Sunday, December 2, 2012

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - II කොටස.

පලවෙනි කොටස නොබැලුවානම් මෙතනින් ගොස් බලන්න

එම්බාකේෂන් කාඩ් පත පුරවා අවසන් කරන්න මට මිනිත්තු පහකට වඩා ගියේ නෑ. එය අවසන් වූ වහා මා බැලුවේ රාත්‍රී අහාරය ගෙන එන ගුවන් සේවක/සේවිකාවන් සිටින ස්ථානය. ඔවුන් සිටින්නේ මා සිටින තැනට තවත් ආසන පේලි පහකට වඩා ඉදිරියෙන්. ඉන්දියාවේ විස්කි වලට හොඳ ඉල්ලුමක් ඇති බව මා දැන ගත්තේ වසර කිහිපයකට පෙර ඉන්දියාවේ සංචාරය කල මගේ මිතුරන්ගෙන්. එම සංචාරයට එක් වූ මත්පැන් පානය නොකරන අයවලුන් පවා විස්කි බෝතල් දෙකක් ගෙන ගොස් විකුණා ලාභ ලැබූ බව මා අසා තිබූ නිසා, පිටවීමේ(Departure) පර්යන්තය අසල ඇති වෙළඳ සැලෙන් රෙඩ් ලේබල් විස්කි වල මිල විමසා සිටියා, එහි මිලට වඩා වැඩි මිලක් ඇති බ්ලැක් ලේබල් බෝතල් දෙකක් ගත් විට තවත් එකක් නොමිලයේ ලබා දෙන බව වෙළඳ සේවිකාව පවසා සිටියා. මම මිල ගණන් සසඳා බැලුවා, රෙඩ් ලේබල් එකක මිලට බ්ලැක් ලේබල් ලැබෙනවා. ඉතින් දෙපාරක් නොසිතා මාත් බ්ලැක් ලේබල් මිලදී ගත්තා. මගේ මතකයේ හැටියට එම බෝතල් තුන සඳහා වැය වූ මුදල ඇමරිකානු ඩොලර් 86ක්. ඒ කියන්නේ එකක මිල 43ක්. ඒත් මට බෝතල් තුනක් ලැබුණා. ඒ කියන්නේ එකක් 28.60ක් වගේ වෙලා තියෙනවා. රෙඩ් ලේබල් එකක් මගේ මතකය නිවැරදි නම් ඩොලර් 21ක්. පොඩි වෙනසක් තිබෙනවා. නමුත් වර්ග දෙක අතර පරතරය 22ක්, ඒත් මට ලැබුනේ 7.60ක වෙනසකට. මේකනම් කල්ල මරේ වැඩක් බව මට හිතුනේ අද නොවේ. මීට ප්‍රථම මැලේසියාවට ගිය ගමනේදී යුහුසුළුව දිව යන ඉන්දියානුවන් දෙදෙනෙකු දුටු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරන  මහේෂ් (මගේ මිත්‍ර සුභාෂ්ගේ අයියා) පවසා සිටියේ
පින්තුරය ගත්තේ :conwaytropicalfish.com
"ඉන්දියන් කාරයෝ  ටිකට් එකක් අරන් මෙහෙ ඇවිත් විස්කි බෝතල දෙකක් අරන් කෙලින්ම අනිත් ෆ්ලයිට් එකේ ඉන්දියාවට යනවා"

"ඉතිං ඒක ලාබද ?"

"වැඩි ගණන් වලට තමයි විකුනනවා ඇත්තේ"

දැන් ඉතින් මටත් හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්. ඒත් කිසිම දිනක ව්‍යාපාර කටයුතු කර නැති මට මෙය ගැනත් ඒ හැටි විශ්වාසයක් තිබුනේ නෑ.

පින්තුරය ගත්තේ :http://thestar.com.my
ගුවන්සේවිකාවන් ලබා දුන් අහාර/පාන වලින් කුසගින්න නිවා ගත් මා එය අස් කරන්නට ඔවුන්ට සහයෝගය දක්වා නිදන්න සූදානම් වුනා. ගුවන් යාන වල ලබා දෙන අහාර පාන කෙතරම් රස වුවත් ඒවා නීරස බවට මගීන් චෝදනා කරන බව මා පුවත් පතක දැක තිබෙනවා. එසේ වීමට හේතුව ගුවනේදී රස දැනීමේ ඌනතාවක් බව පසුව සොයාගෙන තිබෙනවා. මෙයට පිළියම වශයෙන් ගුවන් මගීන්ට ලබා දෙන අහාර පාන වලට වැඩිපුර රසකාරක එක් කරන බවද එම ලිපියේම සඳහන්ව තිබුනා.  ඉතා ගැඹුරු නින්දකින් පසුව මා අවධි වුයේ රාත්‍රී දොළහට ආසන්නව. මෙම ගමන රාත්‍රී 10.00ට ආරම්භව 12.30 වැනි වෙලාවක අවසන් වන ඉතා කෙටි ගමනක්. මේ සඳහා විවිධ ගුවන් සේවා වල ටිකට් මිල සසඳන විට ඒ සඳහා තිබූ විකල්ප හාස්‍ය උපදවන ඒවා. මෙය සෘජු ගුවන් ගමනක් නිසා පැය 2.30 කින් නිමවන කෙටි එකක් වුවද වෙනත් ගුවන් සේවාවන් අතරමැදි(Transit) අවස්ථා දෙකක් තුනක් සමගින් පැය 14දක්වා ගුවන් ගමන් කාලසටහන් වලට එක් කර තිබෙනවා.

එවැනි එක් අවස්ථාවක් පමණ විස්තර කරන්නම් මතයකේ හැටියට මුලින්ම චෙනායි වලට බැහැල පය දෙකක් ඉන්න ඕනේ, ඊට පස්සේ නවදිල්ලියට එතනත් පැය දෙකක් විතර, එතනින් අහමදාබාද් වලට එතනත් ඒ වගේම වෙලාවක් ඉන් පස්සේ මුම්බායි වලට. උදේ හයට කටුනායකින් ගිහින් ඉවර කරන්න වෙන්නේ රාත්‍රී හතට. ඒ ගමන ඉතා වෙහෙසකාරීයි. හැබැයි ෆ්ලයිට් හතරකම යන්න ලැබෙනවා. එකකින් එකකට බැගේජ් අරගෙන යන එක තමයි එපාම කරපු රාජකාරිය. 

මුම්බායි ගුවන් තොටට ගොඩ වෙත්දී මට විසඳ ගන්න ගැටළු දෙකක් තිබුණා. එකක් තමයි අර කියපු විදියට ළඟටම ඇවිත් විස්කි ඉල්ලන්න මිනිස්සු ඉඳියිද කියන එක, අනිත් කාරණය ලාබදායි කැබ් රථයක් ලබා ගැනීම්. මේ වෙනකොට හොඳ නින්දක් ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් තිබුනා. හොඳ වෙලාවට ශරීරකෘත්‍ය කරන්න අවශ්‍ය නොවුනේ. එහෙම වුනා නම් බෑග් ටික බලා ගන්න දෙන්නේ කාටද? මමත් මගේ බෑග් ටික අරගෙන පිට වීමේ පෝලිමකට එකතු වුණා. වටපිට බලත්දී දැක්ක බෝඩ් එකකින් මගේ හිත කීරි ගැහිලා ගියා. එහි සඳහන්ව තිබුනේ එක් මගියකුට එක් වර රැගෙන් ආ හැක්කේ ඇල්කොහොල් ලීටර් දෙකක් පමණක් බව. මම මොකද කරන්නේ. අපේ ගුවන්තොටුපලේදී මාත් එක්ක වචනයක් දෙකක් කතා කල පුද්ගලයෙක් මා සමගම පෝලිමේ සිටිනවා දැක ඔහුත් සමග කතා කරන්නට උත්සාහ ගත්තේ ඉන් එක් බෝතලයක් ඔහ්ගේ අතට දෙන්න හිතාගෙන. එහෙත් මා කරන්නට යන දේ ඉවෙන් මෙන් දැනගත් ඔහු ඊළඟ පෝලිමට එකතු වුණා. මා සිටියේ පෝලිමේ අවසාන හරියේ. මමත් වෙනත් පෝලිමකට යනවා වගේ අවධානය නැති අඳුරු තැනක තිබෙන පුටුවක වාඩි වුණා. එතන සිටි අනිත් අය ගොරව ගොරව නිදි. මම කලේ ක්ෂණිකව මගේ අතේ ගෙනයන බෑග් එකේ සිප් එක අරවයින් එක් පෙට්ටියක් එබීම. ඉන් පසු බෑග් එක වසා නැවතත් පෝලිමට එකතු වුණා. වැඩි දෙනෙක් හිටියේ නෑ. 

මගේ වාරය ආ විට එතන ඉන්න ගාඩ් වරයෙකු මා ඇමතුවා

"සර් යූ හෑව් ත්‍රී ලිකර් බෝටල්ස්, යූ කැන් බ්‍රින්ග් ඔන්ලි ටූ"

මගේ කන් රත් වී ගියා. මෙය රාත්‍රිය නිසා වැඩි ජනතාවක් ඒ අසල නෑ. මේ සියල්ල රාජසන්තක කලොත් ඩොලර් 86ක් ඒ කියන්නේ රුපියල් නවදාස් හයසීයක්. මා බෑග් දෙකත් අරන් ඔහු අසලටම ගොස්

"සෝ වට් කැන් අයි ඩු?" යනුවෙන් ඔහුගෙන් විමසා සිටිය. ඔහු කුඩා කියුබිකල් එකක සිටින නිලධාරියකු වෙත මා යොමු කරන ගමන් ඔහුට සංඥාවක් දුන්නා. මම හිතා ගත්තා දැන් නම් ස්වීප් එක ඇදෙයි කියලා. ඔහු ඉතා කාරුණිකව මා ඇමතුවා.

"සර් ෆොර් එක්ස්ට්‍රා ලිකර් බෝටල් ෆයින් ඉස ෆොර්ටි ඩොලර්ස්. යූ පේ දැට් මෑන් තර්ටි ඩොලර්ස්" යයි පවසමින් පොර්ටර් වරයෙක් පෙන්නුවා. එතකොටයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. මම දෙපාරක් හිතන්නේ නැතුවම ඔහු ලඟට ගියා. ඔහු මා කැඳවාගෙන කාමරයක් තුලට ගියා. එය ගබඩා කාමරයක් වගේ එකක්. අප දෙදෙනා හැර කිසිවෙක් එහි සිටියේ නෑ. මා ඩොලර් තිහක් ගෙන ඔහුගේ අතේ තැබුවා. කිසි කරදරයක් නැතුව මා එතනින් පිට වුනා. අර ලැබුන ලාබය දැන් අඩු වේගෙන යන්නේ. ඒ කියන්නේ මුළු වියදම ඩොලර් 106ක්.  රුපියල් වලින් බැලුවොත් දොළොස් දාහක් වගේ. ඉන්දියන් රුපියල් වලින් හාරදාහක් විතර. අනේ මට මේ ගිය ගාන තිබ්බොත් ඇති. පිට වන තැන විස්කි ගන්න තබා ආරක්ශාවටවත් කිසිවෙක් නෑ. අපි චිත්‍රපට වල දකින මුම්බායි මෙය නොවන බව මට එකවිටම පැහැදිලි වුනා. 

එම පිටවන දොරටු අසල තිබුනේ මුදල් මාරු කරන කවුන්ටර් සහ කැබ් රථ කුලියට දෙන ආයතන වල කවුන්ටර්. ඔවුනුත් එහිම හිස තබාගෙන නිදිසුව විඳින්න උත්සාහ ගනිමින් උන්නේ. මා මුලින්ම කලේ ඩොලර් 180ක් ඉන්දීය රුපියල් වලට හරවා ගැනීම. ඉන් පස්සේ මා යායුතු පෙදෙස පෙන්වා කැබ් රථයක් වෙන් කරව ගත්තා. ඒ සඳහා රුපියල් 900ක් අය කළා. තවත් පැය භාගයකින් පමණ අවශ්‍ය පෙදෙසට ලඟා වුනත්, මා වෙන් කරවා ගත් හෝටලය පිලිබඳ අවුබෝධයක් එම රියදුරාට තිබුනේ නෑ. මේ වෙනකොට මම හිටියේ පොඩි තැති ගැනීමක. අඳුරු මං මාවත් වල ඉඳහිට දකින්නට හිටියේ නාටාමි වර්ගයේ මිනිසුන් කිහිප දෙනෙක් පමණයි. මගේ සියලු සන්තකයේ තබාගෙන මෙවැනි මාවතක රාත්‍රිය පහන් කරන්න වේද?  ඔහු කිහිප දෙනෙක්ගෙන්ම අසාගෙන එය හොයා ගත්තා. මා ඔහු අත රුපියල් 60ක් තබා මගේ බෑග් කිහිපයත් රැගෙන පිට වුවේ ඔහුට ස්තුති කිරීමෙන් අනතුරුව. මගේ වාසනාවට එහි සේවකයන් දෙදෙනක් සිටියා. ඔවුන් මගේ කාමර අංක 412 හී යතුරත් රැගෙන මා එම කාමර වෙත රැගෙන ගියා. කාමර වසා ගත් මා ඇඳුම් මාරු කර නින්දට සැරසුණා. හොඳ වෙලාවට වායු සමනය කල කාමරයක් වෙන් කලේ. ඒත් ඩබල් රූම් එකක මං තනියෙන්. මට මගේ මිතුර මතක් වුනත්. උදයේ ඔහුට අමතන බලාපොරොත්තුවෙන් දෑස් පියා ගත්තා.
මේක තමයි මම හිටිය හෝටලය. පින්තුරය ගත්තේ : hotelpushpak.com
ප:ලි: මාරයාගේ පොරොන්දුව ඉටු කිරීමකි. මාරයාට මේවා දිරවනාවද දන්නෑ? අනේ ටිකට් ගන්න ගිහින් වෙච්ච් දේ ඊළඟ පොස්ට් එකට ගෙනියන්න වෙනවා. කතාවේ රසය රඳවා ගන්න දිගට ලිව්වා. 

41 comments :

  1. Replies
    1. මගේ බ්ලොග් එකේ ඒ වගේ තරගයක් නෑ. ලේසියෙන්ම එක වෙන්න පුළුවන්. ඔන්න විසිපස් වතාවක් විතර එක වුනොත් ත්‍යාගයක් සඳහා සලකල බලන්න පුළුවන්. D

      Delete
  2. මට දිරෝනවද කියලා ඇහුවා..? වෙඩිමක් කියෝනවා...මට දිරෝලා පත්තියං උනා... මේකේ පලවෙනි කෑල්ල...ඒ කිව්වේ අර කලින් ලිපියනං ඒ හැටි වැඩක් උනේ නැහැ..මොකද ඒක ලංකාව ඇතුලේනේ... ඒත් දැන් යන්නේ ඉන්දියාවටනේ... මම ඉන්දියානු සංචාර ගැන කියවන්න හෙනට කැමතියි... විහේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා.. ආහාර සහ නවාතැන් ගැන... මොකද හිතේ තියෙනවා දවසක කීයක් හරි එක්කාසු කොරං ඉන්දියාවේ ඇවිදින්න යන්න එක එක වන්දනා නඩ කාරයින්ට නොගෙව.. ඒකට මේ වගේ විස්තර අම්බානකට ප්‍රයෝජනවත්... අර බෝතල් දෙක ගැන කතාවත් බොහෝම කැමැත්තෙන් කියවගෙන ආවේ මොකද වෙන්නේ කියලා බලන්න... කීයක් හරි හොයා ගන්න පුළුවන්නං ඒ ක්‍රම දැනගෙන යන එක වටිනවා නෙව.. කොහොමත් මං සංචාර වලට යද්දී කිලෝ හතරක්වත් මගේ ගමන් බඩුවලට යන්නේ නැහැ... එහෙවු එකේ කීයක් හරි හොයා සපයාගෙන ගමන් කරන්න පුළුවන්නං වියදං වෙන ගාන ෂේප් කරගන්නවත්..ඒකත් වටිනවනේ... ඒකයි මේ ලිපියට මං හුගක්ම කැමති...

    හොඳ එකා වගේ මතක තියෙන හැම ලබ්බම ලියහං එහෙදි සිද්ද වෙච්ච... විශේෂයෙන්ම නවාතැන්වල මිල ගණන්.. කෑම බීමවල මිල ගණණ් සහ හදිසියකට බොගක් චාර්ජ් උනාම ගත හැකි පියවර වගේ දේවල් හිටං.. මොකද අහලා තියෙන විදියට ඉන්දියානුවා සැටලයිට් ඇරියත් රෙන්න පාරට බහින උන් ඉන්න රටක්නේ... අපිට ඉතිං පුක කහගන්න නියපොත්ත නැතත් රෙන්න වැසිකිලියක් නැත්තං ටිකක් අමාරුයි නෙව... ඔය කැලෑ පෑත්තකට ගියාමනං හාවෙක් අල්ලන අවස්ථා නැත්තේ නැහැ තමා.. ඒත් මේ ඉන්දියාවේ ලංකාවේ වගේ ඇලපාරවක් තියෙන කැලෑ හැම තැනම තියෙයිද කවුද දන්නේ..?

    ලියහං ලියහං... මං කියෝගෙන තමා මේ යන්නේ...

    ReplyDelete
    Replies
    1. බොහොම හොද ලිපියක් මචං මමත් මේ වෙනකොට හත් පාරක් විතර ඉන්දියාවේ එක එක පැතිවලට ගිහින් තියනවා. මාරයා කියනවා වගේ ඔය බොක දාන කතාව හැම ප්‍රාන්තෙකම පාරේ වෙන්නේ නෑ. තමලිනාඩුව. ගුජරාටය වැනි සිමිත ප්‍රාන්ත කිපයක විතරයි එහෙම වෙන්නේ.දිල්ලි හරියානා වැනි ප්‍රාන්ත වල ඉතාම පිරිසුදුවට වැසිකිලි පහසුකම් තියනවා.අන්ද්‍රා ප්‍රදේශ් චාරිකා කීපයක්ම මා ලියා තියනවා. ඉතින් ඉතිරි විස්තරත් කියවන්න ඉක්මනටම දාන්න.
      මම සමකය වටේ ලියන නලින්

      Delete
    2. මාරය්යෙ යමන් දවසක. මමත් යන්න ඉන්නෙ ආයෙත් පාරක්. මේ සුදික කියනවට වඩා ලාබෙට කොම්පටබල් විදියට යන්න පුලුවන්. මම ලංකාවෙ සල්ලිවලින් 160,000කට විතර 3 දෙනෙක් එක්ක සාංචි ඇර අනිත් හැම තැනම ගිහිල්ලා තියනවා.

      Delete
    3. සොරි මාඅත් එක්ක 3ක්

      Delete
    4. @මාරයා : ඔෆිස් එකේ ගෑනුන්ට සාරි ගෙනල්ල වෙච්ච් දේත් ඉදිරියේදී බලාගන්න පුළුවන්. ඔය මාරේ අහල තියෙන දේවල් ටික ඊළඟට ලියන්න තියෙන කොටසට අයිති. මොකද කියන්නේ හෙට උදේම දාන්නද?

      Delete
    5. මමත් හිතුවේ ඉන්දියාවේ ප්‍රමාණයේ හැටියට බෝම්බයෙන් මුළු ඉන්දියාව ගැනම හිතා ගන්න අමාරු බව. ඒත් එහෙ කියලත් නෑ, එහෙදිත් මම දැක්ක දෙතුන් තැනක.

      Delete
    6. @අකලංක : ලාබෙයි - සැප පහසුවයි එකට යනවද ?

      Delete
    7. http://www.indianrail.gov.in/
      මේකෙං කෝච්චි ටිකට් ගන්නවා........

      http://www.agoda.com/asia/india.html?type=1&site_id=1410012&url=http://www.agoda.com/asia/india.html&tag=e2d7d234-f043-4c95-808d-a3ff96472f08&gclid=CI_ovtCG-7MCFUwb6wod4m4Axg&cklg=1
      මේකෙං හෝටල් බුක් කරනවා. ලාබෙට තියනවා.මේ සයිට් එකේ තමා මට මේ වෙනතුරු ලාබෙටම රේට් ලැබුනෙ. බැරිවෙලාවත් වෙන තැනක ඊට ලාබෙට තිබුනොත් එයාල ආපහු ගෙවනවා වෙනස. මම එහෙම අටගෙන තියෙනවා.

      http://www.asiarooms.com/en/india/index.html#TotalHotels=287&country=India&area=&keywordId=0&AttractionKeywordId=0&regionId=35&SearchLocation=India&Nights=1&adults=2&children=0&countryId=35&PageNumber=1&Pages=20&CurrentPage=1&sort=TotalPrice&sortDesc=true&order=asc&IsNameSearch=false&IsAccessedByCrawler=false&HotelsPerPage=15&MinLatitude=0&MaxLatitude=0&MinLongitude=0&MaxLongitude=0&minPrice=0&maxPrice=0&filterMinPrice=0&filterMaxPrice=721&maxRadius=0&starRatings=&Facilities=&IsWrongCountry=false&AccomodationType=&distanceUnit=miles&Appeals=&GuestRatings=&CurrencyCode=USD&IsTextSearch=false&SearchText=India&arrivalDate=02/12/2012&departureDate=03/12/2012&IsForcedRegionSearch=false&ResultsPerPage=15&IsExplicitSearch=false
      මේ සයිට් එකත් නරක නැහැ

      http://www.hostelworld.com/hostels/India
      නමුත් ප්‍රසිද්ද මේක

      Delete
    8. http://srilog.com/scotia-prince-ferry-suspended_2460.html
      ෆෙරි එකක් තිබුන මුං ඒක නවත්තල.

      දැං hot seats නැහැ දැං තියෙන්නෙ HELLO Destination of the Month

      චෙන්නායි වලින් පටන්ගත්ත නං ට්‍රිප් එක වාසියි. ගුවන් ගමනට 20,000 ට අඩු ගනනක් ශ්‍රි ලන්කන් ගියොත්. ඊට පස්සෙ නගරෙන් නගරෙට කාමර බූක් කර ගන්ට තියෙන්නෙ කෝච්චි බුකින් එකේ හැටියට. මගෙ දෝණි යාලුවොත් එක්ක වරක් ගියා. කෑම ලාභයි කිව්වා. එක ගැහැණු ළමයෙක් ලෙඩවුනු නිසා මැලේසියානු තානාපති සේවය මගින් ඇය සිය රට බලා යවනු ලැබුවා. අනෙකුත් අය විනෝද වෙලා මුලු ඉන්දියාවම වගේ බලල ආවා. ත්‍රී වීලර් වල නගර ඇතුලෙදි ගමන්කලාලු. ලොකු කන්ඩායමක් හිටි නිසා බයක් නැතිව ගියා කිව්වා.

      Delete
    9. @මාරයා - ඒකට අපි , පාරේ රෙන්නෙත් නෑ සැටලයිටුත් යවනවා

      Delete
    10. කලින් දැන ගත්තා නම් එතනින් බූක් කරන්න තිබුණා. මම ගත්ත තැන උන් මට පොඩි ට්‍රික් එකක් දැම්ම. මම එක රෙපොර්ට් කරන්න හිටියත් කුමක් හෝ හේතුවක් නිසා මග හැරුණා. මම දින දෙකක් කලින් පිටත් වුනා ඒත් උන් මට මුළු දින ගණනටම අය කළා.

      Delete
    11. මගේ ඊළඟ ලිපියෙන් ඉන්දීය ප්‍රවාහනය ගැන ලියන්න නියමිතයි.

      Delete
    12. @කවිකාරී අක්කා : මට මේ වගේ තව හිත ගිය ගමනක් තමයි බංගලිදේශයේ චිතගොං වලට ගිහිං (මගේ අක්කගේ දියණිය බලන්න) එතනින් ඉන්දියාවේ ඈසෑම් වලට බස් එකෙන් යන්න. නමුත් ඈසෑම් වල මෑතකාලීන තත්වය එතරම් හොඳ නෑ.

      Delete
    13. http://www.newdelhi.mission.gov.lk/index.php/pilgrims-rest-in-delhi
      මෙහෙම තැනකුත් තියෙනවා අමතක කරන්ට එපා

      Delete
    14. චිතගොං ආවෙ ලඟදිද?

      Delete
    15. ඒක සැලසුමක් විතරයි.

      Delete
  3. එකක් බිලා යන්න බැරි ද ?

    ReplyDelete
    Replies
    1. මටත් කල්පනා උනේ ඒක තමයි. හැබැයි බීල නැගිටගන්න පුලුවං වෙයිද දන්නෑනෙ. :D

      Delete
    2. එහෙම බීල යන්න පුළුවන් නම් මුලින්ම ඒ වැඩේ කරන්නෙත් ඉන්දියන් කාරයෝ.

      Delete
  4. සුදීක ලස්සනට ලියනවා..ඉතිරියත් බලාපොරොත්තුවෙන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  5. නියම ලිපියක් වගෙයි.
    මාරය කියල තියෙනව වගේ හැම විස්තරයක්ම දාන්න. කවදහරි යන්න පුලුවං උනෙත් වැදගත් වෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. හැබැයි බ්ලොග් ලිවිල්ල වගේ බෑ හරිද.

      Delete
  6. හරිම අගෙයි සුදික ....ඉන්දියාවේ යන අයට වැදගත් තොරතු ගොඩක්ම මෙතන තියෙනවා... මේකට පොඩි දෙයක් එකතු කරන්නයි යන්නේ අර බොම්බේ එයාපෝර්ට් එකෙන් එනකොට තියෙන බුලත්විට සුවද එහෙම විදලා ඇතිනේ...

    ReplyDelete
    Replies
    1. නැහැ සංජය. මට දැනුනේ නෑ. මම යන-එන අවස්ථා දෙකේදීම හරිම කලබලයකින් උන්නෙ. සමහරවිට එනිසා වෙන්න පුළුවන්.

      Delete
  7. ඉන්දියාවේ යන අයට වැදගත් විස්තරයක්.(මැච් එක බලන්න යන අයට විතරක් නෙමෙයි ).ජය!!

    ReplyDelete
  8. මං පහු වෙලා ඇවිත් රස කර කර කියෙව්වා... මොකෝ මේවගේ ඒවා දඩිබිඩියේ කියවන්න බෑ ... හි හි....

    ReplyDelete
    Replies
    1. මන් හිතුවේ මහවෙදනා දාපු අන්තිම ලිපිය කට පාඩම් කරනවා ඇති කියල. D.

      Delete
  9. අතනදී ලැබේ පාඩුවක් වුනා නේ. ඇත්තටම ඒ තුන ලන්හාවෙන් ගත්තනම් කියක් වගේ යනවද? මම කවදාවත් ගුවන් යානයේ ඇතුලෙදි ගන්නේ නැහැ. එළියේ ඩිවුටි ෆ්‍රී එකෙන් ගත්තොත් මිසක්. ඒ දෙකෙන් ලාභ කෝකද?.

    මේ කතාව හොඳට නැගලා යන ගතියක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඩියුටි ෆ්‍රී වල තමයි ලාභ.

      Delete
  10. එළ එළ
    මගේ යාලුවෙකුත් ඉන්නවා ඉන්දියාවේ නිතර යන
    ඌ නම් ගිහින් මොනව හරි පොදි බැද්ගෙන එනවා මෙහෙ ඇවිත් විකුණලා ගාන කවර් කර ගන්නවා,
    ඒක තමයි මරු ක්‍රමේ, මාත් දවසක සෙට් වෙන්න බැලුවේ

    ReplyDelete
    Replies
    1. හී..හී. පරිස්සමට.

      Delete
  11. විදේශගත වෙලා නැති වුනත් ඉගන ගන්න හොද තොරතුරු ටිකක්. හැබැයි ඉන්දියානුවන්ට කියක් හරි දුන්න ගමන් ඕනේ තැනකින් රිංගන්න පුලුවන් තියල අහල තියෙනවා

    ReplyDelete
  12. එල..එල..ඉතිරි ටිකත් දාපන්කො බලන්න..

    ReplyDelete
    Replies
    1. දැන් ගිහිං බලපන්.

      Delete
  13. මම හමුදා පාඨමාලාවක් සඳහා ඉන්දියාවට යද්දී සහ එද්දී හමුදා නිලධාරීන්ට දෙන වරප්‍රසාද නිසා සෑහෙන සහනයක් ලැබුනා. ඒත් සමහර බඩු වලටනම් සෑහෙන්න ගෙවන්න වුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. දැන් අපෙත් කස්ටම් එක ටිකක් තදට බලනවා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...