Sunday, December 9, 2012

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - V කොටස.







මං හිතනවා මේ පොස්ට් එක කියවන සියලු දෙනාන ඉහලින් තියෙන පොස්ට් හතර කියවලා ඇති කියල. කොටස් හතර එකින් එකට සම්භන්ධයක් නැති නිසා අවශ්‍ය කෙනෙකුට මේ පොස්ට් එක කෙලින්ම කියවීමේත් කිසි ගැටළුවක් නෑ. මම හිතන්නේ මෙතන පොඩ්ඩක් තුන් වන කොටසට සම්භන්ධ වෙනවා. එතැනදී අවසන් කලේ මාර්තු තිස් වෙනිදා හවාස 2ට විතර. එදා තමයි ඉන්දියාව සහ ඔවුන්ගේ පරම දේශපාලන හතුරා වන පාකිස්තානයත් අතර තීරණාත්මක අවසන් පුරවා තරගය තිබුනේ. මම ඉනොර්බිට් සාප්පු සංකීර්ණයෙන් එනකොට එතන තිබ්බ ගෝෂාවෙන් මගේ කන් දෙක පිරිලා තිබ්බේ. මට කොහොමත් වැඩි ඝෝෂාකාරී තැන් වල ඉන්න අපහසුයි. එතනින් පිට වෙලා මගේ නවාතැනට ආවේ මගේ දියණිය අමතන්න තියෙන ආශාවට. මම දන්නාවා මගේ දුවගේ හිතේ මේ දවස් වල ඉන්නේ කතාකරන බෝනික්කා ලැබෙන තුරු. ඇත්තටම යට වයස අවුරුදු හයකටත් කිට්ටුයි. ඒත් මේ බෝනික්කන් ගැන තියෙන ආශාව. මම හිතන්නේ බොහොමයක් ගෑනු ළමයි වයසින් මුහුකුරා ගියත් මේ බෝනික්කන් ගැන තියෙන ආශාවේ අඩුවක් නෑ. මම එන ගමන් ඔරලෝසුවේ වෙලාව බැලුව, සවස දෙකයි හතලිස් පහ කියන්නේ තරගය ආරම්භ වෙලා. මම කාමරයට යන ගමන් දැක්ක කාමර වලට යන පටු තීරයේදී තරප්පු පෙළ ලංගම තියෙන රූපාවාහිනිය ගාව ඉන්දියන් කාරයෝ දෙන්නක් රස කර කර මැච් එක බලනවා. ඒ වෙත්දී ඉන්දියාව පන්දුවට පහර දීම ආරම්භ කරලා. ශිවාග් සහ තෙන්දුල්කාර් නොදැවී ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. තරගය තියෙන්නේ පන්ජාබයේ. මගේ හිත මොහොතකට මෑතකදී කියවූ පරිවර්තන කතාවක් වෙත ආදී ගියා. ඒ ඝනඳුර, කතාවෙන් කියවෙන්නේ ඉන්දියාවට අද නිදහස ලැබෙයි, හෙට නිදහස ලැබෙයි කියලා තියෙන යුගයේ පන්ජාබය ආශ්‍රිත කතාවක්. ඒ පොතේ මගේ හිතගිය තැන තමයි. මුස්ලිම් පල්ලියට දාන්න ඌරෙකුගේ මළසිරුරක් අවශ්‍ය වෙච්ච් හින්දු ව්‍යාපාරිකයෙක් මේ කොන්ත්‍රාත්තුව පවරනවා එක්තරා දුප්පතෙකුට. ඔහු මේ ඌරා මරා ගන්න මුළු රැයක් විඳින සටනක්. එක්තාර තැනකදී ඔහුට උරා ගැන අනුකම්පාවක් ඇති වී, මේ කාර්ය දමා ගසා පලා යන්න පවා හිතෙනවා. අන්තිමේදී කොහොම හරි ඌරු කුණ මුස්ලිම් දේවස්ථානයට දානවා.

මේ තරගයත් ඒ වගේ පරිසරයක පැවැත්වෙන්නේ, ඉන්දියාවෙන් වෙන් වෙලා වෙනම රාජ්‍යයක් බවට පාකිස්තානය පත් වුනත් පන්ජාබයේ දේශ සීමා අරගල තිබෙනවා. ඊට ටික කාලෙකට පස්සේ ඉන්දියාවේ හිමාචාල් කියන ප්‍රදේශයේ සංචාරය කරපු මගේ කාර්යාලීය හිතවතෙක් මේ දේශ සීමාව දෙපැත්තේ ඉඳන් දෙගොල්ලන්ට හු කියා ගන්න සිරිතක්, දෙපැත්තේ කොඩි හුවමාරු කර ගන්න හරි අපූරු සිද්දියක් වීඩියෝ සහ චායාරූප වලින් විස්තර කරද්දී ආයි නම් ඉන්දියාව පැත්ත බලන් බත් වත් කන්නේ නෑ කියා කියා උන්න මට එහෙ යන්න හිතුණා. මම කාමරයට ඇවිත් කී ටැග් එක නියමිත රඳවනයට එබුවා. මේ කී ටැග් එක රඳවනයට එබූ පසුව තමයි කාමරයේ විදුලිය ක්‍රියාත්මක වෙන්නේ. මේ වගේ එකක් බදුල්ලේ පුංචි හොටලයකත් මම දැකල තියෙනවා. මම රුපවාහිනිය දාගෙන මැච් එක බලන්න පටන් ගත්තා. එත්දී මේ හෝටලයටම අනුබද්ද ආපන ශාලාවෙන් අර ගත්ත අඹ යුෂ බෝතලය කඩලා පොඩ්ඩක් බිව්වා. අම්මේ එහෙම රසක්. සීනිත් ටිකක් විතර වැඩියෙන් එකතු කරලා තියෙන්නේ. කොකා-කොලා සමාගම තමයි ඉන්දියාවේ මිනිස්සුන්ට අඹ යුෂ කරලා විකුනන්නේ. නරක නෑ නේද? මොකද කොකා-කෝලා වලට ඉන්දියාවේ තියෙන ඉල්ලුම බොහොම අඩුයි. පෙප්සි කියන්නේ ඉන්දියාවේ පුදුම විදියට ජනප්‍රිය පානයක්.  මේවා මොනවා වුනත් ඇමරිකන් නිෂ්පාදන. ඉන්දියාවේ වැව් දහස් ගනනන්ක් ප්‍රතිසංස්කරණය කරන්න අනුග්‍රය(කාලය එක්දහස් නවසිය පනස් ගණන් වෙන්න ඕනේ) දක්වල තියෙන්නේ පෙප්සි ආයතනය. ඔවුන් ඉන්දියාවෙන් ඉල්ලලා තියෙන්නේ ඒ වැව ඉස්මත්තේ කුඩා සමරු පාලකයක් පිහිටවන්න විතරයි. අන්න ඒකට කල ගුණ සැලකීමක් වශයෙන් තමයි ඉන්දියාවට පෙප්සි එන්නේ. ඒත් ඉන්දියාව ඒ වෙනුවෙන් පන්ජාබයේ පලතුරු යුෂ ඇමරිකාවට යවන්නත් ගිවිසුමකට එළඹිලා තමයි අවස්ථාව ලබා දීල තියෙන්නේ. 

පින්තුරය ගත්තේ : valuemart.co.in. හරියටම මෙන්න මේ ජාතියේ බෝතලයක් තමයි මම බිව්වේ. අමෘතේ පරාදයි. මිලි 600 ඉන්දියන් රුපියල් 30යි. 
අන්තිමට හවස හයට විතර කොහොම හරි දුවට කතා කළා. අය අහන්නේ "තාත්තා අර ඩෝල්ව ගත්තද ?" කියන ප්‍රශ්නය විතරයි. "අරගෙන තියෙන්නේ" කිව්වහම ඇය ප්‍රීතියෙන් පිනා යනවා. මට වෙලාවකට හිතෙනවා මම ආවේ නිෂ්පල ගමනක් කියලත්. මේ දුරකථන ඇමතුම හමාර වෙත්දී අර ලංකාවෙන් දාගෙන ආපු රුපියල් දාහේ එයාර්ටෙල් රීලෝඩ් එක ඉවරයි. දැන් මට මෙතන අභියෝග තුනක් තියෙනවා, තරගය සඳහා ටිකට් පතක්, ටෝකින් ඩෝල් කෙනෙක්, විස්කි බෝතල තුන විකිණීම. විදෙස් සංචාරයක් කරන කෙනෙක් මුහුණ දෙන වඩාත් සංකීර්ණම ගැටළුව මේ එකක්වත් නොවෙයි. ඒ තමන්ගේ බැගේජ් එක නියමිත බර සීමාවේ තබාගෙන තමන්ට අත්‍යවශ්‍ය බඩු මුට්ටු වලින් ඒක පුරවන එක. ඉතින් යත්දී අරගෙන ගිය දේවල් එනකොටත් බරට එකතු වුනොත්? ඕනෙමනම් අමතර ගෙවලා වැඩිපුර බඩු ගේන්නත් පුළුවන්.  ඒත් එතකොට දෙවතාවක් හිතන්න වෙනවා. අපි මුලින්ම බැංකොක් ගිය ගමනේදී වෙනම කාර්ගෝ එකක් වශයෙන් සෑහෙන බඩු මුට්ටු ප්‍රමාණයක් මමත් මගේ මිතුරන් කිහිප දෙනෙකුත් එකතු වෙලා හවුලේ ලංකාවට එව්වා. ඒ ගමනට පහළොස් දෙනෙක් එකතු වෙලා හිටියා. එතකොට අපේ බෑග් සාමුහිකව තමයි කිරන්නේ. එහෙම වෙත්දී එක් අයෙකුට ලැබෙන කෝටාව තුල බර තබා ගන්න පැය බාගෙකට සැරයක් බෑග් කිරණ එක තමයි හිනා යන කාරණේ. මේ සිද්දි එක්ක එකට ගිය කණ්ඩායමේ සුළු සුළු අමනාපකම් වගේම විවේචනත් ඇති වුනා. ආඬි හත් දෙනා වගේ  තමන්ගේ බර කිලෝ එකක් දෙකක් වැඩියෙන් තියාගෙන ඉන්නත් සමහරු පෙළඹුණා. මෙහෙම අමතර බර වැටිලා වෙනම ගෙවන්න වුනොත් මිලදී ගන්නා සෑම භාණ්ඩයකම මිලට ඒ අමතර ගාස්තුවෙන් කොටසකුත් එකතු වෙනවා. එහෙම වුනාන සමහර බඩු ලංකාවේ තියෙනවනම් මෙහෙන් ගන්න එක වාසියි. අපේ ඒ බැංකොක් ගමනට ගිය මිත්‍රයෝ දෙන්නෙක් හෙල්මට් ගෙනල්ලා වෙච්ච නියම පලහිලව්වක් තියෙනවා පස්සේ දාන්නම්. 

කොහොම හරි ඉන්දියාව ලකුණු 260ක් ගහ ගත්තා. මම වොෂ් එකක් දාගෙන මේ පාර ෂෝටකට බැස්සා. එළියේ මිනිසුන් ඉන්නේ පුදුමාකාර කැළඹීමකින්. හරියට අර ඉස්සර ලංකාවේ බෝම්බයක් පිපිරුනාම තියෙන තත්වේ වගේ. කොච්චර ක්‍රිකට් උන්මාදයක් තිබුනත්, මේ මිනිස්සු නිවාඩු දාගෙන ගෙදර ගිහිං මැච් බලන ජාතියක් නෙවේ කියල මට පැහැදිලි වුනේ, මැච් එකේ බ්රේක් එක වෙලාවේ මම නැවතත් රාත්‍රී අහාරය ගන්න කියල ඉනොර්බිට් මෝල් එකේ ආහාර පාන තියෙන ඉහළම මහලට ගිය වෙලාවේ. එතන කට කපල නැති වුනත් තවම සෙනග. මම මේ පාර ෆ්‍රයිඩ් රයිස් පාරක් බඩට දා ගන්න හිතාගෙන වටේ කැරකෙනකොට මෙන්න තියෙනවා චීන්නු වගයක්ම කරගෙන යන චයිනීස් ස්පොට් එකක්.  සාමාන්‍යයෙන් චීනය හා ඉන්දියාව මිතුරු රටවල් දෙකක් නොවේ. ඉන්දියාව පෙර සිටම රුසියාව සමග යුධ ගිවිසුමක සිටි නිසා චීනය ඉන්දියාව සමග ඉන්නේ නෝක්කාඩුවෙන්. එහෙම තියෙද්දිත් බොම්බායේ තියෙන සුපිරි වෙළඳ සැලක චීන්නුන්ට කඩයක් දාන්න දීම පුදුමයට කරුණක්. මමත් චිකන් ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කරලා එකට ගාන ගෙවලා ඉඩ තියෙන තැනකින් වැඩි වුනා. මේකේ ඉන්න තඩි චීනාට මේ ක්‍රිකට් අල්ලන්නේ නැති නිසාද කොහෙද ඌ කනේ ඉයර් ෆෝන් ගහගෙන සින්දුවක් අහන ගමන්ම තමයි අපේ ඕඩර් ගන්නේ. මිනිහගේ සහයට ඉන්නේ අවරුදු දහතුනක විතර පොඩි කොල්ලෙක්. සමහරවිට පුතා වෙන්නත් පුළුවන්.

Shahid Afridi and Sachin Tendulkar share a laugh
පින්තුරය ගත්තේ : www.espncricinfo.com බලන්නකෝ දෙන්නගේ මුණු දෙකේ තියෙන පින් පාට. කොහොමද ඉන්දියාවයි පකිස්තානෙයි වෙන් නොවුනානම් හැදෙන ටීම් එක ? එහෙනම් වර්ල්ඩ් කප් ගහන එකක් නෑ. 


දැන් පාකිස්තානය බැට් කරන්නේ. චීනාට හෝ ගාලා ඕඩර් දැන් විනාඩි දහයක් විතර ගියා. හැම මේසෙකම ඉන්න එවුන් කෑම පැත්තකින් තියල ඉන්දියාවට හුරේ පාර දානවා. චීනා මට දබර ඇඟිල්ල උස්සල පෙන්වලා අත්පුදී ගහනවා වගේ සන් කළා හරියට මටත් අත්පුඩි ගහන්න කියන්න වගේ. මට මේක හතරබීරියි. මම ගියා ඌ ගාවට, සමහරවිට මේ උන් කෑම එක හරි කියන විදියද දන්නේ නෑනේ? මෙන්න එක පාරටම ඇතුලේ ඉන්න ඉන්දියන් කාරයෝ මහා හයිහෙන් ඝෝෂාව. මම ආපහු හැරිලා ටී.වී එක දිහා බැලුවා. පාකිස්තානේ විකට් එකක් ගිහිං. චීනාත් ඒ වගේම සතුටකින් අත්පුඩි තලනවා. සමහරවිට එක දාගන්න වෙන්නැති. එතන ඉන්න දෙමළ ටයිප් පොරවල් මං දිහා අමුතු විදියට බැලුව. මොකද මම ඉන්දියාවට හුරේ පාර දන්නෑනේ. චීන්නු කොහොමත් ආණ්ඩපාලලානේ. මම චීනාට හිතින් බැන බැන ආයෙත් ගිහින් වාඩි වුනා. තවත් විනාඩි දහයකට පස්සෙයි මට කෑම එක දුන්නේ. උණු උණුවෙම ගිලලා දැම්මා. අපිට ලංකාවේ හම්බ වෙන ෆ්‍රයිඩ් රයිස් එකක් වගේමයි. ගාන ඉන්දියන් රුපියල් 90ක් වගේ මතක.

මම ආයෙත් වාසස්තානයට ගියා. ඇවිත් එක දවසක් වුනත් දෙතුන් පාරක් එහා මෙහා ගිහින් ගාන හොඳට හුරුයි. රුපියල් විස්සකට වඩා වැඩි වෙන්නේ පාර නොදන්නවානම්. ආපහු යත්දී පලවෙනි මහලේ ලොබියේ ඉන්දියන් කාරයෙක් මැච් එක බලනවා. මමත් එතන නතර වුණා ස්කෝර් එක බලා ගන්න. එතන හිටිය ඉන්දියන් කාරයා මගෙත් එක්ක කතාවට වැටුනා නිකංම. මිනිහා අනිත් ඉන්දියන් කාරයන්ට වඩා වෙනස්. නවදිල්ලියේ කෙනෙක්. මිනිහා හොඳ ගානට බීල හිටිය හින්දා හොඳටම කියවනවා. මමත් අසාවෙන් මිනිහත් එක්ක විවිධ මාතෘකා ඔස්සේ කථා කරා. එතන තිබ්බ රස්නේ සහ දුම තමයි මට ඉවසන්න බැරි වුනේ. පස්සේ මිනිහාගේ කාමරේ ටීවී එකෙන් මැච් එක බලන්න මට ආරාධනා කලා. දැන් අපි දෙන්න හොඳ මිතුරන්. බොහෝ දේ ගැන අපි දෙන්නා දරන්නේ එකම අදහස්. මිනිහා ටිකක් ඉහල පලන්තියක වගේ. ඒ නිසා සාමාන්‍ය ඉන්දියානු හැසිරීම මිනිහට දිරවන්නේ නෑ. හොඳින් ඉංග්‍රීසි කථා කරනවා. ඒ නිසා අපි දෙන්න නිකංම හොඳ මිත්‍රයෝ වුනා. හරියට අවරුදු ගානක ඉඳන් අඳුරනවා වගේ. මිනිහා ටික වෙලාවකින් මම සචින් තෙන්ඩුල්කාර් වගේ කියලත් කිව්වා. එහෙම කිව්වා පලවෙනි සහ අන්තිම කෙනාත් මිනිහා නෙවේ. ඒ ගැන පසුව ලියන්නම්. හැබැයි එක අවුලක් මට මිනිහගේ නම මතක නෑ. මට බොරු නමක් දාන්න පුළුවන්. ඒත් ඒක මගේ හිතට හරි නෑ.

මම මිනිහට අර චීනාගේ කතාව කිව්වා. ඒක අහල මිනිහා බඩ අල්ලන් හිනා වුනා. මිනිහා දීපු උත්තරය තමයි.

"ඉන්දියා ඉස් නොට් අ කන්ට්‍රි ඉන්දියා ඉස් අ වර්ල්ඩ් මයි ෆ්‍රෙන්ඩ්"

කතාවේ තේරුම තමයි ඉන්දියාවේ හැම ජාතියකම පෙනුම තියෙන මිනිසුන් ඉන්නවා. චීන්නුන්ට සමාන, මොනොගොලියන් කාරයන්ට සමාන, යුරෝපීය පෙනුම තියෙන තනිකර ඉංග්‍රීසි කථා කරන, පෘතුග්‍රීසි ලන්දේසි මිශ්‍ර අය ගොවා වගේ පැති වල ඉන්නවා. ඉතිං මම අර දැකපු චීනා ඉන්දියන් කාරයෙක්. මට පස්සෙයි කම්පනාවට ආවේ ඌත් මැච් එක රේඩියෝ එකෙන් අහල තියෙන්නේ, ටීවී එක නොපෙනෙන නිසාම නෙවෙයි. සැටලයිට් ටීවී එකට කලින් මැච් එකේ අලුත්ම තත්වය රේඩියෝ එකෙන් අහන්න පුළුවන් නිසා. බැලුවම චීනා ක්‍රිකට් අන්තවාදියෙක්.මේ වෙලාවේ මගේ සිහියට ආවේ

"ක්‍රිකට් ඉස් අවර් රිලිජන් තෙන්ඩුල්කාර්  ඉස් අවර් ගෝඩ්"

කියන ප්‍රසිද්ධ කියමන. සිංහලෙන් කියනවා නම් අපේ ආගම ක්‍රිකට් අපේ දෙවියා තෙන්ඩුල්කාර්. ඇත්තටම ඒ කතාව ඇත්ත.


පින්තූරය ගත්තේ : siliconeer.com. 
 බොරුද මම කියන්නේ? තරගය ඉන්දියාව දින්නාම මම නවදිල්ලි මිතුරාට සුභ පැතුවා. ඔහුත් ඒ වගේම මටත් සුභ පැතුවා ටිකට් පතක් ලැබෙන්න කියලා. හෝටල් අයිති කාරටත් ටිකට් එකක් ගැන කියල තිබුනේ. ඔහු මට පොරොන්දු වුනා ටිකට් පතක් හොයා දෙන්න. එක පාරටම හෙන පුපුරන හඬක් ඇවිත් මම කාමරේ තිර රෙද්ද මෑත් කරලා බැලුව. එළියේ එකම සැණකෙළියක් වගේ. මම දොර වහගෙන දුවලා ගියා හෝටලයේ ලොබින් එලියට. පාර රතිඥ්ඥා දුමින් පිරිලා මිනිසුන් කඩයක ඇරලා තියෙන දොර ලෑල්ල ළඟ පොදි කනවා. මම නිකමට කඩේ බෝඩ් එක දිහා බැලුව. එකේ ගහල තියෙනවා

"ලක්ෂ්මි ෆයර්ව්ර්ක්ස් ඇන්ඩ් එන්ටප්‍රයිසස්" කියල. අද හොඳ බිස්නස්. කඩ කාරයාට රජ මගුල් වගේ. මට බය මේ කඩේට දවල්ට ගිනි අවිලේද කියල. ඇයි ඉතින් සෙටිග්රෙඩ් 40 ක්ම රස්නේයිනේ.

මේ මම ගත්ත ජායාරුප. මේ ටික හම්බ වුනේ අද(2012.12.11). මේ තියෙන්නේ අර කියපු රතිඥ්ඥා කඩේ. 



ප.ලි. තවම ඉවර කලේ මාර්තු 30 අත්දැකීම් විතරයි. 31/01 දවස් දෙකේ වුන දේවල් තියෙනවා. දිග වැඩිද කියල මටත් හිතෙනවා. කරුමෙට ලියාගෙන යත්දී චිත්‍රපටිය වගේ මතකෙට එනවා. ඉතින් නොලියා කොහොමද? මේ මාරයාගේ පොරොන්දු කඩ කල දෙවෙනි සති අන්තය.  මේක දැන් දවස් ගානක් ලියාගෙන ගිය එකක්. අද උදේ දාන්න හිටියේ. පොඩි මිස් ෆයර් එකක් වුණා. 

35 comments :

  1. හි හි... ඉන්දියන් මෙගා එකක් වගේ..... කමක් නැ කමක් නෑ.. අපි ආසාවෙන් කියවන්නේ...

    ReplyDelete
    Replies
    1. බලන්න මම දවස් තුනක් තිස්සේ ලියපු එක ඔයා විනාඩි තුනෙන් කියවල ඉවරයි.

      Delete
  2. මාත් චාරිකා යන එකේ මේ ලිපි කියවන්නේ හරිම ආසාවෙන් සුදික.

    ReplyDelete
    Replies
    1. ගියපු ඒවා ගැන ලියමු.

      Delete
  3. ඉන්දියාවනං දිරවන්නෙම නෑ අප්පා මට...
    ඇයි දන්නෑ...

    ReplyDelete
    Replies
    1. මේවා මෙහෙම ලිව්වට මම එත්දී හිතාගෙන ආවේ ආයි ඉන්දියාව පැත්ත බලාගෙන බත් වත් කන්නේ නෑ කියල.

      Delete
  4. මාත් කොහොමහරි ඉන්දියාවේ යන්න හිතාගෙන ඉන්නේ ,දැන් ඉන්දියාවේ පල්ලෙහා ඉදල උඩටම යනකල් කි .මී.4000 ක විතර දුර කෝච්චි ගමනක් තියනවලු නේද ?මං ඉතින් ටිකක් කෝච්චි පිස්සා නිසා ඔන්න ඔය ගමන යන්න තමයි ප්ලෑන් කොරන්නේ ,ඒත් යාලුවෙක් කිව්වා ඉන්දියාවේ කෝච්චිවල හරියට හොරු ඉන්නවලු ,ගෙනියන බෑග් 1 කකුල් දෙක අස්සේ ගහගෙනලු නිදාගන්න ඕන ,නැත්නම් බඩුම තමාලු ,ඒවා ඇහුවනම් ගමන එපාවෙනවා ,ඔක්කොටම වඩා ජීවිතේ වටිනවනේ

    ReplyDelete
    Replies
    1. යනවා නම් හොඳ කොච්චි ගමනක් තියෙනවා. පටන් ගන්නේ සිංගපූරුවෙන් ඉවර වෙන්නේ එංගලන්තෙන්.

      Delete
    2. දැන් එහෙම කකුල් අස්සෙ ගහගන්න ඕන්නෑ. දම්වැලක් හැම සීට් එකකම හයිකරලා තියනවා හොඳට ගැටගහගන්න. සුදික මාzසා මතක් කරන්න එපා. දුක හිතෙනවා. මාර රිච් රස

      Delete
  5. ආහ .. ඉන්දියන් කතාව තව කොටස් කිහිපයක් තියෙයි වගේ ...
    //
    සිංහලෙන් කියනවා නම් අපේ ආගම ක්‍රිකට් අපේ දෙවියා තෙන්ඩුල්කාර්//
    ඉන්දියන් කාරයන්ට ටිකක් පිස්සු නේද බං ... කොහොම උනත් උබ හොද ෆන් එකක් අරගෙන තියෙන පාටයි .. ඉතිරි ටිකත් දාපන්කෝ අපිට කියවන්න හිමිට...

    ReplyDelete
    Replies
    1. ඉන්න දෙවියෝ සෙට් එකේ හැටියට තව එකෙක් එකතු වුනා කියලා වැඩි වෙන එකක්යැ බන් , මම හිතන්නේ ටෙන්ඩුල්කාර් තමයි ශාරිරික විකෘතිතාවක් නැති එකම දෙය්යො , අනික් උන්ට අත්, ඔලු බර ගණන් තියනවනේ

      Delete
    2. @චමී - මොන ෆන් ද ? මට පිස්සු හැදිලා හිටියේ.

      Delete
    3. @බුවා : එකත් ඇත්ත තමා.

      Delete
    4. බුවාගේ කතාව තමා මරු... හි හි

      Delete
    5. @බුවා : ගුගල් කරලා බලන්න පින්තුර වලට "sachin god" කියල.

      Delete
  6. සුදීකටත් පොඩි චියර් පාරක් දාන්න නේ තිබුනෙ. මොනව උනත් දඹදිව කොල්ලො සැට් එක නෙ.. (අදත් විස්කි නෑ)

    ReplyDelete
    Replies
    1. විස්කි තිබුණා. පෙට්ටි වල සුරක්ෂිතව.

      Delete
  7. ස්තුත්යි සුදීක . :)
    ඉන්දියාවේ අරුනාචල් , ඇසෑම් වගේ උතුරු ප්‍රදේශ වල ඉන්න මිනිසුන් චීන සම්භවයක් අය.
    නමුත් හදවතින් හොඳ ඉන්දියානුවෝ.

    @ හසරැල් , බෑග් ලොක් කිරීමට අවශ්‍ය දම්වල් සහ පැඩ් ලොක් ඉන්දියානු දුම්රියපොලවල විකුනනවා.සොරුන් සම්බන්ධයෙන් පැරනොයිඩ් වීම අනවශ්‍ය වගේම විනෝදයට භාදාවක් උනත් පරිස්සම් වීම ඉතාම වැදගත්.

    ReplyDelete
    Replies
    1. මමත් මැප් එක බලද්දී තේරුනේ අරුනාචල්, ඇසෑම් පැත්ත චීනෙට හොඳටම ලඟයි.

      Delete
  8. මාර අත්දැකීම් තොගයක්නෙ ලබලා තියෙන්නෙ....

    ක්‍රිකට් උන්ගෙ ආගම කියන එකෙන්ම බහුතර ඉන්දියානු ආකල්පය හිතාගන්න පුලුවන් නේද ? පවු උන්... හිතන් ඉන්නෙ හරි පොරවල් කියලා..

    ReplyDelete
    Replies
    1. උන්ගේ මානසික දුප්පත්කම යටවෙලා තියෙන්නේ ඔය ක්‍රිකට් හීන ලෝක වල.

      Delete
  9. තව පොඩ්ඩෙං රයිස් එක පැත්තක තියෙද්දි චීනගෙං කන්න වෙන්නෙ.

    අදත් විස්කි බෝතල් දෙක යංතං මතක් කළා විතරයි නේද? :D

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කරන්නද ලොක්කා?

      Delete
  10. මාස් එකගනනම් කතා කොට පලක් නැත එය එතරම් මිහිරි බැවිනි. කෝ මේ උණු වගේ එව්වා නැතෙයි?

    ReplyDelete
    Replies
    1. මම උණු වෙලා හිටියේ එහෙදී.

      Delete
  11. ඔන්න කියෙව්වා. ආසයි කියවන්න. උඩ හරියෙ චේද ටිකක් දිග වැඩියි. කොටස් වලට කැඩුවනම් කියවන්න තවත් ලේසියි :)

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඊළඟ කොටසේදී සැලකිලිමත් වෙන්නම්. ස්තුතියි සමී.

      Delete
  12. මට නම් කියවගෙන කියවගෙන යන්න හිතෙනවා ඒ අත්දැකීම් ටික ඒත් ඊළඟ කොටස එනකම් ඉන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් ලියාගෙන ලියාගෙන යන්න හිතෙනවා. එත් වෙලාව හරස් වෙනවා.

      Delete
  13. මට මේ ලඟදි මම ඉන්න රටේදී ඉන්දියන් කාරයෙක් සෙට් වුනා ඌ කියනවා මම ඉන්දියන් එකෙක්ලු ලංකාවේ නෙවෙයි ලු.මාර වැඩේ මට මගේ රට කියලත් විස්තර කරන වුනා.ඉන්දියන් පිස්සෝ..

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ ඉගෙන ගත්ත මගේ මිතුරියක් කිව්වා ඉන්දියාවේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ ලංකාවත් ඉන්දියාවේම ප්‍රාන්තයක් කියා කියල.

      Delete
  14. කියවන්න එන්න ටිකක් විතර පරක්කු උනා... මේක කියවන හැම වාරයකදිම මට මතක් වෙන්නෙ මගේ ඉන්දියානු සංචාරය...මේකෙ විස්තර සහ මගේ ගමන අතරත් යම් සමානකම් තියෙනවා

    අපි නවැතැන් ගත් හෝටල් කාමරයෙත් යතුර රදවනයට දැම්මාම තමයි විදුලිය වැඩ කරන්නෙ... අපේ ගැන්සියත් චෙන්නායි එයාර් පෝට් එකේදි නොහොද නෝක්කඩු උනා බැගේජස් වල බර ප්‍ර‍ශ්න මත...ඕවා තමා සමානකම්...

    මම යද්දි යුද්ධෙ ඉවරවෙලා මහ කාලයක් ගිහිල්ලා තිබුනෙත් නෑ... තමිල්නාඩුවෙ ඉන්න බහුතරය කොටි හිතවාදීන් නොවැ... ඉතිං පොඩි භයකුත් හිතේ තිබුනා... ස්කූටරයට බඩු හොයන්න ටවුමක් මැද්දෙ තනියෙන් යද්දි... මම පාරෙ නවත්තලා තිබුන ඒ වර්ගයේ බයිසිකලයක් පෙන්නලා පාට්ස් ගන්න පුලුවන් විදිය ඇහුවා....Are you Sri Lankan ? කියලා ඒ මනුස්සයා සද්දෙට ඇහුවට පස්සෙ මගෙ වටේට සෙනග පිරුනා... හම්මෝ මම හිතුවෙ කොටි රංචුවක් කියලා... අන්තිමට ඉන්දියානු ක්‍රිකට් වීරයෝ ගැන කථා කරලා මම උන්ගෙන් බේරිලා මාරු උනා...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි සිරා අනුනාවයෙන් බේරිලා තියෙන්නේ.

      Delete
  15. ඔය චීනා ගැන කියද්දී මට හිතුනෙම ඌ නම් එක්කෝ නේපාලියෙක් හරි ඒ අහලක එකක් හරි කියල. බැලුවම ඌ ඒ කිට්ටුව පාත.

    ReplyDelete
  16. කතා සෙට් එක ම එක දිගට කියවල ඉවර කළා......
    ඉතිරි ටිකත් ඉක්මනට ම දාමු.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...