Saturday, October 26, 2013

අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ ...... We are not BIG nor small

"ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ" කියලා කියමනක් තියෙනවා බොහෝ දෙනෙක් අහලා ඇති. ඉතිං මේ බ්ලොග් ලිවිල්ලත්  වගේ තමයි. ඒ වගේම තමයි අනෙකුත් සමාජ ජාලා. ෆේස්බුක්, ට්විටර්, ලින්ක්ඩ් ඉන්, පින්ටරස්ට්, මයි ස්පේස්, ගූගල් ප්ලස්, ඉන්ස්ටග්‍රෑම්,දෙවියන්ට් ආර්ට්, ලයිව් ජර්නල්,ටැග්ඩ්,ඔර්කට්, කැෆේමම්,නින්ග්,මීටප්, මයි ලයිෆ්, ආසක් එෆ්.එම්,ටම්බ්ලර් .... ඉවර කරන්න බැරි ලැයිස්තුවක් තියෙනවා. සමහර ඒවා රටටම ආවේණික ඒවා.

මේ අතරට අලුතෙන්ම එක් වෙන්නා තමයි "මීඩියම්". මේ ගැන දැන ගන්න ලැබුණ වෙලාවේ මමත් ගිහිං මීඩියම් ගිණුම ඇරඹුවා. බලාගෙන යනකොට මේක නිකංම නිකං එකක් නෙවේ. අපි වගේ ලියන්නන්ටම හැදිච්ච එකක්. හැබැයි පටන් ගත්ත මුල් දවස් වල මේ අය ලියන්න දුන්නේ තෝරාගත් පිරිසකට. මම හිතන්නේ ඇල්ෆා පරීක්ෂණ යුගයේ. අද මේක බීටා පරීක්ෂණ යුගයට ඇවිත්. අද උදේ මගේ ගිණුම සක්‍රීය කරලා, ඒ වගේම ලියන්න ඉඩ ඩී තිබෙන බව දැන ගත් විගස මමත් සටහනක් දැම්මා. මට මුලින්ම දන ගන්න ඕනෑ වුණා සිංහලෙන් ලියන්න පුළුවන්ද කියලා. මම එකේ නිතර අසන පැන (FAQ) කියවලාම වැඩේට බැස්සා. වාසනාවකට වෙනත් භාෂා වලටත් එයාලා ඉඩ දීලා තියෙනවා. මමත් ලිව්වා සිංහලෙන්. මම දන්නේ නෑ, මීඩියම් වල මුලින්ම සිංහලෙන් ලියපු කෙනා සුදීකද කියලා.

සුළු මොහොතකින් මම එය ෆේස්බුක් වෙත මුදා හැරියා. තවත් විනාඩි ගණනකින් අපේ මහා වෙදනා සටහනක් එකතු කළා. මම හිතන්නේ කියවන ලියන හැමෝටම මේක වැදගත් වෙයි ඉදිරියට. මේ ඒ ගැන කෙටි හැඳින්වීමක්.

අන්තර් ජාලයේ බ්ලොගර් සහ වෙනත් සමාජ ජාලා හරහා අදහස් බෙදා ගත් අපට ලැබෙන නවතම ලිවීමේ මාධ්‍යය මීඩියම් වේ. මෙය තවමත් පවතින්නේ බීටා පරීක්ෂණ තත්ත්වයේය. ඔවුන්ගේ බලාපොරොත්තුව බ්ලොගර් තරම් දිගු නොවූත්, ට්විටර් තරම් කෙටි නොවූත් සටහන් ලියා තැබෙන අවකාශයක් ලෙස මීඩියම් හඳුන්වා දීමටය. ඇත්ත වශයෙන්ම එය අද සිට ක්‍රියාත්මක වේ.

මෙන්න ඒ සටහනට යන සබැඳියාව ------> ගිහින් බලන්න. මහා වෙදනා එකතු කරපු සටහන මේ ------>.

මීට අමතරව විවධ භාෂා වලින් ලියවුණු සටහන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එහෙනං ගිහිං බලන්න. මෙය ජනප්‍රිය වේවි කියල මට පොඩි විශ්වාසයක් තියෙනවා. මේකද ටැබ්ලට් වගේ ඒවා භාවිත කරන අයට මේවා කියවන්න පහසුයි. මගේ සටහනේ පින්තුරයක් පහළින්. ලංකාවේ අපි අලුත් දේවල් ග්‍රහණය කර ගන්න ටිකක් මැලියි. ඒ නිසා අපේ අය පසුගාමීව මෙයට එකතු වෙයි. හැබැයි එහෙම නොහිතන අයත් ඉන්නවා.
____________________________________
ප.ලි. : මෙහි හිමිකාරීත්වය දරන්නේ ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියයි. බ්ලොග් වලට තිබෙන ජනප්‍රියත්වය නිසා ඔවුන් මේ පියවර ගනු ලැබුවා යයි සිතන්නට පුළුවන්. මෙහි කමෙන්ට් කිරීමද ඉතා පහසුයි. ඔබ කල යුත්තේ ඔබට අවශ්‍ය වාක්‍යය හයිලයිට් කර දකුණු පැත්තේ ඇති + බොත්තම ඔබා කමෙන්ට් එක් කිරීමයි. සිංහලෙන් යතුරුලියනය තරමක් අපහසුයි. වෙනත් තැනක ටයිප් කොට එකතු කල හැක. ඔබට ලැබෙන ප්‍රතිචාරද එතැනින්ම බලා ගැනීමට හැක. 

40 comments:

  1. බලමු. ට්‍රබල් සූටින් ඉවර උනාම අපිත් පටන් ගන්නංකෝ.. තැන්කුයි සුදීක

    ReplyDelete
    Replies
    1. ඇයි ට්‍රබල් වලට කැමති නැතෙයි ?

      Delete
  2. අනේ මන්දා. බලමුකො ඉස්සරහට. ගිහින් බලන්නම් කෝ.

    ReplyDelete
  3. මල්ලි කිව්ව පාරෙන් ගිහින් මාත් එකක් දැම්මා..කොහෙටද ගියේ කියලා තාම හොයනවා !

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා ගිණුම සක්‍රීය කර ගන්න.

      Delete
  4. අම්මටසිලි...ගිහිම්ම බලමු

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ. සිංහල අය එකතු වෙන්න වෙන්න තමයි යන්න හිතෙන්නේ.

      Delete
  5. hoda deyakwage podi podi wadawlata prayojanawathweyi, mekata log wenna thiyenne tweeter harahavima thamayi prashne, anawashya ayath e magin tweeter account ekata set wenna puluwan.
    kohomawunath sthuthiyi obage danuwath kirimata,( sry sinhala nameke.)

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහරවිට මේක ට්විටර් ලාගේ වැඩක්ම වෙන්නත් පුළුවන්. එතකොට දිග ට්වීට්ස් කඩලා දානවට වඩා, මේකේ දාල ලින්ක් එක දන්නා පුළුවන්. ඒ මගින් එයාලගේ සම්පත් ඉතුරු කර ගන්න පුළුවන්.

      Delete
    2. ඔව් මෙහි හිමිකාරත්වය දරන්නේ ට්විටර් සමාජ ජාලයමයි.

      Delete
  6. ෂෝයි අනේ තව මගුලක්..තැන්කුයි ඔයාට සුදීක..මේ දැන්ම ගිහින් රිජිස්ටර් වෙනවා...

    ReplyDelete
    Replies
    1. මේකට බැකප් එකක් විදියට ඒක තියා ගන්න පුළුවන්.

      Delete
  7. තියෙන එකෙත් ලියන්න එකක් නැතිකොට තව මොකටද? ඒත් ඉතිං කියවන්නනං අපි ඉන්නව.

    ReplyDelete
    Replies
    1. හෙක් ...හෙක්...හෙක්...

      Delete
  8. දැන්ම පටන් අරන් වැඩක් නැහැ. ඔක්කොම එකලාසයක් වෙලා ඉවර වුනාම ඕනේ ගේමට බහින්න.

    ReplyDelete
    Replies
    1. කැමති විදියකට කරන්න. මම කලේ දැනුවත් කිරීමක්.

      Delete
  9. හෆොයි තවත් සමාජ රෝග අඩවියක්ද ??? චැ ..... වැරදුනා සමාජ ජාල අඩවියක්ද ?

    ReplyDelete
    Replies
    1. මෙහි දිග පළල ගැඹුර ගොඩ ඉඳන් කියන්න බෑ. බැහැලාම බලන්න වෙනවා.

      Delete
  10. ලංකාවෙ වැඩිපුරම බලන බ්ලොග් අඩවි අතර 5 වෙනි තැනට ඉන්නෙ බ්ලොගර්...ඒ කියන්නෙ බ්ලොග් කියවන උනුත් අපි නොදන්නවා උනාට සෑහෙන්න ඉන්නවා කියන එක නේද ? නිවාඩු වෙලාවක මීඩියම් දිහාත් බලමු...

    ReplyDelete
    Replies
    1. මේකයි බ්ලොග් ලියන කෙනා දවසට බ්ලොගර් වෙත යන ප්‍රමාණය ?

      Delete
  11. අනේ දන්නේ නෑ බං උඹ කියනකල්. එක්කෝ දැනට තියෙන ඔලුව කැක්කුම් ඇතිවද්දෝ කියලා හිතෙනවා තව අමතර නයි රෙද්ද අස්සේ දාගන්න හිතනකොට...

    ReplyDelete
    Replies
    1. මම කලේ නයා පෙන්නපු එක. රෙද්ද අස්සට දා ගන්න එක උඹේ වැඩක්.

      Delete
    2. නයෙක් උනත් ඔයා තනියම රෙද්ද අස්සේ දා ගෙන අතල් ගන්නවා වගේ පෙන්නුවම අපි උනත් නොදාගෙන ඉදියි කියලද ඔය හිතන්නේ.... සිංහලයෝ හැටියට

      Delete
  12. මගේ twitter පාස් වර්ඩ් එක මතක නැහැ නොවැ...මොකෝ කොරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඕක අහන්නත දෙයක්ද මල්ලී.

      Delete
  13. ගහ බැන ගන්නේ නැතුව ....හොරකම් කරන්නේ නැතුව ඉන්නවා නම් ඔය කොයි මීඩියම් එකත් හැමෝටම හොඳයි.

    ReplyDelete
  14. පෝස්ටුව ඊයේ කියෙව්වට කමෙන්ටුවක් දාන්ට වෙලා තිබ්බේ නෑ නිවාඩු දවසේ වැඩ වැඩි හන්දා.

    හොඳ වැඩක් සුදීක. අපිටත් විස්තර දුන්නට ස්තූතියි. ඉස්සරහට තව විස්තර දැන ගත්තු හැකිවෙයිනේද? :)

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ වනවිටත් එහි අඩු පාඩු දෙමින් දමන සටහන් නිසා එය ඔප මට්ටම් වේවි ඉදිරියට. මම වැඩියම ආස ඒකෙ කමෙන්ට් කරන්න තියෙන විදියට. අවශ්‍ය ටික හයිලයිට් කරලා කමෙන්ට් කරන්න තියෙන්නේ හරිම පහසුයි. ඔයා ඊයේ කමෙන්ට් කරන්න බෑ නේද කියලා අහපු නිසයි මෙහෙම කිව්වේ.

      Delete
  15. තැන්ක්යු සුදීක අයියේ අලුත් දෙයක් ගැන ඉස්සෙල්ලාම කිව්වාට ඔන්න මමත් එකක් දැම්මා මේ බලන්නකෝ. මගේ Mediam පෝස්ටුව

    ReplyDelete
    Replies
    1. හරි මම ඔයාගේ එක බලන්නම්.

      Delete
  16. අලුත් වැඩක් වගෙයි, ඇත්තටම බ්ලොග් කියන්නේ මෙතරම් ජනප්‍රිය මාධ්‍යයක් බව බ්ලොග් ලියන්න පටන්ගන්නකොට දැනගෙන හිටියේ නෑ. මීඩියම් පැත්තේ දැම්ම යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. පුළුවන් වෙලාවක ගිහින් බලන්න.

      Delete
  17. ඔන්න මමත් ජොයින් වුණා.. එක සිර වගේ.. ලියන්න පුළුවන් අකුරු ගැන ලිමිට් එකක් තියෙනවද

    මේ තියෙන්නේ මම දාපු එක

    https://medium.com/writers-on-writing/dda2a65deb49

    ReplyDelete
    Replies
    1. බැලුවා. අපිට කලේෂන් හදන්නත් පුළුවන්. ඔන්න මම එකක් හදලා ඔයාගේ පොස්ට් ඒකත් එකතු කළා. අකුරු ගණනේ සීමාවක් දැනට නෑ. ඔවුන් තාම පර්යේෂණ මට්ටමේ ඉන්න නිසා පස්සේ සීමා කරන්නත් ඉඩ තිබෙනවා. නමුත් සීමාවල් දැම්මම අවශ්‍ය ජන ආකර්ෂණය අඩු වෙනවා. මෙන්න කලෙක්ෂන් එකට යන පාර
      https://medium.com/sinhala-medium-community

      Delete
  18. ඊයේ උදේම මටත් ලින්ක් එක හම්බුවෙලා මාත් ගිහින් ඔළුව දාලා බැළුවා.. බලමුකෝ.. බ්ලොගෙන් සමුගන්නත් ඉද්දී තව එකක්?

    ReplyDelete
  19. Thank yee කිව්වා..ගිහින් බැලුවා.හොඳයි වගේ. ඒඋනාට තාම බ්ලොග් ලියන්ට හිතුනේ නෑ..කියවනවා ඇරෙන්ට... :-)

    ReplyDelete
  20. ගිහින්ම බලමුකෝ එහෙනම් ..

    ReplyDelete
  21. ගිහිල්ලනම් බැලුව... තෙරුනේ නම් නෑ.... බලමු ඉස්සරහට

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...