පහුගිය පොස්ට් එකේදී කලින් කොටස් පහට සබැඳියාවන් දාන්න බැරි වුණා. කාලෙකට පස්සේ ලියද්දී කලින් බලපු කෙනෙකුට වුනත් මතකය අලුත් කර ගන්න ඒවා වැදගත්. ඉතිං අලුතෙන් බලන කෙනෙකුට නම් අත්‍යවශ්‍යයි. ඔන්න මේ පාර මම ඒ ලින්ක් ටික දාලම පටන් ගන්නවා. මම නතර කලේ සාරි ටික කාමරයට දාලා ඇඳුම් මාරු කරගෙන ලොබියට ආව තැන. එතනදී මුණ ගැහුණ යේමන් ජාතිකයා හරිම අපූරු පුද්ගලයෙක්.
මගේ තියෙන ලොකුම වැරද්දක් තමයි මේ වගේ විදේශිකයින් සමග මිත්‍ර සම්බන්ධතාව දිගටම පවත්වාගෙන යන්නේ නැති කම. එහෙම වුණා නම් මේ බ්ලොග් එකෙන් විවිධ රටවල් ගැන ස්වදේශික දැනුම බෙදා ගන්නා තැන වෙන්න තිබුණා. හොඳයි මේ යේමන් ජාතිකයා ඉන්දියාවේ ගත කරන අන්තිම දවස. ඒ මාසයක පමණ දීර්ඝ සංචාරයක් නිමා කරමින්. ඔහු මා සමග පැවසුවා මුළු ඉන්දියාව පුරාම ඔහු ගමන් ගත් බව. එය ඔහුට කෙතරම අපූරු අත්දැකීම් සම්භාරයක් එක් කරන්න ඇතිද? වැරදිලාවත් සුදීක ඒ ගමන ගියා නම් පොස්ට් 31ක්ම ලියවෙනවා. :)
ඔහු මගෙන් විමසු පළමු කාරණය තමයි ලංකාවේ උසම තැන හා එහි උස. ලංකාවේ උසම තැන පිදුරුතලාගල බවත් එහි උස අඩි 20,000 කට වැඩි බවත් මා පවසා සිටියත් ඔහු පවසා සිටියේ
නැහැ මගේ මිත්‍රයා ඔබට කොහේ හෝ වැරදී තිබෙනවා. ලොව උසම කන්ද හිමාලයත් අඩි 23,000 කට අඩුයි. එයට කිට්ටු කන්දක් වුවා නම් අප එය ගැන දැනගෙන තිබිය යුතුයි.
ඉතිං මම මේක මෙතන සඳහන් කරන්න හේතුව තමයි. ඔබ විදෙස් සංචාරයක් සඳහා යන විට ඔබේ රට ගැන මනා අධ්‍යනයකින් පසු යන්න කියන පණිවුඩය ඔබට දෙන්න. මොකද මෙවැනි හදිසි අවස්ථාවක එය වැදගත් වන නිසා. නමුත් මා පසුව අන්තර්ජාලයෙන් සොයා ගත්තා එය 8281 ක් බව. අප දෙදෙනාගේ කෙටි සංචාරය (හෝටලයේ සිට ඉනොර්බිට් සාප්පු සංකීර්ණය දක්වා) තුල ඔහු යේමනය පිලිබඳ සාමාන්‍ය දැනීමක් මට ලබා දුන්නා. ගමනාන්තයේදී එහි වියදමෙන් භාගයක් වන රුපියල් 10ක් මා අත තබන්නත් ඔහු අමතක කලේ නෑ. ඔබට හිතෙන්න පුළුවන් මේ පුද්ගලයා කඳු සහ වනාන්තර සොයා දකුණු ආසියාවට ආව කියා. නමුත් යේමනයේත් කඳු සහ ආශ්‍රිත වනාන්තර තිබෙනවා. විකිපීඩියා බලන්න. යේමනයේ උසම කන්ද අඩි 12,028 ක් උසයි. D.
මා ලංකාවෙන් යන විට එයාර්ටෙල් කාඩ් පතකට රුපියල් 1000 ක් රීලෝඩ් කරගෙන් ගියේ මුළු සංචාරයටම ප්‍රමාණවත් යයි සිතාගෙන. එහෙත් එය ප්‍රමාණවත් වුනේ දවස් 2 කට පමණයි. ඔබ විදෙස් සංචාරයක යන විට ඔබට වැඩිපුරම වියදම් වන දෙයක් තමයි දුරකථන ඇමතුම්. එනිසා ඔබ ලබා ගන්නා ඇමතුම් සීමාසහිත අත්‍යවශ්‍ය ඒවා පමණක් විය යුතුයි. සංචාරකයන්ට ලාභ ඇමතුම් ක්‍රම ලැබෙන්නේ ඉතා කලාතුරකින්. මා ගිය කිසිම රටකදී එය අත් විඳින්න ලැබුණේ නෑ. නමුත් ඔබ එහි ජීවත් වන්නට පටන් ගතහොත් වඩා ලාභ ක්‍රමය සොයා ගන්න පුළුවන්. ඉතිං මා තීරණය කළා දිවා ආහාරයෙන් පසුව කරන පළමු කටයුත්ත සිම් පතක් ලබා ගැනීම බව.
ඉන්දියාවේ ජංගම දුරකථන සමාගම් 13ක් ක්‍රියාත්මක වනවා. මා අසා තිබු පරිදි හොඳම එක vodafone නිසා එය ඉනොර්බිට් වෙළඳ සංකීරණයේ ලබා ගත හැකිදැයි විමසා සිටියා. නමුත් ඉන් පිටත පයින් යන දුරක ඔවුන්ගේ සමාගමේ කාර්යාලය තිබෙන බව දන ගත්තා. 31 දින මා ලබාගත් දිවා අහාරය ඉන්දියාවේදී මා ලබාගත් රසම ආහාර වෙල බව පැවසිය යුතුයි. එය අපේ ගානටම මිරිස් යොදා තිබෙන ආහාර වේලක්. අවාසනාවකට එය කුමන ප්‍රාන්තයේ ආහාර වෙලක්දැයි මට මතක නෑ. අද බ්ලොග් සටහනක් තබන්න තිබෙන බව දැන සිටියානම් අනිවාර්යෙන් එය සටහන් කර ගන්නවා. එම ආහාර වේලට පපඩ් නමින් ඔවුන් සඳහන් කරන ඇන්කර් කිලෝ එකේ ටින් පියන තරමේ පපඩම් දෙකක් ඊට ඇතුලත්.
දහවල් දොළහ යනු ඉන්දියාවේ මාර්ග වල ගමන් කිරීමට හොඳම කාලය නොවන බව ඔබට පැහදිලි ඇති. එනිසා පස්වරු තුන පහුවන තුරුවත් හිඳ ඒ ගමන යන්න හිතා ගත්තා. මේ මොහොතේ මා යලිත් මුදල් මාරු කල යුතු බව මතක් වී පළමු මහලට එලිවේටරයෙන් බැස්සා. එහි යද්දී අර යේමන් ජාතිකයා ආහාර ගෙන ආපසු පහලට බසින්න ආවා. ඔහුට ගමරට බලා යන ගුවන් යානය රාත්‍රී 8.00 ට බව පවසා සිටියා. ඔහුගෙන් සමුගෙන සාප්පු සංකීරණයේ එක් කෙළවරකට වන්නට තිබෙන මුදල් හුවමාරු මධ්‍යස්ථානයට ගමන් ගත්තා.
මුදල් මාරු කරන තැනදී ඉන්දියන් තරුණයෙක් මා සමග කතා කළා. මෙවැනි තැන් වලදී මා ඉතා විමසිල්ලෙන් වැඩ කරනවා. මොකද ඔබ මෙතනට එන්නේ මුදල් මාරු කරන්න බව ඕනෑම කෙනෙකු දන්නවා. ඒ වාගේම ඔබගේ පසුම්බිය විවර කර මුදල් ගන්නේ මෙවැනි තැන වලදී. අර ඉන්දීය තරුණයා ඔහුගේ ඩොලර් 100ත් මාරු කර ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියා. එවිට මා විමසා සිටියේ ඔහුට එය මාරු කර ගත නොහැකිද යන්නයි. විදේශිකයකුට හැර අන් යට ඩොලර් මාරු කරගත නොහැකි බව මුදල් කවුන්ටරයේ සේවකායාද තහවුරු කළා. මා අසා සිටියේ එම මුදල් නොට්ටුව මා මාරු කර හොර එකක් වුවහොත් කුමක් සිදු වන්නේද යන්නයි. ඔබ වැරදි කරු ඔහු පවසා සිටියේ. තරුණයාගේ මුදල් නෝට්ටුව හරි එකක්දැයි මා ඔහුට් දී පරීක්ෂා කරවා ගත්තා. ඉන්පසු මගේ මුදල් සමග ඔහුගේ ඩොලර් 100 මාරු කර දෙන්නට මා කාරුණික වුණා. ඔහුට එය ඔහුත් සමග වැඩ කල විදේශිකයෙක් ත්‍යාග කල මුදලක්. නමුත් මෙවැනි දේවල් ඉතා අවදානම් බව මතක තබා ගන්න. ඔහු ඒ වෙනුවෙන් යම් මුදලක් මට ලබා දීමට කැමති වුවත් මා එය ලබා ගත්තේ නෑ.
පස්වරු 3.00 වනතුරු කල හැකි දෙයක් නැති නිසා මා එම සාප්පු සංකීර්ණයේ සියළුම තැන වල ගමන් ගත්තා. සමහර සාප්පු තුලටම ගොස් ගණන් විමසා සිටියා. එක තැනක තිබුනා ලෝක කුසලානයේ එක් එක් රටවල් වෙනුවෙන් නිපදවා තිබූ ටයි. ඒවා ඉන්දියන් රුපියල් 1200 ක් පමණ වූවා. අපේ මුදලින් කීයදැයි ඔබට වැටහෙනවා ඇති. vodafone දුරකථන කාර්යාලය සෙනග පිරී ඉතිරී සිටියා. එය බස් ස්ටෑන්ඩ් එක ඉදිරිපස පිහිටා තිබුණා. ටෝකන් එකට අදාළ වාරය ආ පසු මා සුරූපී ගැහැණු ළමයෙකු වෙත යොමු කරා. ඇය ඉතා ප්‍රියමනාප කාන්තාවක්. මගේ අවශ්‍යතාව අසාගත් ඇය ෆෝම් පතක් පුරවන්න දුන්නා. දින කීයකට අවශ්‍ය එකක්ද? මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් පිට භාවිතා කරනවාද ? යන ප්‍රශ්න දෙක විමසා සිටියා. දින පහක් තුල මුම්බායි නගරයට අවශ්‍ය බව මා පවසා සිටියා. එයට පාස්පෝට් ප්‍රමානයයේ චායාරුපයක් අවශ්‍ය බවත් එය යාබද සාප්පු සංකීර්ණයේ ෆුජි සාප්පුවෙන් ලබා ගත හැකි බවද පැවසුවා.
පින්තුරය ගත්තේ : www.thetimes.co.uk |
ඔවුන්ගේ වෙළඳසැලටද යහමින් සෙනග හිටියා. මා ඡායාරුප දෙකක් ඉල්ලා සිටියත් ඔවුන් රුපියල් 105ක් ලබාගෙන පිටපත් 6ක්ම ලබා දුන්නා. එයත් රැගෙන මා නැවතත් vodafon වෙත දිව ගියා. දියණිය අමතා පැය 24ක් ගත වෙන්නත් ලඟයි. හොඳ වෙලාවට ඇය හා මා අතර කාල පරතරයක් නෑ. තවත් පැය කාලක් පමණ ගත කොට සිම් පත ලබා ගත්තා. ඒ තරමටම දුරකථන සබඳතා සඳහා පොරකන ස්ථානයක්. නමුත් එහි වැඩකටයුතු කෙරෙන ආකාරය ප්‍රශංසනීයයි. මට නියමිත තැන හිමි වුණා. සිම් පත සඳහා රුපියල් 100ක් ඔවුන් අය කළා. රීලෝඩ් එකත් 100 යි. එම සිම් පත මා ළඟ තවම තිබෙනවා. මුලින්ම කල කටයුත්ත දියණිය ඇමතීම. දෙවනුව ටිකට් පත ගැන දැනගන්න. නමුත් ශ්‍රී ලංකාවෙන් ටිකට් පත් නොලැබෙන ලකුණු පහල වුණා. තවමත් සවස පහයි. රාත්‍රී ආහාරය සඳහා නැවතත් මෙහි පැමිණිය යුතුයි. මා තනිවම සිටින නිසා ඉබාගාතයේ ඇවිදිය නොහැකියි. මා තීරණය කළා රාත්‍රී ආහාරයත් මෙහිම රැගෙන පයින් ගමන් කරන්න.
ඇත්තටම එය මගේ විනෝදාංශයක්. මා ගමන් කරන ඕනෑම රටකදී කිලෝමීටර 2-3 ක් පයින් ඇවිදීම. පොදු ප්‍රවාහනයේ ගමන් ගැනීම. එසේ නොකලොත් ඔබ ඒ රට ගැන ඉගෙන ගන්නේ අඩුවෙන්. නමුත් ඔබ සිටින හෝටලයේ කාඩ් පතක් ළඟ තබා ගන්න අමතක කරන්න එපා. ඔබට වැරදුනොත් ආපසු එන්නට ක්‍රමයක් තිබිය යුතුයි. මා මේ වෙලාව වෙන් කළා දියණියගේ බෝනික්කා සොයන්න. ඇයට අවශ්‍ය කර තිබුනේ කතා කරන ගමන් ඇවිදින බෝනික්කෙක්. එම සාප්පු සංකීර්ණයේ එක් විමසිලිවන්ත වෙළඳ මහතෙක් ලබා දුන් ඔත්තුවකට අනුව. ටුන්ගා හෝටලය පසුකර යනවිට තිබෙන කඩ පේලියේ මෙවැනි දේ තිබිය යුතුයි. එහි තිබෙන්නේ කතා කරන. ඒ කියන්නේ ඔබ කියන දේ පුනරුච්චාරණය කරන බෝනික්කන්. මෙයට වඩා හොඳ එකක් හොයා ගන්න බැරි වුනොත් යන දෙගිඩියාවෙන් එය මිලදී ගත්තා. ඒ සමගම මිතුරන් සඳහා කී-ටෑග් කිහිපයක් ගත්තා. දැන් පයින් ඇවිදින වෙලාව. පාර හොඳට මතකයි. එහෙත් මේ පාරවල් ඉතා පළල නිසා පාර මාරු වන තැන් වලදී ප්‍රවේසම විය යුතුයි. රාත්‍රී අට පමණ වනවිට නැවතත් හෝටලයට ලඟා වුණා.
හෝටල් හිමියා සුබ අසුබ මිශ්‍ර ආරංචියක් ගෙනවිත් තිබුණා. අවශ්‍යනම් රුපියල් 11000 කට ටිකට් පතක් ලබා ගත හැකි බව. එය ලංකාවේ මුදලින් රුපියල් 35000ක් පමණ වනවා. එය මිලදී ගන්න අවශ්‍ය මුදල් මා සතුව පැවතියත් එක් තරගයක් නරඹන්න එවැනි මුදලක් වැය කිරීම නිෂ්ඵල කාර්යයක්. මා ඉන්දියාවේදී එම තරගය නරඹන්න තිබෙන බලාපොරොත්තුවෙන් වැඩි හරිය අත හැර දැමුවා.
ඉතින් මැච් එක බැලුවේ නැද්ද?
ReplyDeleteඉන්නකෝ ඉවසලා. මේ සුදීක මැච් නොබලා ඉඳීද ?
Deleteනියමයි මමත් ගොඩක් ආසයි රට වල අවිද්න්න තාම යන්න හම්බ වුනේ රටවල් 3 කට විතරයි එකත් බොහම අමාරුවෙන් මහන්සි වෙලා. ඉන්දියාවට යන්න ආසාවෙන් හිටියේ එත් ට්‍රාන්ස්සිට් එකකට චෙන්නායි බැහැපු වෙලාවේ ඉන්දියාව එපා වුනා මේ කතාව ඉක්මනට ඉවර කරන්ඩ
ReplyDeleteඔව් ඉවර කරනකං මටත් කිසිම නිවනක් නෑ.
Deletemata Indiyawta gihin ena hitagena inawa.
ReplyDeleteJayawewa.
යනවනං බැංගලෝර් වලට යන්න. අහල තියෙන විදියට හොඳයි.
Deleteඅම්මෝ සංජීවව දැක්ක කල්...මොකද වුණේ පහුගිය දවස්වල
Deleteදැං ඉතිං පපඩමේ සයිස් එක බලාගන්න ඇංකර් කිලෝ එකේ ටිං එකක් හොයාපංකො. :D
ReplyDeleteඔය සල්ලි මාරු කරන වැඩ නං බොහොම පරිස්සමින් කරන්න ඕන එකක් තමයි.
අඟල් අටක විතර විෂ්කම්භය තියෙන ඒවා.
Deleteඅයියගේ උපදෙස් ඉතාම වටිනවා ලෝකේ මොන රටකට ගියත් පිළිපදින්න
ReplyDeleteමම ගොඩක් දේවල් වැරදි වැරදි තමයි ඉගෙන ගන්නේ. ඒත් අනිත් යට ඒවා වටිනවා.
Deleteවැටෙන් පැනලවත් බැලුවද?
ReplyDeleteකවදාවත් හොරෙන් කිසිම දෙයක් බලලා නෑ.
Deleteලංකාවේ නම් සිම් නිකන් දෙන්නේ ඒකත් බලෙන් වගේ ඇඟේ ගහන්නේ.අන්තිමට මොකෝ වුනේ මැච් එක බැලුවේ නැද්ද?
ReplyDeleteඉන්දියාවේ ජනගහනය අනුව එහෙම සිම් දෙන්න ගියොත් ?
Deleteමැච් එකේදී මොකද උනේ
ReplyDeleteඔන්න සුදීක ඔය විදියට ඉන්දියාව ගැන කිව්වම අපිට එහෙ නොයා ගියා වගෙ කියතෑකි. කියවනකොට රූප මැවෙනවා. සල්ලි මාරු කරන සිද්ධිය මැවිල පෙනුනා. මොකද අවුරුදු 6ක් ඉන්දියන් යාළුවන්ගේ ආශ්‍රයත් අවුරුදු 3ක් බොම්බේ යාළුවෙක් සමග එකට කාමරය බෙදාගෙන හිටියනෙ.
ReplyDeleteආහ් ! එහෙමද ?
Deleteවිස්කි බෝතල් දෙක
ReplyDeleteමේකා එකටමයි ඇහැ ගහගෙන ඉන්නේ.
Deleteයේමනය කියන්නෙ වර්තමානයේනම් අරාජික රටක්..අභ්‍යන්තර වියවුල් එමටයි..
ReplyDeleteමමත් දවසක් හොඳටම කිච වුනා ලංකාව ගැන සුද්දෙක් එක්ක කතා කරන්න ගිහින්.. මිනිහා ලංකාවෙ හැම මුල්ලකම වගේ සංචාරය කරපු එකෙක්.. මගෙන් අහනවා අරෙහෙ ගිහින් තියනවද - නෑ, එතකොට අරෙහෙ - නෑ.. ඔය වගේ. අන්තිමට ඌටම හිනා..
රුපියල් 35000 ක් දීලා මැච් එකක් බලන්න !! හහ්...
//රුපියල් 35000 ක් දීලා මැච් එකක් බලන්න !! හහ්...//
Deleteමෙතනදී මට තීරණයක් ගන්න වුණා.
This comment has been removed by the author.
ReplyDelete7 වෙනි කොටස මෙච්චර ඉක්මනට දායි කියල හිතුවෙ නෑ. එළ එළ.........
ReplyDeleteහෙහ් හෙහ්
Deleteහා ඊට පස්සෙ තාප්පෙන් පැන්න එක!
ReplyDeleteඉන්දියාවේ ගිහිං තාප්පෙන් පනින්න ? මම ලන්කාවෙවත් තාප්පෙන් පැනලා නෑ.
Delete"වැරදිලාවත් සුදීක ඒ ගමන ගියා නම් පොස්ට් 31ක්ම ලියවෙනවා." හී. . . හී. . . මම හිතන්නෙ 310 කියන එක වෙන්න ඇති 31 කියලා ලියවිලා තියෙන්නෙ. ඔයා මැච් එක බලපු අයට අන්නාසි විකුනන්න එහෙම ගියෙ නෑ නේද? එතකොට ටිකට් ඕන නැතුව ඇතිනේ.......
ReplyDeleteඔය අන්නාසි කතාවත් හරියට ඉන්දියාවේ රේඩියෝ සිලෝන් එක වගේ එකක්.
Deleteඒ කිව්වේ අයියා?.......................
Deleteඅපි ලංකාවේ විදියට අන්නාසි ගැන හිතුවට, ඉන්දියාවේ විකුණන්නේ වෙන වෙන ජාතිනේ.
Deleteනියමයි සුදීක මට මේ කතා දැන් මැවිලා පේනවා වගේ....
ReplyDeleteඔයාට තියෙන අත්දැකීම් හැටියට ඉතිං එහෙම නොපෙනී බෑ.
Deleteඅදයි මෙහි ගොඩවැදුණේ. මෙලෝ සිහියක් නැතිව එක හුස්මට කොටස් හතම රස වින්දා.
ReplyDeleteප්‍රයෝජනවත් තොරතුරු රසවත් ලෙස ඉදිරිපත් කර තිබීම හරිම අපූරුයි!
ස්තුතියි සුදීක!
බොහොම ස්තුතියි ගමේ හිතවතා.
Deleteගොඩ දවසකින් මෙහෙට ආවේ සුදික, පස්සේ ඇවිත් බලලා ආපහු කොමෙන්ටුවක් දාන්නම්.
ReplyDeleteමේ දවස් වල මගේ බ්ලොග් රෝල අප්සෙට් වෙලා අපහු ලින්ක් ටික ඇඩ් කරගෙන යනවා.