Tuesday, June 11, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 32 - තොතපන් - තොතපන් ආදලේතනේ තොතන්නේ .....

අපේ බොහොමයක් බ්ලොග් හිතවතුන් හරි අකමැතියි මම ක්‍රිකට් ගැන ලියනවට. තව කට්ටියක් ගණිත ගැටළු වලට අකමැතියි. ඒ නිසා කවුරුත් වගේ කැමති ලොල් කතා සීරීස් එකට අලුත්, පුංචි කථාවක් එක් කරන්න හිතුවා. හැබැයි එකක් කියන්න ඕනේ චැම්පියන්ස් කුසලානය තියෙන කාල සීමාවේදී මගේ ක්‍රිකට් උණ අඩු වැඩි වෙන්න පුළුවන්. දැන් ගණන් එහෙම හදලා සමහරු බලාගෙන ඉඳලා හෙම්බත් හින්දා කතාව කියන්නම්.

සයිමන් අයියා කියන්නේ කිසිම ස්ථිර රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගය තිබුන පුද්ගලයෙක් නෙවෙයි. මිනිහා අහු වුන වැඩේ කරලා එදා වේලට කීයක් හරි හම්බ කරගත්තා. කාටවත් කරදරයක් නෑ. හවසට පොඩ්ඩක් දා ගත්තාම පොඩ්ඩක් කියවන එකයි වරද. මිනිහා ඉතිං ගෙදරක වහලක් හෙවිලි කලත්, ගමේ බණ ගෙයක්, තොවිල් පවිල් වැඩක් තිබුණත් ඒ හැමතනකටම ඇවිත් උදව් කලේ මුදල් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. ඒ වගේමයි ගමේ අයත් මේ වගේ අත් උදව්වක් දුන්නම සයිමන් අයියගේ අතේ කීයක් හරි මිට මොළවනන අමතක කලේ නෑ. 

සයිමන් අයියා කරන රාජකාරී වලින් හැම දවසකම උදේ කරන්නේ ගමේ මුදලාලිගේ රා බාන වැඩේට උදව් කරන එක. එහෙම රා බාන ගමන් රා දමන ලී බාල්දිය පිරුණම ඉතිරි වෙන ටික සයිමන් අයියා කටේ හලා ගන්නේ, රා වලට වැටිලා ඉන්න මැස්සෝ, මී-මැස්සෝ රැවුලෙන් පෙරලා. ඒ තරමට ඝනට වවිච්ච සුදු දිග රැවුලක් සයිමන්ට තිබ්බේ. තවත් දවසක රා බාලා අර වෙනද වගේම ඉතිරි ටික කටේ හලාගෙන එන අතර තුරදී සයිමන්ට මතක් වෙනවා ගමේ කෙනෙක් කියපු බෙහෙත් පැලයක් හොයන්න තියෙන බව. එහෙම එකක් හොයා දුන්නොත් පොඩි ගාණක් වරදින්නේ නැති බව සයිමන්ට විශ්වාසයි.

සයිමන් කැලෑවේ රිංගගෙන යනකොට ටිකක් එහාට වෙන්න තියෙන ගස් දෙබලක් දැකලා සයිමන් අයියගේ හිත කීරි ගැහිලා ගියා. මේ වගේ දෙබලකින් මීට කලින් අල්ල ගත්ත මයින් පැටව තුන්දෙනාට ජර්මන් කාරයෙක් රුපියල් දෙදාහක්ම ලැබුන බව සයිමන් අයියගේ සිහියට ආවහම හිතේ සතුට වැඩි කමට විෂිල් පාරක් ගහපු සයිමන් තප්පර දෙක තුනකින් සරමත් කැහැපට ගහගෙන තරමක් දිරා ගිය ගහ මුල. 

ගස් බෙනේ හැටියට නම් මයින් හෝ ගිරා පැටව් තුන් හතර දෙනෙක් වරදින්න විදියක් නෑ. සයිමන් අයියගේ අත්දැකීමෙන්ම සයිමන් අයියා ඒක හොඳ හැටි දන්නවා. බෙනේට ලං වෙත්දී පුංචි කෙඳිරිලි හඬක් ඇහිලා සයිමන් අයියගේ සතුට ඉහ වහා ගියා.  දනි-පනි ගාලා බෙනේට ලං කරපු සයිමන් අයියා ඇතුලේ ඉන්න කුරුළු පැටවුන්ට කථා කරන්න ගත්තා
පින්තුරය ගත්තේ : www.sciencedaily.com

මගේ පැටව් ටික මං එනවා අම්මා. තව පොඩ්ඩයි කලබල කන්නැතිව හිටපං දෙයියෝ. 

එහෙම කියලා සයිමන් අයියා හෙමිහිට බෙනේට අත දැම්මා. මෙහෙම ඇත දානකොට කුරුළු පැටව තමන්ගේ අම්මා කෑම ගෙනල්ලා කියලා සතුටින් කෑ ගහනවා. ඒත් මෙදා පාර එහෙම සද්දයක් ආවේ නැති නිසා සයිමන් නෝක්කාඩු කියන්න ගත්තා.

ඇයි මගේ පැටව ටික සයිමන් මාමා එන්න පරක්කුයි. තරහා වුණා. තරහා ගන්න එපා මගේ පැටව්නේ. මම උඹලව ජර්මනියට යවනවා මේ පාර. 

එහෙම කියපු සයිමන් අයියා අත ඇතුලටම දැම්මා. ඒ පාර මෙන්න අතට හෙමිහිට කොටනවා දැනිලා සයිමන් අයියා කියනවා මෙහෙම

තොතපන්-තොතපන් ආදලේතනේ තොතන්නේ කියලා.

එහෙම කියලා ඉවර වෙනවත් එක්කම සයිමන් අයියාට දෙලෝ රත් වෙන පාරක් අතට දැනෙනවත් එක්කම පිඹින සද්දයක් ආවා. සයිමන් අයියගේ මුළු ඇඟම හිරි වැටිලා ගොහින් ගහෙන් පල්ලට වැටෙන කොට දැක්කා බෙනෙන් එලියට ඔලුව දාලා පෙනේ කරන් ඉන්න නාග රාජයා. සයිමන් අයියා තව මොන මොනවදෝ කිව්වා. ඒත් සද්දේ පිට වුනේ නෑ. 

39 comments:

  1. මේක ලොල් කතාවක්යැ!!!!!

    ReplyDelete
    Replies
    1. එහෙනං. දැන් පොර මලාද කියලා ඇහුවොත් මෝඩ ප්‍රශ්ණයක්ද?

      >>අපේ බොහොමයක් බ්ලොග් හිතවතුන් හරි අකමැතියි මම ක්‍රිකට් ගැන ලියනවට. තව කට්ටියක් ගණිත ගැටළු වලට අකමැතියි.<<

      මම ඉන් එකෙක්ද? ඉතින් උඹේ ගැටලුවට උත්තරේ හොයාගන්න බැරි වුනා. ඉතින් අල්ලලා දැම්මා. :)

      Delete
    2. @නාඩියා : කවුරු හරි ලඟට ගිහිං "තොතපන්-තොතපන් ආදලේතනේ තොතන්නේ" කියලා කියපන් එතකොට මේකේ ලොල් ගතිය තේරෙයි.

      Delete
    3. @හෙන්රි : නැහැ සමහරු කෙලින්ම ගණන් හැදිල්ල ප්‍රතික්ෂේප කරනවා. හැබැයි හෙන්රි උඹට පුළුවන් වෙන්න ඕනේ, අන්තිමට දීපු එක. මොකද ගොඩක් තියෙන්නේ ඉංග්‍රීසි ප්‍රස්තා පිරුළු.

      Delete
  2. යකෝ අර අසරණයට මොකද උණේ?

    ReplyDelete
    Replies
    1. කුරුළු පැ‍ටුනෙ අසරනයෝ.. අර කුරුළු හොරාට නියම දඬුවම..

      Delete
    2. මේක ගොතපු කතාවක්. කුරුළු පැටව කියලා හිතාගෙන අත දැම්මම නයෙක් ධෂ්ඨ කලාම කොහොමද ආතල් එක. හුරතල් බස් දොදනකොටනේ වුනේ.

      Delete
  3. Replies
    1. ආදලේත, ආදලේත, වෙන මොනවතවත් නෙවේ, ආදලේත.

      Delete
  4. ඔන්න ඕකනෙ කියන්නෙ හැම බෙනේකටම අත දාන්න එපා කියල....

    ඕන් මන් කිවුව කියල හිතා ගනින්කො...

    ReplyDelete
    Replies
    1. හෙහ් ...හෙහ් ... හොඳ පාඩමක් තියෙනවා.

      Delete
  5. එදා මැච් එක නම් පට්ට නේද අයියෙ. පැරදුනත් දුක නෑ මාර ගේමක් දුන්නෙ. විනිසුරුවන්ගෙ තීරන වැරදි නිසා තමයි පැරදුනේ කියල හැමෝම කියන්නෙ. මට නම් බලන්න බැරි උනා. අන්තිම ටික ඇහුව. මොනව උනත් අන්තිමට දිල්ෂාන් නොදා වෙන කෙනෙක් දාන්ට තිබුනෙ බෝල් කරන්න. ඒත් ඉතින් කවුරු දාන්ටද නේද. වෙස්ට් ඉන්දීස්ල මොරාල් වෙලා ඉන්න විදිහට කප් එක උස්සයි කියල හිතෙනව. බලමුකො නේ :p :p

    ReplyDelete
    Replies
    1. ඒ වගේ මැච් එකක් දිනුවත් පැරදුනත් දිනුම් වගේ. ක්‍රිකට් ගහලා විනිසුරු තීරණ වලට බර පටවන එක හරි නෑ. විනිසුරුවොන්ට දැන් කරන්න පුළුවන් බොහොම සුළු දෙයයි. එයාලගේ රඳා පැවැත්ම තීරණය වෙනවා ගන්න තීරණ මත. ඒ වගේ වෙලාවක වේගෙන් බෝල් කරන කෙනෙක් දාන එක පාඩුයි. මතිව්ස්ම දැම්ම නම් හරි.

      Delete
    2. කුලයා දැම්මා නම් බැට් එකෙන් හෙල්ප් එකක් ගන්න තිබුනා නේද ෂාමින්ද වෙනුවට...

      Delete
    3. කුලේගේ මේ දවස් වල ෆෝම් එකේ පොඩි ගැටළුවක් තියෙනවා. ශාමින්ද බොලින් වලට විතරයි ගන්නේ. තුන් ඉරියව් විදියට මැතිව්ස් සහ තිසර ඉන්න නිසා තමයි ජීවන්ටත් එළියේ ඉන්න වෙලා තියෙන්නේ. කුලේගෙන් බොලින් විතරයි බලාපොරොත්තු වෙන්නේ.

      Delete
  6. සමහර විට නයා කොටන්න ඇත්තෙත් ආදරේට තමයි, කොහෙද ඉතින් ඒක තේරෙන්න ඉස්සෙල්ලා මනුස්සයා නිදාගෙනනේ..

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්. ආදලෙත තමයි.

      Delete
  7. ඉතිං ඊට පස්සෙ මොකද උනේ...

    ReplyDelete
    Replies
    1. සරත් මධු මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් විදියට ඉන්නවා. ඇඩ් කරගෙන අහලා බලමු. මමත් චිත්‍ර කතා බැලිල්ල නතර කල නිසා මතක නෑ.

      Delete
  8. ඉතිං සයිමන් අයියට මොකද උනේ කූරියා ගැහුවද ?

    ReplyDelete
    Replies
    1. මේක ගොතපු කතාවක්.

      Delete
  9. ෂෝයි නයියා....

    ReplyDelete
    Replies
    1. හොරු ගෙවල් බිඳිනා කාලේ ගෙට රිංගන්න කලින් මුට්ටියක් දාලා බලන්නේ අන්න ඒ නිසයි.

      Delete
    2. ආ... එකියන්නෙ.. "බෙනේකට අතදාන්න පෙර මුට්ටිය දමා බැලිය යුතුයි.." නේ..හ්

      X-Porter

      Delete
  10. ඔයවගේ ඇත්තම සීන් එකක් උනා අපේ පැත්තෙ.
    අපේ අම්මලගෙ වයසෙ ගෑනු මනුස්සයෙක් ඉන්නව මෙහේ. එයාගෙ මනුස්සය මැරිල. දුව එක්ක ජීවත් උනේ. ගෙදර තිබුන වී ගබඩාවක්. වී මළු අස්සෙ තමයි මෙයා පුවක් දාල තියෙන්නෙ. (ඕන උනාම අතදැම්ම ගත්ත) දවසක් රාත්තිරියෙ පුවක් ගන්න අත දැම්මම මොකෙක්දෝ අතට දෂ්ට කලා. මීයෙක් වෙන්න ඇති කියල මෙයා ගනං ගත්තෙ නෑ. ඒත් පැය දෙකතුනක් යනකොට අමාරු වගේ නිසා අහල පහල අයට කිව්ව විස්තරේ. වී අයින්කරල බැලින්නං නාග රාජයෙක් ඉඳල තියෙන්නෙ. හරියට දෂ්ට නොකල නිසා බේරුනා.

    ReplyDelete
    Replies
    1. අහුමුළු අස්සේ අත දාන්නේ බලාගෙනයි.

      Delete
  11. oyage"Funny Stories Series" ekata mama kamati.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. හොඳයි. තව ලියන්නම්කො.

      Delete
  12. ලොල් ගොඩට වැටෙන්නේ තොටපන් කෑල්ලෙන් විතරයි. දැන් සයිමන් ගැන අපට කුතුහලකයක් තියල කතාවේ ලොල් ටික නැති කරලනේ. ඕකට නයෙක් නැතිව ගැරඩියෙක් කළානං ලොල් තමා.

    ReplyDelete
    Replies
    1. ඇයි ආදලේ ලොල් නැද්ද ?

      Delete
  13. ඔය කොලගත්තේ, ආදලේ කොලන්න ගිහිල්ලා.. පිත්තුද මන්දා තයිම්න අයියත..

    ReplyDelete
    Replies
    1. තයිමන් අයියා වදේ තමයි නොහිත්මුනු ඇත කියල්ලෙත්.

      Delete
  14. සුදීක, මේ කතාව මම මුලින්ම ඇහුවේ 1984 දී විතර. හැබැයි මේක ඒ කාලේ එක්තරා ඈත ගම් ප්‍රදේශයකින් හමුදාවට බැඳුන අයට ගහපු කාඩ් එකක්. අර හඳට ගොරොක් පොලු ගහපු ගමේ කට්ටිය, 'වරෙන් කකකකා නාගොඩයන්ට හොදි පොදක් දෙන්නෑ' කියපු කතාව, පස්සේ කන්න ගෝනව වළලලා තියපු කතාව වගේ තමයි මේකත්. හැබැයි හරිම රසවත් බොහොම හොඳයි ඔයා මේක මතක් කරපු එක. මම අහපු කතාවේදී මේ මිනිහා අත එලියට ගන්නකොට සර්පයා අතේ එල්ලිලා. බය වුන පාර මිනිහා ගහ පල්ලේ වැටුනලු.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  15. ඇත්තටම මම ක්‍රීඩාවට එතරම් ප්‍රයක් නෑ කුඩා කාලෙත් එහෙමයි අදත් එහෙමයි. අනික ගනිත ගැටලු විසඳන්න හරිම කම්මැලියි මොකද ඔළුව වෙහෙසන්න වෙන නිසා දැන් අපි වයසයිනේ..ඒකයි.

    ඒ මොනව වුනත් මේ ලොල් කතා නෙවේ යම් කෙනෙකුට යම් මොහොතකදි කොතැනකහෝ මෙවන් බිහිසුනු නුවනින් විමසා බලා කටයුතු කිරිමයි. නැත්නම් විනාශය අතලඟයි

    ReplyDelete
  16. මේ කතාවට සමාන එකක් කාලෙකට කලින් සිළුමිණ පත්තරේ ගැමි රස කතා පිටුවෙ තිබ්බා මතකයි.

    ReplyDelete
  17. අපොයි..මොන කෑල්ලට හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ නෙව

    ReplyDelete
  18. අත නිසා විනාස වූ තවත් "අ"හිංසකයෙක් :v

    ReplyDelete
  19. අඩන්නද ? හිනාවෙන්නද?

    ReplyDelete
  20. ජයසේන ජයකොඩි ලියපු පිච්ච මල කතා මාලාවේත් මෙහෙම කතාවක් තියෙනවා. බේබදුකම නිසා ජීවිතයක් අහිමි වුණු හැටි :(

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...