Monday, August 19, 2013

ගනුදෙනුකරුගෙන් කොමිෂන් අය කිරීම සාධාරණද ?

අද දින බ්ලොග් පොස්ට් එකක් දැමිය යුතු වුවත් ඒ සඳහා කිසිම හැකියාවක් නොමැති නිසා මේ දක්වා පරිගණකයෙන් ඈත වී සිටියෙමි. හේතුව මගේ දකුණු ඇහැ වසාගෙන තිබෙන නගනයයි. එය ඉදිමී ඇස ඇර ගන්නට බැරි තත්වයේ ඉඳන් බ්ලොග් පොස්ට් එකක් දැමීම කොතරම් ඥානාන්විත ක්‍රියාවක්දැයි ඔබට වැටහෙනු ඇත. මීට පෙර කිහිප වතාවක් නගන ඇවිත් තිබුණත් මෙවර නම් ඉතා භයානක තත්වයක් යයි මට සිතේ. ඒත් මතක් වූ වෙලාවට නොලිව්වොත් නැවත එය ලියන්නට සිත් නොවේ. එහෙනම් අපි මාතෘකාවට බහිමු. මේ දවස් වල බ්ලොග් කියවන්න අවස්ථාවක් නොගන්නේ අසනීප තත්වය නිසාය. ඒ ගැන අහිතක් නොසිතන්න.
පින්තුරය ගත්තේ : http://www.rankia.com

අද උදේ මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන්, අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මගෙන් විමසා සිටියේ 

"ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න ගියාම කඩේ අය කියනවා, HNB මැෂින් එකක් තියෙන නිසා අපේ කාඩ් වලට 3%ක කොමිෂන් එක අපෙන් ගන්න කියලා HNB එක කියලා තියෙනවා කියලා"

ඉතිං මේ වගේ අවස්ථා වලට ඔබ මෙන්ම මමත් අනන්තව මුහුණ දී තිබෙනවා. මගේ දියණිය අධ්‍යාපනය ලබන රෝයල් ඉන්ස්ටිටියුට් එක පවා මේ බොරුව අපට පවසනවා. යුනිටි ප්ලාසාහී තිබෙන පරිගණක කඩද  ගනුදෙනුකරුගෙන් කිසිදු කැතක් නැතිව එම මුදල අය කර ගනී.ඒ නිසා මෙහි නිවැරදි තත්වය කුමක්ද කියා අප දැනුවත් විය යුතුයි.

කාඩ් පතකින් වන ගනුදෙනු සඳහා වෙළෙන්දන්ගෙන් කොමිෂන් මුදලක් කාඩ් මධ්‍යස්ථානය අය කරන්නේ, මුදල් අතේ නැති වුවත් ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවන්නට ගනුදෙනුකරු පෙළඹෙන්නේ, වෙළෙන්දා කාඩ් වලින් ගෙවීම ලබා ගැනීමට සුදානම් නිසාය. ඇත්තටම එය සත්‍යකි. මුදල් නැතිවුවත් ඔබ ළඟ කාඩ් පතක් ඇතිනම් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමට ඔබ ඉදිරිපත් වන්නේ එම ස්ථානය කාඩ් භාර ගන්නේ නම් පමණකි.

මේ කොමිෂන් වල ප්‍රතිශතය 1% සිට 5% දක්වා අගයන් ගනී. එය තීරණය වන්නේ ඔවුන් කරන වෙළඳාම මතය. බොහෝවිට අධ්‍යාපන ආයතන වලට ඉතා අඩු අගයක් අය කිරීමට යන්ත්‍ර නිකුත් කරන  ආයතන ක්‍රියා කරයි. නමුත් වෙළෙන්දා ගනුදෙනු කරුගෙන් අය කරන්නේ 3% සාමාන්‍ය අගයය. ඔවුන් එතන ලාබයක් ලබා ගන්නා අවස්ථාද තිබේ.  එය ගනුදෙනු කරු මත පැටවීම සම්පූර්ණ අසාධාරණ, අවස්ථාවාදී ක්‍රියාවකි. මෙවැනි වෙළෙන්දන් ගැන මට කීමට ඇත්තේ ඔවුන් වෙළඳාම ගැන හයක් හතරක් නොදන්නා පිරිසක් බවයි.

වෙළෙන්දාට හිමි මුදල දවසකින් හෝ දෙකකින් ලබා දීමට කටයුතු කර තිබියදීත් එවැනි ක්‍රියා කරන්නන් කෙතරම් අවස්තාවදීදැයි ඔබට දැන් වැටහෙනු ඇත. නමුත් 90% කඩ-සාප්පු සහ ආයතන මෙම වාසිය පසුපස යන්නේ නැත. මෙවැනි ආයතන අදාළ කාඩ් මධ්‍යස්ථානයට වාර්තා කිරීම ගනුදෙනු කරුවන් වශයෙන් ඔබට සහ මට කල හැකි හොඳම දෙයයි. ඔබ ගන්නට යන භාණ්ඩය අත්‍යවශ්‍ය නම් එම මුදල ගෙවා ලබා ගන්න. ඉන්පසු කුමන ආයතනයේ යන්ත්‍රයක්දැයි සැක හැර දැන ගන්න. පසුව එම ආයතනය අමතා එම තත්වය වාර්තා කරන්න. 

යන්ත්‍ර ලබා ගන්නට පොරොත්තු ලේඛන වල  වෙළෙන්දන් සිටිනා තත්වයක, මෙවැනි අවස්ථාවාදීන් සොයා ගැනීමට ක්‍රෙඩිට් කාඩ් ආයතන සහ යන්ත්‍ර ලබාදෙන වෙනත් ආයතන(ග්ලෝබල් පේමන්ට් වැනි) වලට කරන සහයකි. එවැනි අවස්ථාවක වෙළෙන්දා ඉදිරියේම එය කළහැකි මුත් කළහ ඇති කර ගැනීම නුවනට හුරු නොවන්නේ, සමහර වෙළෙන්දන් වෙසින් පෙනී සිටින්නේ පාතාලයේ නායකයන්ද විය හැකි නිසාය. 

57 comments:

  1. එයාර් පොර්ට් එකේ duty-free ෂොප් එකකින් මට ඔය පොත දාන්න ඇවිත් මම ඒ වෙලාවේම බැන්ක් එකට කතා කරා......( commercial ) ඊට පස්සේ කතාකරපු බැංකු නිලදරුවා කඩේ tel no එක ඉල්ලන් ටිකකින් එයට කතා කරා ... ඊට පස්සේ 3% නැතුවම මට බඩු දුන්නා පොඩි ගානක බඩුවක් නෙවි මම ගත්තේ ඒ නිසයි කස එක එතනම පත්තු උනේ ....

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම නොදැනෙන්න තමයි ගේම් එක දෙන්න ඕනේ.

      Delete
  2. ඔව් දැන් තියන තත්ත්වය අනුව යමක් කිරීමට පෙර දෙවරක් නොව සිය වතාවක්වත් හිතුවොත් හොඳයි. ඔබ ගැටෙන පුද්ගලයා පාතාල නායකයෙකු හෝ ඔහුගේ හෙන්චයියකු හෝ ඔවුනට හැඳුනුම් කමක් ඇත්තෙක් වීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහලයි.

    මමත් වරක් ඔය වගේ වැඩිපුර අයකළ ආයතනයක් වරක් බැංකුවට වර්තා කර සිටියා. මට හිතෙන්නෙ ඒකෙන් වැඩක් වුනේ නෑ.. ඔවුන් තවමත් ලැජ්ජා නැති විදිහට ඒ මුදල ගන්නවා මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. සමහරු මේවා නොදැක්ක ගානට ඉන්නවා.

      Delete
  3. ඔය සීන් එක නිසාම ක්‍රෙඩිට් කාඩ් වලින් බදු ගන්න එක නවත්තලාම දැම්මා. මොකද සමහර අපබ්‍රංශ තේරෙන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක්ට ඔහොමයි.

      Delete
  4. පාරිභෝගිකයන් නිතර ම විමසිලිමත් වෙනවා නං මේ වගේ දේවල් ගැන වංචාවන් වළක්වා ගන්න එක හරිම ලේසි දෙයක්.

    ReplyDelete
  5. මටනම් වෑඩිපුර ඉල්ලන අය මුනගෑහිල එත් ෆික්ස් ප්‍රයිස් එකෙන් දෙන 5% ඩිස්කවුන්ට් එක දෙන්න බෑ කියපු අවස්ථා තියෙනව.

    ReplyDelete
    Replies
    1. සමහරු එහෙමත් කරනවා. ඇත්තටම ඒවා කැත වැඩ.

      Delete
  6. // වෙළෙන්දාට හිමි මුදල දවසකින් හෝ දෙකකින් ලබා දීමට කටයුතු කර තිබියදී//
    ඇත්තද ? මම හිතා ගෙන හිටියේ ඒ සදහාත් දින 30 ක් පමන යනවා කියායි.

    ReplyDelete
    Replies
    1. නෑ. බොහෝවිට පහුවදාම ඔවුන්ගේ අතටම චෙක්පත භාර දෙනවා කුරියර් සේවාවක් හරහා.

      Delete
    2. මේ කීපවරක්ම මම අත් දැක්ක දෙයක්. "මහත්තය කාඩ් එකෙන් ගෙවනවනම් ඩිස්කව්න්ට් දෙන්න බැ. කැෂ් නම් 10% දෙන්න පුලුවන්.". හේතුව මොකද දන්නවද ?

      Delete
    3. මම ඊයෙ පෙරේද දම්රෝ එකට ගියා බඩු වගයක් ගන්න. ඔවුන් අඩුම 10% ඩිස්කවුන්ට් දෙනවා හැම බඩුවකටම. ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙව්වත් ඒ ඩිස්කවුන්ට් එක දෙනවා කිව්වා. ඒත් පොළී රහිත් වාරික ක්‍රමයට ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගන්නවනම් ඒ ඩිස්කවුන්ට් එක නෑ කිව්වා. එතනදි වෙළෙන්දාට බැංකුවෙන් මුලු මුදලම එක පාර ලැබෙන්නෙ නැද්ද ? ඔවුන්ටත් ලැබෙන්නෙ මාස් පතා ටික ටිකද ?

      Delete
    4. ඔවුන්ට සුපුරුදු පරිදි දින දෙකක් ඇතුලත මුදල් ලැබෙනවා.

      Delete
  7. // වෙළෙන්දාට හිමි මුදල දවසකින් හෝ දෙකකින් ලබා දීමට කටයුතු කර තිබියදීත් ...//

    ඇත්තද ? මම හිතා ගෙන හිටියේ ඒ සදහාත් දින 30 ක් පමන යනවා කියායි.

    ReplyDelete
  8. කොහෙත් තියෙන්නේ පාරිභෝගිකයටම කෙලින්න හදපු ක්‍රමවේදයක්.

    ReplyDelete
    Replies
    1. හදපු නෙවෙයි හෙන්රි හදාගත්තු. අපිට පුළුවන් මේ වගේ පොඩි වැඩ වලින් ඔවුන්ට කරදරයක් වෙන්න.

      Delete
  9. ඔය රෝයල් ඉන්ස්ටිටියුට් එකනම් මුදල්,මුදල්,සහමුදල්ම තමයි.මීට අවුරුදු පහලවකට පෙරත් ඔහොමයි.ඔය සීයට තුනේ ගසා කෑමනම් අන්තිම කැතයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔවුන් වගේ නමගිය වැදගත් ආයතනයකට තරම් නොවන දෙයක්.

      Delete
  10. කොතනත් ගසා කෑමම තමයි බං.

    මේකට පිලියම මැලේ රාල කී පරිදි බැංකුව ඇමතීමද??

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඒක තමයි කරන්න ඕනේ. හැබැයි මුදලාලි මැරයෙක් නම් තත්වය ටිකක් භයානක වෙන්න පුළුවන්. ඔවුන්ට නොදැනෙන්න එහම කරන්න ඕනේ.

      Delete
  11. බොහොම ස්තුතියි සුදීක මේ දැනුවත් කිරීම ගැන.

    අසනීප වලට බෙහෙත් කියන්නනම් හොඳ නැහැ මෙහෙම. මගේ ප්‍රතිපත්තියක් කඩමින් පුංචි උපදෙසක් කියන්නම්. බෙහෙත් කඩේකින් ඉල්ලගන්න ඉඟිනි ඇටයක්. (කඩල ඇටයක් තරම් ඇති ටිකක් පැතලියි)එය වතුරෙන් ගලගාලා නගනයේ ගාන්න. වරුවකින් දෙකකින් ප්‍රශ්නය අවසන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අත් බේත දන්නුවාට. වැඩේ තියෙන්නේ අපි ඉන්න ගෙවල් වල ගල ගාන්න ගලක් නෑනේ. ගමේ ගෙදර නම් රෙදි හෝදන ගලක් තිබුණා.

      Delete
    2. පාර අයිනෙන් ටිකක් ලොකු අඟල් 4 යි 4 විතර කළුගල් කෑල්ලක් ගෙනත් හොඳට හෝදලා ගන්න.

      Delete
    3. මට හිනා වෙලා පන ගියා සුදික මලේ.
      අනේ..අනේ...කඩල ඇටයක් තරම් දෙයක් උරච්චි කරන්න රෙදි ගලක්.
      මේක කියවල මට ලොල් ද මන්ද?නෙමේ නියම ලොල් උනා :):).

      Delete
    4. නාගරීකරණය කියලා කෙටි උත්තරයක් තමයි දෙන්න වෙන්නේ කෙන්ජි අයියේ.

      Delete
  12. යකෝ දැං පාතාල නායකයො සිල්ලරබඩු බිස්නසුත් කරනවද?

    නගනෙටනං තුත්තිරි ගහක් ගලෝල ගාගත්තහම හරියනව.

    ReplyDelete
    Replies
    1. ඊයේ මගේ යාලුවා කතා කලේ පංචිකාවත්තේ ඉඳගෙන. ඉතිං එහෙම තැනක ඔය වගේ සම්බන්දකම් තියෙන කෙනෙක් ඉන්න බැරි නෑනේ.

      Delete
  13. Lankaenews
    12 hours ago
    සංවේගයෙන් දැනුම් දීමයි..!

    (ලංකා ඊ නිව්ස් -2013.අගෝ.19, ප.ව.7.00) ශ්‍රී ලංකා මහ බැංකුවේ ආදරණීය පුතනුවන් වූද, ලංකාගේ බාල සොහොයුරා වූද, සම්පත්, සේලාන්, එන්එස්බී, කොමර්ෂල්, යන අයගේ ඥාති සොහොයුරා වූද, ජනජය, යර්ස්, වනිතා වාසනා, ජයනිවස යන අයගේ ආදරණීය පියාණන් වූද, ඉසුරු උදාන, සිසු උදාන, දූදරු යන අයගේ මුත්තනුවන් වූද, එතෙර ඉසුර, ස්වර්ණ ප්‍රදීප, පරිනත, හාවෙස්ට් යන අයගේ මාමණ්ඩිය වූද, 1961. 07. 01 දින උපත ලබා ඉලංගරත්න, සුභසිංහ යන ප්‍රභූවරු යටතේ යහමඟට වන් මහජන බැංකුව වසර 52 ක් ආයු වළඳමින් සිටියදී, වසර ගණනාවක සිටම තම වෘත්තීය සමිති නායකයින්ගේ සහ ඔවුන් මෙහෙයවන දේශපාලූවන්ගේ මරණීය තර්ජනයට ලක්ව සිට අවසානයේදී මැදමුලන චෞර සාහසිකයන් අතින් මහ දවල් අමු අමුවේ ඝාතනය වූ බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු. සැබෑ ජනයාගේ හදවත් ශෝකයෙන් පිරී ඇති බැවින් ව්‍යාජ ශෝක ප්‍රකාශන භාර නොගන්නා අතර ගල් ගැසූ අත් වලින් පිදෙන මල්වඩම්ද අනවශ්‍යයයි. ඝාතනය සිදුවන තෙක් නිදිවැදි සිට ඝාතනයෙන් පසුව කිඹුල් කඳුළු සැලීමද අනවශ්‍යයයි. ඝාතනයෙන් පසු සිරිත් පරිදි ඝාතකයන් විසින්ම අවසන් කටයුතු භාරගන්නා බැවින් ඉදිරි අවමංගල්‍ය කටයුතු පිළිබඳ දැනුම් දීමට නොහැකිවී ඇති බවද සංවේගයෙන් දැනුම් දෙමු.

    මෙයට ශෝකයට පත්

    හේවායා සමග ගනුදෙනුකාර පිරිස
    මේක ඇත්තක්ද ???????

    ReplyDelete
    Replies
    1. මෙහෙම ආරංචියක් තියෙනවා. සමහරවිට සරුංගලයක් වෙන්නත් බැරි නෑ. ටිකක් හොයලා බලන්න ඕනේ.

      Delete
    2. පොදු සමාගමක් කරලා කොටස් වෙලද පලේ විකුනන්ඩ යනවා ලු. ඇත්තද මන්දා .

      Delete
    3. ඕක අලුත් දෙයක් නෙමෙයි. පිලිප් ගුණවර්ධන මහතා සමුපකාර සංවර්ධන බංකු පිහිටුවීමට ගෙනා මුල් පනත මදක් වෙනස් කරලා තමයි මහජන බැංකුව ආරම්භ කලේ.එවකට තිබු පළාත් සමුපකාර බැංකු ටික නව මහජන බැංකුවට එකතු කලා. මුලදී කොටස් ප්‍රාග්ධනයෙන් 51% කි සමුපකාර සමිති වලට තිබුනා. මහජන බැංකුවට මුදල් ගලා එන මුලාශ්‍රය වුනේ රටපුරා විහිදුනු ග්‍රාමීය බැංකු පද්ධතිය. පස්සේ කාලේදී රොනී ද මේල් ගොයියා මුදල් ඇමති උනාම මහජන වත්කම් නැවත අගය කරලා සමුපකාර කොටස් හිමියන්ගේ කොටස්වල අගය වැඩි නොකර පාලනය තමන්ගේ අතට ගත්තා.

      දැන් ඕක උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි.

      Delete
    4. ඕක අලුත් දෙයක් නෙමෙයි. පිලිප් ගුණවර්ධන මහතා සමුපකාර සංවර්ධන බංකු පිහිටුවීමට ගෙනා මුල් පනත මදක් වෙනස් කරලා තමයි මහජන බැංකුව ආරම්භ කලේ.එවකට තිබු පළාත් සමුපකාර බැංකු ටික නව මහජන බැංකුවට එකතු කලා. මුලදී කොටස් ප්‍රාග්ධනයෙන් 51% කි සමුපකාර සමිති වලට තිබුනා. මහජන බැංකුවට මුදල් ගලා එන මුලාශ්‍රය වුනේ රටපුරා විහිදුනු ග්‍රාමීය බැංකු පද්ධතිය. පස්සේ කාලේදී රොනී ද මේල් ගොයියා මුදල් ඇමති උනාම මහජන වත්කම් නැවත අගය කරලා සමුපකාර කොටස් හිමියන්ගේ කොටස්වල අගය වැඩි නොකර පාලනය තමන්ගේ අතට ගත්තා.

      දැන් ඕක උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි.

      Delete
  14. ගනුදෙනු වලදී අයිය කිව්ව මේ වගේ අවස්තාවන් පිළිබඳව අපෙන් අය කර ගැනිම් ගැන බොහෝ දෙනෙක් පුංචි දැනුවත් විමක්වත් වී නැත.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කරුවන් හරහා මේක සමාජගත වෙයි කියන විශ්වාසය උඩයි මම ලියන්නේ.

      Delete
  15. මම නම් කාඩ් වලින් වැඩ දාලා නෑ . ඒක නිසා මට ඒගැන ඒහැටි දැනුමකුත් නෑ .. මම කියන්නම් මචන් ඔය නගනය හොඳ කරගන්න කෙමෙක් .. කාටවත් නොකියා ගෙදර ඉන්න පූසාගේ නැට්ට තුන් වතාවක් නගනය තියන ඇහේ උලන්න . නගනය නැත්තටම නැති වේවි .. (සිරාවට)

    ReplyDelete
    Replies
    1. අපේ පුසා මැරුණා. දැන් මොකද කරන්නේ. වෙන ගෙවල් වල පූසෝ මං ගාවට ඒවිද ?

      Delete
  16. මටත් දවසක් අන්තර්ජාල හරහා ගණු දෙනුවක් කිරීමට ගොස් අකර තැබ්බයකට මුහුණ දීමට සිදුවූවා. අපර්නා සෙන්ගේ බෙන්ගාලි ෆිල්ම් එකක් වෙන "සති" ඩවුන්ලෝඩ් කිරීමට නොමිලේ දෙනවා කියා ක්‍රෙඩිට් කාඩ් අංක ඉල්ලා සිටියා. අවසානයේ අංකය ලබා දුන් නමුදු, මාගේ සේවාවද නොලැබිණ. මා ක්ෂණීකව බැංකුවට කතා කර ගනු දෙනුව නැවැත් විය. බැංකුව කී පරිදි අදාල අඩවිය ද තෙවරක් මුදල් ගැනීමට උත්සා කර තිබූ නමුත්, කාඩ් අංකය සමඟ මගෙන් විමසූ PIC අංකයක් මා වැරැදිවට ලබා දුන් බැවින් ඔවන්ගේ ගනු දෙනුව සම්පූර්ණ වී නැත.
    පාරිභෝගිකයන් වෙළඳපොළෙන් ගිලිහී යාමට නොදී ඔවුන් තව තවත් අල්වා බැඳ තබා ගැනීමට එන සහායකයෙක් ලෙස ද ක්‍රෙඩිට් කාඩ් හඳුනාගත හැකිය. මා දන්නේ නැහැ කෙතරම් මා නිවැරැදි ද කියා.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වාසනාවට තමයි CVC අංකය වැරදියට දී තිබෙන්නේ. අන්තර්ජාල ගනුදෙනුවක් කරන්න කලින් ඒ වෙබ් සයිට් එක හොඳ එකක්ද කියලා තහවුරු කර ගන්න අවශ්‍යයි. ඒ ගැන මම පොස්ට් එකක් දාන්නම්.

      ඇත්ත පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගත හැකි ක්‍රමය විදියට ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරන්න පුළුවන් විවිධ වට්ටම් ලබා දීමෙන්. එවැනි දේ මේ දින වල සිදු වෙනවා.

      Delete
  17. කාඩ්පත් ප්‍රචලිත කරන්න බාධාවක් මේ විදියට කමිෂන් ගන්න එක. මේ කමිෂන් නිසා ජනතාව කාඩ්පත බැංකු ඒටීඑම් එකට දාලා සල්ලි අරන් කඩවල් වලට යනවා. අප්‍රේල් දෙසැම්බර් මාස වල ඒටීඑම් නිතරම ලෝඩ් කරන්න වෙනවා මේ නිසා. (ඒ වගේම යන්ත්‍ර ක්‍රියා විරහිත වීම් සිද්ද වෙන අවස්ථාත් සුලභයි මේ දවස්වල. ) කාඩ්පත පාවිච්චි කරන්න pos මැෂින් තිබුනට වැඩක් නෑ ඒවායින් ගනුදෙනුකරුවන්ට පහසුවක් නැත්නම්. atm මැෂින් එකට පෝලිමේ ඉඳලා කඩේදිත් මුදල් ගෙවන්න පෝලිමේ ඉන්න වෙනවා.
    මටත් මේ ළඟදි දවසක් මේ විදියෙ 3% කමිෂන් ගෙවන්න වුනා. ගෙදර ආවම ඒක අමතක වෙලා තියෙන්නෙ. හෙට ගියාම මේ ගැන හොයලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ වෙළෙන්දන්ගේ තියෙන බාල තත්වය තමයි ඕකට හේතුව. සමහර කඩවල මාරු සල්ලි නැති වෙලාවට යස අගේට කාඩ් ගන්නවා. මම බලල තියෙන දෙයක් තමයි කාඩ් නොගන්නේ

      1. වැඩිය වෙළඳාම නැති අය
      2. පොස් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න ඒ වගේ සෙට්ල්මන්ට් කරන්න නොදන්නා ය(දෛනිකව සෙට්ල්මන්ට් කලොත් තමයි ඒ අයට මුදල් ලැබෙන්නේ)
      3. බලෙන් ඔවුට පොස් යන්ත්‍ර ලබා දී තිබීම

      වගේ අවස්ථා වල. 3% ගත්තා නම් අනිවාර්යයෙන්ම පැමිණිලි කරන්න ඕනේ. පුළුවන් නම් කාඩ් මධ්‍යස්ථාන සියල්ලටම කියන්න. ඔවුන්ව බ්ලක්ලිස්ට් කරන්න ඕනේ.

      Delete
    2. සමහර කඩ තියනවා ක්‍රෙඩිට් කාර්ඩ් යන්ත්‍රය ඔපරේට් කරන්න දන්නෙ බොසා විතරයි. දොරේ ගහලා තියනවා We accept VISA / Master card කියලා. ඒත් බොස් නැත්නම් කෑෂ් විතරයි.. :D

      Delete
    3. ඔය වගේ ප්‍රශ්ණ හැමතැනම තියෙනවා. කොටින්ම අපේ ඔෆිස් වල පවා. :)

      Delete
  18. ඔන්න සුදීක අපේ ආයත‍නයනම් ඔය 3% අපිම දරාගන්නවා. තව දන්න තැන් තියනවානම් කියන්න.

    ReplyDelete
    Replies
    1. ලක්සල ඇතුළු බොහොමයක් ආයතන සන වෙළඳ සැල් මේවා අය කරන්නේ නෑ. බොහොම සුළුතරයක් තමයි මේ ගසා කෑම කරන්නේ.

      Delete
  19. මගේ comment එක නැත්තෙ මොකද?

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ උඩින්.

      Delete
  20. ඉස්සරහට මේ ගනුදෙනු වලදි ටිකක් විමසිල්ලෙං ඉන්නෝනා...

    ReplyDelete
    Replies
    1. මතක තියාගෙන ඉන්න. වැදගත් වෙන වෙලාවක් එයි.

      Delete
  21. ක්‍රෙඩිට් කාර්ඩ් වලින් දෙන ඔෆර් තමා එකම හොඳ දේ අනික ග්‍රේස් පීරියඩ් එක.ඔය දෙක නැත්නම් ඇත්තටම කාර්ඩ් වලින් අපිට පාඩුයි ,..

    ReplyDelete
  22. නගනේ ගැන වෙනම පෝස්ට් එකක් දැම්මානම් සුදීකට හොඳ බෙහෙත් ටිකක් අහගන්ට තිබුණා...:D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. මටත් හිතුණා. හැබැයි බලන අය නොමග යයි.

      Delete
  23. මගේ කමෙන්ට් එකට බලාගෙන ඉන්දැද්දි නැතිවෙලා ගියානේ.:(

    ReplyDelete
    Replies
    1. ඔය දැන් තියෙන්නේ. අර අහිංසක චමියා නමින් ප්‍රොෆයිල් එකක් අටවා ගෙන එන කුණුහර්ප කාරයා නිසයි ඔහොම කරලා තියෙන්නේ.

      Delete
  24. @ Cristogallary
    මටත් මේ වගේ දෙයක් උනා.හැබැයි මම කිව්වා ඒ වැඩේ කරන්න එපා.මේක මගෙ පළවෙනි කාඩ් පේමන්ට් එක නෙවි කියල.හැබයි මම දැනගෙන හිටියෙ නෑ ඒක එයාලගේ ආදායමට එකතුවෙන නිසයි එයාලා මේ ගැන මේ තරම් උනන්දු වෙන්නෙ කියලා.පස්සෙ මම සල්ලි දුන්නා.රණ්ඩු කරන්න බැහැනේ.

    ඒ ගැන පසු විපරමක් කරන්න මේ සිද්ධිය දැනගෙන හිටියෙත් නැහැනෙ.

    ReplyDelete
  25. boc මැෂින් තියෙන අය මේ විදියට කමිෂන් ගන්න ඕන කීවොත් 011 220 44 44 ට කියන්න. අපි ඒ අයට දැනුම් දෙනවා එහෙම කමිෂන් ගන්න එපා කියලා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...