මුලින්ම ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හෙවත් NIBM පරිඝනක පාටමාලාව හදාරද්දී විවිධ වර්ග වල මුද්‍රණ යන්ත්‍ර හෙවත් ප්‍රින්ටර් ගැන ඉතා උනන්දුවෙන් ඉගෙන ගත්තා මට අද වගේ මතකයි. ඒ කාලයේ වර්ග ගණනාවක මුද්‍රණ යන්ත්‍ර ගැන ඉගෙන ගන්න ලැබුණා. ඩේසි වීල් ප්‍රින්ටර්, ලයින් ප්‍රින්ටර්, ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර්, ප්ලෝටර්ස්, ඉන්ක් ජෙට්, ලේසර් ජෙට්.
එක්දාස් නවසිය අනූ ගණන් ගත්තොත් පරිඝනකකරණයේ ස්වර්ණමය යුගය විදියට සලකන්න පුළුවන්. මේ කාලයේදී තමයි බොහෝ කාර්යාල වල අත් හුරු ක්‍රමයට සිදු වෙච්ච බොහෝ කටයුතු පරිඝනක ගත කෙරුනේ. මේ කාලයේදී ඉහලම භාවිතයක් තිබ්බ ප්‍රින්ටර් හෙවත් මුද්‍රණ යන්ත්‍රය වුනේ ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර්.
මෙය ඉතා අනර්ඝ පින්තුරයක්. මෙමගින් පැහැදිලිව දැක ගන්න පුළුවන් විවිධ ප්‍රමාන වල පින් ඇති ප්‍රින්ටර් වලින් මුද්‍රණය සිදු වන ආකාරය. පින්තුරය ගත්තේ : encyclopedia2.thefreedictionary.com |
අර කොලේ දෙපැත්තේ හිල් තියෙන ප්‍රින්ට් අවුට් කොලයක් අතේ දරාගෙන යනවා කියන්නෙත් නිකං මහා ලොකු පොරක් වගේ පේන යුගයකුත් තිබ්බා. එහෙම යන කෙනෙක් ගැන අනෙක් අය හිතන්නේ. "මිනිහා සිරා කොම්පියුටර් පොරක් කියල නැත්නම් ලොකු ඔෆිස් එකක ඉහල තානාන්තරය දරන කෙනෙක්" කියල.
Epson Fx-1170 කියන්නේ ජනප්‍රියම ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටරයක්. ඒ වගේම කල් පැවැත්මෙන් ඉහල එකක්. බැංකු වලට මේ වගේ මුද්‍රණ යන්ත්‍ර කල මෙහෙය අමතක කරන්න බෑ. තවමත් උකස් කටයුතු වලදී මේවා සුලභව භාවිතා වෙනවා. ඒත් ඒ කටයුත්ත ලේසර් එකට කරන්නත් පුළුවන්. පින්තුරය ගත්තේ : riodejaneiro.inetgiant.com.br |
අනු ගණන් වල ඔනෑම ඔෆිස් එකක ඕනෑම කාර්යයක් සඳහා පාවිච්චි කලේ මේ කියන ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර්. මා මුලින්ම පරිඝනකය ආශ්‍රිත රැකියාවක් කරද්දී තිබු මුද්‍රණ යන්ත්‍රයට බහාලන රිබන් කාට්‍රිජය අවසන් වූ පසු එහි ඇති රිබන් පටිය අතින් අනිත් පැත්තට දමා භාවිතා කිරීම මාගේ රැකියා ජීවිතයේ මා කල ලොකුම වික්‍රමයක් ලෙස අදටත් මට සිහිපත් වේ. බැංකුවට ආ පසුවත් මේ වර්ගයේ ප්‍රින්ටර් එක්ක හැප්පිලා හොඳ දැනුමක් ලබා ගන්න මට පුළුවන් වුනා. අනුව දශකයේ මද භාගයේ වගේ ආපු බබල් ජෙට් ලේසර් ජෙට් නිසා අපි මේ ප්‍රින්ටර් වලට දක්වපු ඇල්ම අඩු වුණා. ඒවායෙන් ගන්න මුද්‍රණ වල තිබුන පැහැදිලි භාවය ඒකට හේතු වුනා. බොහෝ මිල ගණන් ගෙවලා මේ මුද්‍රණ පිටපත් අර ගන්න ඒ කාලේ කිසි කෙනෙක් මැලි වුනේ නෑ. මමත් පහුකාලීනවා මේ බබල් ජෙට් වර්ගයේ මුද්‍රණය යන්ත්‍රයක් ගත්තා. ඒත් ඒවාට ටෝනර් දාන්න ගියාම තමයි හොම්බ බිම ඇනෙන්නේ. මේ වර්ග වල ප්‍රින්ටර් ජනප්‍රිය වෙන්න බොහෝ හේතු තිබුනා.
- ඩොට් මෙට්‍රික්ස් වල අඩු වේගය
- ඝෝෂාකාරී බව
- ග්‍රැෆික්ස් මුද්‍රිත වල අපැහදිලි බව (ඒත් ඉතා පැහැදිලි මුද්‍රිත දෙන NLQ - Near Letter Quality මුද්‍රණ යන්ත්‍ර තිබුනා)
ඉන් ප්‍රධාන තැනක් ගත්තා. අද ඉතා වේගයෙන් ලේසර් කරණය වේගෙන යනවා. මේ යන විදියට මේ දශකය අවසානයේදී මේ ප්‍රින්ටර් දකින්න වෙන්නේ කටු ගෙයි තමයි කියා ඔබටත් හිතෙන්න ඇති. ඒත් බැංකුව මගින් ඔබට ලබා දෙන පාස් පොත තවමත් මුද්‍රණය වන්නේ මේ ගණයට අයිති ප්‍රින්ටර්යකින් බව ඔබට මොහොතකට වත් සිතුනාද ? හොඳයි පාස් පොත වෙනුවට ආදේශකයක් වශයෙන් මාසික ප්‍රකාශනයක් නිකුත් කාරණා තත්වයක් උදා වුනොත් මේ ප්‍රින්ටර් වලටත් ආයුබෝවන් කියන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. එක අතකට අන්තර්ජාල බැංකු පහසුකම් වගේ ඒවා තිබෙන මෙවැනි යුගයක, පාස් පොත් පස්සේ යන්නේ කවුද? මම මතක ඇති කාලයක පාස් පොතක් යාවත්කාලීන කරගෙන නැත්තෙමි.
ඒත් බොහෝ සුපිරි වෙළඳසැල් මගින් ලබා දෙන බිල මුද්‍රණය වන්නේ ඩොට් මෙට්‍රික්ස් ආකාරයේ ජර්නල් මුද්‍රණ යන්ත්‍රයකිනි. එහෙත් දැන් ඒවාටද තර්මල් වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර ආදේශ කරමින් යයි. වර්තමානයේ ඉතාම ජනප්‍රිය මුද්‍රණ යන්ත්‍රයක් වනුයේ, පිටපත්, මුද්‍රණ, සහ ෆැක්ස් යන සේවා තුනම එක් කල මුද්‍රණ යන්ත්‍රයන්ය. මේ යන විදියට නම් ඩොට් මෙට්‍රික්ස් වල මළගමට සහභාගී වන්නට සිදු වේ යන්න දැන් බොහෝ දෙනාගේ හිත් වලට ආ කාරණය වනු නොඅනුමානය.
අපි කොයි තරම හිතාගෙන හිටියත් මේ ගෙවෙන්නේ මේ වර්ග වල ප්‍රින්ටර් වල අවසාන දශකය කියලා, පහල පින්තුරයේ පේන ජාතිය මුද්‍රණය කරන්න අවශ්‍ය නම් ඩොට් මෙට්‍රික්ස් වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයක් අතවශ්‍ය වෙනවා. හැබැයි මේවා සඳහාත් දැන් විකල්ප තියෙනවා. ඒ topan-moor වගේ ආයතන වල තියෙන අධි වේගී මුද්‍රණ යන්ත්‍ර. ඔබගේ ටෙලිකොම් මාසික මුද්‍රිතය ලැබෙන්නේ මේ මුද්‍රණ යන්ත්‍ර ආධාරයෙන්. ඒවා විනාඩියට පන්සීයකට වඩා වැඩි වේගයකින් මුදනය වනවා. ඒ වගේම දෙපැත්ත මුද්‍රණය කරන්නත් මෙවැනි මුද්‍රණ යන්ත්‍ර දෙකක් synchronise කර භාවතා කරනවා. මේවා මුද්‍රණය වන වේගය නිසා කිසිවකුට එහි තිබෙන අන්තර්ගතය කියන්වන්න බෑ. ඒ කියන්නේ රහස්‍ය භාවය ආරක්ෂා වනවා. ඒ වගේම ඒවා නැවී, ඉරන්න අවශ්‍ය තැන අර්ධ ලෙස කැපී, ඇලවී පිටතට එනවා. ඒත් මෙවැනි විකල්පයන් සඳහා යන්න බැංකු තවමත් දක්වන්නේ ඇල් මැරුණු උනන්දුව. තවත් විකල්පයක් තමයි පින් අංකය පාරිභෝගිකයාගේ ජංගම දුරකතනයට එස්.එම්. එස්. වීම. එහෙත් මේවා ගැන බැංකු මෙන්ම ගණුදෙනු කාරුවන් දක්වන විශ්වාසය අඩුයි. එනිසා තවම ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර් වලට වෙළඳපොළක් තිබෙනවා.
මේවා ගහන්න නම් ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර් තියෙන්නම ඕනේ. හැබැයි රිබන් නම් අවශ්‍ය නෑ. පින්තුරය ගත්තේ : luckyforms.com |
____________________________ගැටලුව ___________________________
පින්තුරය ගත්තේ : andrimn.blogspot.com |
පුළුවන් නම් මේ ගැටලුව විසඳන්න බලන්න : දවසක් මම රිබන් එක දාත්දී මගේ අතින් වැඩියෙන් තද වෙලා රිබන් එක ගියා හෙඩ් එකෙන් පහලටම. එහෙම පහලට ගියාම ආපහු ගන්න බෑ. බොහෝ දෙනෙක් කතුරක් අරන් කපමු කියා යෝජනා කලත් මා බොහෝ වෙලාවක් උත්සාහ කොට ආපසු රිබන් එක එලියට ගත්තා එකම ඇණයක් හෝ ගලවන්නේ නැතිව. දැන් කියන්න පුලුවන්ද කොහොමද ගත්තේ කියලා ?
// අර කොලේ දෙපැත්තේ හිල් තියෙන ප්‍රින්ට් අවුට් කොලයක් අතේ දරාගෙන යනවා කියන්නෙත් නිකං මහා ලොකු පොරක් වගේ පේන යුගයකුත් තිබ්බා. එහෙම යන කෙනෙක් ගැන අනෙක් අය හිතන්නේ. "මිනිහා සිරා කොම්පියුටර් පොරක් කියල නැත්නම් ලොකු ඔෆිස් එකක ඉහල තානාන්තරය දරන කෙනෙක්" කියල. //
ReplyDeleteඇත්තටම මෙහෙම කාලයක් තිබුනා තමා..
ගැටළුවට පිළිතුරු දෙන්නනම් ආයෙ ඩොට් මෙට්‍රික් ප්‍රින්ටරයක් බලන්නම වෙනවා.. දැකපු කාලයක් මතක නෑ...
අර පාස් පොත පිළිබඳ ගැටලුවනම් මටත් තියනවා.. සම්පත් බැංකුව වගේ නූතන තාක්ශණයත් එක්කම යනවයි කියන බැංකු පවා මේ පොත අප්ඩේට් කරන එක ගැන හරි ලොකුවට හිතනවා. ඒ ඇයි ?
ඒක ගනුදෙනුකරුවත් එක්ක තියෙන ගිවිසුමේ කොටසක් වෙන්න ඕනේ. මේ කොටස් සංශෝධනය කරන්න කාලේ ඇවිත්.
Deleteමේ මාතෘකාව සම්බන්දව නම් කිසිදු දෑනුමක් මා සතුව නැත්තේය.. :(
ReplyDeleteඒ කියන්නේ අඩුම ගානේ බැංකු පොතක් අප්ඩේට් කරගෙන නැද්ද ?
Deleteයාලුවා.. මෙතැනදි එකවර කොපි කීපයක් ගන්න අවශ්ය නිසායි බැංකු තවමත් පරණ වුනත් ඒ තාක්ෂණය එක්ක ඉන්නෙ.. මොකද අපිට සිද්ද වෙනවා ගනුදෙනුකරුට එකපිටපතකුත් විගනන කටයුතු වලට තව පිටපතකුත් ආයතන සදහා කරනලද ගෙවීමක්නම් එකවර පිටපත් කීපයකුත් ලබාගන්න. ඒ හැම පිටපතක්ම සර්වසම නොවුනොත් නීතිප්‍රශ්න අැති වෙන්න පුලුවන්..වංචා වුනත් සිදු වෙන්න මාර්ගයක් වේවි ඒක. ඒ වගෙම එකවර වදින්නෙ නැති print දෙකකින් අපිට තහවුරු කරන්න අමාරුයි නියම විදියට ගනුදෙනුව සිදුවුනාද කියලා වුනත්.. ඒ වගෙම අපි හිතුවට ලංකාවෙ it ගැන බොහොම සතුටින් - ලංකාවෙ මිනිස්සු තවමත් atm පාවිච්චියට දක්වන්නෙ මැලි කමක්.. අවුරුදු 20 - 30 කාණ්ඩයෙත් මම දැකලා තියෙනවා මෙය..
ReplyDeleteමමත් බැංකුවක වැඩ කරන්නේ, ඒත් ඔයා කියන පිටපත් ගැනිල්ලක් වෙන්නේ නෑ පාස් පොත් මුද්‍රණයේ නම්. නමුත් චෙක් තැන්පතු සඳහා නම් ගනුදෙනුකාරයාට පිටපතක් ලබා දෙනවා.
Deleteජෝක් එකක් නෙමෙයි නම්, රිබන් දෙපැත්තට සීරු මාරු කරමින් රිබන් එක ගන්න එක ප්‍රායෝගිකව නම් මට සුලු දෙයක් මොකද මම තාම ඔය ප්‍රින්ටර් එක්ක වැඩ.
ReplyDeleteහැබැයි කාබනයිස් පෙපර් තියනතුරු ඩොට් මෙට්‍රික් නැතිවෙන්නෙ නෑ කියලා ශුවර්
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ඔව් ඇත්ත.
Deleteටෙලිකොම් බිල් ගැහුවට එහෙම ටෙලිසොප් වල තාම තියෙන්නෙ පරණ ක්‍රෑං ක්රෑං ගාන පින්ටර් ජාතිය..අර දෙැපත්තම හිල් තියෙන කොල දාන්න හැකි ඒවයි නේ..
ReplyDeleteඔය සද්දේ ඇහුනේ නැති වුනොත් එයාලට වැඩ කරගෙන යන්න බැරුව ඇති.
Deleteඅම්මෝ අපි කොම්පුටර් ඉගන ගන්න දවස් වල නම් , ප්‍රින්ටර් එකක් කියන්නෙ මහ ලොකු දෙයක් තමයි.
ReplyDeleteප්‍රශ්නයට උතර දෙන්න නම් මම ඔය ජාතියේ රිබන් දාල නම් නෑ කවදාවත්.
ඔය කිව්වට තව කාලයක් ඕක ඔහොමම තියෙයි, තාම ටයිප් රයිටර් එකත් භාවිතයේ තියනවානේ
HSBC නම් මම දන්නා විදියට ලේසර් භාවිතා කරන්නේ.
Deleteටයිප් රයිටරෙත් මං හිතන්නේ වද වෙලා ගියත් කවදාවත් අභාවයට යන එකක් නෙවෙයි.. අපේ ඔෆිස් එකේ පරණ තාලේ ටයිප් රයිටරේකුයි, අලුත් ටයිප් රයිටරේකුයි තිබ්බා... අලුත් එක කරන්ට් එකෙන් වැඩ කරන්නේ.. ටයිප් කරලා අකුරු හරිද බලලා ප්‍රින්ට් වෙන එකක්.. ඒත් කරන්ට් ගිය වෙලාවට පිහිටට එන්නේ අර පරණ ටයිප් රයිටරේ තමයි.. මටත් ඒකෙන් හොඳට ටයිප් කරන්න පුළුවන් ඉස්සර... හි හි
Deleteමේකයි ඔය යන්ත්‍ර වලින් මුද්‍රණය කරාම සමාජයේ යම් පිළිගැනීමක් තියෙනවා. සමහර දේවල් වලට ලේසර් වලට වඩා ටයිප් රයිටර් කරපුවට තැන තියෙනව. කැච් මී ඉෆ් යූ කැන් ෆිල්ම් එකේ පරණ රයිටරයකින් කරන ටික පේනවනේ.
Deleteආව්.. ආයිත් හොයා ගන්න ඕනේ.. මතක් කරපු එකට තෑන්ක්ස්.. හි හි.. කොෙහාමද පොත....
Deleteඒ පොත පුදුම විදියට මට ජීරණය වෙන එකක්. මොකද මම ගණිතයට සහ ක්‍රිකට් වලට එක් වගේ ඇල්මක් හා හැකියාවක් දක්වපු දක්වන කෙනෙක් වීම නිසා. මම චේතාන් භාගත් ගේ රසිකයෙක් වෙලා ඉවරයි. ත්‍රී ඉඩියට් ඒකත් මොයාගේම රචනයක්. ඉතාම ආසාවෙන් කියවනවා. මගේ ඉන්දීය ගමනේ විස්තර ලියන්න කලින් මේ පොත කියෙව්වා නම කෙතරම් හොඳයිද? මාවත් ඔය "අලි" ව වගේ ගෙදරට ඇවිත් දිගටම ක්‍රිකට් ගස්සවන්න මට ඒ කාලේ කෝච් කරපු ක්ලබ් එකෙක් අයියලා කොච්චර ඇවිටිලි කලාද? අපේ අම්මලා තාත්තලා කරේම අනිත් පැත්ත. මෙන්න චේතන්ගේ බුකියේ ලින්ක් එක
Deletehttps://www.facebook.com/chetanbhagat.fanpage?fref=ts
හිරු මේකත් කියවන්න
Deleteතර්ඩ්මෑන් කළාපයෙන් ක්‍රීඩාංගණයෙන් එලියට ගිය අත් දිග සුදු කමිසය
අප්පා.. ඒක කියෙව්වමනේ තේරුනේ ක්‍රිකට් පිස්සුවේ තරම... හි හි..
Deleteඔය එක පරම්පරාවකට ඔය වගේ සිද්ධි උනා තමයි.. ඒත් දැං නං ටිකක් ක්‍රීඩාවට සහ අමතර දේවල් වලට ළමයි යොමු කරන්න දෙමවුපියෝ කැමතියි නේද....
පොත අල්ලා ගිහින් වෙග්.. සන්තෝසයි අප්පා.. හි හි
මම දවසක් ඔය ප්‍රින්ටර් මතක් කළා.. අපෙ ඔෆිස් එකේ D/O ( Delivery Order) වලට තමයි ඔය ප්‍රින්ටරේ වැඩිපුර ඕනේ.. කාබන් කොපි 5ක් වදින්න ඕනේ නිසා... කරාස් බරාස් ගාලා රෑ එළීවෙනකම් ප්‍රින්ට් වෙනවා.. දවස් වෙලාවට දාන්නේ අඩුවෙන්... නැත්තම් ඔලුව කැක්කුම හැදෙනවා...
ReplyDeleteD/O ගන්න අපේ ඔෆිස් එකට එන කස්ටමර් අයියලගේ ලොකුම වැරදි වැඩේ තමයි ඔය දෙපැත්තේ තියෙන තීරු ටික කඩලා බිම දාන එක... දවසක් අපේ HR Manager ( නැවක කැප්ටන් කෙනෙක්) ඔක්කොම අස්සේන් රිංගලා, ඔය බිම දාලා තිබ්බ ඒවා ටික අහුලලා කුණු එකට දාලා ෂේප් එකේ ගියා.. එදයින් පස්සේ කිසි දවසක ඒ වෙලාවේ එතන හිටපු කිසිම කෙනෙක් ඒ වැඩේ කළේ නෑ...
ලේසර් ප්‍රින්ටර් වගේ නෙවෙයි... කැඩුනත් ඉක්මණට හදා ගන්න පුළුවන් නිසා මමත් ආසයි ඔය ප්‍රින්ටරේට.. සද්දේ තමයි ඉතිං අවුල...
ලොකු ජෝන් කියනවා වගේ කාබනයිස් පේපර්ස් තියෙන කම් ඔය ප්‍රින්ටර් නම් නැති වෙන්නෙ නෑ තමා..
ඔයා කිව්වම මතක් වුනේ, අපේ ඔෆිස් එකට සින්ගප්පුරුවෙන් ඩොකියුමන්ට්ස් වගයක් එවන සමාගමක් ඉන්නවා. ඔය ප්‍රින්ට් අවුට් එකේ ට්‍රැක්ටර් ගයිඩ් ඒකත් අර DHL පැකේජ් එක ඇතුලටම දාල එවනවා.
Deleteඅර කලින් පෝස්ට් කිව්ව ජාතියේ ප්‍රෝග්‍රෑම් වල ගයිඩ් එක, දෙන්න තියෙන කමාන්ඩ් එක්කම ඩොකියුමන්ට් එකට කලින් ප්‍රින්ට් වෙනවා නේද.. අපේ D/O වලදිත් මුලම ටික ප්‍රින්ට් කරන්නේ නිකම් කොලේක. ඊට පස්සේ තමයි D/O කොල ටික සෙට් කරන්නේ.. නැත්තම් ඒ කාලේ රු 15ක් ඉවරයි.. අර ගොල්ලෝ ඒක බලන්නේ නැතුව එවනවා ඇති...
Deleteඒක ප්‍රෝග්‍රෑම් එකේ අවුලක් විය හැකියි.
Deleteමාත් ඉස්සෙල්ලම ගත්තෙ ඩොට් ප්‍රින්ටර් එකක් තමයි. ඒක STAR NX 24 එකක්.
ReplyDeleteඒකෙං කරපු වැඩේ තමයි ඉස්සෙල්ල රෝනියෝ මැෂින් වලට දාපු ස්ටෙන්සිල් කපන එක. ඒක වෙන ප්‍රින්ටර් වලින් කරන්න බෑ.
දැං අඩුවට බබල් ජෙට් තිබුණට ඒවයෙ කාට්‍රිජ් වල ගාණ අහපුවම තමයි තරු පේන්නෙ.
බබල් ජෙට් නම් කියල වැඩක් නෑ.
Deleteඉස්සර ෆ්ලොපි එකක් අතේ අරන් ගියත් හිතන්නේ ඒවගේ තමයි.තාක්ශනේ දියුණු වෙන්නේ සෑහෙන්න වේගෙකින්
ReplyDeleteෆ්ලොපි එකක් ගැනත් මාරු කතාවක් තියෙනවා පස්සේ දාන්නම්.
Deleteමේ ගැනනං කතා කරන්නම ඕන. මොකද අපිත් වැඩ කරන්නෙ ඔය ඩොට් ප්‍රින්ටර්වල තමයි. තාක්ෂණය කොච්චර දියුණු උනත් ඩොට් තාක්ෂණයේ තියන (ආර්ථික)පිරිමැසුම්දායක බව ලේසර් ප්‍රින්ටර් වලින් ගන්න අදටත් අසමත්. සාමාන්‍යයෙන් රුපියල් තුන්සීයේ ඉඳල 3000 විතර වෙනකල් තියන මේ රිබන් නැතිවුනානම් අපේ ඔපීස් පවත්වාගෙන යන්න බෑ. මොකද හෑම දෙයක්ම ලිඛිතව පවත්වාගෙන යන්න නියම කරල තියන රාජ්‍ය සේවයේ ලියුං කියුං බොහොමයක් ඩොට්එකේ තමයි වදින්නෙ.
ReplyDeleteඩොට් ප්‍රින්ටර් වල තියන කොලිටිය ටිකක් අඩුයි තමයි. ඒත් ඉලක්කම් වැඩි වශයෙන් තියන පේෂීට් පේස්ලිප් වගේ දේවල් කිසිම අවුලක් නැතුව ඩොට් ප්‍රින්ටරෙන් වදිනව. ඒ වගේම හදිස්සියට රෝනියෝ කරගන්න ඕනකරන ස්ටෙන්සිල් කට් කරන්නත් මේකෙන් පුළුවන්. සද්දෙ නං ටිකක් වැඩියි තමයි.(මට නං මේ සද්දෙ නින්දෙදිත් ඇහෙනව වගේ:))
ලඟදි අපේ ඔපීසියට ආව අලුත් පරිගණක කිහිපයක්. ඒ ඔක්කෝගෙම ඩොට් ප්‍රින්ටර් වලට හරියන පැරලල් පෝට් නෑ. ඉතින් එප්සන් 2080, 2180, 2090 වගේ ප්‍රින්ටර් එකක්වත් මේවට සම්බන්ධ කරන්න බෑ. පැරලල්-යූඑස්බී කන්වර්ටර් කේබල් එකක් හොයාගන්න බැලුව ඒත් ලැබුනෙ නෑ. දැන් වැඩ අවුල්වෙලා තියෙන්නෙ. අනිත් කාරණාව තමයි අපේ ඔපීස් වල චෙක්පත් ලියන්න-මුදල්පොත පවත්වාගෙන යන්න ඕන කරන "සිගාස්" කියන ප්‍රෝගෑම් එක හදල තියෙන්නෙත් පැරලල් පෝට් එකට සපෝට් කරන විදියට. ඒකට යූඑස්බී ඔට්ටු නෑ. තේරෙනව නේද වැඩේ බරපතලකම.
ඔයාලගේ නෙට්වර්ක් එකක් තියෙනවනම් ඕක නෙට්වර්ක් ප්‍රින්ටර් එකක් විදියට සම්බන්ද කරන්න පුළුවන් නෙට්වර්ක් කේබල් එකකින්. හැබැයි ඕක ඩොස් ප්‍රෝග්‍රෑම් එකක් නම් ඒක සම්බන්ධ කරලා තියෙන පී.සී. එකෙන් තමයි ප්‍රින්ට් කරන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. මේ වගේ දේවල් වලින් තමයි මම නම් ඉගෙන ගන්නේ.
Deleteඅපි DOS ප්‍රොග්‍රමින් තාම කරනවා USB පොර්ට් එකට නෙමෙයි එතනින් ප්‍රින්ට් වෙන්න දෙන්නේ LPT1 පොර්ට් එකට. ඔය පැරලල් පොර්ට් එක නැති එකට අපි කරන්නේ USB පොර්ට් එක මැප් කරනවා. අපේ Clientsලට කියලා දෙන්න ඕන නිසා මම ඒක කරන අයුරු පොස්ට් එකක දාලා තියනවා. මෙන්න ලින්කුව
Deleteලංකාවේ offices තියෙනකම් ඩොට්මෙට්‍රික්ස් ප්‍රින්ටර් නම් අභාවයට යන එකක් නෑ :)
ReplyDeleteසාමාන්‍යෙයන් බැංකු ගණුදෙනුවක් ගැන පාස්පොතේ මුද්‍රණය කරන කොට කලින් මුද්‍රණය වෙලා තියෙන පේලි උඩ වදින්නෙ නැතිව ඊළඟට තියෙන හිස් පේලිකනෙ මුද්‍රණයවෙන්නෙ. ප්‍රින්ටරය කොහොමද ඊළඟට තියෙන හිස් පේලිය හොයාගන්නෙ ?
මේක කරන ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ පද්දතිය එක්-එක ගණුදෙනු කරුවාගේ අවසානෙට මුද්‍රණය කල පේලිය මතකයේ තැන්පත් කර තබාගෙන ඊළඟ වතාවේ ආරම්භ කරද්දී අර තැනින් ආරම්භ කරනවා. නැත්නම් ටෙලර්ගෙන් විමසා සිටිනවා අවසාන වශයෙන් මුද්‍රණය වී ඇති පේලිය.
Deleteමෙන්න රිබන් එක එලියට ගන්න විදිහ ,මුලින්ම රිබන් එක තියෙන කටිරිජ් එක ප්රින්ටරෙන් ගලවනවා ,ඉන් පස්සේ ඒක හෙඩ් එකෙන් එක පැත්තකට අරගන්නවා ,එහෙම අරගෙන රිබන් එකේ වෙන තැනක් ආයෙත් ඇර විදිහටම හෙඩ් එකෙන් පහලට යනකම් යවනවා ,එතකොට රිබන් එක නිකම්ම එලියට ගන්න පුළුවන් ,
ReplyDeleteමං කිව්වා විදිහ පැහැදිලිද මන්දා ,මාත් ඕක කරලා තියෙනවා
විස්තර කරලා තියෙන විදියෙන් තේරෙනවා ඔයා උත්තර දන්න බව. ඒත් මේක කියපු විදියේ පොඩි අවුලක් තියෙනවා.
ReplyDeleteමුලින්ම රිබන් එක ටිකක් අදින්න ඕනේ. ආපහු රිබන් එක අර වගේම ඇතුලට යවන්න ඕනේ කලින් ඉස්සරහට තිබුන පැත්ත පිටිපස්සට යන විදියට. එතකොට එක පැත්තකින් රිබන් එක හෙමිහිට ඇදාලා එලියට ගන්න පුළුවන්. අනිත් එක රිබන් එක ප්රින්ටරෙන් ගලවන්න අවශ්‍ය නෑ. හෙඩ් එක පැත්තකට ගන්න අවශ්‍යත් නෑ. කාට හරි අපැහැදිලි නම් මම ඊළඟ පොස්ට් එකෙන් දාන්නම් හරි විදිය.
රිබන් එක එහාට මෙහාට කරලා එලියට ගත හැකි. ඔය ප්‍රින්ටර් වල තීන්ත නැතිවුනාට කාබන කොලයක් තියලා හරි ප්‍රින්ට් කරගත හැකියි. දැන් ඉතින් ඔය වර්ගේ ප්‍රින්ටරයක් මා ගාව නැහැ. තියෙන්නේ ඉන්ක්ජෙට් එකක්. (කාට්‍රිජ් දාන්න ගියාම පර්ස් එකක් තිබ්බාද කියලා වත් මතක නැහැ) :)
ReplyDeleteඒකත් හොඳ විකල්පයක් තමයි. ඉන්ක්ජෙට් එකක් ගන්නේ මිනිස්සුන්ගේ අපල කාලෙකට කියල මට හිතෙනවා.
Deleteඅප්පේ මෙච්චර විස්තර කියලා දුන්නට තුති.
ReplyDeleteමනසින් දිවියට
රිබන් එක කපන එක අපරාදයක්.පින්ටරය තිබුණට අපි දන්නේ ඔකේ බටන් ටිකෙන් ඉස්සරාහට පස්සට කරන්න නොවැ.
Deleteමම හිතාගෙන ඉන්නවා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න.
Deleteඑක හොඳයි ඔය කරන විදිය කියන්න අමාරුයි. මමත් නොකිය හිටියෙ , අන්ධයො අලියා ව්ස්තර කරපු කතාව මතක් වුන නිසා.
Deleteමටත් මතකයි මේ ප්‍රින්ටර් ගැන මම ඉස්සෙල්ලම ප්‍රින්ට එකක් ඉන්සටෝල් කලේ මේ විදියේ එකක්. මටත් රැකියා ජිවිතේ මේ වගේ අත්දැකීම් තියෙනවා මේ ප්‍රින්ටර් වර්ගත් එක්ක.
ReplyDeleteමේකේ සද්දේ තමා ඉවසන්න බැරි
ReplyDeleteඒ දවස්වල IDPM කියලා පරිගනක ගැන exam එකක් තිබ්බා. මට හොදට මතකයි එක ප්‍රශ්නයක්.
ReplyDeleteWhat factors do you consider when buying a dot mat-matrix printer to your office ? කියලා අහලා තිබුනා. ලිව්වා උත්තරේ නියමෙට. තාමත් මතකයි.