෙනෙන පින්තුරයේ ඇති ඒවාට වඩා ඉතා කුඩාය.
මේවා දෙස බලා සිට මගේ බඩගින්නද වැඩි විය. මා හෙමිහිට කලින් කී ගොඩනැගිල්ල දෙසට ගමන් ගත්තා. මා මේ ගමන් කරන්නේ සාරි සොයන්නයි. උදේ ආහාරයද හොඳ තැනකින් ගනිමියි සිතමින් ඒ දෙසට ගමන් ගත් විට ඉනොර්බිට් වාගේම තවත් වෙළඳ මධ්‍යස්ථානයක් දිස් විය. එය අත්‍රියා නම් විය. කහ ඉර පැන එම ගොඩනැගිල්ලට ඇතුළු වුනේ මදක් විමතියෙනි. කලින් ලිපි වලන් සඳහන් කල ආකාරයේ ආරක්ෂක පරීක්ෂාවක් මෙහි නොවීය.
පින්තුරය ගත්තේ : malls.biz15.co.in |
මා එහි පින්තුරයක් නොගත්තේ මන්දැයි මට තවමත් නොතේරේ. එක්තරා අන්දමකින් නොදන්නා දේශයක හැම දෙයක් ගැනම විමතියෙන් ගමන් ගන්නා විටකදී ඡායාරුප ගැනීමට සිහියට ඒ නම් ඒ අහම්බෙනි. එම සාප්පු සංකීර්ණයේ ඇතුලත් ඉතා විචිත්‍ර ලෙස වීදුරු/කම්බි වලින් ඇති පියස්සෙහි ඡායාරුපයක් ගැනීමට මා මාන බලන විට ආරක්ෂකයින් එය වලකාලන ලදී.
මා ඇතුලට පිවිස මුලින්ම සොයා බැලුවේ එහි සාරි තිබේදැයි යන්නයි. එක් පුද්ගලයෙක් ඇතුළු වන තැන දකුණුපස එක් වෙළඳ කුටියක් පෙන්වා එහි විකුණන්නේ සාරි බව පැවසු පසු මම ඉහළම මාලයට යන එලිවේටරයට ගොඩ වීමි. එහි කඩ කිහිපයකට එබී බලා හොට් ඩෝග් විකුණන තැනකින් උදේ අහාරය ලබා ගත්තේ කඩිනමින් සාරි මිලදී ගැනීම සහ සාප්පු වෙත පිවිසීමටය.
පින්තුරය ගත්තේ : mumbai-eyed.blogspot.com |
හරියටම මෙහි තිබෙන අකාරයේ දසුනක් එහි ඉහල මාල වලට දිස් වේ. මේ එලිවෙටර්ද සාමාන්‍යයෙන් අප දැක තිබෙන ඒවාට වඩා වැඩි උසක් ගමන් කරන ඒවා. මා සාරි මිලදී ගත් කඩය මෙහි වම්පස යටට වන්නට තිබෙන ස්ථානයකි.
මා සාරි ගැනීමට මෙතරම් උනන්දු ඇයිදැයි ඔබට සිතෙන්නට පුළුවන්. මා එහි යනවිට ඩොලර් 700ක් පමණ රැගෙන ගිය අතර තවමත් මා මාරු කර ඇත්තේ ඩොලර් 200කි. ඉතිං අතේ මුදල් තාබා ගැනීම නුවනට හුරු වැඩක් නොවන නිසාත්, මේ ගමන කලින් හමාර කරන්නට වේදෝ යන සැකය නිසාත් මෙසේ සාරි ගැනීමට උනන්දු විය. එම ස්ථානයේ කමිස, කලිසම් විකුණන්නට තිබුනත් ඒවා මෙහි (ලංකාවේ) තිබෙන ඒවාට වඩා බාල තත්වයේ ඒවාය.
සාරි කඩයට ගියාම පිස්සු හැදෙන තරමේ එකක් විය. මා ඔවුන්ගේ පළමු ගනුදෙනු කරුවාය. ඔවුන් සාරි විකිනිල්ලට වඩා මා ශ්‍රී ලාංකික බව දැනගත් විට, ක්‍රිකට් තරගය ගැන කතා කරන්නට පටන් ගත්තා. එහෙත් මට සාරි 10-12 ක් ගැනීමට අවශ්‍ය බව මා පවසා සිටියා. ඔවුන් මුලින් උත්සාහ කලේ මිල අධික ඩිසයිනර් වර්ගයේ සාරි විකිනීමටයි. එහෙත් මගේ අවශ්‍යතාව පැවසු විට අනෙකුත් සාරි පෙන්වන්නට පටන් ගත්තා. ඔවුන් කාන්තාවන් මෙන් සාරි පොට සාදා පල්ලු-පල්ලු කියමින් ඇඳ පෙන්වන්න පටන් ගත්තා. එහි කිසිම සේවිකාවක් නොවූ අතර සියලු දෙනා සේවකයන්. ඔවුන් විවිධ වර්ග වල සාරි පෙන්වමින් මගේ උනන්දුව වැඩි කිරීමට උත්සාහ කළා. මෙහි තිබෙන බොහෝ සාරි වර්ග කාර්යාලයේ මිතුරියන් අඳින වර්ග වල ඒවාට සමාන නිසා මාද කිසි පැකිලීමක් නැතිව තෝරා ගත්තා. අන්තිමට ඉන්දීය රුපියල් 995 ගන්නේ සාරි 11 ක්ද, 445 ගණනේ සාරි 9ක්ද, 695 ක් වන එකක්ද, 1145 ක් වන එකක්ද, 845 ක් වන 6 සමග සාරි 28ක් මා තෝරාගෙන ඇත. ඇත්තටම මේවා ලාභදායක යයි මට සිතුනි. ඔවුන් වහාම එය පාර්සල් කරන්නට සහ බිල සදන්නට පටන් ගන්නා ලදී. මට තේ දෙන්නද (අර කලින් කී කුඩා වීදුරු වල) උත්සාහ ගත්තත් මා තේ නොබොන නිසා මට පෙප්සි කෑන් එකකින් සංග්‍රහ කරන ලදී.
අවසානයේ මුළු බිල රුපියල් 21860.00 ක් විය. මගේ මතකයේ හැටියට ඇමරිකානු ඩොලර් 400 ක් සහ ඉන්දියන් රුපියල් වලින් ඉතිරි කොටස ගෙවූ මා ත්‍රී රෝද රථයකට මේවා පටවාගෙන නැවතත් මාගේ හෝටලට ගමන් ගත්තා. ඒ වනවිට මුළු මුම්බායි නගරයම ගිනි ගන්නා තරම් රස්නයක් හාත්පස පැතිරී තිබුනත් මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනේ මිලදී ගන්නට අවශ්‍ය දේවල් වලින් අඩක් අවසන් බැවිනි. ගෙනගිය බඩු තොගය කාමරයට දමා නැවතත් ත්‍රී වීල් රථයට ගොඩ නැගීමේ බලාපොරොත්තුවෙන් පහලට ආ විට KFC තිබෙන තැන ගැන අසන නොඋස් විදේශිකයකු දැක ඔහුත් සමග දොඩමළු වුනා. මා කලින් ලිපියක ඔහු ගැන ලියා තිබෙනවා. ඔහු යේමන් ජාතිකයායි. අප දෙදෙනා එකම ත්‍රි රෝද රථයක ගමන් ගත්තා.
සවස් වරුවේ ගත කල ආකාරය මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න.
Hello. I am glad that you like the tea cup picture clicked by me. Kindly put a proper link to my blog in the caption as a source.
ReplyDeleteHere is the link to picture soure with request from Manju Modiyani
DeleteTea Glaasses
අම්මේ..ඉන්දියාව තමයි ඉන්දියාව.....මමත් ඔය අල්ලපු රටට ගිය වෙලාවේ හරිම අපූරු අත්දැකීම් ටිකක් ගත්තා... මේ තියෙන්නේ ඒ ටිකක්!
ReplyDeleteදාමු බලන්න.
Deleteමේ තියෙන්නේ
Deleteසමහර විට උඹ ඒ තේ නොබීපු එක හොන්ඩ්න්හ ඇති.
ReplyDeleteඉනෝර්බිට් කිව්වේ IN ORBIT ද? නියම නම. ඒක බාර් එකකට දාන්න එල නම.
ඒක එක වචනයක් විදියට දාල තියෙන්නේ.
Deleteකොහොමද ඔය සාරි හොඳ ඒවයි කියල තීරණය කළේ. ගෙනාවට පස්සෙ ගෑනු මිනිස්සුංගෙං බැණුං අහගත්තෙ නෑ කියල හිතනව.
ReplyDeleteඅර විස්කි බෝතල් දෙක තාම පෙට්ටිවල නේද?
මේ දෙකටම උත්තර ඉදිරි පොස්ට් වලින්.
Deleteමමනම කැෂුවල් අඳිනකොට පෑන ගහන්නෙ ඩෙනිමෙ සාක්කුවෙ..එතෙන්නට ගානට සෙට්වෙනවා..
ReplyDeleteතාම මැච් එකට කල් තියනවද ? මොකද තාම එක මැච් එකක්වත් බලන්න යනවා ලියවුන්නෑ මගෙ හිතේ..
Manju Modiyaniගෙ ලින්ක් එකෙන් ගිහින් සිංහල නොවන බ්ලොග් අවකාෂයේ ගති ස්වාභාවය ටිකක් දැන ගත්තා.. ස්තූතියි.
නෑ මැච් එක තිබ්බේ අප්‍රේල් 2 වෙනිදා. ඉංග්‍රීසි බ්ලොග් වල අපි තරම් ගැඹුරට ලියන ඒවා නෑ.
Deleteතරහ ගන්න එපා මන් fake frofile එකෙන් අවට මේවගේ වටින ලිපියක් ඔබට මග හැරෙන්න පුළුවන් හින්දයි යොමු කරන්නේ, ඔයත් යම්දුරකට කොටස් කාරයෙක් නේද කියල මේ ලිපිය කියවල බලලා තෙරුන් ගන්න http://anonymousaya.blogspot.it/2013/03/blog-post_9.html
ReplyDeleteමම දන්නේ නෑ මම එකම බ්ලොග් කරුද කියා ඇනෝ කෙනෙක් පොස්ට් එකක් කියවා අඬපු. මගෙත් එක්ක කිසිම ඇනෝ කෙනෙක් ආරෝවක් තිබුනේ නෑ. මම ඇනෝ නැවැත්තුවේ පොරෝෆයිල් තියාගෙන ඇනෝ වලින් පහර දෙන සුදු චරිත ඇති මහත්වරු කීප දෙනෙක් නිසයි. නැතිනම් මට වඩාත් තිබුනේ ධාන්ත්මක කමෙන්ට්.
Deleteමං උනත් අවශ්‍ය කෙනාට පහරදුන්නට ඔයාවගෙ අයට මන් නම් කරදරයක් කරන්නැහැ, මුලින් හොදින් කිව්වම මට කුණුහරප කියවන් එන අයට තමයි මන් ඒ විදියට කමෙන්ට් කලේ, ඔයත් එක්ක නො ප්රෝබ්ලෙම්, ඔය ලින්ක් එක ඔයාට දැම්මේ සුදු පෙරවන් ඉන්න අය ගැන දැනුවත් වෙන්න විතරයි,
Deleteමටත් වෙලාවකට හිතෙනවා ඇනෝ ඕන් කරලා දාන්න.මොකද කමෙන්ට් පබ්ලිෂ් කරන්නේ පස්සෙන්නේ.
Deleteසුන්දර මතකය වර්තමානය ප්‍රබෝධමත් කරයි.
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
Deleteහී හී ඇති යන්තම් මතක් උනා ඔයාගෙ එක කකුලක් තාම ඉන්දියාවේ කියලා. ඉක්මනට මේ කතන්දරේ ඉවර කරන්න. ඒත් ඉතින් මට බලන්න වෙන්නෙ ඊලඟ සති අන්තයෙදි තමයි.
ReplyDeleteඑහෙනම් කමක් නෑ. මේක හිත හිතා ලියන හින්දා ගොඩක් වෙලා යන වැඩක්.
Deleteසරි හරියට තෙරුවද?
ReplyDeleteඒක ගැන දන ගන්න පුළුවන් ඉදිරි පොස්ට් වලින්.
DeleteCHEthiya NishanthaJanuary 01, 2013 8:03 PM
ReplyDeleteසංවත්සරයට සුභ පැතුම් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා !
'2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි' මේකෙ ඉතුරු ටික මේ අවුරුද්දෙවත් ලියනවද ? :)
සු දී කJanuary 01, 2013 8:27 PM
බොහොම ස්තුතියි. ඔයාටත් සුබ නව වසරක් වේවා !!! ලියනවා අද තව පොස්ට් එකක් දාලා ඊට පස්සේ පොස්ට් එකෙන්. :)
එහෙම සැලසුම් කරගෙන හිටියත්, ඒ තැන වෙන ඒවාට යනවා.
Deleteතේ නොබීපු එක නම් හොදයි. අනික ඉන්දියන් එවුන් හදන තේ වලට අපිට හරියන ගානට සීනි දන්නෙත් නෑ.
ReplyDeleteවිස්කි වලට මොකෑ වුනේ ...???
එහෙමද ? තව කොටස් දෙකකින් විතර එතනට එයි.
Deleteශෝපින් මෝල් වලින් කවුද සාරි ගන්නේ සුදික. හොඳ ගානකට තට්ටු වෙලා වගේ. අයියෝ සැලරි !!! :D
ReplyDeleteමෙතන ෂොපින් මෝල් එකක් වුනාට කඩේ ටිකක් හෝල්සේල් ගතියක් තිබුණා, අනිත් එක ඉනොර්බිට් වගේ මේක සුඛෝපභෝගී එකක් නෙවෙයි. නමුත් ඔයා කියන එකේ සත්‍යක් තියෙනවා.
Deleteසාරි හොඳටම ගණං වැඩියි,සාරි 28 ට ලොකු ගාණකට තට්ටු වුණානෙ.චෙන්නායි වල ඔය ගාණට සාරි 75 ක් වත් ගන්න පුළුවනි
ReplyDeleteමම නිකමට බැලුව ගණන් හදලා. අර වෙඩින් වලට අඳින වරක් කරපුවා තමයි 995-1100 ගණන් වලට ගත්තේ. අනිත් ඒවා සාමාන්‍ය ගණන්. ඉන්දියාවේ අනිත් පැතිවල සාරි ගණන් අඩුයි කියලා පස්සේ දැන ගත්තේ. බෝම්බයේ හැම දෙයක්ම වෙන්ස්.
Deleteකාලෙකට ඉහත ඉන්දියාවට ගිය ගමනක් සිහි උනා මේ ලිපිය දැක්කාම. ටැමිල්නාඩු නම් ගිහින් නෑ.
ReplyDeleteමමත් ගියේ මුම්බායි විතරයි.
Deleteකාලෙකට පස්සේ ආයෙත් දැම්ම එක හොඳයි. මම මේ බලන් ඉන්නේ අද නැතුවට හෙට මැච් එකට යාවි කියල. තවම ටිකර්ට් ගත්තෙත් නැහැ නේ. ඉතුරු ටික ඉක්මනින් දන්නා කල් ගන්න එපා.
ReplyDeleteඔව් මේකට ගත්ත කාලය හොඳටම වැඩියි.
Deleteඉන්දියාවේ ගිහින් ගැහැනුන්ට සාරිත් ගෙනාව ඈ එහෙනම් :D
ReplyDeleteපිරිමි සාරි අඳින්නේ නෑනේ මලයෝ.
Delete