Wednesday, August 21, 2013

සිරියලතා ...... සිරියලතා ......

ලංකාවට මොකක් ආවත් ඒක කෑලි යන්න පට්ට ගහන එක අපේ තරුණ පරම්පරාවේ සිරිත. මගේ මුල්ම මතකය තියෙන්නේ ඩිස්කෝ, ඊට පස්සේ බ්රේක් ඩාන්ස්, යෝ - යෝ. ආයි ඉතිං වසංගත ගානට ගිය ඒවා තමයි. තව දාහක් දේවල් තියෙනවා. මොනවා ආවත් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා යන්න ගතවෙන්නේ දවස් කිහිපයයි. ෆේස්බුක් එකත් ඒ වගේ පැතිරිලා බිමට වැටෙන්නේ නැතිව එක වගේ නැගලා යන අලුත්ම වසංගතේ. බොරු කියන්න ඕනේ නෑ මේ මමත් ඕකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. 

ඒ වගේම මොනවා ආවත්, ඒක දෙකේ කොලේට වට්ටන්න අපේ අයට ගත වෙන්නෙත් සුළු කාලයයි. දැන් ඒ වගේ නැති වෙන්නම නැගල යන සීන් එකක් තමයි ෆොටෝ කමෙන්ට්. "ආඩම්බරයි පුතේ", "අම්මප කියහන්කෝ", "කුමක්ද ඔබ පවසන්නේ" මේ වගේ නැගලා යන (මට) ෆොටෝ කමෙන්ට්. ෆේස්බුක් එකේ ගෘප් හැදිල්ලත් එච්චරයි. නිර්මාණශීලී ඒවා ගොඩක් අතරේ කොප්ප ගහන එවුනුත් නැත්තේම නෑ. මුලින්ම කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය ආවා. පස්සේ කජු කියන එකට ආදේශක කීයක් නම් ආවාද ? එතකොට තමයි අර මම ටික කාලෙකට කලින් ලියපු, තරුණයා පත්තරෙත් ඵල වෙච්ච තෙල් බෙහෙත් වෙළෙන්දාගේ පාපොච්චාරණය ලොල් කතාව  සිහියට එන්නේ. මේ වගේ තව ටිකක් නිර්මාණශීලී ග්රූප් එකක් තමයි සිරියලතා. කවුරුත් පාවිච්චි කරන්නේ නැති නමක් ඒ අය යොදාගෙන තියෙන්නේ. 

සිරියලතා කිව්වහම මට නිතරම හිනා යන කතන්දරයක් මතක් වෙනවා. මේක වෙලා බොහොම කාලයක් වුණත්, සිද්දිය මට අද වගේ මතකයි. අපේ ගමෙන් ගෙදර ඉස්සරහම ගෙවල් තුන හතරක් එකටෙක යාබදව තියෙනවා. හරියට නගරයක කඩ සාප්පු පේලියක් සිහි ගන්වමින්. වත්ත මැදට වෙන්න ගේ ගානේ තිබ්බ ඒ කාලේ අපිට මේක හරි මැජික් වගේ දෙයක්. මේ ගෙවල් වලින් දෙවෙනි ගෙදර හිටියේ බොහොම අහිංසක පිරිමියෙක්, යකඩ හයියක් තියෙන ගැහැණියෙක් සහ හදා ගත්ත දරුවෙක්. අර අහිංසක මනුස්සය වැඩ කරේ අලුත්ගම නගරයේ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකේ. නිතරම හිස නවලා අහිංසක හිනාවක් පාන මනුස්සයා. අර කාන්තාව වගේ චරිතයක් මම දැකලා තියෙන්නේ චිත්‍රපටි වල විතරයි.

Photo Credit : http://www.flickr.com/photos/humanityashore/
උදේ හතරට විතර ඇහැරෙනවා, අනුන්ගේ වතු වල වැටිලා තියෙන පොල් අතු දහයක් පහළොවක් අහුලාගෙන කෙලින්ම ගඟට යනවා. පොල් අතු ටික ගඟේ තෙමෙන්න දාලා කඹයකින් ගැට ගහලා, ඊලගට යන්නේ අපේ නැන්දලාගේ වත්තට. ඒ රෑ තිස්සේ වැටෙන දිවුල් ඇහිඳින්න. එහෙම නැති කාලෙට පාරේ වලවල් වල ගැලවිලා තියෙන කළුගල් ඇහිඳීනවා. මෙහෙම එකතු කරපු ගල් වලින් තමයි ඒ ගෙදරම බිමට සිමෙන්ති දාන්න අවශ්‍ය ගල් එකතු කරේ. පිලිගන්නත් අපහසුයි නේද ? ගෙදර එක පොල් ගහක් නැති වුණාට පොල් අතු දෙසීයක් විතර මාසෙකට විකුණනවා. ගෙදර තියෙන පුංචි කඩේ ආදායමෙන් ඒ ගෙදර හැම වරිච්චි බිත්තියක්ම කඩලා සිමෙන්තියෙන් හැදුවා. අවසානයේ වහලත් පිළිසකර කළා. අර ප්‍රියංකර කොලුවාගේ වාසනාව කියලා තමයි ගමේ හැමෝම කිව්වේ. නමුත් ඇත්ත කතාව, අර යකඩ ගැහැනියගේ අප්‍රතිහත දහිරිය.  අන්තිමට ගමේ ඉන්න පෝසත්ම අය වෙන්නත් මේ කාන්තාවගේ දහිරිය හේතුවක් වුණා. 

විවිධ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ තරගයට වගේ අරගන්නත් මේ අය පසුබට වුණේ නෑ. ගමේ අයට පොලියට මුදල් දීමත්, සීට්ටු ආරම්භ කිරීමත් මේ කාන්තාවගේ ඊළඟ ව්‍යාපාරික අංශ වුණා. නමුත් මේ කාන්තාවගේ නරක පුරුදු කිහිපයකුත් තිබුණා. ඒ අර අහිංසකයා ගෙදර නැති අවස්ථා වල ගමේ තරුණයන් සමග හාද පවත්වපු එක. ඒකට අහිංසක සැමියා සිරිල්ගේත් වැඩි විරුද්දත්වයක් තිබුණ පාටක් නෑ. එහෙම හිතෙන්න එක  හේතුවක් තමයි කට ගොන්නක් බීගෙන එන සිරිල්ගේ  අයියා වෙච්ච පියදාස(අපේ තාත්තාගේ පොතේ එන චරිතයක්) එතන නිතරම කරන ගෝරනාඩුවේදී අඩු වැඩි වශයෙන් මේ නම් කිහිපයක් කියවීම. නමුත් ඔහු ආපු වෙලාවට සිරිල්, ලතා හෝ සිරිල්ගේ මව එලියට එන්නේ නෑ. අපේ තාත්තා කියන විදියට සිරිල්ට මේ ගේ ලියා දී පියදාස පාරට බැස්සවීම තමයි මේකට හේතුව. පියදාස සේවය කරේ නගරසභාවේ. ඉතිං මේ වගේ හැසිරීමක් අර නැගී එන ව්‍යාපාරික යුවලට දරා ගන්න ටිකක් අමාරු වුණා. ඒත් කිසිමදාක ඔහුට විරුද්දව ක්‍රියා කරන්න ඔවුන් ඉදිරිපත් වුණේ නෑ. 

පියදාසගේ හිතේ වැඩිපුරම වේදනා දුන්න කාරණේ එලියට ආවේ පොඩ්ඩක් සප්පායක් වෙච්ච වෙලාවට. ඔහු ඒ නිවසට කිට්ටු කරන විට ගායනා කරන එකම එක සින්දුවක් තිබුණා. ඒ මිල්ටන් මලල්ලවාරච්ච් ගායනා කරන 

සමාව දෙනු මැන - සමාව දෙනු මැන වරදක් වූවානම්
ගීතය. ඒ කාලේ මේ ගීතය අසා නොතිබුන අපි හිතුවේ මෙය මව් ගුණ ගීතයක් කියලා.  පියදාසගේ වැඩ-කිඩ වෙනම ලියන්න වටිනවා. පියදාස සොහොනේ කොටසක අටවගත්ත පැල් කොටයක තමයි ජීවත් වුණේ. පොඩි කාලේ මම ආසම චරිතයක්. ගමේ ඕනෑම මල ගෙදරක, මගුල් ගෙදරක ස්වේච්චාවෙන් වැඩ කරන්නේ. 

ඉතිං අර ගෙදරට ගෙනාපු ඉලෙක්ට්‍රික් භාණ්ඩ අතරේ නැගලම යන එක වුණේ කැසට් රෙකොර්ඩර් එක. හේතුව තමයි මෙහා පැත්තේ ගෙදරත් එක්ක තරගෙට කැසට් වාදනය කරපු එක. අපිටත් ඉතිං මාර චාන්ස් එක. මල්වත්ත පාරේ ගියා වගේ. දවසක් ප්‍රියංකර, ඒ කියන්නේ මේ යුවලගේ පුත්‍රයා ඇන්ටන් ජෝන්ස්ගේ කැසට් පටයක් වාදනය කර එහි යන ගීතයකට මහ හයියෙන් අත්වැල් අල්ලාගෙන ඉන්නකොට, එතනින් බයිසිකලයක් පදවාගෙන ආවා කට කැඩිච්ච කොල්ලෙක්. 

ප්‍රියංකර : පොළොන්නරුවේ පොඩි විජේ ....

බයිස්කල්කරු : බොලැ අම්මගේ පොඩි විජේ ..

කියමින් මුළු ප්‍රදේශයම හින්ස්වමින් පලා ගියා. ලපටි කොලු පැටියකු වූ ප්‍රියංකරට මේකේ හයක් හතරක් නොතේරී "අම්මේ" කියාගෙන ගෙට දිව්වත්, අහල පහල අය සිනහා උපදවා ගත්තේ අර කාන්තාවගේ රහස් සබඳතා ගැන දන්නා නිසා. 

ප්‍රියංකරත් මගේ ලොකු මල්ලීත් එකම පන්තියක අධ්‍යාපනය කරපු නිසා, මල්ලී නිතරම ප්‍රියංකරගේ කතාවල් ගෙදර ඇවිත් කියනවා. මෙහෙම එක දවසක් ලජ්ජාවෙන් මුහුණ රතුකරන් ආව මල්ලි නියම කතාවක් දිග ඇරියා.

මේගොල්ලෝ ඉස්කෝලවල ප්‍රින්සිපල්ලා - ටීචර්ලා ඒ වුනාට සිංදුවක් වත් නෑ. බලන්න ඕනේ ප්‍රියංකරලගේ අම්මලා-තාත්තලා ගැන සිංදුවකුත් තියෙනවා. ඒගොල්ලෝ පොඩි පොඩි වැඩ කරාට, අලුත් කැසට් එහෙක ඒ දෙන්නා ගැන සිංදුවක් යනවලු.
හරි දැන් මොකක්ද සිංදුව ? ඒගොල්ලෝ ඔය මහා හයියෙන් දාගෙන ඉන්න සිංදු ඔක්කොම මගේ කාමරේට ඇහෙනවනේ. මම නොදන්නා එකක් වෙන්න බෑ.
වෙන මොකක්ද ඉතිං සිරිල්-ලතා... සිරිල්-ලතා.... සිරිල්-ලතා ...
මේක අහලා මට හිනාව නවත්තගන්න පැය කාලක් විතර ගියා. අන්තිමට අපේ අම්මගේ සැර කිරිල්ලට තමයි මම හිනාව නවත්තලා කතාව කිව්වේ. මොකක්ද දන්නවද සිංදුව 
සිරියලතා - සිරියලතා මගේ සිත ගත් සුදු කෙල්ලේ ...
මගේ පෙම් ලොව එලිය කලේ ...
ඔබේ පෙම් සිනාවයි - ඔබේ සිනාවයි  
 ලස්සන වීඩියෝ එකක් තියෙනවා යූ ටියුබ් එකේ. බැලුවට පාඩු නෑ.

______________________________________________
මේක මුලින්ම ලොල් කතාවකට ලියාගෙන ගියේ පස්සේ ඔන්න ඔහේ සිරියලතා කළා.

49 comments:

  1. සිරියලතෝ මේ ඇහුණද? අද මම එක...........

    ReplyDelete
  2. ඔයත් බලන් ගියාම මහා ඕපාදුප කොම්පැනියක්නේ .....මටත් එහා ....

    ReplyDelete
    Replies
    1. මේවා නිකම්ම කණේ වැටිච්චා...

      Delete
  3. ලොකු මල්ලිගෙ සින්දු කතාව තමයි නියම.

    ReplyDelete
    Replies
    1. ඒක ලොල් කතාවට ලියන්න ගිහින් ට්මමයි මේක ලියවුණේ.

      Delete
  4. චන්දන ඇල්ලෙන් නාලා... අපිටත් තියනව සින්දු. හරිය ? :D

    ReplyDelete
  5. මේක කියෙව්වම මතක් උනේ අපේ පැත්තෙත් ඉන්නව ආයන් ලේඩි කෙනෙක්.. ඇත්තම කිව්ව්වොත් ගෑනිද මිනිහද කියල කියන්න බැරි තරම් ... ලියන්ඩ ඕනි වෙලාවක

    ReplyDelete
    Replies
    1. මට තවත් එක්කෙනක් මතක් වුණා. ඒ පොඩි කෙල්ලෙක්.

      Delete
  6. කොච්චර සම්බන්දතා තිබුනත් ඒ ගෑනිගේ හිත අඩපු තරම දන්නවා ඇත්තේ ඒ ගෑනිම විතරයි. නමට විතරක් මිනිස්සු ඉදල මොකටද?

    ReplyDelete
    Replies
    1. ලතා අක්කා කොක් හඬලා හිනා වෙනකොට නම් හිතිං වත් ඇඩුවා කියලා හිතන්නවත් බෑ.

      Delete
    2. හිතින් අඬන බොහෝ දෙනෙක් හයියෙන් හිනාවෙනවා මචන්. උදාහරන එමටයි.

      Delete
    3. එක වෙන්නැති ජෝතිපාල "ඇහෙනවනම් හිත හඬන තරම් ගීතය ලියලා තියෙන්නේ"

      Delete
    4. එහෙමම කියන්නත් බැරි අවස්තා තියනව. සමහර වෙලාවට හිතෙන් විඳවනව ඇති කියල අපි හිතන උදවිය සාමාන්‍ය විදියට ඉන්නව. යමක් කමක් තේරුම්ගන්න කෙනා වගේ නෙවේ පහලම ලෙවෙල් එකේ උදවිය. කෑව බිව්ව .... එතනින් ඉවරයි.

      Delete
  7. සුදීකගේ ගමේ විත්ති අහලා දැන් මටත් සෑහෙන අවබෝධයක් තියෙනවා උඹලගේ ගම ගැන. මට ඔය ගමේ නම ඇහෙනකොට සංචාරක වයාපාරයට අමතරව මතක් වෙන්නේ සුදීකයව.

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි. මම මේ බොහොම හොඳ මට්ටමේ ඒවා විතරයි කිව්වේ.

      Delete
  8. අර ගෑනු කෙනාගේ අඩුපාඩුවක් විදිහට නෙවෙයි මම නම් හිතන්නේ එකත් ඒ ගෑනු මනුස්සයාගේ දක්ෂකමක් කියලයි.

    ReplyDelete
    Replies
    1. මානව සම්පත් කළමනාකරණය.

      Delete
    2. ඔන්න ප්‍රගීත් ඔයාගේ කතාව නිසා මට මේක මතක් වුණේ. ඔයා කියන එක ඇත්ත ඇය අතිදක්ෂ කාන්තාවක්.
      මේ කතාව මට කිව්වේ අපේ අම්මා.

      මම මෙතනදී විස්තර කරලා තියෙනවා නේද, ඇය සීට්ටු දැම්මා කියලා. ඇයගේ සීට්ටුවකට වරක් මගේ මවත් සහභාගී වුණා. දැන් හිතන්න එතන ඉන්නේ දාහතයි කියලා. ඇය කියනවා, තව එක්කෙනෙක් එනවා කිව්වා, ඒක එක්කෝ මම ගන්නම්, පරක්කු වෙන නිසා අපි සීටුව දාමු කියලා. ඇය කලින්ම දහ අටක් සුදානම් කරගෙන ඉන්නේ. එක කොහොමත් ලතා අක්කට. ප්‍රශ්ණයක් නෑ. දෙක තියෙන්නේ එයාගේ කිහිල්ලේ. කට්ටිය පොරකාල තුණ්ඩු ගන්නකොට අරයා කිහිල්ලෙන් අංක දෙක ලියපු කොළ කෑල්ල අතට අරන් ඉන්නේ. ඉතිං මේ වෙනකොට දහ අටත් කාට හරි ලැබිලා තියෙන්න පුළුවන්. ඇත්තටම මෙතන ඉන්නේ දාහත් දෙනයි. සල්ලි එකතු වෙන්නෙත් එහෙමයි. ඒත් දහඅටවෙනියව කවුරුවත් අඳුනන්නේ නෑ. දෙක එයාගේ හිතවතාගේ හින්දා, මුල් මාස දෙකේම සල්ලි එයා ගාව. ඊට පස්සේ හෙමිහිට අර කෙනාගේ එකත් එක්ක එයා ගෙවනවා.

      කොහොමද මොලේ. හැබැයි අපේ අම්මට වැඩේ අහු වුණා. අම්ම ඒක ප්‍රසිද්ධ කරේ නෑ.

      Delete
    3. සීට්ටු වෑඩෙන් පේන්නෙ මෙයා පොඩි සක්විති කෙනෙක් වගේ..

      Delete
    4. ඇත්තටම එක දක්ෂතාවය නෙවෙයිද..? නිර්මාණශීලී ලෙස සිතීමේ ප්‍රතිපලයක්.

      Delete
  9. හෙක් හෙක්.. සිරිය ලතා....

    ReplyDelete
    Replies
    1. මේ ලතාගෙන් බිඳක් පමණි.

      Delete
  10. සුදික ගෙ මල්ල තමයි මල්ල.
    එයාද දැන් ඉංග්ලන්ඩ් ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. නැහැ එයා අපේ ගමේ ඉන්න මල්ලී.

      Delete
  11. උඹේ අම්මගේ පොඩි විජේ.....ඒක තමයි නැගලම යන කෑල්ල.

    ReplyDelete
  12. සිරියලතාගේ විත්ති කියල අලුත් සිරිස් එකෙක් ලියන්නකෝ

    ReplyDelete
    Replies
    1. මතක් වෙන විදියට බලමුකෝ.

      Delete
  13. අපේ මාමා කෙනෙක් හිටියා (දැන් නං මිය ගිහින්) ටිකක් බීලා වැඩි වුණ වෙලාවට එයත් ඔය සින්දුව තමයි කියන්නේ. හොඳ වෙලාවට නැන්දගේ නම සිරියලතා වුණේ.

    ReplyDelete
    Replies
    1. නැන්දා ලැජ්ජාවේ බලා ඉන්නවා ඇති නේද ?

      Delete
  14. ඒ ගෑනු කෙනා නං පුදුමාකාර ධෛර්යමත් චරිතයක් තමයි.මොන කතා අහගෙන හරි පවුල ගොඩගත්තනේ.ටිකක් අවකෙලි තිබුනත් මොකද වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. උත්සාහවන්ත කම ගැන නම් කියලා වැඩක් නෑ.

      Delete
  15. සිරියලතා ...... සිරියලතා ......

    ReplyDelete
    Replies
    1. මගෙ සිත ගත සුදු කෙල්ලේ (ලතා අක්කා කලුයි)

      Delete
  16. සිරියලතා ...... සිරියලතා ......

    ReplyDelete
  17. අම්මටහුඩු''' සිරියලතා ......

    ReplyDelete
  18. ඔබමයි ලොව එළිය කලේ.. ඒ කියන්නේ දියුණු වෙන්ඩ නම් කාන්තා ඇල්ම බැල්ම ටිකක් තියෙන්න ඕනේ කියන එක වගේ එකක්ද?

    ReplyDelete
    Replies
    1. අනිවා... කොල්ලෝ. ඔය තේරෙන්නේ.

      Delete
  19. ජිවිත යථාර්තයයේ තවත් එක් පරිච්ඡේදයක්

    ReplyDelete
  20. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
  21. දියුනු වෙන්නෙ මෙවගෙ හෑමවිදියකින්ම මුදල් හොයන්න බලන මිනිස්සු තමයි.අවකෙලි නම් ඉතින් අවස්තාවතියෙන හුගදෙනෙක් කරනව.

    ReplyDelete
  22. යෝ යෝ වසංගතේ ආපු දවස් වල එකතු කරපු කොකා කෝලා මූඩි තිබුනෙ නැති හින්දා රු 48/- දීලා යෝ යෝ එකක් ගත්ත හැටි මතක් වූනා...සිරියලතාගෙ දහිරිය තමා දහිරිය...කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ...

    ReplyDelete
    Replies
    1. සිරා ගොඩ කාලෙකින් නේන්නම්. කොහොමද බං තොරතුරු?

      Delete
    2. දැන් රැකියාවක නිරත වෙනවා...මම හොදින්..

      Delete
  23. අපේ ගෙවල් ලග සිරියලතා වලියක් දාගෙන
    අනත් ගැනු කෙනා- උබ ලමයි දාලා වෙන මිනිහෙක එක්ක ගියනේ
    සිරි අක්කා- යකෝ එංගලන්තේ ඩයනාත් ගියා..මම ගිය එක තමයි උබලාට රැදාව

    ReplyDelete
  24. අපේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් ඉන්නවා සිරියලතා කියලා . මම පොඩි කාලේ ඔය සිංදුව කියලා කෑගහනකොට අම්මා මාව ගෙට ඇදගෙන යනවා . එත් ගේ අස්සේ ඉඳලත් එහෙමම තමා . හඃ හඃ හඃ

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...