Friday, March 21, 2014

කොන්ක්වෙස්ට් ඔෆ් පැරඩයිස් : අද ලෝකයේ ජනප්‍රිය තේමා ගීතය Conquest of Paradise : World's most Popular theme song today

කොන්ක්වෙස්ට් ඔෆ් පැරඩයිස්  කිව්වම ඔබට පුංචි ආධුනික ගතියක් දැනුනත්, ගීතය වාදනය කරොත් එය ඔබට සමීපම ගීතයක් බව වැටහේවි. මේ දිනවල බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන විස්සයි20 ලෝක කුසලානයේ හැම තරඟයකට ප්‍රථම මේ ගීතය වාදනය වනවා. සමහරවිට මේ වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේදීත් තරඟයට පෙර වාදනය වන්නට ඉඩ තිබෙනවා. බොහෝවිට 2015 ක්‍රිකට් ලෝක කුසලානයේදී මෙය වාදන වීමට ඉඩ තිබෙනවා. මේ ගීතය තරග සංවිධායකයින්ගේ සිත් මේ තරම් ඇද බැඳ ගන්නට පාදක වෙච්ච හේතුව මොකක්ද ?

ඊට කලින් තවත් එක වතාවක් එහෙනම් ගීතයට ඇහුන්කම් දීලම ඉමු. 


1992 දී තිරගත වූ රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ Conquest of Paradise චිත්‍රපටයට වැන්ගේලිස් නමැති  ග්‍රීක සංගීතඥයා නිර්මාණය කල තේමා ගීතයයි. එය බොහෝ රටවල ගීත දර්ශක දිග් විජය කරන්නට සමත් වූවා. එය බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තයේ ගීත දර්ශකයේ පළමු තැනට එන්නට සමත් වූවා. නමුත් බ්‍රිතාන්‍ය ගීත දර්ශකයේ එයට ලැබුණු ඉහලම ස්ථානය අංක 33. ජර්මනිය පුරා එය ජනප්‍රිය වීමට විශාල වශයෙන් බලපෑවේ එරට බොක්සිං ක්‍රීඩක හෙන්රි මාස්ක් එය ඔහුගේ තේමා ගීතය ලෙසට භාවිතා කිරීම නිසාය.
වැන්ගේලිස් කොන්ක්වෙස්ට් ඔෆ් පැරඩයිස්
එය නවසීලන්තයේ රග්බි ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ කිහිපයක්ම තම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරග වලදී වාදනය කරනවා. කෘසේඩර්ස්, විඩ්නස් වයිකින්ග්ස් ඒ අතරින් විශේෂයි. කෘසේඩර්ස් කණ්ඩායමට ආවේනික නගරය වූ ක්‍රයිස්චර්ච්හී මෙය නොනිල තේමා ගීතය ලෙස සැලකෙනවා.
2011 අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාංයෙදීත් මේ ගීතය තරගයට පෙර වාදනය කරන්න සංවිධායකයින් කටයුතු යොදා තිබුණා. කණ්ඩායම් දෙකෙහි ජාතික ගීයට ප්‍රථම එය වාදනය වනවා. 2010 අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාංයෙදීත් එය යොදා ගත්තා.
2011 අල්ට්‍රා-ට්‍රේල් ඩු මොන්ට් බ්ලෑන්ක් නමැති මැරතන් තරගයේ කිලෝ මීටර් 150ක් තරගය අවසන් කලපසු මෙම ගීතය වාදනය කළා. එය එන්ගඩින් ස්කීමැරතන්(ලිස්සායාමේ) තරගය ආරම්භය සටහන් කිරීමටද භාවිතා කළා.
එම ගීතය බොහෝ ගායකයන් පිරිසක් විසින් ගායනා කර තිබෙනවා. බ්ලේක්, ක්ලාවුස් ශුල්ස්, ෆ්‍රී ද ස්පිරිට්, ද වියානා සිම්පනික් ඔකෙස්ට්‍රා ප්‍රොජෙක්ට්, ජෝන් විලියම්ස් සහ බොස්ටන් පොප් ඔකෙස්ට්‍රා(1996), ඩේලයිට්(1997), ඩනා විනර්(2002), ද ටෙන් ටෙන්ර්ස්(2004) සහ රිඩියාන්(2009).
චීන ටෙලි මාලාවක් වූ සොල්ජර් සොර්ටී(2007) සහ බොලිවුඩ් චිත්‍රපටයක් වූ කොයිලා(1997) එය තේමා ගීතය ලෙස භාවිතා කළා. මීට අමතරව දමිළ චිත්‍රපටයක් වූ සුන්දර පුරුසන්(1996) ද මෙම ගීතය භාවිතා කළා.
ඡායාරූපය සහ තොරතුරු www.wikipedia.org ඇසුරෙනි.
____________________________________________
මේ ගීතය අසන සෑම විටකම මට ජයග්‍රාහී හැගීමක් ඇති වනවා. ඔබට එය දැනුණේ කොහොමද ?
අද එය විශ්ව ගීතයක් බවට පත් වී හමාරයි. එහි තේරුම හෝ වචන ගැන උනන්දු නොවී ඒ ගයුම රස විඳින්න ලෝකය පුරා විවිධ භාෂාවන් කථා කරන ජනයා එකතු වන්නේ විශ්මයජනක ආකාරයකට.
සිය ගණනක පිරිසක් විසින් සංගීතය සපයමින් ගායනා කරන අකාරය පහල සබැඳියෙන් බැලීමට හැකියි.
මේ ගැන ලිවීමට මා දිරිමත් කල සුභාෂ් හේවාවිතාන මගේ මිතුරාට විශේෂ ස්තූතිය. 

48 comments:

  1. මමත් අද ඕක්ස් ගැන එෆ්.බී එකේ දැම්මා, :)

    ReplyDelete
    Replies
    1. ඔයා කියනකම් මම දැක්කේ නෑ.

      Delete
    2. ඇත්තටම බොක්කටම වදින සින්දුවක්නේ

      Delete
  2. thanks විස්තරේට, ඒ වගේම ලින්ක් එකට, මේක කියවන්න ගද්දිම මතක් උනේ 1996 වසරේදී වර්ල්ඩ් කප් එකට හදපු සින්දුව

    ReplyDelete
  3. මේ ගීතය ඇහෙද්දී නිකම් පපුව අමුතු රිද්මෙකින් වැඩ කරනවා වගේ එකක් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක කොච්චර ඇහුවත් අමතක වෙන්නේ නෑ.

      Delete
  4. In noreni per ipe,
    in noreni cora;
    tira mine per ito,
    ne domina.

    සුදීක කියලා තියෙන්නේ ඇත්තයි. ජයග්රාහී හැඟීමක් ඇතිවෙනවා ඉබේටම... :)

    ReplyDelete
    Replies
    1. ඔය වචන ටික බලාගෙන අර සිංදුව කියන්න පුළුවන් එකනේ වැඩේ. එතන තියෙන්නේ ඔය වචන ටිකේ ඡායා මාත්‍රයක් විතරයි.

      Delete
  5. බලල අහද්දී තමා හොදටම දැනෙන්නෙ.
    ස්තුතියි විස්තරයට.

    ReplyDelete
    Replies
    1. මේ වගේ එකක් අමතක වෙලා යන්න කලින් සටහනක් දැමීම වටිනවනේ.

      Delete
  6. කොහොමත් සමහර ගීත වලට භාෂාමය ගැටළුවකින් තොරවම මිනිස්සු ප්‍රිය කරනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒවා ටික කාලෙකින් විශ්ව ගීත බවට පත් වෙනවා.

      Delete
  7. ඔව් දැන් තමයි දැනෙන්නේ පොඩි ජයග්‍රාහී මෙව්වා එකක් දැනෙනවා

    ජය වේවා!!

    ReplyDelete
  8. Replies
    1. මේකේ වරදක් කියන කෙනෙක් නැති තරම් මල්ලි.

      Delete
  9. සුපිරි මචෝ! මම ඔය සින්දුව ඇහුවෙ රග්බි ලෝක කුසලානයක් තිබුන කාලෙක. නැත්තං ඔලිම්පික් තරගාවලියක.‍ සින්දුව මොකක්ද කියල හොයාගන්න බැරිව අවුරුදු ගනනාවක් හිටිය. වහාම බාගන්න ඔ්න. මම කැමති.........ම සින්දුවක්. භාෂාව, වචනයක්වත් දන්නෙ නැතත් මාර හැඟීමක් එන සින්දුවක්. බොහොම ස්තුතියි උඹට!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. ඕනෑම සිත් තැවුලකින් ඉන්න වෙලාවක අහලා හිත නිදහස් කර ගන්න පුළුවන් ගීතයක්. කලින් එහෙම වෙලාවක මම ඇහුවේ අමරදේව මාස්ටර්ගේ "අඩවන් වූ දෙනෙතින් ගලනා" ගීතය.

      Delete
  10. ඔය වගේම හොයාගන්න බැරිවුන සින්දුවක් තියනව. පැරණි ඉංග්‍රීසි සින්දුවක්. ඒකෙ තනුව අර "මල්රේණු නටලා වැහි බින්දු වැටිලා...." කියන සින්දුව වගේ ටිකක්. පුළුවන් කෙනෙක් ඉන්නවද බලමු!

    ReplyDelete
    Replies
    1. මල් රේණු එකේ ලින්ක් එකක් දාපං එතකොට අනිත් එක හොයා ගන්න පුළුවන්.

      Delete
    2. හොයාගත්ත. අහල බලපං
      http://www.youtube.com/watch?v=BwTphY_QMUo

      Delete
  11. මමත් මේ ගීතය ගොඩාක් කාලේක ඉදන් හෙව්වේ.
    මම හිතුවේ මේක Gladiator එකේ ගීතයක් කියලයි.

    දැන්නේ , දැනගත්තේ විස්තරේ !!

    ReplyDelete
    Replies
    1. මේකේ පොඩි අද්භූත ගතියකුත් තියෙනවා.

      Delete
  12. අපුරු දැනගැනීමක් සුදිකයියා.දැනගෙන හිටියේ නැහැ මේ සින්දුව ඇතුලේ තියෙන කතාව මෙයට පෙර.

    ReplyDelete
    Replies
    1. මේ ගැන තියෙන විස්තරය බොහොම අඩුයි.

      Delete
  13. පහුගිය අවුරුද්දේ නිතරම අහපු ගීතයක්.

    මම නම් වැඩියෙන්ම කැමති youtube awards වල මේ වර්ශන් එකට.

    https://www.youtube.com/watch?v=2G2MCGmypaY

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ඒකත් අහලා.

      Delete
  14. මතකද ඉස්සර old spice ඇඩ් එකට ගිය බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක... මම ඉස්සර පිස්සු වැටිලා හිටියේ.. පස්සේ එහෙමම අමතක වෙලා ගිහින් මේ ළඟදී දවසක මතක් වෙලා හොයල බැලුව.. ඔය වගේම මාර කික් එකක් තියෙන සිංදුවක්..

    මම ඔය ඔලුව කචල් ගිය වෙලාවට මේ වගේ මියුසික් අහනවා.. මාර වෙනසක් ඇති වෙන්නේ..

    මේ තියෙන්නේ
    Carmina Burana ~ O Fortuna
    https://www.youtube.com/watch?v=GD3VsesSBsw

    ReplyDelete
    Replies
    1. ඒ මිෂන් ඉම්පොසිබල් එකේ තේමා ගීතය මට මතක හැටියට.

      Delete
    2. නෑ අයියේ මේ තියෙන්නේ මිෂන් ඉම්පොසිබල් එකේ මියුසික් එක
      https://www.youtube.com/watch?v=JtyByefOvgQ

      මේ තියෙන්නේ පරණ old spice ඇඩ් එක
      https://www.youtube.com/watch?v=6rbZr7YoqK0

      ඔය old spice එකේ මියුසික් එක තමයි Carmina Burana ~ O Fortuna කියන්නේ..

      Delete
  15. මාත් හොය හොය හිටිය සින්දුවක් අයියෙ තෑන්ක්ස් :)

    ReplyDelete
    Replies
    1. මේකට බොහෝ දෙනෙක් කැමතියි. නමුත් ඒ වෙලාවට අහලා අමතක වෙනවා. ඒ නිසයි මෙහෙම කතා කලේ.

      Delete
  16. ඇත්තෙන්ම ජයග්‍රාහී හැඟීමක් එනවා. තියන ප්‍රශණ අමතක වෙනවා හෝ ඒවා සුළුදේවල්යැයි සිතුවිල්ලකුත් පහල වුනා. මට තියෙන්නේ කබල පෝන් එකක් නිසා, මේක රින්ගින් ටෝන් එක හැටියට දාගන්න අලුත් ෆෝන් එකක් ගන්නත් ඕනා කියලා හිතුනා. ඔය මට සිංදුව අහද්දි හිතුන දේවල්..

    මම ඔය ගීතය මුලින්ම ඇහුවේ පුතාගේ පාසලේ තිබුන ගුරු දෙගුරු හමුවෙදි. ඔවුන් ඒක උත්සහවන්තයාට කරන්න බැරි දෙයක් නෑ කියලා පෙන්වන්න පෙන්වපු වීඩියෝ එකක පසුබිම් ගීතයට භාවිතා කරලා තිබුනා.

    හරිම අපූරු සිංදුවක්. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් තමා. මේක හොඳම උදාහරණයක්.

    ReplyDelete
  17. රල නැගෙනව වගෙ හැගිමක් එන්නෙ නේද? මරු

    ReplyDelete
  18. කෝ මගේ කමෙන්ට් එක ?

    ReplyDelete
  19. මම වෙලාවකට හිතනවා සුදීක අයිය කියන්නේ ක්‍රීඩා පිලිබඳ විශ්ව කෝෂයක් වගේ මනුස්සයෙක් කියල

    ReplyDelete
  20. ඕක කැලිප්සෝ ගැහුවනං කොහොම වෙයිද කියලා මට නිකමට වගේ හිතෙනවා !!!!

    ReplyDelete
    Replies
    1. හාපෝ.... මේ පත්තර කාරයා ඇවිල්ලා මූඩ් එක කෑවා...!

      Delete
    2. ඕක කැලිප්සෝ ගැහුවා නම් උඹ වගේ වාදකයෝ ඒකත් අනුභව කරනවා ආයේ දෙකක් නෑ

      Delete
    3. චැහ් !! සුදුස්සාට තැන නෑ කියන්නෙ ඕකනෙ !!

      Delete
  21. මටත් මතක් වුනේ 1996 ලෝක කුසලනේදී දිනුවම කියපු ගීතය . එක හැමදාම මතකේ තියෙයි වගේ

    ReplyDelete
  22. මයිල් ස්මයිල් වන සංගීතයක් නොවැ මේක
    ඔය වගේ අමුතු ජොලියක් තියන ස්වාහිලි වලින් කියන Baba Yetu සුදීක අහලා තියනවද?

    ReplyDelete
  23. ගීතය බොහෝ වර අහලා තිබුනත් අද තමයි මේ විස්තර ඇහුවෙ...පියානෝ වාදනය එක්ක යටින් ඇහෙන චෙලෝ හඩට තමයි මගේ හිත වැඩිපුරම යන්නෙ...චෙලෝව කියන්නෙ සම්භාව්‍ය බටහිර සංගීතයේ නැතුවම බැරි සංගීත භාණ්ඩයක්...හැගීම් හොදින් දනවන්න එහි නාදයට හැකියි.

    ReplyDelete
  24. අහලා තිබුනාට කවදාවත් මෙහෙම හිතට අරන් ඇහුවේ නැහැ. ස්තූතියි සුදීක.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...