Tuesday, June 25, 2013

පිස්සොත් දැක්කා මේ වගේ පිස්සෝ නොදැක්කා ......

චැම්පියන්ස් තරගාවලිය ඉවර වුණ නිසා දැන් මට ක්‍රිකට් වලින් මිදිලා අවට ලෝකය දිහා බලන්න පුළුවන්. මෙහෙම කිව්වම සමහරවිට කෙනෙකුට හිතෙන්නේ පුළුවන් ක්‍රිකට් කියන්නේ මම ආයාසයෙන් කරේ තියන් ඉන්න බරක් කියලා. නෑ. එහෙම හිතුවොත් වැරදියි. මට බරක් නැතිම දේ ක්‍රිකට්. ඒ වුනත් වැඩේ තියෙන්නේ ඒකට මම වෙලාව ගත කරද්දී අනෙක් දේවල් මගෙන් මග හැරෙන එක.  ඔන්න දැන් ඉතිං  අනෙක් දේවල් වලට කාලේ.

ඊයේ මම ගෙදර යත්දී කරන්න කියලා ඒ හැටි වැඩක් තිබුණේ නෑ. මම ඉතින් වෙනදා පුරුද්දට ඩිස්කවරි චැනල් එක දාගෙන බලන් හිටියා. කිසිම ත්‍රිල් එකක් නෑ. හතට සුපුරුදු පරිදි මෑන් වර්සස් වයිල්ඩ්, අටට ෆූඩ් ෆැක්ටරි අන්න ඒක නම් මම පොඩ්ඩක් ආසාවෙන් බලන් හිටියා. මොකද අර මැෂින් වලින් මේ පැත්තෙන් අර්තාපල් දැම්මම අනිත් පැත්තෙන් Lays කියන චිප්ස් පැකට් හැදිලා එන නිසා. 

මෙහෙම ගිහින් දහයට පටන් ගත්තේ නැද්ද වැඩසටහනක්. ඒකෙ තිබුනේ නික් වැලෙන්ඩා කියලා මිනිහෙක් කම්බියක ඇවිදින එකක්. ඔව්. අර සර්කස් වල යන්නේ කඹේ. අන්න ඒ වගේ වැඩක්. මේක එහෙම ලේසි පහසු වැඩක් නම් කමක් නෑ. ඇමෙරිකාවේ තියෙන කොලරාඩෝ ගඟ ගලාගෙන යන ග්‍රෑන්ඩ් කැන්යොන් කියන විශාලම හිඩැස කම්බියක් දිගේ තරණය කරපු එකේ වැඩසටහන. මගේ ජීවිතේට දැක්කැයින් දැක්කේ නෑ මේ වගේ පිස්සෙක්. නිකම්ම එකෙක් නම් කමක් නෑ දරු මල්ලෝ තුන් දෙනෙක් ඉන්න එකෙක්.

සර්කස් එකක නම් කඹේ යන එකා  වැටුනොත් බේරෙන්න දැල්, රබර් මෙට්ට යටට දානවනේ. නැත්නම් නොපෙනෙන කම්බියක් වත් පිට පැත්තේ සවි කරනවනේ. මේකේ ඒ වගේ වැඩ මොනවත් නෑ. එක්කෝ මේ පිස්සා පවුලේ අයත් එක්ක තරහා වෙලා. නැත්නම් ලොකු ඉන්ෂුරන්ස් එකක් වත් ගෙදරට ලැබෙන නිසා මෙහෙම වැඩකට අත ගැහුවද මන්දා. මේක මම කොහොමද වචනයෙන් විස්තර කරන්නේ. 

අඟල් දෙකක් විෂ්කම්භය තියෙන වානේ කම්බියක් තමයි මේකට යොදා ගත්තේ. දෙපැත්තේ ඒක සවි කරන්න හෙළිකොප්ටර් අදාර කර ගත්තා. ඒ කම්බිය හොඳට තදින් ඇදිලා හිටින්න සවි කරලා එකේ සවි ශක්තිය එහෙම බලලා තමයි වැඩේට බැස්සේ. හැබැයි මේ හාදයා එයාගේ ගමේ ඒ කියන්නේ ෆ්ලොරීඩාවේ සරසෝටා කියන පළාතේ සතියක් විතර මේකට පෙර පුහුණුවක් කළා. ලිස්සලා වැටුනොත් අල්ල ගන්න වගේ දේවල් වලටත් පෙර සුදානමක් තිබ්බා.

ඩිස්කවරි ආයතනය මේ වැඩසටහන නම් කරලා තිබ්බේ “Skywire with Nik Wallenda” කියලා. මම නොදන්නවා වුණාට මේ වැඩසටහන බලන්න පෙරුම් පුරපු කට්ටියකුත් ඉඳලා. දන්නේ කොහොමද පහුගිය ටිකේ ලංකාවේ වුණේ මොනවද කියලවත් මට වගක් තිබ්බද ? 

අන්තිමට ඩිස්කවරි නාලිකාවේ මේ දශකයේ වැඩිම රේටින්ග්ස් ලැබුණ වැඩසටහන වෙලා තියෙන්නේ මේක. ලොව පුරා මිලියන් 13 ක ජනතාවක එදා ඩිස්කවරි නාලිකාව වටා එකතු වෙලා. මීට කලින් වසර 2000 දී විකාශණය කල “Walking with Dinosaurs” කියන වැඩසටහනට පස්සේ මෙවැනි ඉහල රේටින්ග්ස් ලැබුණේ පසුගිය විසිතුන් වනදා බවයි ෆොක්ස් ප්‍රවෘත්ති (FOX NEWS) ආයතනය පවසන්නේ. 

මේ හාදයාගේ වයස අවුරුදු 34යි මීට කලින් ලෝක වාර්තා හතක පිහුටුවල තියෙනවා. මේ මනුස්සයාගේ සීයා සර්කස් කාරයෙක්. ඉතිං පොඩි කාලේ ඉඳලා තමයි මේ දේවල් වලට හුරුව තිබිලා තියෙන්නේ. මේ ගමන ගැන නික් හීන මවලා තියෙන්නේ පොඩි කාලේ ඉඳලා. 

මේක දැකපු අපේ ගෙදර ඉන්න නංගිගේ පුතා කිව්වේ කොහොමද කුරුල්ලෙක් වත් ඇවිල්ලා කෙටුවොත් කියලා. මම හිතන්නේ මේකට නම් මැස්සෙක් ආවත් එකයි. මේ වෙලාවේ පොඩි හුලඟකුත් තිබ්බා. මොනවා වුණත් ආත්ම විශ්වාසෙ කියන එක ඉහලින්ම තියෙන කෙනෙක් තමයි මේ නික් වැලෙන්ඩා කියන්නේ. මම ටී වී එකෙන්ම පින්තුර ටිකක් ගත්තා. බලලම තීරණය කරන්න.








45 comments:

  1. අදේ, සිලාවටම, ගෙදර ඉන්න අපේ ඔලුව කැරකෙන්න ගන්නවා ඕක දැකලා :/

    ReplyDelete
  2. මමත් අද උදේ මේක දැක්කා ස්වර්ණවාහිනියේ ලෝක සිතියමෙන්. ඇත්තටම ත්‍රාසය උපරිමයි. නමුත් කොයි වැඩකාරයාටත් වරදින්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. ඔබ දැක ඇති ඇමරිකාවේදී මේ ආකාරයෙන්ම ගොඩ නැගිලි දෙකක් අතර අවිදීන ගිහින් එක පුද්ගලයෙක් වැටිලා මියගිය හැටි.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේ මිනිහා අන්තිම මීටර් 10 දිව්වනේ හිනා වෙවී.

      Delete
  3. සුදීක, මේක මෙතනට අදාළ නැතත් අහන්නේ මේ දැන් මුහුණදුන් ගැටළුවක් නිසයි. 'ලාංකීය සිතුවිලි' සින්ඩිකේටරයට මොකක් හරි වෙලාද? This account has been suspended කියලා පණිවිඩයක් එන්නේ ඇතුල්වෙන්න ගියාම.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මාත් උදේ ලාංකීය එකට යන්න ගියාම වැඩ කලේ නැහැ.වැප් එක්ක කන්ටැක් තියෙන කෙනෙක් පොඩ්ඩක් හොයලා බලනවාද

      Delete
    2. ලාංකීය එක වැඩ කරන්නේ නෑ තමයි.

      Delete
  4. ඔය වගේ කේබල් එකකින් තමන්ගෙ කෙස් වැටියෙන් එල්ලිලා යන්න ගිය ඉන්දියන් මනුෂ්‍යයෙක් ගිය මාසෙ මැරුණ විස්තරයක් පත්තර වල තිබුන.
    ඇයි තව එකෙක් ඉන්නෙ අපි පයින් ඇවිදගෙන යනව වගේ තට්ටු 30/40 ගොඩනැගිලි උඩට නගිනව පිට පැත්තෙන් කිසිම ආධාරකයක් නොමැතිව.

    ReplyDelete
    Replies
    1. මේ වගේ යට තියෙන්නේ අධ්‍යාත්මික ශක්තිය කියලා මට හිතෙනවා.

      Delete
    2. මෙන්න සංජීව අයියා සිංහලෙන් ටයිප් කරල????

      Delete
  5. මාත් මේක බැලුවනේ. මට මතක් උණේ Grand-Canyon ගිය ගමන. ඔහොම කඹේකින් යනවා තියා පොඩ්ඩක් අයිනට ගිහින්වත් බලන්ට බැරි එකේ, මේ ලෝකේ මිනිස්සුට තියෙන්නේ පුදුම ආසාවල් කියලා තමා හිතුනේ.

    මතක් වෙනකොට දැනුත් ඇඟ හිරි වැටෙනවා.:)

    ReplyDelete
    Replies
    1. මේක බැලුව නම් පිස්සොන්ටත් පිස්සු හැදෙනවා.

      Delete
  6. පිස්සු මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. ආයි කතා දෙකක් නෑ.

      Delete
    2. මටනම් හිතන්න ලෝකය වෙනස් කරන්න එහම අය ඕනා

      Delete
    3. සංජීව,

      ඔය වැඩේට උපයෝගී කරගත්ත ශක්තිය වෙනත් පලදායී දේකට යෙදෙව්වනම් ලෝකය වෙනස් කරන්න ඒක උදව්වක් වෙයි.. ජීවිතේ අවධානමට හෙලමින් කරන මේ ජාතියෙ විකාර වලින් ලෝකෙට සෙතකුත් නෑ, ඌට සෙතකුත් නෑ.

      Delete
  7. සුදික කියනවා වගේ මේවගේ පසුපස තියෙන්නේ හිතේ හයිය තමයි.

    ReplyDelete
  8. සුදීක අය්යා ඔයාට මතකද නිලන්ත කියලා කොල්ලෙක් ලෝකන්ට්තය, දියලුම ඇල්ල එහම බැස්සා.
    අරක්ෂක කබයක් නැතුව බබරකන්ද ඇල්ල බැහැලා ලෝක වර්ටාවක් තියන්න ගියගමන ඉවර උනේ ජීවිතයන් වන්දි ගෙවලා.
    හරි විදිහට අනුග්‍රහයක් සහ මග පෙන්වීමක් ලැබුනන් මිනිහ ලෝකය නමක් තියනවා
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් සංජීව. වැඩේ තියෙන්නේ අපේ අය මේ දේවල් කරන්නේ නිසි පුහුණුව නැතිව. ඒ වගේම අනුග්රාහකත්වයකුත් නැතිව.

      Delete
  9. හිතේ හයිය තියෙනවනං ඕන දෙයක් කරන්න පුලුවං. ස්පයිඩර් මෑන් වගේ බිත්ති දිගෙ ගොඩනැගිලි වල නගින පොරකුත් ඉන්නව නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ එක්කෙනක් විතරයි. අනිත් එක මෙයාගේ වැඩ වල වීඩියෝත් තියෙනවා. අනිත් ඒවත් එක්කම.

      Delete
  10. සියලුම බ්ලොග් ලියන දෙනා වේත,
    තවම මට හරියට සිංහල කොටන්න බැහැ ඒ නිසා ඔයාලා අපහසුතවයට පත වෙනවනම් මම කියවලා විතරක් යන්නම් කොමෙන්ටුවක් නොදා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කිසිම අපහසුවක් නෑ.. හරක් හැර වෙන කවුරුවත් ඉපදිච්ච ගමන් ඇවිදින්නෑ.. ඔහොම වරද්ද වරද්ද යමු, ටික දවසක් යද්දි නිකන්ම හරි ගිහින් තියෙයි.. මේකෙ දාලා තියන කමෙන්ට් අනිත් ඒවට වැඩිය බොහොම හොඳයි..

      Delete
    2. ඔන්නොහෙ දන්න විදියට දාන එකයි කමෙන්ට් එක.. අපි කොහොම හරි කියවගන්නම්.. නැද්ද සුදීක අයියේ... හි හි

      Delete
    3. මට හිත රිදෙන විදිහ ර්ප්ලයි එකක් තිබුන අක්කන්ඩි (ඇවීද්ද පය නෙමි ).

      Delete
    4. සංජීව. මෙතනදී වැදගත් වෙන්නේ ඔයා කියන්න හදන දේ. ඒක අපි නොදන්නා භාෂාවකින් නොවෙයිනේ දාන්නේ. මම දන්නවා ඔයා කොයි තරම් කරදර වෙලාද අපිට කමෙන්ට් එකක් දාන්නේ කියලා. මොන විදියකින් හරි ඒකෙ දියුණුවක් ලබන එක අපිටත් සතුටක්. අනිත් එක මටනම් ඉන්න හොඳම රසිකයන්ගෙන් කෙනෙක් තමයි ඔයා. ඒ අතරිනුත් බ්ලොග් නොලියන එකම කෙනා. මම කලිනුත් කියලා තියෙනවා පොස්ට් එකක. කවුරු මොනවා කිව්වත් අපි කරන්න ඕනේ අපේ හෘද සාක්ෂියට එකඟ දේ.

      Delete
    5. සංජීව,

      ඔය එක එකා කියන ඒවා එච්චර ගනන් ගන්න එපා. බ්ලොග් අවකාශෙත් ඉතින් සාමන්‍යය ජීවිතේ ඉන්න මිනිස්සුමනෙ ඉන්නෙ.. ඉතින් නා නා ප්‍රකාර චරිත ඉන්නවා, ඒ ගොල්ලො නා නා ප්‍රකාර කතා කියනවා. ඔය කියන හැමදෙයක්ම අපේ ඔලුවට දාගෙන හිත රිදව ගන්න ගියොත් වැඩිකල් ඉන්න අමාරුයි.. තඹ සතේකට ගනන් ගන්න එපා, ඕනා එකෙක්ට ඕනා දෙයක් කියන්න දෙන්න. ඒවයෙන් අපේ හිත රිදවගන්න එක මෝඩකමක්...

      Delete
    6. කොච්චර හොදද අයියා සිංහලෙන් ටයිප් කරන එක? මම නම් අයියගේ කමෙන්ට් සිංග්ලිශ් වලිනුත් අමාරුවෙන් හරි කියෙව්වා.. අනේ උඩ මම දාපු කමෙන්ට් එකෙන් හිත රිදෙන්නෙ නැති වෙයි නේද? මම දවස් ගානකින් බ්ලොග් පැත්තේ ආවේ. ඒ නිසා සන්තෝසෙට එහෙම දැම්මේ..

      Delete
    7. මමයි,DDT මල්ලියත් බ්ලොග් ලියන්නෙ නැහැ නොවැ :).

      Delete
  11. පිස්සු තමයි... නැත්තං අපිත් කට ඇරං බලං ඉඳියියැ... ( මෙහෙම කියන්නත් පුළුවන්.. අපි බලන නිසානේ එයාලා මේ වගේ වැඩ කරන්නේ.. දැන් කට ඇරං බලං ඉන්න අපි, ඔය මනුස්සයා වැටිලා මළා නං කම්මුලේ අත තියං අනේ අපොයි .. මේ මනුස්සයට පිස්සුද මෙහෙම වැඩ කරන්න කියලා අහයි...නැද්ද මං කියන්නේ.. හි හි)

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි හිරූ. ලෝකේ ඉන්න සමස්තයක් හිතන විදියට නොහිතන, කරන විදියට නොකරන පුද්ගලයෝ ඉන්නවා. අපිට ඒක විකෘත්ති මානසික තත්වයක් වගේ පෙනුනත්, ඒ යට ඒවා සාමාන්‍යයි.

      Delete
  12. හැම මිනිහටම ත්‍රාසජනක දේවල් වලට ආසාවක් සහජයෙන්ම තියෙනවා. ඒක තමා ඒ වැඩසටහනේ රේටින් වලින් පේන්නෙ. ඒත් හැමෝටම ඒ ත්‍රාසය පුද්ගලිකව විඳින්න හිතේ හයියක් නෑ හරි, බැඳීම් වැඩියි හරි. ඒ නිසා මේ වගේ සුලු පිරිසක් ලබන ඒ අත්දැකීම අපි හැමෝම තමන්ගෙ පෞද්ගලික අත්දැකීමක් බවට පත්කරගන්නවා.

    ඩ්‍රැකියට හිතුනෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියට හිතුන දේම තමයි මට හිතුනෙත්...:)

      Delete
  13. ඇග කිලිපොළා යන දසුනක්. ඇත්තටම මේ වැඩ කරන්නේ මෝඩකමටද පිස්සුවටද විරත්වය ලොවට පෙන්නා කැපිපෙනේන්ද කියලා හිතාගන්න අමාරුයි. මේ දේවල්වලින් තම ආදායම නම් සරු කරගන්න හැකියිනේ. අවසන් හේතුව එය වෙන්නත් හැකියි

    ReplyDelete
    Replies
    1. වීරත්වය ලොවට පෙන්වන්නේ ලොකු කැපකිරීම් රාශියක් කරලා අවසානයේදී. මේ පිටුපස තිබෙන දුෂ්කරක්‍රියාවක් තිබෙන්නේ පුළුවන්.

      Delete
  14. අපි මේ විදියට පොළවට අඩියක් විතර උස කම්බියක් දිගේ යන්න ට්‍රයි කලොත් කොහොමද? ටික දවසක පුහුණුවකින් පස්සෙ වැඩේ කරන්න අපිට පුළුවන්. ක්‍රීඩාවේදී හෝ මේවගේ අවස්ථා වලට අවශ්‍ය වෙන්නෙ චිත්ත ඒකාග්‍රතාවය. සුලඟක් නැත්නම් මෙතනදි එච්චර අපහසු නෑ. ඒ වගේම හරස් පොල්ල නිසා ඇතිවන ප්‍රතිඵලය දන්නවද?

    ReplyDelete
    Replies
    1. රාජ්ගේ අදහසට මමත් එකඟයි. අපි මේ බලන්න්ගේ අවුරුදු ගණනක් කෙනෙක් ගත් මහන්සියක ප්‍රතිඵල. අවසානය බලලා අපි ඔහුත් සමග අපිව සංසන්දනය කරලා බලනවා. නමුත් ආරම්භය අපිට වගේම ඔහුටත් අමාරුයි.

      චිත්ත ඒකාග්‍රතාව තමයි ඇත්තටම වැදගත්. හිත දියුණු කල කෙනෙකුට තමන්ගේ ඇඟේ බර නැතිවන තත්වයක් ඇති කර ගන්න පුළුවන්.

      හරස් පොල්ල නිසා හොඳ සමබරතාවක් ඇති වනවා. නැතිනම් මේ වගේ ගමනක් යත්දී තව අමතර බරක් එකතු කර ගනීද.

      Delete
  15. සදේ එනම් ඔබේ බ්ලොගට ට
    ඉවාන් පලුෂ , ගින් ගග අදද්ර් එකතු කරන්න

    ReplyDelete
    Replies
    1. රයිට්. මටත් ඕකේ නම අල්ල ගන්න ඕනේ වෙලා හිටියේ. බොහොම ස්තුතියි සංජීව.

      Delete
  16. මට නම් මේ වගේ උඩවල් වල වැඩ පෙන්නන මිනිස්සු පේන්නේ ගොඩාක් ආත්ම ශක්තිය තියන අය වගේ... මොකද මට මේවගේ දෙයක් කරන්න හිතුවත් කැරකිල්ල වගේ..

    ReplyDelete
  17. happaa oka mamath baeluwa apita husma ganna amathaka wenawa

    ReplyDelete
  18. මානසික ඒකාග්‍රතාවය මනින්න හැකි එක ක්‍රමයක් තමයි මේ වගේ වැඩ කරන එක.ඒක මනස සංයමයෙන් හැසිරවිම සහ පරිසරයත් සමග ඇතිකරගන්නා සමතිලිත බව නිසාම මෙවැනි දේවල් කරනවා. හැබැයි අපිට බෑ. ඒකයි ගැටලුව.

    ReplyDelete
  19. මම හිතන්නේ සමබර තාවයටත් වඩා හිත මෙතනදි ඉදිරියෙන් ඉන්නවා කියලා.

    මෝටර් සයිකලයක් පදින්න බැරි කෙනෙකුට ඒක පේන්නේ කොයි තරම් අමාරු වැඩක් වගේද?

    ReplyDelete
  20. මමත් පොඩි දෙන්නත් එක්ක මේක බලන්න සුදානම් වුනේ සතියක විතර ඉඳලා..මොකද මගේ පොඩ්ඩෝ දෙන්න..discovery එකේ මේක කලින්ම දැනගෙන තිබුනා...ඇත්තටම සමහර තැන් වලදී මම නැගිටලා ගියා..අර nik වාඩිවෙලා නැගිටින තැන..හුළඟට balance කරන වෙලාවට එහෙම...
    මොනවා වුනත්..අපේ සංවේදන ඉන්ද්‍රියයන්ගෙන්..ඔහු vision කියන් දේ ..පෙනීම ප්‍රයෝජනයට ගන්නේ නැහැ..කියලයි එතැනදී හැඟුනේ...මොකද මේ වගේ දෙකදී joint sense එකයි balance එකයි තමයි වැදගත්ම වුනේ...
    පිස්සු මනුස්සයෙක් ද කියලා තමයි මටත් හිතුනේ...

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...