පේටන්ට් කිව්වහම අද කාලයේ නොදන්නා කෙනෙක් නෑ. පේටන්ට් කියන්නේ මම ඉතාම ගරු කරන දෙයක්. හැබැයි එය ඇමරිකානුවන්ගේ සංකල්පයක් වුවත්, එය ලෝකයටම අයිති දෙයක් නිසා එහි නිසි බලධාරියා ඇමරිකාව විය යුතු නෑ. ඒත් කෙනෙක් මේක දකින්නේ ඇමරිකාව මේ මගින් විශාල විදේශ විනිමයක් උකහා ගන්නවා කියල. මට මේ එක පාරටම පේටන්ට් ගැන අදහස ආවේ ඇයි කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒත් ඉතාම පුංචි අවකාශයක් වෙච්ච් අපේ මේ සිංහල සයිබර් අවකාශය තුලත් මේ වගේ නම් පිලිබඳ ප්‍රශ්ණ වලදී ආරවුල් ඇති වෙලා තියෙන බව පැහැදිලි වුන නිසා සහ මේකට කදිමට කැපෙන කතාවක් අපේ මැෂින් කඩන සිල්වා මහත්තයා දවසක් කියපු නිසා.
තෙල් බෙහෙත් වෙළෙන්දෝ සාමාන්‍යයෙන් ඉන්නේ ගස් යට. ඔවුන් ඉතාම චතුර පුද්ගලයෝ. නැති ගුණත් කියලා කොහොම හරි වට වෙලා ඉන්න මිනිස්සුන්ගේ ඇඟේ තමන් ගාව තියෙන තෙල් කුප්පි ටික ගහන්න තමයි උත්සාහය. අපේ සිල්වා මහත්මයා මේ තෙල් බේත් වෙළෙන්දා කියන ඒවාට සවන් දෙන්න පුරුදු වෙලා හිටියා. ඒ තෙල් බේත් ගැන තියෙන අබමල් රේණුවක විශ්වාසය නිසා නෙවෙයි. තෙල් බේත් කාරයා කියන අර්ධ කුණුහර්ප කතා අහන්න. ටිකක් දවස් යනකොට සිල්වා මහත්තයට පෙනුනා ටිකක් එහායින් තියෙන ගහ යට තවත් තෙල් බේත් වෙළෙන්දෙක් ඉන්නවා. ඒ වගේම මේ වෙළෙන්දා ගාව වට වෙලා රස කතා අහගෙන හිටිය ය දෙකට බෙදිලා. එත් තෙල් බේත් වෙළෙන්දා ඒ ගැන වචනයක් කතා කලේ නෑ. තව ටික කාලයක් යනකොට මීටර් 100ක් ඇතුලේ තවත් තෙල් බේත් වෙළෙන්දෙක්. අපේ සිල්වා මහත්තයාව මේ වෙළෙන්දා අඳුනනවා. දවසක් සිල්වා උන්නැහේ වෙළෙන්දාගෙන් අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්.
"මුදලාලි මොකද මේ වෙන්නේ? අන්න තව දෙන්නෙක් තෙල් විකුනනවා"
"මහත්තයෝ සුද්ද හැදුවා ෂූස්. අනිත් සුද්දොත් ෂූස් හැදුවද නෑ. නිකම්ම ෂුස් වලට කකුල රිංගවන්න අමාරුයි. පස්සේ ගලවන්නත් අමාරුයි.හදිසියකට ගලවගන්නත් බෑ. නිකං හිතන්නකෝ බඩේ අමාරුවක් හැදිලා වැසිකිලි යන්න වුනොත්. මේ මොන කරදරයක්ද කියල හිතෙයි. ඔන්න තව සුද්දෙක් කල්පනා කළා මේකට විසඳුමක්. ඒකා හැදුවා ලෙස්. දැන් සපත්තු වෙනදට වඩා විකිනෙනවා. ෂූස් වලට කකුල් කැපෙනවා, කිසිම සැප පහසුවක් නෑ. දාගෙන ගියාම කකුල් ගඳ ගහනවා. තව සුද්දෙක් හැදුව සොක්ස්. විකුනන්න කඩේට ගේනකොට මේවා එක එක සයිස් ඒවා මල්ලක දාගෙන එනවා. අන්තිමේදී මේවා බේරුම් ඇර ගන්නම පැයක් විතර යනවා. දුඹුරුපාට, කලුපාට. ඕක ගැන කල්පනා කරලා තව සුද්දෙක් හැදුව කේස්. සපත්තු දාගෙන යනකොට දහ ජරාව ගෑවෙනවා. දුඹුරු පාට ඒවා කළු වෙනවා. කළු ඒවා පුස් කරනවා. තව එකෙක් ටිකක් කල්පනා කර කර ඉඳලා ඔලුව කහලා කහලා ඊළඟට හැදුවා පොලිෂ්. ඉතින් මේ පොලිෂ් ගාන්න ගියාම හත්පලේ ගෑවෙනවා. ෂයින් කරන්න රෙදි කෑලි දාගෙන උලන්න ඕනේ. බැරිම තැන තව එකෙක් හැදුවා බ්‍රෂ්. ඒකට අපේ එවුන්. මම මේ අඹ ගහ යට ඉඳන් තෙල් බෙහෙත් විකුනනවා. තව එකෙක් ආවා ඌත් විකුනන්නේ තෙල් බේත්. ඒ මදිවට තවත් එකෙක් ආවා. ඌත් තෙල් බේත්. නෙද්දකින් කාලකන්ණි"
පින්තුරය ගත්තේ : dreamstime.com |
තෙල් බේත් මුදලාලි කිව්වා මේ කතාවේ විශාල අරුතක් ගැබ් වෙලා තියෙනවා. මොකද කෙනෙක් අමාරුවෙන් තැනක ව්‍යාපාරයක් ගොඩ නාගගෙන. ඒ නම බොහොම දහදුක් විඳලා ප්‍රසිද්ද කර ගන්නවා. තව කෙනෙක් නිකං මේ දිහා බලාගෙන ඉඳලා ඇති වෙන කෑදර කමට දානවා ඒ ව්‍යාපාරෙම. නිකමට හිතන්න වාහනයක් නවත්තන්නැති තැනක දෙයක් පටන් ගත්තාම යන-එන මිනිස්සු මේ ව්‍යාපාරෙත් එක්ක අත්වැල් බැඳ ගන්න සෑහෙන කාලයක් ගත වෙනවා. තව කොහේ හරි හිටපු කෙනෙක් පැරචුට් එකෙන් එතනට බහිනවා.
මම මේක මුලින්ම දැක්කේ මග්ගොන තියෙන මෝනිස් බේකරියේ. දැන් හරි මෝනිස් බේකරිය මොකක්ද කියල කියන්න ඒ වටපිට ඉන්න මිනිස්සුත් හරියට දන්නේ නෑ. අයියා මල්ලි දෙන්න වෙන වෙනම කරගෙන යනවා.
ඊළඟට නිට්ටඹුවේ තියෙන පොල් අතු බත් කඩේ සහ නියම පොල් අතු බත් කඩේ. කොයි එකද හරි එක. අපි යන්න ඕනේ කොයි එකටද ? මගීන්ට ගැටළුවක්. පව් ඉතින් අර හැල්මේ යන බස් ලොරි එතන නතර කර ගන්න අර මුදලාලි කොයි තරම් මහන්සි වෙන්න ඇද්ද ?
මම නම් කියන්නේ කෙනෙක් මෙහෙම බිස්නස් එකක් පටන් ගත්තම එයාට අඩුම ගන්නේ අවරුදු පහක් වත් එතන ඉන්න දෙන්න ඕනේ. මොකද දුප්පත් කෙනෙක් මේ වගේ තැනක් ගොඩ නගා ගත්තට පස්සේ, ඊට වඩා සල්ලි තියෙන කෙනෙක් එතනට පාත් වෙලා අර මනුස්සයා අමාරුවෙන් ගොඩ නගා ගත්ත ගනුදෙනු කරුවන්ව බා ගන්නවා. කොයි තරම අසාධාරණද? මගේ විශ්වාසෙ නම එතන තව කෙනෙක්ට සමාන ව්‍යාපාරයක් දාන්න නොදෙන විදියට නීති සකස් වෙන්න ඕනේ. තරගකාරීත්වය හොඳයි. ඒත් අමාරුවෙන් ගොඩ නගාගත්ත ව්‍යාපාරයක් කඩා වැටෙන්න සලස්වන එක කැතයි.
ජාත්‍යන්තරවත් කාතාව මීට වඩා වෙනස් නෑ. කොපි කරනවා. ඉතින් මේක සාධාරණීකරණ කරන්න තමයි පේටන්ට් වැඩේ පටන් ගත්තේ. ඔය ගූගල් එකෙන් ගිහින් ඕන කෙනෙකුට පේටන්ට් බලන්න පුළුවන්. බුද්ධිමය දේපල රැකීම තමයි එහි අරමුණ. හැබැයි එකෙන් වුන අකටයුතු කමුත් තියෙනවා. කොහොඹ ගහ ට පේටන්ට් තියෙන්නේ ඇමරිකාවට. නමුත් කොහොඹ ගස් වැඩියෙන්ම තියෙන්නේ ඉන්දියාවේ. කොහොඹ කොලයක් හරි දාලා බෙහෙතක් හදන්න ඇමරිකාවෙන අවසර ගන්න වෙනවා. කොතල හිඹුටු අපේ රටට ආවේනික ශාකයක් වුනත් පේටන්ට් අයිතිය ජපානයට.
ඇඩිඩාස් /පුමා අයියයි මල්ලියි. මේ දෙන්නා අතරේ නඩු හබ නම් ඇති වුනේ නෑ. නමුත් මයික්‍රොසොෆ්ට් ඇපල් අතර නඩු දවස ගානේ. සන් කියන පරිඝණක සමාගාත් මේ වගේ මයික්‍රොසොෆ්ට් එකත් එක්ක නිතර නඩු කියා ගන්නවා. බොහොම මෑතකදී සැම්සුන් සහ ඇපල් අතර නඩුව.
බ්ලොග් එකක් ලියන්න අරගෙන අව්රුද්දක විතර වෙනවා. ඒ කල සීමාව තුල මම දැක්කේ එකම නමට කොයි තරම් නම් ප්‍රශ්න ඇති කර ගන්නවද? මේ වගේ තැන වලට ටමයි පේටන්ට් ක්‍රියාවලියක් අවශ්‍ය. කොපි කිරීම හොඳ වුනත්, මහා නරක විදියට කොපි කිරීම් දකින්න ලැබෙනවා.
මේ කතන්දර නිසා දැන් කරන්නේ කෙනෙක් තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් නම් ලියාපදිංචි කරත්දී ඒ වගේ වෙනත් නම් පවා කලින්ම වෙන් කර තබා ගන්නවා. එය පහුකාලීනවා ඉතා වැදගත් වෙනවා.
මම හිතන්නේ කියවන ගමන්ම ඔයාලගේ අත්දැකීම් හිතට ඇවිත් ඇති කමෙන්ට් කරන්න. ඔන්න අවස්ථාව.
මගේ නමෙං නං වෙන එකෙක් නෑ මං දන්න තරමිං...
ReplyDeleteසංතෝසයි...
අර හරී කියල තිබුනනේ, එයාට මේ නම පේන විදිය. ඉතින් අනිත් යටත් එහෙම පෙනුනන්ද දන්නේ නෑ. D
Deleteමෙ මෑතක් වෙනතුරු සිරාවටම මටත් පෙනුනේ එහෙම තමයි. :)
Deleteසුදික, නිදහස් සාර්ථක වෙළඳ ආර්ථිකයක ඉල්ලුමට අනුව සැපයුම තීරණය වෙයි. උදා : පාන් ඉල්ලුම වැඩි විට Scarcity බලයක් ඇති වෙයි. එවිට පාන් මිල ඉහල යයි. එවිට පාන් විකිණීමෙන් ලබාගත හැකි ලාභය ඉහල යයි. ඒ ලාභය දැක තවත් ව්‍යාපාරිකයන් බේකරි ආරම්භ කොට වෙළඳපොළට පාන් දැමීම කරයි. වෙළඳපල පාන් වලින් සංතෘප්ත වූ විට ඉබේම පාන් වලට ඇති Scarcity බලය නැති වී ගොස් මිල පහල යයි.
ReplyDeleteමිල පහල යාම නිසා ව්‍යාපාරයට ලැබෙන අදායම අඩු වී යයි. සාර්ථක ව්‍යාපාරිකයා (ලංකාවේ නම් ඇත්තෙම නැති තරම් ) මේ දෙය කලින් ම තේරුම් ගනී. තම ආදායම වැඩි කර ගැනීම සඳහා වෙනස් ආකාරයෙන් තම ව්‍යාපාරය මෙහෙයවයි. භාණ්ඩ නිෂ්පාදනයෙන් නොනැවතී ඒ භාණ්ඩ සඳහා නොයෙකුත් සේවා සපයයි. පාන් කඩේ විකිනීමට නොතබා home delivery service එකක් පටන් ගනී. විවිධ පරීක්ෂණ කොට අලුත් රසකැවිලි , පිටි අහර නිපදවා වෙළඳපොළට එවයි. බනිස් ගෙඩියේ කැරපොත්තෙක් සිටීම තම ව්‍යාපාරය බංකොලොත් වීමට හේතුවක් බව ඔහු දනී. වෙළඳපොල තරඟකාරීත්වය නිසා තමන් හොඳ සේවාවක් නොසපයුවහොත් පාරිභෝගිකයන් අන් ව්‍යාපාර වෙත යොමුවෙන බව ඔහු දනී. එහෙයින් පාරිභෝගික තෘප්තිය ඉහලින් ම පවත්වා ගැනීමට සැලකිලිමත් වෙයි. තම නිෂ්පාදන වල ප්‍රමිතිය ඉස්තරම් ම ලෙස පවත්වා ගැනීමට වෙහෙසෙයි. එමගින් තම business edge එක සැම විටම අන් ව්‍යාපාර වලට ඉදිරියෙන් පවත් වා ගනී. හරි හැටි ව්‍යාපාර කරන කිසි කෙනෙකුට ඒ හා සමාන අන් ව්‍යාපාර වලින් එතරම් කරදරයක් නැත. මිනිසුන් හොඳ දෙය ජරාවෙන් වෙන් කර ගැනීමට දනිති.
මෙසේ වීම නිසා අන්තිමේදී එහි සියලුම වාසි පාරිභෝගිකයන් වෙත හිමි වේ. තරංග කාරී මිලට විශිෂ්ට සේවයක් ලබාගත් හැකි වේ. ආර්ථිකය විවිධ නිෂ්පාදන හා සේවා හරහා පුළුල් වේ.
එමනිසා තරඟකාරීත්වය , නව නිපැයුම් සඳහා අදායම් ඉපයීමේ අයිතිය (patents) හා එහි සුරක්ෂිත භාවය නිරෝගී ආර්ථිකයකට අත්‍යවශ්‍ය දෙයකි. අනවශ්‍ය නීති දැමීමෙන් වන්නේ ලංකාවේ මෙන් ආර්ථිකය අබ්බගාත වීමයි.
ඉහත තෙල් බෙහෙත් වෙළෙන්දාද තම පාරිභෝගිකයන් අන් වෙළඳුන් පැහැර ගැනීම ගැන (loss of monopoly ) ආඩපාලි කියමින් සිටිනවා විනා තම ව්‍යාපාරය පුළුල් කිරීමට , අලුත් පාරිභෝගිකයන් ඇදගැනීමට කිසිවක් නොකරයි . නොවෙහෙසෙයි. ඔහුත් අන් තෙල් වෙලන්දනුත් අතර වෙනසක් මට නම් නොපෙනේ.
සාර්ථක ව්‍යාපාරයකට , පාරිභෝගිකයන්ට සහ රටක ආර්ථිකයකට තරඟකාරීත්වය රකුසෙක් නොව ආශීර්වාදයකි.
අයියයි කටේ ගුණසිරි බුල්ටෝ දන්නා වටිනවා සහතික ඇත්ත
Deleteඔයා කියන මේ පාන් උදාහරනයටම දෙයක් එකතු කරන්නම්. දැන් Bread Talk ලංකාවට ඇවිත් නේ. එහි තිබෙන්න්නේ සාමාන්‍ය මිනිසෙකුට දරා ගැනීමට නොහැකි ප්‍රමාණයේ මිල ගන්නන් නේ. එතනදී ඇති වන තරගකාරීත්වයට අනෙක් අය මුහුණ දෙන්නේ මිල ඉහල දැමීමෙන් නේද ? තවත් උදාහරණයක් මා 2003 දී ඉඩමක් මිලදී ගත්තා පර්චසර 50,000 කට, 2007 දී දේපොළ වෙළඳ සමාගමක් එම ප්‍රදේශයේ ඉඩම් ලක්ෂ 4 ගණනේ විකුනන්න පටන් ගත්තා. එනිසා නිකම්ම එම ප්‍රදේශයේ ඉඩම් මිල ඉහල ගියා. ආපසු පහත වැටුනේ නෑ.
Deleteසුදික ,Bread talk මා දන්නා පරිදි (සමාවෙන්න ලංකාවේ නොසිටිමි , එමනිසා දැනුම කල් ඉකුත් වී තිබිය හැක ) දැනට වෙළඳපොලේ පවත්වාගෙන යන්නේ monopoly එකකි. සාමාන්‍ය බේකරියක් හා ඒ ආකාරයෙන් ඔවුන් සංසන්දනය නොකරන්න. ඔවුන් තම භාණ්ඩය සඳහා value added service එකක් සපයයි. තවත් එවන්ම ව්‍යාපාර පටන් ගෙන වෙළඳපොල සංතෘප්ත /තරඟකාරී වූ විට මිල පහත වැටීම අනිවාර්යය වේ. නැතහොත් මිල අධික ස්ථානය පාරිභෝගිකයන් නොමැති කමින් බංකොලොත් වීම සිදු වේ .
Deleteතවත් දෙයක් කිව යුතුය. සමාගමක් යම්කිසි නිෂ්පාදනයක් කොට එහි මිල නියම කරන්නේ ඔවුන් ඉලක්ක කරන පාරිභෝගික සංචිතයේ ආකාරය අනුවය. Bread talk මිල වැඩි වන්නේ ඒ මිල ගෙවා ඔවුන්ගේ භාණ්ඩ මිලට ගැනීමට සමත් පිරිසකට ඔවුන් තම භාණ්ඩ ඉලක්ක කරන බැවිනි . ඒ පිරිසට ඒ මිල ගෙවා එය ගැනීම අපහසුවක් නොවේ. ඒ ඔවුන් එම භාණ්ඩයේ නියම නිෂ්පාදිත මිලට වඩා එය සමග එන value added service එක සඳහා මිල ගෙවීමට කැමති බැවිනි , යම්කිසිවෙකුට ඒ මිල දරාගැනීමට අපහසුනම් කල යුත්තේ තමන්ගේ සාක්කුවට දරාගත හැකි මිල මට්ටමේ ඇති හෝටලයකය ගොස් බනිස් කෑම මිස මිල වැඩි ස්ථානයේ මිල ගැන මැසිවිලි නැගීම නොවේ.
අනිත් කරුණ නම් ඔබ දැක්වූ අනිත් උදාහරණයේ සාවද්‍ය භාවයයි. ඉඩම් යනු වඩ වඩා නිෂ්පාදනය කොට දිය හැකි දෙයක් නොව සීමිත සම්පතකි. ඉල්ලුම වැඩි වන විට එහි මිල ඉහල යාම අනිවාර්යය වේ . යම්කිසි සමාගමක් නිශ්චිත ප්‍රදේශයක් සංවර්ධනය කොට යටිතල පහසුකම් නංවා වැඩි මිලට ඉඩම් විකිනු පසු එම ප්‍රදේශය ආශ්‍රිත අනිකුත් ඉඩම් මිලද ඉහල යාම සාමාන්‍ය දෙයකි. ඉල්ලුම ඇත. සැපයුම සීමිතය. මිල ඉහල යාම අනිවාර්යය. එයින් වක්‍රව ඔබ ලැබූ ලාභය පර්චාසයකට රු 350000 කි. කාටත් වාසිය. (win win situation) හොඳ නැද්ද ? :)
මා මේ ලිපිය ලියුවේ වෙළෙන්දාගේ පැත්තේ සිටය. අපගේ මේ සංවාදය පාරිභෝගියාගේ පැත්තේ සිටය. පළමුව දෙයක් හඳුන්වා දෙන්නාට විඳින්නට වන ගැහැටයි මෙහිදී සැලකිල්ලට ගත්තේ. ඔබගේ විග්‍රහයන් ඉතා අපූරුයි.
Deleteඇත්තටම ආවේ සුදීකගේ ලිපිය අගය කරන්න.. ඒත් ටිරාජ්ගේ කතාව දැක්කම දෙන්න ආව ලකුණු දෙකට බෙදලා දෙන්න උනා...
Deleteහෙහ් හෙහ් හෙහ්.. මම ලිව්වේ වෙළෙන්දාගේ පැත්තෙන්. ටිරාජ් ඒකට උත්තර දුන්නේ පාරිභෝගිකයාගේ පැත්තෙන්.
Deleteමේක තේරුම් ගන්න ඉකෝන් මතක් කරන්න උනා මට නම්.... හි හි
Deleteමාරයියා කියපු කතාව ඇත්ත.. ලකුණු බෙදන්න වෙනවා... හි හි
ඇත්තටම....පෝස්ට් එක තරම්ම ටිරාජ්ගේ කමෙන්ට් 2 ත් වටිනවා.
Deleteඅර තෙල් වෙළෙන්දගෙ කතාව මසුරන්.
ReplyDelete// මේ කතන්දර නිසා දැන් කරන්නේ කෙනෙක් තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් නම් ලියාපදිංචි කරත්දී ඒ වගේ වෙනත් නම් පවා කලින්ම වෙන් කර තබා ගන්නවා. //
මේ මම අහලා තියන කතාවක්. මේකෙ සත්‍ය අසත්‍ය තාවය හොයන්න මම උත්සහ කළාට හරි ගියේ නෑ..
සුදීක දන්නවනේ 20th Century Fox එක. කවුද වෙනත් කෙනෙක් 21st Century Fox කියලා නමකින් අළුත් සමාගමක් ලියාපදිංචි කළාලු. ඊට පස්සෙ කලින් සමාගමට මේ නම, අර පසුව ලියපදිංචි කරපු පුද්ගලයගෙන් මිළදී ගන්න වුනාලු. සමහර විට ඔවුන්ට මේ නම 21වෙනි ශත වර්ශයට අවශ්‍යය වෙන්න ඇති.
එහෙම කරලා තිබුනේ පොඩි කොලු පැටියෙක්.
Deleteසුදීක ඒ කතාව දන්නවනම් ලියන්නකො.. මම හරියටම ඔය කතාව දන්නෑ.. ඒක ටිකක් ඉන්ටර්ස්ටිං කතාවක්..
Deleteමටත් යාලුවෙක් කිව්වේ හොයලා බලන්නම්.
Deleteනමක් නිසා වෙන අවුල්. අයියෝ අයියෝ :(
ReplyDeleteමිනිසා සුවඳයි මල සේ ... ගීතය සිහිපත් වෙනවා.
Deleteතෙල් වෙළෙන්දා හරි....පෙටන්ට් ඒකෙත් අප්සෙට් තියෙනවනෙ...
ReplyDelete
ReplyDeleteඕය කොයි එක කරන්නත් අත්දැකීම් වැදගත්නෙ.. ඒ නිසා තවත් කෙනෙක් තම්න්ව කොපිකලත් ඒකෙන් වෙන හානිය අවම කරගන්න..[ටිකකාලයක් තුලදි] හැකියාවක් තිබිය යුතුයි.
මා අනුගමනය කරන දෙයක් කියන්නම්...මම නිවාස සැලසුම් ක්ෂේත්‍රයට ඇවිල්ල අවු15කට වැඩී...ඒ දිනවල අපේ අවට..හැතැක්ම 3,4ක් අතුලත සම්මත තත්වයෙන් අඳින අය හිටියෙනෑ...නමුත් වසර ගනනාවක් යනකොට තව දෙතුන් දෙනෙක් කාර්‍යාල පිහිටුවාගත්ත. නමුත් ඔවුන්ගෙ උපක්‍රමය උනේ මිල අඩුවෙන් සැලසුම් පිලියෙල කිරීමයි.හැබැයි ඒවායෙ අඩුපාඩු තිබුන..ඒත් ඒවා මිනිස්සුන්ට කාලයක් යනකම් දැනුනෙ නෑ..අඩුමිල නිසා ඔවුන් ආකර්ශනය උනා..ඒත් තරමක් සංකීර්ණ ගොඩනැගිලි වලදි වැඩේ ඇනුන...අඩුපාඩු පෙනුන..බාස්ලට වැඩකරන්න ඩීටේල් මදි උනා.
ඒ අතරෙ මම අපේ බාස්ලට ගැලපෙන ආකාරයට...ඒ කියන්නෙ විශේෂයෙන් දැනුවත් වියයුතු තැන්වල..සිංහලෙන්ම ලියල...පැහැදිලි කලා..බාස්ල මේවට පැහැදුනා..මිල තරමක් ඉහල උනත් ප්‍රමිතියකින් වැඩක් කරගන්න මාගාවට යායුතු යැයි මතයක් ඒකෙන් ගොඩ නැගුනා...මම එහෙමයි අභියෝගයට මුහුන දුන්නෙ.
නමුත් ඒ ප්‍රදේශයේ මුලින්ම ජනතාව ඒ දේට හුරු කලේ ඔබ. එයට යම් ප්‍රතිලාභයක් හිමි විය යුතුයි.
Deleteවසර15 ....නිවැරදි වියයුතුය...වසර10ක් ලෙස..
Deleteප්‍රතිලාභයක් ඇත..ඒ ක්ෂේත්‍රයේ ඇති පිලිගැනීමයි...සහ කියැවීමට පහසු,වටහාගැනීමට පහසු.. නිර්මාණ කරන්නෙක් ලෙස බහුතරයගේ පිලිගැනීමයි.
මමත් නිවාස සැලසුම් ඇඳීම ආරම්භ කළේ 1996 දී.ආරම්බභයේදී මගේ එකම රැකියාව වුනේ නිවාස සැලසුම් නෙවෙයි,වාණිජ චිත්‍රශිල්පයත් එක්ක සම සමව තමා වැඩේ කරගෙන ගියේ,(දැන්නම් නිවාස සැලසුම් විතරයි)
Deleteආරම්භයේ දී මට යම් අභියොගයක් තිබුණා. නමක් දිනාගත්ත සැලසුම් ශිල්පීන් කීපදෙනෙක් ගම අවට හිටපු නිසා.ඒත් එයාලගේ නිර්මාණ බොහෝවිට ඒකාකාරියි. මගේ සැලසුම් හැම එකක්ම එකක් අනෙකට වඩා කුමන හෝ ආකාරයකින් වෙනස්. ඒ වගේම සැලසුමත් එක්ක සියලුම විස්තර ලබා දීම නිසා, බාස්ලත් මගේ වැඩ වලට කැමතියි.
දැන් මේසන් බාස්ලත් - වඩුබාස්ලත් - ඉඩම් සකස්කරන ඩෝසර් කරුවනුත් මාත් එක්ක අන්‍යේන්‍යය අවබෝධයෙන් තමයි වැඩ කරන්නෙ....
(මේක වීයගේ කමෙන්ට් එකට අලවන්න ලිව්ව මිසක් ඇඩ් එකක් එහෙම නෙවෙයි, සයිබරයේ මිතුරන්ට තාක්ෂණික උපදේශයක් දුන්නත් සැලසුම් නිර්මාණය කරදීමේ අදහසක් නෑ)
පුංචි යෝජනාවක් තියෙනවා. ඔයාගේ බ්ලොග් එකට කාටුන් අඳින්න.
Deleteමම හිතන්නේ මේකට උත්තරේ අර තෙල් බෙහෙත්කාරායාගේ කතාවේ තියනවා.:)
ReplyDeleteතරඟකරිත්වය කියන එක කවදාවත් නැති කරන්ට බෑ. ඊට අවශ්‍ය දේ තමයි කල යුතු වෙන්නේ.
තෙල් බේත් කාරයා කිව්වේ උදාහරණයක්. දැන් බලන්න එකම ටවුමක තියෙන්නේ ග්‍රොසරි දහයක් විතර නම්, ඊට එහා වෙන ටවුමකට ගෑස් ස්ටේෂන් එකකට, මල් වෙළඳ සැලකට, සැලෝන් එකකට, ඇඳුම් සාප්පුවකට හොඳ වෙළඳ පොලක් තියෙනවා. හොඳම උදාහරණය කිරිබත්ගොඩ, වත්තල, නුගේගොඩ. මේ නගර තුන දැන් රෙදි සාප්පු නගර බවට පරිවර්තනය වෙමින් පවතිනවා. හැබැයි මේ නගරය ආශ්‍රිතව 1000කට විතර කෑම ගන්න පුළුවන් අවන් හලක් දැම්මොත් කොහොමද?
Deleteඔය සුදීක කියන කතාව මං අපේ අම්මට ඇප්ලයි කරලා බැලුවා... ම්හු... කේක් කඩ එකක්වත් වැතුව තිබ්බ අපේ ටවුමේ දැං හැම කඩේම කේක් විකුණනවා.. ඒත් අම්මගේ කේක් වල මිලට ප්‍රශ්නයක් උනෙත් නෑ.. එන කට්ටියගේ අඩුවක් උනෙත් නෑ... මං හිතන්‌ෙන් ඒකට හේතුව අම්මා කේක් වල කොලිටිය බාල කරලා, ලාබ ලබන්න උත්සාහ නොකරන එක කියලා... ඒකෙන් ගොඩ නැඟුණු විශ්වාසය තමයි හේතුව...
ReplyDeleteමේකයි ඔයාලගේ අම්ම කලේ කේක් විකුණන එක. විශේෂය හෝම් මේඩ්. එතකොට අනිවාර්යයෙන්ම වෙනත් වෙළෙන්දන්ගේ ඒවාට වඩා එය ගැන විශ්වාසය වැඩියි ඉරිසියා නොකරන කෙනෙකුට නම්. මම මෙතන කියන්නේ අම්ම කඩේ කියන තැන මුලින්ම මිනිසුන්ට හුරු කල කෙනා නම් වටේට කඩ දාන අය එතනදී යම් පහසුවක් ලබනවා.
Deleteතරගකාරීත්වයට වඩා ඔතන තියෙන්නෙ 'අපෝ ඌ කරනවනං අපිට ඇයි ඕක කරන්න බැරි' කියන මතයයි මට හිතෙන්නෙ. නමුත් ඔය වැඩේ සමහර අවස්ථාවලදි වරදිනව. විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන වැඩ වලදි ඒවයෙ තාක්ෂණික පැත්ත ගැන දැනුමක් නැතුව සල්ලි තියෙන පලියට මැෂින් ගෙනහල්ල වැඩේ කරන්න පටන් ගත්තොත්.
ReplyDeleteඅපේ මිනිස්සු ඩුප්ලිකේට් එක ඔරිජිනල් එකට වඩා හොඳට හදන්න දන්නවා.
Deleteසුදීකගේ කතාවේ ඇත්තක් තියනවා..අපේ රටේ සාමාන්‍යයෙන් complementary products/services පටන් ගන්නවාට වඩා තරඟකාරී භාණ්ඩ සේවා ව්‍යාපාර පටන් ගැනීමේ ප්‍රවණතාව වැඩියි..ඒ නිසා එකම වෙළඳපලකට වැඩි සැපයුම් කරුවන් ප්‍රමාණයක් එකතුවනවා මිසක පාරිභෝගිකයාට තෝරාගැනීම් වැඩිවෙන්නෙ නැහැ...මේ නිසාම තමයි පංචිකාවත්ත,ගල්වල,නාවල ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙත්..ඒ නිසා ඒක අවාසියි කියන්න බැහැ..
ReplyDeleteකොහොම වුනත් ව්‍යාපාරිකයා තමන්ට සුවිෂේශී අන්‍යන්‍යතාවයක් ගොඩනගා ගත යුතුමයි..නැතහොත් තරඟකාරීත්වයට මුහුණ දෙන්න බැහැ..පේටන්ට් බලපත්‍ර කතාව නම් මේ සාකච්ජාවට අදාල නැහැ මම හිතන්නෙ..තරඟකාරීත්වය හා බුද්ධිමය දේපල සුරැකීම එකිනෙකට පරස්පර නැහැ..
මෙතන කතාවට තරගකාරීත්වය මා අදහස් කලේම නෑ. මට ඕන වුනේ කියන්න පුරෝගාමීත්වයට හෝ යම් සොයාගැනීමකට ලැබිය යුතු තැන ලැබෙන්නේ නැහැ කියන එක.
Deleteමම කියන්න ගියේ රූ කියපු දේමයි. රූ ඉස්සර වෙලා ඒක නිසා ඒකට සපෝර්ට් කරන්නම්. ඕකෙ අනිත් පැත්ත, පංචිකාවත්ත, නාවල, ගල්වල වගෙ තැන් ඒ වගේම හරස් වීදි, මැලිබන්, කෙයිසර් ප්‍රින්ස් ස්ට්‍රීට් වගෙ තැන් බිහිවීම. දෙයක් ඕනෙ වුනාම හැම තැනම නොගිහින් තරඟකාරී මිලට දෙයක් ලබාගන්න පුලුවන් කම, ඒ කඩේ නැතිනම් අල්ලපු කඩෙන් ඒකම මිලදී ගන්න හැකිකම, වගේ වාසිත් හුඟක් තියෙනවා.
Deletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේක පාරිභෝගිකයාගේ පැත්ත. නිෂ්පාදකයා, නව නිපැයුම්කරුවා, සහ පුරෝගාමී වෙළෙන්දා යන අයට වන අසාධාරණයයි මා කථා කලේ.
Deleteතේල් බේත් වෙලෙන්දාගේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත
ReplyDeleteඅපේ අය හදන්නේ තව කෙනෙකුට වල කපන්න
මෝනිස් බේකරියෙන් මාළුපාන් කා ඇත්තෙමි
මම කියන්නේ ජීවිකාව ගැන නොවෙයි. යම් සොයා ගැනීමක් කල කෙනාට ලැබිය යුතු වාසිය නැති වීම.
Deleteමම හිතන්නේ පේටන්ට් ගන්න හැකියාවක් නැත්නම් අඩුම තරමෙන් අපේ රටේ බිහිවන නිර්මාණ වලට හෝ ව්‍යාපාර වලට යම් කාලයකට බලපාන අයිතිය හගවන බලපත්‍රයක් නිකුත් කිරීමට අපේ රටෙත් වැඩ පිළිවලක් තිබියි යුතුයි. මම එහෙම කියන්න එක හේතුවත් තමයි ඔබ දක්වා ඇති උදාහරනවලටම සමාන කමක් ඇති බටපොළ ඇන්ටනා සම්බන්ධයෙන් දැනට සතියකට දෙකකට ඉහත මමත් මුහුණ දුන් පටලැවිල්ල. ගොඩක් කඩවල විකුනන්නේ ඔරිජිනල් නියම බටපොල ඇන්ටනාව නෙමෙයි. එය අනුකරණය කරල නිපදවපු ඒවා. ඒත් යම් ගැටළුවක් ආවම එය නැවත මාරු කර ගන්න එකත් ලේසි නැහැ. ඉතින් ඔබ වගේ දේවල් රැසක් අපේ රටේ තිබෙනවා...
ReplyDeleteඔයා මතක් කරපු එක හොඳයි. ඔය බටපොල එක තවත් හොඳම උදාහරණයක්. මමත් ගත්තා හික්කඩුවෙන් එකක්. ඒත් නියම එක නෙවෙයි. නියම එක හදන්නේ ගුරුවරයෙක්. ඒත් ඒ මනුස්සයාගේ දේ කොපි කරපු අය දිනුම් මොකද ඒ Product එකේ Research & Development කලේ අර ගුරුවරයා. එයාට ඒ වෙනුවෙන් ලැබුණු දෙයක් නෑ. මම දන්නා විදියට ශ්‍රී ලාංකික පේටන්ට් කරමයකුත් තියෙනවා. ඒත් අපේ නීති පද්දතිය කෙතරම් සවිමත්ද කියල මම දන්නේ නෑ ගැටලුකාරී අවස්තාවක ඉදිරියට එන්න.
Deleteමේකෙදී බටපොල ඇන්ටනාව කොපිකරලා හදලා ඒ නමින්ම විකුණන එක තමයි ලොකුම අසාධාරණය.
Deleteමේ වැනි තත්ත්ව වලට හොඳම උත්තර දීපු ආයතනයක් තමයි සයන්ස් ලෑන්ඩ්. එයාලා තිබස් වලට හදපු දොන්ගලය නැතිව කිසිම දෙයක් කරන්න බෑ.
Deleteනැ එක එහෙමම නෙවේ
DeleteElaz..
ReplyDeleteබොහොම ස්තුතියි හැමෝම වෙනුවෙන්.
Deleteදැන් ඔය තෙල් බෙහෙත් කාරයගේ කතාවටත් පේටන්ට් එකක් ගන්න වෙයි වගේ... අපේ තාත්තාත් ඔය කතාව දැන් සෑහෙන කාලෙක ඉඳලා කියනවා. එකම තෙල් බෙහෙත් වෙළෙන්දාද දන්නෙ නෑ. හැබැයි අවසානය වෙනස්. පොර කියලා තියෙන්නෙ... "දැන් බලන්න අපේ එකෙක් ඉඳිකට්ටක් හැදුවොත් අනිකා හදනවද ඒකට නූලක්... නෑ ඌ හදන්නෙ අරූට වඩා දිග ඉඳිකට්ටක්" එකම අදහස තමයි.
ReplyDeleteඒ කතාව මම කිව්වේ ශ්‍රී ලාංකික ගතිය පෙන්වන්න උදාහරණයක් ලෙස. දෙයක් වැඩි දියුණු කිරීම වරදක් නොවෙයි. නමුත් 100% ක් කොපිය ගැසීම හරිද?
Deleteතිසර කියන එක හරි. මම ඔය කථාව කියෙව්වේ දැනට අවුරුද්දකට විතර කලින්. අවසානේ තිබ්බේ ඉදි කට්ටේ කථාව තමා. බුකියේ ඔය කථාව සිය ගණනින් ෂෙයා වුනා. වැරදියට වටහා ගන්න එපා. ඒත් මේක 100% ඇත්ත.
Deleteඔය කථාවේ දෙපැත්තක් තියනවා , ටේජ් ඒ පැත්ත මතු කරල තියන නිසා මම කියන්න යන්නේ නෑ . උදාහරණයකට ගන්න ඇපල් ,දාන්නේ මඤ්ඤං නඩුනේ . ඇන්ඩ්‍රොයිඩ් වල සාර්ථකත්වය දරාගන්න බැරුව දාන නඩු සාධාරණී කරණය වෙන්නේ පේටනට් නිසා ,නමුත් ඔවුන් කරන්නේ තරඟ කාරිත්වයෙන් පාරිභෝගිකය ලබන්න තියන වාසියට බාධාවක් . ලංකාවේ ලොකුම බිස්කට් කොම්පැනි දෙක අද තියන තත්වෙට එන්නේ නෑ පලවෙනි කම්පැනිය හැම ප්‍රඩක්ට් එකම පේටන්ට් කලා නම් . පේටන්ට් ලබාදෙන්න ඕනි සම්පූර්නයෙන්ම අලුත් නිර්මාණයකට පමණයි කියල මම හිතන්නේ . ෆෝන්වල ස්ක්‍රීන් හැඩයටත් පේටන්ට් දෙන ඒවා ආදිය නවතින්න ඕනි !
ReplyDeleteපේටන්ට් එකක වාරණ කාලය මා දන්නා තරමින් අවරුදු 3යි. හැබැයි මොබයිල් වලට නම් මේක මහා ලොකු කාලයක්. බිස්කට් වලට එය බාධාවක් නෙවෙයි. මම කියන්න උත්සාහ කරන්නේ දෙයක් මුලින් ආරම්භ කල පුද්ගලයාට එහි ප්‍රතිලාභ ලබන්න යම් කාලයක් දිය යුතු සාධාරණ ක්‍රමයක්.
Deleteපේටන්ට් අයිතිය අවු. 15ක් තියෙනවා නේද..?
Deleteඊට පස්සෙනෙ අනෙක් අයටත් අදාල මුදල් ගෙවලා ඒ නිෂ්පාදන ක්‍රියාවලිය ගත හැක්කෙ.
නමක් නිසා උන හදියක්...
ReplyDeleteහෙහ් හෙහ් ...
Deleteවැඩි ලකුණු සුදීක අයියට.පට්ට කථාවක්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මේක පට්ට නෙවෙයි පේටන්ට් කතාවක්. D
Deleteතෙල් බේත් වෙළෙන්දගෙ කතාව ඇත්ත, ඒත් ඔහු කළ යුත්තෙ, වෙළදපලට අලුතෙන් ආ තරගකරුවන් ගැන විස්සොප වෙන එක නෙවෙයි, තෙල් බේත් එක්ක පුළුන් කෑල්ලක්වත් දීලා පාරිභොගික විශ්වාසය තවදුරටත් තමා කෙරෙහිම රදවා ගැනීමයි. ඔහුට ස්ථාවර වෙන්න තව කාලයක් ලබා දිය යුතුයි කියන එක ප්‍රායෝගික නෑ. ඒ වගේම වෙළදපොළ තර්කනය තුළ තව දුරටත් ඊට ඉඩක් නෑ.
ReplyDeleteසමහරවිට ඔහුට කලින් අර දෙවෙනි තුන්වෙනි අය ඒක කරන්න පුළුවන්.
Deleteසංකීර්ණයි කොපිකිරීමට ගොඩාක් දෙනා දක්ෂයි සබැ නිර්මාණ කරුවාගේ අයිතියට කුමක් හෝ සහනයක් රජයක් මගින් දිය යුතුයි..
ReplyDeleteඅඩුම තරමේ නිර්මාණ කරුවා ආරක්ෂා වන ක්‍රමයක්වත්.
Deleteඅපේ රටේ නව නිර්මාණයක් කරන කෙනෙක්ට තමන්ගෙ නව නිර්මාණයට පේටන්ට් ගත්ත උනත් ඒකෙන් නිෂ්පාදනයක් කරද්දි බාධා ගොඩකට මූණ දෙන්න වෙනව නේද? උදාහරණයක් විදිහට, අත් ට්‍රැක්ටරේ හැදුවෙ ලංකාවෙ කෙනෙක්. ඒත් පස්සෙ ඒ පේටන්ට් එක ජපානයට විකුණුව.
ReplyDeleteපේටන්ට් එකක් ගත්තට පස්සේ තමන් නිෂ්පාදනය කලත් පේටන්ට් අයිතිය විකුණුවත් නිර්මාණකරුවාට යම් ආර්ථික සහනයක් ලැබෙනවා.
Deleteපේටන්ට් එකක් ගන්න නම් එය නව නිෂ්පාදයක් හෝ සොයාගැනිමක් විය යුතුයි. මට නම් හිතෙන්නේ පේටන්ට් බලපත්‍රය නෙවෙයි තව ටික කලක් යනකොට "බ්ලොග්'අඩවිලියාපදිංචි කරන්න කියලා නිති පනවාවි. එහෙම වුනොත් මේ අවුල් සෑහෙන්න විසදෙයි.
ReplyDeleteබ්ලොග් අඩවි එය ලියනු ලබන රටේ භාෂාවට අනුව ලියන නමට අදාළ යුනිකෝඩ් කාණ්ඩයට සමාන තවත් කාණ්ඩයක් වෙනත් භාෂාවක යුනිකේත සඳහාත් තිබිය හැකියි. එවැනි දෙයක් පාලනය කරන්න දේශීය බලධාරීන්ට හැකි වන්නේ නෑ. මන්ද ගූගල් හෝ වර්ඩ්ප්‍රෙස් යනු ලෝක මට්ටමේ ආයතන වීම නිසා. උදා : ජපානයේ කෙනෙක් hakura යනුවෙන් ඔවුන්ගේ නම බ්ලොග් එක සඳහා භාවිතා කළහොත්, ලංකාවේ කෙනෙකු හකුරා(හකුරු සාදන්න හෝ හකුරු කෑමට ගිජු) යන අරුතින් වඩා ඉක්මන් වූ කෙනාට අවස්තාව හිමි වෙනවා ගූගල් තුල.
Deleteඅලුත් නිර්මාණයක් කරන කෙනෙකුට යම් කිසි ආරක්ෂාවක් තියන්න ඕනි ඔහුගේ නිර්මාණයට. නැත්නම් ඔහු පටන් ගන්න කොටම ඔහුට තරඟයක් ආවම සමහර විට හොඳ නිෂ්පාදකයෙක් අහිමි වෙන්න පුළුවන්. මොකද තරඟයට එන අය වැඩි කලක් තරඟයේ නොහිටියත්, ඒ කාලය අල්ලා ගෙන ඉන්න මුල් නිෂ්පාදකයාට ආර්ථික ශක්තිය නොතිබුනොත් ඔහු විතරක් නෙවෙයි ගිලිහිලා යන්නේ. හොඳ නිෂ්පාදනයකුත් නැති වෙනවා.
ReplyDeleteමෙන්න මේක තමයි මමත් කියන්න උත්සාහ කලේ.
Deleteතෙල් බෙහෙත් කථාව නම් පංකාදුයි....එකලග කළු දොදොල් කඩ තුනක් තිබුනලු පේළියට... මැද හිටිය මෑන් ලු ඉස්සෙල්ලාම කඩේ කලේ... පස්සෙ දෙපැත්තෙන් තවත් ඒවා එකතු වෙලා... බිස්නස් සවුත්තු වේගෙන යද්දි මැද පොරට ඝන දෙවි නුවනක් පහළ වෙලා...
ReplyDeleteදොරේ එල්ලලා ඇතුලුවීම කියලා බෝඩ් ලෑල්ලක්...
ඒක නම් එළකිරි අයිඩියා එකක් තමයි.
Deleteහැමදාට ම වලංගු කතාවක් සහ කොමෙන්ටුත් ඒ වගේමයි.
ReplyDelete