Thursday, December 20, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 26 - මායාවරුන්ගේ ලෝක විනාස කතාව බොරුවක් බව මුලින්ම කිව්වේ අපේ රෝහණ ජයසිංහ



මේ ලොල් කතා කියවන වේලාවකද කියලා ඔබට හිතෙන්න පුළුවන්. මොකද මේ මායාවරුන්ගේ ලෝක විනාස කතාව නිසා මුළු ලෝකෙම කැලඹීලා ඉන්නේ. ලෝක විනාස කතාව විතරක්යයි තව ලෝකේ තියෙන කතන්දර ගොඩක් කිව්වනේ. දවස් තුනක කළුවර වෙනවා කිව්වා, හැම ආගමකම අය කිව්වා , ජ්‍යෝතිෂ කාරයෝ කිව්වා, හැබැයි අපේ සම්බුදු පියාණන් ලෝක විනාසය වෙන කාලය ගැන කියලා තියෙන ඉඟි වලින් නම් එකක් දෙකක් ඇරෙන්න අනෙකුත් බොහෝ දේ සත්‍ය වුනේ නෑ. කොහොමටත් ලෝකේ අනිත් අයට වඩා අපේ අය මිත්‍යා මත වලට හරි ඇල්මයි නොවැ. නිකමටද අර ලංකා බෙල් ඇඩ් එකේ කියන්නේ "ලෝකේ අනිත් අයට වඩා අපේ රටේ අය වෙනස් " කියලා. ඒ කතාව කියපු මනුස්සයාගේ නම් කටේ මසුරං දාන්න වටිනවා. 

පින්තුරය ගත්තේ : 2012end.info


මම කියන්නේ අපේ රටේ පුංචි මිනිහෙක්, ඔය ආකාශ වස්තු ගැන මෙලෝ හසරක දැනුමක් නැති, ඒ මනුස්සයා මට හිතෙන්නේ ජ්‍යෝතිෂය ගැනවත් අබමල් රේණුවක විශ්වාසයක් නෑ. කොහොමද එතුමා ඕක ටක්කෙටම දැන ගත්තේ කියන එකනම් තවමත් නොවිසඳුණු කෙස් එකක්. මට මතක හැටියට එතුමා මේක කිව්වේ 1992දී විතර.

 නාසා ආයතනයත් සෑහෙන කාලයක් මුනිවත රැකලා මේ ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්චාවක් තියල කියල තිබුණා එහෙම එකක් තව කල්ප කාලාන්තරයකට වෙන්නේ නෑ කියල. මම එහෙම කැලැන්ඩරේ හැදුවා නම් මෙච්චර කල්වත් හදන්නේ නෑ. හැබෑටම මායා කාරය මොකද මගින් නැවැත්තුවේ. වෙන ආරංචියක් නම් ආවා ඇත්තද මන්ද ?

ඔයා මායා රටේ තිවිලා තියෙනවා මායාතිසා කියල වැවක්, ඒ වැව කිට්ටුව රජකම් කරපු මායා රජ කෙනෙක් ඉඳල තියෙනවා මායාධාතු කියල. ඒ රජ්ජුරුවෝ එයාගේ ඉන්න හොඳම ගල් වැඩකාරයෝ දෙන්නෙක් (අයියයි මල්ලියි) ට කතා කරලා මායා භාෂාවෙන්ම කියලා තියෙනවා "හදපියව් කැලැන්ඩරයක් මුළු ලෝකෙම හෙල්ලෙන්න, හැබැයි පස්සේ උඹල දෙන්න මට කියන්ඩ ඕනේ කොහොමද ඕකෙන් ලෝකෙම හෙල්ලෙන්නේ කියලා"

ඉතිං මේ ගල්වඩුවෝ දෙන්නත් ඉතිං රජාට තියෙන බයටද වෙන එහෙකටද මන්ද, මායා රටේ තිබ්බ හොඳම ගල් ගෙනල්ල, දන්නා ශිල්ප ඔක්කෝම දාල හැදුවලු කැලැන්ඩර් දෙකක්. අයිය හදපු කැලැන්ඩරේ අශ්වකරත්ත දෙකකින් ගෙනත් තියෙන්නේ. මල්ලි හදපු එක නිකංම අශ්වයාගේ පිටේ තියාගෙන ඇවිල්ල තියෙන්නේ. දැන් රජා තමන්ගේ ඇමති මණ්ඩලය එහෙම කැඳවලා ලොකු පාටියක් එහෙම ලැස්ති කරලා මේ දෙක වහල තිබ්බ රෙදි දෙක පහලට අදින්න කියල බිසවුන් වහන්සේලා දෙන්නෙකුට කියල. අයියාගේ එක කරත්ත රෝදයක් විතර විශාලයි. මල්ලිගේ එක් නිකං මෝටර් සයිකල් රෝදයක් විතර ඇති. රජා එක ජාතියක මිනිහා. මිනිහට ඔය ලොකු වැඩ අල්ලන්නේ නෑ. මිනිහා ආස පොඩි ඒවාට. මොකද පොඩි ඒවා ගණන් බව මිනිහා දන්නවා. රත්තරං, මැණික්, ප්ලැටිනම් මේවා පොඩි වුනාට ගණන් කියල. මිනිහා අර දෙකෙන් පොඩි එක තේරුවා. ඒ වෙලාවේ ආතල් එක වැඩි වෙච්ච් පාරට මල්ලි හු තුනක්ම තිබ්බ.  මේ අයියා මලෝ දෙන්න කතා වෙලා හිටියේ තමන්ගේ එක තේරුණොත් හූ තුනක් තියනවා කියල. ඉතිං පොරොන්දු වුන විදියටම මල්ලියා වැඩේ කරා. 

අයියට ෆුල් අප්සට් වැඩේට. මෙච්චර මහන්සි වෙලා අර සෙලින්කෝ කාරය කියන්න වගේ "ලෝකෙටම එකයි" කියල හදපු එක එපා කිව්ව හැටි. "මේ රජාටනම් පිස්සුද කොහේද කියල හිතින් මතුරනකොටම පොරට මතක් වුනා.රජාගේ වැඩක් ෆේල් වුනොත් ඉතිං සිරිසඟබෝ සීන් එක වෙන බව" ඊට වඩා හොඳයි වහ ටිකක් කාල කැලේ ගිහිං මදුරුවෝ තලන එක කියල හිතනකොටම හාට් ඇටෑක් එකක් හැදිලා මිනි එතනම පත බෑවුනා. රජාත් ඉතිං "මෙන්න මේකව අර කළු දිවියෝ දෙන්නගේ වලට දාල දාපල්ලා" කියල ගියා රජ මාලිගාවට. ඊට පස්සේ මේ කැලැන්ඩරේ තමයි නැගලා ගියේ. දෙස් විදෙස් කාගේත් හිත ගියා මේ සියුම් නිර්මාණය ගැන. පහුකාලීනවා මායා රටේ ගීතයක් පවා නිර්මාණය වුණා "මේ තරම් සියුමැලිද මඩ ගල්" කියලා.

ඊට පස්සේ රජතුමා මල්ලිට ආරාධනා කළා රජතුමාගේ ඇමති ගොල්ලත් එක්ක ඩිනර් පාටියකට එතනදී රජා මල්ලිගෙන් ඇහුවා 

"කොහොමද බං මුළු ලෝකෙම හොල්මන් වෙන්නේ මේක දැකලා ?"කියල

"ඇයි රජතුමෝ මේක හදාගෙන යනකොටයි මට තේරුණේ අව්රුදු තුන්දාහක් වත් හදන්න මේකේ බැරි බව. 2012.12.21න් මේක ඉවර කරන්න වුනා. බලන්න රජතුමනි කවදා හරි මුළු ලෝකෙම මිනිස්සු හොල්මං වෙන්නැද්ද කියලා"

"හා. එතකොට බැරියයි" කියල රජතුමා අණ කලා මේක සිරි යහනේ  සිරි යහන ගබඩාවේ ගහන්න. 

ඔන්න ඔහොමයි අතීත කතාව.
දැන් කොහොමද අපේ මේ රෝහණ ජයසිංහ මහත්තයා මායා කාරයන්ගේ මේ සෙප්පඩ - විජ්ජාව දැන ගත්තේ 

මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිං බලන්න


දැක්ක නේද ? ඕක රචනා කරේ මායා දේශයන් සැතපුම් දහස් ගානකට මෙහා තියෙන පුංචි රටේ රෝහණ ජයසිංහ මහත්තයා. එතුමාට අපි හිස නමා ආචාර කරමු. 

42 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි මහත්මයා. ඔබේ පැමිණීම ගෞරවයක්.

      Delete
    2. අම්මපා

      Delete
  2. හි හි හී...
    මායාව මායාව ලොවරවටනා..
    මන් එත් බැලුව මොකද්ද මේ Link එක වරදිලවත්ද කියලත්..
    ටියුබ්ලයිටනේ
    අදට ගැලපෙනම ලොල් කතාව

    ReplyDelete
    Replies
    1. හෙට තමයි ටියුබ් ලයිට් කුඩු වෙන්නේ.

      Delete
  3. සිරියහනේ තිබ්බේ ගල ද? ගල් දෙකක්ද??

    ReplyDelete
    Replies
    1. සිරි යහන ගබඩාවේ බොල. බිත්තියේ ගැහුවා කියන්නේ.

      Delete
    2. ඔය කියන ගල් දෙක කළුයිද

      Delete
    3. ඒ කතාවේ ඒ ගැන සඳහනක් නෑ.

      Delete
  4. loke anith ayata wada ape rate aya wenasne.
    Niyamai ah

    ReplyDelete
  5. loke anith ayata wada ape rate aya wenasne.
    Niyamai ah

    ReplyDelete
  6. හි හි... මරු කාටූන් එක..

    හෙට උදේට උයන්න මොනා හරි ලෑස්ති කරන්න ඕනේ.. ඕක උනේ නැත්තම් අපේ මහත්තයා මාව මායාවරුත් එක්කම ඒ ලෝකෙට යවනවා... හි හි

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම යටහත් පහත්ව ඉන්න වයිෆ්ලට අපි ගරු කරනවා.

      Delete
    2. ඈ.. යටහත් පහත්ව....?????

      හා හොඳයිකෝ.....


      හි හි...

      Delete
    3. අර ලෝක විනාස කවුන්ට්ඩවුන් එක මේ දැන් ඉවර වුනා විතරයි. මග ට්‍රෆික්ද මන්ද ? තාම නෑනේ. දැන් ඔන්න හිරු ඔයාගේ වාරේ ...

      Delete
  7. මධ්‍යම රාත්‍රී 12ත් පැන්නා....එළියෙ ලෝක විනාසෙ වෙලා ඇති. අපේ නවා තැනට මොකුත් වුනෙ නෑ. අපි විතරයි ඉතුරු වෙලා ඇත්තෙ.....ළමයි දෙන්න නිදි, මායියා ෆිල්ම් එකක් බලනවා.

    හෙටින් පස්සෙ බිහිවෙන නව ලෝකය බිහිවෙන්නෙ අපෙන්.....ෂාඃ දැනෙන සනීපෙ...

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඔය මායා කාරයෝ හිටිය බොලිවියා, ගෝතමාලා, මෙක්සිකෝ රට වලටත් 21 උදා වෙලා.

      Delete
  8. මායාව මායාව ලොව රවටනා...
    මුන්ව උල තියන්න එපයි.. අපිව බය කරපු තරමක්..

    ReplyDelete
  9. ලෝකේ විනාසේ කෙසේ වෙතත් මෙන්න උඹ විනාසයි.සිංහලෙන් උඹව හොයන කොට යන්නේ මෙතෙන්ට

    http://babaragala.blogspot.com

    ReplyDelete
    Replies
    1. උඹ හෙව්වේ සුද්ද සිංහලෙන්ද?

      Delete
    2. දැනුයි දැක්කේ. සර්ච් එකට නම් මගේ එක එනවා වචන දෙකට ටයිප් කලාම. එක වචනෙට තමයි ඒ නම දාල තියෙන්නේ.

      Delete
  10. අම්මප මේ මායා කාරයො තියන්න වටින්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. තියන්න ඉන්න එපැයි. තියන්න වටින්නේ නැත්තේ අපේ ගොන් හරක්ව. මොකද දුනු ඊතල අරන් සත්තු පස්සේ පන්නපු එවුන් කොටපු මොකක්ද ගල් කැටයමක් කැලැන්ඩරයක් කරගෙන මැරෙන්න හැදුවට. අද පත්තර වල බලන්න ඕනේ කී දෙනක් වහ බීලාද කියලා.

      Delete
  11. බොහොම ස්තුතියි. ඔබගේ අඩවියට පිවිසුනා.

    ReplyDelete
  12. නියමයි මලේ.

    ReplyDelete
  13. හී හී නියමයි සුදීකයියෙ :D

    මායාව මයාව ලොව රවටනා.. හොකැස් :D

    ReplyDelete
  14. තව මායාවරු ගැන කියවෙන සින්දු :D

    1.පෙම් බැන්ඳ සිත් බැන්ඳ නෙත් කැල්ම රන් සිහින සේයා..
    උඳු ගොන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බඳින 'මායා' :D

    2.'මායා' වකි ලෝකේ- නැලවෙයි චන්ද්‍රා ලෝකේ.. :P

    3.සායම් දැලේ සිත ගන්න තබා- 'මායම්' දැලේ දැවටෙන්නද මා :P

    4.ආලෙන් වෙලා ගන්න කොලම් කලා - හිත ආලෙන් මුදා ගන්න 'මායම්' කලා

    5.'මායම්' තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී

    6.ප්‍රෙම 'මායා' දෑලේ පෑටලිලා නොයන් ....
    සිහිනයක් නොවේ ජිවිතේ .....

    7. සිහින ලොවේ- 'මායා' වැතිරේ- නීල නුවන් කඳුලු පිරේ :D

    ReplyDelete
    Replies
    1. 2. මල් යහනාවකි ලෝකේ විය යුතුයි

      පෙම් සිහින ලෝකේ මායා

      Delete
    2. @සමී මල්ලි

      /*උඳු ගොන්න*/ ඉඳු දුන්න කියල නේද මල්ලි..? එක අකුරක් වැරදිලා :)

      Delete
  15. මඩ ගල් නිකන් මඩ පුවක් වගේ ගඳයි ද?

    ReplyDelete
    Replies
    1. මඩ හැම වෙලාවකම ගඳ නෑ.

      Delete
  16. පොඩි ඒවා ඇත්තටම ගණං තමා...

    ReplyDelete
    Replies
    1. ළමයින්ගේ සමහර ඇඳුම් හරි ගණන් තමයි.

      Delete
  17. මායාවරුන්ට දැන් අන්න පාරෙ බැහැලා යන්නත් බෑලු...ලොල්.

    ReplyDelete
    Replies
    1. ඕක මායා වරුන්ගේ වැරද්දක් නෙවේ. අපේ ගොන් වහන්සේලාගේ වැරැද්ද ? පිටරටින් එන ඕනෑම දෙයක දෝත බදලා ගන්න එක.

      Delete
  18. මායා වරුන්ගේ ඇටේ... උන් කවුරු නොකිවත් විනාසෙ වෙලා අහවරයි!

    ReplyDelete
    Replies
    1. උන් පව් කියල හිතෙන්නේ ඔන්ගේ කැලැන්ඩරේ අපේ අයියල බාගෙට තේරුම් අරන් තිබීමෙන් උන්ගේ අම්මල බැණුම් අහන තරමට. අලුත්ම පොස්ට් එකෙන් බලන්න.

      Delete
  19. මෙහෙම ගොබිලෝ ඒ කාලෙත් ඉදලා තියෙනවානේ :D

    ReplyDelete
  20. අපේ කට්ටිය පරණ මායාවක් අල්ලාගෙන නේ මේ දඟලලා තියන්නේ :D

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...