ඒ 1991 වර්ෂයයි. මාසය සහ දිනය පිලිබඳ මට නිශ්චිත මතකයක් නැත. මර්කන්ටයිල් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේ ක්‍රියාත්මක වුයේ සය සාමාජික ක්‍රිකට් තරගාවලියකි. එය එම සංගමය වාර්ෂිකව පවත්වන්නක්. කණ්ඩායම් 50ක් වත් එතැන ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වුනා. ඒ කාලයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැඩි පිරිසක් ක්‍රීඩා කලේ නවලෝක කණ්ඩායමටයි. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අරවින්ද එම කණ්ඩායමට ක්‍රීඩා කළා. නවලෝක සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකු කණ්ඩායම් තරගය දෙස සියලු දෙනාගේ ඇස් යොමු වී තිබුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ බැංකු කණ්ඩායම. දුමින්ද පෙරේරා යැවූ මුල්ම පන්දු තුනටම හයේ පහර තුනකින් සංග්‍රහ කල චමින්ද ප්‍රනාන්දු ඇතුළු බැංකු කන්ඩායම ලකුණ 85ක් ලබා ගත්තා. අද නම් නවලෝකෙ මුල් මැච් එකෙන්ම එලියට යයි යන්න කාගේත් විශ්වාසය වුනා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට අරවින්ද සමග බටු කොල්ලෙකු ක්‍රීඩාංගනය තුලට ආවා. අරවින්දත් පළමු පන්දු තුනට හයේ පහරවල් එල්ල කලේ එකට එක කිරීමක් වගේ. අර බටු කොල්ලාගේ නම කලුවිතාරණ බව ශබ්ද විකාශන යන්ත්‍ර වලින් දැන ගත්තා. කලුවිතාරණ කුඩා කොලුවෙකු වුවද සියලුම පහරවල් එල්ල කලේ ක්‍රීඩාංගනයට එළියෙන් තිබෙන විශාල ගොඩනැගිලි වල වහලවල් වලට උඩින් යන්නයි. තරගය පන්දු ඕවර තුනයි බෝල ගණනකින් අවසන් කරන්නට මේ කුඩා මිනිසාට හැකි වුනා.
රොමේෂ් කලුවිතාරණ. අමුතුවෙන් ඔහු ගැන අටුවා ටීකා ලියන්නට අවශ්‍යද? ටෝනි ග්‍රෙග් මහතා "ලිට්ල් කලූ", "ලිට්ල් ඩයිනමෝ" හෝ "ලිට්ල් ඩයිනමයිට්" යන හුරතල් නාම වලින් අන්තර්ජාතික විස්තර විචාර වලින් හැඳින්වූ රොමේෂ් කලුවිතාරණ මහතා සමග සම්මුඛ සාකච්චාවක් කරන්න සුදීකට අවස්ථාව ලබා දුන්නේ මුද්‍රිත සහ රුපවාහිනි මාධ්‍ය කරුවන් බොහෝ දෙනෙක් සිටියදී. එය සිංහලෙන් බ්ලොග් කරන ඔබ අප සැම දෙනා ලැබූ ජයග්‍රහණයක්. පසුගිය 26 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වූ රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ආරාධිතයකු ලෙස ඔහු පැමිණසිටියා. රොමේෂ් කලුවිතාරණ යනු ඉතාමත් නිහතමානී සුහදශීලී වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම මහත්මයෙක් බව මා මෙහි සඳහන් කලත් නැතත් ඔබ දන්නවා. එවැනි මහත්මයකු සමග සජීවීව සම්මුඛ සාකච්චාවක් කරන්න ලැබීම මහත් භාග්‍යයක්. දැන් මා ඇසූ දේ සහ ඔහු ලබා දුන් පිළිතුරු බලමු.
මං හිතන්නේ ක්‍රීඩාව සියලු දෙනාටම ජීවිතයේ ලබන්න පුළුවන් ලොකුම එක්ස්පීරියන්ස් එකක්. මොකද අධ්‍යාපන කරන කෙනෙකුට ඇත්තටම ක්‍රීඩාවෙන් ගොඩක් දේවල් උගන්වනවා. එකක් පේෂන්ස්, ඒ වගේම සාමුහිකව වැඩ කරන්න, ඒ වගේම බලාපොරොත්තුවක් ඇතුව ඉල්ක්කයකට වැඩ කරන්න. මං හිතන්නේ කණ්ඩායම් හැගීම්, මේ කියන සියලු දේම තියෙනවා ක්‍රීඩාවකදී. ඉතිං ඒ සියළු දේත් එක්ක තමන්ගේ අධ්‍යාපනය හොඳ තත්වෙකට ගෙන්න පුළුවන් නම් පරිපූර්ණ මනුස්සයෙක් හැටියට තමයි මන් දකින්නේ. ඉතින් කොපමණ අධ්‍යාපනය කරලා ඉදිරියට ගියත් ස්පෝර්ට්ස් එක්ක යන්න පුළුවන් නම් ජීවිතයේ ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණයක්. මේ ක්‍රීඩා තරගය දිහා බලනකොට, මේ ක්‍රීඩකයන්ගේ දක්ෂකම් බලනකොට හිතන්න බෑ ඇත්තටම මේගොල්ලන් මේ කැම්පස් එකේ අධ්‍යාපනය ලබන ස්ටුඩන්ට්ස්ලද කියල. මොකද ඉතාමත්ම දක්ෂ ආකාරයෙන් ක්‍රීඩා කරනවා. ඉතිං ඇත්තටම ලොකු ආඩම්බරක් මේ වගේ අධ්‍යාපනයක් ලබලා අපේ අනාගතය බාර ගන්න ඉන්න, අධ්‍යාපන පැත්තෙන් ඉදිරියට ගිහිල්ලා බාර ගන්න ඉන්න අපේ පිරිස ස්පෝර්ට්ස් වලින් ඉදිරියට යන එක ගැන ගොඩක් ආඩම්බරයි.
ප්‍රශ්නය : ඔස්ට්‍රේලියාවේ නොදන්නා දෙදෙනෙක් මුණ ගැහුණම අහන්නේ මොකක්ද ඔබේ ක්‍රීඩාව කියලා ලංකාවේ නම් රස්සාව මොකක්ද කියල, ඒ ගැන මොනවද හිතෙන්නේ. ඔස්ට්‍රේලියාවෙයි ලංකාවෙයි තියෙන පරතර ගැන ?
ප්‍රශ්නය : දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ගත්තොත්, 96යේ අපේ ජයග්‍රාහකයෝ කවුරුවත් නෑ මං හිතන්නේ යුනිවසිටි එකකට ගිය. ඒ වගේම දැන් අපි මෑත ඉතිහාසයෙත් දකින්නේ කුමාර් සංගක්කාරයි ඊට පස්සේ මුබාරක් මං හිතන්නේ ඒ දෙදෙනා විතරයි. මේ දෙක එකට යන්න නම් මොකක් වගේද වෙන්න ඕනේ ?ඇත්තටම දැන් ඕස්ට්‍රේලියාවේ ඕනෑම ස්පෝර්ට්ස් එකක් කරන එක්කෙනෙක්ට , දැන් අපි හිතමු ක්‍රිකට් ගහන කෙනෙක්ට වුනත් ඕෆ් සීසන් එකේදී ඒගොල්ලන්ට ගහන්න ක්‍රීඩාවක් තියෙනාවා. ඒගොල්ලෝ රග්බි සෙල්ලම් කරන්න ඕනේ. අපේ ලංකාවේ පුළුවන් මාස දොළහෙම ක්‍රිකට් ගහන්න. හරි රග්බි ගහන්න . නමුත් ඒ වගේ රටවල් වල පුළුවන් මාස කීපයක් පමණයි. ඊට පස්සේ වෙනින් ක්‍රීඩාවක් තෝර ගන්න ඕන. ඇත්තටම අධ්‍යාපනය කරන ළමයින්ට ඒගොල්ලන් ස්පෝර්ට් එක අනිවාර්ය කරලා තියෙන්නේ. මං හිතන්නේ ඒක ජීවිතයේ එක පැත්තක්. මං හිතන්නේ ලොකු පැත්තක් හැටියට දැකලා ඒක ඉදිරියට ගෙනියන්න තමයි ඔවුන්ගේ එකම බලාපොරොත්තුව. ඉතිං ඒක නිසා තමයි ඔවුන් හැම එක්කෙනාම ක්‍රීඩකයන් ආකාරයේ හිතන්න, ඒ වගේම සාමූහික හැංගීමෙන් ඒ වගේම ලොකු බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන්න. ඒ බලාපොරොත්තු ඉලක්ක කරා යන්න. ඒ වගේම මෙන්ටලි ටෆ්න්ස්, ඒගොල්ලන්ගේ හොඳ වෙලා තියෙන්නේ, මං හිතන්නේ ඒ වගේ දේවල් හන්දා. ඉදිරි අනාගතයේදී, අපේ ලංකාවේදීත් ඒ වගේ තත්වයක් සියලු දෙනාටම යම්කිසි සපෝර්ට් එකක් අනිවාර්ය කරොත්, ඒක හොඳ තත්වයක් හැටියට තමයි මම දකින්නේ.
මං හිතන්නේ අපේ ලංකාවේ යන ක්‍රීඩකයන් ගොඩක් ස්පෝර්ට්ස් වලට ගියාම ඒ ඔස්සේම තමයි ක්‍රියා කරන්නේ. ඒක අපටත් වුනා(සිනාසෙමින්). කුඩා කාලයේදී ඇත්තටම අපි බැලන්ස් එකක් කියන එක තිබුන්නැහැ. අඩුයි. ක්‍රීඩා කරන්න ගියහම. එකට ගොඩක් කාලයක් අපි ගත කරා.ක්‍රීඩාවේ තියෙන, ක්‍රීඩාවක් කරන ගමන් තමන්ගේ අධ්‍යාපනයට දිය යුතු කාලය දුන්නා මදිදෝ කියල හිතෙනවා. ඒ ඔස්සේ බලනකොට, අපිට යම්කිසි බැලන්ස් එකක් පුලුවන්නම්, තමන්ගේ ක්‍රීඩාවයි අධ්‍යාපනයයි එකට ගෙනියන්න ගිහිල්ල, යම්කිසි කාලයකදී ක්‍රීඩාවට වැඩි කාලයක් දිය යුතු නම්, ඒ දෙන එක ගැන හිතන්න පුළුවන් නම්, මං හිතන්නේ මීට වඩා ක්‍රීඩකයෝ අධ්‍යාපනය පැත්තෙන් ගිහිල්ල පහු කාලයකදී ජාතිකකණ්ඩායම හාකණ්ඩායමට ක්‍රීඩා කරන්න හරි ඒ වගේ අවස්ථාවක් ලබා දෙන්න අවස්ථාවක් තියෙයි. නමුත් ඒක ඉතින් මං හිතන්නේ ඒක...ද... කියන එක හරියටම කියන්න බෑ. ඒකද සොලියුෂන් එක කියන එක කියන්න බෑ. මොකද අපේ ලංකාවේ කල්චර් එකත් එක්ක අපට ඒක කරන්න පුලුවන්ද ? කියන එකත් ලොකු ප්‍රශයක් මොකද ක්‍රිකට් ක්‍රීඩාවේ වගේ ක්‍රීඩාවක් කරන්න ලොකු මුදලක් යනවා. ලොකු කැප වීමක් කරන්න ඕන. වෙලාව හැටියෙන් ගොඩාක් කැප වීම් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා සමහරවිට වෙන්නැති අපේ ලංකාවෙන් එවැනි ක්‍රීඩකයන් බිහි වෙන්නැත්තෙ.
ප්‍රශ්නය : ලංකාවේ ගොඩක් අපි දැන් රොමේෂ් ක්‍රීඩා කරපු කාලේ ගත්තොත් අඩු පහසුකම්නේ තිබුනේ. බොහොම පාසලකට තියෙන බඩු මුට්ටු කට්ටල බොහොම සුළු ප්‍රමාණයයි පොදු ඒවා තමයි පාවිච්චි කරන්නේ නමුත් අද අපි දකිනවා හැම කුඩා ක්‍රීඩකයෙක් අතේම ක්‍රිකට් බෑග් එකක් තියෙනවා. මේ ඔස්...සේ වත් ලංකාවේ ක්‍රිකට් සහ අධ්‍යාපනය ඉහල මට්ටමකට යයිද ?
ඔව් දැන් ඉස්සරට වඩා තියෙන ෆැසිලිටීස් වැඩියි. ඒක ඇත්තටම හොඳ දෙයක් . නමුත් දැන් එහෙම කියලා ක්‍රීඩාවේ බලාපොරොත්තු ගොඩාක් ලොකු විදියට වෙනස් වෙලා නෑ. මට මතකයි අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා, ක්‍රීඩකයන් ඉස්කෝලේ ගහන කාලේ ඉඳන්ම නැෂනල් කණ්ඩායමට රිප්‍රසන්ට් කරන්න පුළුවන් ක්‍රීඩකයන් හිටියා. දැන් එහෙම ක්‍රීඩකයන් බිහි වෙනවා අඩුයි. ඉතිං ඒකට ෆැසිලිටීස් තිබුනා කියලා ඒක මං හිතන්නේ ඉදිරියට ඇවිල්ල ලොකු වෙනසක් වෙලා නැති නිසා මටඒකඒ ගැන හරියටම කියන්න බෑ. නමුත් ෆැසිලිටීස් මොන තරම් දුන්නත් තමන්ගේ හැකියාව ඔප නංවලා තමන්ගේ කමිට්මන්ට් එක ක්‍රීඩාවට දුන්නොත් මං හිතන්නේ ලොකු වෙනසක් කරන්න පුලුවන් කියන එක තමයි මගේ හැගීම.
ප්‍රශ්නය : දැන් ටී ටුවෙන්ටි ක්‍රිකට් නිසා, දැන් ඇත්තටම ක්‍රිකට් වල තියෙන ජීව ගුණය අඩු වෙලා යනවා කියල ලොකු විවේචනයක් තියෙනවා. මේ කියන්නේ ටෙස්ට් ක්‍රිකට් වගේ තැන්පත් ක්‍රීඩාවක් නෙවෙයි මේක තවදුරටත්, ප්‍රවේගකාරී ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා, දැන් අලුතෙන් පටන් ගන්න ක්‍රීඩකයෙක් මේ දිහා බලල ක්‍රිකට්ඉගෙන ගත්තොත් අනාගතේදී ටෙස්ට් ක්‍රිකට් නැති වෙලා යයිද ?
ක්‍රිකට් වල පලවෙනි ස්ථානය තිබිය යුත්තේ ටෙස්ට් ක්‍රීඩාවට. ඒ ක්‍රීඩාවේ හැම හරයක්ම, හැම ගුනයක්ම තියෙන්නේ ටෙස්ට් වල, ඇත්තටම ක්‍රිකටර් කෙනෙක්ගේ හරි ටෙස්ට් කිරීමක් කෙරෙන්නේ ටෙස්ට් ක්‍රීඩාවෙදී. ඔහුගේ මානසික ඒකාග්‍රතාවය, ඔහුගේ හැකියාව, ඒ කියන්නේ පේෂන්ස්, ඒ වගේම ගොඩාක් දේවල් එකෙන් ටෙස්ට් ක්‍රීඩාවේ ඇත්තටම ටෙස්ට් කෙරෙනවා. හැම ක්‍රීඩාවක්ම රැඳිලා තියෙන්නේ ක්‍රීඩාව ඒක බලන ප්‍රේක්ෂකයන්,ඒකේ තියෙන ගුණාත්මක භාවය සහ ඒකේ තියෙන එන්ටර්ටේන්මන්ට් එක. ඉතිං ඒ දිහා බලනකොට ඉතිං හරි...ද/වැරදි....ද කියන එක, ක්‍රීඩාව බැලුවොත් එහෙම, ඇත්තටම ක්‍රීඩාවේ ටෙක්නික් පැත්ත අඩු වෙන ගමන් ක්‍රීඩාව නරඹන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ක්‍රීඩා කරන අයට ලැබෙන බෙනිෆිට්ස් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතිං ඒකේ හොඳ සහ නරක දෙකක් තියෙනවා. ඉතිං හැම දේකම එහෙමයි.
මෙහි දෙවෙනි කොටස ලෙස පල කිරීමට බලාපොරොත්තු වන්නේ දිමුත් කරුණාරත්න මහතා සමග කල සම්මුඛ සාකච්චාවයි.
චායාරුප සඳහා සාදර අනුග්‍රහය නදීශාන් මීඩින් මහතා.
චායාරුප සඳහා සාදර අනුග්‍රහය නදීශාන් මීඩින් මහතා.
කළු කියන්නේ වචනේ පරිසමාප්ත වචනයෙන් ම ගොඩාක් නිහතමානි කෙනෙක් කියලා අහලා තියනවා....
ReplyDeleteක්‍රිකට් විතරක් නෙමේ දැන් කිසිම ක්‍රීඩාවක් ඉගන ගන්න කොට කරන්න නොදෙන තැනට දෙමාපියන් සමාජය විසින් පත් කරගෙන තියනවා ඒ නිසා දක්ෂ ක්‍රීඩකයන් ගොඩක් රටට අහිමි වෙලා යනවා...
ඔහුත් සමග සිටින විට මට කිසිම චකිතයක් දැනුනේ නෑ. මා මේ ඉන්නේ ලෝක ශූරයෙක් එක්ක නේද කියලා. හරියට කාලයක් දන්නා මගේ මිතුරෙක් එක්ක ඉන්නවා වගේ.
Delete""කළු"" කියන්නෙ "ප්‍රිය" වගේ එකකට නෙමේද ?
Deleteකලූ වගේ අය ක්‍රිකට් පරිපාලනයට එනවනම් (වගකිවයුතු තනතුරකට) ක්‍රීඩාවේ යම් සුබ වාදී වෙනසක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
ReplyDeleteඔව් අනිවාර්යයෙන්ම.
Deleteබොහොම හොද සම්මුඛ සාකච්චාවක්.ඔබේ ප්‍රශ්න ටික ඉතාමත්ම හොදයි.කෂු යනු ලාංකිය ක්‍රිකට් ක්‍රීඩාව වෙනසකට ලක් කළ ක්‍රීඩකයෙක් නේ.
ReplyDeleteබොහොම ස්තුතියි. දිමුත්ගේ එකත් ළඟදීම දාන්නම්.
Deleteඉස්සර සන + කළුවා බැට් කරද්දි එනකොට මම චියර් කලේ කළුවාට. සමහර දාට කළුවා සනාට කලින් අවුට් වෙනවා. හැබැයි අඩු බෝල ගණනකට වැඩි ලකුණු.
ReplyDeleteබලමු ඉදිරිය සුභද කියලා. !
සනාට එහෙම ගහන්න රුකුලක් වුණේ කළුවා.
Deleteබුදුන් වදින මේ දැතින් වැදල කියන්නං අයියේ
ReplyDeleteක්‍රීකට් ගැනම දිගින් දිගට ලියන්ඩෙපා බං
මම ලියන්න ඉන්නේ අටමා සහ බ්ලොග් සුහද හමුව කියලා එකක් !!!
Deleteකලූ මං ආසම චරිතයක්...
ReplyDeleteමං හිතුවා මීට වඩා තියෙයි කියලා සුභාෂ් අයියා කියපු විදිහට...
එල එල ඊලග කෑල්ල තවත් රසවත් වෙයි නේ...
තිබුණා. එහෙමද හිතාගෙන ඉන්නේ. එතකොට අනුෂ්කා පවුනේ මල්ලි.
Deleteඑතන තිබ්බ සද්දෙට තවව් ප්‍රශ්ණ ඇහුවනම් මට ගෙට් එකේදී උඹලට කතා කර ගන්න බැරි වෙනවා.
Deleteක්‍රි-කට් නම් ඇලජික්. අතීත කතාව අළුත් අපිට කිව්වට ස්තූතියි
ReplyDeleteඇලජීස් වලට බෙහෙත් තියෙනවනේ.
Deleteකළුවා වයසට ගිහිල්ල නෑ .
ReplyDeleteඑතකොට සුදීක ?
Deleteඔව් සුදිකත් බබා වගේ තමා :D
Deleteඋඹ ලගට දැකලා නැ, මූ සොමී රත්නායක වගේ
Deleteහොඳ සාකච්චාවක් සුදීක!!! මමත් ආසම කරපු ක්‍රීඩකයෙක් කලූ.:)
ReplyDeleteඑයාගේ හෝටලයක් තියනවා උඩවලවේ,'Kalu's Hideaway' කියලා. අලි බලන්ට යන අයට නවතින්ට කියාපු තැනක්.
අහල තියෙනවා Kalu's Hideout ද? මන්දා , යන්න නම් බැරි වුණා.
Deleteමට මතක් වෙන්නෙ සුදීක ඉස්සර සනා වෙනුවෙන් කලූ කොච්චර රනවුට් වෙලා තියෙනවද..සනා අවුට් වෙන්න යනකොට කලූ ඒවෙනුවෙන් තමන්ගෙ ඉනිම පරිත්‍යාග කලා. කිසිම ආත්මාර්ථකාමී හැඟීමක් නැති ක්‍රීඩකයෙක්.
ReplyDeleteඔව් සමහර මැච් වල සනා 50ක් ගහනකොට කළු ලකුණු 3-4 යි. ඒ ගහන්න බැරි කමට නෙවෙයි, තමන්ගේ සගයාට සහයෝගයෙන් ක්‍රීඩා කිරීම.
Deleteමමත් ආසම ප්ලේයර් කෙනෙක්!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එදා රජා සෙල්ලම් කලෙත් ඒ වගේනේ :)
Deleteමගේ ආසම ආසම ආසම ආසම ආසම ආසම ක්‍රීඩකයා... එදත් අදත්... හි හි...
ReplyDeleteඉස්සර අපි මැච් අහන්නේ හොරෙන් ඉස්කෝලෙට පොකට් රේඩියෝ එකක් අරන් ඇවිත්... අපේ උන් මගේ කට වහගෙන ඉන්නවා, කළු බැට් කරන්න එනෙකාට.... මොකද මම ඒ තරමට කෑ ගහනවා අනේ කළු අවුට් වෙන්නනම් එපා කියලා... හි හි....
ඊටත් වැඩිය මං ආස කළු විකට් කිපර් විදියට ඉන්නකොට... දැන් තමයි ඉතිං නම් දන්නේ.. ටෝනි ග්‍රෙග් කියන කතා වලට හිනා වෙලා පණ යනවා... හි හි
කළු විකට් කීපර් කෙනෙක් විදියට හඳුන්වා දීපු දෙයක් තමයි සිංහලෙන් කෑ ගහන එක.
Deleteමම පොඩි කාලේ ඉඳන්ම ආස කරන හුරුබුහුටි මනුස්සයෙක් හරිම නිහතමානී ඩයල් එකක්
ReplyDeleteකෝරලේ මලයත් හුරුබුහුටියි.
Deleteමැච් එකක්වත් බලන්නෙ නැති මට මොන ක්‍රිකට් ද අය්යේ? හැබැයි මේ විස්තර ටික ක්‍රිකට් වලට ආස අයට නම් සෑහෙන්න වටිනවා..
ReplyDeleteලංකාවේ ඕනෑ තරම් ඉන්නවා නම් අකමැති.
Deleteකලු ..කියන්නේ මමත් ආසම ක්‍රීඩකයෙක් , කළු තාමත් ඉස්සර හිටියා වගේමයි ,
ReplyDeleteමම හිතන්නේ ක්‍රිකට් වලට කැමති හැම කෙනෙක්ම කලූටත් ආසයි.
Deleteගෙට්ටුවෙදී ගහපු ක්‍රිකට් දැකල මම හිතුව සුදීකට ක්‍රිකට් එපාම වෙන්ඩ ඇති කියල.
ReplyDeleteඑතන හිටිය හොඳ ඇය ඉක්මනට අවුට් වුනා. ක්‍රිකට් වලට වාසනාවත් බලපානවා.
Deleteරොමේෂ් කලුවිතාරණ කියන්නේ මාත් ආස කරන ක්‍රීඩකයෙක් තමා...දැන් ඒ වගේ ක්‍රීඩකයෝ හොයාගන්න ටිකක් අමාරුයි..
ReplyDeleteCSK LANKA
ඇත්තටම.
Deleteමමත් ආසම ක්‍රීඩකයෙක් තමා කළු.. සනා යි කළුයි ඕපනින් ආවම මැච් එකේ ඒ මුල් ටික බලද්දී ඒක ඇඟට දැනෙනවා හොඳට. අනික තමයි විකට් එක පිටිපස්සේ ඉඳලා අනෙක් අයව උනන්දු කරන එක..
ReplyDeleteඔව් සිංහලෙන් කෑ ගහන්න පුරුදු කරේ කලූ.
Deleteකළු අපේ ගමේ මනුස්සය.ලෝක පුජිත තරුවක් ව සිටි කලෙත් දැනුත් කිසිම වෙනසක් නෑ.ඕන කෙනෙක් එක්ක සුහදව කතා කරන කෙනෙක් නිහතමානී මනුස්සයෙක්. සනත් කළු වගේ ආරම්භක පිතිකරුවන් දෙන්නෙක් හදාගන්න තාමත් ලංකාවට බැරි උනා.
ReplyDeleteමේ වගේ අය දෙන්නෙක් බිහි වෙන්නේ නෑ.
Deleteවටින සංවාදයක් අයියේ....
ReplyDeleteමේක අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තූතියි.
ස්තුතියි.
Deleteවැදගත් ප්‍රශ්න ටිකක් අහල තියෙන්නෙ.....
ReplyDeleteඒ වගේම වැදගත් උත්තර ටිකකුත් ලැබුනානේ.
Deleteමාත් ආසම ක්‍රීඩකයෙක් තමා කළු.....
ReplyDeleteඅපිටත් දැනගන්න විස්තර ටික දැම්මට ස්තුතියි!
බොහොම ස්තුතියි !!!
Deleteකළු කලු උනාට බොහොම සිත්කළු ලාංකිකයෙක්. මගෙත් ආසම ක්‍රීඩකයෙක්.
ReplyDeleteඉස්සර මම බෝඩිමක හිටියා. ඒ ගෙදර මල්ලිටත් හරිම ආසයි ක්‍රිකට් වලට (මල්ලි කියන්නේ හුරතල් නාමේ: අවරුදු තුනක් ඇති එතකොට. අයියයි මමයි මැච් එක වෙලාවට කතා කරන ඒවා මේ කොලුපටිය අහගෙන ඉන්නවා. දවසක් කෙන්යාවේ මැච් එකක් යනකොට ටී.වී. එක ගාවට දුවල ගිහින් අත තියල පෙන්නුවා මේ ඉන්නේ 'කළුවා' කියල. පොඩි වුනාට හොඳ මීටරයක්. දැන් පොත් දෙකකුත් ලියලයි තියෙන්නේ.
Deleteකිරිකට් නම් මට නම් ලොකුවට මීටර් වෙන එකක් නෙමෙයි , එදත් අපේ එකෙත් බෝම අමාරුවෙන් එක බෝලෙකට මුණ දුන්නේ :D
ReplyDeleteහැබැයි කළු වගේ කෙනෙක් එක්ක මෙවැනි සකඡ්චාවක් ලැබුණු එක නම් ඇත්තෙන්ම ජයග්‍රහණයක් විදියට මමත් දකිනවා, ඔඉලිතුරු දකිද්දී ටිකක් දුකකුත් එනවා අපේ රටේ සමහර අංශ වලට අවධානයක් නොමැති වීම ගැන
හැම දෙනාම අවංකව වෙන්න ඕනේ අඩු ගානේ ක්‍රීඩාවේදීවත්.
Deleteකලුගේ ඉන්ටර්වීව් එක නියමයි. මාධ්‍ය ඇසුරුකිරීමේ විදියත් කලූඑක්ක කරපු ඉන්ටර්වීව් එකෙන්ම පැහැදිලියි. මේවා තමයි ජීවිතයේ ලබන ජයග්‍රහණ නියන්නේ..
ReplyDeleteඇත්තටම දයා මගේ ක්‍රිකට් සම්බන්ධ ජීවිතයේ මම ලබපු ලොකුම ජයග්‍රණයක්.
Delete2006 දඹුල්ල ක්‍රීඩාංගනයෙ විදුලි ආලෝකය මැද කලූ අපත් සමග පුහුණුවීම් කල සොදුරු මතකය තමයි මට මෙහිදී සිහිපත් වෙන්නෙ...ඇත්තටම ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී සොදුරු මිනිසෙක්...
ReplyDeleteඅවංකවම. නැත්නම් මම ඒ හැටි සතුටු වන්නේ නෑ. මම ඔහු ගැන පැහැදෙන කාරණා තමයි ක්‍රීඩාවේදී දක්වපු පරාර්ථකාමීත්වය, නිසි කලදී විශ්‍රාම ගැනීම, ඉන් පසුව ඔහු තෝරාගත් ව්‍යාපාර හෝ වෘත්තීන්, යහපත් පවුල් ජීවිතය.
Delete