Thursday, December 13, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 24 - නෙක්ටෝ බීපු මිනිහා මලා.

මේ කතාව මගේ කනින්ම අහපු එකක් නෙවේ. මගේ කාර්යාලීය මිත්‍ර අකිල තමයි මට මේක කිව්වේ. මේක මිනිහා අරගෙන ආවේ තිස්සමාහාරාම පැත්තේ රාජකාරියකට ගිහින්. එහෙදි අකිලට මුණ ගැහිලා තියෙනවා අපූරු චරිතයක්. හරියටම සඳහන් කරන්න නම මතක නැති වුනත් මේක එක්තරා විදියක සිනා උපදවන කතාවක්.

මම රාජ්‍ය බැංකුව වැඩ කරන කෙනෙක් කියල මෙතනට යන එන යට අලුතෙන් කියන්න අවශ්‍ය නැති වුනත් අලුතෙන් එන කෙනෙකුට දැන ගන්න මෙහෙම සඳහන් කලේ. නැත්නම් මම තිස්සමහාරාම බ්‍රාන්ච් එකේ කිව්වහම කෙනෙක් අහන්න පුළුවන් "ආ දැන් තිස්සමහාරාම කියල ගසුත් තියෙනවද?" කියල. ඇයි ඉතින් බ්‍රාන්ච් කියන්නේ අතු වලටනේ.

දැන් මගේ මිත්‍රය තිස්ස්මාහාරාම බ්‍රාන්ච් එකේ රාජකාරි කටයුතු වල යෙදිලා ඉන්නවා. එහෙ බ්‍රාන්ච් එකේ පියන් හරිම විහිලු කාරයා. නිතරම අකිල ලඟට ඇවිත් අහනවාලු

"හා සර් කියන්න බලන්න නෙක්ටෝ බීපු මිනිහා මැරිලා, මැහි තෙල් බීපු මිනිහා බේරුනේ කොහොමද කියලා ?"

"යකෝ මැහි තෙල් බොන්නේ මැරෙන්නනේ. ඒකනේ මැරෙන්න තිබ්බේ. මම නම් අහල නෑ නෙක්ටෝ බීලා මිනිස්සු මැරුණ කතාවක්"

දැන් විවිධ අය මේකට විවිධ පිළිතුරු ලබා දෙනවා. මගේ මිත්‍රයත් කෙළවරක් නැතිව උත්තර දෙනවා. අන්තිමේදී කාටවත් උත්තර දෙන්න බැරුව යනවා. අර පියන් කොලුවා අපූරු උත්තරයක් දෙනවා. හොඳයි අපේ බ්ලොග් කියවන ලියන සිරා මීටර් පොරවල් ඉන්න නිසා මට හිතෙනවා මේකට අවස්තාවක් දීල බලන්න. කොහොමද වුනේ ? දන්නා කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. හෙට උදේ හයට උත්තරය දානවා හරි උත්තරය තිබුනත් නැතත්.
පින්තූරය ගත්තේ : imporats.ch


අර ඉන්දීය සංචාරයේ විස්තර කියවල කට්ටියට මහන්සි ඇතිනේ. ඒ නිසා ඒක හෙමිහිට දාන්නම්. 

50 comments:

  1. අනේ මන්දා ඉතින්..ෂුවර්ද බිව්වේ නෙක්ටෝ කියලා? :)

    ReplyDelete
  2. ඔව් ඔව් මිනිහා බඩ පිරෙන්නම නෙක්ටෝ බීලා.

    ReplyDelete
  3. නෙක්ටො බීපු ඒකා බස් ඒකෙ වැදිලා...අනෙකා බෙහෙත් බීලා හරි ගිහිං....

    ReplyDelete
    Replies
    1. පාරේ ඉඳන් මැහි තෙල් බොනවද ?

      Delete
  4. අනේ මන්දා.. සිරාවට තියෙන මීටරෙත් මංඤඤං වෙනවා මේවට.. අපි නම් නෙක්ටෝ බිව්වේ තොල් දෙකේ ඉඳලම රතු වෙන හින්දා... ඕකේ මොකක්හරි සම්බන්ධයක් තියෙන්න ඕනේ කියලත් හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. හා හා...තොල් රතු කරගෙන ගෙදර ගියාම ගෙදර මනුස්සයගෙන් ගුටි කාලා මැරිලා :දී

      Delete
    2. ඒක නෙවෙයි.. මං හිතං හිටියේ මැහි තෙල් වලට මිනිස්සු මැරෙන්නේ නෑ කියලා.. ඇයි ඉතිං ඕවා කාලා කාලම දැං පුරුදු වෙලානේ... හි හි

      නෙක්ටෝ බීපු එක්කෙනා මැරැනේ ගහෙන් වැටිලා... ( විහිළුව කරපු කාලේ අනුව උත්තරේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා.. විහිළුව කොච්චර පරණද කියලා කියලා නෑ නේ.. හි හි)

      Delete
    3. ඒ හැටි පරණ නෑ.

      Delete
    4. ඇයි ලිප්ස්ටික් කියලා හිතලා..

      Delete
  5. නෙක්ටෝ ගෑවිච්ච තැනක රතු පාට වෙනව. ඒ හින්ද මොකක් හරි හුටපටයක් යන්න ඇති.

    මැහිතෙල් බීපු එකානං ඉස්පිරිතාලෙකට දාල හරි බේරගන්න බැරියැයි.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බෝතලේ හිස් වුනාම රතු පාට නෑනේ ?

      Delete
  6. හි හි හි කවුද දන්නෙ රතු පාට හන්දා නෙක්ටො කියලා භූමිතෙල් බිව්වද කියලා...

    ReplyDelete
  7. නෙක්ටෝ බීපු එකයි , මැහි තෙල් බීපු එකයි යනකොට කුළු මීමෙක් එනවා ඉස්සරහට.
    එතකොට දෙන්නගෙම ලේ ගමන වැඩි වෙනවා, ඒක නිසා මැහි තෙල් බීපු එකා කලන්තේ හැදිලා වැටෙනවා, ඒ ක නිසා ඌ බේරි.

    හැබැයි නෙක්ටෝ බීපු එකා කෑ ගහන්න ගිහින් උගේ රතු පාට වුනු කට දකින කුළු මීමා ( රතු පාටට උන් ඇවිස්සෙනවානේ ) දුවගෙන ඇවිත් අනිනවා මැරෙන්නම.

    ReplyDelete
    Replies
    1. නිර්මාණශීලී උත්තරයක්.

      Delete
  8. නෙක්ටෝ බීපු එකා කන්න ඇති පෝලෝ එකක් අනිකත් එක්ක. නෙක්ටෝ එක්ක පෝලෝ කාල බඩ පැලිලා ඌ මැරෙන්න ඇත්තේ. අනිකාට වමනේ යනවනේ. බේරිලා..

    ReplyDelete
    Replies
    1. පොලෝ එක දෙන්න තිබුනේ මැහි තෙල් බීපු එකාටනේ.

      Delete
  9. අනේ මන්දා , මේකත් අර අලියගෙයි කූබියගෙයි කතාව වගේ වෙන්නැති. ම්හු හිතාගන්ඩ බැරුවා

    ReplyDelete
    Replies
    1. හෙට උදේට බලන්න. උත්තරය හරිම සරලයි.

      Delete
  10. නෙක්ටෝ එක වහ වෙලා වෙන්න ඇති
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවද හැබෑටම ඈ?

      Delete
  11. සුවර් බෝතල් දෙක මාරුවෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. නෙක්ටො බෝතලේ මැහිතෙල් දාලා තියෙන්න ඇති

      Delete
    2. එහෙම වෙලා තිබුනේ අර එම්බාම් කරන හාදයෙකුටනේ.

      Delete
  12. නෙට්ටෝ කියන්නේ දැං කෝරෙක්ස් ඩී වලට නේ...

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ අලියා නෙක්ටෝ ගැන.

      Delete
  13. මැහි තෙල් බීපු මිනිහාව ඉස්පිරිතාලෙට ඇතුලත් කලා,ඒ නිසා බේරුනා.
    නෙක්ටො බීපු එකාව කවුරුවත් ගනන් ගත්තෙ නැහැ,ඌ ඒ හින්දම බීලා බීලා මලා.

    ReplyDelete
    Replies
    1. මේ උත්තරයට මම ආසයි. නම දැක්කම හිතුනේ අපේ ජානාධිපතිතුමාවත් මේ පැත්තේ ඇවිත් කියල.

      Delete
  14. නෙක්ටෝ බිපු හාදයට වැරදිමකින් අර මැහිතෙල් වල විෂ නසන්න දෙන ඛෙහෙත දෙන්න ඇති. මැහිතෙල් කාරය ඔක්කාරෙ දාලාම ලෙඩේ ගොඩයන්න ඇති.අරූ නෙක්ටෝයි බහෙතෙුයි විෂ වෙලා මැරෙන්න ඇති

    ReplyDelete
  15. අනෙ අනිච්චං!!!!

    ReplyDelete
  16. අනේ මන්ද බං මේකටනං උත්තර දන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. කණා ෂොට් හරි යන වෙලාවලුත් තියෙනවා.

      Delete
  17. අදමයි මේ පැත්තට ආවේ...ම්ම්ම් මම හිතන්නේ..බෝතල් දෙකේ තිබිච්ච ඒවා මාරු කරලා තියෙන්න ඇත්තේ..
    නෙක්ටෝ බෝතලේ මැහිතෙල් තියෙන්න ඇති
    මැහිතෙල් බෝතලේ නෙක්ටෝ තියෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. කොහෙවත් ලියවිලා තියෙනවද දෙන්න එකතැන හිටියා කියලා ?

      Delete
  18. නෙක්ටෝ බීපු එකා සීනි වැඩි වෙලා මැරිලා අනිකා ගැන මම දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මේක තමයි හරි උත්තරේ.

      Delete
  19. නෙක්ටෝ බීපු එක ජීවත් වෙනවනේ...කොහොමත් ජීවත් වෙන එක මරෙනවටත් වඩා අමාරුයිනේ....අනිකා වටේ පිටේ උන්ගේ හිතේ ජීවත් වෙන්න ඇති...

    ReplyDelete
  20. හුඟක් දෙනෙක් මැහි තෙල් බීපු එකා ගැන හරියට කියල තියෙනවා. නිශාන් තමයි නෙක්ටෝ බිව්වා කෙනාට වුන දේ කිව්වේ. හරි උත්තරේ තමයි

    "නෙක්ටෝ බීපු එකා සීනි වැඩි වෙලා මලා. මැහි තෙල් බීපු කෙනා ඉස්පිරිතාලේ ගිහින් හොඳ වුනා"

    මේ දෙන්නා එකම තැනක හිටිය නම් අර සමහරු කියන්න වගේ බෝතල් මාරු වෙන සීන් වෙන්න තිබුනා.

    ReplyDelete
  21. Replies
    1. නෙක්ටෝ බීපු මිනිහා මැරිලා මැහි තෙල් ගහපු මිනිහා බේරුන එක.

      Delete
  22. බෝතල් දෙක එකම තැනක තිබිලා මාරුවෙලා...

    ReplyDelete
    Replies
    1. නෙක්ටො කොම්පැණියෙන් සුදු වෑන් එවන්න පුලුවන් ප්‍රවේශමෙන්...

      Delete
    2. මම එයාලගේ ප්‍රොඩක්ට් එකකට පබ්ලිසිටි දෙනවටද ?

      Delete
  23. අර පලතුරු බීම බීල කීදෙනෙක් මැරුනද, නෙක්ටෝ නම් මොනවද.

    ගොවි මහත්තුරු නම් කියන්නෙ දැන් තියන මැහි තෙල් වැඩක් නෑ මැරෙන්න බලාගෙන නම් බොන්ට එපාය කියල.

    කතාව නම් ලොලේ ලොල්

    ReplyDelete
  24. හොඳටම පරක්කු වුනානෙ එන්න.

    මට අර උත්තරේ නම් එච්චර ඇල්ලුවේ නෑ. ඕකට වෙන උත්තරයක් නැද්ද?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...