Tuesday, December 4, 2012

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - III කොටස.

තෙවන කොටස වෙනත් විදියකට (ෆේස්බූක් නෝට්ස් වශයෙන්) ලියා තැබූ එකක් නිසා මා මුලින්ම එය කියවා බැලුව. ඇත්තටම එය සජීවී අත්දැකීමට සමගාමීව ලියපු නිසා, එහි සඳහන් දින වකවානු නිවැරදියි. මා පසුගිය ලිපියෙන් ගුවන් යානයෙහි ගමන් වෙලාව රාත්‍රී 10.00 සහ 12.30 වශයෙන් සටහන් කලත් නිවැරදි වෙලාව වන්නේ ශ්‍රී ලංකාවෙන් රාත්‍රී 12.00ත් බොම්බායට රාත්‍රී 2.30ත් වශයෙන්. මෙහි රසවත් බවට ඉන් කිසි හානියක් නොවන නිසා එය මා නිවැරදි කරන්න යන්නේ නෑ. තවත් දෙයක් පළමු කොටසේ පිටත් වූ දිනය මාර්තු 28 වශයෙන් සටහන් කලත් නිවැරදි පිටත් වීමේ දිනය මාර්තු 29 විය යුතුයි. නමුත් එයිනුත් කතාවේ අන්තර්ගතයට හානියක් නෑ. ඒත් මා හැකි හැම විටම නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා.

පළමු කොටසට සබැඳිය.

දෙවන කොටසට සබැඳිය.

Rooms
පින්තුරය ගත්තේ : http://www.hotelpushpak.com
මේ වගේ කාමරයක තමයි මා ඒ දින කිහිපය ගත කලේ. 
මා ගැස්සී ඇහැරුනේ කුමන හේතුවකටදැයි හිතා ගත නොහැකි විය. මා සිටින්නේ කොහිදැයි සිහි එලවා ගන්නට තවත් තප්පර කිහිපයක්ම නිසොල්මනේ සිට උත්සාහ ගතිමි. ඇඳ දෙපසට දෑත් යොමා මගේ දියණිය සෙවූයේ නිරායාසයෙනි. එහෙත් මොහොතකින් මා සිටින්නේ නිවසේ නොවන බවත්, ඊයේ රාත්‍රියේදී බොම්බායට ගොඩබට බවත් මතක් විය. මා නැගිට වායුසමන යන්ත්‍රය මදක් අඩු කර ජනේලයේ තිර මෑත් කර බැලීමී. අවම වශයෙන් උදෑසන අටවත් වී තිබිය යුතු බව වටපිට ආලෝකය දෙස බැලූ කල පසක් වුනත් මගේ ඔරලෝසුව දක්වන වෙලාව උදෑසන හයයි ගණනකි. මේ කාමරයෙන් පිටත් කුඩා මාවතක් ඇත. එය අපි කොළඹ දකින මාවත් තරම් සුන්දර නැත. එම මාවතෙන් ඔබ්බෙහි ඇත්තේ තට්ටු නිවාස සංකීර්ණයකි. එහි මේ වනවිට දකින්නට ලැබෙන්නේ නිවෙස් වල බාල සහ තරුණ ඇය පිටව ගිය පසු ඉතිරි වන වැඩිහිටියන්ය. අවම වශයෙන් එය තට්ටු විස්සක වත් ගොඩනැගිල්ලකි. තැනින් තැන සවි කර ඇති සැටලයිට් ඩිෂ් ඇන්ටෙනාත්, පිළිවෙලක් නැතිව එල්ලෙන වයර් රැහනුත්, තැනෙක දැල් ගසා තිබෙන ආකාරයත් එම ගොඩනැගිල්ල අශෝභන එකක් බවට පත් කර ඇත. මට නිතැතින් සිහියට ආවේ ලකී ප්ලාසා ගොඩනැගිල්ලයි. එය ගිනි ගන්නට කලින් තිබුනේ මෙවැනි පෙනුමකි.

රුපවාහිනිය ක්‍රියාත්මක කර නිවැරදි වෙලාව බලා ගන්නට නිෂ්පල උත්සාහයක නිරත වුයෙමි. අපේ මෙන් එහි තිබෙන චැනල් වල වෙලාව නොදක්වන්නේ ඒවා පැය 24 පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාතික නාලිකා වීමය. නමුත් උදෑසන හතට විකාශය වූ NDTV ප්‍රවෘත්ති නිසා තවමත් උදෑසන 7.00 බව තේරුම ගත හැකි විය. මා කල පළමු කාර්ය වුයේ ඔරලෝසුව නිවැරදි වෙලාට සකසා ගැනීමයි.මගේ ජංගම දුරකථනය ලංකාවේ වෙලාව නිවැරදිව දක්වයි. මා සුපුරුදු පරිදි නින්දෙන් පසු කරන පළමු කාර්යට මීළඟට යොමු වුනේ අද දින කරන වැඩ ගැන හිතමින්ය. බොහෝ දෙනා පිළිගන්නා පරිදි කොමෝඩ් එක මත වාඩි වූ පසු නිදහස් අදහස් ගලා එයි. එහෙත් ? කුමක් අරභයා මෙසේ අදහස් ගලා එන්නද? මේ මොහොතේ මා කලයුතු පළමු හා ප්‍රමුඛ කාර්ය වුයේ අවසාන තරගය සඳහා ටිකට් පතක් සොයා ගැනීමය.  වාසනාවකට මේ කාර්ය සඳහා මට ගත වන්නේ මිනිත්තු කිහිපයකි.

මීළඟට එම හෝටලයේ මෙනූ කාඩ් පත ගෙන උදෑසන ආහාරය සහ කිරි කෝපි ඇනවුම් කලෙමි. ඒ සඳහා ගත වූ මුදල රුපියල් 75කි. කිරි කෝපි එක සුපිරි මට්ටමකින් තිබුණි. හේතුව නැවුම් කිරි වලින් හදා තිබීමය. ප්‍රමාණය ගැනද සඳහන් කල යුතුය. එය ලොකු වීදුරුවක් පිරෙන්නම තිබුණි. එය මා ගෙදරදී ගන්නා ප්‍රමාණයට සමානය. මා ඊළඟට කලේ ඉතා කෙටි පිරිසිදු වීමක් කර උදෑසන ආහාරය ගැනීමයි. මා ඇනවුම් කලේ සැන්විච් වර්ගයකි. ඇත්තටම එහි වරදක් නැත. කුමක් හෝ එළවළුවක් ඌරච්චි කර පාන් පෙති දෙපස ආලේප කර(හරියට කොළ කැඳ වගේ) පසුව කුකුල් මස් තබා ටෝස්ට් කරන ලද ඒවාය. එය කෙනෙකුට ආහාරයට ගත් හැකි මට්ටමක පැවතිනි. මගේ ඊළඟ කාර්ය වුයේ ගෙදර සහ මගේ මිතුරා සුභාෂ් ඇමතීමයි. එහෙත් අපට ටිකට් ලභා දීමට පොරොන්දු වූ ගයාන්ගෙන් තවමත් සුභවාදී පිළිතුරක් ලැබී නැත. අතට අහු වූ ටී ෂර්ට් එකකින් සහ ෂෝර්ට් එකකින් සැරසී. ඩෙක්ස් සපත්තු කුට්ටම පැළඳ(පයින් ගමන් යාමට ගැලපේ) ඉනේ තද කරනා පොකට් එක තුල පාස්පෝර්ට් එක සහ අනෙකුත් වැදගත් දේ දමාගෙන. දෙතුන් ගමන කාමරය වසා ඇත්දැයි පරීක්ෂා කර ඉන් පිට වුනෙමි. මෙම ඉනේ ගැට ගසනා පොකට්ටුව විදේශගත වන ඕනෑම කෙනෙකු ළඟ තිබිය යුතු මෙවලමකි.

හෝටලයේ පිළිගැනීමේ නිලධාරියා රාත්‍රියේ සිටි තරුණයාමය. ඔහු තවමත් රාජකාරිය නිමා කර නැත. ඔහු මට වචන පිට නොකර ගූඩ් මෝර්නින් යන්න කීවේ ඇයිදැයි මට ඇති වූ ගැටලුවයි. මා කාමරයේ යතුර භාර දෙන ගමන් පිටුපස හැරී බැලීමි. එක්තරා තරබාරු තරුණයෙක් පඩිපෙළ යට, පැදුරක් එලා ඉස්ලාම් ආකාරයට යාඥා කරනු දැක, හඬක් පිට නොකර එලියට ආවා. මා එක පාරට පොරණුවකට ඇද දැමු කලෙක මෙන් රත් වී යනු දැනුනා. මෙවැනි උෂ්නාත්වයක් මෙතරම් පාන්දර ? මා මීට කලින් එවැනි උෂ්ණත්වයක් දරා නැත්තෙමි. "මුම්බායි හීට්" යන වචන පෙළ මගේ මනසට ආවේ නිතැතිනි. ඉදිරිපස බැලූ මා මහත් විමතියකට පත් වුයේ, ඇත්ත වශයෙන්ම පිස්සු හැදුනේ, ඉදිරිපස තිබෙන දසුන පිලිබඳ සිහි එලවා ගැනීමට නොහැකිවය. එහි ආරුක්කුවට ඇති කම්බි වල අමුණා ඇති මලකඩ කා, හැලෙන්නට ඔන්න මෙන්න ඇති අකුරු කියාව බැලීමි. මැ...ෆ්...කෝ...ර්... මා...ර්...ක...ර්..ට් . මැෆ්කොර් මාර්කට් යනු කොළඹ මැනින් මාර්කට් එකමය. අඩි දහයක පහළොවක් උස මහා බොම්බයි ළූණු ගොඩක්ද, පසෙක ලොරී වලින් ගෙනෙන ලද එළවලු ගෝණි බාන පිරිමින් සහ අවට ගැවසෙන කාන්තාවන්ද, වෙනත් පසක දොරටුවක ඇතුලත් වීමට තතනන ලොරි පෝලිමද සිහි ගැන්වුයේ මැනින් මාර්කට් එකමය. එහෙත් ඊට වඩා මහා පරිමානයෙන් මෙහි වෙළඳාම සිදු වනවා යන්න පැවසිය යුතු නැත.
පින්තුර ගත්තේ : lifeinnavimumbai.blogspot.com
පින්තුර ගත්තේ : lifeinnavimumbai.blogspot.com
දෙවියනේ, එහෙනම් මා ඉන්නේ එළවලු මාර්කට් එකක් මැදද? මුළු පෙදෙසම කුණු වූ එළවලු ගඳින් පිරී ඇත. යාබද වීදීය දිගේ ඇවිද ගිය මම මුලින්ම වම පැත්තට හැරී ටික දුරක් ගියා. අපේ ලංකාව කොච්චර හොඳද යන්න මගේ සිහියට ආවේ නිතැතින්මය. තැන තැන ඉතා විශාල වලවල් හාරා ඇත්තේ දැවැන්ත ටෙලිකොම් කේබල් වැළලීම සඳහායි. පාරේ තැන තැන කුණු වූ එළවලු දමා ඇත. මග දෙපස ඇති පේව්මන්ට් ගැන සඳහන් කල යුතුමය. මගේ ඇසේ මිම්මට අනුව අපේ පේව්මන්ට් එකක උපරිම උස අඟල් හතරකි. එහෙත් ඉන්දියාවේ ඒවා අඟල් අටත් අඩියත් අතර උසක ඇත. සමහරවිට වහින විට වීදී වැසි වතුරෙන් පිරී යනු ඇත. මේවා සකසා ඇත්තේ ඒවාට සරිලන්න විය යුතුයි. ඔබ මුම්බායි මාවතක ඇවිද යන්නේ නම් මාර්ගය ඉදිරිය දෙස ඉතා විමසිල්ලෙන් ගමන් ගත යුතුයි. මන්ද එහි සමහර තැන් වල කානුව වසන සිරප් බ්ලොක් ඉවත් කර ඇති බැවිනි. ඔබ අවට සිරි බලාගෙන ගියහොත් හොඳ නෑමක් නියතය. මා ගමන නවත්වා ඉදිරිය දෙස බැලීමි. වම පස මදක් ඉදිරියට වන්නට ඇත්තේ බස් නවතුම්පොලකි. එය පිටකොටුව ගුණසිංහපුර සිරි ගත්තත් ඊට වඩා පහල මට්ටමක ඇත යන්න සහතිකවම පැවසිය හැක. මා ආපසු හැරුනෙමි. මෙවර ඉදිරියට ගමන් කොට හරහා ගමන් ගන්නා හයි වේ මෙන් ඇති ඉතා පළල මාවතක් පසු කොට ඉදිරියටම ගමන් ගතිමි. එතනින් දකුණට හැරී  ඉදිරියේ තිබෙන ගොඩනැගිලි දෙස බලමින්ද, මාර්ගය ගැන විමස්ලිමත්වද දිගටම ගමනෙහි යෙදුනෙමි. අවසානයේ කිලෝ මීටර් හතරක් පමණ ගමන් ගත් විට සුරපුරයක් බඳු තැනක් හමු විය. එහි සඳහාව ඇත්තේ "ඉනොර්බිට් මෝල්" යනුවෙනි.  හරියට මැනින් මාකට් සිට ක්‍රෙස්කැට් ආව වගේය. මෙහි සියල්ල වෙනස්ය. තවමත් වෙලාව 8.15 පමණි. ඉතා හොඳින් ඇඳ පැළඳගත් තරුණ තරුණියන් මෙන්ම කාර්යාල සේවකයන්ද එයට ඇතුල් වීමට බලාගෙන සිටියි. එය ආරම්භ කරන්නේ උදෑසන 9.00ට විය යුතුයි.
පින්තුරය ගත්තේ : mouthshut.com : මේ තමයි Inorbit Mall එක.
එම ඇතුලත් වන දොරටුව ළඟ සිටින ආරක්ෂක නිලධාරියා දේශීය සියලුම පුද්ගලන්ගේ ගමන් මලු පරීක්ෂා කරයි. ඔහුගේ තීක්ෂණ ඇස පිලිබඳ මා තවමත් පුදුමයට පත් වන්නේ ඔහු මා හඳුනා ගත ආකයර ගැනය. මට කෙලින්ම සිනාසී ගුඩ් මෝර්නින් සර් යනුවෙන් පවසා කිසිදු පරීක්ෂාවක් නොකර ඇතුලට යන්න සැලැස්වීය. ශ්‍රී ලංකාවේදී පවා සමහර ඉන්දියානුවන් මා සමග හින්දි බසින් කථා කර ඇත. එහෙත් ඔහු මා විදේශිකයකු ලෙස හඳුනා ගත්තේ කෙසේද ? එහි ඇතුල සුර පුරයක් බඳු විය. මෙම නගරයෙහි ගත කල කෙටි කාලය තුලදී මා තේරුම් ගත සත්‍ය නම් "ඉන්දියාව තුල දිව්‍ය ලෝකයත් අපායත් යන දෙකම ළඟ ළඟ ඇත්තේය" යන්නයි. මා එහි කඩ සාප්පු වල සැරි සරා මට අවශ්‍ය මූලික දේවල් මිල දී ගත්තා. එහි පහලම මාලයේ තිබෙන ෆුඩ් සිටියෙන් සබන්/ෂැම්පු/රේසර් සහ ශේවින් ෆෝම් ආදිය මිලදී ගෙන එලියට ආ විට, එහි කෙලවරේ ඇති රට බීම සාප්පුව දැක මා එය වෙත ගියා. කෙලින්ම එහි හිමිකරුගෙන් මා විමසා සිටියේ බ්ලැක් ලේබල් විස්කි බෝතල් තුනක් මිලදී ගැනීමට කැමතිද යන්නයි. ඔහු එහි මිල සහ තිබෙන්නේ කොහෙද යන්න විමසා සිටියා. මා එකක් රුපියල් 4000ක් වන බව පවසා හෝටලයේ කාඩ් පත පෙන්නුවා. ඉන්පසුව ඉන්දීය භාෂාවෙන් දෙදෙනා අතර සංවාදයක් ඇති වුවා. පසුව ඔවුන් මිලදී ගන්නේ නැති බව පවසා සිටියා. 

ඇවිදින කුමන රටකින් වුවද සේරෙපු කුට්ටමක් මිලදී ගැනීම මගේ සිරිතක්. ඉන්දියාවෙන්, මැලේසියාවෙන් එසේ ගෙන ආ සෙරෙප්පු තවමත් අප නිවසේ ඇත. මෙවැනි ගමන් යත්දී මා ගෙනියන කුඩා නෝට් පොත තවමත් මා ළඟ ඇත. මා හරියටම වියදම් වූ ගණන් කියන්නේ ඒ පොත ආධාරයෙන්ය. ඉනොර්බිට් මොල්හී මහල් හතරක් ඇත. සියලුම බ්‍රෑන්ඩඩ් දේවල් මෙහි ඇත. උඩින් පල්ලෙන් එම කඩ සාප්පු වෙත් ගිය මා ඉහලම මාලයට ගොස් නැවතුනෙමි. එය ආහාර පාන වර්ග විකුණන වෙළඳ සල් වලින් පිරී ඇත. ඉන්දියාවේ ඇති සියලුම වර්ග වල ආහාර එහි ඇත. මා මුලින්ම එහි පලතුරු යුෂ විකුණන කුඩා වෙලන්දසැලකට ගොස් ඔවුන්ගේ මෙනු කාඩ් පත සම්පුර්ණයෙන්ම බලා කිවි යුෂ වීදුරුවක් ඇනවුම් කලෙමි. මෙය සාමාන්‍යයෙන් ඉන්දියාවට ආවේනික් පළතුරක් නොවේ යන්න අනුමාන කර එසේ කලෙමි. මන්ද ඉන්දියාවේදී බොහෝ බඩ ආශ්‍රිත රෝග වැළඳෙන්නේ පලතුරු වලින් බව කොහේ හෝ කියව තිබුණි. වෙළෙන්දා විශේෂිත වතුර බෝතල් වර්ගයක් පෙන්වා එයින් සාදන්නද යන්න මගෙන් විමසීය. එම වර්ගයේ වතුර බෝතලයක් රුපියල් විස්සකි(ලංකාවේ මුදලින් රුපියල් 60කි - මෙය මිලි ලීටර් 500ක හෝ 600ක එකකි) මා එය අනුමත කල පසු ඔහු එය සාදා දුන්නේය. එය සාමාන්‍ය මිලට වඩා රුපියල් විස්සක් මිලය. සාමාන්‍ය මිල ඉන්දීය රුපියල් 40ක් වන අතර විශේෂිත වතුරෙන් සෑදූ විට රුපියල් හැටකි. එය ප්‍රනීත පානයක් බවද කිව යුතුය. 

මා ඉන් පිට වී ටුක්-ටුක් එකක් ආධාරයෙන් මගේ නවාතැන වෙත ගියෙමි. මිල රුපියල් පනහකි. මීළඟ කොටසින් ඉන්දියාවේ ප්‍රවාහනය ගැන ලිවීමට අදහස් කර තිබෙන බැවින් මෙහි ඒ ගැන සඳහන් නොකරමි. කාමරයට ගොස් රුපවාහිනිය බැලීමි. වැදගැම්මකට ඇති යමක් නැත.  දිගු නෑමකින් පසුව අලුත් ඇඳුමකින් සැරසී එලියට ආවෙමි. එම හෝටලයට යාබදවද මත්-පැන් හලක් ඇත. මා එහි මුදල් අයකැමි වරයාටද මා සතු දේ ගැන පැවසුවත් ඔවුන් මිලදී නොගන්නා බව හිසින් සන් කළේය. "මොන පට්ට පල් බොරුවක්ද ? ඉන්දියාවේ විස්කි විකුණන්න පුළුවන් කියන්නේ. එකෙක් වත් ගන්නේ නෑනේ"  යයි සිතමින් මම හෝටල් හිමියාගෙන්ද විමසීය. කොහොමත් මුස්ලිම් වරයෙකු වූ ඔහු සිනාසී "අයි ඩෝන්ට් තින්ක් එනි වන් බයි දෙම්" කියා පැවසීය. මගේ විස්කි වෙළඳාම එසේ හමාර විය. මා නැවතත් ටුක්-ටුක් එකක් ආධාරයෙන් ඉනොර්බිට් ගියෙමි. එහි යනවිට දහවල් එක වන්නට ඇත. 

ආහාර වෙළඳ සැල් ඇති සිව්වන මහලේ එකම ගාල ඝෝට්ටියකි. එය ගාල ඝෝට්ටියකට වඩා ක්‍රීඩා පිට්ටනියක ඇති හුරේ පාරකට සමානය. දෑස අදහ ගැනීමටත් නොහැකිය. සියලුම ආසන ඉන්දීය කොල්ලන්ගෙන් සහ කෙල්ලන්ගෙන් පිරී ඇත. ඒවා මේස වලින් වෙන් කර ඉදිරිපස ඇති   දැවැන්ත තිරය  අසලට ගෙන ගොස් ඇත. කිසිවකු ආහාර ගන්නා බවක් නොපෙනේ. ආසන මදි වූ තරුණ තරුණියන් බිම වාඩි වී ඇත. වෙළඳසැල් හිමියන්ටද එය ගානක් නැත. ඔවුන්ද වෙළඳාම පැත්තක තබා මේ තිරය දෙස දෑස් අයා බලා සිටියි. අද තීරණාත්මක දෙවන අවසාන පූර්ව තරගය ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වේ. එහෙත් මේ තරගය ආරම්භ කිරීමට තව බොහෝ වේලා ඇත. එසේනම් ඔවුන් මේ හැටියට බෙරිහන් දෙන්නේ මන්ද? මමද ඒ තිරය දෙසට දුව ගොස් බැලුවෙමි. තරගය ආරම්භ කිරීමට ප්‍රථම විවිධ ක්‍රීඩකයන්ගෙන්  විමසුම් කිරීම දැන් විලාසිතාවයි. මේ වනවිට නිවේදකයා අල්ලාගෙන සිටින්නේ සචින් තෙන්ඩුල්කාර්වයි. සචින් යනු ඉන්දීය ක්‍රීකට් ලෝලීන්ට දෙවියෙක් බඳු පුද්ගලයෙක්ය. ඒ සඳහා හේතු කිහිපයක්ම ඇත. ඒ සචින් ඉහල කුලයක අයෙකු වීම සහ ඔහු අවුරුදු දාහතේ සිට මේ දක්වා ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර වාර්තා කිහිපයකටම හිමි කම් කීමයි. ඉන්දියානුවා තමන් බඩගින්නේ හිඳිමින් ධනවතුන්ගේ ක්‍රියාකාරම් දැක සතුටු වන ජාතියකි. අර මෙගා සීරීස් කතා කට ඇරගෙන බලා සිටින්නේ එනිසාය.

දැන් මා නිවසට ඇමතිය යුතු වෙලාවයි. මේ මගේ දියණිය පාසැල් ගොස් නිවාස බලා එන වෙලාවයි. රුපියල් 1000ක එයාර්ටෙල් කාඩ්පතක් රීලෝඩ් කරගෙන ආවේ ඈ වෙනුවෙන්මය. උදෑසන ගත් දුරකථන ඇමතුම් දෙක හැරෙන්නට කෙටි පණිවුඩ කිහිපයක් මේ වන විට යවා ඇත. වඩාත් පහසුවෙන් දියණිය ඇමතීමට මා යොදා ගන්නේ ඇය බලා ගන්නා සේවිකාවගේ ජංගම දුරකථනයයි. මගේ නිවසේ ඉහළම සූදානමක්(High Availability) ඇති දුරකථනය එයයි. මගේ සොයුරිය ඇගේ දුරකථනය හිතුන හිතුන තැන් වල තැබුවත්, මෙම වතු දෙමළ සේවිකාව එය මැනවින් චාර්ජ් කර ඇය අසලම තබා ගන්නේ ඇයටද තම දරුවන්ගෙන් දුරකථන ඇමතුම් ලැබෙන බැවිනි. ඇත්ත වශයෙන්ම ඇය නුවණැති සේවිකාවකි(ඒ ගැන පසු සටහනක් කරන්නම්). මා ඇයගේ දුරකථනය ඇමතීමි. එහෙත් අර ඝෝෂාව නැවතත් පටන් ගති. මෙවර කව්රුන් සමග සාකච්ඡාවක් සිදු වේද? මම එතනින් ඉවත්ව ඈතකට ගියෙමි. මෙවර එම හඬ මුළු ශාලාවම ගිගුම් දෙයි. මම එලිවේටරයට පැන පහලම මාලයට ආවෙමි. අහෝ ! එහිද මෙවැනිම මෙගා තිරයක් වටා මෙවැනිම රිලව් රැලක් වට වී ඇත. එලියට යා නොහැක්කේ කන් පැලෙන උෂ්ණත්වය නිසාය. මේ වනවිට සෙන්ටිග්‍රේඩ් 40ක පමණ උෂ්ණත්වයක් එළිමහනේ ඇත. මා ඒ අදහස ඇත හැර, නැවතත් ඉහළම මාලයට බඩ ගෑවේ බඩගින්න නිවා ගැනීමටය.  ආහාරපාන විකුණන වෙලේන්දන්ටද කිසි නිනව්වක් නැත. මා ආහාර අසා සිටි විට ඔවුන් නැසූ කන්ව තීරය දෙස කට ඇරන් බලා සිටිති. දෙතුන් ගමනක හඬ ගෑමෙන් පසු ඔහු මා ඉල්ලු අහාරය බෙදා  දුනි. ඒ අතරවාරයේද අර තිරයට ඇස් යොමන්නට ඔහු අමතක කලේ නැත.

ඊළඟ අභියෝගය ආහාර ගන්නට තැනකි. මගේ වාසනාවට වෙනත් කොනක බිමටම සවි කල සොපාවක් ආසන්නයේ තබා ඇති කුඩා මේසයක් අසල කෑම ගනිමින් හුන් තරුණ යුවල අහාරය නිමා කර නැගිට්ටේ මට අවස්ථාව ලබා දෙමිනි. එම අහාරය මගේ රුචියට නොගැලපුනත් කුසගින්න නිවා ගන්නට ගිල දැමීමි. එහෙත් එහි ඇති සමහර රසවල් අපිට ඝෝචාරය. මා ගත්තේ පාරාට වර්ගයකි. ඇත්ත වශයෙන්ම ඒවා නිකංම වුනත් ගිල දැමීමට හැකිය. මෙම ස්ථානයේ ආහාර ඉතා පිරිසිදු බැවින් බිය විය යුතු නැත. මෙහි මිල රුපියල් 120ක් විය යුතුය. එහි තිබෙන බොහෝ ආහාර 120-200ත් අතර මිලකට ලබා ගත හැක. ඔබට අවශ්‍ය වර්ගයක අහාර මෙහි ඇත. KFC, Pizza Hut  වෙළඳ හල් පවා ඇත. එහෙත් එකම ගැටලුව මේවායේ සේවය කරන්නේ ඉන්දියානුවන් වීම සහ අද ඔවුන්ගේ දෙවිවරු ක්‍රීඩා කරන දවස වීමය. ඒ ඔවුන්ගේ සදාකාලික හතුරා වන පාකිස්ථානයට එරෙහිවය. මීට ප්‍රථම පාකිස්තානය ලෝක කුසලාන වලදී හමු වූ හැම අවස්ථාවකම ඉන්දියාව ජය ගෙන ඇත. එනිසා ඉන්දියානුවන් සිටින්නේ මෙම තරගයද ජය ගත් අයුරින්ය. තරගය ආරම්භ වීමට ප්‍රථම ඉන්දීය ජාතික ගීය ගයන වෙලාවේ නැගී සිටීමටත්, මගේ කැප් එක ඉවත් කිරීමටත් මා වග බලා ගත්තත් ඔවුන් සමග එක් වී මා නොගයන විට කිහිප දෙනෙකුගේම දෑස් මා වෙත යොමු වනු දුටිමි. ඔවුන් මහා හඬින් ජන, මන, ඝන, අභි නායක ජය හේ.. කියද්දී මගේ ඇඟේද හිරි ගඩු පිපුනී. ඒ තරමටම තම ජාතිය උතුම් කොට සලකන රටක් ලොව ඇත්ද? ඉන්දියාවේ මා දුටු විශේෂත්වය නම් එහි සිටින මුස්ලිම් ජාතිකයන්ද ඉන්දීය වීම සහ ඉන්දීය කණ්ඩායමට සහයෝගය දැක්වීමය. අපේ මුස්ලිම් ජාතිකයන් එසේ කරනවාද ? එසේ නොවීමට හේතුව කුමක්ද ?
පින්තුරය ගත්තේ : mumbai77.com : මේ එහි ඇතුලත දර්ශනයක්.
අද පොස්ට් එකෙන් ලියා ඇත්තේ 2011 මාර්තු 30 වනදා හවස දෙක පමණ වන තෙක් අත්දැකීම්ය. ඉතිරි කොටස තවත් පොස්ට් එකක් තරමට දිගු වනු ඇත. එනිසා මෙම අත්දැකීම් පෙළ එක දිගට ලියා හමාර කරන්නම්.


59 comments :

  1. ///අපේ මුස්ලිම් ජාතිකයන් එසේ කරනවාද ? එසේ නොවීමට හේතුව කුමක්ද ?///

    ඒක නම් මට හිතාගන්න බැරි දෙයක් අප්පා.. මුන් ඉපදුනේ මේ රටේ.. චියර් කරන්නේ පකිස්ථානෙට... හොම්බට ඇනලා එලවලා දාන්න හිතෙන එක අහන්න දෙයක්ද....

    එහෙනං විස්කි වෙළඳාම ලත් තැනම ලොප් උනාද... හි හි...

    ReplyDelete
    Replies
    1. හිරු, මං මේ කලින් තැනකත් කියල නිසි පිලිතුරක් ලැබුනෙ නැති දෙයක් ඔයාගෙනුත් අහන්නම්...
      මගේ ඥාති සහෝදරයෙක් ඉන්නව ඕස්ට්‍රේලියාවෙ ඉපදුනු... පොර ඉගෙන ගන්නෙත් එහේමයි... ඒත් ලංකාවෙ මැච් එකක් තියෙද්දි පොර ලංකාවෙ ටී ෂ'ට් එකක් ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට ගිහින් ලංකාවට හුරේ දානවා... එතකොට පොරත් වැරදිද?

      Delete
    2. ඔව් අහවලා,ඌ වැරදියි.ඌ ඉපදුනේ ඕස්ට්‍රේලියාවේ නං ඌ එහේ පුරවැසියෙක් නං ඌට ලංකාවට හුරේ දාන්න පුලුවන් උනාට ඌට ඒකට සදාචාරාත්මක අයිතියක් නෑ.ඌ එහේ පුරවැසියෙක්.දැන් උගෙ රට ඕස්ට්‍රේලියාව.ඌ හුරේ දාන්න ඕනේ ඕස්ට්‍රේලියාවට.

      Delete
    3. සමාවෙන්න.. ලංකිකකම එකක්... නමුත් මෙහෙ ඉන්න මුස්ලිම් අය පකිස්ථානෙට චියර් කරන්නේ රට ගැන හිතලා නෙවෙයි.. මුස්ලිම්කම ගැන හිතලා... ඒකයි අන්තිම කැත... පරම්පරා ගානක් තිස්සේ මේ රටේ හිටපු අය නේ .... අද ඊයේ පකිස්ථානෙන් ආපු කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ... හැබැයි මෙයාලා මේ පොළවට අයිතිවාසිකම් කියන අය.... මේ රටේ පොළවට අයිතිවාසිකම් කියන ගමන් තවත් රටකට චියර් කරන එක හරිද.... ??

      ඔයාගේ සහෝදරයගේ කතාව වෙනස්.. එයා තාමත් මේ පොළවට සම්බන්ධ කෙනෙක්... නමුත් සමහරවිට එයාගේ දරුවෙක් කවදාවත් ලංකාවට ආපු නැති කෙනෙක් වෙලා ඔස්ට්‍රේලියාවට චියර් කරයි... අපිට බනින්න බෑනේ...

      Delete
    4. මම ක්‍රීඩාශීලීව ඕනෑම රටක ක්‍රීඩකයෙක් දස්කමක් දැක්වුවොත් අත්පුඩි ගහනවා. ඒක නිරායාසයෙන් වෙන දෙයක්. ඒත් ලංකාව ක්‍රීඩා කරන තරගයක් වෙනත් රටක් දිනන්න කියල ප්‍රාර්ථනා කරන්නේ නෑ. මේ රටේ හැම පුරවසියෙක්ටම යුතුකමක් තියෙනවා තමන්ගේ රට වෙනුවෙන් ජය පතන්න. රජයේ රෝහලක නම් ඉපදුනේ, රජයේ පාසලක නම් අධ්‍යාපනය ලැබුවේ එයාලා ඉතා හැගීමෙන් එය කල යුතුයි. එවැනි යට විරුද්ධව හරිනම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මුස්ලිම් රටවල් වලත් එහෙම වෙනවනේ.

      Delete
    5. මගෙ මුස්ලිම් මිතුරෙක් බුකියේ දාල තිබ්බා..

      “ජාතිය කෙසේ වෙතත් මා උපන් දේශයට මම සපෝට්“ කියලා

      Delete
    6. ඇනෝ: උඹගේ කෙලින් උත්තරේට මං කැමතියි... අනන්‍යතාවයත් පේන්න තිබුන නම් තමයි වටින්නේ... :)

      හිරු: ඔයාගෙ උත්තරේ දෙපැත්තට වැනෙනවා... මගේ සහෝදරයගෙ කතාව වෙනස් වෙන්න බැහැ... ඌට ලංකාව ගැන කැක්කුම තියෙන්නෙ ක්‍රිකට් ගහද්දි විතරයි... අනික් හැම දේකටම උට ඕස්ට්‍රේලියාව ලොකුයි...

      සුදීක: මමත් එහෙම තමයි... කවුරු උනත් දස්කම් දක්වද්දි මමත් අත්පුඩි ගහනවා... එක දෙයක්, මං දන්න තරමින් ඔය මුස්ලිම් රටවල් වල පිටින් එන උන්ට පුරවැසිකම දෙන්නෙ නැහැ (මං සමහර විට වැරදි ඇති )... ඉතින් පුරවැසියො ඔක්කොම ඒ රටේ ඉන්න මුස්ලිම් මිනිස්සු, උන් ඒ රටට තමයි හුරේ දාන්නෙ...

      හැමෝටම: තමන් පුරවැසියෙක් වෙන රටට හුරේ දාන්න ගියොත්, මේ පාර ලංකාව ඕස්ට්‍රේලියාවෙ මැච් ගහද්දි, ලංකාවෙන් ඉගෙන ගන්න ආපු උන් විතරයි අපේ ටීම් එකට හුරේ දාන්න එන්නෙ (පහුගිය වතාවෙ වගේ MCG එක නිල් පාටින් පුරවල හමාරයි)... අනික් හැමෝම වගේ පුරවැසිකම තියෙන අය... :D

      Delete
    7. මගේ මුස්ලිම් යාළුවෙක් ඉන්නවා. හරිම හොඳ ගති ගුණ තියෙන, ඉතාමත් හොඳ යාළුවෙක්. දැන් වැඩ කරන්නෙ එමිරේට්ස් ගුවන් ආයතනයේ. ලංකාවට ආදරය කරනවා. යුද්දේ කාලෙදි අපි සිංහලයෝ වගේම පුරවැසියෙක් විදිහට කෙරෙන්න ඕන හැම දේම කලා. හැබැයි ක්‍රිකට් මැච් එකකදි ඌ සපෝට් කරන්නෙ පකිස්තානෙට. හොඳම දේ තියෙන්නෙ මිනිහට නිවුන් සහෝදරයෙක් ඉන්නවා. ඌ සපෝට් කරන්නෙ ලංකාවට. මේ ගොල්ලන්ගේ ගම දකුණෙ වැලිගම. පවුල බරපතල නිසා මගේ යාළුවා හැදිලා තියෙන්නෙ කොළඹ එයාගේ මාම කෙනෙක් ගාව. නිවුන් සහෝදරයා හැදිලා තියෙන්නෙ වැලිගම.

      Delete
    8. අහවලා...

      මේ රටේ ඉන්න මුස්ලිම් මිනිස්සු අද ඊයේ මේ රටට ආපු අය නෙවෙයි... මේ ගොල්ලෝ ශ්‍රී ලාංකික මුස්ලිම් අය.. එයාලගේ සනුහුරේම ඉන්නේ මේ රටේ.. පකිස්ථානෙට තියෙන්නේ ආගමික සම්බන්ධයක් විතරයි.. ඒකයි මම ඔයාගේ සහෝදරයගේ සිද්ධියයි මේකයි වෙනස් කියලා කිව්වේ...

      මෑතක් වෙනකම් මමත් අපේ තියෙන මේ සර්ව සධාරණ චින්තනයට අනුව තමයි ඉස්ලාම් ආගමිකයෝ ගැන හිතුවේ.. නමුත් මට ළඟකදි තේරුම් ගියා මේ මුස්ලිම් ප්‍රශ්නේ ලෝකේ අනිත් කිසිම ප්‍රශ්නයක් හා සමාන කරන්න බෑ කියලා...

      මෙතන තියෙන්නේ අන්තවාදයක්... ආගමික අන්තවාද අනිත් හැම දේකටම වඩා බලවත් මේ ආසියානු රටවල....

      මගේ යාලු මුස්ලිම් නංගි කෙනෙක් ළඟදි හම්බුන වෙලාවක තමයි මට මේ කතාව තේරුනේ... ඒකා අපිත් එක්ක පිස්සු නට නට හිටියේ අපි වගේම තමා... කවදාවත් ඔලුව වැහුවෙත් නෑ.. අපි විහිළු කළා බැන්දම ඔලුව වහන්න වෙයි කියලා.. ඒකට එත‌කොට හෙනට කේන්ති යනවා.. ඒ තරම් ඒ දේවල් වලට අකමැතියි.. එයාගේ තාත්තාත් ඒ වගේ තමයි.. මුස්ලිම් කියලා කියන්නවත් නෑ...

      මේ පාර ඒකව හම්බුවෙද්දි ඔලුව වහලා හිටියේ.. ඒ පාර මං විහිළු කළා හරි ගිහින් වගේ කියලා... නෑ.. තාත්තට පල්ලියෙන් තර්ජනය කරලා දුවයි වයිෆුයි ඔලුව වැහුවේ නැත්තම් මරනවා කියලා... ගල් ගහලා මරන එකට ලංකාවේ කේස් දාන නිසා ඒ වගේ අයව මරන්නේ කඩුවෙන් බෙල්ල කපලලු..

      මේක අන්තවාදයක් නෙවෙයිද...

      Delete
    9. ඒක අන්තවාදය තමයි, කිසි ගැටලුවක් නැහැ... ඔයා ඒ කතාව මෙතන කියල අදහස් කලේ නිදහසේ ඉන්න කැමති වුනත් පල්ලියෙන් එන බලපෑම් නිසා මුස්ලිම් ගෑනු ඔලුව වහනව වගේ, පකිස්තානයට සපෝට් කරන්නත් මොකක් හරි පල්ලියෙ බලපෑමක් ඇති වගේ දෙයක් ද?
      ලංකාවට සපෝට් කරන එකෙක් හරි වැඩි වෙන නිසා මගේ ඥාති සහෝදරය ලංකාවට හුරේ දාද්දි මං සද්ද නැතිව හිටියට, තර්ක කරන්න ගත්තොත් ඌ වැරදියි... අම්ම තාත්ත ලංකාවෙ ඉපදීම හැර වෙන කිසි සබඳතාවයක් ලංකාවට නැහැ...
      ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන, එම රටේ පුරවැසිකම සහිතව සිටින ශ්‍රී ලාංකික දෙවැනි පරම්පරාවට ලංකාවට සපෝට් කරන්න පුලුවන්කම තියෙනව නම්, එහෙම බැරි වෙන්නෙ මොන පරම්පරාවෙ ඉඳලද? ඒ කොහොමද?

      Delete
    10. ඇත්තටම මෙදා පාර 20 20 දි මුස්ලිම් අය පකිස්ථානෙට චියර් කරේ මේ රටටත් රිංගලා තියෙන ඉස්ලාම් අන්තවාදය හින්දා තමයි.. නැතුව පකිස්ථානේට වෙන කිසිම සම්බන්ධයක් තියෙන හින්දා නෙවෙයි... ඉස්සර මේ රටේ එහෙම තත්වයක් තිබුනේ නැ නේ.. 1994දි ලංකාවේ උන් ඔක්කොම සපෝට් කළේ ලංකාවට...

      මම කිව්‌ෙව් අපේ උන් පකිස්ථානෙට චියර් කරද්දි පකිස්ථානෙට ජොලි වගේම අපේ එකෙක් පිට රටක ඉඳලා අපෙ රටට සපෝට් කරනකොට අපිට ජොලි උනාට, ඔස්ට්‍රේලියාවේ ඉපදුනු, එහෙම හැදුන, ලංකාවට අඩිය තියලා නැති එකෙක් ඔස්ට්‍රේලියාවට චියර් කළා කියලා අපි ඌට බනින්න යන්නේ නෑ නේ.. ඒත් ඌ ලංකාවට චියර් කළොත් උගේ ඔස්ට්‍රේලියන් යාලුවෝ ඌට බනින්න ඉඩ තියෙනවා..

      ///ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන, එම රටේ පුරවැසිකම සහිතව සිටින ශ්‍රී ලාංකික දෙවැනි පරම්පරාවට ලංකාවට සපෝට් කරන්න පුලුවන්කම තියෙනව නම්, එහෙම බැරි වෙන්නෙ මොන පරම්පරාවෙ ඉඳලද? ඒ කොහොමද?///

      මේ රටේ මුස්ලිම් අය ඉන්නේ අද ඊයේ ඉදලා නෙවෙයි.. එයාලා ඉපදුන මේ රට නැතුව වෙන කොහෙ යන්නද කියලා අහන තත්වේ අද ඉන්නේ.. ඒක ඔයා දන්නවා ඇතිනේ...

      Delete
    11. හිරු, යාලුවො උට බනින එක අමතක කරල මේ දේ කෙලින් කියන්න.. ඔයා හිතන විදිහට ඌ හරි ද වැරදි ද?
      1996 World Cup එකේදි ලංකාවයි පකිස්තානෙයි මැච් ගහල නැහැ, ඉතින් උන් ඔක්කොම අපිට සපෝට් කරන්න ඇති... ගැහුව නම් ඔයා කියපු දේ අපිට බලන්න තිබුනා...
      දැන් එතකොට පරම්පරා ගානක් ගියහම තමන් ඉන්න රටට සපෝට් කරන්න ඕනෙ, මුලම අය තමන් ආපු රටට සපෝට් කරාට කමක් නැහැ කියන එකද ඔයාගෙ උත්තරේ?

      Delete
    12. සාමාන්‍යයෙන් ඕනෑම තරගයක් නරඹද්දී ශ්‍රී ලංකාව නැති ඕනෑම වෙලාවක අපේ හිතට අල්ලලා යන කණ්ඩායමක් තියෙනවා. හිතන්න ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය වගේ රටක් වෙනත් රටක් එක්ක ක්‍රීඩා කරද්දී අපි ආසියාතිකයෝ විදියට ඒ රටවලට සහය දක්වනවා. නමුත් පාකිස්ථානයට තිබුනේ ඔවුන්ගේ පරම හතුරව පරාජය කරපු අපි, ඒ වගේම අනෙක් රට ඕස්ට්‍රේලියාව. මේ කාරණා නිසා ඔවුන් අපිට සහය දක්වන්න ඇති.

      මම ගියා ලංකාවේ පාපන්දු අවසාන තරගයක් නරඹන්න එය තිබුනේ සිටි ලීග් කියන කොම්පඤ්ඤවීදියේ ක්‍රීඩාංගණයේ. ඔවුන් ආමි එකේ පැත්ත ගත්තා හේතුව වටේ ඉන්න ආමි ඇය වැඩි හින්දා. මම ළඟ හිටිය මුස්ලිම් කොල්ලෙක් බොහොම ජරා විදියට දොන් බොස්කෝ එකට විරුද්දව කා ගැහුවා. ඒ ආමි එකට තියෙන හිතවත්කමටද? අර තොප්පිය හැරෙන පැත්තට කියන කතාව හරි කියල මට ඒත්තු ගියේ එදා තමයි. නමුත් මගේ අතිජාත මුස්ලිම් මිතුරන් කිහිපයක් ඉන්නවා. සමස්ත මුස්ලිම් වර්ගයාම ගැන නෙවෙයි මම කියන්නේ.

      Delete
    13. අහවලා..

      මට හිතෙන්නේ නම් ඌ ඇත්තටම හරි වැරදියි...

      Delete
  2. "ඔවුන් මහා හඬින් ජන, මන, ඝන, අභි නායක ජය හේ.. කියද්දී මගේ ඇඟේද හිරි ගඩු පිපුනී."

    සිරාවට එහෙම දෙයක් වෙලා තියෙනව මටත් :)
    අද මම දෙක. :P
    තරගයක් නොතිබුනාට කමක් නැත

    ReplyDelete
    Replies
    1. ඒක ඒ ගීතයේ විශේෂත්වයක්ද? නැත්නම් අපි පෙර ආත්මෙක ඉන්දියානුවන් වෙලා හිටි සංසාර පුරුද්දක් නිසා එහෙම වුනාද කියන්න දන්නේ නෑ

      Delete
    2. La Marseillaisehttp://www.youtube.com/watch?v=v3LAtdaNrNE මේක ආදියෙදි රණ ගීයක් ලු. මරන්ඩ කපන්ඩ කොටන්ඩ කියන එකක්. නමුත් ඒකෙ තියන තේජසට මම කැමතියි.

      ඉන්දියානු ගීය අපේ ගීයට සමානකමක් මම දකිනවා. ඒ නිසා ඒකට මම කැමතියි

      Delete
    3. මම මේක ඇහුවා. මම සංගීතය ගැන වැඩිය කියන්න දන්නේ නෑ. ඒත් ඒක ඔපෙරා ස්ටයිල් ගීතයක්. ඊට පස්සේ මම ඇහුව ඉන්දියාවේ ජාතික ගීයත්. මට ප්‍රංශ එක තේරෙන්නේ නැති නිසාද මන්දා, ඉන්දියන් විරෝධියෙක් වෙච්ච් මට ජන-මන ගීතය හරි කිට්ටු ගතියක් දැනෙනවා.

      Delete
  3. ඔය මුස්ලිම් කෙස් එකනම් තියනවා,
    කැම්පස් එකේදී එහෙම හුරේ දාද්දී ගුටි ඇන ගන්නේ නැති එක විතරයි

    ඔය විස්කි ටිකනම් කොහොම හරි විකුනන්න ඇති, මෙන්න කැට

    ReplyDelete
    Replies
    1. // කොහොම හරි විකුනන්න ඇති//

      මේකේ යම් සතයක් තියෙනවා.

      Delete
    2. ඒ කියන්නේ මෙයා කොහොමහරි තලගොයා මරාගෙන.. හි හි..

      Delete
    3. වනජීවී එකට අහු වුනා... D

      Delete
  4. ඔන්න ඔය කතාවෙන් පස්සේ තමා ළමායි..."සුදීක විස්කි වික්කා වගේ" කියන පිරුළ සිංහල ප්‍රස්ථා පිරුළු පොතට ඇතුලත් උනේ...

    අර උදේට තේ බිව්ව රුපියල් 75හ ලංකා රුපියල්ද ඉන්දියා රුපියල්ද..? නිතරම එක මුදල් වර්ගයකින් ගණන් පෙන්නලා උඉින් හරි යටින් හරි නෝට් එකක් දාහං මචෝ සියළුම මුදල් අහවල් මුදලින්ය කියලා... එතකොට අපිට ඕක හදා ගතෑකිනේ...

    විස්තරය අඩුවක් නැතිවම හරියට කෙරිලා තියේ... ඉතිරියත් ලිය...

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් රුපියල් වලින් තමා සියලුම ගණන්. මම අපේ මුදලින් දානවනම් වරහන් ඇතුලේ දාන්නේ.

      Delete
  5. විස්කි බෝතල් තුනෙං එකක් එදා රෑම හිස් උනාලු. ඉතුරුවට විච්ච දේත් හිතාගත්තහැකිනෙ.

    නියම විස්තර ටික. ඉතුරුවත් ලියමු.

    ReplyDelete
    Replies
    1. ඉවසන්න පින්වත, ඉවසන්න.

      Delete
  6. වෙනදා වගේම විස්තර ටිකනම් සුපිරි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  7. හ්ම්, ආසාවෙන් කියවගෙන ගියා. විස්කි නම් ඉතින් බොන්නෙ නැතුව මොන එහෙකට විකුනනවද. මුම්බායි නම් එහෙම වෙන්න ඇති. හැබැයි සුදීක ඉන්දියාවෙ අනිත් සමහර ප්‍රාන්තවල නම් තත්වය මීට වඩා වෙනස්, අත්දැකීමෙන් කියන්නෙ විශේෂයෙන් කේරලේ එවුන් එහෙම තමන් ඉන්දියානුවෙක් බව කියන්නෙ වත් කැමති නෑ. තමිල්නාඩු එවුනුත් එහෙම තමයි. හෙට වෙනම රටක් වෙයි කියන බලපොරොත්තුවෙනුයි ඉන්නෙ. උඩට යන්න යන්න නම් එහෙම නෑ, මිනිස්සුත් හරි හොදයි.

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවොත් බැංගලෝර් වලදී තමයි විස්කි විකුණුවේ.

      Delete
  8. සුදිකයා ගිහින් තියෙන්නේ විස්කි බිස්නස් ඒකකට ..මැච් බලන්න නෙමේ ..

    ReplyDelete
    Replies
    1. අර කතාවක් තියෙන්නේ දඹුළුත් ගිහින් තලගොයිත් මරාගත්ත කියල. අන්න ඒ වගේ වැඩක් තමයි මේක. හැබැයි අන්තිම කොටසේ තමයි විස්කි වලට වුන දේ තියෙන්නේ.

      Delete
  9. 40 c රස්නයක්, බුදු අම්මෝ මමනම් එලියට බහින්නෙ නැතුව, අතුලේ ඉදන් බෝතල් ටික බොනවා

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියල ලිපට මූණ අල්ලන් හිටිය වගේ.

      Delete
  10. සුදික මම හයිඩ්‍රාබාද් වලදි බිව්වා පළතුරු බිමක් ඒකට කියපු නම මට දැන් මතක නෑ. හැබැයි ඒ තමා මම බීපු අමතකම නොවෙන පළතුරු බිම එක. මේ පෝස්ට් එකට ස්තුතියි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. මෙච්චර පුංචි ලංකාවෙත් විවිද පළාත් වලට ආවේනික කෑම/බීම තියෙන එකේ ඉන්දියාවේ එහෙම වෙන එක අහන්නත් දෙයක්ද? හරිනම් ඒවා වෙනම රටවල් වගේ. ඒත් මම බෙදුම්වාදයට විරුද්දයි.

      Delete
  11. ඉන්දියාව හිතුවට වඩා වෙනස්නේ බලන් ගියාම.මොනවා වුනත් රට සම්බන්දයෙන් කරුණු වලදී ඔවුන්ගේ එකමුතු කම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ ජනතාව බේද වූ ඕනෑම අවස්ථාවක ජාතික ගීය හෝ වන්දේ මාතා කියන ගීතය වාදනය කලොත් දෙපාර්ශවය එක වී ඒ ගීය ගයාවී.

      Delete
  12. සුදික විශ්වාස කරන්න.
    දවසක් මමයි, අපේ හාමිනෙයි, INNORBIT එකට ආවා දාදාර් ඉදලා ටැක්සියක. ඕකට මීටර් 100ක් විතර කිට්ටුව දවල් 1100ට විතර අවුරුදු 12ක විතර කොල්ලෙක් තඩි බොගක් දදා හිටියා. පේමන්ට් එක පුරාම කැවුම් ගෙඩි තියලා වගේ. හාමිනේට බබා හම්බුවෙන්න ඉතා ආසන්නව හිටියෙ. මට සිද්ධවුණා INNORBIT එකේ වොෂ්රෑම් හොය හොය දුවන්න.
    හැබැයි කියන්නෝන ඒක තමා අවුරුදු එකහමාරටම පලවෙනි අත්දැකීම.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සු කොච්චර දියුණුද ඒ අතින්.

      Delete
  13. කතාවේ ඉතුරු විස්තර තව එක පොස්ට් එකකින් කියල ඉවර කරන්න පුළුවන් ද?.. ඕනවට වඩා වේගවත් කරන්න එපා තව කොටස් දෙකක් වැඩි වුනාත් කමක් නැහැ මේ ආපු රසය නැති කරන්න නම් එපා.

    ReplyDelete
    Replies
    1. මම තවම ලිව්වේ 2011.03.30 වෙනිදා දවල් 2.00 විතර වෙනකම් විස්තර විතරයි. තව පොස්ට් එකක් යයි 31ට. 01.04.2011ට තව එකක්, එතකොට 02.04.2011 තව එකක්. මෙහෙම ගත්තොත් තව පොස්ට් තුනක් ඕන වෙනවා.

      Delete
  14. ස්තූතියි සුධීක.. ඉන්දියාව ගැන අපූරු විස්තරයක්..

    // අපේ මුස්ලිම් ජාතිකයන් එසේ කරනවාද ? එසේ නොවීමට හේතුව කුමක්ද ? //

    හේතුව ඔවුන් අපේ නොවීමයි. ඔවුන් අරාබියෙන් හෝ වෙනයම් රටකින් මෙහි පැමිණ පදිංචිවී පැතිරුණ අය වීමයි. අපේ මුසල්මානුවන් ශ්‍රී ලංකාව හා පකිස්ථානය ක්‍රීඩා කරණ විට පකිස්ථානයට ආවඩන්නේ එබැවිනි. ලෙයට ලෙය උණුවෙනවායැයි කීම පරම සත්‍යකි. නමුත් ඉන්දියානු මුසල්මානුවා එසේ නොවේ..බොහෝ විට ඔවුන් ආගම වෙනස් කළ ඉන්දියානුවන්ම වීමට තිබෙන සම්භාවිතාව ඉහලය.

    ReplyDelete
    Replies
    1. ඔව් බොහෝවිට.නමුත් මෙහි ආ කිසිම අරාබි ජාතිකයෙක් බිරින්දෑවරු ඔවුන්ගේ රටවල් වලින් ගෙන ආවේ නෑ. ශ්‍රී ලාංකික කාන්තාවන් තමයි ඔවුන් විවාහ කර ගත්තේ. ඉතින් ඔවුන්ගේ දරුවන් මේ පොලවේ ඉපැදුන අය. ඔවුන් ශ්‍රීලාංකික මිස අන් කවර ජාතියක්ද? අපේ එකම වරද ජාතීද්‍රෝහීයන්ට අපි දඬුවම් නොකිරීමයි.

      Delete
    2. මම වැඩ කරපු තැන හිටපු මුස්ලිම් කෙනෙක් මාත් එක්ක කියපු කතාවක් කියන්නම්...

      ඉස්සර වෙළදාමේ ආපු ආරබි වෙළෛන්දන්ට අපේ රජවරු ආරාධනා කළාලු මෙහෙ පදිංචි වෙලා ව්‍යාපාර කටයුතු කරන්න කියලා... එත‌ෙකාට විවාහ ප්‍රශ්නෙ ආවලු.. රජ්ජුරැවෝ ඒ අයට අවසර දුන්නලු උඩරට කුල කාන්තාවන් විවාහ කරගන්න... ඔය ගම්පොල මහුනවරු පැත්තේ ඉන්නේ ඒ අයගෙන් පැවත එන අයලු...

      මේ තකන්දරේ ඇත්ත නම් වැරැද්ද අපේ දුරදිග නොබලපු මෝඩ රජවරුන්ගේ මිස වෙන කාගෙද... දැං මේක වසංගතයක් වෙලා.. මෙච්චර කල් මේ අය හිටියේ මේ රටේ ඉපදුනු මේ රටේ අය විදියට.. නමුත් ළඟකදි ඉඳලා මුස්ලිම් අන්තවාදය මේ රටටත් ඇවිත් තියෙනවා... ‌මේ ඒවයේ පෙරනිමිති තමා....

      Delete
    3. @සෙන්නා: මට තිබෙන ගැටලුව ඔවුන් බංග්ලාදේශයට හෝ ඇෆ්ගනිස්ථානයට සහයෝගය නොදක්වන්නේ මන්ද ? යන්නයි.

      Delete
    4. ජාති ප්‍රශ්නෙ ගැන කීවොත්. මම හිතන්නෙ කලවමේ හැදෙන තරමට හොඳා කියල. මගෙ පුතා ඉපදුනේ ප්‍රංශෙ. එයා ලංකාවෙ ඉස්කෝලෙ දාන්ට මෙහෙං උප්පැන්නයක් ගත්තෙ. එතකං හිටියෙ තාවකාලික කොල කැල්ලක් අරං පැරිසියෙ තානාපති කාර්යාලෙන් දෙන.

      එයාට හැම ජාතියකම යාලුවො ඉන්නවා. හිටියා. සාන්ත තෝමස් එයාට කාඑක්කත් ගැවසෙන විදිය කියාදුන්න. අදටත් එයා කට්ටිය එක බත්මුල කාපු හැටි කියනවා. පුදුම විදියට සමානාත්මතාවෙට කැමතියි. ලොකු පොඩි කවුරුත් ඉන්න ඉස්කෝලයක් ඒක. ජාති වලින්වත් පක්ෂ වලින් වත් බෙදුනෙ නැහැ පුංචි හිත්. ඔය කොයි පක්සෙ අප්පලත් අයත් හිටිය එතැන.

      නමුත් කියන්ට දුකයි. බෞද්ද කාන්තා කියන විද්‍යාලවල අන්තවාදය වැදියි. මේ මට පෙනුන හැටි. ළමයි හුස්ම හිරවෙන අවස්තා බොහොමයි එහෙම තැන් වලත්. මුස්ලිම් මිනිස්සු හැමෝම එක වගෙ නොවෙයි. ගිය අවුරුද්දෙ මම ප්‍රංශ ඉගැන්නුව මුස්ලිම් දුවෙකුට. එයාගෙ තාත්ත ෆුල් සපෝට් කෙල්ලට උගන්නන්ට. ඒ නිසාම මම මිලක් නොගෙන කෙල්ලට ඉගැන්නුවා. කෙල්ල කිව්ව මුස්ලිම් කාන්තා විද්‍යාලවල ළමයි අනිත් ළමයෙකුට පොතක් වත් දෙන්ට කැමති නැහැ කියලා. මට හිතුනෙ උන් උන් කපාගන්නවත් වැඩියි කියල. නමුත් පවුලක් හැටියට මම අගය කරනවා ඒ පවුල දුවෙකුට උගන්නන්ට වෙන උත්සාහය දැක්කම.

      අහල නැද්ද ඔරාබි පාශා ගැන ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පිටුවහල්කලේ http://www.dailynews.lk/2010/01/15/fea15.asp

      Delete
    5. ඇත්තටම ඇමරිකාව කරන්නෙත් ඔය දේ. ලෝකයේ හැම ජාතියක්ම එකට මිශ්‍ර කිරීම. එතකොට් අපි මේ ජාතියේ, අපි ආර් ජාතියේ කියල වෙන්වෙන්න බෑ.

      Delete
    6. /// බෞද්ද කාන්තා කියන විද්‍යාලවල අන්තවාදය වැදියි. ///

      ගුටි කන කතාවක් කියන්න යන්නේ..

      හැබැයි නැන්දේ ඔය කතාව ඇත්ත... මම ඒලෙවල් වලට ගියා නුගේගොඩ අනුලා එකට... මට දෙවනි දවසේ ඉඳන්ම ඒ ඉස්කෝලේ එපා උනා... ඉකොන් උගන්නන් හිටපු ටීචර් අනුලා එකේම ඉඳලා අනුලා එකටම පත්වෙච්ච කෙනෙක්.. හෙන ඔලුව.. අනිත් ඉස්කෝල වල උගන්නන්නේ නෑ.. අපි තමයි හරියට උගන්නන්නේ කියන ගානට... බෝඩ් එකේ ක්ෂිතිජය කියන වචනේ හරියට ලියන්න පුළුවන්ද කියලා ඇහුවා අළුතින් ආපු ළමයින්ට... මට කෙලින්ම ගිහින් ඒක ලියලා, ඒ ටීචර්ට කිව්වා මං කලින් හිටපු ඉස්කෝලෙන් අයින් උනේ එකේ මගේ විශයක් තිබුනේ නැති නිසා මිසක් ඒ ඉස්කෝලේ ‌හොඳ නැති කමක් නිසා නෙවෙයි කියලා... මම සෙල්ලම් කළේ බැඩිමින්ටන්.. සෙමි ෆයිනල් එන්නේ ම‌ෙග් පරණ ඉස්කෝලෙයි අනුලා එකයි... මම කිව්වා මාව බී ටීම් එකට දාන්න කියලා මට ප්‍රැක්ටිස් වත් කරන්න පුළුවන් වෙන්න.. මට මගේ පරණ ඉස්කෝලට විරුද්ධව සෙල්ලම් කරන්න බැරි නිසා... බී ටීම් එකට මාව ගත්තේ නෑ... මගේ බැඩ්මින්ටන් එතනින් ඉවරයි...

      මගේ නංගි හිටියේ අල්ලපු වැටේ සෙන් ජෝසප් එකේ.. ඒකේ හැම ජාතියකම, හැම ආගමකම ළමයි හිටියා.. උන්ට සිංහල, දෙමල, ඉංග්‍රීසි, හින්දි, ප්‍රංශ, අරාබි හැම එකම කතා කරන්න පුළුවන්.. ඇයි ඉතිං ඔක්කොම ළමයි එන පන්තියෙනේ.. මම හිටපු අවුරුදු දෙකෙන් වැඩි හරියක් මම සහභාගී උනේ ජෝසප් එකේ වැඩ වලට... අනුලා එකේ ලයිබ්‍රරි එකට වෙලා තමයි ඒ අවුරුදු දෙකම ගත කළේ...

      අපේ මහත්තයගේ නෑදෑ පරපුරම ගිහින් තියෙන්නේ ඔය ඉස්කෝලෙට.. මම නම් තාම අස්වීම වත් ගත්තෙ නෑ.. මගේ ළමයෙක් නම් ඔය ඉස්කෝලට දාන්‌ෙන් නෑ කියලා.. හි හි..

      Delete
    7. මම ලියපු මාතෘකා මොනවා වුනත් දැන් හරි ලස්සන සංවාද යනවනේ.

      Delete
    8. සුදීක,

      ඒක එහෙමද ? මමනම් ඒක නිරීක්ෂණය කරළා නෑ..

      මිශ්‍රව හැදෙන එක හොඳයි කියලා කවිකාරි කියන එකට එකෙන්ම එකඟයි..හැබැයි ඒ අනෙකාව පාගාගෙන නැගී සිටීමේ පටු අරමුණු නොමැතිව මනුස්සකම විතරක්ම හිතේ තියාගන කටයුතු කරනවනම් විතරයි. ලංකාවෙ දැන් ඔහොම වෙනවද කියන එක ලොකු ගැටලුවක්..ඔතනදි කල්පනාකාරී නොවන එකා සූක්ෂම විනාශයක ගොදුරක් වෙනවා...

      Delete
  15. සංචාරක සටහන ගොඩක් රසවත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  16. දඹුලු ගිහින් තලගොයිත් මරල වගෙයි...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන පසුව බලා ගන්න පුළුවන් වෙයි.

      Delete
  17. මග හැරුනු දෙවන කොටසත් එක්කම කියෙව්වා... මගේ ඉන්දියානු සංචාරය ගැනත් ලියන්න ඕනෙ කියලා මට මේවා කියවද්දි ලොකු ආශාවක් ඇති වුනා... හරිම රසවත්...

    කටුනායකින් යද්දි අපි සැට් එකම බ්ලැක් ලේබල් 3 ගානෙ අරන් ගියා... චෙන්නායි එයාර් පෝට් එකෙන් අවුලක් ගියේ නැ... අපි නවාතැන් ගන්නා තැනට ඒවා දීලා දවස් දෙකක් නොමිලේ හිටියා....

    ReplyDelete
    Replies
    1. මමත් දන්නවනම් චෙන්නායි බහැලා යනවා. D. ලියපං කොල්ලෝ අපිටත් ආසයි.

      Delete
  18. //ඉන්දියානුවා තමන් බඩගින්නේ හිඳිමින් ධනවතුන්ගේ ක්‍රියාකාරම් දැක සතුටු වන ජාතියකි. අර මෙගා සීරීස් කතා කට ඇරගෙන බලා සිටින්නේ එනිසාය.//

    ලංකාවේ උනුත් මෙහෙම හිතනවා නම් අපේ මහරතුමාට කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැ

    //ඉන්දියාවේ මා දුටු විශේෂත්වය නම් එහි සිටින මුස්ලිම් ජාතිකයන්ද ඉන්දීය වීම සහ ඉන්දීය කණ්ඩායමට සහයෝගය දැක්වීමය. අපේ මුස්ලිම් ජාතිකයන් එසේ කරනවාද ?//

    ඉන්දියාවේ මුස්ලිම් උන් එහෙම කරන්නේ , නොකලොත් දේශප්‍රේමි අනිකුත් ඉන්දියානුවන්ගෙන් ගුටි කන්න වෙන නිසාද දන්නේ නෑ. ක්‍රිඩාශිලි තාවය අනුව රටකට හරි කණ්ඩායමකට හරි කැමති වීමයි , තමන්ගේ රට එක්ක සෙල්ලම් කරත්දි ආගමක් බදාගෙන චියර් කිරිල්ලයි අතර ලොකු වෙනසක් තියෙයි . දෙවෙනි එක අන්තිමක කැතයි . අනික ලංකාවේ මුස්ලිම් වරු ආවේ ආරාබියෙන් නම් , ඉන්දියාවෙන් කැඩුනු කැල්ලක් වෙච්ච පකිස්ථානෙට චියර් කරන එක කිසිම තාර්කික කමක් නෑ

    ReplyDelete
    Replies
    1. අපේ අයත් ඔය ගොන් දෙපැයේ ඒවා නරඹනවා නේද ?

      එහෙමම තමයි මම බලපු ඝනඳුර කියල පොතක් ලියවිලා තියෙන්නේ ඒ වගේ පසුබිමක.

      ඔයාගේ තර්කයාට මම 100% එකඟයි.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...